කුලී ගෙදර... | Kuli Gedara
කුලී ගෙදර...
එපා.... එපා......... මාව මරන්න එපා...................
සරත් සරත් ඇයි අදත් ඔයා බයවුනාද...
පෙර දින කිහිපයේ මෙන්ම මෙදිනද සරත් කුමාර නින්දෙන් අවදිවූයේ සිහිනෙන් බියවීමෙන් පසුය.
මීට මාස කිහිපයකට කලින් දෙවනි වරටත් විවහා ඌ ඔහු මෙම නව නිවස මිලදී ගත්තේ තම අලුත් ජීවිතය හොදින් ගත කිරීමේ සිහිනය හිස මත තබාගෙනය. නමුත් මේ නිවසට පැමිණ දින කිහිපයක් තුලදී ඔහු නින්දෙන් අවදිවෙන්නට පටන් ගත්තේ කිසිවෙකු තමා දෙස ගිනිගත් දෑසින් යුතුව බලාසිටිනු දැකීමෙනි. නමුත් ඒ පෙනෙන්නේ කවුරුන්දැයි ඔහුට සිතාගැනීමට හෝ නොහැකිය. මන්දයත් එහි හොදින් දිස්වන්නේ ගිනිගන්නා ඇස් දෙකක් පමණි.
මාරවිට ග්‍රාමය නිස්කලංක පරිසරයකින් යුක්ත වූ නිසංසල ග්‍රාමයකි... වසර කිහිපයකට පෙර විවහා වූ සරත් කුමාර එම විවාහයෙන් දික්කසාද වී නැවත විවාහ වූයේ ඔවුන්ට ළමුන් නැතිවීමේ ප්‍රශ්නයක් හේතුවෙනි..
නව විවාහක යුවල පදිංචියට පැමිනියේ මෙම මාරවිට ග්‍රාමයටයි.
තරමක් විශාල නිවසක් මිලදීගත් ඔවුන් එහි පදිංචියට පැමිනියේ විවාහයෙන් පසුවය. තම මිතුරෙකුගේ මාර්ගයෙන් සොයා ගත් මෙම නිවසේ කලින් විසුවේ කවුරුන්දැයි ඔවුන් නොදැන සිටියකි... ඔවුන් දැන සිටියේ එම නිවසේ මීට වසර කිහිපයකට කලින් පදිංචි වී සිටියේ මෙම නිවස ඔවුන් මිලදීගත් පුද්ගලයාගේ පවුලේ උදවිය බවයි.
නව නිවසට පැමිණ මාස කිහිපයක් යන තෙක්ම කිසිදු කරදරයක් සිදුනොවූයෙන් ඔවුන්ගේ ජීවිත සාමාන්‍ය ලෙස ඇදී යමින් තිබින.
නමුත් මීට මාසයකට පමණ පෙර සිට සරත් කුමාර නින්දෙන් අවදි වන්නට වූයේ යම්කිසිවෙකු තමා දෙස බලා සිටින්නාක් බදු හැගීමක් දැනීමෙනි. ගිනිගස් දෑසින් යුතු එය දුටු සරත් කුමාර සෑම දිනකම රාත්‍රියේදී නින්දෙන් අවදිවන්නට වූයේ හූ තබාගෙනය.
කොතෙක් දේ සිදුකලද මෙම ප්‍රශ්නය විසදාගැනීමට ඔවුන්ට නොහැකි විය. අවසානයේදී මේ පිළිබදව අසල්වාසීන්ගෙන් හෝ අදහසක් දැනගැනීමට ඔවුන් අදිටන් කරගන්නට විය.
වට පිටාවේ වූ නිවාස වල නිවැසියන්ද නව පදිංචිකරුවන් වීම නිසා නිවසේ දෝසයක්ද නැතිනම් වෙනත් ප්‍රශ්නයක්දැයි හරියාකාරව පවසන්නට නොදැන සිටින්නට විය.
