❤️තුහිනි❤️ | Thuhini
❤️තුහිනි❤️
මම තුහිනි ආකර්ශා සමරසින්හ😌 අම්මා නැති උනාට පස්සෙ මම හැදුනෙ වැඩුනෙ අප්පච්ච්ගෙ නන්ගි ගාව,,නැන්දනම් හැම තිස්සෙම මූසල කෙල්ල කියලා බනිනවා,,එයා කියන විදියට මම මේ ලෝකෙ එලිය දකිද්දි මගෙ අම්මා මේ ලෝකේ දාලා ගිහින්,,මට අවුරුදු පහක් වෙද්දි මගෙ අප්පච්චිත් මාව මේ ලෝකෙ තනි කරලා යන්න ගියේ මගෙ කරුමෙට කියලයි නැද්ද කියන්නේ 😔😔
අවුරුදු දහනවයක් වෙනකන්ම නැද්ද මාව බලා ගත්තත් ඊට පස්සෙ හැමදාම ඇනුම්පදයි අහන්න උනේ 😔😔,,,නැන්දා කියන දේවල් වලටම මට මගේ ජීවිතේ එපා උනු වාර අනන්තයි,,ඒත් චූටි අයියා ලගින් ඉදන් හිත හදන නිසා ජීවත් වෙන්න ආස හිතුනා,,,
ලොකු අයියගෙයි චූටි අයියගෙයි ආදරෙ මැද්දෙ හැදුනෙ වැඩුනත් ලොකු අයියගේ ආදරෙ වැඩ් කාලයක් විදින්න ලැබුන් නෑ ලොකූ ඩිග්‍රිය කරන්න රට ගිය නිසා,,ලොකූ ගියාට පස්සෙ මාව බලා ගත්තෙ චූටි අයියා ,,
ඕනිම කෙනෙක් දෙසරයක් හැරිලා බලන රූපයක් තිබුනු මට කවදාවත් චූටි අයියා කොල්ලෙක් එක්ක යාලු වෙන්න තියා කොල්ලෙක් දිහා බලන්නවත් දීලා නෑ,,කොල්ලෙක් මාත් එක්ක කතාවට ආවත් එයාට ගහල පන්නනවා ඒ තරමට මාව ආරක්ශා කරා,,
ඒත් ලොකූ ගාව තිබුනු සහෝදර ප්‍රේමය ට වඩා දෙයක් චූටි අයියගෙ හිතේ තියනවා කියලා මට දැනෙන්න ගත්තත් වෙලාවකට ඒ දේවල් පිස්සුවක් කියලයි මට හිතුනේ,,😒😒
උසස් පෙල කරලා කෝස් එකක් කරන්න ගියේ චූටි අයියා වියදම් කරන්නම් කියලා පොරොන්දු උන නිසා,, නැද්දනම් මේවට කැමති නෑ ඒත් චූටි අයියගෙ බල කිරීමටයි මේ දේවල් කරේ,,,
"දෝනී හවස ක්ලාස් නේද ලේස්ති වෙලා පහලට එන්න මම ගිහින් දාන්නම්"
"හා චූටි අයියේ"
මන් ලෑස්ති වෙලා පහලට ගියේ චූටි අයියව හොයාගෙන
"චූට් අයියේ ...චූටි අයියේ .."
"එන්න දෝනී දොර ඇරලා තියෙන්නේ"
"අනේ ඔහ් ...😨😨 සො..රි.. ඊඊඊඊ..."
