#වඳ_ගෑහැණිය | Wada Gahaniya
#වඳ_ගෑහැණිය
(කිරි සිහින දකින්නට වරම්
නොලද අහිංසකාවිය ඇයයි)
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
🤵සමරවික්‍රම මුදියන්සේලාගේ අනුරාධ සමරවික්‍රම වන මම මෙහි සිටින ජයවර්ධනගේ මතීශා සත්සරණි ජයවර්ධන යන අයව මාගේ නීත්‍යානුකූල භාර්‍යාව වශයෙන් පිළිගන්න බවට මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි.
👰ජයවර්ධනගේ මතීශා සත්සරණි ජයවර්ධන වන මම මෙහි සිටින සමරවික්‍රම මුදියන්සේලාගේ අනුරාධ සමරවික්‍රම වන යන අයව මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වශයෙන් පිළිගන්න බවට දිවුරා පොරොන්දු වෙමි.
🕑🕑🕑🕑🕑🕑
මතීශා... මතීශා... ගෑනියේ මෙහෙට වරෙන් බන් මේ කාලකන්නි බැල්ලි මේ උදේ පාන්දරම කොහේ මකබෑ උනාද මන්දන්නේ නෑ....
මතීශා කල්පනා ලෝකෙන් මිදුනේ අනුරාධගේ කටහඩින් .....
ඇ...ඇයි අනුරාධ ...මම මේ ඔයාගේ කෑම එක බැන්දා
උබේ කෑම උබම කාපන්...මට උබේ කෑම එපා .....මම අද ගෙදර එන්නෙ නෑ...දැන් මෙතනින් පලයන් උබේ ඔය කාලකන්නි මූන බලලා දවසම කාලකන්නි කරගන්න බෑ...
අනුරාධ කිව්වේ කෙල්ලගේ මූන්දිහාවත් බලන්නෙ නැතුවයි
අම්මා මම යනවා.පරිස්සමෙන් ඉන්න.බෙහෙත් ටික හරියට බොන්න ...බුදුසරණයි ....
හරි පුතා පරිස්සමෙන් ගිහින් එන්න ......බුදුසරණයි ...
අනුරාධ අම්මටත් කියලා ගිහින් කාර් එකට නැග්ගේ මතීශා කදුලු පිරුනු මුහුනින් බලන් ඉද්දියි
දැන් මෙතන මූසලකමට උදේ පාන්දර කදුලු පෙරන්නේ නැතුව ගිහින් අර මල්පැල ටිකට වතුර දාපන්...උබලා වගේ ගෑනුගෙන් එහෙමවත් වැඩක් ගන්න ඕනී...කොහොමත් වද පීදිච්ච ගස්වලයි ලමයි නැති ගෑනුන්ගෙනුයි ඇති වැඩක් නෑනේ...
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
කොහොමත් මේව මතීශාට නුපුරුදු වචන නෙමෙයි
මතීශා පොඩි කාලෙ ඉදන් හැදුනේ ලමා නිවාසෙක ...අනුරාධ කෙල්ලව දකින්නේ අම්ම එක්ක ලමා නිවාසෙට දානයක් දෙන්න ආපු දවසක..කෙල්ලගෙ ලස්සනට වශීවෙච්ච කොල්ලා අම්මගෙ කැමැත්තත් අරන් ...ඒ වෙනකොට කෙල්ලට 18 සම්පූර්ණ වුනා විතරයි ....පාලිකාවගේ තීරනේට අකමැති වෙන්න බැරි නිස මතීශා කොල්ලට කැමති උනාට ටික දවසක් යනකොට දෙන්නට දෙන්න ගොඩක් ආදරේ කරන්න ගත්තා.....
මැරේජ් එකෙන් පස්සෙ අවුරුද්දක් යනකන්ම දෙන්න ආදරෙන් හිටියට අනුරාධගේ අම්මට ඊට පස්සේ ඕනි උනේ මුනුපුරෙක්ගෙ හුරතල් බලන්නයි
පුතේ උබලා දැන්වත් දරුවෙක් ගැන හිතුවොත් නරකද...
අම්මා කෙලින්ම අනුරාධගෙන් ඇහුවම අනුරාධ කිව්වේ මතීශා තාම පොඩි නිසා තව කල් තියෙනව කියලයි.
මැනික.....
