මිතුදම | Mithudama

මිතුදම

කසුන් අහපංකෝ බං ඔබට කියන්න දෙයක් තියෙනවා

කියපන්කො සඳු මොකෝ සීන් එක

උඹ මගේ හොදම යාලුවනේ පොඩි කාලේ ඉඳන් උඹට මම කිසි දෙයක් හංගලා නෑනේ බං අපේ ගෙදරින් මට මනමාලයෙක් හොයල බං

අප්පටසිරි එලනේ බන් අපිටත් එහෙනම් වෙඩිං කේක් කෑල්ලක් කන්න පුළුවන් නේද?

අහපංකෝ මට බයයි බං

බයවෙන්නේ මොකටද බං උඹට හොඳක් වෙන්න නේ යන්නේ

ඒ උනාට මම ඒ මනුස්සයව දන්නෙවත් නෑ

අඳුර ගනින් ඉතිං කතාබහ කරලා මොනව කරන්න කෙනෙක්ට සඳු ?

එයාට කාර් සේල් එකක් තියෙනවා කිව්වා අම්මල නම්

ඉතින් හොඳයි නේ බං උඹට සතුටින් ඉන්න පුළුවන්නේ

සල්ලි නෙමේ නේ ජීවිතේ

ඒක දන්නවා සඳු මම . උඹට හොදක් වෙනවනම් මට ඒ ඇති

එතකොට උඹ කසාද බඳින්නෙ නැද්ද

තව කල් තියෙනව බං.

අනේ අනේ උඹ නං කසුන්

කසුන් සදූනි පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවෝ. දුකටත් සැපටත් දෙන්නටම හිටියේ මේ දෙන්න විතරයි..

අම්මෙ මම කැමතියි ඔයාලා හොයපු කෙනා බඳින්න.

හරි දුවේ අපි ලබන මාසෙ ම මේ කසාදෙ කරමු.

සදූනි පැතුම් ව කසාද බැන්දා ඒ උනාට එයාලගේ කසාදෙට කසුන් ආවේ නෑ එයාගේ ෆෝන් එක වත් වැඩ කළේ නැහැ එදායින් පස්සේ...
සඳුනිගේ කසාද ජීවිතේ ලස්සන ජීවිතයක් වුණේ නෑ.

මොනවද ගෑනියේ මේ උයලා තියෙන්නෙ කන්න පුලුවන්ද උඹට හරියට උයා ගන්න බැරිද?

ඇයි සුදු හැමදාම මට කෑ ගහන්නේ මම මොනවා කරත් ඔයාට වැරදියි ඇයි එහෙම කරන්නේ?

කරන්නද උඹ මහා කරුමයක් නිසා

මම ඔයාට මොනවා කරාට ද මෙහෙමත
කරන්නේ මට

මට උඹව පේන්න බැහැ.

මම දන්නවා මට මෙහෙම කරන්නේ ඇයි කියලා ඔයාට වෙන ගෑනියෙක් ඉන්න නිසා

ඉන්නව තමයි යකෝ ඔබ මැරිලාවත් යන්නෙ නෑනේ.

අවුරුදු එකාමාරක් සඳුනි ගොඩාක් දුක් වින්දා. හැමදාම බිලා ඇවිල්ලා පැතුම් සඳු එක්ක රණ්ඩු කරා දවසක්. පැතුම් divos paper අරගෙන ආවා තවත් යාළුවෙක් එක්ක.

සඳු මෙහෙ වරෙන්

ඔයා ආවද සුදු ?

මෙන්න මේවට අත්සන් කරලා දීපන්

මොනවද මේ

උඹගෙ මගේ කරුම කසාදෙ නවත්තන්න හදන්නේ.

දුක් විඳලා විඳලා හෙම්බත් වෙලා හිටපු සඳුනි අත්සන් කරා.

හරිනෙ මහත්තයෝ

දැන් උඹ මගේ යාලුවත් එක්ක බුදිය ගන්න ඕනේ

මොකක්ද තිරිසන් බල්ලෝ කිව්වේ

ඔන්න ඔකිව අල්ලලා කාමරේට දාගෙන උඹට ඕන දෙයක් කරගනින්.

උබ මහ ජරා බල්ලෙක් බං.

සඳු පැතුම් ගේ යාළුවා තල්ලුකරගෙන පාර දිගේ දුවගෙන ආවා අන්තිමට එයා නතර උනේ කසුනුයි එයයි නිතරම ගිය පාක් එකේ එ බැංකුව ළඟට එතන ඉඳගෙන ගොඩක් වෙලා ඇඬුවා පරණ හැමදේම මතක් වෙලා.

