===ස්වාමිපුරුෂයාගේ දින පොතෙන් === | Swamipurshayagea dhina potha


===ස්වාමිපුරුෂයාගේ දින පොතෙන් ===

------------------------------------------

"ෂෙහාරා... ෂෙහාරා... කෝ ඔයා..?
මනුස්සයෙක් මැරිලා මැරිලා ගෙදර එන්නේ පොඩි හරි සැනසීමක් ගන්න. ඒත් ඒකට මං පිං කරලා නැද්ද මන්දා "

"ඇයි අනේ කෑ ගහන්නේ බොරැවට ? දැං ඔයා කියන්නේ ඔයා එනකන් දොරකඩට වෙලා මදුරැවො තල තල බලාන් ඉන්න කියලද මහේෂ් ?

"මං කවදද එහෙම කියලා තියෙන්නේ ඔයාට? අනෙක මං ඒ වගේ දෙයක් බලාපොරොත්තු උනත් ලැබෙන් නෑ කියලා දන්නවා. අඩුම ගානේ මං ආවාම කාමරෙන් එළියට ඇවිත් පොඩ්ඩක් හිනා වෙලා එක වචනයක් කතා කලා නම් ඒකත් මට මේ වෙලාවේ ලොකුයි ෂෙහාරා "

"විකාර.. මට ඔයාව නලව නලව ඉන්න වෙලාව නෑ. වොශ් දාගෙන එන්න තේකක් හදලා මේසෙන් තියන්නම් ඇවිත් බොන්න"

ඇත්තටම මං ෂෙහාරාව මැරි කළේ ප්‍රොපෝසල් එකකින්. අපි දෙගොල්ලොම සාමාන්‍ය පවුල් . මං එයාගෙන් බලාපොරොත්තු උනේ නම් ලොකූ ආදරයක්. ඒ ආදරේ ලැබුනා අවුරැද්දක් විතර. එතනින් පස්සේ එයාගේ වෙනස්වීම එක්ක මට ලැබෙන්නේ නම් දශමයකවත් දැනෙන්නේ නැති ආදරයක් සහ පවුල් ජීවිතයක්.....

"ෂෙහාරා ඔයා වැඩක්ද? පොඩ්ඩක් කතා කරන්න බැරිද?"

"ම්ම් අහං ඉන්නේ කියන්න?"

"ඉතින් ඔය කියුටෙක්ස් බෝතලේ පැත්තක තියලා මෙහෙන් ඉඳ ගන්නකෝ සුදු ?"

"බෑ මේ ටික වේලෙනවා.. ඔයා කියන්න මට ඇහෙනව නෙහ්"

"හරි ඔයා ඕක කරන්නකෝ. ඊට පස්සේ කතා කරමු."

"දැං කියන්න.. මේක ඉවර කරල චතූට කෝල් එකක් ගන්නත් තියෙනවා"

"චතූට දවල්ට ගන්න. මට ඉන්නේ ඔයා විතර නෙහ් කතා කරන්න හරි"

"බෑ එයා ඔෆිස් යනව නෙහ්."

"ඇයි ෂෙහාරා ඔයා චතූ ගැන හිතන තරම්වත් දැං මං ගැන හිතන්නේ නැත්තේ? මං ඔයාට හිතා මතා කිසි වැරැද්දක් කරලා නෑ. ඇයි මෙහෙම හැසිරෙන්නේ ? ඉස්සර ඔහොම නෑ නෙහ්. ප්‍රශ්නයක් තියෙනව නම් කතා කරලා විසදුමක් ගමු. "

"විසඳගන්න දෙයක් මෙතන් නෑ'"

"මට ඔයා වෙනුවෙන් ලොකු ලොකු දේවල් කරන්න බැරි උනත් ඔයා ඉල්ල්න දේ මං පුළුවන් මට්ටමින් උපරිමයෙන් දෙනවා. ඒ වගේම ආදරේ දෙන්න හැදුවමත් ඔයා ගන්නේ නෑ.. මං මොනාද කරන්න ඕන ෂෙහාරා?"

