#පිස්සු_හෝන්තුව | Pissu Honthuwa
#පිස්සු_හෝන්තුව
………………………
"අඩො සකුනි අක්කො බෝල අතක් ගහන්න වරෝ"
ජනෙලෙ ලගට ඇවිල්ලා බෙරිහන් දුන්නෙ සුපුරුදු පරිදි ගමෙ සිගිති පාතලෙ ...සරලව කිවොත් මගෙ බජාර් එක...
"ඕම ඉන්ඩෝ මේ එනෝ"
ගේ ඇතුලෙ ඉදන්ම බෙරිහන් දිගෙන දුවද්දි මගෙ මග හරස් කලෙ අම්මා
"පිස්සුද දෝනි කී දවසක් කිවද දැන් වයස 22කුත් උනා තාම ගමෙ අර 5හෙ 6යෙ පන්තියෙ කොල්ලො එක්ක නටවන්න ..අනෙ ඇත්තමයි දයා ඔයාටවත් පෙන්නෙ නැද්ද (තාත්තටත් බෝලෙ පාස් කරමින් අම්මා බෙරිහන් දෙන්න ගත්තා)
"අනේ අනේ මේ අම්මල දුවලගෙ වලි වලට මන් නැ "
(තාත්තා එසෙ පැවසුවෙ ඇහක් ගහන ගමන්මයි)
...............................
පන කඩාගෙන දිව්වෙ වැලි පාරට ..වැලි පාරෙ බෝල ගහන මගෙ බජාර් එක පැත්තට දුවලා ගිහින් ගත්තෙ බැට් එක ..
"ඒයි බට්ටා දාහන් බොලෙ "
බට්ටා බොලෙ දන්න කලින් වීරයා වගෙ දුවන් ඇවිත් මගෙ ඔලුවටත් උඩින් අතැරියා බොලෙ ..
😅😅😅😅😅
"අනෙ අම්මො බන් හදට බට්ටො බෝල දාන්නෙ "
"අනෙ හිටහන් අක්කෙ උබට ගහගන්න බැ"
"ඒයි හැලයො බොලෙ දාහන් බොල"
හැලයා ආවා අදිවෙගී දුම්රිය වගෙ ..බොලෙ දැම්මා නිකන් මාලිංග වගෙ අත කරකෝලා..මාත් අතැරියෙ නැ ..දුන්නා සොට් එක ....
කොනක ඉදන් නිවෙදනය කරන සූකිරි බෙරිහන් දෙන්න ගත්තා...
"ඔව් මේ අවස්තාවෙ බොලය ඇදි යනවා ඔව් යනවා ඔව් යනවා අම්මට සිරි වැදුනා නෙද සොට් එක "
කිරිඅප්පට බල්ලාකාපි කිව්වා කාගෙ හරි පස්ස රත් වෙන්න සොට් එක වැදුනා ..හින් ඇහැ දාලා බැලුවා ..කලිසම් කකුලක්...
"අදනම් උබ ඉවරයි සකුනියෝ" මම මටම කියාගත්තා
මොනා කරන්නද මන් බිම් බලාගෙනම හිටියා
"ඒයි පිස්සු හෝන්තුව ඇස් කටේ දාගෙනද ඉන්නෙ"
"නැ බඩෙ "(ඔහුට නැසෙන්න මෙන් මම කෙදිරුවා...
ඔහෙ හිතන් ඉන්නෙ පොඩි උන්ගෙ බෝල වලට උඩ යන්න ගැහුවාම හෙන වැඩ්ඩා කියලද....
"ඈ අහ් දානවා බලන්න බෝලයක් පෙන්නන්න මන් කවුද කියලා"
සුපුරුදු පරිදි ස්තාන ගත උනා ...
"මූ දමලා ඇරියා නේද මූනට බොලෙ මගෙ හොම්බ කට පොඩි වෙලා යන්න"
දැන්නම් ඉතින් මන් දුම්මල වරම අතට ගන්නවා
"ඒයි ගස් නරියා හරියට බෝලයක් දාන්න දන්නෙ මහ ලොකු කතාව ක්‍රිකට් චැම්පියන් වගෙ ..දන්න අටමගලයක් නැ "
ගස්සමින් මම නිවසට ආවෙ නහය බෝල පාරෙන් අම්බානට කැක්කුම නිසා..
