මගේ නගා | Mage Naga
මගේ නගා......
දුව නැගිටින්න...
හා........
දිනපතා උදේ අවදි ව එළියට යන මා හට දැක ගත හැකි වන්නේ ගස් කොළන් නොව අහස උසට තනා ඇති ගොඩනැගිලි ය.
එවැනි පරිසරයක තම කරදරකාරි නැගණිය සමග විසූ මා බොහෝ විට ඇලුම් කළේ ගස් කොළන් වලින් පිරී ඇති පරිසරයකට ය .
ඒ නිසාම මා නිවාඩු කාලේ නිතරම මගේ ලොකු අම්මා ගේ ගෙදරට ගියේමි.
මෙවර මම එහි යාමට පෙර මාගේ නැගණිය මාගේ පොත් වල බලි ඇද තිබුනි. මා ඒ මොහොතේ තරහෙන් පිපිරී ගියෙමි. මම ඈට බැන වැද්දෙමි .
මම මේ ගැන අම්මාට පැහැදිලි කෙරුවෙමි
ඔයාගේ හිත සන්සුන් වෙනකන් ඔයා ලොකු අම්මා ගේ ගෙදරට යන්න........
මම එහි ගියෙමි, නමුත් මෙවර මම එහි ගිය විට මාගේ සිතට කිසියම් දෙයක් දැනුනි. මා හට දැනුනේ යම් කිසි පාලුවක් ය.
ඒ අතරතුර මගේ හිතට නැගුනේ නංගී හෝදින්ද , මාත් එක්ක තරහින්ද යන ප්‍රශ්ණයයි.
ඒත් සමගම මා හට එහි බොහෝ කලක් සිටීමට අපහසු විය.
මම ගෙදර ආවෙමි.
ඒත් සමග මා නෙත් ගැටුනේ මා එකවර බදාගෙන අඩන්නට වූ මගේ නංගාය.
මට සමාවෙන්න අක්කේ.....................