"මට මගේ පාඩුවේ ඉන්න දෙන්න මහේෂ් ඒ ඇති. "

පැය විසි හතර ඇතුලේ ආදරෙන් එක වචනයක්වත් හුවමාරැ වෙන්නේ නැති තරම් දුරස්ථ බවක් අපි අතරේ. ප්‍රශ්න; වගකීම් කන්දක් එක්ක ඔට්ටු වෙන මට මේ ජීවිතය හරිම ස්ට්‍රෙස්. හිතේ තෙරපෙන දේවල් කියන්න අහන්න කෙනෙක් නෑ.. තීරණයක් ගද්දී හරි වැරැද්ද පෙන්නන්න කෙනෙක් නෑ.. ආදරෙන් තුරැලු කරන් සනසන්න කෙනෙක් නෑ . අසනීප උනාම හොයලා බලන්න කෙනෙක් නෑ. ආදරේ නැති ජීවිතයත් පාලු සොහොන් පිට්ටනියක් වගේ....

(පසුදා උදෑසන)

"ෂෙහා කෑම හරිද?. මට ඔෆිස් යන්න පරක්කු වෙනවා?"

"මුකුත් හැදුවේ නෑ. කඩෙන් මොනා හරි කන්න ඔයා. දවල් වෙලා මං මොනා හරි හදා ගන්නම්. එද්දී ආප්ප අරං එන්න රෑට කන්න"

ඕනම හස්බන්ඩ් කෙනෙක් තමන්ගේ වයින් උයන බත් කටක් කන්න කැමති ඒත් ෂෙහාරාට නම් ඒක ගානකවත් නෑ. තේක උනත් හදන්නේ හදන්න ඕන නිසා වගේ.. මේ මොන විදියට සැලකුවත් මං ෂෙහාරාට ආදරෙයි. ඒ නිසා ඉවසනවා සීමක් නැතුවම.....

"පෙම් හීන මල් පිපෙන මාවතේ
අපි ආදරෙන් උන්නු කාලයේ
ඔබෙන් පෙම් කතා ඇසුනා
හදේ රෑ රටා මැවෙනා
මතකයි නේ"

"හෙලෝ මහේෂ් කියන්න"

"මට හදිසි වැඩ වගේකට කොළඹින් පිට යන්න වෙනවා. "

"කවදද එන්නේ?"

"දවස් දෙකක් වගේ ඉන්න වෙයි. මං ෆ්‍රී උන ගමන් කෝල් කරන්නම්. ඔයා පරිස්සමෙන් ඉන්න .හොඳට දොරවල් එහෙම ලොක්ද බලල නිදා ගන්න. එහෙනම් මං තියනවා පරිස්සමෙන් ඉන්න"

"ආ හරි මහේෂ්."

ගමනට ඕන සේරම ඩොකියුමන්ට් සේරම රෙඩී කරන් යන්න ලෑස්ති උනේ නම් හිතකින් නෙවෙයි. ෂෙහාරා රෑ තනියෙන් තියන්න බයයි. මොකද ගෙවල් පැත්තේ හොරැ , කුඩු කාරයේ වැහි වැහැල නෙහ්. ඒත් කරන්න දෙයක් නෑ. ජොබ් එකේ වගකීම් වලට බැදිල ඉන්නව නෙහ් අපි....

"මහේෂ්... ඔයා ඉන්න. අපි අරවින්දව විතරක් එක්කන් යන්නම්.. ඔයත් ගියොත් ඔෆිස් එකේ ප්‍රශ්නයක් උනොත් බලන්න කවුරුත්ම නෑ"

"හරි සර්. මං මෙහෙ වැඩ ටික බලා ගන්නම්"

සර් මගේ හිත දැකලා වගේ කිව්ව ඒ වචන ටිකට ලොකු සැනසීමක් දැනුනේ.. ෂෙහාරාට කෝල් එකක් දෙන්න ඕන. හදිසියේවත් කෑම හැදුවොත් මට අදත් කඩෙන් කන්න වෙන්නේ...


