තටු සිඳුණු සුරංගනාවිය | Thatu Sidunu Suranganaviya
තටු සිඳුණු සුරංගනාවිය
අම්මේ
මොකද දුවේ
බාප්පා මට වෙලාවකට කරදර කරනවා අම්මේ
මොකක්ද දුව ඒ කතාවෙ තේරුම?
එහෙන් මෙහෙන් අල්ලනවා. දැන් ගොඩක් දවස් ඉඳන් අම්මේ.
මම අහල බලන්නම්කෝ. උඹලගේ තාත්තා නැති වුණාට පස්සේ උඹව හදාගන්න ඕන නිසයි මම මේ මනුස්සය කසාද බැන්දේ දුවේ.
මම අම්මට වරදක් කිව්වෙ නෑනෙ.
හරි හරි මගෙ දුවේ මම පොළට ගිහින් එන්නම් දුවත් එනවද?
විභාගයත් ළඟයි අම්මේ ඒ නිසා ටිකක් පාඩම් කරන්නම්. අම්මා පරිස්සමට ගිහිල්ල එන්න කෝ.
හරි දුවේ මම ගිහිල්ල එන්නම්.
..
කෝ කෙල්ලෙ අම්මා
අම්මා පොළට ගියා බාප්පේ
ඒකත් එහෙමද කෝ පොඩ්ඩක් වරෙන්කො ලඟට.
අනේ මට ඉන්න දෙන්න බාප්පේ.
කෑ නොගහ ඉදපන් උඹලගෙ අම්මා නැති වෙන දවසක් ඉදලා මම බලන් ඉන්නෙ උඹ ලඟට එන්න. තවත් ඉවසන්න බෑ මෙන්න මෙහෙට වරෙන්.
අනේ එපා බාප්පේ අනේ එපා.
ආසයි බං මං උඹට ගොඩක් දඟලන්න නැතුව ඉඳපන්.
අනේ එපා අනේ වඳින්නම් බාප්පා එපා.
ඒ තිරිසනාට ඒ අහිංසක කෙල්ලගේ ජීවිතයේ වැඩක් උනේ නෑ තිරිසන් ආසාවල් ඔක්කොම ඒ අහිංසක කෙල්ලගෙන් සපුර ගත්තා.
මොකද මගේ දුවේ මේ අඬන්නේ
අනේ මගේ අම්මේ
මොකක්ද රත්තරනේ උනේ කියපං මට
බාප්පා මාව විනාස කරා මගේ අම්මේ.
අනේ දෙවියනේ ඔය කාලකන්නි බල්ලා කෝ මරනවා මං ඕකව.
අනේ අම්මේ.
අඬන්නැතුව ඉඳපන් මගෙ දුවේ. අපි යමු පොලිසියට.
මට බෑ අම්මේ කාටවත් මුහුණ දෙන්න බෑ මට දැන්. අම්මට පුළුවන් විදිහකට මව බලාගන්න මට මගේ අම්මා ඉන්නවනං ඇති දැන්.
එදායින් පස්සේ පියසේන ගැන කිසිම ආරංචියක් තිබුණේ නෑ. කාලය ගෙවිලා ගියා.
අම්මේ මම රස්සාවකට යන්න ද?
මගේ දුවට පුලුවන්ද තාම ඒ හැටි වයසක් නෑනෙ මගේ දුවට.
මම යන්නම් අම්මේ. අම්මත් දැන් වයසයි අම්මටත් දැන් බෑනේ .
උඹලගේ තාත්තා ජීවත් වෙලා ඉන්දියා නම් අපිට මෙහෙම වෙන්නේ නෑ මගෙ දුවේ.
දැන් ඔය දේවල් මතක් කරලා වැඩක් නෑ අම්මේ. මම අර ටවුමෙ රෙදි කඩේට වැඩට යනවා හෙට.
මගේ දුවට වරදින් නැහැ තෙරුවන් සරණයි.
නිසංසලා ටවුන් එකේ තිබුන රෙදි කඩයකට වැඩේට ගියා
මෙහෙ වැඩ පටන් ගන්නේ උදේ 7 ට. ඉවර වෙනකොට 7.30 වෙනවා අවුලක් නෑ නේද ඔයාට?
පුළුවන් සර් මට
ඔයාට පඩිය රුපියල් 17500. මාසෙට නිවාඩු ගන්න පුළුවන් දෙකයි.
හරි සර් කමක් නෑ.
කවදා ඉඳන්ද වැඩට එන්න පුළුවන් .
මට අද ඉදන්ම වුණත් පුළුවන් සර්.
(නිසංසලා එහෙම කිව්වේ පවුලේ තිබුණා අගහිඟකම් වැඩි නිසා).