ම්ම්ම්...ඇයි මහත්තයෝ
අපි දැන් බබෙක් ගැන හිතන්න ඕනි මතීශා අම්මත් අවුලෙන් ඉන්නේ..ඒත් ඔයා තවම පොඩීනේ..
අනේ ඒකට කමක් නෑ මහත්තයෝ මමත් ආසයි බබෙක්ටනම්...
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
ඒ සිදුවීමෙන් පස්සේ මාස හයක් විතර ගතවුනත් මතීශාගේ කිරි සිහිනයනම් පේන තෙක් මානෙක්වත් තිබුනේ නෑ
දුවේ මාත් එක්ක හවසට අර දේවාලෙට යන්න ලෑස්ති වෙන්න ...අර මිස්ට පෙරේරගේ දුවටත් බබාලා නැතුව ඉදලා එතනට ගියාම හරි ගියාලු..එහෙම කියකිය අනුරාධගේ අම්මා කෙල්ලව එක්කන් ගියෙ නැති පන්සලක් දේවලයක් නැති තරම්...
ඒත් ඒ එකකින්වත් හරිගියේ නැතිවුනාම.අනුරාධගේ අම්මත් එන්න එන්නම වෙනස් උනා...ඇය ගොඩක් ආසවෙන් හිටියේ මුනුපුරෙක්ට..
පුතේ පුතේ ටිකක් මෙහෙට වරෙන්
ඇයි අම්මා..
මේ බලපන් පුතේ ...මම උබට කිව්වා ඔය මගුල කරගන්න එපා කියලා කොහෙද ඉතින් උබටත් ඕකටම කරගහන්න ඕන උනානේ
අනේ මේ අම්මේ කෑගහන්නේ නැතුව ඉන්නවද
කෑගහන්න නෙමෙයි මන් කියපු දේට කැමතිවෙලා අර මාමගේ පොඩි එකීව බැන්දනම් මෙලහකට උබ තාත්තා කෙනෙක් වෙලානෙ...කොහෙද උබට අර අනාත එකම ඕන උනානේ ඒ මදිවට ඒකි වද එකියක් .....
මේ ඔක්කොම කාමරේට වෙලා අහන් හිටපු කෙල්ල අතින් කට වහගෙන කාමරේට දිව්වේ දුක ඉවසගන්න බැරිම තැන...
මතීශා මතීශා .....
ඇ...ඇයි මහත්තයා..
හෙට උදේම ලෑස්ති වෙනවා ඩොක්ට ගාවට යන්න ...මට දැන් මේ මගුල ඇතිවෙලා....
හ්ම්ම්ම්ම්.
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
අනුරාධ උදෙන්ම මතීශාත් එක්ක ගියේ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට....
එක්ස්කියුස් මී මිස්...ඩොක්ට හර්ෂන ඉන්නේ මොන වෝට් එකේද..
අනුරාධ රිසෙප්ෂන් එකේ හිටපු නිලධාරිනියකගෙන් ඇහුවේ කෙල්ලගෙ අතිනුත් අල්ලගෙනමයි...
සෙකන්ඩ් ෆ්ලෝ එකේ රූම් නම්බර් සෙවන් සර්
ඕකේ තෑන්ක්ස්
දෙන්න ඩොක්ට හම්බෙලා දෙන්නගෙම ප්‍රශ්නේ කිව්වම ඩොක්ට දෙන්නටම පොඩි චෙකප් වගයක් කරලා කිව්වේ හවසට එන්න කියලා රිපෝට්ස් ගන්න
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
ඩොක්ට කොහොමද රිපෝට්ස්වල තත්වේ
මේකයි මිස්ට ඇන්ඩ් මිසිස් අනුරාධ බබාලා නැති ගොඩක් අය මගෙන් ට්‍රීට්මන්ට් ගන්නවා.සමහර අයගෙ ප්‍රශ්න ට්‍රීට්මන්ට් වලින් හොද කරන්න පුලුවන් ඒත් මට මෙතනදි කරන්න පුලුවන් දෙයක් නෑ මිස්ටර්.මිසිස් මතීශාගේ ප්‍රශ්නෙ තියෙන්නෙ .එයාට කවදාවක් අම්ම කෙනෙක් වෙන්න බැරිවෙයි.මොකද එයාගේ ගර්භාශෙ දරුවෙක් වැඩෙන්න තරම් ශක්තියක් නෑ බට් මේ ප්‍රශ්න නිසා ඔයාලගේ මැරේජ් ලයිෆ් එක බ්‍රේක්කරගන්න එපා..
