ස්පා කෙල්ල | Spa Kella


ස්පා කෙල්ල

ඔයාලගේ ගණන් කොහොමද?

සර් අපි පැයකට එක්දහස් පන්සියයක් ගන්නවා. සර්ට ඔයිල් මසාඡ් ද ඕනි නැත්තං. බොඩි ලෝෂන් එකක් තියෙනව ඒක ද?

මට ඔයිල් මසාජ් එකක් ඕනේ.

හරි සර් සර්ට ඕනිනම් මාව ගන්න පුළුවන් නැත්තං අර අතන ඉන්න කෙට්ටු ගර්ල් කෙනෙක් ඉන්නෙ එයාව ගන්න පුළුවන්.

(දෙනුවන්ට හිත ගියේ පස්සේ පෙන්නපු ගෑණු ළමයට)

මට අරය දෙන්න.

හරි සර් මෙතනින් අස්සන් කරලා ඔයාගේ පේමන්ට් එක ගෙවල මේ ගර්ල් එක්කං යන්න.
(අමායා මේ සර් එක්ක යන්න)

හා අක්කේ.
සර් ආ සර්ගෙ ටවර් එක වොෂ් එකක් දාගෙන එන්න.

වොෂ් රූම් එක එක කොහෙද තියෙන්නේ නංගි?

අර පේන තැනින් දකුණට හැරෙන්න සර්
(දෙනුවන් දාගෙන ආවා)

සර් මුනින් අතට හාන්සි වෙන්න

මට සර් කියන්න එපා මට අයියා කියලා කතා කරන්න.

එහෙම වුණාට එහෙම හරි නෑනෙ සර්.

එහෙම දෙයක් දෙයක් නෑ නංගි.

අයියට ඕනි ඔයිල් මසාජ් ද නැත්නම් බොඩි ලෝෂන් එකක් ද?

මට ඔයිල් මසාජ් එකක් දෙන්න නංගි.

හරි එහෙනම් හාන්සි වෙන්න මුනින් අතට

නංගිට වැඩි වයසක් නැහැ නේද?

නැහැ අයියේ මට 19 වෙන්නේ

ඉතිං තාම ඉගෙන ගන්න වයස නේද?

ගෙදර ප්‍රශ්න අයියේ ඉගෙන ගන්න අමාරුයි ඒ නිසා.

ඔලුව චුට්ටක් මසාජ් කරන්න නංගි වැඩිපුර. මේ වගේ ජොබ් එකක් හොයා ගත්තෙ ගාමට් යන්න තිබ්බා නේද?

හා අයියේ. මම කලින් ගාමන්ට් එකකට වැඩට ගියා. ඒ උනාට එ සල්ලි මදි අයියේ. අම්මයි තාත්තයි දෙන්නම ලෙඩ වෙලා එක තැන ඉන්නේ. නංගි තාම ඉගෙන ගන්නවා. ඔයාට උගන්වන්න ඕන අම්මට තාත්තට බෙහෙත් ගන්නත් ඕනේ ඒ නිසාම මේක කරන්නේ නැතුව කිසිම ආසාවකින් කරන දෙයක් නෙමෙයි අයියේ.

මට එක තේරුණා නංගී. ඔයාලට මෙතනින් කීයක් හම්බෙනවද?

මෙතනින් කීයක් වත් හම්බ වෙන්නේ නෑ අයියේ. ඔයාල දෙන ට්‍රිප් එක තමයි.

කීයක් විතර එහෙම දෙනවද නංගි?

ෆුල් බොඩි මසාජ් කරන්න රුපියල් 2000 ගන්නවා අයියේ. එතකොට මට මගේ උඩ ඇඳුම් ගලවන්නත් වෙනවා.

ඔයාට කරදරයක් එහෙම වෙන්නෙ නැද්ද එතකොට?

ඇත්තටම ගොඩක් පරිස්සමින් තමයි වැඩ කරන්න වෙන්නෙ එක එක ජාතියේ මිනිස්සු එනවා අයියේ. අනිත් එක මට අමුතුවෙන් පරිස්සම් වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ දැන්.

ඇයි නංගි එහෙම කිවුවේ?

අයියට කිව්වා නේද මම ගාමන්ට් එකක වැඩට ගියා කියලා. එතැනදි මට කොල්ලෙක් හම්බවුණා. මම හිතුවේ දෙවිකෙනෙක් කියලා. අන්තිමට මගේ ඡීවිතෙත් නැති කරලා මෙතනට ගෙනල්ලත් දාලා මෙතනින් සල්ලිත් අරගෙන යන්න ගියා අයියේ.

තව ගොඩක් කල් මේ ජොබ් එක කරන්න හිතාගෙන ඉන්නවද?

ඉක්මනටම අයින් වෙනවා අයියේ.

කීය වෙනකන් වැඩ කරනවද නංගි ඔයා?

සමහරක් දවස් වලට පාන්දර තුන වගේ වෙනකම් අයියේ

මගේ වෙලාව ඉවරයි නංගී මෙතන 3000 තියෙනවා ඒක ඔයා තියාගන්න. මෙතන මගේ නම්බරේ තියෙනවා හොඳට හිතල කෝල් එකක් දෙන්න.

ඇයි අයියේ 3000 මම කිසිම ඇඳුමක් ගැලෙව්වේ නෑනෙ. මෙතනට එන හැමෝම මට නොම්බරේ තියලා යනවා අයියා.

