#වියපත්_ඉසව්වක | Viyapath Isauwaka
#වියපත්_ඉසව්වක
🚫 අධික සංවේදී පුද්ගලයන් කියවීමෙන් වලකින්න 🚫
🔴සත්‍ය සිදුවීමක් මූලික කරගෙන ලියා
ඇත 🔴
"මං උඹට කියලා තියනවා නංගි ගමේ පිරිමින්ගෙ රුදාව යවාගන්න ඇමක් වෙන්න එපා කියලා...
ලැජ්ජාවක් නැද්ද උඹට අහ්...
කෙල්ලෙක් නේද උඹ..."
පිලිකන්නට වෙලා කොටම කොට චීත්ත ගවුමකුත් ඇඳගෙන හැඩවැඩ වෙලා පාර දිහා බලාගෙන ඉන්න සෙව්වන්දිගෙ ඇඟට කඩාපත්වුනේ සෙව්වන්දිගෙ එකම අයියා වුණ රුවන්.
"මේ... තමුසෙට වැඩක් නෑනෙ මම මොනා කරත්...
තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගෙන ඉන්නවකො මට වදයක් වෙන්න එන්නෙ නැතුව..."
වැඩිමහල් සහෝදරයා කියපු වචනයක්වත් කනකට නොගෙන සෙව්වන්දි කෑ ගැහුවෙ කුස්සියෙ ඉන්න රූපාටත් ඇහෙන්නමයි.
"මොකද බං මේ කෑ ගහන්නෙ අහ්...
රුවන්... මොකද උඹ නංගිට කෑ ගහන්නෙ ගෙට ගොඩවුන ගමන්..."
"අනේ මේ අම්මේ...
අම්මා නිසා තමයි කවදාහරි මේකි විනාස වෙන්න...
ගමේ පිරිමි මෙතන පොට් එක කරගෙන කනමදයො වගේ අම්මා විකුණන කසිප්පු ටික බොන්නෙ සිය දහස් වතාවක් හිතෙන් මේකිගෙ රෙදි ගලෝලා...
කොහෙද මේකිත් අම්මටම හරියන්න උන්ට බයිට් අදිනවනෙ ලැජ්ජාවක් නැතුව...
ශික්..."
"ආහ්... අම්මා...
බලන්ඩකො අම්මා..."
"උඹ ඕවා ගනන් ගන්න එපා බං...
වරෙං අර බිත්තර ටික ඔම්ලට් එකක් දාලා ගනිං..."
රුවන් සෙව්වන්දිව තල්ලු කරගෙනම ගෙට යනකොට රූපා සෙව්වන්දිගෙ අතින් අලගෙනම කුස්සියට එක්කගෙන ගියේ හවස හය වෙනකොට එකා දෙන්නා පදම් වෙන්න එනවා කියලා දන්න නිසාමයි.
********
"කෙල්ලෙ...
මට ඔය බයිට් එකට මොනවාහරි දීපංකො..."
රතු පාට පසුබිමේ සුදුපාට බෝල වැටුනු හීනි පටි ගැටගහන චීත්ත ගවුමක් ඇඳන් සෙව්වන්දිත් ලෑස්තිවෙලා හිටියෙම අම්මාගෙ මේ සුරා බිස්නස් එකට සහයෝගය දෙන්නමයි.
"අහ් වරුණ මාමෙ පොඩ්ඩක් ඉන්නකො...
මම අරගෙන එන්නම්..."
මත් වෙච්ච පිරිමින්ට සෙව්වන්දි කියන්නෙ අමූර්තයක් වගේ. පිට දිගේ කඩා හැලෙන කොණ්ඩෙ, දිගු ඇහි බැමි එක්ක හීන් දිගටි ඇස්, රත් පැහැ දෙතොල් එක්ක ඒ ක්‍රීම් පාට හම නිසාම ඕනම පිරිමියෙක්ගෙ ඇස් සෙව්වන්දි ලඟ ඉබේම නතර වුණා.
"අහ්ම්ම්..."
"ශ්... මම කෙල්ලෙ... වරුණ..."
සෙව්වන්දි ගෙට යනකන් ඉඳලා ඒ පස්සෙන්ම කාටත් හොරා ආව වරුණ පිටුපසින් සෙව්වන්දිගෙ බඳ හරහා දෑත් යවලා ඒ පපුවට තදකරගත්තෙ සෙව්වන්දිගෙත් අමනාපයක් නොවුන නිසාමයි.