කාබරේට ගියත් ගිය වේගෙන් එලියට ආවේ චූටි අයියා ටවල් එක පිටින් ඉන්න නිසයි,,,
"මෙහෙට වරෙන් බන් ඔච්චර ලැජ්ජද"
එහෙම කියාගෙන චූටි අයියා මගේ අතින් ඇදගෙන කාබරේට ඇවිත් දොරත් වහලා තවමත් අත් දෙකෙන් මූන වහන් ඉන්න මන් ගාවට ඇවිත් මාව එයාගෙ පැත්තට හරවගෙන මගෙ අත් දෙක අයින් කරලා ඇස් දෙක දිහා බලන් හිටියෙ හරි අමුතු විදියකට,,ඒ බැලමටනම් මගේ මූ ලැජ්ජාවට රතු උනා,,😳😳
ඒ ඇස් දෙක දිහා බැලුවත් ඒ ඇස් වලින් කියන දේ මට තේරුම් ගන්න බෑ,,ඒත් හරි අමුත්තක් දැනෙනවා චූටි අයියා ගාවදි,,
"මොකද දෝනි ඔහොම බලන්නේ මගේ මූනෙ පෙරහැරක්වත් යනවද 😊 "
චූටි අයියා හිනා වෙලා එහෙම අහද්දි මන් ඇස් අහකට ගත්තෙ,,මටම ලැජ්ජයි දෙවියනේ මට මොනාද ඒ උනේ,, ඊඊඊඊ 😬😬,,
අහක බලන් ඉන්න මාව ආයෙත් චූටි අයියා එයාගේ එයාගෙ ලගට ඇදලා අරන් මගෙ බද වටා එයාගෙ සීතල අත් යවද්දි ඇගේ හිරිගඩු පිපුනෙ මොනාද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව,,
එයා මගේ තොල් වලට සීරුවෙන් ලන් වෙලා ඒ පහස විද ගද්දි මාත් ඒ පහසට අවනත වෙලා චූටි අයියගෙ ගෙල වටා අත් පටල ගත්තෙ හරියට මේ දේවල් බලාපොරොත්තු උනා වගේ ,,,
විනාඩි දෙක තුනක සිප ගැනීමෙන් පසු මගේ ඇස් දිහා බලලා මාව ඒ තුරුලට ගත්තෙ ඒ පපුවෙ උනුහුම විදින්න දීලා,,
ඔලුව උස්සලා එ ඇස් දිහා බලද්දි ඒ ඇස් දිලිසෙනවා,, හරියට මට දැනුනෙ කවදාවත් එයාගෙන් ඈත් වෙන්න එපා කියන දෙයක් ඒ ඇස් වල ලියවිලා තිබුනා වගේ,,,,
මගේ මූන අයියගෙ දෝතින්ම අරන් ඇස් දිහා බලාගෙනම කීවේ,,,
"දෝනි චූටි අයියා උබට ගොඩක් ආදරෙයි මැනික,,මේ හිත පුරාම ඉන්නේ උබ විතරයි ,,උබව මන් පරිස්සමි කරේ උබ මගේ පන ටික නිසා,,කවදාවත් මගෙන් ඈත් වෙන්න එපා දෝනී,, අයියා මහ හුගක් ආදරෙයි ,,😌😌"
ආයෙත් මාව ඒ තුරුලට අර ගත්තත් මගෙ කටින් කිසි වචනයක් පිට නිවුනෙ ඇයි කියලා චූටි අයියා කල්පනා කරන්න ඇති,, කවදාවත් ආදරෙ නොකරපු මට ඒ ආදරෙ මහ මෙරක් වගේ දැනුනා ඒ ආදරෙ හිතේ හැටියට විද ගන්න ඒ පපුවෙ උනුසුමට තවත් තුරුල් උනත් චූටි අයියාව තල්ලු කරලා මම ඈත් උනේ කරන්නෙ වරදක් කියලා දැනුනු නිසා,,
මගේ දිහා බලන් ඉදපු අයියා සද්ද නැතුවම ඩෙනිමට ටී එකක් දා ගත්තේ මාව ක්ලාස් එකට එක්කන් යන්න,,
හුම් .....😔😔 ජීවිතේ පුදුමාකාරයි අම්මව මරාගෙන මේ ලෝකෙ එලිය දැකපු මට අප්පච්ච්ත් නැති උනා,,නැද්ද මාව එයාගෙ දුවෙක් වගේ බලා ගත්තත් මට තේරෙන කාලේදි බනින්න ගත්තෙ මොන හේතුවකටද කියලා මම අදටත් දන්නේ නෑ,,😔😔