"හූ හූ.....හු.... පිස්සු හෝන්තුව රිදුනද මයෙ මැනික"
මම යන්නට හැරුනු විට ඔහු බෙරිහන් දෙන්නට විය..
..................................
ගෙදර ගියා විතරයි ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගෙ තමා මුනට කරන් තියන දේට අම්මා කන පිරෙන්න පැය ගානක් කියවන්න උනා...
එහා ගෙදරට අලුතෙන් කවුදෝ ආවා කිවත් මුනෙ නහය උඩම ප්ලාස්ටරයක් අලවන් බෙල්ල දාන්නවත් මට විදිහක් තිබ්බෙ නැ.....ඒ අස්සෙ අම්මා බෙරිහන් දෙනවා...
"දෝනි පහලට එන්නකො "
"ඇයි අම්මා ඉන්න එනවා"
කට්ටියක් සාලෙ මැදන් ඉදන් ඉන්නවා දැක්කම උඩ ගියෙ මට හොරෙන් අම්මා කසාදයක් හොයලද කියලා...
"දෝනි මේ ඉස්සරහා ගෙදරට අලුතෙන් ආව අය ඇවිල්ලා අදුර ගන්නකො "
අම්මට සිරි ඉස්සරහා බැලුවා විතරයි උඩ ගියා..මගෙ මුනට බෝලෙ දමලා ඇරියා ගල් ආදාද එතකොට ඉස්සරහා ගෙදර ඉන්නෙ ...
ඇත්තමයි ඔය මොඩයගෙ අම්මයි තාත්තයි ඔතන නොහොටින්න මන් කරන දෙ මන් දන්නෙත් නැ...
මොනා උනත් මන් දැකලා බිබි හිටපු තේ එකනම් ඔක්කොම බෝස් ගාලා කොල්ලා සාලෙ මැද්දෙ අතැරියා....
"දෝනි මේ පුතාලු අලුතෙ ඉස්කොලෙ ක්‍රිකට් කොච් නම ක්ශිතිජ"
"ඇ......මගෙ කට අරින්න පුලුවන් උපරිම ඇරුන කිවත් වැරදි නැ"
ඒ හිපාටුවා උගුර පෑදුවෙ නිකන් මට කින්ඩියට වගේ...
ඒ වෙලෙ තමා තිත්තයගෙ වාරෙ ආවෙ ..කොල්ලගෙ අම්මා කට ඇරියේ..
"මොකො කෙල්ල නහයට උනෙ"
අවස්තාවෙන් උපරිම ප්‍රයොජන ගන්න හිතුව මම හින් සිරුවෙ පොරගෙ මූන බැලුවා...ඇස් දෙක උඩ ගිහින් 😅😅😅😅 බය වෙලා.........
"හරියට බෝලයක් දන්න දන්නෙ නැති මෝඩයෙක් බොලෙ දැම්මා නැන්දෙ"
..................................
කතාව කොමින් කෝමින් හරි ඉවර උනා ..
ඉලග දවසෙ උදෙ .තෙ එක බොන්න මම ගියෙ බැල්කනි එකට...
"ස්ස්ස්.... ස්ස්ස්...."
"අහ් මෙ හිපාටුවනේ මන් බැලුවා කවුද මේ සර්පයා ස්ස්ස් ගාන කියලා"
එහා ගෙදර ඉදන් කතා කරපු අර දුශ්ටයට මන් ගේමෙන්ම උත්තර දුන්නා............
"මාව සර්පයෙක් වගෙද පෙන්නෙ පිස්සියෙ"
"ඕඕඕ නලලෙ "ප" යන්න විටරයි අඩු"
"අනෙ යනවා යන්න ..නහය සිදෙනවද මැනිකේ"
කින්ඩියට අහපු ඒ කතාවට එයාව අලු වෙලා සුනු වෙලා යන්න මන් රැව්වා..