"අනේහ්... වරුණ... කවුරුහරි එයි දැන්...
අතාරින්නකො අනේ මාව..."
"උඹ ලඟ තියන සුවඳ හම්මෝ..."
පිටදිගේ කඩාහැලුන කෙහෙරැලි එක් උරහිසක් මතට කරපු වරුණ ඒ ගෙල මත දෙතොල් තිබ්බෙ සෙව්වන්දි දෑත්වලින් චීත්ත ගවුම මිරිකගන්නකොට.
"සෙව්වන්දියෝ... මං උඹට ආදරෙයි බං..."
"ඔය... ඔය ඇත්තමද..."
"හ්ම්ම් ඔව් බං...
ආයෙ මොකට මං බොරු කියන්නද..."
චීත්ත ගවුමට උඩින් එහෙ මෙහෙ දුවන වරුණගෙ දෑත් නතර කරන්න සෙව්වන්දිට සිහියක් නොවුනෙ අවුරුදු විසි පහක තරුණියක් නිසාද...
එහෙමත් නැත්තම් ඇයට වඩා අවුරුදු තිහක්ම වැඩිමල් වරුණගෙ රළු දෑත්වල පහස නිසාද කියලා දන්නෙ සෙව්වන්දිම විතරයි.
********
"රූපා... රූපා..."
"අහ් නයනියෝ...
මොකද බං මේ බෙරිහන් දෙන්නෙ..."
"බෙරිහන් දෙන්නෙ...
බෙරිහන් දෙන්නෙ උඹ කරන අසික්කිත වැඩ නිසා යකෝ...
හම්බකරන්න උදේට වැඩට යන මිනිස්සු,
ගන්න සොච්චම් පඩියත් අරගෙන ගෙට ගොඩවෙන්නෙත් නැතුව උඹේ මේ ගුබ්බෑයමට රිංගන්නෙ...
අපේ මිනිස්සුන්ව හූරං කන්න දෝණිඇන්දත් කාගෙත් සුන්දරී වගේ මඟ බලාගෙන ඉන්නවනෙ..."
නයනි ඇස්වල කඳුලු වැටෙන්න නොදී කෑ ගහන්න ගත්තෙ රූපලාගෙ ගෙදර මිදුලට ඇවිල්ලා.
කසාද බැඳපු ගෑණියෙක් මනුස්සයා උදේ වැඩට ගියාම බලන් ඉන්නෙම ගෙදර එන්නෙ කීයටද කියලා. එහෙව් එකේ මොන ගෑණිද කැමති මඟ එනකොටම කට ගොන්නක් බීගෙන මෙලෝ සිහියක් නැතුව මිනිහා ගෙදරට ගොඩවෙනවට.
"අනේ නිකං පලයං &#@% යන්න...
ආවා මෙතන මගේ රෙද්දවල් කියවන්න...
ඊටකලින් තොපිලගෙ මිනිස්සු හදාගනිං යකෝ...
මොකද මං උන්ට බලෙන් ගේ අස්සට අඬගහගන්නෙ නෑනෙ..."
කේන්තියෙන් දත්මිටි කකා රූපා කෑ ගැහුවෙ එච්චර හොඳ වචන කියලානම් නෙවෙයි. රූපාගෙ කටත් එක්ක නයනිට හැප්පෙන්න බෑ. මොකද රූපාගෙ මිනිහා අලියා ගහලා මැරුණ දා ඉඳන්මයි රූපා මේ කසිප්පු ව්‍යාපාරය කරන්නෙ. අද ඊයෙක නෙවෙයි දැන් අවුරුදු දෙකකුත් වෙනවා.
"හොඳක් වෙන්නෙ නෑ යකෝ උඹලට...
හෙණ හතම ගහන්න ඕනෙ මේ කරන අපරාධවලට...
අහ් ඔය ඉන්නෙ අනිත් එකී...
අම්මා වගේම නැතෑ මිනිස්සු අල්ලගෙන වන්නම් අල්ල අල්ල..."
"අනේ අම්මා බලන්නකෝ..."