හරි ඩොක්ට තෑන්ක්
කොල්ල හිටියේ ගොඩක් ලොකු තරහකින්..ඒත් මතීශාට මුකුත් හිතාගන්න බෑ ...කෙල්ලට මැරෙන්න තරම් දුකයි..ඒත් කෙල්ල හිතහදාගත්තේ කොල්ලට තවදුරටත් හොද බිරිදක් වෙනව කියලා හිතාගෙන.
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
ඒත් කෙල්ලට එදායින් පස්සෙ ජීවත්වෙන්න උනේ මිහිපිට
අපායක ..කොල්ලගෙයි අම්මගෙයි වෙනස්කම් නිසා කෙල්ල ගොඩාක් දුක් විදිනවා...
කොල්ලගෙ රෙදි හෝදද්දි කෙල්ලගේ අතටම කොල්ලගෙ කලිසම් සාක්කුවල තිබිලා කෙල්ලට හොටෙල්වල බිල් කොන්ඩම් පැකට් ගනන් හම්බවෙද්දි කෙල්ලට හිතාගන්න බැරිඋනා මොකද කරන්නෙ කියලා....කෙල්ල දවස ගානේ අඩ අඩ ජීවත් උනේ කෙල්ලගෙත් අඩුපාඩු තියෙන නිසායි...කොල්ලට ඉදලා හිටලාහරි කෙල්ලව ඕන උනේ නිදි ඇදේදි විතරයි
කොල්ලගෙ අම්මත් කෙල්ලට සැලකුවෙ වැඩකාරියකට වගේ ...ගෙදර වැඩට හිටිය සුමනම්ම විතරයි කෙල්ලට අනුකම්පා කලේ
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
මතීශා මතීශා
ඇයි මහත්තයා
කෙල්ල උදේ ඉදලම හිටියේ ගොඩක් අමාරුවෙන් මොකද කෙල්ලට අද මාසෙ සම්පූර්න වෙලා..
අනුරාධ කෙල්ල ලගට ඇවිත් කෙල්ලගෙ රෑ ඇදුමේ පටිය ගලවන්න හැදුවේ...
අනේ මහත්තයෝ අද මට සනීප නෑ මහත්තයෝ මට ගොඩක් අමාරුයි ..කෙල්ල එහෙම කිව්වේ අනුරාධ මේ ලෑස්ති වෙන්න මොකටද කියලා තේරුන නිසා
මොකක්ද කිව්වෙ පට්ට බැල්ලි උබට මට දැන් ඕකත් දෙන්න බැරිද..ආ උබට මට ලමයෙක් දෙන්නත් බෑ..හිටපන් ඔහොම මගෙන් මැරුම් කන්නෙ නැතුව..
බැනලා බැනලා අනුරාධ මතීශාගේ ඇගට බරවෙද්දිම්ම කෙල්ල ඇස් පියාගත්තේ වේදනාවෙන් ...
පැය තුන හතරක්ම එක දිගට අනුරාධගේ හැගීම් එක්ක ඔට්ටුවුන කෙල්ලට සිහිය නැති වෙද්දි අනුරාධ අනිත් පැත්ත හැරිලා නිදාගත්තේ හිතක් නැති තිරිසනෙක් වගේ...
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
ඒයි නැගිටිනවා...ගෑනියෙ
ඊයේ රෑ කෙල්ලව සිහිසුන් වුන පාර කෙල්ල ඇස් ඇරියෙ කොල්ලගහපු වතුර පාරට
යටි බඩින් දරාගන්න බැරි වේදනාවක් දැනෙද්දි කෙල්ල බෙඩ්ශීට් එකත් ඇගේ ඔතාගෙන නැගිටලා නානකාමරේට ගුයේ ඇදපුරා තිබ්බ ලේ පැල්ලම් දෙස කලකිරීමෙන් බලලා...
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
කෙල්ල දවසක් පන්සලට ගිහින් ගෙදරට ඇතුලු වෙනකොටම දැක්ක දෙයින් කෙල්ලගේ කකුල් දෙකම පන නැති උනේ කෙල්ගෙ ඇස්වලට කදුලු පිරෙද්දියි..
කෙල්ල දැක්කේ අනුරාධගේ උකුලට වෙලා ඉදගෙන ඉන්න රිතූව..රිතූ කියන්නේ අනුරාධගේ ඇවැස්ස නෑනා...