චූටි අයියයි ලොකු අයියයි කවුරුත් නැති මට සහෝදරයො වෙද්දි ,චූටි අයියගේ සහෝදරයෙකුට වඩා දෙයක් හිතේ තියෙනවා කියලා දැනෙන්න ගත්තේ උසස් පෙළ ඉවර උනු කාලෙදිමයි,,ඒත් ඒ දේවල් මෙච්චර ඉක්මනට දැන ගන්න ලැබෙයි කියලා මම හිතුවෙ නෑ,,,
"යන් දෝනී ඉක්මනට පරක්කු වෙනවා"
අයියා කතා කරද්දි තමයි මන් හොද සිහියට ආවේ,,සද්ද නැතුව ගිහින් බයික් එකට නැග්ගෙ තවමත් සිද්ද වෙච්ච දේවල් හීනයක් වගේ නිසා,,,
"චූටි අයියේ මට ක්ලාස් යන්න බෑ අපි බීච් යන්"
"ඒත් දෝනී😠"
"මට බෑ අයියේ"
" හුම් යන්කෝ"
එහෙම කියලා මාවත් අරන් ගියේ බීච් එකට ,,සද්දයක් නැතුවම මම ගිහින් වාඩි උනේ ගල් වැටක් උඩ,,
මුහුදු රැල්ල වෙරලට එනෝ යනෝ වගේ මගේ ජීවිතේටත් අයියා එන්න යන්න ගත්තාම ප්‍රශ්න වැඩී,,ඒවට මූන දෙන්න තරම් මගෙ හිත හයිය නෑ,,, ඉතින් මේ සහොදර කම මට ගොඩක් වටිනවා,,මන් කල්පනාවෙන් මිදුනේ චූටි අයියා වඩේ මල්ලකුත් අතට දුන්නාම,, අයියා මගේ ගාවින් වාඩි වෙලා එයත් මොන මොනවදෝ කල්පනා කරනවා,,
"දෝනි මාත් එක්ක කතා කරන් නැත්තෙ තරහ වෙලාද...මන් කරපු දේ වැරදිද..මන් උබට ආදරෙ කරන එක වරදක්ද,,🙄""
ඒ ඇස් දිහා බලද්දි ඒ ඇස් වල තිබුනේ ආදරෙ සෙනෙහස විතරමයි,,කවදාවත් කාගෙවත් ආදරෙ විදලා නැති මට චූටි අයියගෙ ආදරෙ ගොඩක් දැනුනා,,එහෙම එකේ මන් කෝමද අයියව නැති කර ගන්නේ,, කවුද ඉන්නෙවත් කියල බලන් නැතුව මන් අයියට තුරුල් උනේ කදුලු වලට ගලන්න ඉඩ දීලා,,,
" මන් කොහොමද අයියව නැති කර ගන්නේ,,කාවදාවත් ආදරෙ නොකර මට අයියගේ ආදරෙ ගොඩක් දැනෙනවා,,ඒත් මේ දේවල් වැරදී චූටි අයියේ,, මට ඉන්නෙ නැන්දයි මාමයි ලොකූයි ඔයයි විතරයි මේ අනාත කෙල්ලව තවත් අනාත කරන්න එපා අයියේ,,😥😥""
කදුලු වලට ඔහේ ගලන්නට ඉඩ දීලා මන් චූටි අයියට තුරුල් වෙලා මගේ හිතේ තියන දේවල් කියන්න ගත්තේ මේ හිතට අයියගෙ ආදරෙ නොදැනී නෙවේ,,,
මාත් අසරනයි මන් කොහොමද ආදරයක් ගැන හිතන්නේ ,,අනික එයා මගේම අයියා,,හුම් ...ඔව් මන් ඒ සහෝදර කමටයි ආදරෙ කරේ ,,,
"අයියේ අම්මයි අප්පච්ච් නැති උනාට පස්සෙ මාව බලා ගත්තෙ නැන්දයි මාමයි ඒ දෙන්නට ද්‍රොහි වෙන්න බෑ මට,,ලොකූට කොහොමද මන් මූන දෙන්නේ,, ඔයා මගේම අයියා මාව තේරුම් ගන්න අයියේ "
සුසුමක් හෙලලා චූටි අයියා මගේ මූන දිහා බලන් මොනවදෝ කියන්න හදන්නේ කියලා ඒ මූන දැක්කාම තේරෙනවා,,
