සලඹ... | Salaba
සලඹ...
මැදියම් රැය සෙමෙන් ගලාගෙන යනවා...මුලු කුටියම අරක් ගෙන ඉන්නෙ අඳුර විතරමයි...දහවලට කියලත් වෙනසක් නෑ...
දහවලටත් අර පේන පුංචි කවුලුවෙන් ඉර එලියට මේ කුටියට ලං වෙන්නවත් බෑ...
දසතටම නිහඬතාවය විතරයි...මේ මුලු කුටියටම නොඇසෙන හැම රෑකම මට විතරක් ඇහෙන ඒ සළඹෙ හඬ කන් ඇතුලෙ දෙදරනවා...
කාලය අවුරුදු විසිඑකක් ගත වෙලත් මට දැනෙන්නෙ කල්ප කාලයක ගමනක යෙදෙනවා වගේ...ඔබ දන්නවද මගේ නම අංක 109 වග...
මගේ උප්පත්ති නම කාටත් අමතක වෙලා...මටම පවා...අනන්‍යතාවයක් නැති හිස් මිනිහෙක් මං...
හිර කුටියකට සීමා වුණු කාලකණ්ණි ජීවිතය අංකයකට පමණක් සීමා වීම විශ්මිත දෙයක් නෙමෙයි...
ආයෙත් ඇහෙන්නෙ මටම උරුම උන අර සළඹෙ හඬ...
"සංගවී මගෙ කෙල්ලේ...උඹත් තාමත් අර මං ආස සළඹ රඳවන් මාත් එක්කම ලැගලා ඉන්නවා නේද...?
ඔව් උත්තරයක් දුන්නා මට ඇය ඇගේ සළඹෙ හඬින්...
.......------.......
ඉර පායලා හතර වටින් එලිය විහිදුවනවා...ඉරට නුවරඑළියෙ හීතල පරාද කරන්න බෑ වගේ...ශරීර කූඩුව තාමත් හීතලෙන් ගැහැන්නෙ ඒකනෙ...
එකදිගටම පැය ගානක් සුක්කානම එහෙට මෙහෙට කරකවලා අත් දෙකට නම් හොඳ ගනන්...
කවුරුත් නොගැවසෙන පාලු පාරක වාහනේ අයින් කරලා නවත්තලා එලි බැස්සෙ සීතල හුලඟෙන් විඩාබර ගතට සහනයක් හොයාගෙන...
ඇතින් ඇහෙන්නෙ කිංකිණි හඬක්...මගේ ඇස් විපරම් වෙනවා...එන්න එන්න ඒ හඬ ලංවෙනවා...
මිහිබටට දේවතාවියක් වැඩලා...මං දැක්කෙ එහෙමයි...රතු පාට පාවඩය එක අතකින් දණිය ලඟටම උස්සගෙන අනිත් අතින් ඩේලියා මල් පොකුරක් අරන් දේවතාවියක් ඇත පඩිපෙළෙන් පල්ලම් බහිනවා...ඇය මට ලංවෙනකොට මං දැක්කෙ ඇගේ නිරුවත් පාද...
මෙහෙන්දි රටා වලින් සැරසුන පාද දෙකෙහිම රිදීවන් සළඹවල් දෙකක් කිංකිණි හඬින් ලෙලදෙනවා...
මට විශ්වාසයි ඇය නම් මිනිස් දුවක් නෙමෙයි...මෙවන් ලස්සනයක් කොයින්ද මිනිස් දුවකට...
ඇය ඇත්තටම මං වගේම ජීවියෙක්ද කියලා මට තහවුරු කරගන්න ඕන උනා...ඒකමයි මං ඒ දේවතාවියට කතා කලේ...
"මේ පොඩ්ඩක් ඉන්නවද...?
ඇය එවිටයි මුහුණ ඔසවලා මගේ දිහා බැලුවෙ...මේ තරම් ලස්සනක් මං ඇස් දෙකට දැකලා නෑ නේද කියලමයි මට හිතුණෙ....
"ඇයි මාත්‍තියා මල් ඕනද...?"
"නෑ නෑ එපා....."
ඇය යන්න ගියා...මිනිස් දුවක් බවට තහවුරු කරලම යන්න ගියා...
පුංචි දෙමළ කෙල්ලෙක්...ලංකාවේ දෙමළ කෙල්ලන්ගෙන් නොදැකපු අසාමාන්‍ය ලස්සනක්...
......-----......
කංකානම් රස්සාවත් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි...තේ දළු අස්සෙ හීතල දරාගෙන ගෑණු කොහොම දළු නෙලනවද මන්දා...
අදත් ඒ කිංකිණි හඬට මං හිස ඔසවලා බැලුවෙ...අර දේවතාවි තේ ගස් අස්සෙන් කිරිල්ලියක් වගේ ඉගිලගෙන එන්නෙ මං ඉන්න ඉසව්වට...
