නිහඩවිම | Nihadavima


"තමුසේ මේ කසාදේ නවත්තනවා මන් පොඩ්ඩක්වත් කැමති නෑ මේ මගුලට. එහෙම නැත්තම් මන් අද ගෙදර එන් නෑ මේ හැමදේම තමුසෙ නිසයි ශික්"🤬🤬
කිව්ව දේට මට හීන් දාඩිය දැම්මේ කරකියාගන්න දෙයක් නැති කමට. මන් අසරණ උන තරමක් දන්නේ මගේ හිත විතරයි. කොහොමද එහෙම කරන්නේ මගෙ මැණික. හිතේ වේදනාව කදුලු කරන්න ඕන උනත් පිරිමි අපිට ඒක උරුම නෑ.ඒ නිසා වේදනාව ඉහටත් උඩින් දරාගෙන දිග සුසුමකින් දුක පිට කලේ අසරණ කමට..
අහ් මම තමයි ගගන ප්‍රනාන්දු. ගම්පහ තමයි අපේ ගම.වයස 28ක් වෙන මට මගේ ශක්තිය උනේ මල්ලි. අවුරුදු 22 ක මල්ලි නිසා මන් ගොඩක් හැගීම් විරහිතවම අත ඇරියේ ඌ ඉස්සරහ. වරායේ ජොබ් එක කරන මටවත් පවුලටවත් ලොකු මුදල් අපහසුවක් තිබුනෙ නම්නෑ.ඒ වගේමයි පවුලේ ආදරේ. අම්මගෙයි තාත්තගෙයි පණ කෙන්ද උනේ අපි දෙන්නා. ආදරේ කියන වචනේ හදවතට තට්ටු කලේ පාසල් කාලෙදි උනත් ඒ වගේ බොළද ප්‍රේම කතා දීර්ඝ වෙන් නෑලුනේ. ඉතින් මගේ පෙම් කවටත් ඒක තමයි උනේ. ආදරේ කටු සටහන් අතර මතක විසි කර කර හිටියා. 
කොහොම නමුත් මේ වයසට තනියම ඉන්නත් බෑනෙ මගේ බොක්කට කියලා කෑල්ලක් ටෝක් කරලා ඉල්ලුවා. මූත් ඉතින් මොකද පුදපි ගමන් කාපි කියලා පිදුවා පිදිල්ලක් හෙල්ලිලා යන්න. කොහොම හරි මගේ බොක්ක අසේල උගේ යාලුවෙක් තමයි කෙල්ල. කොහොම හරි එයාව මට හදුන්වලා දුන්නා. මගේ ජීවිතේට එයා ආවේ සතුටක් අරන්ද කියලනම් මටකියන්න තේරෙන් නෑ. එයා ශෙහානි පාරින්ද්‍යා. දැකපු දවසෙම හිත ගියා ඉතින් එයා උනත් ලොකු කමක් පෙන්නුවෙ නෑ. ගෙවල් වලින් නම් නිකමටවත් කැමති උනේ නෑ. ඒ ඇයි කියනවන්ම් එයත් අපේ ගමේමයි. එතකොට ශෙහානි මන් වෙනුවෙන් අපේ පුන්චිලාට පවා කතා කරලා තිබුනා අම්මලගෙ කැමැත්ත ගන්න. අපේ ආදර කතාව ලොකු ලොකු රස තැන් නම් ඉස්මතු කරන් නෑ. ඒත් ආදරේ කියන හැගීම තිබුනා . කොහොම හරි ගෙවල් වල අකමැත්ත එක්ක මන් ශෙහානිට ලන් උනේ පුදුම විදිහට. අනිතිමේදි හැමදේම නවත්තන් නෑ කියල දැනගෙන ගෙදරින් උනත් කැමැත්ත හම්බුනා. ඔව් මන ජය ගත්තා. හදහන් උනත් අපේ ගැලපුනා. හදහන ගැලපුනාට අපේ ජීවිත....
ශෙහානි කියන්නේ අපේ ගෙදරට ලේලියෙක් විතරක් නෙමෙයි දුවෙක් කියන බැදීමත් එයාගේ හිතේ කොනක තිබුනා කියලා එයාගේ සමහර වැඩ වලින් මට තේරුනා. අම්මට උනක්,  හෙම්බිරිස්සාවක් හැදුනත් මට වඩා එයා කලබල උනා...
