සුදූ පිරුවට... | Sudu Piruwata


සුදූ පිරුවට...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

කොහෙද අපී මේ යන්නේ..

මේනක ගෙස්ට් හවුස් එකක් ඉස්සරහා මෝටර් සයිකලය නවත්තනකොට මාව සීතල වෙලා ගියා..

බහින්න...?

මේනක අනේ අපී වෙන කොහේ හරී යමූකෝ...ප්ලීස්...

මම මේනකගේ අතින් පස්සට අදින ගමන් කිව්වා..ඒත් මේනක් ඇහූනේ නෑ වගේ මගේ අතේ තිබූන හෙල්මට් එකත් එයාගේ අතට ගත්තා..

මධූ මාව ලැජ්ජ කරන්න එපා ..බලනවා මිනිස්සූත් බලනවා...උන් හිතයි මම තමූසෙව බලෙන් එක්කන් ආවා කියලා...

ඔයා බොරූ නේ මට කිව්වේ..ඇයි මෙහෙම තැනකට එක්ක ආවේ...

තාමත් අපී දෙන්නා හිටපූ තැන ඉදගෙන රන්ඩූ කරනවා..

එන්න යමූ...

මම කියපූ කිසිම දෙයක් ඇහුනේ නැතී ගානට මේනක මගේ අතින් අල්ලන් ගෙස්ට් හවුස් එක ඇතූලට ගියා...

ආහ්...මේ හෙල්මට් දෙක අල්ලගන්න...

එහෙම කියලා මේනක එයාගේ කලිසම් සාක්කූවේ තිබූන පර්ස් එක එලීයට අරන් එයාගේ Id එක එතන හිටපූ මනූස්සයගේ අතට දුන්නා ...

සර්...මිස්ගේ id එකත් ඕනේ..

මේනකට එහෙම කියන ගමන් ඒ මනූස්සයා මගේ දිහා කන්නාඩී දෙක අස්සෙන් බැලූවේ කන්න වගේ...

මධූ id එක දෙන්න...

මමත් පර්ස් එකෙන් මගේ id එක අරන් දුන්නේ වෙන කරන්න දෙයක් නැතී කමට..

මොන මොනවදෝ පොතක ලියාගත්ත ඒ මනුස්සයා ආපහූ id දෙක මේනක්ගේ අතට දුන්නා...

මහත්තයාට රූම් නම්බර් ෆෝ දෙන්න.

එතන වැඩ කරන කොල්ලට ඒ මනූස්සයා කිව්වම මේනක මගේ අතිනූත් අල්ලන් ඒ පිරිමී ලමයගේ පස්සෙන් වැටුනා..

මට කිසිම දෙයක් හිතාගන්න පුලුවන් කමක් නෑ...බයටම මගේ ඇගම සීතල වෙලා තිබ්බේ...

ඒ පිරිමි ලමයා කාමරේ දොර ඇරලා පෙන්නලා ගියපූ ගමන් දොර වහපූ මේනක් මාව තදින් බදා ගත්තා...

අනේ මේනක අපී යමූකෝ..මට බයයි..මේ වගේ තැන් වලට පොලිසියෙනූත් එනවලූ..

මම මේනකට වැන්දේ නැතී ටික විතරයි...එත් මේනක මාව ගනන් ගත්තේ වත් නෑ...

මේනක පිස්සූ හැදීලා වගේ මාව තද කරගෙන බදාගෙන හිටියා..කොච්චර දැගලූවත් මේනකගෙන් ගැලවෙන්න නම් මට බැරී උනා...

බැරිම තැන මම මේනකව තල්ලූ කරේ ඉවසන් ඉන්න බැරිම තැන...

හේයි...මොකද්ද වෙලා තියෙන්නේ මධූ...

ඔයාට තෙරෙන්නේ නැද්ද මේනක මේක වැර්දී දෙයක් කියලා...

බයිලා එපා මධූ ...තමූසේ ඔහොම බන කිව්වට මම දන්නවා තමුසේත් හිත යටින් මේ දේවල් වලට ආසයි කියලා...

එහෙම කියපූ මේනක මාව ඇදට පෙරලගත්තා...