නිශාන්ත
සර්
මේ ළමයා අද ඉඳන් ඔයා ඉන්න පැත්තෙ තියාගන්න. වැඩ ටික හිමිට කියල දෙන්න. නිසංසල ඔයා එහෙනම් මෙයත් එක්ක වැඩ ටික පුරුදු වෙන්න.
හරි සර්.
නංගිගෙ නම
මම නිසංසලා . අයියගෙ නම නිශාන්ත නේද?
කොහොමද දන්නෙ මගේ නම ඔයා?
දැන් සොයුරාට කතාකලානේ එහෙමයි අයියේ දැනගත්තේ.
ඒකත් ඇත්ත නේ ඔයාට වයස කියද නංගි?
මට විස්සයි අයියේ. අයියට?
මටනම් විසිහතක් වෙනවා නංගි.
ටිකින් ටික නිසාන්ත නිසංසලාට ලංවෙනවා. ආදරේ කරල නැති නිසංසලා නිශාන්තට ගොඩක් ලං වෙනවා.
නංගි මම ඔයාට ගොඩක් දවසෙ නම් මේ දේ කියන්නෙ හිටියේ මම ඔයාට ඇත්තටම ආදරෙයි.
අයියා දන්නවනේ මම ගොඩක් දුප්පත් කෙල්ලෙක්.
මට ඒ දේවල් ප්‍රශ්නයක් නෙවෙයි නංගි
ඒ උනාට තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා අයියේ.
ඒ මොකද්ද නංගී?
සමහර විට මේ දේ දැනගත්තට පස්සේ අයියා මාත් එක්කයි කතා කරන එකක් නෑ. ඒත් අයියට බොරු කියලා ළංවෙන්න මට ඕනි නෑ.
කියන්න නංගි මොකක්ද?
අපේ තාත්තා නැති වුණේ මම පොඩි කාලෙදිමයි අයියා. ඊට පස්සේ මාව හදාගන්න ඕන නිසා අපේ අම්මා ආයිත් කසාදයක් බැන්දා. ඒ මනුස්සය හරිම නරක කෙනෙක් අයියේ. දවසක් ඒ මනුස්සයා මාව විනාස කර අයියේ අම්මා නැති වෙලාවක. ඔයාට දැන් දෙන්න මගෙ ළඟ කිසිම දෙයක් නෑ අයියේ. අවංක ආදරය විතරයි දෙන්න පුළුවන් එකම දෙය.
මටත් ඕනේ ඒ දේ විතරයි නංගි. මට ඔයාගේ පරණ දේවල් වැඩක් නෑ.
ඇත්තමද කියන්නෙ
ඇත්තම තමයි මගෙ නංගි..
නිසංසලා ගොඩාක් ආදරේ කළා නිශාන්තට. නිසංසලා ගෙදරටත් මේ ගැන කිව්වා. නිසංසලා නිශාන්තට හැමදේම දුන්න එයාගෙ. ටික කාලයක් ගෙවිලා ගියා.
මහත්තයෝ ඔයා කවදද ඔයාගෙ ගෙදරට මම ගැන කියන්නෙ?
ටිකක් ඉවසං ඉන්නකෝ. මැණික
අපේ අම්මත් අහනවා ඔයාලගේ ගෙදරින් කවදද එන්නේ කියල?
හරි හරි ටිකක් ඉන්නකෝ.
තවත් දෙයක් තියෙනවා මහත්තයෝ කියන්න.
ඒ මොකක්ද?
මට දැන් මාස දෙකකින් ලෙඩ වුණේ නෑ. මට ළමයෙක් හම්බ වෙන්න ඉන්නේ.
මොකක්ද පිස්සුද ඔය ළමය නැති කරමු.
මොන හිතකින්ද ඔහොම කියන්නෙ මහත්තයෝ ඒ අපේ ළමයා ඔයාගේ ලේ. අපි ඉක්මනට කසාද බඳිමු.
එක මනුස්සයෙකුට කසාද දෙකක් බඳින්න බෑනේ හලෝ.
මොකක්ද ඒ කතාවෙ තේරුම?
මම කසාද බැඳපු මනුස්සයෙක් මට ළමයි දෙන්නෙක් ඉන්නවා. තමුසෙට ආදරේ කලේ ආතල් එකට.
පව්කාරයා තමුසේ හොඳාකාර දන්නවා මට උන දේවල් මම කොහොමද අහිංසක අම්මට මුහුණ දෙන්න.
අනික තමුසෙ හිතුවද කොහෙවත් ඉන්න එකෙක් එක්ක බුදිය ගත්ත උඹව මම කසාද බඳියි කියලා පලයන් බං යන්න.
උඹට නං හොඳක් වෙන්නේ නෑ බං කාලකණ්ණියා .