පාටගාපු නියපොතුවලට කටින් පිඹ පිඹ ආව සෙව්වන්දිව දැකපු නයනි එහෙම කියනකොට බබා වගේ සෙව්වන්දි රූපා දිහා බැලුවෙ රූපාගෙ කටේ තරම දන්න නිසාමයි.
"ඈ බොල &%$#
උඹ එනවද මගෙ එකීට පද හදන්න...
ඇයි උඹ බලන් හිටියද මේකි මිනිස්සු එක්ක වන්නම් නටනවා...
පලයං යකෝ මගෙන් තව අහගන්නෙ නැතුව..."
නයනි කාරලා කෙල පිඬක් මිදුලට ගැහුවෙ සාප වෙන්න කියලා හිතන ගමන්. අපි මිනිස්සු ඒත් මේ ලැබිච්චි මනුස්ස ආත්මෙදි උත්සහ කරන්න ඕනෙ තව මනුස්සයෙක්ට කරදරයක් හිරිහැරයක් නොවන විදියට ජීවත්වෙන්න. කොටින්ම කියනවානම් එදාවේල කන්න කීයක් හරි හොයාගන්න වුනත් එහෙම්මයි.
රූපාගෙ මේ කෙරුවාව නිසා ගමේ පිරිමි ගොඩ දෙනෙක්ගෙ පවුල් මේ වෙනකොටත් කැඩිලා බිඳිලා යන්න පටන් අරගෙන තිබ්බෙ. වැරැද්ද රූපාගෙම නෙවෙයි. ගෑණි ගෙදරට වෙලා බලන් ඉන්නකොට කනමදයො වගේ බොන්න දුවන පිරිමිත් වැරදී නේද...
"ආ... ඔය එන්නෙ අදත්...
අනේ මෙහෙමත් මිනිස්සු...
තමුසෙට ලැජ්ජාවක් නැද්ද මනුස්සයො,
එක එකාගෙ ගුබ්බෑයම් අස්සෙ රිංගගෙන මෙලෝ සිහියක් නැතුව ගෙට ගොඩවෙන්නෙ හැමදාම..."
සුපුරුදු විදියටම වරුණ වැනි වැනි එනකොටම නයනි කෑ ගහන්න ගත්තෙ මෙච්චර කල් ඉවසන් හිටපු ඉවසීමේ බැමි කැඩිලා යද්දි.
"අනේ මේ ගෑණියේ කටවහගෙන හිටපං...
ගෙට එන්නත් නෑ මල ඇඬියාව...
උඹලා වගේ ගෑණු එපා වෙන එක අහන්නත් දෙයක්ද..."
"මොකද්ද... මොකද්ද මිනිහො කිව්වෙ...
තමුසෙට මව එපා වෙලාද ඒ කියන්නෙ අහ්...
ඇයි මොකද රූපාගෙ දුවණ්ඩිට වහ වැටිලද ඉන්නෙ...
අනේ මේවට තමයි කියන්නෙ නාකි විසේ ගෙටත් උසේ කියලා...
චික් විතරක්..."
"උඹට පිස්සුද ගෑණියේ...
ඒකී තාම පොඩි එකී...
ඒකිට පද හදන්නෙ නැතුව හිටපං..."
සති දෙක තුනක් පුරාවටම සෙව්වන්දි එක්ක ආදරෙන් බැඳුන වරුණ දෑස් පියාගන්නකොටත් මැවිලා පෙනුනෙ සෙව්වන්දිව.
******
"කොහෙද තමුසෙ යන්නෙ..."
"ඇයි? උඹ මොකටද මං යන තැන අහන්නෙ...
අම්මා එක්ක ගමේ කනමදයො ටික නලව නලව හිටපං..."
රුවන් සුදු පැහැ කමිසෙ බොත්තම් දාගන්න ගමන් මිදුලට බැස්සෙ ගමේ සිද්දවුන මළ ගෙදරක බනට යන්න.
"අනේ අම්මේ...
මලිතිලාගෙ තාත්තානෙ නැතිවුනේ...
මාවත් බන ගෙදර එක්කන් යන්න කියන්නකෝ..."
"රුවන්... නංගිවත් එක්කගෙන පලයං...
මං නොකිව්වා කියන්න එපා..."
"අනේ මේ අම්මේ...
මේකිව නලවන්න මට බෑ...