මම අඩන්න ගත්තේ මට වෙන කරන්න දෙයක් නැති හින්දා.ඒ කිසිම දෙයක් මේනකට ඇහූනේ නෑ..වෙනදට ආදරෙන් මගේ තොල් වලට ලං වෙන තොල් අද ල๬ උනේ පාලනය කර ගන්න බැරි ආසාවකින් කියලා මට මේනකගේ මූනේන් හොදටම පෙනූනා...

මේනකගෙන් තොල් වලින් මැත් වෙන්න පුලුවන් උන තත්පරේදීම මම කතා කලා..

අනේ මේනක යන්න ඕන මට...

හරී යමූ බබා ටිකක් ඉන්නකෝ....ඔයා මට ආදරේ නැද්ද කියන්නකෝ..මාව විස්වාස නැද්ද කියන්නකෝ?

ආදරේයි මේනක...මහා ගොඩාක් ඒ වගේම විස්වාසයි ...අනේ ඒත් මට යන්න ඕන..

මම මේනක්ගේ මූන අතගාලා කිව්වේ..මම විස්වාස කරා මේනක් මට නපූරක් නොකරයි කියලා...

එහෙනම් චුට්ටක් ඉමූ හොදද මධූ...මම ඔයාට ආදරේයි මැනීක..

මේනක මාව පපූවට තුරුල් කර ගත්තම මටත් අමතක උනා මම කොහේද ඉන්නේ කියලා...ඒ අවසරයෙන් මේනක් ආපහූ මගේ තොල් වලට බර උනා..වීනාඩී කීයක් එහෙම හිටියද කියලා මට මතක නෑ...මේනක ගේ අතින් මගේ ඇදූම් එකින් එක ගැලවිලා ඇද පාමූල වැටූනා...

මේනක හිටියේ පිස්සූ වැටිලා වගේ හරි වැරැද්ද මොකද්ද කියලවත් එයාට දැනූනේ නෑ....මේනක් මගේ ඇගේ හැම තැනක්ම එයාගේ තොල් වලින් ඉදුල් කරද්දී මම ඇස්දෙක වහගත්තා තද කරලා...ඒ වෙලාවේ මට දැනූනෙත් මම කරන්නේ වැරදී දෙයක් කියලා...මමත් හිටියේ ආසාවෙන් අන්ද වෙලා...

තවත් විනාඩී ගානක් යද්දී මම මේනක අතින් ගෑහැනීයක් උනා..කිසිම දෙයක් නොවූන ගානට මේනක් මගේ ශරීරයේන් ඇත් වෙලා හතී ඇරියේ මගේ මූන දිහා බලලා අමුතූ හිනාවකූත් දාන ගමන්...

මගේ ඇස් වල කදූලූ මට නවත්තගන්න බෑරී උනා අම්මවයි තාත්තාවයි මතක් වෙලා...කරපූ වරදේ බරපතල කම දැනූනේ වරදේ බැදූනටත් පස්සේ...

මගේ ඇඩිල්ල නතරඋනේ මේනක හය්යෙන් කතා කලාම

මධූ...මේ බලනවා...

මම ඇස් දෙකත් පිහිද පිහිද මේනක දිහාට හැරූනා...

මේ බලනවා මේ බෙඩ් ශීට් එකේ මුකුත්ම නෑ..ඒ කියන්නේ උබ කලින්ම ගෑනීයෙක් වෙලා...

මට හිතාගන්න බැරි උනා මේනක මොනාද මේ කියන්නේ කියලා...

මමත් උවමනාවෙන්ම බෙඩ්ශීට් එක දිහා බැලූවා...අර කියන්න වගේ ඇද ඇතිරිල්ලේ මගේ පිරිසිදූ කමේ සංකේතය සටහන් වෙලා තිබූනේ නෑ..

අනේ අහන්න මේනක ..මට මුකුත් තෙර්න්නේ නෑ...

මම අඩ අඩම මේනකට කිව්වත් මේනකට උවමනාවක් තිබූනේ නෑ මම කියන දේ අහන්න..

බොරූ කියන්නේ තෝ මාව රැවට්ටූවා..තෝ කලින්ම මිනිහෙක් එක්ක නිදාගෙන..මට බබා පාට් දැම්මා නේද?

මේනක කරන චෝදනා භාරගන්නවා ඇරෙන්න මට වෙන විකල්පයක් තිබූනේ නෑ..මේනකට කොයිතරම් පැහැදිලි කරත් මේනක මාව විස්වාස කරේ නෑ...

ඇදගනින් ගෙදර යන්න...