මතීශා බිම බලාගෙනාගෙට ඇතුලු වෙද්දිම අනුරාධ කෙල්ලට කතාකරද්දි කෙල්ල එතනම ගල්ගැහුනා වගේ උනා..
ඇයි මහත්තයා ..
මම හෙට ඩිවෝස් කේස් එක ෆයිල් කරනවා ..මට ඉක්මනටම රිතූව මැරි කරන්න ඕනි...
අනේ මහත්තයා එහෙම කරන්න එපා මට වෙන යන්න තැනක් නෑ මහත්තයා
මම උබට මාසෙකට ගානක් දෙන්නම් ..ජීවත් වෙන්න....මට ඩිවෝස් එක දීපන්.
කෙල්ල එහෙම්මම ඔලුව වනලා කාමරේට ගියේ තවත් කතාකරලා තේරුමක් නෑ කියලා දන්න නිසා....
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
අද කෙල්ලට ඩිවෝස් එක ලැබුනා..අනුරාධ අම්ම එක්ක කාර් එකේ ගෙදර යද්දි කෙල්ල බස් එකේම ගෙදරට ගිහින් කෙල්ලගෙ ඇදුම් ටික විතරක් අරන් එලියට බහිද්දි කොල්ලවත් කොල්ලගෙ අම්මවත් පේන්නවත් හිටියේ නෑ.
අනේ දෙවියනේ මම දැන් මොකද කරන්නේ...
කෙල්ල හිතුවේ හිට වේදනාවෙන් කකියද්දියි..
කෙල්ලට එක පාරටම මතක් උනේ නිවාසෙදි කෙල්ලගෙ ලගින්ම හිටපු යාලුවා ආක්ශාව ...කලින් දවසක් කෙල්ලට එයාව ටවුන් එකේදි හම්බෙලා දීලු නම්බර් එක කෙල්ලට මතක් උනා..
හලෝව් මේ ආක්ශාද ..
ඔව් ..ඔයා කවුද..
මම මතීශා ..මට පුලුවන්නම් පොඩි උදව්වක් කරනවද ආක්ශා..
මොකක්ද මැනික.කියහන්..
කෙල්ල යාලුවාට ඔක්කොම විස්තර කිව්වෙ උගුරෙන් ආපු ඉකිය හිරකරගෙනයි..
උබ දැන් කොහෙද ඉන්නෙ කෙල්ලෙ
මම පිලියන්දල බස් හෝල්ට් එකේ ඉන්නේ ආක්ශා
පොඩ්ඩක් හිටහන් ඔහොම මම පැයකාලෙන් එන්නම්
ආක්ශා මතීශාව එක්කන් ආවෙ ආක්ශාගෙ ගෙදරටයි..
කෙල්ලෙ මෙහෙ ඉන්නෙ මායි මගේ මහත්තයයි විතරයි..සුදේවත් වැඩට ගිහින් එන්නේ රෑටනේ ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඔයාගෙ ප්‍රශ්න සෙට්ල් වෙනකන් කැමති දවසක් මෙහෙ ඉන්න...
මට ඉක්මනට ජොබ් එකකුයි බෝඩිමකුයි හොයාගන්න ඕන බන් ඉක්මනට...
හරි බන් අපි මොකක් හරි කරගමු
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
සුදේව මේ ඉන්නේ මගේ යාලුවා මතීශා ...එයාට පොඩි ප්‍රශ්නයක් වෙලා ටික දවසක් මෙහෙ ඉන්නව අපි එක්ක..
කමක් නෑ බබා අපි දෙන්න විතරයිනේ මෙහෙ ඉන්නේ ඔයාගෙ යාලුවට කැමති දවසක ඉන්න කියන්න..
සුදේව එහෙම කිව්වේ මතීශාගේ සිරුර පුරාම ඇස් දුවවමිනුයි...
කෙල්ලේ මේ තියෙන්නේ ඔයාගෙ රූම් එක...එහෙනම් දැන් ඕව අමතක කරලා නිදාගන්නකෝ ..
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
දවස් හතරක් වගේ ඉන්නකොට යාලුවගෙ උදවුවෙනුත් ඇගලුම් කම්හලක එකක ජොබ් එකක් හොයාගන්න කෙල්ලට පුලුවන් උනත් සුදේවගේ හැසිරීම් ගැන් රටාව මතීශාට එච්චරම පැහැදීමක් තිබ්බේ නෑ...