"අම්මො ඒ බැල්මනම් පිස්සු හැදුනා කෙල්ලෙ මාර ලස්සනයි"
(ඒ කීව වචනෙටනම් මගෙ මූන රතු වුනෙ මටත් නොදැනි ..කට කොනින් හිනාවක් දාලා මන් කාමරෙට දුවන් ගියේ)
…………………………………
"ඈ සකුනියො මොකො මේ මුන රෝස පාට වෙලා..මහ පැනි පාටක් ..අම්මො දැන්වත් ඇති ගැනු හැගිම් උබට පහල උනානම් "
මම කාමරයට දිව යන විට කාමරෙ මුර කරන් උන් දේවිකා පැවසීය..
"අනෙ පලයන් බන් යන්න...මෙහ් යමන් අඹ කඩන්න"
මම දෙවිකාගෙ කතාව වෙනස් කරන්නට වූයෙ සැබැවින්ම මට ලැජ්ජා හිතුන නිසාවෙන්..
"අඩෙ සකුනි මේකටනම් නැගලා කඩන්න පුලුවන් බන් එච්චර උස නැනෙ"
"අනෙ පල පල උබ ටිකිරි ලියා වගේ ඉදන් නගි ගස්..හිටහන් මන් නගින්න"
වැඩ්ඩා වගෙ ගහට නැගලා අඹ කඩන්න ගත්තා විතරයි ගහ උඩ දලබුවෝ ගුහවයි ..දඩ බඩ ගාලා බහින්න ගිහින් කකුල ලිස්සලා,වෙලාවට අත්තක එල්ලුනා..අරකි මාව අල්ලගන්න තරම් උසත් නෑ..
ඒ අස්සෙ තමා අර හිපාටුවා කෑ ගැහුවේ
"ඒයි වැදිරි මොකො ගහෙ එල්ලිලා".
"රිටක් වගේ ඉන්නෙ මාව පහලට ගන්නවකො ඕයි"
"නැග්ග විදිහටම බහින එකයි ඇත්තෙ කටනම් "
"අයියෝ මොකක්ද ඕයි කොන්ද කැඩෙයි ගන්නවකො"
"බැස්සාම උම්මා එකක් දෙනවනම් ගන්නවා මොකො කියන්නෙ🤗🤗🤗🤗"
" එකට සීයක් දෙන්නම් ගන්නවකෝ"
..........................
ඔන්න මාව ගන්න දැන් ට්‍රයි එක
"ඒයි බූරුවො කලිසමෙන් අදින්නෙ පිස්සුද ඕක ගැලවෙයි"
"ඉතින් ශෝක්නෙ🤐"
"ඈ මොකක් කිවා"
ඔන්න කෝම හරි පහලට ආවා...
"තැන්කූ ඈ මන් යන්නම් "
"ඒයි මගෙ උම්මා එක"
"ඈ "
"මොකො ඔයා පොරොන්දු උනා"
ඔහොම ඉන්නවකො එහෙනම් කියලා මම මුන බදාගෙන උම්මා එකක් දුන්නා..
මම යනකන් පොර කම්මුල අල්ලන් ගල් වෙලා,හිටියෙ🤗🤗🤗🤐..
පොර දන්නෙ දෑනෙ මන් එයාව,ඇල්ලුවෙ දලබුවා ගැවුන අතින් කියලා ..කසද්දි තෙරෙයි මගෙ හිතෙ...😅😅😅..
ඉලග දවසෙ උදේම මම එබුනෙ එහා වත්තට ..ඩෑල් එකගෙ මූන බලන්න කසලා...😅😅...ඒත් පොර හිටියෙ නෑ...දවසම නෑ ...මහ පාලුවක් වගේම දුකක් දැනුනා..
කෝකටත් එහා ගෙදරට ගිහින් බෙල්ල දානවා...
"නැන්දෝ නැන්දෝ"
"අහ් දුවෙ එන්න ඇතුලට "
මන් ඇස් කරෝකලා ගේ ඇතුලෙ එයාව හෙව්වත් හිටියෙ නැ...
"ම්ම්ම්ම් මොකො කරන්නෙ නැන්දෙ"
"මන් මේ උයනවා පුතේ හොස්පිටල් එකට අරන් යන්න එපැයි"
"ඒ මොකො මාමට අසනීප උනාද".
