පුංචි මනාලි...💔 | Punchi Manali
පුංචි මනාලි...💔
උදෑසන හිරු රැස් පොලොවට මතු වෙද්දිත් ඇද මත සිටි මගේ වේදනාවන් පහව ගියේ නැත...පසුදින රාත්‍රියේ වයසක මහල්ලෙකුගේ අතින් මා ගෑනියක්ව වේදනා විදිමින් සිටි...ඔහුගේ පෘශ්ටිමත් දේහයට යටවු තාමත් දහසට හැවිරිදි වියේ පසුවන මා කදුලු අතරින් යහන මතට වැටි තිබු හිරු රැස් මත නෙත රැදවූවා...
කරුමයක මහත..මා ඇත්තෙන්ම පවුකාරියකි...තවමත් පතිකුලය ගැන හරියාකාරව නොදැන ඉගෙන ගන්නා වියේ පසුවන මා මනාලියක වී මගේ පතිකුලය ඇරබුවේය...තාමත් නව යොවුවන වියේ පසුවන මා සංස්කෘතිය යන රකුසාගේ අනුග්‍රහයෙන් මහල්ලෙකුට දන් දුන්නේය...
වේදනා දෙන ශරීරය වැසෙන්න බිම වැටි තිබු සලුවක් ඇග දවටාගෙන මම යහනෙන් බැස්සේ ඉදිරියේදි මගේ දිවිය කටු යහනක් බව මතකේ රදවමින්...අමාරුවෙන් අඩිය තියමින් මන් නානකාමරය වෙත ගියේ තවමත් ලාමකව තිබු මගේ ශරීරයට එවැනි ස්පර්ශයන් හුරුව නොතිබීම හේතුවෙන්..නානකාමරය වෙත ගිය මන් මගේ සියලු වේදනාවන් දුක් කදුලුවලට හරවා මගේ සිරුර දිගේ ගලායන්න ඉඩදුන්නේ එයිනවත් සහනයක් ලබාගැනීම සදහායි...
නන්දනි නන්දනි...මගේ මහලු සැමියාගේ ගෝරනාඩුවෙන් මන් පියවි සිහියට පැමිනියේය...ඉක්මනට එනවා එලියට...කඩිමුඩියේ තුවාය පටලාගත් මන් දොර ඇරියේය...
මේක හොදට මතක තියාගන්නවා...තමුසේ මේ ගෙදරට ආවේ නිකන් මේවල පැලපදියම් වෙන්න නෙමේ...උබ අඩුම මට තේ එකවත් තියලා නෑ...ඊලග දවසෙනම් මට කියන්න වෙන්නේ මෙහෙම නෙමේ...තේරුනාද..දැන් පලයන් මට තේ එක හදන් ඇවිත් කන්න මොනාහරි ගෙනත් තියපන්....
කෙතරම් වේදනා දුන්නත් අමාරුවෙන් සාරියක් පටලාවාගත් මන් කුස්සියට ගියේය...ගරාවැටුනු ගෙයක් වූ මෙහි කුස්සිය මිහිපිට අපායක් මෙනි...කැරපොත්තන් මීයන් මෙය ඔවුන්ගේ රාජධානිය කරගෙනය...වේදනා දුන් කලවා පෙදෙසට අත තැබු මන් සෙමින් එය පිරිමදින්නට වූයේය...
නමුත් එක්වරම මගේ ඉන පෙදෙසට වැදුනු පා පහරක් සමග මම විසිවි ගොස් මගේ නිකට පොලොව මත වැදි තුවාල වුනත් මම අමාරුවෙන් නැගිට සිටගත්තේය...
උබ මෙතෙන්ට වෙලා මගුලක් කරනවද ගෑනියේ...ගේන්න කිව්ව තේ එක ගේනවා...ඔහු මට ගර්ජනය කර පිටව ගියේය...කොදුපේලිය දිගේ ඉහලට එමින් තිබු වේදනාව මගේ හිස මත දග කරන්න විය....දෑස්වලින් කදුලු ගලද්දි මම අමාරුවෙන් අබලන් වූ තිබු කෝප්පයකට තේ එකක් හදාගත්තේය...කොන්ද මත අත තියමින් කාමරයට ගිය මන් ඔහුට තේ එක පිලිගැන්නුවේ ඊලගට ගුටි කෑමට නියමිත බැවිනි...නමුත් පුදුමයක මහත..ඔහුට තේ එක රසවැටි ඇත..
