කුළී ගෙදර අවසාන කොටස | Kuli Gedara 03 Kotasa
වේලාව පස්වරු 5 ද පසුවී ඇත.. ගම්මානයේ මායිම දක්වා සිටින්නාවූ සියලු දෙනාම පාහේ සුසාන භූමිය දක්වා ඇදෙන්නට විය.
වයෝවෘද්ධ සියල්ලෝම සහ යම් යම් ආබාධිත පුද්ගලයන් මේ වන විට සාමනේර වහන්සේ දෙනමක් හා තවත් හිමිනමක් සමගින් පන්සලට වී සිටී.
සුසාන භූමිය අසල කඩි ගුලක් මෙන් ඇවිස්සී ඇත. සුසාන භූමිය මැද පිහිටා තිබෙන ආදාහනාගාරයේ සිරුරු තැන්පත් කර නෑදෑයන් හට අවසන් වතාවට බැලීමට පෙට්ටිය හැර පෙන්වන ස්තානයේ පුටු හතක් සුදු රෙදිදමා සූදානම් කර ඇත..
පිරිත් ඇසීමට එන්නවුන් සදහා බිමට පැදුරු දමා පිරිත් නූල් බෝලයක් වටේටම යවා ඇත...
සවස 6 වනවිට නිවැරදිවම පිරිත් ආරම්භ කරන්නට විය. පිරිත් ඇසීමට පැමිණි සෑම කෙනෙකුගේම අත් අතරින් මේ වනවිටත් පිරිත් නූල් යවා තිබින.. නා හිමියන් පිරිත් ආරම්භයට පෙර පැවසූ නියාවෙන් කිසිවෙකුත් පිරිත් නූල අත් නොහැර සිටින්නට විය..
සුසානය පුරාම පිරිත් හඩින් දෙදරුම් ගද්දී කෙමෙන් රාත්‍රී අදුර ගම්මානය වසාගන්නට විය.
වේලාව මධ්‍යම රාත්‍රීයට ආසන්න වන්නට විය... ආදාහනාගාරය මධ්‍යයේ රැස්ව සිටියවුන්ට අමතරව මේ වන විට එයට මදක් එපිටින් වලක් හාරමින් සිටියේ ගමේ සිටින හිත හයිය යැයි පිලිගන්නා පුද්ගලයන් 6/7 දෙනෙකි...
රාත්‍රී 12ට ආසන්න වත්ම ඔවුන් එම වළ හාරා අවසන් කරන්නට විය. ඇට සැකිල්ලක් පමණක් වල තුල දිස් වූයේ මීට අවුරුදු කිහිපයකට මියගිය අයෙකු ලෙස කියාපාන්නා මෙනි.
පිරිත් ශ්‍රවනයට පැමිණි නාහිමියන් මේ වනවිට එම ස්තානයට ළගා වෙමින් පවතින්නට විය..
ළමයිනේ ඔය වැඩේ දැන් ඉවරයි නේද? පිරිත් දැන් මේ ඊයෙ දවසක්ම අපි පිරිත් කරපු පිරිත් පැන් බෝතලයයි මේ පිරිත් නූල් ටිකයි ඔය ශරීරයෙන්ම තියලා ඊලගට ආරිංගේ මිනිය වලලපු තැනට ගිහින් වලට උඩින් පිරිත් පැන් ටිකක් ඉහල එමු..
විනාඩි කිහිපයක් ඇතුලත හිමියන්ගේ වදනින් සියල්ලෝම එම වැඩ කටයුතු අහවර කරන්නට විය.
ගේට්ටුව අසලට වී සුසානය දෙස බලා සිටින්නවුන් කිහිප දෙනෙක් හිමියන්ගේ නෙතු ගැටුනද අන් අයට එය පෙනීම වලක්වමින් නාහිමියන් ඔවුන් ආදාහනාගාරය වෙත කැදවාගෙන යන්නට විය.
සුසානයේ ගේට්ටුව එක්වනම විශාල ශබ්දයක් නගමින් විවෘත වන්නට විය.. ආදාහනාගාරයේ සිටි සියල්ලෝම තුෂ්නිම්භූතව ගියද පිරිත් සජ්ජායනය දිගටම පවත්වාගෙන යාමට හිමිවරුන් හට හැකිවිය..