🧒අහන්නකෝ ශෙහා අද අම්මර ටිකක් අසනීපයි උන  වගේ.. ගෙදරත් එක්කම පාලුයි
👩අනේ අයියේ බලන් ඉන්නේ යන්න ගිහින් බෙහෙත් ටිකක් ගන්න.  මොකක්ද දන් නෑනේ
🧒අයියෝ මැට්ටියේ කලබල වෙන් එපා කොත්තමල්ලි එකක් බිව්වම හරියයි..
👩අනේ ඒත් ...
ඔන්න ඔහොමයි මගේ ශෙහා මගේ පවුලට ආදරේ කලේ. ඉතින් මන් ගෙවල් වල අකමැත්තෙන් උනත් හරි ආදරේ නෙමෙයිද හොයන් තියෙන්නේ....මටම සතුටුයි ඉතින් ....
කොහොම හරි අපි දෙන්නට ඉක්මන්ටම මේ හැමදේම ලෑස්ති කරගන්න ඕන උනා. ඒ නිසාම ශෙහාගෙයි මගෙයි කැමැත්ත එක්කම ගෙවල් වලට කියලා අපේ කසාදේ තීන්දු කරගන්න කතා උනා. ඒ විදිහටම අපි දෙපැත්තෙම ආශිර්වාදය මැද්දේ කසාදේ තීන්දු කරා. හිතේ පිරුණ සතුට වචන කරන්න බැරි තරම් මගේ පවුලට පස්සේ ජීවිතේට ආපු ගැහැණු පරානෙට අද මම පණ ඇරලා. ජීවිතේ සතුටින් ගෙවනවා
ඒත් ඒ සතුට වැඩි කල් තියෙන්නෙ නෑ ඒකට හේතුව තමයි ශෙහාගේ ඉක්මන් වෙනස් වීම. මොකක් උනාද කියලා මටත් හිතාගන්න බෑ. මුලින් අම්මට මගේ මල්ලිට තිබ්බ සැලකිල්ල දැන් නෑ. අම්මා කෝල් ගත්තත් ආන්ස්වර් කරන් නෑ. වැඩි කතා බහක් නෑ. කතා කලත් ඕනවට එපාවට. ඒක ගැන නම් අම්මා ඕනිවටත් වඩා හිතුවා. මොකද ශෙහා කියන්නේ පවුලේ ලොකු ලේලි... ඒ හැම අවස්ථාවකම මල්ලි තමයි මන් වෙනුවෙන් අම්මලා එක්ක කතා කලා. අම්මගේ කාමරේ ලගින් යද්දි දවසක්..
👵පුතේ මට තේරෙන් නෑ පුතේ අයියා දුක් විදියිද ...
🧒නෑ අම්මා අයියයි අක්කයි සතුටින් ඉන්නේ
👵ඒත් පුතේ මට එහෙම දෙයක් පේන් නෑ. අපිව උනත් ගනන් ගන්නෑ වගේ වැඩ කරන දරුවා අයියව කොහොම බලා ගනීද
🧒නෑ අම්මා එහෙම වෙන් නෑ. මොනා උනත් ඒ අපේ ගෙදර ලොකු  ලේලිනේ  අපි ඉවසලා වැඩ කරමු...
මට ලොකු ආත්ම ශක්තියක් ආවේ මල්ලි නිසා. ඒ වචන පපු කුහර ඇතුලේ දෝංකාර දෙද්දි සහෝදරයෙක් විදිහට හිත ගැස්සිලා යනවා. කොහොම නමුත් ශෙහාගේ වෙනස්වීම ලොකු ප්‍රශ්නයක්දෝ කියලත් මට දැනුනා. මන් වරායේ වැඩ කරලා ගෙදර එන හැම දවසකම එයාව එක්කන් එන්න ඔෆිස් එක ලගට යන්නේ අපිට හම්බෙන්න තියෙන කාලේ උනත් අඩු නිසා. කලින් නම් එයා කැමැත්තෙන් ආවා. ළගදි ඉදන්...