"පෙම් හීන මල් පිපෙන මාවතේ
අපි ආදරෙන් උන්නු කාලයේ
ඔබෙන් පෙම් කතා ඇසුනා
හදේ රෑ රටා මැවෙනා
මතකයි නේද පෙම්වන්තයෝ"

තුන් පාරක්ම ගත්තා .ආන්සර් කරන්නේ නෑ..ගෙදර වැඩක් නම් කොහොමත් කරන්නේ නෑ නෙහ් ෂෙහා.. සමහර විට නින්ද ගිහිං ඇති. මිස් කෝල් දැක්කොත් ගනී නැත්නම් ගෙදර ගියාම කියනවා. ඒ ගමන ගියා නම් දැං සෑහෙන දුරක් ගිහිං දැං හී.....

"මහේෂ් ඔහෙ වැඩ වල තත්ත්වේ කොහොමද ?"

"සේරම ෆයිල් චෙක් කරලා ඉවරයි. දැං එහෙමට වැඩක් නෑ සර්"

"එහෙනම් දැන් ඔයාලා ඕෆ් වෙන්න. දැන් එකයි නෙහ්. බොරැවට 6 වෙනකන් ඉන්න ඕන නෑ"

"හරි සර් "

බස් එකේ ජනේලය අයිනට හේත්තුවක් දාගෙන එළිය බලාගෙන යන මම දැක්කේ හිතුවෙවත් නැති දෙයක්. මැක්ඩොනල් එකෙන් ලස්සන කොල්ලෙක්ගේ අතේ එල්ලිලා කාර් එකකට නගින ෂෙහාරාව. එහෙම දෙයක් මට හිතා ගන්නවත් බෑ.. එයා හිතන්න ඇති මං දැං කොළඹින් පිට ඉන්නේ කියලා.. මේ නිසා වෙන්න ඇති ෆෝන් ආන්සර් නොකලෙත් අද.. ඒ වගේම ෂෙහාරා වෙනසට හේතුවත් මේක වෙන්නම ඕන. ගෙදර යන්න තරම් හිතක් නැති නිසා බීච් එක ලඟින් බැහැලා පැය තුනක් විතර හොඳට කල්පනා කරා.. ගන්න ඕන හොඳම තීරණය අරන් ගෙදර ගියේ වෙනදට වඩා පැය දෙකක් විතර පරක්කු වෙලා....

"ටිං..ටිං.."

"සුදු ගෙදර බෙල් එක වදිනවා. කවුද කියලා බලලා ඔයාට මං ගන්නම් මැණික "

"හරි පරිස්සමෙන් බබා"

(දොර ඇරීමෙන් පසු )

" මහේෂ් ඔයා?. ගියේ නැද්ද?"

"නෑ . ඔයාට කියන්න කෝල් ගත්තා ආන්සර් කලේ නෑ නෙහ්. අහ් ආප්පත් අරං ආවා.. ඔයා ක්න්නකෝ මං වොශ් එකක් දාලා එහෙම කන්නම්"

"හා. තේකක් හදන්නද? "

"එපා. ආප්ප කාලා මං හදාගෙන බොන්නම්. ෂෙහා ඔයා වැඩක් කර ගන්නකෝ"

තවත් කරදරයක් වෙන්න ඕන නැති නිසාම මං එහෙම කිව්වා . ෆෝන් එක ඔබන ගමන්ම ෂෙහා නින්දට ගියේ මාව තවත් නොසන්සුන් කරන ගමන්ම තමා....

(ජූනි 14)


අද ෂෙහාරාගේ බර්ත් ඩේ එක. ලොකු ලොකු ගිෆ්ට් දෙන්න තරම් මං පෝසතෙක් නොවුනත් එයා ආස දෙයක් මං දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ.....

