සැගවුණු රහසක් ( පළමු කොටස ) | Sagawunu Rahasak 01 Kotasa


 සැගවුණු රහසක් ( පළමු කොටස )

" ඇයි බන් සද්ද නැත්තේ "
" දෙයක් ගැන කළකිරුණම එක්කෝ මිනිස්සු කවියෝ වෙනවා..නැත්නම් නිහඩ වෙනවා "
" උඹේ මහාප්‍රාණ තේරෙන්නෑ බන් මට "
" තේරුම් ගන්න උත්සාහ කරපන් "
" ඉතින් උඹ කවියෙක් වෙයන්කෝ "
" කවියෙක් වෙන්න තරම් දේවල් උඹ මට දීලා නෑ අස්විද "
මගේ උත්තරේට උඹේ ඇස් ගැස්සිලා ගියා..වෙනදා ගිරවියෙක් වගේ උඹ ළග කච කච ගාන මගේ ළග අද වෙනකොට වචන තිබුණේ නෑ..ජීවිතේ තුන්කාලක්ම ගෙවපු උඹ එක්ක අද වෙනකොට කතා කරන්න තරම් දෙයක් මං ළග නෑ කියලා මට හිතුණා...කල්පනාව බිදුණේ අස්විදගේ ප්‍රශ්නෙට...
" උඹට ඕන යන්නද "
" සමහරවිට "
" ඉතින් පලයන්කෝ..."
එහෙම කියපු උඹ මගේ දිහා බැලුවේ නපුරු රතු පාට ඇස් දෙකකින්..වෙනදා නම් උඹ මගේ දිහා එහෙම බලද්දි මම පැනලා තුරුල්වෙලා හාද්දක් ඉල්ලගන්නවා..කාලය කොච්චර නපුරුද කියලා මට ආයෙමත් හිතුණා...
" මං ගියොත් අඩනවද අස්විද "
" පිස්සුද බන් යන ගෑණියෙක් නිසා අඩන්න "
" මගේ ඇස් දිහා බලාගෙන  කියපන් ඒක"
" මොකක්ද "
" මං ගියාට අඩන්නෑ කියලා "
" අනේ මේ බහුබූත නටන්නැතුව ඉදපන් ජානු..."
" බැරිද අස්විද "
" මගෙන් කුණුහර්ප අහගන්නෙපා උඹ..බැල්ලි "
උඹ එහෙම කියලා ළග තිබුණු පොත් ටිකත් උස්සගෙන මටත් රවාගෙනම ගියා..අවුරුදු දෙකක්ම ළගින්ම ඉදන් ආශ්‍රය කරලා හොදම යාළුවෝ වෙලා පස්සේ ආදරය කරන්න පටන් අරන් මුළු ජීවිතේම බෙදාගෙන ඉදලා එකම ආයතනයේ වැඩ කරන්න පටන් අරගෙන දවසත් එකටම පටන් අරගෙන එකටම ඉවර කරලා මම මේ වගේ දෙයක් උඹෙන් අහනකොට උඹට තරහ යන එක සාධාරණයි කියලා හිතුණත් මගේ පැත්තෙන් ඒක අසාධාරණයි කියලා මං හිතුවේ..
" වරෙන් තේ එකක් බොන්න "
අස්විද වෙනදා පුරුද්දට හවස මගේ ළගට ආවේ කෝප්පෙකුත් උස්සගෙන...
" අනේ මට මූඩ් එකක් නෑ බන් "
මම කිව්වේ බොරුවක්..අස්විද එක්ක තව මොහොතක් වුණත් ගතකරන එකෙන් මට අත්විදින්න වෙන්නේ මහා වේදනාවක් කියලා මට දැණුනා..
" ජානු...උඹ මාව මගඅරිනවා නේද ආහ් "
" අනේ නෑ අස්විද...මොකටද මම එහෙම කරන්නේ "
" කවුද දන්නේ වෙන කොල්ලෙක්වත් සෙට්ද කියලා "
" උඹට ඇස් නොපෙනුනාට..වෙන උන්ට ඇස් පේනවලු "
" ආහ් ...ඒ කියන්නේ වෙන උන් එක්කත් කතා ඇති උඹට ඒකනේ "
" විකාර කියවන්නැතුව තේ බීලා වරෙන් "
මම මවාගත්ත හිනාවකින් එහෙම කිව්වා..අස්විද එක්ක මේ රංගනය කරගෙන යන එක මට මහා අමාරු වැඩක් වුණා..ආයාසයෙන් මවාගත් හිනාවක් එක්ක ගනුදෙනු කරන එක මට හරිම නුපුරුදු දෙයක් වුණා..මගේ ළග තියන මේ රහස අස්විද එක්ක බෙදාගන්නවද නැද්ද කියලා මම සියදහස් වාරයකට වඩා හිතුවත් මගේ හිත වුණත් ඒකට පැහැදිලි උත්තරයක් දුන්නේ නෑ....
- අවසන් කොටස හැකි ඉක්මනට "

Anjana Muthukumarana

Comments System WIDGET PACK