දින ගනන් ගෙවී යද්දී නිවැසියන්ට රාත්‍රී කාලයේදී නොපෙනුන නමුත් නිවසේ පිටුපසම පිහිටා ඇති මුලුතැන්ගෙය තුල ඇති භාන්ඩ රාත්‍රියේ විටින් විට බිම පතිත වන්නට විය...
අවශානයේ හොල්මන් පිලිබද කිසිදු විශ්වාසයක් නැති සරත් කුමාරගේ මිතුරෙකු රාත්‍රී කිහිපයක් ගත කිරීමට මෙම නිවසට පැමිනියේ මෙහි සිදුවන්නේ කුමක්දැයි හරියාකාරව දැනගැනීමට අවැසි නිසාවෙනි.
සරත් උබ බය වෙන්න එපා බන් මම ඉන්නවනේ හොල්මන් කියල මොකෙක්වත් නෑ බන් බය නොවී ඉදින්.
ඒ සරත්ගේ මිතුරු සිදත්ගේ හඩයි...
සෘජුකේණාස්‍ර හැඩයකින් පිහිටා තිබූ මෙම ඉඩමෙහි අන්තයෙහි නිවස ඉදිකර ඇත... සෑම පැත්තකින්ම තාප්ප වලින් වටවී ඇති මෙහි ගේට්ටුව පිහිටා තිබුනේ ඉඩම පටන් ගන්නා කොටසෙයි..
පර්චස් 40/45 පමණ වූ මෙම ඉඩමේ ගේට්ටුව අසලට නිවසේ දොරකඩ සිට 20m පමණ දුරකින් යුක්තවිය. රාත්‍රියේදි ගේට්ටුව අසලට පැමිනෙන්නන් හෝ හරියාකාරව දිස්නොවූයේ එම හේතුව නිසාවෙනි.. ගේට්ටුව අසලම දකුණු පසට වන්නට පිහිටා ඇති තැඹිලි ගසකි. ගසෙහි බදේ එක් කොටසක් ගින්නකට අසුවී හෝ දැවී ගියාක් බදුව ඇත.
නිවසෙහි ප්‍රදාන දොරටුවෙන් ඇතුලු වූ සැනින් වම් පසට වන්නට එක් කාමරයක්ද ඊට මදක් එහායින් තවත් විශාල කාමරයක්ද පිහිටා තිබින ... දොරෙන් ඇතුල් වූ පසු සාලය හරහා කාමර දෙක පසු කරමින් ඇවිදගිය විට සාලයේ දොරට කෙලින්ම තවත් දොරටුවක් වූයේ තවත් කාමරයකටයි. එම දොරටුව අසලින් වම් පසට හැරුනු විට කෑම කාමරයද ඒ පිටුපස මුලුතැන්ගෙය හා නානකාමරය පිහිටා තිබේ..
සරත් උබල අර ලොකු කාමරේද නිදියන්නේ ?
ඔව් බන් සිදත් ඒකෙ හරියටම පිටිපස්සට වගේනෙ කුස්සිය තියෙන්නෙත් බන් .. ඒ නිසා තමා හැමදාම සද්ද බද්ද හොදට ඇහෙන්නේ..
ආහ් එහෙමද හරි උබල ගිහින් නිදාගනින්කෝ අනිත් කාමරවල ඇදවල් නැති එකේ මම මේ සාලෙ තියෙන සෝෆා එකේ නිදාගන්නම්.
හරි මචන් මොකක් හරි අවුලක් උනොත් කතා කරපන් අපි එහෙනම් නිදා ගන්නව ගුඩ් නයිට් බන්..
හරි ගුඩ් නයිට් බන්..
සරත් තම නිදන කාමරයට වැදුනු පසු නිවසෙහි තිබූ විදුලි බුබුළු නිවාදැමූ සිදත් සෝෆා එකට ගොස් ඇලවන්නට විය..