ගේට්ටුව අසල රැදී සිටින්නේ එක් අයෙකු පමණි... ඒ මීට අවුරුදු කිහිපයකට පෙර මියගිය ශෙහාන්ගේ මවය... මේ වනවිට ශෙහාන් මෙම ස්තානයේ නොසිටිය බැවින් ඇය හදුනා ගත්තේ ගමේ සිටි පැරනිම කිහිප දෙනෙකු විසිනි...
ගේට්ටුව අසල තවත් දෙදෙනෙකුගේ රූපයන් ඇදී මැකීයන්නට විය. ඒ කවුරුන්දැයි හරියාකාරව හදුනාගත හැකිවූයේ නාහිමියන් හට පමණි...
ගිනිගත් නෙත් තුලින් ආදාහනාගාරය දෙස බලා සිටි ඇය.. තම අතැති ස්පැනරයද ඔසවාගෙනම ගේට්ටුවෙන් ඇතුල් වන්නට විය.
ස්පැනරය තුලින් තවමත් ලේ වැගිරෙයි. මස් කුට්ටියක් මෙන් දිස්වූ මුහුනේ ඇති ගිනිගෙන දැවෙන නෙත්. ඇයගේ ශරීරයෙ පාට මෙන්ම අමුතු රක්ත වර්නයක් ගෙන තිබේ. ශරීරයේ සමක් නැති තරම් විය.
ඇයගේ රුව දුටු කිහිප දෙනෙකු බයෙන් ත්‍රස්ත වී ක්ලාන්තව ඇද වැටුනෙන් පිරිත් සජ්ජායනය මැද්දට ඔවුන් කැදවාගෙන යන්නට විය.
මෙතෙක් කිසිදු ප්‍රශ්නයක් නොනගී යැයි එකාන්තයෙන්ම සිතා සිටියාවූ නා හිමියන්ද මේ වන්නේ කුමක්දැයි වටහාගත නොහැකිව සිටින්නට විය..
" මේ මොකක්ද මේ වුනේ හරි සොහොනේ හරි මිනිය උඩට පිරිත් නූල් පිරිත් පැන් තැනපත් කරලත් මේ යක්ෂනී මෙහෙම එන්නෙ කොහොමද? "
නා හිමියන්ටද මහත් ගැටලුවක් වූයේ ඇය පැමිණියේ කෙසේද යන්නැයි. පිරිත්වල බලයට පටහැනිව යාමට හැකි සමතෙක් මේ සක්වල නොවිය යුතුය.
කුමක් හෝ වරදක් වූ බව නා හිමියන්ටද වැටහී යන්නට විය. නමුත් බියවීමට දෙයක් නැත ආදාහනාගාරයට ඇයට කෙසේවත් ඇතුල් විය නොහැක හතර කොනෙහිම පිරිත් නූලෙන් ආරක්ශා කර ඇත.
පැය කිහිපයක්ම හිමිවරුන් අසලට වී ඇතුලු වීමට තැනැක් සොයන්නට විය.
කුඩා ළමුන් ඇතුලු විශාල පිරිසක් බියවී වෙව්ලමින් සිටියේ මේ වන්නේ කුමක්දැයි වටහාගත නොහැකිව.
පාන්දර 3 පමණ වන තෙක් ආදාහනාගාරය අසල එක් එක් වෙස් පෙරලූ ඇය. එක් විටක පන්සලේ නතර කර ආ වයෝවෘද්ධ පියෙකුගේ රුවගන්නට විය...
ආරිංගේ රුවද කිහිපවරක් ආදා ගැනීමට ඇයට හැකිවිය. පිරිත් අතරට පැමිනීමට නොහැකිබව හදුනාගත්තෙන් පාන්දර 3 වන විට ඇය නැවතත් හැරී යන්නට විය..
අලුයම 6 පමණ වන විට අදුර මැකී හිරු නැගී එන්නට වූයෙන් සියල්ලන්ගේම බිය තුරන් වන්නට විය. පිරිත් සජ්ජායනය පාන්දර 6 වන විට නතර කරන්නට වූයෙන් සියල්ලෝම තම නිවෙස් බලා පිටත් වූය පස්වරු 5 වන විට නැවතත් පන්සලට පැමිනීමේ පොරොන්දුව පිටය.