👩මමනම් කැමති නෑ හලෝ ඔයා එනවටවත්.
🧒ඒ ඇයි ශෙහා එකපාරටම මොකද මේ
👩එකපාර උනත් දෙපාර උනත් මෙහෙම තමයි 
මේ කසාදේ වෙනවනම් වෙන්නේ දෙමාපියන්ගේ උවමනාවට.
🧒මොකක්ද ශෙහා ඒ කතාව අහ් ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ 
👩නෑ නෑ මුකුත් වෙලා නෑ යමු යන්න.
ගෙදර ආවා ශෙහාවත් ගෙදරට දාලා. ඒත් මතක් වෙන්නෙම එයාගේ වචන. මුලින් ආදරෙන් ඉදලා එකපාරටම එයා මෙහෙම උනේ ඇයි.  මට ආරංචි ආවත් එයා ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක ගොඩක් ලගින් ආශ්‍රය කරනවා කියලා මන් ගනන් ගත්තෙ නැත්තෙ ශෙහා මගේ විශ්වාසේ රකී කියලා දන්න නිසා.එක දවසක් ඒ කොල්ලගේ මැසේජ් එකක් ආවම ශෙහා කලබල උනේ වැරැද්දක් කරනවා වගේ. එතනත් මන් ඉවසුවා.
ඔහොම කාලේ ගෙවුනා. අපි අනුරාධපුර ට්‍රිප් එකක් යන්න දාගත්තෙ හැමදේම අමතක කරලා. කොහොමහරි යන දවස ආවා. සතුටින් ගමනට පිටත් උනා. ඒත් ට්‍රිප් එකේදිත් උනේ නොසිතුව දෙයක්. ඒ ශෙහාගේ යාලුවෙක් අහපු දේට...
🙎ඒ බන් ශෙහානියෝ යමන්කෝ මොන හරි කඩචෝරු ටිකක් ගන්න
👩හික්ස් යමන් යමන් එහෙනම් 
🙎ඇයි යකෝ තෝ ගන් නැද්ද
👩හිටහන් බන් අරයගෙන් සල්ලි ඉල්ලන් එන්නම්
🙎😯ඇයි උබ සල්ලි ගෙනාවේ නැද්ද
👩නෑ බන් අයියා සල්ලි ගෙනාවනෙ මන් මොකටද ගේන්නේ
🙎ඒ උනාට බන් බදින්න කලින් ඒම
👩ඒක අවුලක් නෑ බන්
ශෙහා පුදුම කෙල්ලෙක් මට හිතාගන්න බෑ. ඒක ආදරේමද කියලා.කොහොමහරි ඒ ගමනත් ශෙහාගේ සතුට තුලින්ම අවසන් උනා. ඒත් එයා කලින් ඉදපු කෙනා නොවීමම මගේ හිතේ දුකක් තිබුනා.ඇත්තටම කියනවනම් එයත් මාත් හැගීම් වලට වහල් උනා. කීප දවසක් එයයි මායි හැගීම් වලට ඉඩ දීලා අපේම ලෝකේ තනි උනා. ඔව් එයයි මායි ගතින් එක් උනා . එයාගේ කැමැත්තෙන්. එයාගේ මාසික ඔසප්වීම නැවතුනා කියලා එයා කිව්වම
 ආපු කුකුසට අපි ටෙස්ට් කරලා බැලුවා. ඔව් එයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ. මේ හැමදේම එයාලගෙ ගෙදරින් දැනන් ඉදියා. එයාලගෙ ගෙදර අනුදැනුමින්ම නූපන් කිරි කැටියා නැතිකරන්න උනා. පනස්දහසක් වගේ මුදලකින් ඒ ලේ කලලේ අයින් කලා. ඒ වෙද්දිත් ගෙදර කවුරුත් මේ දේවල් දැනන් ඉදියේ නෑ. ශෙහානිට කෝල් එකක් ගත්තේ මොකද කරන්නෙ බලන්න. ඒත් කිව්වේ දෙයක්,
🧒ශෙහා මැනික ම්ම් හෙට මන් වැඩ සුදූ... ඔයා මොකද කරන්නේ...
