නිහඬ ආදරය | Nihada Adaraya


නිහඬ ආදරය

මගෙ ළඟටවත් එන්න එපා ඕයි. එක එකත් එක්ක ගිහිල්ලා ඇවිල්ලා

අනේ මගේ මහත්තයෝ

අනේ අනේ ගන්න එපා ඕයි. උඹ මොකද මාව බැන්දෙ. ශික්

මම ආදරේ කරපු කෙනා මා විනාශ කර මහත්තයෝ මට බනින්න කමක් නෑ ඒ උනාට මගේ අම්මට තාත්තට මේ කිසි දෙයක් කියන්න එපා.

කාලකන්ණි ගෑනි මට කන්න දෙයක් හදපන්.

හරි මහත්තයෝ ඉන්න මම දැන් ඉක්මනට හදාගෙන එන්නම්.

උත්තරා ආදරේ නිසා ජීවිතේ විනාස උන කෙනෙක්. එයා නිසල්ව බැන්දේය ගෙදරින් එයාට බල කරපු නිසා. ගෙදර අයගේ හිත රිද්දන බැරි නිසා උත්තරා එයාගේ ඇත්ත හංගල නිසල්ව කසාද බැන්දා ඒත් පළවෙනි දවසෙන් පස්සෙ හැමදේම වෙනස් වුණා.

මහත්තයෝ කෑම හරි.

මොනවද ඕයි මේ එවල තියෙන්නෙ කන්න පුලුවන්ද බලනවා . මගේ කරුමෙට ඕයි මම තමුසෙව කසාද බැන්දේ.

බනින්නෙපා මගේ මහත්තයෝ.

මම කොහොමද තමුසෙගෙ මහත්තයා උනේ

ඔයා මගෙ මහත්තයා නෙවෙයිද?

ඔබගේ මහත්තයා මම නෙවෙයි උඹ මුලින්ම ඉඳපු එකා.

අනේ රත්තරනේ මගෙන් වරදක් උනා තමයි එහෙම කියලා ඔහොම කියන්න එපා මට.

මම මේ කියනවා හොඳ වැඩි ඕයි. මම යනවා.😠

කොහෙද මහත්තයෝ🤐

උඹට මොකද මම කොහේ ගියත්.😠

එන්න රෑ වෙනවද මහත්තයෝ?😕

අනේ මේ මම යනවා..😠

උත්තරාට නිසල් ගෙන් පුංචිවත් අනුකම්පාවක් ලැබුණේ නෑ.😔😔😔😔

මොකද මහත්තයෝ මේ ඇයි බිව්වෙ මෙච්චර 😭 .

මම බිව්වෙ මගේ සල්ලි වලින් උඹට මොකද ඒක.

කෝ ඉන්න මම සපත්තු ගලවන්නම්.

උඹ නම් මගේ ඇඟට අතක්වත් යන්න එපා බැල්ලි.

හරි මහත්තයෝ සමාවෙන්න මට

නිසල් ට නින්ද ගියාම එයාගෙ අතපය තෙත රෙදි කෑල්ලකින් පිය දාලා ඇඳුමක් පුළුවන් විදියට මාරුකරලා නිදිකෙරෙව්වා උත්තරා. නිසල් කොච්චර බැන්නත් උත්තරා නිසල් ට ගොඩක් ආදරේ කලා..........

දවසක් උත්තරාට කෝල් එකක් එනවා.

හෙලෝ නිසල් මහත්තයාගේ ගෙදරද මේ?

ඔව් මම එයාගෙ වයිෆ්

හරි මිස් පුළුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකට එන්න පුලුවන්ද?

ඇයි මොකක්ද වෙලා තියෙන්නේ කියන්න මට

කලබල වෙන්න එපා ඉක්මනට එන්නකෝ

...

ඩොක්ටර් මොකද මගේ මහත්තයට වෙලා තියෙන්නෙ.

එයාගේ වකුගඩු දෙකම නරක් වෙලා තියෙන්නෙ.

අනේ දෙවියනේ දැන් මොකද කරන්නේ

පුළුවන් තරම් ඉක්මනට ඔයාට වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා

මගේ වකුගඩුවක් ගන්න ඩොක්ටර් මට මගේ මාත්තයා නැතුව ජීවිතේ නෑ.

ඔයාට ෂුවර් ද මේ ගත්ත තීරණය

හොඳටම ෂුවර් ඩොක්ටර්.

හරි ඔපරේෂන් එක ලෑස්ති කරන්න..

පැය දෙකක ඔපරේෂන් එකෙන් පසු...

නිසල් දැන් කොහොමද ඇඟට?

ටිකක් රිදෙනවා ඩොක්ටර්.

නිසල් දන්නවද නිසල්ගේ වකුගඩු දෙකම නරක් වෙලා තිබ්බෙ කියලා?

අනේ නෑ ඩොක්ටර්.

නිසල් දන්නවද නිසල් අද ජිවත් වෙලා ඉන්නේ කවුරු නිසාද කියල?

නැහැ ඩොක්ටර් කියන්න කවුද?

ඔයාගේ ආදරණීය බිරිඳ නිසා එයා තමයි ඔයාට වකුගඩුවක් දීලා ඔයාගේ ජීවිතේ බේරගත්තේ එහා පැත්තෙ ඇඳේ එයා ඉන්නවා. තාම එයාට සිහිය නම් ආවෙ නෑ.

නිසල්ගේ ඇස් දෙක කඳුළු වලින් තෙත් වෙලා ගියා. එයාට මතක් උනා උත්තරාට සලකපු විදිය නිසල් උත්තරාගේ අතින් අල්ලගත්තා. ටික වෙලාවකට පස්සෙ උත්තරාට සිහිය ආවා.

මහත්තයෝ දැන් ඔයාට කොහොමද? අඩුයි නේද මගේ දෙයියෝ.

මට සමාවෙන්න මගේ රත්තරන්. මට ඔයාගේ ආදරය තේරුම් ගන්න බැරි වුණා. ආයෙත් කිසිම දවසක ඔයාට මම බනින්නෙ නැහැ ඔයාගේ ඇස් දෙකට කඳුළු දෙන්නෙ නෑ.

මට සමාවෙන්න මහත්තයෝ පිරිසිදු කෙනෙක් විදියට ඔයාගේ ලගට එන්න බැරි උනාට.

පිරිසිදු වෙන්න ඕනේ එ ඩේ නෙවෙයි රත්තරන් ඔයාගේ වගේ පිරිසුදු හදවතක් ආදරයක් තමයි.

මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ මහත්තයෝ.

මමත් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ සුදු නෝනේ.

දෙන්නට දෙන්න මූණ බලාගෙන දෙන්නාගේ ලස්සන අනාගතේ ගැන හීන මැවුවා ගොඩක් ආදරෙන්....

ස්තුතියි.

වැරදි අඩුපාඩු ඇති එකට මට සමාවෙන්න

ජීවිතය වරදින්න පුළුවන්. ඕනම කෙනෙකුට එහෙත් ඒ වැරැද්දම නිසා ඒ කෙනා ජීවිතයෙන් අයින් කරන්න හදන්න එපා මොකද ඒ කෙනා අපේ ජීවිත වෙනස්කරන්න නිසා. ඒ කෙනා ගොඩක් අපිට ආදරෙ නිසා. කෙල්ලෙක් ගැහැණියෙක් වෙන්නෙත් කෙනෙක් බිරිඳක් වෙන්නෙත් කොල්ලෙක් නිසා....

මම අසින්ත සෙනෙවිරත්න



Comments System WIDGET PACK