ඇද විට්ටමට කොට්ටයක් තියාගෙන මෙච්චර වෙලා කල්ප්නා කර කර හිටපූ මේනක කිව්වේ ටිකක් සැරෙන්...

අනේ මාව විස්වාස කරන්නකෝ මේනක ..මම කලින් එහෙම කා එක්කවත් ඉදලා නෑ...ඔයාට විතරයි මම ආදරේ කරේ....

අනෙ පිංසිද්දවෙයි මධූ කටවහගෙන ලෑස්තී වෙනවා....

ආයේත් ගෙදර එනකන්ම් මාත් මේනකත් අතර කතාබහක් සිද්ද උනේ නෑ. මාව ගෙවල් ලගින් බස්සලා මේනක මාත් එක්ක කතා නොකරම යන්න ගියා...
🥀🥀🥀🥀🥀🥀

වසර දෙකකට පසූ...🥀🥀

ඇය් පුතේ අර කාලකන්නී මිනිහා ගැනගැනම හිත හිත ඉන්නේ...

මම ජනේලයෙන් එපිට බලාගෙන ඉන්න කොට අම්මා ඇවිල්ලා කිව්වේ ඇද උඩින් වාඩී වෙන ගමන්...

අපේ ඇස් කොයි වෙලාවක පියවෙයිද දන්නේ නෑ...අපීට දහයක් දොලහක් නෑනේ පුතේ ...අර සමීර පුතා කියන දේකට කැමතී වෙයන්....අපිත් කැමතී උබ පිලිවෙලක් වෙලා ලමයෙක් දෙන්නෙක් හදාගෙන පිලිවෙලකට ජිවත් වෙනවනම්...

මේනක හැඩීකරලා ගියපූ ජිවීතේ කවදාවත් මට පිලිවෙලක් කරගන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නෑ..ඒ තරම් මම මේනකට ආදරේ කරා...එදා සිද්ද උන දේවල් ගැන මම තාමත් පසූ තැවෙනවා...හිතින් විදවනවා...මට කොතන කොහොම වැරදුනාද කියලා මම තාමත් හොයනවා....

මට කසාද එපා අම්මේ..මම මට පුලූවන් විදීයට අම්මලාව බලාගන්නම්...

එහෙම කිව්වම අම්මට ටිකක් කේන්තී ගිහින් මා එක්ක කතා නොකරම කාමරෙන් එලීයට ගියා..

🥀🥀🥀
නිවාඩූ දවසක් නිසා මම එලීයේ බංකූවට වෙලා ඔහේ අඹ ගහ දිහා බලන් හිටියේ ...එහා මෙහා යන ලේන්නූ දිහා.

මධූ .....

සමීර අය්යා ලගට එනකල්ම මම් දැක්කේ නෑ...

ආහ් අය්යනේ..මම දැක්කේ නෑ....ලගට එනකල්ම..

හ්ම්ම්ම් ලොකූ කල්පනාවක නේ හිටියේ...ඉතින්...

හ්ම්ම්ම් ඉතින් කොහොමද අය්යේ....

හොදින් ඉන්නවා මධූ...මම ඔයා එක්ක ටිකක් කතා කරන්න කිය්ලා ආවේ...

මම දැනන් හිටියා මොන කතා බහා අවසානයේ උනත් සමීර අය්යා නවතින්නේ ඔතනින් කියලා...

ඇය් මට කැමති නැත්තේ?මම ලස්සන නැතීව ඇති නේද?

සමීර් අය්යා මන් ලගින්ම වාඩීව්නකොට මට කර කියාගන්න දෙයක් නැති උනා...
මට එකපාරම නැගිට්ටුනා...

මගේ අතින් අල්ලලා සමීර අය්යා ආපහූ එයා ලගින්ම මාව ආයෙත් වාඩී කරවගත්තා..

මට කියන්න මධූ ...ඇය් මට කැමතී නැත්තේ ...

මම කවදාවත් කාටවත් ආදරේ කරන්නේ නෑ අය්යේ..ඒක මම මටම දීගත්ත පොරොන්දූවක් ...

එකම එක අවස්තාවක් දිල බලන්න මධූ මම ඔයාව සංතෝසෙන් තියනවා...

මේනකට දිපූ ඉඩ වෙන කාටවත්ම දෙන්න බැරි තරම්ම මේනක මගේ හිතේ අරක් අරගෙනයි තිබූනේ..මේ ගෙවූන අවූරුදූ දෙකට මට මේනකව මතක නොවූන දවසක් නැතී තරම්....

කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දී මගේ හිතේ ටිකින් ටික සමීර ගැන ආදරයක් ඇතිවෙන්න ගත්තා...
තාත්තා කෙනෙක් වගේ පරිස්සමෙන් මාව බලාගනිද්දී ඇත්තටම මට ලෝභ හිතූනා ඒ ආදරේ ගැන..
මේනක ට හිතේ වෙන් කරපූ ඉඩ හිමින් හිමින් සමීර අය්යා අත්පත් කර ගනිමින් හිටියා...
🥀🥀🥀🥀🥀
අවුරූදූ 3කට පස්සේ අද තමයි මම මගේ ජිවීතේ වැඩිපුරම සතූටූ උන දවස...අද මගේ වෙඩින් එක....

මධූ ..මැනික ඔයා හරිම ලස්සනයි නේ...

වෙඩින් හෝල් එකෙදී සමීර අය්යා මගේ කනට කරලා කියනකොට මට ටිකක් ලැජ්ජා හිතූනා...

බොරූ කියන්න එපා...
මම වැලමිටෙන් ඇනලා කිව්වේ තව කාටහරි අපේ කතාව ඇහෙයි කියලා...

Congratulations මචන්...

හුරූ පුරුදූ කටහඩක් ඇහුන නිසා මන් හැරිලා බැලූවා..මම හිටියේ ම්ගේ යාලූවෝ එක්ක කතා කර කර...

දෙය්යනේ මේනක...
මට ඉබේටම කියඋනා...දැනිච්ච හැගිම් මම ඒහෙම්ම යටපත් කරගෙන අමාරුවෙන් හිනා උනා..

ආහ් මේනක මේ මගේ මනමාලී...
මාව දැකල මේනක උනත් ටිකක් වීතර ගැස්සිලා හිටියේ...මට ඒක හොදටම තේරූනා ..

ඉතින් කොහොමද බන්...උබ ඉතින් කසාද බදින්නේ නෑනේ...ගෑනූ අමාරූවේ දදා හිටපන්...

සමීර අය්යා ඒ වචන ටික මේනකට කිව්වේ හිතාමතාමද කියලත් මට හිතූනා...

මේනකට දෙන්න උත්තර නැතූව බිම බලාගන්නවා මම දැක්කා.මේනකට පේන්නම සමීර අය්යා මගේ අතක් අරන් ඉම්බා ...මේනක ගේ ඇස් ඉස්සර වගේම ඉරීසීයාවෙන් දිලීසෙනවා..මේනකගේ ඉරීසීයාව දැකලා මට දැනූනේ සතූටක්..

හැමෝගේම ආශීර්වාද මැද මම් සමීර අය්යගේ පතීනිය උනා..ඒත් කියාගන්න බැරීඋන මේනකගේයි මගේයි අතීතේ ගැන මම හිටියේ ගොඩාක් බයව්ලා...කාගෙන් කොහොම හංගන් හිටියත් අද වගේ දවසක මට ඒ දෙවල් සමීරගෙම් හංගන්න බැරිබව නම් මන් දැනන් උන්නා...

වෙඩින් එකෙන් පස්සේ මමත් සමීරත් හොටෙල් රූම් එකෙ තනීඋනා...උදේ ඉදලා මහන්සී උන නිසාමද මන්දා මගේ ඔලූවත් එක්කම කැක්කුමයී..ඒ නිසා මම වේලා අරන් ඇති තරම් නෑවා...
ඒ වෙනස මගේ මූනේන් පේනවා කියලා මට දැනූනේ නෑ..ඒත් උන දේවල් හිත හදාගෙන සමීරට කියන්නේ කොහොමද කියලායි මම කල්පනා කරේ...

මම වොශ්රූම් එකෙන් එලීයට එනකොට සමීර අය්යා හිටියේ බැල්කනීයට වෙලා ඈත බලාගෙන කල්පනා කර කර...

තවත් මට මේනක ගැන හංගන් ඉන්න උවමනාවක් නෑ..ඒ නිසාම මේනක ගැන හැම දෙයක්ම සමීරට කියන්න මම තීරනය කලා...මොනදේ සිද්ද උනත්

සමීරගේ පිටිපස්සෙන් ගිහින් මම සමීර අය්යව බදා ගත්තා..