👩ම් විශේෂ දෙයක් නෑ ඉතින් ඔයා කවදත් වැඩනේ. හෙට අම්මලා එනවා ඔහේ අපේ එන්ගේජ් එක ගැන කතා කරන්න..
🧒ම්ම් මන් හෙට වැඩ මැනික අහ් කමක් නෑ හෙට නිවාඩු දාන්නම්කෝ
👩පුදුමයි ඒකවත් පුලුවන් කිව්වා. බායි
මට පුදුමත් හිතුනා දෙයියනේ ශෙහා මේ මොකක්ද කියන්නෙ කියලා. ඒත් ඉතින් අම්මලටත් කියලා එයාලවත් ලෑස්ති කලා. පහුවදා ශෙහාලගෙ අම්මල ඇවිත් කිව්වේ ශෙහාගේ අයියලා  රට යනවා  ආයේ ලොකු කාලෙකට එන්නේ නෑ ලංකාවට ඒ නිසා එන්ගේජ් කරලා තියමු කියලයි. ලොකුවට උවමනා නෑ පොඩියට ගමු කියලයි කිව්වෙ. කොහොමහරි අපේ ගෙදර මිනිස්සු ඒකටත් කැමති උනේ මගේ සතුට ගැන හිතලා. ඒත් එක්කම එයාලා කතා උනා ටික දවසකින් වෙඩින් එකත් ගන්න. කොහොමහරි හදිස්සියට අපේ එන්ගේජ් එකත් උනා. ඒත් ශෙහා මහා ලොකු කැමැත්තකින් නොහිටිය බවනම් මට තේරුනා .. කොහොමහරි කතා උන විදියට මාසෙකින් අපේ වෙඩින් එක ගන්න අපි තීරණේ කලා. මන් එතනදිත් හිතුවේ ශෙහා මගේම උනාම ඕවා හරියයි කියලා. එයාල හොටෙල් වෙන් කලා. කට්ටිය වැඩි කියලා හෝම්කමින් එක අපිට වෙනම කරන්න කිව්වා. වෙඩින් එකේ හොටෙල් වලට අත්තිකාරම් මුදල් ගෙව්වෙ  මමශෙහාට කිසිම බරක් නොදී...ඒත් එකදවසක් ශෙහා මට කෝල් කරලා කිව්වේ මාව පණ පිටින් පුච්චන වචනයක්,
🙎තමුසේ මේ කසාදේ නවත්තනවා මන් පොඩ්ඩක්වත් කැමති නෑ මේ මගුලට. එහෙම නැත්තම් මන් අද ගෙදර එන් නෑ මේ හැමදේම තමුසෙ නිසයි ශික්"🤬🤬
🧒හරි ශෙහා මැනික අපි කතා කරලා විසදගමු ඔයා ගෙදර එන්න. මන් ඇවිත් කතා කරන්නම්...
මන් එහෙම කියලා එයාව සැනසුවේ මගේ සැනසීම එහෙම් පිටින් දෙපතුලට කඩන් වැටෙද්දී. කොහොම උනත් මන් හිතුවේ දෙන්නගෙම කාර්යබහුල කම නිසයි එයාට මේ තරම් තරහ යන්නේ කියලා. පහුවෙනිදා එයාගේ බර්ත්ඩේ එක ඔක්කොම හරියන්නත් එක්ක කියලා හිතන් මන් ගිෆ්ට් එකකුත් අරන් එයාගේ ගෙදර ගියා. එයාගේ අයියා ඒ වෙද්දිත් කේක් එකක් එයාට හදලා පාර්ටි එකක් රෙඩි කරලයි තිබුනේ. මන් ගියා,
🧒මැනික Many Happy retturn of the day ... I love you
🙎Ok thanks