" හැපි බර්ත් ඩේ ෂෙහාරා. මේක ගන්න. ඔයාට වෙන දෙන්න දෙයක් ගැන මට හිතා ගන්න බෑ . මේකෙන් ඔයා සතුටු වෙයි"

"මේ මොකක්ද ?"

"ඔයා බලන්න හෙමීට. මට පරක්කු වෙනවා. එහෙනම් මං ගිහිං එන්නම්"

"ඉන්න ටිකක්. ඇයි මේ ඩිවෝස් පේපස්?"

"ෂෙහා මං හැමදේම දන්නවා.. ඔයා මුකුත් කියන්න ඕන නෑ. මං අහන්නෙත් නෑ. ඔයාගේ සතුට එයා ළඟ නම් ඔයාට යන්න මං උදව් කරනවා.. කා ළඟ හරි සතුටින් ඉන්න.. මේ ජීවිතේ අපි දෙන්නම විඳවනවා විතරයි. ජීවිතේ කියන්නේ විදින්න ඕන දෙයක් ෂෙහාරා"

"මට සමාවෙන්න මහේෂ් . මම......"

"එපා මුකුත් කියන්න. මට දැන ගන්න ඕන නෑ.. ඕකට මං සයින් කරලා තියෙන්නේ. කේස් එකක් ෆයිල් කරන්න. ඩිවෝස් එක මං දෙන්නම්. මං යනවා පරිස්සමෙන් ඉන්න."

ඇත්තටම ෂෙහාරාට මගෙන් මොනාද මදි උනේ? මං උපරිම ආදරේ සෙනෙහසට රැකවරණය දුන්නා.. මගේ ජොබ් එකේ හැටියට දෙන්න පුළුවන් උපරිම සැප සම්පත් දුන්නා.. එයාට මදි උනේ සැප සම්පත් වෙන්න ඇති.

මං ලොකු සල්ලිකාරයෙනක් නෙවේ. මට කාර් නෑ. යන්න එන්න තියෙන්නෙ මේ කකුල් ඇරෙන්න බස් එක තමා. මැක්ඩොනල් පීසා හට් එක්ක ගිහිං කන්න දෙන්න මට බැරි උනාට ආදරෙන් මගේ අතින් කෑම හදලා කවන්න මට පුළුවන් . ඔඩෙල් එක්ක ගිහිං මාසෙට දෙතුන් පාරක් ඇදුම් අරං දුන්නේ නෑ තමා ඒත් පුළුවන් වෙලාවට අරං දුන්නා එයාට මං නොගෙන හරි. මෙකප් ලස්සන බඩු ඉදහිට තමා ඉතින්. ඔය හැමදේම කරන ගමන් ගෙදරට ඕන කලමනා ගේන්නත් ඕන. කෑම බීම උනත් ෂෙහා ගෙදර හැදුවේ කලාතුරකින් නෙහ්. කමක් නෑ මං ළඟ ඉන්නවට වඩා එයා සතුටින් සනීපෙන් ඉදී නෙහ් ඒ කොල්ලා ළඟ.. ඒක නෙහ් මට වෙන්න ඕනත්. සේරම හොඳ විදියට විසදේවි.....

(වසර 5කට පසු )

"තාත්තේ මගේ හොඳම යාලුව මිනෝෂිට තාත්තෙක් නැත්තේ ඇයි?"

"මෙහෙ එන්නකෝ මැණික ඔඩක්කුවට.. එයාගේ තාත්තා ගොඩක් දුර ඉදං ජොබ් කරනවා ඇත්තේ දෝනි"

"නෑ . ටීච තාත්තව අදින්න කිව්වාම එයාට තාත්තා කෙන්ක් නෑ කියලා එයා ගොඩක් ඇඩුවා."