ශා තේ එකනම් මරු කෙල්ලේ...උබට හොදට කන්න උයන්න පුලුවන් වගේ.. හ්ම්ම් උබ හැමදාම මේ විදියට මට සැලකුවොත් හොදයි...ඔහු කිව්වේ මන් දිහා තර්ජනාත්මක ලෙස බලමින්...සිනාසෙන්න අමතක වි තිබු මට ව්‍යාජ් සිනාවක් මවාගැනිමට අපහසු නොවීය...
මම නැවතත් කුස්සියට ගියේ ඔහුට කෑම සෑදීම සදහයි..මගේ පියාටත් වඩා මහලු වු ඔහු සමග මෙසේ පවුල් කන්නට සිදුවීම මගේ අභාග්‍ය මිස වෙන කවරක්ද..නමුත් කාහටවත් මෙය වෙනස් කල නොහැකියි...මෙයයි ඉන්දියානු දුප්පත් පවුල්වල ඉපදෙන කාන්තාවන්ගේ ඉරනම...ඔවුන් වැඩිවියට පත්වීමේදිම කාගේ හෝ බිල්ලක් බවට පත්වේ...බිල්ලක්?ඔව් එය බිල්ලක් ලෙස හැදින්වීම සියයට සියයක් සාධාරන වේ...
දැලි වලින් හා කැරපොත්තන්ගෙන් පිරි තිබු භාජන එකින් එක පිරිසිදු කරගත් මා හාල් ගෝනිය වෙත ගියේ හාල් මිටක් ඉවීම සදහායි...නමුත් හාල්ගෝනිය නරක් වි පනුවන් දෙතුන් දෙනෙක් ඒ මත දගලමින් සිටියේය...දැනුනු අපුලත් සමග මට ඔක්කාරයට ආ බැවින් ගෙයින් එලියට ගොස් අපුල යනකන්ම වමනි කලේය...නමුත් වෙන කිරීමට දෙයක් නොමැත...ඔහුට මේ පිලිබදව පැවසුවහොත් ඔහුගෙන් ගුටිබැට නියමිතය...සියලුම අප්පිරියා නහරයන් හා නහයේ සන්වේදන ඉන්ද්‍රියන් අක්‍රීය කල මා හාල්වල සිටි පනුවන් අයින් කර උයන්න ගත්තේය...
රාත්‍රිය උදෑවෙත්ම මාහට දැනෙන්න වූයේ අපුලසහගත හැගීමකි...කිමද යතහොත් ඒම මහලු මිනිසා සමග යහන්ගත්වීමට මට සිදුවන නිසාවෙනි...රාත්‍රියේ පිසු බත් වේල අහාරයට ගත් මන් කුස්සියේ වැඩකරමින් සිටියෙමි..
මගේ ඉනවටා ගිය මැහැල්ලාගේ දෙඅත් ස්පර්ශය මට අප්‍රසන්න විය...ඒත් මට කිසිවක් කල නොහැකියි..කාමරයට ගිය මගේ සාරිය ඔහුගේ අතින් ගැලවි යද්දි නැවතත් ඔහු හා යහන්ගත වීමට මටසිදුවිය...ඔහුගේ ස්පර්ශයන් මා ගත දැවෙටෙද්දි මට දැනුනු අපුල මෙතෙකැයි කියා විස්තර කල නොහැකියි...ඔහුගේ අවශ්‍යතා සියල්ලක්ම සපුරාගත් ඔහු මහ හයියෙන් ගොරවමින් නිදන්න වූයේය...මම යටි බඩි දෙසින් එන වේදනාව දරා ගැනීමට වකුටු වි නිදන්නට වුනාය....
