#සැදෑ_රූමතිය .... | Sada Rumathiya
#සැදෑ_රූමතිය ....
"මැනිකෙ මේ රාස්සිගෙ අව්ව වැටෙන වෙලාවෙ අහවල් කාරියක් ද ඔය ගල් තලාව මත්තට වෙලා කරන්නෙ.
ඇහැට කනට පේන ලමිස්සියෙක් තියා මහ මිනිහෙක්වත් එලි බහින වෙලාවක් ද මේ.."
කැලේ වැදී අමාරුවෙන් අඩුක් කරගත් උසුලාගත නොහැකි තරම් දර කෝටු ගනනාවක් දෑතින් දරාගෙන ප්‍රේමාවතිය තම නිවස බලා යෑමට ගියද, සිදාදියේ සිට ලගදී වලව්වට පැමිණි "අලුත් මැණිකේ හෝ චූටි මැණිකේ" දැක ගමන නවතා දමා ඈ හට කතා කලාය.
"අයියෝ ප්‍රේමා නැන්දෙ, තාම හයටවත් නෑ නෙ. බලන්නකො හවසට මෙහෙ ලස්සන. මන් තව ටික්කින් එන්නම් අනේ නැන්දා යන්න." සුන්දර හිනාවක් පැ යුවතියගේ සිත ග්‍රාමිය සුන්දරත්වය විසින් වශී කොට ඇත.
"අනේ මැණිකෙ හෙට දිහාට එන්ට බැරියැ ඔව්වා බලාගන්න. මේ ගොම්මන් වෙලාවෙ හෙන බයානකයි නොවැ ඔහොම එලියෙ ඉන්ට. හිටින්ට මන් හාමුට කියලා හෙට එක්කන් එන්නම් මැණිකෙව මේ දිහාට. දැන් යමු මැණිකෙ වලව්වට."
ඇය පින්සෙන්ඩු වූයෙ නවයොවුන් විය නිමා කරමින් තුරුණු වියට පා තබන හිතුවක්කාර හිතැත්තිය පිලිබද පහල වූ ස්නේහ වන්ත කම නිසාමය.
"හ්ම්ම්"
පමණක් පැවසූ ඇයට මෙතරම් ලැදිව කතා කරන ප්‍රේමා නැන්දනියට පිටුපෑමට සිතක් නොවුණි. එහෙයින් ඉමහත් ලෝබයකින් සුන්දර වටපිටාවෙන් දෙනෙත් ගලවා ගත් ඈ ප්‍රේමාවතිය පසුපස ගාටන්නට විය.
"දෝණි කොහෙද දරුවො ගිහින් ගිටියෙ මෙච්චර කළුවර වැටෙනකම්. මම තව ටිකක් බලලා හේතු කොලුවව පිටත් කරන්න ගියේ. යන තැනක කියලා යන්න එපැයි." වලව්වේ ලොකු මැණිකෙ ඇය දැක දිව ආවේ කලබලයෙනි.
ඇත්තෙන්ම ඇගේ කලබලය සදාරණය. මේ ඇගේ සිදාදියේ වෙසෙන සොහොයුරාගෙ දියණියයි. ඇරත් තම පුතුගෙ අනාගත බිරිද වන තැනැත්තියයි.
"අනේ නැන්දේ නිකන් බොරුවටනෙ ඔයා කලබල උනේ. මන් ගමේ ලස්සන බල බල ඇවිදන් යද්දි කාලෙ ගැන අමතක වුනා. ඇත්තටම මේ ලස්සනට වශී වෙනවා."
ඇය නැන්දනිය සමග සුරතල් වූවා ය. වලව්වේ මාන්නක්කාර ලොකු මැණිකෙගෙ චරිතයෙන් මිදි ඇය ආදරණීය නැන්දනියගෙ චරිතය රගදක්වමින් සිටියි. එය අනාගත නැන්දම්මාගෙ චරිතය නොවීය. එය සත්‍ය වශයෙන්ම පරම්පරාවෙ එකම දියණිය වූ ඈට තම පියාගෙ නැගනිය විසින් ආදරය තිළිණ කරන ආකාරයයි.
"ප්‍රේමාවතිට කොහෙන්ද දෝණිව මුනගැහුනෙ." මෙතෙක් අදුෂ්‍ය මානව සිටි ඇය මාන්නක්කාර දෙනෙතෙහි විමසුමට ලක්විය.