මහන්සිය නිසාම ඉතා ඉක්මනින් නින්දට වැටුනු සිදත් එක්වනම මුලුතැන්ගේ තුලින් ඇසුනු ශබ්දයකට ගල් ගැසී යන්නට විය..
දඩාං යන ශබ්දයක් නංවමින් මුලුතැන්ගේ භාන්ඩ කිහිපයක් බිම පතිත වන්නට විය..
පිලිවලට පිගන් කිහිපයක්ද ඉන්පසුව මැටි වලං කිහිපයක්ද බිම වැටී බිදී යන්නට විය.
නිවසේ විදුලි පන්දම් දැල්වීමට නැගිසිට ඒ දෙසට ගමන් කරනවාත් සමගම තමා සිටි සෝෆාව අසලින් නැගුනු කවුරුන් හූ හුස්ම අදින්නාක් බදු ශබ්දය ඇසී ඔහු ගල් ගැසී යන්නට විය. ශබ්දය පැමිනියේ සෝෆාව යටිනි..
නිවසේ දොරටුව අසල සිට ඒ තෙක්ම වැටී ඇති යාන්තමින් දිලිසෙන යමක් සිදත් නෙතුගැටුනේ මෙවිටය..
විදුලි පන්දම් දල්වනවාත් සමගම සෝෆාව යටින් පැමිනි ශබ්දය නෑසී ගියද දුටු දසුනින් කකුල් දෙකට පිං දී දුවගොස් සරත්ගේ කාමරයේ දොරට තඩිබාන්නට විය.
සී...සීදත් මොකෝ බන් උනේ මොකේ උනේ...
ස..සා...සරත් මේ මේතන හොල්මන් බන් අර බලපන්..
සිදත් පෙන්වූ දෙස බැලූ සරත්ට දක්නට වූයේ නිවසේ දොර අසල සිට සෝෆාව අසලට යනතෙක් වැටීතිබූ ලේ රැදි අඩිසටහන් ය...
එම අඩි සටහන් තවමත් චලනය වේ.. මේ මොහොතෙහි එම පා සටහන් ඇදී එන්නට වූයේ සරත්ගේ කාමරය වෙතටය.
කාමරය තුල තවමත් සරත්ගේ බිරිද නින්දෙන්ය.. ඇයට මේ කිසිවක් නෑසී ඇත. මෙතරම් දේ සිදුවී තිබුනද එය එසේ වූයේ කෙසේදැයි සරත්ට හෝ සිදත්ටද වටහා ගත නොහැකි විය...
කාමරයේ දොර අසලින් පා සටහන් මැකීගියෙන් උන්හිටි තැන් පවා අමතක වී සිටි දෙදෙනා උස් හඩින් කෑ ගසන්නට විය..
තත්පර කිහිපයක් තුලදී එම හඩින් අවදි වූ සරත්ගේ බිරිද නිමාලි කෙස් වැටිය කඩා දමමින්ම ඔවුන් වෙත ඇවිද එන්නට විය...
නමුත් ඇයට පැමිනීමට හැකිවූයේ අඩිකිහිපයක් පමණි... එක්වනම කෙස් වැටිය මුහුන හරහා දමාගත් ඇය.. හූ හඩක් තබන්නට විය..වෙනදා මුහුනේ තිබූ ශාන්ත ගතිය මේ මොහොතේ අතුරුදන් වී ඇත.. ඇයගේ නෙත් ගිනියම් වී ඇත..
පළයව්..... තොපි ඔක්කෝම පලයව් මේක අපේ ගේ අපේ ගේ ... හූ..................
තවත් හූ හඩක් සමගින්ම ඇය සිහිසුන් වී ඇදවැටෙන්නට විය...
කෑගැසීමේ හඩ කොතරම් තියුණු වූවේදැයි වට පිටින් මිනිසුන් ගේට්ටුව අසලින් පැන නිවසේ දිරට තඩිබාන්නට විය..