හාමුදුරුවනේ අපේ ගෙදරට මොකද කරන්නේ දැන් ... අපිත් යන්නද..?
ඔය ළමයින්ට පිස්සුද ගෙදර යන්න එපා ඔය ළමයි මම ශෙහාන්ට එන්න කියලා යව්වා ඉක්මනට එයි එතකන් ඉමු.
මෙතන කවුද ඉතුරුවෙලා ඉන්නේ ශෙහාන්ගේ අම්මගේ මිනිය වළලනකොට හිටපු ?
පිරිස අතරින් ඉදිරියට ආවේ එක් වයසක පුද්ගලයෙකි.
හාමුදුරුවනේ මම හිටියා ඒ දවස් වල ඉදන්ම මේ ගමේ.. ඇයි හාමුදුරුවනේ
උපාසක මහත්තයට මතකද එදා ඒ මිනිය වලලපු තැන.. ?
එහෙමයි හාමුදුරුවනේ ඊයේ ඔබවහන්සේ පිරිත් පැන් ඉසපු මිනිය තමා ශෙහාන්ගේ අම්මගෙ මිනිය.
හොදටම විශ්වාසද ඒක එහෙමමයි කියලා... ඔය දවස්වල ඔය මිනියට පොලිස් ප්‍රශ්න ආවෙ නැද්ද ?
පොලිස් ප්‍රශ්නනම් ආවෙ නෑ හාමුදුරුවනේ ඒ ශෙහාන්ගේ තාත්තාගේ යාලුවො තමා පොලීසියෙ ඉන්නෙ ඒ නිසා ප්‍රශ්නයක් උනේ නෑ කොහොමත් වරදක් නැති නිසා මිනිය වලලන්න අවසර ලැබුනා..
උපාසක මහත්තය මිනිය හොදට දැක්කද? දැන් කෝ අර පොලීසියෙ හිටපු oic මහත්තය මට එයාව හොයාගන්න බැරි වෙයිද?
ඒ මනුස්සයවනම් හොයාගන්න බැරි වෙයි ඒ කාලෙම ඒ මිනිහා වාහනෙක හැප්පිලා මලා. ඒ මිනියෙ අවසන් කටයුතු ඒ ගමේ කරන්න ඇති.
ඒකත් එහෙමද එතකොට අර මිනිය ගැන මම අහපු එකට තවම උත්තරයක් ලැබුනෙ නෑනෙ..
සමාවෙන්න හාමුදුරුවනේ මිනිය බලාගන්නනම් බැරි උනේ මිනිය සීල් ආපු නිසා ඒ නිසා අපි දැක්කෙ නෑ..
එහෙමද දවස් කීයක් ඔය මිනිය තිබුනද ගෙදර?
දවසක් තිබුනා පහුවෙනිදා වැලලුවා හාමුදුරුවනේ ..
හා හරි හොදමයි ඔබතුමාත් ගිහින් හවසට එන්න.
හොදමයි හාමුදුරුවනේ...
වේලාව පස්වරු 5ට ආසන්න වන විට පන්සල අසලට පොලිස් ජීප් රථයක් පැමිණ නවත්වන්නට විය.
මෙවන් අවස්තාවක පොලීසිය පැමිනීමට හේතුව කුමක්දැයි පිරිස අතර කසුකුසුවක් ඇතිවූයේ නිරායාසයෙනි..
ජීප් රියෙන් එලියට බට ස්තානධිපති තුමන් විසින් ජීප් රියෙන් එලියට ඇදගෙන ආවේ අත්වලට මාංචු දැමූ පුදගලයන් තිදෙනෙකි..
වයස 50ක පමණ පුද්ගලයන් දෙදෙනෙකු හා ව්‍යස 30ක පමණ තරුණයෙකු ඔවුන් අතර විය..
ඉන් එක් අයෙකු පමණක් ගැමියන් හදුනාගත්තද ඇතමෙක් තිදෙනාවම හදුනාගන්නට විය
පොලිස් ජිප් රථයෙන් එලියට බට තිදෙනාවම මාංචු සහිතව රැගෙන යන්නට වූයේ නාහිමියන් වෙතයි...
ඒ අතර ඌ අයගෙන් නා හිමියන්ද හදුනාගත්තේ එක් අයෙකු පමණි...
ආහ් මේ අපේ රාළහාමිනේ කොහොමද ඉතින්...