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
මතීශා ඔයා එනවද කැන්ටිමට යන්න...
ඒ සසිනි ..කෙල්ලට ගාමන්ට් එකේදි හම්බුන හොදම යාලුවෙක්...දුප්පත් උනත් ගොඩක් හිත හොද කෙල්ලෙක් උන නිසා සසිනට විතරක් මතීශා එයා ගැන කියලා තිබ්බත් වැඩකරන තැන වෙන කවුරුවත් කෙල්ල ගැන හරියට දන්නේ නෑ..
බෑ සසිනි ඔයා යන්න මගෙ ඔලුව කකියනවා වගේ...
කෙල්ල කල්පනා කලේ ඉක්මනට ඉන්න තැනක් හොයාගන්නෙ විදිහ ගැනයි..අද උදෙත් සුදේව වැරදීමකින් වගේ කෙල්ලගේ ලමැදේ හැප්පීගෙන ගියේ උවමනාවෙන් කියලා කෙල්ල දන්නවා..ඒත් මොනවත් කියන්නත් බෑ..දැන්ම යන්න වෙන තැනක් නැති නිසා...
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
ඉරිදා උදේ කෙල්ල හිටියේ ආක්ශා එක්ක උදේට කෑම හදමිනුයි...
සුදේව අනේ මට අද සැලෝන් එකට යන්නත් ඕනි...කෙල්ලෙ අද උබ කොහෙහරි යනවද...
අනේ නෑ ආක්ශා මම අද ගෙදර ඉන්නම් කමක් නෑ නේද..
අනේ කමක්නෑ කෙල්ලේ ඕක මගෙන් අහන්න ඕනිද..
සුදේවගෙ හිතට ආවෙ මෙච්චර දවසක් කුරුමානම් අල්ලපු දේ අද ලේසියෙන්ම කරගන්න පුලුවන් කියලයි.
මමත් අද යන්න ඕනි බබා මහේලයාගෙ ගෙදර ..ම්ම් මම කියන්නද මම ඔයාව සැලෝන් එක ගාවින් දාලා මම එනගමන් ඔයාව ආයෙ ගන්නම්..
සුදේව ආක්ශාට කිව්වෙ හිතේ වෙන අදහසක් තියාගෙනයි...
සුදේවයි ආක්ශායි ගියාට පස්සේ කෙල්ල රෙදි ටිකත් හෝදලා දාලා නාලා ඇදට ගියෙ ටිකක් නිදාගන්නයි...ඇගලුම් කම්හලේදි දවස තිස්සෙම මැරීගෙන වැඩකරන නිසා මතීශාට නින්දගියේ ඇගේ මහන්සිය නිසයි.
මේ අතර ආක්ශාව සැලෝන් එකට දාලා සුදේව ආයෙත් ගෙදර ඇවිත් සුදේව ලග තිබ්බ යතුරෙන් දොර ඇරගෙන ඇතුලට ගිහින් බැලුවේ කෙල්ල කොහෙද කියලයි..
කෙල්ල ගෙයි පේන්න නැතිනිසායි සුදේව හිමීට මතීශාගේ කාමරේට එබිලා බැලුවේ...
මතීශාට හොදටම නින්ද ගිහින්...කෙල්ලගෙ නිරාවරනය වුන සුදු දෙපා,ඉස්සුන ලමැද දැක්කම සුදේවගෙ හිතේ තිබුන දේට තවත් දිරියක් ලැබුනා...
මතීශාට ගැස්සිලා ඇහැරුනේ තමන්ගේ දෙපාවලට දැනුන පහස නිසා..ඇස් ඇරපු කෙල්ල දැක්කේ තමන්ගේ ඇදේ ඉදගෙනාඉන්න සුදේදවවයි...
කෙල්ල ඉක්මනින් නැගිටලා කාමරෙන් එලියට යන හැදුවත් සුදේවගේ දරදඩු අත්වලට අසුවුන කෙල්ලගේ අත් නිදහස් කරගන්න බැරි උනා...
දගලන්නෙ නැතුව ඉන්නකෝ බබී මම ඔයාට ආදරෙයි බබී..මම ආක්ශට වඩා ඔයාට ආදරෙයි ..