මගේ ලඟ සලඹ හඬත් එක්කම නැවතුනු ඈ හති අරින්නෙ හරියට මැරතන් එකක් දිව්වා වගේ...
"මාත්තයාද අලුත් කංකානම්...මගේ අම්මත් දළු කඩනවානෙ මෙහෙ මාත්තයා..."
ඇය හුරුපුරුදු කෙනෙක් ලඟ වගේ මගෙත් එක්ක දොඩමලු වෙන්නෙ මං මෙලෝ සිහියක් නැතුව ඒ සිරුරෙ ලස්සන විඳින කොට...
"මොකද්ද නම..."
"සංගවී මාත්තයා..."
දැන් නම් ඇය ලැජ්ජාවෙන් ඇරඹෙනවා...
"හම්ම් සංගවීගෙ වයස කීයද....?
"පාලවයි මාත්තයා..."
"තාම පහලවයිද...ඇයි ඉස්කෝලෙ යන්නෙ නැද්ද...?"
"අට වෙනකම් තමා ගියා මාත්තයා...එනක්කු අවලෝ පඩික්ක මුඩියාද මාත්තයා..."
සිංහල දෙමළෙන් ඇය කියන්නෙ ඇයට ඉගෙන ගන්න බෑ කියලා...
එපමණක් කියලා ඇය මට පිටුපස හැරිලා යන්න ගියේ මගෙ පිරිමි හිත කුලප්පු කරලා...
ඇය තියන අඩියක් අඩියක් ගානෙ පැද්දෙන නිතඹ දිහාටමයි මගෙ ඇස් යන්නෙ...
කංකානම්ගේ රාජකාරියට දැන් මාස දෙකකුත් ගත වෙලා... මේ මාස දෙකට සංගවී මාව ඒකිටම නතු කරගෙන...මතක් වෙන්නෙම ඒකිගෙ ලස්සන ඇඟමයි...
මං ලඟදි සංගවීගෙ ඇස් දිලිසෙනවා...ඒකි මට ආදරෙයි මං ඒක දන්නවා...ඒ උනාට මට නම් මේ නූගත් දෙමළ කෙල්ල ගැන ආදරයක් නෑ...මං වශීවෙලා ඉන්නෙ ඒකිගෙ ලස්සනට...ඒ රතුපැහැ උන පොපියන තොල් පෙති දැක්කම මට හිතෙන්නෙ උන් ඉල්ලන්නෙ මගෙන් හාද්දක් කියලාමයි...
අද උදේ ඉඳන් තියන මහ වැස්ස නවතින පාටක් නැති හින්දම මං වත්ත මැදින් කුඩෙත් ඉහලගෙන පියමනින්නෙ මගේ නවාතැනට...මං ඉන්නෙ මගේ නවාතැන ඉස්සරහ උනත් මං නැවතුනේ ඒ සලඹෙ හඬට...
වැස්සෙ හඬ පරදලා ඇහෙන්නෙ සංගවීගෙ සලඹෙ හඬ...ඔය හඬ ඇහෙද්දි ඒ සංගවී කියලා මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්...
සුදු දාවනි පාවඩයක් ඇදලා මහ වැස්සෙ තෙමි තෙමි එන සංගවීගේ ඇඟ අද හොඳට පේනවා...මේ පිරමි පපුවට ඉවසුම් නෑ ඒ තෙමිච්ච සිරුර දකිනකොට...
"සංගවී මොකද මේ...."
මගේ ඇස් ඒ තෙමිච්ච සිරුර පුරා දුවනවා...
"වැස්ස නේ මාත්තයා...පාර ලිස්සනවා මාත්තයා...මං ආවේ මාත්තයා කවනමා(පරිස්සමින්) ගියාද බලන්න මාත්තයා...."
"මං පරිස්සමට ආවා සංගවී...ඔයා තෙමිලනෙ සංගවී..."
"ඒක ගානක් නෙ මාත්තයා..."
ඇය අත් දෙකේ ඇගිලි එකට අතුල්ල අතුල්ල ලැජ්ජාවෙන් ඇඹරෙනවා...මට ඇහෙන්නමද මන්දා ඒකි කකුල් පොලොවේ වද්දනකොට සළඹෙන් එන හඬ මාව තවත් උන්මන්ත කරනවා....
"ඔය සළඹ මාව මරනවා වගේ සංගවී...."
"ඇයි මාත්තයා මේ ගොලුසු(පාද සලම්)වලට ඇස නැද්ද මාත්තයා..."
එහෙම කියලා සංගවී නැමුනෙ සළඹ ගලවන්න වෙන්න ඕන...ඒත් මේ කොලු හිත කොහොම ඉවසන්නද...
සංගවීව මගේ දෑතටම ඔසවලා ගත්තෙ කුලප්පු උන පපුව මට්ටු කරන්න...
ඇගෙන් අකමැත්තක් නෑ...ඒ මට තියෙන ආදරේ නිසා වෙන්න ඇති...ඒකි මගේ පපුව අස්සෙ මූණ හංගගෙන ඉන්නෙ...
