#ලේ_සලකුන දෙවන හා අවසන් දිගහැරුම | Lee Salakuna 02 Kotasa (Awasanaya)


දෙවන හා අවසන් දිගහැරුම

#ලේ_සලකුන

කවුද මේ රූම් එකට ආව රූම් බෝයි..

"මෙයාලා මුකුත් ඕඩර් කලෙ නැ සර් ..අපි උදෙට තමා රූම් සව්ස් කරන්නෙත් ."

පොලිස් නිලදාරියා කිසිවක් නොකියා එතනින් ඉවතට යන්නට විය..

පැය 3කට අධික කාලයක් පවිත්‍රගෙන් කටඋත්තර ගත් පොලිස් නිලාදාරියා ඔහුව මුදා හරින්නෙ පවිත්‍ර නිර්දෝශි නිසා මෙන්ම පවිත්‍ර ඒ මොහොතෙ ඇමතුම ගෙන තිබුනෙ දේවකට ..දෙවකගෙ දුරකතනය ක්‍රියා විරහිත වීම නිසා කෙශාට ඇමතුම් ගෙන ඇති බවත් ඒ මොහොතෙ පවිත්‍ර ඔහුගෙ නිවසෙ සිටි බවටත් සනාත විය ...

එසෙනම් කේශරද?

නැ කේශර ඒ වන විටත් මිතුරන් සමග කෙශාගෙ විවාහයෙ දුක නිසාවෙන් බාර් එකක් බෝතලේකට යටවී මත් වෙමින් සිටි බව බාර් එකෙ cctv දර්ශන වලින් සනාත විය..............

එසෙනම් කවුද දේවක බාත් රූම් එකට ගියෙ වෙලාව 7ට පමන..ඔහු නැවත පැමිනෙන්නෙ 7.20ට ..මේ කාලය අතරතුර කවුරු පැමිනෙන්නට ඇත්ද?......................

පොලිස් නිලදාරියා නැවත පැමිනෙන්නෙ හෝටලයට...............

සියලුම සේවකයන් (රූම් බෝයි)ගෙන්වන නිලදාරියා සියල්ලන්ගෙ ඇගිලි සලකුනු පරීක්ශා කරනවා...

ඔව් පේප සවියට් එකෙ තැවරුන ඇගිලි සලකුනු එතන තමා ගාතකයාට මග ඇරුනු තැන..........................

රූම් බොයි කෙනෙක් විදිහට මීට මාසෙකට උඩදි පැදුන සංජයගෙ ඇගිලි සලකුනු ඒ එක්ක මනාව ගැලපෙනවා................

පොලිස් බාරයට ඔහුව අරන් ප්‍රශ්න කිරිම් ආරම්භ වෙනවා......

"ඇයි කියපන් යකො අර අහින්සකිව මැරුවෙ මොකක්ද තිබ්බ තරහා"

බැටන් පොල්ලෙන් වැරෙන් තලමින් පොලිස් නිලදාරියා ප්‍රශ්න කලා

"මම කලෙ නැ සර් "

"උබ හිතන් ඉන්නෙ අපිව බබා කරන්නද ...කියපන් යකො ඇත්ත"
.
පැයකට ආසන්න කාලයක් ඔහු එය ප්‍රතික්ෂේප කලත් නිලාදාරියා කෙසෙ හො අවසනෙ සමත් වෙනවා..

"ඔව් ඔව් ඔව් ....................ඔව්ව්ව්ව්ව්ව්........මම මැරුවා මම මැරුවා ඔව් මම මැරුවා"

"කියපන් ඇයි උබ මැරුවො කියපිය "

"සර්ලා මොනාද දන්නෙ සර්..කේශා කියන්නෙ මගෙ පන කෙල්ලට ඉගන ගන්න වියදම් කලෙ පවා මම සර් ..අවුරුදු 4ක ආදරයක් .මගෙ හුස්ම ටික..මම රැ දවල් නොබලා මගෙ කෙල්ලට උගන්න හම්බ කලා.එයාලා හරි පොඩි මිනිස්සු..මන් කියලා ලොකු මිනිහෙක් නෙමෙ සර්.ඒත් ලොකු මහත්තයෙක් කේශට යොජනාවක් ගෙනාවා...කෙශාත් එක පයින් කැමති උනා...ඊට මාස දෙකකින් එයාලා බදින්න හිටියෙ...මන් ඒක දැනගත්තෙ මාසෙකට උඩදි....එදාම තිරනෙ කලා..මම හම්බ කරපු හැමදේම කේශාට යට කරත් මට අවසානෙට සල්ලි කාරයෙක් නිසා යන එනමන් නැති උනා..හියපු ඉඩම උකස් තියලා මම ඉගැන්නුවා සර් ..මට ලැබුන දේ ඕක ...මාසෙකට උඩදි එයලා මේ හොටෙල් එක බුක් කරද්දි මේකෙ වැඩට ආවෙ ඔක්කොම ප්ලැන් කරලා ...cctv හැමදෙම හොදටම දැනගත්තා...ඒත් පෙප සවියට් එක මාව නැති කලා........................"

දෙලොවක් අතර නැවතුනු පොලිස් නිලදාරියා පහර දීම නවත්වා සංජයට වතුර එකක් දිගු කලා.......................

"සාජන් මෙයාව කුඩුවට දාන්න ..කන්න මොනා හරි දෙන්න.............."

ඔව් සංජය ආදරෙ වියරුව නිසා අවුරුදු 14ක් හිර බත් කෑවා...අවුරුදු 14කට පසු පොලිස් නිලදාරියාගෙ රියදුරු වෙන්න ඔහුට අවස්තාව ලැබෙනාවා........................................

ආදරය
විරහව
වෛරය
හැමදෙම ඉවසීමෙන් මුහුන දෙන්න.....................

වරදකරු කෙසෙ හෝ අහු වෙනවාමයි............

නිමි......

පාරමි කවී


Comments System WIDGET PACK