"හුම්...මට උබව තේරෙනවා දෝනී ..ඒත් මේ හිත ඉල්ලන්නේ උබවමයි...මේ ඇස් යන්නේ උබේ ගාවටමයි..මන් මොනා කරන්නද දෝනී මටම අකීකරු හිත එක්ක😔"
"අහන්න චූටි අයියේ මේ දේවල් වලට කවදාවත් නැද්ද ඉඩ දෙන්නේ නෑ මට බෑ නැන්දාටයි මාමටයි ලොකූටයි වරදක් කරන්න 😥😥"
" හුම්,,යන් දොනි දැන් ගෙදර,,"
මොකුත්ම නොකියා චූටි අයියගෙ පස්සෙන් ගියේ හිතේ ගොඩක් දේවල් හන්ගගෙන,,
මන් චූටි අයියට ආදරෙයි ඒත් නැන්දටයි මාමටයි ද්‍රොහි වෙන්න බෑ,,අනික ලොකූ....ලොකූ කොච්චර මාව විශ්වාස කරනවද ඒ විශ්වාශෙ කඩ කරන්න බෑ මට,,
"චූට් අයියේ අද සිද්ද වෙච්ච දේවල් අදින් පස්සෙ කවදාවත් මතක් කරන්න එපා,,ඒ හැමදේම අමතක කරන්න "
"කියන තරම් හැමදේන ලේසි නෑ දෝනී "
"හුම්"
ගෙදර ඇවිත් දොරත් වහගෙන ඇදට වැටුනේ හැම දේම ආයෙත් මතක් කරමින්,,කදුලු වලට ඔහේ ගලන්න දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා,,,
සතියකින් මන් අයියව ඇස් දෙකට දැක්කේ නෑ මන් අවදි වෙද්දි එයා ඔෆිස් ගිහින් ගෙදර එන්නෙත් මහ රෑට,,, චූටි අයියත් මාව අමතක කරන්න එහෙම කරනවා ඇති කියලා මට හිතුනා,,ක්ලාස් නෑ කියලා නැද්ද ට බොරු කියලා ඒ දවස් ටිකේ මාත් ගෙදර හිටියේ චූටි අයියව අමතක කරන්න ඕනි නිසා,,,,
ඉරිදට චූටි අයියා ගෙදර නිසා අයියව හොයන් ගියේ එක වචනයක් හරි කතා කරන්න ඕනි නිසා,,,මන් යද්දිත් අයියා ලැප් එක දාගෙන මොනාද කරනෝ,,වෙනදටනම් ඉරිදට අයියා මාත් එක්ක ඉන්නේ ඒ ඉස්සර දැන් එහෙම නෑ ,,😔😔
"චූටි අයියේ මන් ඇතුලට එන්නද"
"අහන්නත් දෙයක්ද ,එන්න දෝනී"
"මෙතනින් වාඩි වෙන්න"
අයියා ඇද පෙන්නද්දි මන් එයා ගාවින් වාඩි උනා,,,
"චූටි අයියේ මා එක්ක තරහද ?"
"නෑ දෝනී මන් මොකටද තරහ වෙන්නේ"
"ඒත් අයියේ....."
"වෙච්ච දේවල් උනා දැන් ඒවා ඉවරයි දෝනී... දෝනී මන් හෙට රට යනවා"
චූටි අයියා එහෙම කියද්දි මගෙ ඇස් වලට කදුළු ආවේ දුකටද සතුටටද මන්දා..චූටි අයියව බදාගෙන ඇඩුවෙ ඒ ආදරෙ සෙනෙහස හෙටින් පස්සෙ නැති වෙන නිසා,,,,
"දෝනී මේ අහන්න ඔය කදුලු පිහද ගන්න අඩද්දි ඔයා කැතයි ඒක නිසා ලස්සනට හිනා වෙලා ඉන්න ,,අයියා සතුටින් ඉන්න ඕනිනම් දෝනි අඩන් නැතුව ඉන්න ඕනී"
"හුම් චූටි අයියේ"
"අහන්න දෝනී ලබන මාසෙ රිසාල්ස් එනවා,,අයියට කෝල් කරන්න රිසාල්ස් ආව ගමන්,,අයියා සල්ලි එවනවා මගෙ දෝනි කැම්පස් යන්න ඔනී,,අයියා ආයේ එද්දී දෝනී ඩොක්ටර් කෙනෙක් වෙලා ඉන්න ඕනී,,😊"
"අනේ චූටි අයියේ .... ඔයා ගියාම මට පාළුයි..."