එයාගේ උත්තරේ උනේ ඕක. මාව සතපහකට මායිම් කලේ නෑ ශෙහා. මගේ ගිෆ්ට් එක උනත් එයා බැලුවෙ නෑ. එතනදිත් මන් එයාගේ හිත හදාගත්තා. කොහොමහරි දාගත්ත දින වලට සතියකට කලින් අපේ අම්මගේ තාත්තා ඒ කියන්නෙ සීයා නැති උනා. මළගෙදර වැඩ ඉවර උනත් හැමෝම දුකින් නිසා දින කල් දාගත්තා. ඊට පස්සෙ අපි කලින් වෙන් කරගත්ත හෝටලේ කෑම හොද නෑ කියලා ශෙහාලගෙ අය කිව්වා. මොනා කරන්නද අලුත් දිනේට වෙන හෝටලේකට අත්තිකාරම් මුදලක් ගෙව්වා. ඒත් ප්‍රශ්නේ එන්න එන්නම උග්‍ර උනා විතරයි. ශෙහාලගේ අයියනම් කියලා තිබුනේ,
"උබලා කතාබහ කරලා කරගත්තුවනේ උබලම ගිහින් ඒ මිනිස්සුන්ට කියලා කරන දෙයක් කරපන් කියලා"
ඉවසලා බැරිම තැන අපේ ගෙදරිනුයි එයාලගෙ ගෙදරිනුයි කතාවෙලා මනෝ වෙයිද්‍ය වරයෙක්ට අපි දෙන්නව පෙන්නන්න කල්පනා කලා.. ඒකට ශෙහත් කැමති වෙලා තිබුනා. එතනදිත් මගේ පැත්තට ආපු දෝශාරෝපණය වැඩී ශෙහාලගේ පැත්තෙන්.කොහොමහරි අපි දෙන්නත් එක්කම කතා කරලා ඉවරවෙලා ඩොක්ටර් කතා කරේ අපි දෙන්නගෙම අම්මලට, එයා කියලා තිබ්බේ
👩‍🔬ඔයාලට දරුවන්ගේ ජීවිතේද නම්බුවද වටින්නෙ කියලා ඔයාල තීරණේ කරන්න. හදහන් ගැලපුනාට ඒ දෙන්නගේ හැමදේම ගැලපෙන්නෙ නෑ. ඒ දෙන්නමයි දුක් විදින්නේ. පුලුවන්නම් මේ කසාදේ නවත්තන්න..
එහෙම කියලා තිබුනා. මට මගේ හිතේ හයිය අන්තිමටම නැති උනා කිව්වොත් හරි.ඒත් ශෙහාට කිසි ගානක් නෑ. ශෙහාට කලින් සම්බන්දයක් තිබිලා තියෙනවා. ඒක නැවතුනාම ජීවිතේ පවා නැති කරගන්න ගිහින් ගොඩක් කතන්දර අහලා. ඒවට උනත් මුකුත් නොකියපු මන් වෙනුවෙන් එයාගෙ ඇහෙන් එක කදුලක් වැටුනේ නෑ. වෙඩින් කාඩි, සැරසිලි හැමදේටම වියදම් කරලත් හැම කෙනෙක්ම දැනගෙනත් කසාදේ නවත්තන්න උනා.ඒත් ශෙහාලගෙ අම්මා කිව්වේ,
👵ගගන දූ ගැන හොයලා බලන් නෑ එයා වෙනුවෙන් කිසි දෙයක් කරන් නෑ.. අඩුම තරමේ ගෙදරට එද්දි කේක් එකක්වත් ගේන් නෑ මගේ දූට ඔහොම කෙනෙක් කොහොමත් ගැලපෙන් නෑ කියලා...
එයාලගෙ පැත්තෙන් හැම අතින්ම චූදිතයා උනේ මම. සමහරු හිතයි මුගේ කොන්දක් නැද්ද ඔක්කොම අහන් ඉන්නෙ කියලා. නෑ මන් පිරිමියෙක් උනත් මටත් අම්මෙක් ඉන්නවා. මාව හැම ගති ගුණේකින්ම හොදට හදපු ඒ අම්මට ලැජ්ජාවක් කරන්න මට බෑ. එහෙම කරනවනම් මන් කරන්නේ ශෙහා මන් නිසා අම්මා කෙනෙක් වෙන්න ගියේ වෙලාවේ. ඒ තරම් පහත් කොල්ලෙක් වෙන්න මට උවමනාවක් තිබුනේ නෑ..