කසුන් ඔයාවත් හිටියනං අද මගේ දුක කියන්න අද ඔයත් නෑ.

සඳුනි ඔයා මේ රෑ මොකද මෙතන කරන්නේ?

අනේ කසුන් ඔයා මෙතන.?

කියන්න ඇයි අඩන්නේ

සඳුනි අකුරක් නෑරම කසුන්ට කිව්වා.
ඇයි කසුන් මාව බලන්න ආවේ නැත්තේ.

එහෙනම් අහගන්නකෝ . සඳු ඔයා දන්නවද දෙයක්?
මම ඔයාට ගොඩක් ආදරේ කලා මට බලන්න බැරි වුනා ඔයා වෙන කෙනෙක් ගෙ වෙන විදිය එනිසා මම ඔයා කසාද බඳින දවසෙම මේ රටින් ගියා හරියටම දැන් ඇවිල්ලා සතියයි ලංකාවට ආපු දවසේ ඉඳන් හැමදාමත් මං මෙතනට එනවා ඔයාගේ මගේ මතක ගොඩක් මෙතැන තියෙන නිසා මම ඔයාට ගොඩක් ආදරෙයි.

ඇයි දෙයියනේ ඔයා මට කලින් කිව්වේ නැත්තේ

මම බය උනා මට ඔයා නැති වෙයි කියලා

දැන් ගොඩක් පරක්කු වැඩි කසුන් මම දැන් කෙල්ලෙක් නෙමෙයි බැඳපු ගෑනියෙක්

මට කමක් නෑ ඒවට මම ඔයාට ගොඩක් ආදරෙයි දැන්වත් මගේ වෙනවද?

ඒක ඔයාට කරන්න ලොකු අසාධාරණයක්

ඔයා නැතුව අවුරුදු එකාමාරක් විඳෙව්වා මගේ පන තව නම් විඳවන්න බෑ

ඒ තරමටම මට ආදරේද?

ගොඩක් ආදරෙයි.

සඳු කසුන්ගෙ පපුවට තුරුළ වුණා. ඒ දෙන්න කසාද බැඳලා ගොඩක් සතුටින් ජීවත් වුණා.

මහත්තයෝ අද කලින් එන්නකෝ කියන්න දෙයක් තියනවා

මොකක්ද නෝනේ කියන්නකො

මුලින්ම ගෙදර එන්නකො.

හරි මගේ පණ තව විනාඩි දහයකින් එනවා.

මගේ මහත්තයා ආවද මගේ මහත්තයා දන්නවද දෙයක් මගේ මහත්තයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.

මේ ඇත්ත මද මගෙ රත්තරං කියන්නේ ගොඩක් සතුටුයි. අපි අමු රත්තරං පන්සල් .

මමත් ඔයාට කියන්න හැදුවා විතරයි මහත්තයෝ අපි යමු.

..

මහත්තයෝ මම අතනින් මල් අරගෙන එන්නම් ඔයා වාහනය නවත්තල ඉන්නකො.

හරි මැණික පරිස්සමින්

මේ මල් කීයද? දෙවියනේ පැතුම් ඔයා මේ මොකද කරන්නේ?

සඳු ඔයාට දීපු දුක් මං විඳින ඔයාව අයින් කරල මම යාලු වෙලා ඉඳපු ගෑනි කසාද බැන්දා ඒ ගෑනි මගේ හැමදේම අරගෙන මගේ යාලුවත් එක්ක බුදියගෙන ඉන්නකොට මගේ අතටම අහුවුණා ඒ වෙනකොටත් මම පරක්කු වැඩි මම ඒ ගෑනිට මගේ හැමදේම ලියලා තිබුණේ. අන්තිමට මට ඉතුරු වුනේ මහපාර.

ජීවිතේ ඔහොම තමයි. මට රත්තරං මහත්තයෙක් හම්බවුණා මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ අර එන්නේ මගෙ රත්තරං මහත්තයා මම පැතුම් බුදු සරණයි ඔයාට.

සදූනි කසුන්ගෙ අතේ එල්ලිලා පන්සල් යන හැටි පැතුම් කලකිරුණු ඇස්දෙකින් බලාගෙන හිටියා.........

ජීවිතයට හරි ආදරයක් හම්බවෙන්න එක පාරයි එ ආදරේ හම්බ වෙන්නේ අපි හිතන් නැති වෙලාවට හරි ආදරේට මොනවා වෙලාවක්වත් පරක්කු නෑ..

ගොඩ දවසකින් කතාවක් ලිව්වෙ වැරදි අඩුපාඩු ඇති ඒකට සමාවෙන්න

මම අසින්ත


Comments System WIDGET PACK