ආයිත් මට වදයක් වුනොත් උඹගෙ වීඩියෝ මං ළඟ තියෙනවා ඒවා උඹගෙ අම්මට පෙන්නනවා ඒ නිසා වදයක් වෙන්න එපා
අනේ එහෙම දෙයක් නං කරන්න එපා. මගේ අම්මා පපුව පැලිලා මැරෙයි.
හරි එහෙනම් පාඩුවේ පලයන්.
අනේ දෙවියනේ මම දැන් කොහොමද අම්මට මුහුණ දෙන්නේ. මහ කාලකන්නි කෙල්ලෙක් මම නම් මං දැන් මොකද කරන්නෙ දෙයියනේ වහ ටිකක් වත් බීලා මැරෙන්න ඕනේ.
කල්පනා ලෝකෙක අතරමං වෙලා නිසංසලා පාර පැන්නා. පිටිපස්සෙන් අප බයික් එකකට නිසංසල හැප්පුනා.
අනේ නංගි ඔයාට මොකද අපි යමු hospital ඔයා මොන සිහියෙන්ද පාර පැන්නේ. ගොඩක් අමාරුද?
නැහැ අයියේ hospital යන්න ඕනේ නැහැ අත තුවාල වෙලා විතරයි.
වෙලාවට මම හිමින් ආවෙ අපි බෙහෙත් ටිකක් දාගන්න යමු.
ඕනේ නෑ අයියේ මම ගෙදර යනවා.
එහෙම බෑ අපි බෙහෙත් ටිකක් දාගන්න යමු
මට අමාරුවක් නෑ
කියන දේ අහන්න මගේ හිතට හරි නෑ නැත්නම්. අපි යමු.
......
දැන් හරිනෙ බෙහෙත් දාලා ඉවරනේ නංගිලා ගෙවල් කොහෙද මම ගිහින් දාන්නම්.
අනේ කමක් නෑ අයියේ මට යන්න පුළුවන් අයිය මේ කරපු උදව් ඇති.
එහෙම නෙවෙයි නඟින්න කෝ?
ඒත් අයියේ.
නගින්න නගින්න.
අයියේ මට බඩ ටිකක් රිදෙනවා මම ඉක්මනට අතන තියෙන වොෂ් රූම් එකට ගිහිල්ලා එන්නම්.
හරි ඉක්මනට එන්නකෝ.
....
මොකද මේ ඇස්වල කඳුළු නංගි.
තුවාල රිදෙනවා අයියේ ඒකයි. හරි ඉස්සරහ තියෙන පාරෙන් ඇතුලට දාන්න ඒ පාරෙ දිගටම ගියාට පස්සේ හම්බවෙන අන්තිම ගෙදර අපේ ගෙදර.
හරි හයියෙන් අල්ලගන්න එහෙනම්.
හරි අයියේ.
ඔයා ඇත්තටම මොන සිහින් ද අද පාර පැන්නේ.
ඒක ලොකු කතාවක් අයියේ.
පුලුවන්නං කියනවද?
අද බැහැ.
මේ ගෙදර නේද?
ඔව් අයියේ. අයියේ එන්න තේ එකක් එහෙම බීල යමු අපි. අපේ ගෙවල් නම් ලොකු නෑ.
අනේ ඒකට කමක් නෑ. මම දවසක එන්නම්කෝ ඔයාගේ කතාව අහල තේ එකක් බීලම යන්න.
හරි අයියේ පරිස්සමින් .
....
කවුද දුවේ අර දුව කිව්ව පුතාද?
මගේ යාළුවෙක් අම්මේ.
මොකද දුවේ මේ තුවාල වෙලා අත.
අද කඩේ ඉන්නකොට ලෙස්සල වැටුනා අම්මේ මම ටිකක් නිදාගන්නවා ඔලුව පැලෙන්න වගේ රිදෙනවා.
පැනඩෝල් දෙකක් බීලා නිදාගන්න මගෙ දුවේ..
. දවස් දෙකක් ගෙවිලා ගියා..
දුවේ ඔයාව හම්බවෙන්න කවුද මහත්තයෙක් ඇවිල්ල.
නංගිට අඳුරගන්න පුළුවන්ද දන්නෑ මාව.
එහෙම අමතක වෙනවද අයියේ එදා ඔයා හිටිය නිසයි මගේ ජීවිතෙත් බේරුණේ ඉඳගන්න අයියේ.
මට ඔයා මේ දවස් දෙකේ ගොඩක් මතක් වුනා නංගී. ඒ වගේම ඔයාගේ කතාවත් අහන්න ඕනෙමයි කියලා හිතුනා
අයියගෙ නම වත් තාම මම දන්නෙ නෑ අයියා මගේ කතාව අහනවා.
මම ශාන්. එතකොට නංගිගෙ නම.
මම නිසංසලා.