ක්ශනිකව ගොස් දොර හරින්නට වූයේ සිදත් විසිනි.. මෙතෙක් පැවති ලේ පා සටහන් දැන් කෙමෙන් මැකී යමින් පවතී..
අවට අසල්වැසියන්ද යාන්තමින් හෝ එම දසුන දුටුබැවින් ඔවුන්ගේ ඉල්ලීම මත වහාම ඔවුන් සියල්ලෝම පන්සලට පිටත් වන්නට විය.
පන්සල අසලදී ඔවුන්ට ප්‍රථමයෙන්ම මුණගැසුනේ සුදු ඇදුමින් සැරසී සිටි වයෝවෘද්ධ කාන්තාවකි. පෙර පොහොය දින සිල්ගත් මාතාවක් වියහැකි යැයි සියල්ලෝම සිතන්නට විය.
ඇය අසලින් කඩිමුඩියේ දිවයන පිරිස දුටු ඇය...
ළමයිනේ ඇයි මොකෝ මේ මහ රෑ මොකුත් කලබලයක්ද??...
ඔව් අත්තම්මේ මේ පොඩි ප්‍රශ්නයක් මේ මෙයාලගේ ගෙදර...
කෙටියෙන් සිදුවූ දේ ඇයට විස්තර කල ඔවුන් තම ගමන ඉක්මන් කරන්නට විය..
අපොයි ළමයිනේ ඔයාලා ඒ ගෙදරද ? ඔයිට කලින් ඔය ගෙදර කුලියට හිටියේ මමයි මගේ දුවයි. ඔය ප්‍රශ්න නිසාම අපි ගෙවල් මාරුකලා.
හරි හරි ඉක්මනට යන්න මම එහෙනම් යනවා ඔහොමම ලොකු හාමුදුරුවෝ ළගට යන්න.
හොදමයි අත්තම්මේ... ඇය කී කතාවද අසාගෙනම පිරිස පන්සල වෙත ඇවිදයන්නට විය...
සරත්ගේ බිරිද තවමත් සිහිසුන්ය .. ඇයවත් ඔසවාගෙන පැමිනි පිරිස දුටු ඇබිත්තයා ඉක්මන් ගමනින් ගොස් නාහිමියන් කැදවන්නට විය..
මොකද මොකද ළමයි වුනේ කෝ මේ ළමයාට මේ පිරිත් පැන් ටික පොවන්නකෝ..
නාහිමියන්ගේ වචනත් සමගම පිරිත් පැන් පොදක් ඇයට පොවන්නට විය...
ප්‍රකෘති තත්වයට පත්වූ ඇය සිටියේ මන්දමානසික තත්වයකිනි..
හරි දැන් මේ පුතාලා කියමු බලන්න මොකද මේ ළමයට උනේ කියල..
සම්පූර්න විස්තරය හාමුදුරුවන් ඉදිරිපිට කියාපෑවේ සරත් විසිනි... නිවස පිහිටි තැනැත් නිවසට පැමිනි දින සිදුවූ සෑම දෙයක්ම එකක් නෑර ඔහු විසින් කියාපාන්නට විය.
සම්පූර්නයෙන්ම විස්තරය අසා අවසානයේ නාහිමියන් සිය හඩ අවදි කලේ ඇබිත්තයා වෙතයි.
ගිහින් ඇන්න වරෙන් පිරිත් නූල් පන්දුවයි පිරිත් පැන් කළයයි...
එහෙමයි හාමුදුරුවනේ ලෙස එයට පිලිතුරු දුන් ඇබිත්තයා විනාඩි දෙකක් හෝ ගතවීමට මත්තෙන් පැවසූ සියල්ල නාහිමි වෙත ගෙන පාන්නට විය..
ළමයි ඔක්කොම එන්න මම පිරිත් නූල් බදිනවා හැමෝටම. පිරිත් නූල් බැදගෙන ගිහින් ඇබිත්තයා වත්කරන පිරිත් පැන් ටිකත් පානය කරන්න..