හොදින් ඉන්නව හාමුදුරුවනේ හාමුදුරුවන් දුන්න විස්තරේ නිසා අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක සුළ මුළ හොයාගන්න පුලුවන් උනා...
වට පිටාවේ සිටියවුන් තවමත් තුෂ්නිම්භූතවය
මාංචු සහිතව සිටියවුන්ගෙන් එක් අයෙකු අසලට හිමියන් ලං වන්නටවිය..
ශෙහාන්....
හාමුදුරුවන්ගේ වදන් ඇසෙනවාත් සමගම සියල්ලෝම බිය වී මෙන් ශෙහාන් දෙස බලන්නට විය..
එතකොට මේ ශෙහාන්ද..
ඇයි මේ ශෙහාන්ට මාංචු දාලා...
අවට සිටියවුන් අතර කසුකුසු ඇසෙන්නට විය.
ඉතින් ඉතින් ශෙහාන් මට දැන් ඉක්මනට කියන්න මේ ගමට වෙලා තියෙන මේ ප්‍රශ්නෙන් බේරෙන්න විදිහ. මම හිතනව ශෙහාන්ට ඇති කියලා අපි ඔක්කොටම කියන්න හොද කතාවක්... ඔහොමම කට්ටියම යමුකෝ බණ මඩුවට ගිහින් මේ කතාව අහගෙන බලමුකෝ...
හිමියන්ගේ පිටුපසින් බණ මඩුවට පිවිසි සියල්ලෝම බලා සිටියේ
ශෙහාන්ගේ මුව විවර වන තුරුය.
අපෙ හාමුදුරුවනේ මම මේ ගැන එච්චර දෙයක් දන්නෙ නෑ මම ලොකු සම්බන්දෙකුත් නෑ. මම කියන්නම් කතාව... ඊට කලින් අපි යමු අපේ ගෙදරට තවම හවස් වෙලා නැති නිසා වත්තට ඇතුල් උනාට කරදරයක් වෙන්නෙ නෑ... සද්ද බද්ද ඇහෙනවා ඒව ගනන් ගන්න එපා...
ශෙහාන්ගේ වදන් සමග සියල්ලෝම ශෙහාන්ලාගේ නිවස වෙත පියනගන්නට විය.
ගේට්ටුව විවර කරනවාත් සමගම අසල තැබිලි ගසේ ගෙඩියක් බිම පතිත වූයේ බිම තිබු තැබිලි අත්තක් මතටමය. කුඩා දේකටත් බයවෙන්න තරම් හිත් බියවී තිබුනෙන් කිහිප දෙනෙකුම කෑ ගසාගෙන නැවතත් ගේට්ටුවෙන් එලියට යන්නට විය..
පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු හා ස්ථානාධිපති සමගම හිමියන්ද ගේට්ටුවෙන් ඇතුල් වූයේ සිරකරුවන් තිදෙනාද කැටුවය..
ආන් අර තැඹිළි ගහ යට පොලවේ හංගලා තියෙන එක අයින් කරලා වරු තුනක පිරිතක් මේ වත්තෙ තිබ්බනම් හරියයි... ශෙහාන්ගේ වදන් එසේ විය..
ගැමියන් කිහිප දෙනෙකුගේ දෑත් ක්‍රියාත්මක වෙමින් උදලු තලවල සහයෝගයෙන් විනාඩි කිහිපයක් ඇතුලත පොළව තුල ඇති දෙය මතුකරගන්නට විය..
බොහෝ දෙනෙකු බලාපොරොත්තුවූයේ පොළව තුලින් ස්පැනරයක් හමුවේ යන්නයි නමුත් කිසිවෙකුත් නොසිතූ අයුරින් එහි ස්පැනරයක් හා ඊට අමතරව තවත් යමක් නිධන් ගත වී තිබින..
අංග සම්පූර්න ඇටසැකිල්ලක් වල තුල නිධන් වී තිබින.. සැකිල්ලද මීට වසර ගනනකට පෙර මියගිය අයෙකුගේ බව බැලු බැල්මටම හදුනාගත නොහැකි විය..
දඩාං.....
එක්විටම නිවස දෙසින් නැගුනු විශාල ශබ්දයකට සියල්ලන්ගේම නෙත් යොමුවන්නට විය.