කියවමින්ම කෙල්ලගෙඇගට බරවුන සුදේවගේ අතින් කෙල්ල ල්ල ඇදන් හිටපු ගවුම ඉරෙද්දි නිරාවරනය උන ලැමදට සුදේවගේ මූන තද උනේ කෙල්ලගෙ කෑගැහිල්ලත් එක්කයි..
අනේ මට ඉන්න දෙන්න අනේ මට කරදර කරන්න එපා ...
කෙල්ල කොච්චර ගෑහුවත් සුදේවගෙ පිරිමි ඇගට යටවෙච්ච කෙල්ලට බේරෙන්න පුලුවන් උනේ නෑ
සුදේව එයාගෙ ආසාවන් ඔක්කොම ඉස්ටකරගෙන කෙල්ලගෙ වතෙන් ඉවත් උනෙ කෙල්ල කෑගහලා අඩද්දිමයි.
අඩන්න එපා බබා මම ඔයාවත් බලාගන්නම්..
මම ආක්ශාව ගන්න යනවා හොද ලමයා වගේ දැන් ඇදුමක් දාගන්න ..
සුදේව ගියේ තවත් වරක් මතීශාගේ නිරුවත් ශරීරය දිහා කෑදර බැල්මක් හෙලමිනුයි...
සුදේව ගියාට පස්සේ කෙල්ල කෑගගහා ඇඩුවේ ජීවිතේ ගැනම කලකිරීමෙන් හිතමිනුයි...
සුදේවල ආයෙත් එන්න කලින් මතීශා ඇදුම් ටිකත් ලෑස්ති කරගෙන පාරට බැස්සෙ ගාමන්ට් එකට ටිකක් එහාට වෙන්න තිබුන සසිනිගෙ බෝඩිමටවත් යන්න බලාගෙන
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍
සසිනිත් එක්ක මතීශා වුන දේ කිව්වේ ඇස් වලින් එන කදුලුවලට ඔහේ ගලායන්න ඉඩදීලා..
අනේ දෙවියනේ මොන තිරිසනෙක්ද ඒ..හිටහම් මම බෝඩිමේ ඇන්ටිට කියලා මොනවහරි කරන්නම්..
එදා ඉදලා කෙල්ල හිටියේ සසිනි එක්ක සසිනිගෙ බෝඩිමේ..
මතීශා මම දැන් දවස් කීයක ඉදලද ඔයාගෙ පස්සෙන් එන්නේ ඇයි ඔයා මට අකමැති
මම ඔයාට කැමති නෑ දයාල් මට ඉන්න දෙන්න පාඩුවේ
දයාල් කියන්නේ මතීශගේ ගාමන්ට් එකේ වැඩබලන කෙනෙක්..මතීශාගේ ලසනට වහවැටිලා පස්සෙන් ආවට කෙල්ල ගැන ආදරයක් ඒ හිතේ නෑ කෙල්ලගැන..
එක් දිනයක් කාර්‍යාලයේ වැඩකට සේවකයින්ගෙ පවුද්ගලික ලිපි ගොනු පිරික්සද්දි දයාල් දැනගත්තා කෙල්ල ඩිවෝස් වුන කෙල්ලෙක් කියලා....
දයාල්ම මුලු කම්හලේම ඒ ආරන්චිය පැතිරෙව්වෙ යටි අදහසක් හිතේ තියාගෙනයි..
ආ නංගි මොකද ඔච්චර ගෑස් ආ අනික ඉතින් ඕකෙ පරිස්සම් කරන්න දේකුත්නෑනේ ඉතින් ...
එදා ඉදලා වැඩට හිටිය පිරිමින්ගෙන් මතීශාට ආව අයුතු යෝජනා ගනන ගනන් කරන්න බැරි තරම්....
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
මතීශා මට කතාකරන්න ඕනි ටිකක්..
ඇයි දයාල්
මම දන්නව දැන් ඔයා මේ ප්‍රශ්නෙත් එක්ක ගිඩක් අවුලෙන් ඉන්නෙ කියලා...ඒත් මගේ හිතේ තියෙන ආදරේ අඩුවක් නෑ මැනික මම කැමතියි ඔයාට ..මම ඔයාව බදින්නම්...