"නැ පුතාගෙ ඉයෙ දලබුවෙක් ගෑවිලා..එයාට දලබුවො විසයි ..පුන්චි කාලෙ ඉදන් දැක්කත් ඇති"
"අනෙ නැන්දේ මාත් එන්නද යන්න "
මට කියාගන්න බැරි දුකක් දැනුනා..මම ඉක්මනින් ඇදගෙන සුප් එකක් හදන් ගියෙ එයාව බලන්න..
ඇදෙ නිදා ගන ඉන්නවා දැක්කාම මගෙ ඇස් වලට කදුලු ඉනුවෙ ඉබේමයි ..
"පුතෙ ඔයා කතා කරන්නකො පුතා එක්ක මන් ඩොක්ටර් හම්බෙලා එන්නම් "
…………………………………
"අනෙ සොරි අයියෙ"
"මොකො මැට්ටි මෙ ඇස් වල කදුලු"
"මමනෙ වැරදි මන් සුප් එකක් ගෙනාවා බොන්න අයියෙ"
"ඔය අතින්ම පොවන්නකො මැනික"
ඒ වචන හරි ආදරනීයයි ..මගෙ හිත මොහොතකට නතර කලා..
"ම්ම්ම්ම් රසයි සුදූ ඔයාද හැදුවෙ ..මෙහෙම පොවනවනම් හැමදාම ලෙඩ වෙනවා"
"පව් කතා කියන්න එපා අයියෙ"
"මගෙ වස්තුව කියන්න දෙයක් තියනවා "
"මොකක්ද අයියෙ"
"මන් ආදරෙයි මෙච්චරයි කියන්න බැරි තරම් ..දැක්ක දවසෙ ඉදන් තිබ්බ පිස්සුවට හරි ආදරෙයි මන් මැනික .."..
එයා මගෙ අතින් අල්ලන් ඒම කියද්දි හිනාවකින් මම බිම් බලාගත්තෙ හිතෙ ඉපදෙමින් තිබු ප්‍රේමයට ඉඩ දීලා.....
…………………………………
ඔන්න දවස් දෙකකින් එයා හොද වෙලා ගෙදර ආවා...දැන් ඉතින් ලව් තමා😅😅😅ඒත් පිස්සුම තමා
ඔන්න දවස් ටිකෙන් ටික ගිහින් වෙඩින් එකත් ලගයි අපෙ
"ඒයි මේ".
"මොකො මැන්ටලේ"
"මට බෑ සාරි පටලන් ඉන්න ඩෙනිමක් අදිමු"
"මොකක් කිවා"
හී හී හී.......මන් දත් තිස් දෙකම පෙන්නලා හිනා උනා ...
………………………………
කාසාදෙ දවස තමා තිත්තම ..සාරිය එහෙන් පැටලෙනවා මෙහෙන් පැටලෙනවා අයියෝ එක විකාරයි ..සැක් මේකනම් මල කරුමයි ..පාන්දර දෙකෙ ඉදන් තට්ටුවක් මූනට දාලා මුනෙ මොකක් හරි එල්ලන් ඉන්නවා වගෙ සැක් කන්නත් නැ...
තේ ටයිම් එක එනකන් හිටියෙ කන්න බලන් ..බෙදාගත්ත දඩ බඩ ගාලා පිගාන පිරෙන්න කිරිබත් ..අරයත් මන් දිහා අමුතු බැලමක් දලා ඇන්නා මට පාරක්
"ඒයි මොඩි ටිකක් කනවා මිනිස්සු ඉන්නවා.."
කැමරා කාරයො බලගෙන කටෙ පුරවන් හිටපු කිරිබත් එක්කම මන් හිනා උනා ...උන් මූනට මූන බලනවා...කොල්ලා මොනා කරන්නද ඔලුවෙ අත ගහ ගත්තා😅😅😅
.............................ඒකත් අහවයි දැන් හනිමූන් එක..එක ගැන මොකටද ආ ඔයාලට සැක් ලැජ්ජා නැති හැටි..ඒකත් පිස්සුවෙන්ම ගෙවුනා😅😅😅..
අපි හැමදාම පිස්සුවෙන් ජොලියෙන් උන්නා
ඉවරයිලු ඈ
පාරමි කවී