නාහිමියන්ගේ වචනයට ගරු කරමින් පැමිණ සිටි පිරිසෙන් එක් අයෙකු හැර අනෙක් සියලු දෙනාම පැවසූවන් එසේම කරන්නට විය..
ආරිංහාමි... ආරිං කියල ගමේ හැමෝම කතා කලත් ගොඩක් අය කතා කරන්නේ කචල් කියලා.. බේබද්දා වගේ හැමදාම බොන ඔහු ජීවත් වුනේ සරත් මිලදීගත් නිවස අසලමයි. මෙම සිද්ධිය වූ දිනයේද රාත්‍රියේ හොදහැටි පදම් වූ ඔහු පන්සලට ආවේද වැනි වැනිය.
ආරිංහාමි මොකද තමුන් එන්නෙ නැද්ද...
අනේ හාමුදුරුවනේ හාමුදුරුවන්ගේ බයිල හාමුදුරුවෝ ළග තියාගන්න ඕවට පුලුවන්ද යක්කු එලවන්න ... අනේ නිකං ඉන්න හාමුදුරුවනේ මම මොන යකෙක්ටවත් බය එකෙක් නෙමේ...
වචන කිහිපයක් කියවමින්ම පාරට බැසි ඔහු පන්සලේ ගේට්ටුවෙන් නොපෙනී යන්නට විය..
හාමුදුරුවනේ මේ මොනාද් වෙන්නේ කියලා ඔබ වහන්සේ දන්නවද ?
ළමයිනේ මේක සුලුපටු ප්‍ර්ශ්නයක් නෙමේ. බලන්න මේ ළමයාගේ කකුලේ කලව හරියේ. ගැබුරට තුවාලයක් ඇති.
නායක හිමිගේ එම වදන් ඇසුනු වහාම සරත් තම බිරිදගේ කළවා වෙත දෑස් යොමුකලේ ඇද සිටි රාත්‍රී ඇදුම මදක් උස්සමිනි..
මේ වනවිට සරත්ගේ ශබ්දය ඇසී අවට සිට පැමිණ බියට පත්වූ අසල්වසීන් 20ට වැඩි ප්‍රමාණයක්ද සිටියේ පන්සලේය..
ගම්මානයේ විශාල පිරිසක් මේ කිසිත් නොදැන නින්දේය. සරත්ගේ නිවස අවට කිසිදු නිවසක නිවැසියන් නොමැත ඔවුන් සියලු දෙනාම මේ වනවිට පන්සල වෙත පැමන ඇත.
නමුත් එක් අයෙකු සරත්ගේ නිවස අසල ගේට්ටුවට තඩිබාන්නට වූයේ පිස්සෙක් මෙනි.. ඒ අන් කවරෙකු නොව ආරිංහාමිය.
ඉන්න යකෙක් වරෙන් බලන්න මේ ආරිං එක්ක හැප්පෙන්න උබලට ඒවා හීන ඒවා හීන ...
සිහිල් සුලං රැල්ලක් ආරිං වටා හමන්නට වූවද ඔහුට එහි වෙනසක් නොවීය .. සුලං රැල්ල සෙමින් ගොස් වැදී නිවසේ ගේට්ටුව කෙමෙන් විවර වන්නට විය.
ගේට්ටුව ඇරෙන්නාහාම එලියට දික්වූ අතකි... මස් පිලිස්සුනු එහි කටුපවා පෑදී ඇත. සිතාගැනීමටවත් වේලාවක් නොතබා ගේට්ටුවෙන් එපිට සිටි ආරිංගේ බොටුව එම අතට සිරවී ඔහු ගේට්ටු පලු අතරින් ඇදී යන්නට වූයේ මරහඩ නගමිනි නමුත් එම හඩ කිසිවෙකුට නොඇසෙන්නට ඇත.. නිවසේ දොරටුවද ශබ්ද නගිමින් ඇරී නැවතත් වැසී යන්නට වූයේ ආරිං නිවස තුලට ගැනීමෙන් අනතුරුවය.