ඇත්තටම නංගි ඔයාව දැකපු දවසේ මට ඔයා ගැන ආදරයක් ඇති වුණා ඒ නිසයි මට ඔයාව නිතරම මතක් උනේ ඔයා කැමතිනම් ඔයාගේ අම්මගෙන් මං අහන්නම්.
අයියා හොඳ කෙනෙක් කියලා මට තේරෙනවා ඒ උනාට මං වගෙ කෙනෙක් නිසා අයියාගේ ජීවිතේ කාලකන්නි කරගන්න එපා.
එහෙම කියන්න හේතුව?
අයියා මගේ ජීවිත කතාව දැන් නෑනේ.
මට කියන්නකො.
මම කියන්නම් එතකොට අයියට තේරේවී මං වගෙ කෙනෙක් ඔයාට ගැලපෙන්නෙ නැහැ කියලා.
හරි මුලින් කියන්නකො.
මම ගැහැනියක් වුණේ මට අවුරුදු පහළොවේදී අයියේ ඒ මගේ බාප්පා අතින්. අම්මා තාත්තා නැති වුණාට පස්සෙ මාව හදාගන්න ඕන නිසයි ඒ මනුස්සයව කසාද බැන්ද. ඒ උනාට ඒ මනුස්සයට අපේ අම්මා විතරක් මදි වුණා එයා මගේ ජීවිතෙත් විනාස කර අයියේ.
මට ඒ දේ ප්‍රශ්නයක් නෙමේ.
තාම ඉවර නෑ අයියේ ඊට පස්සේ මම රෙදි කඩේක වැඩට ගියා. ඉතින් ඇති මට හම්බුනා නිශාන්ත කියල කෙනෙක්. එයාට මං මගේ හැමදේම කිව්වා එයත් දැන් අයියා කියපු දේ වගේම කිව්වා
මට ඒ දේවල් ප්‍රශ්නයක් නෙවෙයි කියලා.
පස්සේ
අපි දෙන්න යාළු වුණා මම එයාට ගොඩක් ආදරේ කළා අයියේ. එයාට මං මගේ හැමදේම දුන්නා ඒත්
ඒත් කිව්වේ?
මට එයාගෙන් ලමයෙක් හම්බෙන්න ඉන්නේ කියලා දැනගත්තට පස්සේ. එයා මට කිව්ව ළමයා නැති කරමු කියලා. මම බෑ කිව්වා එයා කිව්වා එයා බැඳපු මනුස්සයෙක් ආයිත් කසාද බඳින්න බෑ කියලා මට ආදරේ කලේ ආතල් ගන්න විතරලු. වෙන මිනිහෙක් එක්ක හිටපු ගෑනියෙක් බාරගන්න මෝඩයෙක් නෙමෙයි කිව්වා. ඔය දේවල් කල්පනා කර කර යනකොට තමයි අයියාගේ බයික් එකට මාව හැප්පුනේ.
දැන් ළමයට මාස කීයද?
ඉදියනම් දැන් මාස එකහමාරක් වෙනවා අයියේ
ඒ කිව්වේ?
අයියට මතකද මම එදා බඩ රිදෙනවා කිව්වා මම එදා වොෂ්රූම් එකට ගියාට පස්සේ. මට ලේ ගොඩක් ගියා සමහරක් විට මම වැටුණු වෙලාවේ මගේ ළමයා නැති වෙන්න ඇති එදා මම ඇඬුවේ මගේ තුවාල වල වේදනාව නෙවෙයි අයියේ මගේ ළමයා නැතිවුන දුකට ඒ වගේම පුංචි සතුටකුත් ආවා ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි තාත්තා කෙනෙක් නැතුව මගේ ජීවිතය වගේ ඒ ළමයගේ ජීවිතයත් විනාශ වෙන්නැතුව බේරුණ එකට. දැන් අයියා තාමත් කියන්නේ අයියට මේ දේවල් ප්‍රශ්නයක් නෑ කියලද?
නංගි ගිහිල්ලා ලැහැස්ති වෙන්න?
කොහෙ යන්නද අයියේ?
රෙජිස්ටාර් ළඟට ........
නිසංසලාගේ ඇස් කඳුළු වලින් තෙත් වුණා. කිසිම දෙයක් නොකියා ශාන්ගේ පපුවට තුරුල් වුණා..............
වැරදි අඩුපාඩු ගොඩක් ඇති එකට සමාවෙන්න.
ජීවිතය අසරණ වෙච්ච කිසිම කෙනෙක් ගෙන් කවදාක්වත් යුතු ප්‍රයෝජන අරන් අතරින් එපා. අයිති කරගන්න බැරිනම් කවදාක්වත් කෙල්ලෙක්ගෙ ඇඟට අතක්වත් කියන්න එපා මචං.....
බුදු සරණයි.
මම අසින්ත සෙනෙවිරත්න