පසුදින උදෑසන නැගිටගත් මා දුටුවේ මගේ දෙකකුල් වල තුබු තැලුම් පහරවල්ය...සුදු සමකට උරුමකම් කියු මන් අද ඒ පැහැයට වෛර කරමි..කිමද මා තලෙලු වූයේනම් මේවැනි දෑ ඇස නොගැටිමේ වාසනාව මට හිමිවන නිසාය...
උදෑසන තේ එක සකසා ඔහු වෙත දී මුලු ගේම අස්පස් කරන්නට විය...ගෑනියෙකු ශක්තිමත් වන්නේ බාධක පැමිනෙද්දි කියන වැකිය මා හට හොදින්ම මේ කාලයේදි අවබෝධ විය...වැඩ අවසන් වෙද්දි සියුමැලි දෑත් දුහුවිල්ලෙන් වැසි රලු පෙනුමක් ආරූඪ වී තිබුනේය...
රාත්‍රි ආහාර වේල සකසා ගත මත වූ දුවිලි තට්ටු දියවී යනතෙක් හොදින් නාගත්තෙමි...මම දුහුල් ඇදුමක් ඇදගෙන කාමරය වෙත ගියේ ඔහුට ආහාර පිලිනොගැන්නුවොත් මාහට ගුටිබැටවල රහ බලන්න සිදුවන නිසාය...මම කාමරයට යනවිටත් ඔහු කාමරේ නොසිටියේය..පුදුමයි...සාමාන්‍යයෙන් රාත්‍රියේදි ජරා ගොඩක් වෙත ඇදි යන නිලමැස්සෙකු සේ ඔහු මව සොයා එයි..මගේ සිතිවිලිවලට වැඩිදුර යා නොහැකි විය...කිහිපදෙනෙකුගේ සිනාහඩවල් සමග කාමරේට කඩා වැදුනේ මගේ මහලු සැමියාය...
ගත මත හරියාකාර ඇදුමක් නොවු හෙයින් මන් වහාම නානකාමරය වෙත අඩිය තියද්දි එතන සිටි පුරුශයෙක් මගේ අතින් අල්ලගත්තේය...
කොහෙද උබ යන්නේ...මෙහෙ වරෙන්...බීමතින් සිටි ඔහු මොරදුන්නේය...
එපා අනේ මාව අතාරින්න..අනේ මහත්තයා මාව බේරගන්න මේ මිනිස්සුන්ගෙන්...අනේ එපා..අයින් වෙනවා...අනේ එපාපාපාපා.
කෙතරම් කෑගැහුවත් පලක් වූයේ නැත..මැහැල්ලා සිටියේ බීමතින්ය...ඔහුගේ කාරනාවෙන් එදින මන් ඔහුගේ යාලුවන්ගේ අතින් සමූහ දූශනයට ලක්විය...කෙතරම් කෑගැසුවත් විලාප තැබුවත් මාහට ගැලවීමක් නොමැත..යටි බඩින් පෙදෙසින් පිහිතලයකින් හාරනාවාක් මෙන් වේදනාවක් දැනෙනට වු නිසා දෑස් නිලංකාර වි සිහිසුන් විය...
දෑස් ඇරෙද්දි තාමත් මා සිටියේ යහන මතයි...මහලු සැමියා හා ඔහුගේ මිතුරන් වැටි සිටි තැනම වැතිරි සිටි...යටි බඩින් දැනෙන වේදනාව ඉවසනු නොහැකි තැන මම උනුවතුර එකක් පාන්කඩයක පොගවා යටි බඩ පෙදෙස තවන්නට විය..දැනුනු වේදනාව කොතරම්ද කියහොත් දත්මිටි කමින් සිටි මගේ විදුරුමස්වලින් ලේ පවා ගලන්නට වුනේය...
නානකාමරයට ගොස් ඇගේ හම යනකන් අතුල්ලා නාන්න වුයේ ඊයේ සිදුවු දෙය අමතක කිරිමට ව්‍යර්ථ උත්සහයක යෙදෙමින්...ගෑනියෙකුට තවත් මොනවා වෙන්නද මීට වඩා...කෙතරම් ඇඩුවත් හීල්ලුවත් මගේ දෛවය වෙනස් කල නොහැකිය...