විනාඩි කිහිපයක් තුල කිසිවාක් නොවුනාක් මෙන් ගේට්ටුද වැසී ඇති නිවස නිස්කලංක විය.
තම බිරිදගේ කළවා දෙස බැලූ සරත්ට තම දෑස් අදහා ගත නොහැකි විය... එහි වූයේ ඇතුලටම කිදාබැසි යම්කිසිවක සලකුනකි.
කඩල ඇටයක පමණ ප්‍රමාණයක වලක් එහි විය. ලේ වෙනුවට එතුල නිල්පැහැ වී තිබින. කකුලේ කිසිදු තැනක තුවාල සලකුනක්ද නොවීය නමුත් කලවා පමණක් හිල්වී ඇත්තේ ඇමක පැටලූ මාලුවෙකුගේ කටක් තුවාල වන්නාක් ලෙසය.
පිටින් කිසිවකුට නොපෙනෙන මෙය හාමුදුරුවන් දැනගත්තේ කෙසේදැයි සියල්ලන්ටම ප්‍රශ්නයක් විය..
ළමයිනේ ඔය ඔහොම තුවාලයක් වෙලා මෙහෙට ආව පළවෙනි ළමයා නෙමේ.... මීට අවුරුදු 2 විතර කලින් තව කෙනෙක් ආවා.. ඒ ආව කෙනාට අවුරුදු 75ක් විතර ඇති එයත් ගෑනු කෙනෙක්ම තමයි...
ළමයිනේ මේ පත්තර පිටුව බලන්න...
නාහිමියන් විසින් පෙන්නූ පත්තර පිටුවේ උඩින්ම ඌයේ මෙවන් සිරස්තලයකි.
" අබිරහස් ලෙස ඝාතනය වූ කාන්තාවකගේ ශරීරයක් පන්සලක් අසලින් හමුවේ.... "
ශරීරයේ යම්කිසිවකින් සිදුවූ අගල් 2 පමණ ගැබුරු වෘතාකාර තුවාලයක් පැවතී අතර හේතුව තවමත් අභිරහසකි. "
එම ව්ස්තරයට පහලින් යාන්තමින් දිස්වූයේ මියගිය සිරුරේ පින්තූරයක් හා පසෙකින් මියගිය තැනැත්තියගේ ජීවත්ව සිටි කාලයේ පින්තූරයකී..
මුලු පන්සලම මොහොතකට නිශ්ෂබ්ද වන්නට විය . එම නිශ්ෂබ්දතාවය බිදවැටුනේ කිසිවෙකු අසල පුටුවක් මතට ක්ලාන්තව ඇද වැටුනු ශබ්දයෙනි.
දෙ...දේ ..දෙවියනේ... මේ අපිට පන්සල ළගදි හම්බවුන අත්තම්මා නේද? ..
සියල්ලෝම සිටියේ තුෂ්නිම්භූතවය. කිසිවෙකුත් මෙහි වන්නේ කුමක්දැයි සිතාගත නොහැකි තත්වයකට පත්වී ඇත.
හාමුදුරුවනේ මේ මොකක්ද වෙන්නේ අනේ අපිව බේරගන්න අපිට මේ වෙන්නේ මොනාද කියලා කියන්න හාමුදුරුවනේ..
ළමයි මගේ පස්සෙන් බුදුගෙදරට යමු. කවුරුත් පැය 24ක් යනකන් ඔඅය පිරිත් නූල් එහෙම ගලවන්න එපා.
නාහිමියන් පසුපස බුදුමැදුරට පැමිණි සියල්ලෝම බුදුන් සරණ යන්නට විය. හිත් තුල වූ බිය යම්තාක් අඩුවුවද එය පහව ගියේ නැත.