"අනේ ලොකු මැණිකෙ ... මන් යනකොට අර රාස්සිගෙ ගල මුදුනෙ නොවැ චූටි මැණිකෙ හිටියෙ." ඇය බයාදු හඩින් පැවසීය.
මොහොතකට ලොකු මැණිකේගෙ ඇස් ගැස්සෙනු නිතුල්‍යා දුටුවත් එය සැබෑවක් ද හිතලූවක් ද යන්න ඇයට ගැටලුවකි.
"අහන්නකො දෝණි .. ලස්සන බලන්න ගියාට කමක් නැ. ඒත් ඔය රාස්සිගෙ ගල පැත්තෙන් එපිටට යන්න හිතන්නවත් එපා මැණික." ලොකු මැණිකෙ ආදරෙන් පැවසීය.
"හරි.. ඒත් ඇයි එපා කියන්නෙ. ඒ ගලෙන් එහා මාරම ලස්සනයිනෙ." ඔව් ඇයට හේතු අවශ්‍යය.
කිසිවක් නිහඩව පිළිගැනීම හිතුවක්කාර ඇගේ සිතේ ස්භාවය නොවන බව ලොකු මැණිකේ දැන සිටියේ ඇගේ ලදරු අවධියේ සිටමය.
"අහන්නකො දෝණි. ගලෙන් මෙපිට ගම්මානෙට අපේ ගුරුන්නාන්සෙ ආරක්ෂාවක් කරා. ප්‍රේත ආත්මවලින් සෑහෙන්න කරදර නිසා. ඉතින් ගලෙන් එපිට ඔය ආරක්ෂාව නෑනෙ දරුවො."
"ඒත් නැන්දෙ ඔය බොරු වෙන්න බැරිද.. ප්‍රේත ආත්ම
මොන විකාර කතාවක්ද ඒ"
ඇයත් බටහිර පන්නයෙ තරුණියකි.
"ඒකෙ ඇත්තක් තියනවා. ඉස්සර මෙහෙ එක යායට මිනිස්සු මැරුනලු. එක්කො සත්තු පහර දීලා. නැත්තම් මොකක් හරි ලෙඩක්. ඒත් අර ගුරුන්නාන්සෙ ආරක්ෂාව කරපු දවසෙ ඉදන් මිනිස්සු යායට මැරෙන එක නැවතුනාලු."
එය සවන් වැකෙන විට සියුම් හිරියක් ගත පුරා ගමන්කරනු නිතුල්‍යාට දැනුනි. ඇගෙ මොලයෙන් එය ප්‍රතික්ෂේප කරන්නට දගලන අයුරුත් හදවත බියෙන් ගැහෙන අයුරුත් ඇය එක විට විද ගත්තාය.
"ඒක ඇත්ත චූටි මැණිකෙ. ඔය ගුරුන්නාන්සෙ බලගතු පරම්පරාවකින් නොවැ පැවත එන්නෙ. අපෙත් නෑදෑයො වෙනවා ඔන්න." ප්‍රේම නැන්දත් පම්පෝරිය ආරම්භ කලාය.
"හරි දැන් ප්‍රේමාවතී යන්නකො. රෑත් වෙලානෙ." ඇගේ කතාවෙ දිග පලළ අත්දැකීමෙන්ම දත් ලොකු මැණිකේ පැවසීය.
"අපිත් යමු දෝණි ගෙට."
"ආ චූටි මැණිකේ..."
ඔහු ඇගෙ ඇවැස්ස මස්සිනා වූ නිරුද්‍ය විය. ඔහුගෙ පැණි කතා නගරයෙ හෝ උසස් පැලැන්තියෙ කෙල්ලන් හට පමණි. ගමේ කෙල්ලන්ට ඔහු අඩම්බරකාර නපුරෙකි.
නිතුල්‍යාට අන් කවරකටත් වඩා ඉවසිය නොහැකි ඔහුගෙ පැණි කතා ය.
"ආ නිරුද්‍ය..." එපමණක් පවසා ඇය කාමරයට පැමිණියෙ නැන්දනියවත් අමතක කරමිනි.
______________👻 ________________
ඇය සිටියෙ රාස්සිගේ ගල මතයි. සැදෑ හිරු විවිධාකාර වර්ණයන් මවමින් ගල මත රටා මවා තිබුණි. ඇතින්සිටින්නෙකුට ඇයත් හිරුගෙ සිතුවමේ කොටසක් ඇයි පැවසීමට හැකි අයුරින් ඇගේ වත එම පරිසරය සමග මනාව ගැලපුණි.