ජීවිතේ අන්තෙටම කලකිරිලා හිටපු මතීශාට ඒ වෙලාවෙ දයාල්ව පෙනුනේ දෙවියෙක් වගේ ඒ නිසයි කෙල්ල ගොඩක් හිතලා දයාල්ගේ තීරනයට කැමති උනේ
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
මතීශා දයාල්ව සමග විවාහ උනේ සසිනිගෙ හා දයාල්ගෙ යහලුවන් දෙදෙනෙක් පමනක් සහබාගිත්වයෙන්
දයාල් විවාහය ලියාපදිංචියෙන් පසු මතීශාව එක්කන් ගියේ කුඩා නිවසකටයි..කාමරයක් කුඩා සාලයක් හා කුස්සියකින් සමන්විත් කුඩා ගෙදර පාලු ස්වබාවයක් ඉසිලුවත් මතීශා හිතුවේ දයාල් තනියම ඉන්න නිසා වෙන්න ඇති කියලා...දයාල් මතීශාට කියලා තිබුනේ දයාලුත් කාත් කවුරුවත් නැති අනාතයෙක් කියලයි ..
එදා දයාල් අතින් මතීශා තුන්වන පාරටත් ගැහැනියක් උනා..
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
මතීශා මම පාරට ගිහින් එන්නම් ..
හා දයාල්
මතීශා දැනන් හිටියේ නෑ දයාල් ඒ යන්න ගියේ ආයෙත් කවදාවත් නොඑන්න කියලා... ඒ වගේම දයාල් මතීශාව බැන්දෙත් බොරුවට කියලා
..ඒ වෙද්දිත් දයාල් මතීශව පිරිමි හතර දෙනෙක්ට මුදලට විකුනලා සල්ලිත් අරගෙනයි තිබ්බේ.
මතීශා දොර ඇරියේ කව්ද කතාකරන සද්දයක් ඇහිලා ..එක පාරටම පිරිමි හතර දෙනෙක් මතීශාවත් තල්ලුකරගෙන නිවසට ඇත්ලු උනා..
අනේ ඇ..ඇයි මේ කවුද ඔයාලා..
අපි ඔයාගෙ කස්ටමර්ස්ලානේ මැඩම්...දයාල් මහත්තයා තමයි ඩීල් එක කලේ
එක මනුස්සයෙක් එහෙම කියද්දිම මතීශා එතනින දුවන්න හැදුවත් ඔවුන් කෙල්ලව අල්ල ගත්තේ කෙල්ල යටිගිරියෙන් කෑගහද්දිමයි
දවස් දෙකක් පුරාවට ඔවුන් හතර දෙනා මාරුවෙන් මාරුවට කෙල්ලව හපයක් කරලා දාලා ගියේ කෙල්ලගෙ ජීවිතේ කෙල්ලට අප්පිරිය වෙද්දියි
මැරෙන්න හේතු දාහක් තියෙද්දිත් කෙල්ල එදා ජීවත් වෙන්න එකම එක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ගියේ ලමා නිවාසේ පාලිකාව හම්බවෙන්නෙ බලාගෙන...
✍✍️✍️✍️✍️✍️✍️✍️✍️
වසරකට පසු....
එදා විවිදාකාර පිරිමින්ගේ හපයක් වුන කෙල්ල අද ලමා නිවාසෙම පාලිකාවක් විදියට සේවය කරනවා...එදා අම්මෙක් වෙන්න බැරි පවට ජීවිතේම විදවපු මතීශා අද අම්මලා නැති ලමයි ගොඩජට අම්මෙක් වෙලා ඔවුන්‍ට ආදරේ සෙනෙහස දක්වන්නේ ඊලග ආත්මෙදිවත් තමන්ට මේවගේ කරුමක්කාර ජීවිතයක් නොලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමනුයි
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
#පසු_වදන
ගැහැනියකට ...විශේෂයෙන්ම දික්කසාද ගැහැනියකට සමාජයේ තනිව ජීවත්විය නොහැකිද....ලමයි නැති ...සමාජයේ මිනිස්සු කියන විදියට වද ගැහැනියකට සාර්ථක විවාහ දිවියක් ගතකල නොහැකිද...ගැහැනියක වී ඉපදෙන්නේ පිරිමින්ගේ කාම පිපාසය සන්සිදුවන්නටද....නැත නැත නැත.වද ගැහැනියක් වුවද දික්කසාද ගැහැනියක් වුවද තනිව ජීවිතය ජය ගැනීමටනම් අවශ්‍යවන්නේ හිතේ ශක්තිය පමනි....
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
මම හිරූ .....