සමීර අය්යේ...

හ්ම්ම්ම් ඇයි මැනික..

මට ඔයාට කියන්න දෙයක් තියෙනවා....

සමීර අය්යගේ කිසීම කලබලයක නෑ එයා මාව හිමින් සිරූවේ එයාගේ පපුවට තුරුල් කර ගත්තා ...

හ්ම්ම්ම්...ඉතින් කියන්න තියෙන දෙයක් දැන් කියන්නකෝ මැනික..මම අහගෙන ඉන්නම්...

මම හොද කෙනෙක් නෙවේ සමීර අය්යේ...

මට ඕන උනේ කතාවට ආරම්භයක් ගන්න...

ඇයි මැනීක මේනක නිසාද ඔයා එහෙම කියන්නේ...
හ්ම්ම්ම්

මම කියන්නත් කලින් සමීර ඇහුවා මගෙන්..

සමීර අය්යා හරී ලස්සනට හිනාවෙලා මගේ මූන එයාගේ පැත්තට හරවගන්න ගමන් ඇහුවා..

ඔ..ඔයා කොහොමද මේනක ගැන දන්නේ..

මම හැමදෙයක්ම දන්නවා මධූ ...මැනික...ඔයා පිරුසිදූ කෙල්ලෙක් කියලා ඔයාට ඌට ඔප්පූ කරගන්න බැරි උන නිසා ඌ ඔයාව දාලා ගියා කියලත් දන්නවා..

ඔවා සාමාන්‍ය දේවල් මධූ ...දැන් ඉන්න හැම ගෑනූ ලමයෙක්ටම ඕය කියන කන්‍යාභාවය නෑ..සමහරූ ඕන කමින් ඒ දේවල් නැති කර ගනිද්දී..තවත් සමහර ගෑනූ ලමයින්ට උප්පත්තියෙන්ම ඒ දේ පිහිටන්නේ නෑ...

ඔයා අහිංසකයි ...ඔයා ඌට රැවටූනා..ආදරේ නිසායි හැමදේම කලේ...ඔයා ඒ වගේ කෙල්ලෙක් නම්..මේනා දාලා ගියාට පස්සේ ඔයාට උපරිම නිදහස තිබූනා ඒ දේවල් කරන්න...ඒත් ඔයා ඌ මත්තේම නැහූනා..ඒත් ඌ...ඔයාව හැම තැනකදීම ලැජ්ජ කලා...මට ඕන උනේ ඔයාට ජිවිතේ ආපහූ දෙන්න මැනික....මේනාට පෙන්නන්න ඔයා එහෙම නෑ කියලා....

අද ඌ ඔයාව දැකලා ඌගේ ඇස් ඉරිසියාවෙන් පිපිරූනා...මම ඒක දැක්කා...

මට ඇත්තටම ඇඩූනේ..මෙච්චර ලොකූ තෙරූම් ගැනිමක් සමීර අය්යගේ මන් ගැන තිබූනද කියලා හිතලා...

මේනා ඔයා ගැන කියන හැම වෙලවකම මට ඔයා ගැන දුක හිතූනා රත්තරං ..ලේ බිංදූවකට ඌගේ හිතේ තිබූන ආදරේ නැතී කරලා දාන්න පුලුවන් උනා නම් ඌ ලග ආදරයක් තිබිලා නෑ...

එදා ඉදලා තමයි මම ඔයා ගැන විස්තර හෙව්වේ..ඔයාව කොහොමහරි මගේ කරගන්න ඕන නිසා තමයි මම ඔයා අකමැතියි කියද්දී ඇවිල්ලා ඔයාගේ අම්මගෙනුයි තාත්තා ගෙනුයි ඇහූවේ.ඔයාව දැක්ක මුල් තත්පරේම මට ඔයා ගැන ආදරේ හිතූනා...ඒ ආදරේ අදටත් එහෙම්මයි සුද්දීයේ ...

මට සමාවෙන්න රත්තරං ...

මම අඩ අඩාම සමීර අය්යගේ පපූවට තව තවත් තුරුල් උනා...මේ සතූටට,ආදරයට කවදාවත් කාගෙන්වත් ඇස්වහක් නම් නොවදීවා කියලා මම සැනසිල්ලේ ඇස් දෙක තව තවත් තද කරලා පියාගත්තා..

🥀නිමි🥀