"චූටි මැණිකෙ ගලෙන් එහා ලස්සන දොල පාරක් තියනවා කැලේ මැද්දට වෙන්න. යමුද බලන්න."
නිරුද්‍ය ගල පාමුල සිට මේ #සැදෑ_රූමතිය දෙස බලමින් පැවසීය.
"ඒත් නැන්දා කිව්වෙ...."
"අම්මා කියන ඒවා කවුද අනේ ගනන් ගන්නෙ. ඔය හණමිටි කාලෙ අදහස් ඔයා වගෙ #කොළඹ_කෙල්ලෙක් පිළිගන්න එකත් විහිලුවක්." ඔහුගේ සරදමින් මෙතෙක් සැගව තිබූ කුතුහලය ඇවිසිණි.
"හරි මන් ඒවා පිලිගන්නෑ. අපි යමු" නිතුල්‍යා ගලෙන් බසින විට ඔහු ඇගෙ ඉනෙන් අල්ලා ඔසවා බිමින් තැබීය.
ඇයට එය අපහසුවක් උවත් මේවෙලාවෙ කිසිවක් කියා ඔහු තරහ කර ගත නොහැක.
ඔවුන් දෙදෙනා කැලේ මැද්දෙන් පා තබන්නට විය. ගුප්ත වුවත් එය සුන්දර වශීකෘත දසුනක් ය.
තවත් මද දුරකින් මනස්කාන්ත ඇල පහරක් පෙනෙන්නට විය.
"වාව්" ඇගේ මුව භාගෙට විවර වී ඇත.
"ඔය කට වහගන්න චූටි මැණික. අපි ඇල ගාවට යමු නෙ."
පැවසූ ඔහු ඇගේ අතින් අල්ලාගෙන ඇල පහර අසලට ආවෙ ඇය යාන්ත්‍රිකවම ඇදී යන විටය.
ඔහු එක්වරම ඇයව ඇල පහර මැද්දට තල්ලු කර දමා ඇය ලගට පැමිණියාය.
එවිට මෙතෙක් වනය විසින් සොරා ගනු ලැබූ ඇගෙ සිහිය අවදි වන්නට විය. ඇගෙ දෑස් බියෙන් විසල් විය.
එක්වරම ඇය වෙත ආ ඔහු ඇගේ දෙතොල් සපාකන්නට පටන් ගත්තේ වියෙරුවෙනි. ඇය වේදනාවෙන් ඇඹරුනත් ඔහුට එය ගානක් නොවීය.
තත්පර කිහිපයකින් ඇගේ ගෙල කරකවා කිසිදු වීරියකින් තොරවම කඩා දමා වියරුවෙන් සිනාසුනේ ඇගෙ ප්‍රාණය නිරුද්ද සිරුර ඇල පහර විසින් ගිල ගත් විටයි.
"කාලෙකින් ගොදුරක්... හහ් හහ් හහ්හ්හ්හ්හ් ...
ආයෙ අර නාකියට මාව නවත්තන්න බැ...."
___________👻 ____________
එහෙත් එක්වරම " අප්පච්චි මාව බේරගන්න" ඇය කෑගසමින් අවධි විය.
ඇය වට පිට බැලීය. ඇය සිටියෙ වලව්වේ තමන්ගේ කාමරේය.
ඇය සෙමින් එලියට පැමිණියාය.
" එන්න දෝණි කන්න. " නැන්දනියගෙ ආමන්ත්‍රණයට ඇය කෑම මේසයෙ අසුන් ගත්තාය.
"ගුඩ් මෝර්නින් චූටි මැණික." නිරුද්‍ය සිනාවක් සමග පැමිණෙන්නට විය.
ඒ සිනාව..... ඔව් එය ඔහුගෙ සාමාන්‍ය පැණි හිනාව නොවේ. එය වනයේදි වියරුවෙන් පෑ සිනාවෙ අංශු මාත්‍රයකි.
ඇය එක්වරම මේසයෙන් නැගිට කාමරයට දිව්වෙ සියල්ලන් පුදුමයෙන් බලා සිටින විටයි.
කාමරයට ගිය වහාම තම දුරකථනයෙන් නාද කරේ #අප්පච්චිගේ දුරකථන අංකයයි.
"අප්පච්චි ..... මට ගෙදර එන්න ඕනි"
_____________නිමි ________________