නන්දනි...මොනාද ගෑනියේ කරන්නේ..ඉක්මනට තේ එක ගෙනෙන්..මගේ හිතට පැමිනි ආවෙගට ඔහුගේ තේ කෝප්පයට වහ දැමීමට සිතුනේය...නමුත් එයින් වෙන්නේ තව පවු ගොඩකට කරගැසීමටයි...ඔහුගේ වැඩකටයුතු අවසාන වී කාමරේට ආව මන් හිටියේ හෙම්බත්වය...මුලු ඇගම පන නැති වී සේයි..කදුලු අතරින් රතු පැහැ ගැන්වි තිබු ඇද රෙදි අතට ගත් මන් අමාරුවෙන් නානකාමරයට ගොස් සෝදා දැමුවේය.. ඇද රෙදි මත නවාතැන් ගෙන තිබු රුධිරය සේදුම් කුඩු මගින් එලාවා දැමුවේය...
මෙසෙ කාලය ගත උනේ මගේ ජිවිතේ අපායක්ම කරමින්..සෑමදිනම මහලු සැමියා සමග නිදිවැදීමට සිදු වු නිසාවෙන් මා තුල වූ හැගීම් මා කෙරෙන් ඉවත් විය...මම එක් දිනක යහන මත සිටියදි ඔහු පැමිනියේ හොදටම බීමතින්ය....
නන්දනි මගේ කෙල්ල...කෝ..කෝ එන්නකෝ මගේ ලගට...
දැන්නම් මට මැහැල්ලාගේ දර්ශනයත් පුදුම සහගත් ලෙස අප්‍රසන්න වුයාය...මා යහන මතම සිටියේ කිසිවක් නෑසුනු ගානටයි...ඔහු යහන මතට පැමින මාව සිපගන්නට ගත්තත් මා සිටියේ ගල්පිලිමයක් සේයි...පෙරදිනයන් සේම මගේ ගතින් ඇදුම් ගිලිහෙද්දි ඔහුගේ වියලුනු දෙතොල් මගේ සිරුර පුරා දිවගියේය...නමුත් අද ඔහුගේ හැසිරිම වෙනදාට වඩා වෙනස් විය..ඔහු සිටියේ වෙහෙසකාරි ස්වභාවයකිනි..ටික වෙලාවක් මගේ ගත මත නලියමින් හිටි ඔහු දමනය වූ යකෙකු මෙන් යහන මත වැතුරුනේය...
--------------------------------------------------------------------
පුරුදු පරිදි උදෑසන නැගිට කුස්සියට ගොස් තේ එක සාදා මම කාමරයට ගියේය...වෙනදා මෙන් නොව ඔහු තවමත් යහන මත උඩුබැලි අතට වැතිරි සිටි...වෙනදානම් මේ වනවිට ඔහු කෑගසමින් සිටින්නේ තේ එක රැගෙන එන තෙක්ය...මේ නාකියා මැරිලවත්ද?අනේ දෙවියනේ ඔබ එතරම් මට කාරුනික උනාද?
උදෑසන ආහාරයද සකසා කාමරයට යද්දිත් ඔහු එලෙසම වැතිරි සිටියේය...මෙවරනම් මන් ඔහු වෙත ගොස් විපරම් කලේ හිතේ සැනසීමක දල්ලක් පීදෙද්දියි...මා සිතුවා නිවැරදි..ඔහු මිය ගොසින්...මගේ හිත සතුටින් පිරි ගියේය..මට නැවතත් මේ අපායෙන් මිදි මාපියන් වෙත යා හැකියි...මගේ සහෝදරියන් හා එක්ව සිටිය හැකියි...
ප්‍රථම වතාවට නිවසින් පිටතට ගොස් අහල පහල මිනිසුන්ට කතාකොට සිදු වු දේ පැවසුවාය...නමුත් මා මෙන් නොව ඔවුන්ගේ මූනේ ඇදුනේ බරපතල පෙනුමක්...ඔවුන් බොහො දෙනා නොතේරෙන බස්වලින් රහස් කතා කරයි...මා දෙස අනුකම්පාවෙන් බලයි..