ළමයිනේ ඔය ආච්චි අම්මා අපේ පන්සල ඉස්සරහම තමා මැරිලා වැටිලා තිබුනේ. මම සම්පූර්න සිද්දියම දැක්කත් මම එතනට යනකොට ඔක්කොම වෙලා ඉවරයි.. පන්සලෙන් පිටදී ඒ ආත්මයන් ගොඩක් බලගතුයි මම මැදිහත් උනානම් බොහෝ විට අසල්වැසියෙක්ටත් ජීවිතේ නැතිවෙන්න තිබුනා...
අයියෝ...... කතාව අතරමැදදී යමක් මතක් වූවාක් මෙන් නාහිමියන් තම හිසට අත්දෙක තබාගන්නට විය..
ළමයි කතාව කියවන්න කලින් ඉක්මනට යමු අපිට ආරිංව බේරගන්න පුලුවන් වෙයිද කියල බලමු...
එකක් මතක තියාගන්න ඔක්කෝම එකතැනම ඉන්න පන්සල ගාව ඉදන් සරත්ගේ ගේ ගාවට යනකන් හැමෝම මෙතන ඉන්නව ආරිං ඇරුනම. අපේ කවුරුත් ඒ ගේත් පන්සලත් අතරමගදී මගහැරෙන්න එපා එහෙම උනොත් ඒ එයාගේ අවසානෙ වෙන්න පුලුවන්... පිරිත් නූල අතේ තියෙන නිසා යම්තාක් බේරුමක් තිබුනත් තනිවෙලා ආත්මයන් දෙකේ බලය වැඩි තැනකට ගියොත් ඔය බලේ මොනවා හරි උප්පරවැට්ටියක් දාලා ආත්ම දෙක බිදිනවා ඒ නිසා පරිස්සම් වෙන්න ඕන..
මෙතෙක් යම් සැනසීමක් ලැබුවෝද නැවතත් බියවී වෙවුලන්නට විය.
සරත්ගේ ගේ අසලට යනතෙක් කිසිවෙක් අතරමං නොවීමට වගබලාගන්නට විය.. සරත්ගේ ගේට්ටුවට එපිටින් අහසට නැගෙන විශාල දුම් කන්දරාවකි.
නිවස අසලට ලංවත්ම නාහිමියන් පිරිත් ආරමභ කරන්නට විය. ගේට්ටුවෙන් ඇතුල බලන්නට වූයේද නාහිමියන් විසිනි... අනෙකුන් තාප්පය අසලින් ඇති හිඩස් තුලින් බලන්නට විය...
ගේට්ටුව අසල තැබිලි ගස අසල ගිනිගන්නා යම්කිසිවක් සැමට දකින්නට හැකිවිය...
ගේට්ටුව විවර කරමින් පිරිත් සජ්ජායනය සමගින්ම නාහිමියන් එම ගස අසලට ලංවනවාත් සමගම ගින්න නිවී යන්නට විය...
හිත ශක්තිමත් දෙදෙනෙකුට පමණක් ඇතුලට කතාකල නාහිමියන් ගිනිගෙන දැවුනු දෙය ගේට්ටුවෙන් මෙපිටට අදින්නට විය..
සැමගේම නෙත් නිලංකාර කරමින් මෙතෙක් ගිනිගෙන දැවී තිබුනේ ආරිංහාමිය.... පණපිටින් පිලිස්සී ඇති ඔහුගේ අඩක් දැවුනු නග්න සිරුරේද කලවයෙහි ගැබුරු තුවාලයක් විය...
මිනියද උසලාගෙන සියල්ලෝම හැකි ඉක්මනින් පන්සල වෙත දිවයන්නට විය... පන්සලේ ගේට්ටුව අසල බිම මිනිය තැන්පත් කර එයට පිරිත් පැන ඉස සියල්ලෝම නැවතත් ඇදී යන්නට වූයේ බුදුමැදුර වෙතටයි....
දෙවැනි කොටසින් හමුවෙමු.
අශාන් රවිශාද්.....