මන් ශෙහාගේ වැරදි ඉවසුවට දඩුවමක් විදිහට වෙන් ඇති මාව එයාගෙන් වෙන් කරන් ඇත්තේ. ආදරේ විශ්වාසය මත තියෙන බැදීමක් නිසාත් මන් ඒක උපරිම විශ්වාස කලා. ඒත් නොහිතුව ලෙස එයා වෙනස් උනේ මට වඩා ඔෆිස් එකේ කොල්ලා ආදරේ කරපු නිසානම් මට සතුටුයි මගෙන් නොලැබුන දෙයක් එයාට වෙන කෙනෙක්ගෙන් ලැබුන නිසා. මන් පරිත්‍යාග කලේ මන් කරපු අවංක ආදරේ මිසක් ශෙහා කරා වගේ වංක ආදරයක් නෙමෙයි.
මේ මැයි පස්වෙනිදා අපි දෙන්නා එක වහලක් යටට එන්න ඉදිය දවස ඒත් අද මන් විතරක්ම කතන්දර අහලා මගේ සතුට කැප කරන් ඉන්නෙ ශෙහා වෙනුවෙන්. කොරෝනා ආපු නිසා මගේ පවුලට මන් වෙනුවෙන් වෙන්න තිබුන  ලැජ්ජාවෙන් බාගයක් බේරුනා. ඒත් මන් හැමදාමත් විදවන්නේ කිසිම හේතුවක් නැතුව හැමදේම දුන්න ශෙහා මේ තරම් වෙනස් වෙලා වෙන කෙනෙක්ගෙ ආදරයක් පතන්න හිතුව හේතුවට. අපි දැන් නීතියෙන් වෙන් වෙන්න හදන්නේ. ගැහැනියෙක් තනි උනාම සනසන්න කට්ටිය ඉන්නවා තනියට කදුල ඉන්නවා ඒත් පිරිමියෙක් වේදනාවක් වින්දම දරා ගන්න ඕනි තනියම. මගේ ශක්තිය මගේ පවුල. ඒ හැම තැනකින්ම ලොකුම හයිය මගේ මල්ලි.මාත් දැන් නිකන් පොලොව වගේ හැමදේම දරාගන්නවා..
දන්නවද 
හුස්ම,  වලාකුලු වෙනස් වෙද්දි
ඉර හද පවා වරුවෙන් වරුවට මාරු වෙද්දි 
අහස දුක් වින්දට
පැත්තක ඉදන් හැමදේම දරාගෙන
හිත පතුලටම ගිල ගත්තේ 
පොලොව....
ශෙහා කොහේ හරි සතුටින් ඇති. එයාලගෙ අම්මා කියනවා වගේ මන් එයාට කිසි දෙයක් නොකර ඉදියේ නැද්ද ඔව්ද කියන්න ශෙහාගේ හිත දන්නවා. දවසක මගේ ආදරේ අගේ එයාට තේරෙයි. ඒත් එදාට එයා වෙනුවෙන් මැරිච්ච මගේ හිත එයා නොහිතුව තැනක ඉදී...
නොගැලපෙන දීගේ අද මා තනිවම
දුක් ගැරහුම් ලැබුවා
නුබේ හැගුමන් අද සහසිකවම
මා තනි කොට ජය ලැබුවා
දවසක පතිනියක් ලෙස උබ දිගුකලටම
මා සිත තුල මිහිදන් කෙරුවා
උබත් අහස වගේ ගිගුරුම්ම
දී
මගේ ලෝකෙම කලුවර කෙරුවා...
නිමි
( සත්‍ය කතාවකි. ශෙහාලා වගේ ගැහැනුන් ඉදිරියේ ගගනලා වගේ පිරිමින්ද සමාජය තුල ඉන්නා බවට සහතික කරන තවත් එක් පිරිමි හදවතක කතාවක්. ) 
අඩුපාඩු ඇති. ඒත් මහන්සියෙන් ලියන කතාවට ඔයාලගෙන් එක ලයික් එකක් කමෙන්ට් එකක් දැක්කම ලැබෙන සතුට ඊට වැඩි. ඒනිසා කතාව කියවන මගේ යාලුවෝ ඔක්කොම කතාව ගැන වචනයක් කියන් යන්න.😍😍😍


Comments System WIDGET PACK