අම්මට ඕනෙනම් එක්කගෙන යන එකයි ඇත්තෙ...
අනික මේකි සක්කරවට්ටම වටේ කැරකෙනකොට මට පරිස්සම් කරන්න බෑ..."
රුවන් කේන්තියෙන් යන්න ගියේ සෙව්වන්දි මූණ අකුලගෙන රූපාටත් ගස්සගෙන ගෙට දුවනකොට.
"සෙව්වන්දියෝ...
මෙහෙම හැමදාම ගේ අස්සෙ හොරෙං හොරෙං ආදරේ කරන්න බෑනෙ...
හෙට සුනිමල්ගෙ බන ගෙදර වරෙං...
මම බලන් ඉන්නවා හරිද..."
"හ්ම්ම් මං එන්නම්කො වරුණ..."
කලින් දවසෙ වරුණ මත්වෙච්ච ඇස් සෙව්වන්දිගෙ වතපුරා යවන ගමන් කියපු වදන් මතක්වෙලා සෙව්වන්දිට ඉකි ගැහුනෙ ඉබේටමයි.
හැඟීම්වලට වහල් වුනාම අන්තිමට වෙන්නෙ මොනවද, කරන්නෙ මොනවද කියලාවත් තේරුමක් නෑ. සෙව්වන්දිටත් වුනේ ඒකමයි. ඒකනෙ අවුරුදු තිහක්ම වැඩිමල් වරුණගෙ චාටු කතාවලට රැවටිලා නැවතුනේ #වියපත්_ඉසව්වක
"කෙල්ලේ... වරෙං මෙන්න මෙහාට...
අන්න කාන්තියා යනවා බන ගෙදර...
ඒකි එක්ක පලයං උඹත්..."
කිව්ව පමාවට සෙව්වන්දි සුදුපාට ගවුමක් ඇඳගෙන පුලුවන් තරම් හැඩවැඩවෙලා බන ගෙදර ගියේ වරුණව කොයිවෙලේ දැකගන්න ලැබෙයිද කියලා හිත හිත.
"ස්ස්... ස්..."
සාලෙ කෑල්ලෙ ගමේ කට්ටිය බන අහනකොට සෙව්වන්දි හොරෙන් හොරෙන් එහෙ මෙහෙ ඇවිද ඇවිද හෙව්වෙ වරුණව.
"මං බයවුනා අනේ..."
"මොකට බයවෙනද... මමනෙ කතා කරේ...
නම කියලා කෑගහන්න බෑනෙ කෙල්ලෙ මට..."
"යන්න අනේ..."
"කෝ එන්න යමු..."
"කවුරුහරි දැක්කොත් අනේ...
අපෙ අයියත් ආවා..."
"කවුරුත් දකින්නෙ නෑ ළමයො...
අනික මේක අස්සට කවුරු එන්නද මේ වෙලාවෙ..."
වරුණ එහෙම කියලා සෙව්වන්දිව එක්කගෙන ගියේ අඳුරෙන් පිරිච්ච කාමරයකට. ඉතිං මේ ලැබුන අවස්ථාව වරුණ අතහරීද. මොනා කරන්නද ඉතිං සෙව්වන්දිගෙත් අණුවන කමට වරුණලා වගේ පිරිමින්ගෙ අමාරුකම් පිටකරගන්න දඟලන මිනිස්සුන්ට අහුවෙනවා. මේවට දෙමව්පියොත් වගකියන්ඩ ඕනෙ.
"ආව්හ්... වරුණ රිදුනා ඒකනම්..."
බන ගෙදර ඇවිල්ලා කරන වැඩද මේ කරන්නෙ. සෙව්වන්දිගෙ වයසෙ වැරැද්ද කියමුකො. ඒත් වරුණ කියන්නෙ අවුරුදු පනස් පහක දැනුම් තේරුම් ඇති මිනිහෙක් නේද.
"කොච්චර දවස් බලන් හිටියද මං...
උඹ ලඟ සුවඳයි බං..."
පිස්සුවෙන් වගේ සෙව්වන්දිගෙ දෙතොල් සිපගන්න වරුණ විටෙන් විට දත් සටහන් තියමින් සෙව්වන්දිගෙ පහස විඳිනකොට සෙව්වන්දි මුකුත් නොකියාම වරුණට නතුවුණේ ඒ රළු පහසට ලෝභ හිතුන නිසා වෙන්න ඇති.