මං ගේ අස්සටම සංගවීව අරගෙන ගියා...
මගේද සංගවීගෙද අවාසනාව කියලා මං දන්නෙ නෑ කොලඹින් මගෙ මිතුරො දෙන්නෙකුත් ඇවිල්ලා...මට වැඩක් නෑ මට ඕන ගිනියම් වෙච්ච හිත නිවාගන්න...
සංගවී කෑ ගැහුවා මට මතකයි...ගව් ගානක් දුරින් වගෙයි මට ඇහුනෙ...
"අනේ මාත්තයා මට යන්න දෙන්න..."
"කාපාත්තුග....වේනා මාත්තයා මට යන්න දෙන්න..."
"එන්න විඩුග...අම්මා කාපාත්තුග...වේනා එනක පෝග විඩුග..."
(මාව අතහරින්න ..අම්මා බේරගන්න..එපා මට යන්න දෙන්න)
"මාත්තයා එපා තංගම්...(රත්තරං)
"අයියෝ සාමි මුරුගා කාපාත්තු..."
(මුරුගා දෙවියනේ බේරගන්න)
ඒ කෑ ගැහිල්ල එක්කම එදා රෑ එලිවෙනකම්ම සංගවී හපයක් උනේ මට විතරක් නෙමෙයි මගේ මිතුරො දෙන්නටත්...විටින් විට කිහිප වරක්ම සංගවී අපි අතින් ගිනිබත් උනා...අන්තිමට එලිය වැටෙද්දි මගේ මිතුරො දෙන්නා ගියේ ඇති වෙනකම් සංගවීව උරා බීලා...මට නම් ඒත් නිවනක් තිබුණේ නෑ මං හොඳ සිහියට ආවේ අර සළඹෙ හඬින්...
දෙයියනේ මේ මොන අපරාධයක්ද මගේ අතින් උනේ...
සළඹ මගේ කකුලටකට එතිලා ගැලවෙන්න යනවා...
සංගවීගෙන් ඉවත් වෙලා ඒ සිරුර දිහා බලනකොට ඇගේ යටි කයෙන් ලේ ගලනවා...
ඇය විඳින වේදනාව විතරක්ම නෙමෙයි ඇය පණ අදිනවාත් මට බලාගෙන ඉන්න බැරි වුනත් හැමදේම වැටහෙනකොට ඒ හුස්ම නැවතුණා...
ඇස් අගින් කඳුලු බේරෙන ඒ පණ රහිත මුණ යොමු වෙලා තියෙන්නෙ මගේ දිහාවට...
සංගවීගෙ අජීවි සිරුර බදාගෙන මං මහ හඬින් කෑ ගැහුවත් පලක් උනේ නෑ...සියල්ල සිදුවෙලා අවසන්...මගේ වනචාරි කමට මං ඒ කෙල්ලව කෙලෙසලා ඉවරයි...
හැමදාම හිනාව පුරවගෙන සලඹත් හඬලමින් මං ලඟට දුවගෙන එන සංගවීගෙ සුදු ලස්සන අහිංසක මූණ මැවෙද්දි මෙහෙන්දි රටා මැවුන ඒ පාදයක් මං සිප ගත්තෙ ආයෙත් පාරක් පාදයෙන් ගැලවෙන්න ඔන්න මෙන්න තියන ඒ සළඹ හඬලනකොට...
එදා සමූහ දූෂණයට ලක් කරලා අමානුෂික ලෙස සංගවීව මරලා දැම්මට වසර තිස්පහක සිර දඬුවමක් උසාවිය මට නියම කලාට මටම විතරක් ආදරේ කරපු ඒ පුංචි හදවත දූෂණය කලාට දඬුවම් නියම කරේ මගේම හෘදසාක්‍ෂිය...
හැම රැකම ඇහෙන සංගවීගෙ සළඹෙ හඬ මට දැන් හුරු වෙලා...සංගවීගේ ආදරේට මේ පව්කාර මාව තාමත් දාලා යන්න බැරිවෙලා...ඒකනෙ ඒකිත් මේ මං ගාවටම වෙලා ඉන්නෙ...
එදා සංගවීගෙ පාදයෙන් ගැලවෙන්න ගිය සලඹත් අතේ තියාගෙන මං තාමත් හූල්ලනවා...
මියදෙන මොහොතෙත් සංගවීගෙ සලඹෙ හඬ අහන එක තමයි මගේ එකම පැතුම...තාමත් මේ හිර කුටිය ඇතුලෙ මගෙ හුස්ම රැඳිලා තියෙන්නෙ ඒ හඬලන සළඹ නිසයි...
.................................................................
අද සමාජයේ බහුලව දකින්න ලැබෙන අහන්න ලැබෙන දෙයක් මං මෙහි තේමාව කර ගත්තෙ...
ස්තුතියි....