කිසිම දේක අරුත නොතේරුන මන් මහල්ලාගේ මරනයත් එක්ක ප්‍රබෝධමත් ලෙස සිටියේය...මා පිරිසිදු කෙලිලොල් ගෑනියෙක් නොවුනත් මේ අපායෙන් ගැලවීමට හැකිවීම මාහට සැනසීමකි....
ඔහුගේ භුමිදාන කටයුතු සිදුකරන දිනයේ අහල පහල සිටි ගැහැනුන් කීපදෙනෙක් මාව කහ කස්තුරි සුදු මල් දැමු වතුරින් සෝදා පිරිසිදු කර මා මගුල් දිනයේදි හැදි ඇදුම අන්දන්න විය...මා හට මෙය ගැටලුවකි...මෙසේ සිදුවනුයේ ඇයි..මා මේ විදියට සරසන්නේ ඇයි...මා සිතේ අනියත බියක් දලුලල්න්නට වුයේය...
මා දෙස බලමින් වැඩහිටි කාන්තාවන් හූල්ලනු දුටුව හෙයින් මම හෙමින් සැරේ කාන්තාවක් සමග කතා කරමින් සිදුවෙන දේ දැනගන්න උතසහ කලද නොහැකි විය...ඒත් අහම්බෙන් මෙන් මගේ සවන වැකුනු දේ නිසා මුලු ඇහම සීතල විය...
දෙවියනේ ...එතකොට මන්...පොඩි ගිනිදැල්ලකටත් පිච්චෙන විය මොරදෙන මා වැනි සියුමැලි තරුනියක් කෙසේ ගිනිගොඩකට පනින්න්ද...දෙවියනේ...මගේ හදවත යකාගේ කම්මල මෙනි...මෙසේ වීමට නොහැකියි..පන පිටින් පිච්චි මියයෑමට මට නොහැකියි...මා මගේ දෛවය වෙනස් කල යුතුයි...හිතට ධෛර්ය ගත් මා සැවොටම හොර රහසේ එදින එතනින් පලා ආවේ මගේ ජිවිතයේ නව පිටුවකට අඩිතාලම තබමින්....
--------------------------------------------------------------------
ගෙවුනු අවුරුදු ගාන තුලදි මම අනේක කරදර වලට මුහුන දුන්නේය...නමුත් ඒ කිසිම අවස්ථාවක මා නොසැලි සිටියේය...ජිවිතය අතඇරියේ නැත....
මහා අත්පොලොසන් හඩින් මන් ගැස්සි ගියේය...මිස් නන්දනි ...අපි ඔබට වේදිකාවට පැමිනෙන්න ආරාදනා කරනවා...සැවෝමගෙම අත්පොලොසන් මැද මන් මේ වේදිකාවට යන්නේ එදා මන් පලාආ ගමනේදි මට ලැබුනු අත්දැකීම්ය...මා එතනින් පලාවිත් විවිද හැලහැප්පිම් මත ඉන්දියානු කාන්තාවන්ගේ අයිතීන් ගැන ලොවට හඩගා පැවසුවේය...අද මගේ උත්සහය නිසාම එම සංස්කෘතියේ තිබු බාලවයස්කාර විවහ බොහොලෙස අඩු වි තිබුනි...මා ඒකල සේවයට අද මට ජ්‍යාත්තන්තර වේදිකාවේ සම්මානයක් පිරිනමන්නට විය...
වේදිකාවට ගිය මන් ලයිට් එලියෙන් නොපැහැදිලි ප්‍රේක්ෂකාගරය දෙස බලා සුසුමක් හෙලුවේය...
''මන් මෙතෙන්ට ඇවිත් ලොකු දෙයක් කියන්නේ නැ..මට කියන්න තියෙන එකම දේ කාන්තාවන්ට සුදුසු තැන ලබා දෙන්න කියලා...''
--------------------------------නිමි------------------------
තවත් කතාවකින් හම්බෙමු ඒනම්...❤️❤️