"අඩෝ රුවනා...
ඔය තැඹිලි ගෙඩිය කපලා ගනිංකො ඉක්මනට හාමුදුවන්ට පිලිගන්වන්න ඕනෙ..."
වත්තෙ අඹ ගහ යට කොල්ලො ටික හරියට වැඩ. ඒ අතරෙ තමයි රුවන් එක අතකින් තැඹිලි ගෙඩියකුයි අනිත් අතින් මන්නෙකුයි අරගෙන ආවෙ.
"අහ්... වරුණ..."
මහලොකු ගෙවල් නොවුන නිසාම කාමරේ තිබ්බ පොඩි ජනෙල් පියන් හුලඟට ඇරුනෙ මොන කරුමෙකටද කියලා කාටවත් හිතන්න වෙලාවක් ලැබුනෙ නෑ.
ජනෙල් කූරු අතරින් කාමරේට වැටුන තැඹිලිපාට ලයිට් එළියෙන් රුවන් දැක්කෙ පිස්සුවෙන් වගේ සෙව්වන්දිගෙ ලැමපුරා එහෙ මෙහෙ දුවන වරුණගෙ දෙතොල්.
"අඩෝ රුවනා කොගෙද යන්නෙ..."
අත්ගොබවල මස්පිඬු වෙව්ලද්දි රුවන් තැඹිලි ගෙඩියත් විසික් කරලා මන්නෙත් අමෝරගෙන දිව්වෙ දත්මිටි කකා.
"අනේ මේ මොකද..."
"රුවන් ළමයා කොහෙද මේ යන්නෙ..."
බන ටික ඉවරවෙන්නත් කලින් රුවන් සාලෙ මැද්දෙන් දිව්වෙ බන අහන්න වාඩිවෙලා හිටපු ගමේ කට්ටිය ඉබේම නැගිට්ටෙද්දි.
"තෝ &%$# "
"රුවන් එපා..."
රුවන්ගෙ පිටිපස්සෙන් දුවන් ආපු එකා දෙන්නා කෑ ගහනකොටත් පරක්කු වැඩී. ලෑලි දොරට පයින් ගහගෙනම කාමරේට පැන්න රුවන්ගෙ අතේ තිබ්බ මන්නෙ නැවතුනේ සෙව්වන්දිගෙ බෙල්ලෙ.
"මං හිතුවා කවදාහරි නාකියෙක් එක්ක ජවුසන් නටයි කියලා මේකි...
තොපි වගේ එවුන්...
අනිකා තෝ බල්ලා...
නාකි විසේද යකෝ තොටත් මේ පොඩි එකියක්ගෙ ඇඟට නගින්න හැඳුවෙ..."
"රුව..."
"අල්ලපං... අල්ලපං යකෝ රුවන්ව..."
"අඩෝ නවත්තපං යකෝ..."
සෙව්වන්දි එතනම අවසන් ගමන් යනකොට රුවන් වරුණව අමු අමුවෙ කෑලි කරේ වටේ හිටපු කට්ටිය අප්පිරියාවෙන් අහක බලාගන්නකොට.
"පිස්සුද &%#$ මේක මස් කඩයක් කියලා හිතුවද...
උඹ දැන් මුන් දෙන්නාව කෑලි කරා කියලා හැමදේම විසදුනාද බල්ලො..."
රුවන්ගෙ ගජ යාලුවො දොස් කියනකොට රුවන්ගෙ ඇස් රැඳිලා තිබුනෙ බෙල්ල කඳින් වෙන් වෙච්ච සෙව්වන්දි දිහාට වගේම හම කෑලි, මස් කෑලි තැනින් තැන සීසීකඩ වුන වරුණ දිහාවට.
"රුවන් ! "
එකම හඬින් රුවන්ගෙ නම කියවෙනකොට ඔහුත් එතනම අවසන් ගමන් ගියේ මන්න පාරට කඳෙන් වෙන් වුන ඔලුව පිටුපසට එල්ලිලා වැටෙද්දි.
ඉතිං මේ අවාසනාවට #වියපත්_ඉසව්වක නතරවුන සෙව්වන්දිගෙ කතාව.
.
.
.
සෙනූ ✍️