ඒක මම දන්නවා ඒකයි හිතල බලල කෝල් එකක් දෙන්න කිව්වේ මම යනවා එහෙනම් බුදු සරණයි...

(දෙනුවන් එදා ගෙදර ගිහිල්ලා කල්පනා කරේ අමායා ගැන එකපාරටම දෙනුවන්ට කෝල් එකක් ආවා.)

හෙලෝ

හෙලෝ අයියේ මම අමායා අර

හරි නංගියෝ මට මතකයි. මම ඔයාට දෙයක් කියන්න ඕන ඔයාට පුළුවන් දෙයක් හෙට 12:00 වගේ ටවුන් එකට එන්න.

මට අයියා ගොඩක් විශ්වාසයි. මම නරක කෙල්ලෙක්නම් නෙවෙයි අයියේ මම හෙට එන්නම්.
(දෙනුවන් ඊළඟ දවසේ 12ට අමායා යනකම් බලන් හිටිය)

අයියේ මං පරක්කුද?

අනේ නැහැ අපි අද බීච් එකට යන් නිදහසේ ටිකක් කතා කරමු.

ඔයා මං ගැන වැරදියට හිතාගෙන ඉන්නවා ද දන්නෙත් නෑ අයියේ.

එහෙම දෙයක් නෑ නගින්න බයික් එකට.

(දෙනුවන් අමායා වත් එක්කගෙන බීච් එකට ආවා)

අපි අතනින් ඉඳගෙන කතා කරමු

හා අයියේ

නංගි කොහෙද එතකොට?

මම මාතර අයියේ

ලඟදි ගෙදර එහෙම ගියේ නැද්ද?

අවුරුද්දටම යන්න ඉන්නේ

මම ඔයාව හම්බ වෙලා කතා කරන්න ඕනේ කිව්වේ මේකයි මේක මම ගොඩක් හිතල ගත්ත තීරණයක් මම කැමතියි ඔයාව බඳින්න

මොනවාද අයියේ මේ කියවන්නේ මම වගේ කෙනෙක් ඔයාට හරියන්නෑ අනික මං පිරිසිදු නෑ මට සල්ලිත් නෑ අනෙක ඔයා මම කරන ජොබ් එක මොකක්ද කියලා දන්නවනේ?

මම ඔයාගේ හැමදේම දන්නවා හැමදේම දැනගෙන තමයි ආදරෙයි කිව්වේ

ඔයාගේ ගෙදර අය කවදාක්වත් මේ වගේ දේකට කැමති වෙන්නේ නැහැ අයියේ. අනිත් එක මට ඕනේ නෑ මම නිසා අයියගෙ ජීවිතය කාලකන්නි කරන්න.

අපේ ගෙදරින් ඔයා ගැන කිසිම දෙයක් දැනගන්න එකක් නෑ නංගි මම ඔයාගේ අම්මාවයි තාත්තාවයි බලාගන්නම් නංගිවත් ඉස්කෝලේ යවමු.

මට හිතාගන්න බෑ අයියේ. ඔයා මට ජීවිතයක් දෙන්න හදනවා මම එ වෙනුවෙන් ඔයාට මොනවා දෙන්නද?

මට ඕනේ අවංක ආදරයක් හොද බිරිදක් මගේ අම්මට තාත්තට සලකන හොඳ දුවක් ඒ ටික වෙන්න පුළුවන්ද?

පුළුවන් මගේ මහත්තයෝ
(අමායා දෙනුවන් ගෙ කකුල් දෙක අල්ලල වැන්ද)

මොනාද මේ කරන්න පිස්සුද මැට්ටි

පිස්සු නෙමෙයි මහත්තයෝ ඔයා වගේ කෙනෙක්ට වැන්දට පව් නෑ.
(අමාය දෙනුවන් ගේ පපුවට තුරුළ වුණා)

මම ඔයාට ගොඩක් ආදරෙයි නංගි.
(දෙනුවන් අමායව පපුවට තද කර ගත්තා)

මමත් ඔයාට ගොඩක් ආදරෙයි මගේ මහත්තයෝ....

නිමි.

ගොඩක් අය මට මේ කතාවද බනීද දන්නේ නැහැ. මොකද ගොඩක් අය හිතන්නේ මේ වගේ ජොබ් කරන්නේ නරක ගෑනු කියලා එහෙම දෙයක් නෙවෙයි හැමෝම ළඟ අපි නොදන්න ලොකු කතාවක් තියෙනවා ගොඩක් අසරණ වෙච්ච රැවටිච්ච අහිංසක කෙල්ලෝ තමයි ඇත්තටම කිව්වොත් ගොඩක් මේ වගේ දේවල් කරන්නේ සමාජ ගැන එකම විදියට බලන්නේ නැතුව වෙනස් විදිහකින් බැලුවනම් අපිට මේ අසරණ ජීවිත අසරණ නොවෙන විදිහට රැකගන්න පුළුවන් යාලුවනේ.... හැබැයි ඒ වගේ ජොබ් කරන හැමෝම අහිංසක නෑ. කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙල්ලොත් මේවා කරනවා..

වැරදි අඩුපාඩු ගොඩක් ඇති එකට මට සමාවෙන්න

මම අසින්ත සෙනෙවිරත්න


Comments System WIDGET PACK