"ම්ම්ම් එහෙමද මිනෝෂි පව් තමා පුතේ. දෝනි කාල ඉවරයි නේද ? තරි අද මට වෙලාව තියෙනවා මම දුවව නසරි එකට දාගෙන ඔෆිස් යන්නම්. අද ඔයා ඉන්න සනීපත් නෑ නෙහ්"

"හා මහේෂ් . ඒක ලොකු දෙයක්. පරිස්සමෙන් දෙන්නම යන්න බුදු සරණයි"

"ඔයත් පරිස්සමෙන් ඉන්න තරිනි"

(නර්සරි එක අසළ)

"තාත්තේ.. අර මිනෝෂිත් අම්මා එක්ක එනවා. මං එයා එක්ක ඇතුළට යන්නම් . තාත්තා යන්න"

ඒ දරැවා අතේ එල්ලිලා එන්නේ පුරැදු රැවක් එක්ක. ඒ ෂෙහාරා. මිනෝෂි කියන්නේ ෂෙහාරාගේ දුව. අර මනුස්සයා දරැවෙක් දීලා ෂෙහාරාව තනි කරලද? මේකද ෂෙහාරා ඔයා හෙව්ව සතුට...?

"ෂෙහාරා?"

"මහේෂ් ඔයා?"

"ඔව්. මල්කි මගේ දුව. මිනෝෂි ඔයාගේ දුව. අර ඒ දෙන්නා අත් අල්ලන් පංතියට යනවා"

"මට වැරදුනා මහේෂ් එක තැනක්. දැං මායි දුවයි දෙන්නම දුක් විදිනවා ඒ නිසා. දුවගේ උප්පැන්නෙටවත් තාත්තගේ නම නෑ. මිතිල මාව බැන්දෙත් නෑ."

" ඔයා මං ළඟ ඉද්දි මං ඔයාට ඕව තේරැම් කලා. ඔයා ගනන් ගත්තේ නෑ"

"සමාවෙන්න මට. සල්ලිවත් පෙනුමවත් නෙවේ ආදරේ කියලා මං තේරැම් ගත්තා. හැඟීම් පස්සේ දිව්ව මට වැරදුනා. ඔයාව රිද්දවලා වැරදි ගොඩක් කලා. එදා මට හදවතින්ම දෙන්න ආදරේ විතරක් තිබ්බ ඔයා අද සල්ලි , කාර් , ආදරේ සේරම එක්ක ඔයා අද සතුටින්. මං ඔයාලට සුබ පතනවා මහේෂ්. "

"අද අපි මෙහෙන් යනවා කවුරුත් නොදන්න පැත්තකට. ඔයාව මෙහෙම හරි අන්තිමට දැකලා සමාව ගන්න ලැබුන එකට මට සතුටුයි. මං කරපු වැරදි වල හැටියට ඔයා මෙහෙම ඇවිත් කතා කලාටත් තැන්ක්‍ යු"

"ම්ම්ම්ම් කොහේ හරි සතුටින් පරිස්සමෙන් ඉන්න ෂෙහාර බුදු සරණයි. මට පරක්කුයි . එහෙනම් මං ගිහින් එන්නම්"

පවුල් ජීවිතය තුළ පිරිමියා විතරක්ම නෙවේ වැරදි කරන්නේ.. භේදයකින් තොරව දෙපැත්තෙන්ම වැරදි වෙනවා..පවුල නැත්නම් විවහ ජීවිතය තුල අංක එක ආදරය , අවංකකම තේරැම් ගැනීම. මේ තුන නැති තැන ප්‍රශ්නයක් ඇතුල් වෙන්න ලොකු ඉඩක් තියෙන්වා. ඒ හැර පෙනුම, සල්ලි , සැප සම්පත්, වාහන නෙවේ ඕන..මේ දේවල් දෙන්නට එකතු වෙලා ගොඩනගා ගන්න පුළුවන් . ඕවා අද තියෙනවා හෙට නෑ. මේ දේවල් ගැන හරි හැටි අවබෝධයක් එක්ක විවහ ජීවිතයකට අඩිය තිබ්බොත් දරා ගන්න බැරි සතුටක් ආදරයක් ඒ විවහයෙන් ඔයාලට ලැබේවි.....

ස්තූතියි
අමාලි විජයන්ති


Comments System WIDGET PACK