"යන්න දැන් දෝනි ගිහින් නිදා ගන්න"
කාබරේට ඇවිත් ඇදට වැටිලා ඇඩුවේ මගේ මගේ ජීවිතේ ලගින්ම හිටපු අය මගෙන් ඈත් උනු නිසා,,,චූටි අයියත් ගියාම මන් මේ ගෙදර තනි වෙනවා,,😥😥අඩලා අඩලා නිදා ගද්දි කීයද කියලවත් දන්නේ නෑ,,උදේ අවදි වෙද්දි 9ත් පහු වෙලා,, එහෙම්මම වොශ් දාන් පහලට ගියේ චූටි අයියා 10ට එයාර්පෝට් යනවා කීව නිසා,,
පහලට යද්දිත් චූටි අයියා ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා,,නැන්දගෙ ඇස් වල කදුලු පිරිලා,,දුවලා ගිහින් අයියව බදා ගත්තේ හිතට දැනුනු දුකට,,,දන නමලා අයියට වැන්දේ ආයේ කවදා ඒ ඇස් දෙක දකින්න වෙයිද කියලා හිතමින්,,,
චූටි අයියා නැන්දටයි මාමටයි වැදලා කාර් එකට නැගලා යන්න හදලා ආයෙත් මගේ දිහා බලන් ඇස් වලින් කීවෙ අඩන්න එපා කියලා,,
"මන් යනවා දෝනී අම්මයි තාත්තයි එක්ක පරිස්සමට ඉන්න,මන් කියපුවා මතකයි නේද"
"හුම් .. පරිස්සමට ගිහින් එන්න අයියේ..."
චූටි අයියා ගියාට පස්සෙ මුලු ගෙදරම පාළු වෙලා,,නැන්දයි මාමයි නිසා මගේ ආදරෙ මන් හැන්ගුවා,,ඒයාලට ද්‍රොහි වෙන්න බෑ මට,,මොන දේ උනත් මාව බලා ගත්තෙ එයාලා,,,අද මන් මේ විදියට ජීවත් වෙලා ඉන්නේ ඒ දෙන්නා නිසා,,,
එයාලා මාව අත ඇරයනම් අද මන් අනාත කෙල්ලෙක්,,ඒ දේවල් මතක් වෙද්දි හිතට ගොඩක් දුකයි,,😔😔
අයියා මෙහෙන් යන්න ඇත්තෙත් මේ දේවල් අමතක කරන්න ඕනි නිසා,,අයියා මාව තේරුම් ගත්ත එක මගේ හිතට සැනසීමක් ගෙනාවා,,,මේවා මේ විදියට විසදුනු එක හොදයි නැත්නම් නැන්දයි මාමයි මට ශාප කරනවා ජීවිත කාලෙටම,,,, ලොකූත් මාව සහෝදර කමින් ඈත් කරාවී,,😔😔 හැම දේම හොදින් විසදුනා කියලා හිත හදා ගන්නවා,,,
සහෝදර කමට වඩා එහා දෙයක් නෑ,,නැන්දට මාමටයි ද්‍රොහි වෙන්න බැරි නිසා මන් මගේ ආදරෙ හන්ග ගත්තා,,ඔව්...හදවත ඇතුලෙම ඒ ආදරෙ හන්ග ගත්තා,,, 😊😊
❤️ ~~~~~ආදරය,දුක, සතුට ,අසරනකම, සහෝදරකම,බැදීම් මත ලිය උනු පුන්ච් කතාවක්~~~~~~~••••
කියවලා හොදයිනම් මොනා හරි කියන් යන්න,,❤️••••••
බුදුසරණයි !
ජේසු පිහිටයි!,,