නිවසේ ඉදිරිපස එක් ජනේලයක් මහත් හඩින් වැසී ඇති අතර එහි වීදුරුව සුණු විසුණුව බිම වැටී ඇත..
ජනේලය තුලින් දිස්වූයේ යම්කිසි විඩාභර මුහුණකි.. තත්පර කිහිපයක් ගිනිගත් දෑසින් යුතුව බලා සිටියේ ශෙහාන්ගේ මවගේ ආත්මයයි...
තත්පර කිහිපයක් ගිනිගත් දෑසින් යුතුව සැකිල්ල සොයාගත් වල දෙස බලා සිටි ඇය ක්ශනිකව නැවතත් නොපෙනී යන්නට විය . ඒ හාම ජනේලය නැවතත් ශබ්ද නගා වැසීයන්නට විය..
ඇටසැකිල්ල රජයේ රස පරික්ශක මගින් රෝහල හරහා ගෙන ගිය අතර අදුර කෙමෙන් ලංවත්ම සියල්ලෝම නැවතත් පන්සල කරා ළගා වන්නට විය ..
ශෙහාන් දැන් කියමු බලන්න තමුන්ගේ කතාව...
" මගේ නම ශෙහාන් කියල ගොඩක් අය දන්නවත් ඇතිනේ.. මගේ පවුල ගැන කියන්න ඕනත් නෑනෙ තාත්තයි මමයි අම්මයි තමා හිටියේ... මම ඉපදෙනකොටත් අපි හිටියේ අපි උදේ ගිය ඔය ගෙදර තමා..
අගහිගකම් නැතුව ජීවත් වෙන්න තිබුන අපේ ජීවිතය අපේ තාත්තගේ බේබදු කමට යට උනා.. ඒත් කාටවත් අපි අතපාලා නෙමේ ජීවත් උනේ...
අපේ අම්මා නැතිවෙනකොට මට වයස 17 විතර ඇති ඒ දේ මගේ හිතේ තාමත් තියෙන්නේ ඒ දේට මමත් හවුල් වුන නිසයි.
එදාත් වෙනදා වගේම සාමාන්‍ය දවසක්... වෙනදා වගේම තාත්තා එදත් හොදටම බීලා ගෙදර ඇවිත් තිබුනේ.. එදා පඩි දවසක් නිසා අම්මා තාත්තගෙන් පඩිය ඉල්ලුව.. සාක්කු දෙක තුනම තාත්තා අතගෑවේ වෙරිමතේ...
ඒත් තාත්තගේ සාක්කුවේ පර්ස් එක තිබුන් නෑ... බේබදු කම නිසා මාසෙක පඩිය වට්ටගෙන ආපු එකට අපේ අම්මට තරහා ගිහින් මේ කාලකන්නි බේබදුකමක් තියාගෙන මූත් කාලකන්නි වෙලා මේ කොල්ලවත් කාලකන්නි කරන්න හදනවා අනං මනං කියෙව්වා..
ඒ වෙලාවෙ මම හිටියේ ඉස්සරහ කාමරේ තාත්තා හිටියේ සාලේ අම්ම කුස්සියෙ ඉදන් තනියම බැන බැන ඉදලා තියෙන්නේ ලිපට ලාම්පු තෙල් දදා...
මට සාලෙ පුටුවෙන් අපේ තාත්තා නැගිටිනවා ඇහුනත් මම ඒක ගනන් ගත්තේ නෑ මේ වෙද්දිත් අම්ම බයිනව ඒත් මට ඒව පැහැදිලි නෑ දුර වැඩි නිසා..
විනාඩි දෙක තුනකින් කුස්සිය පැත්තෙන් අනේ පුතේ මාව බේරගනියෝ කියලා කෑ ගහනකොට තමයි මමත් දුවගෙන ගියේ..
යනකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි.. බේබදුකම ඉහට ගහල හිටිය තාත්තා ගෙයි තිබුන ස්පැනර් එකකින් අම්මගෙ ඔලුවට ගහල තියෙන්නෙ ලිපට ලාම්පුතෙල් දදා ඉන්නකොටමයි... ඔලුව අල්ලගත්තු අම්මගෙ අතින් ලාම්පුතෙල් එක ලිපට වැටිලා ඇගදිගේ බේරිලා... මම ළගට යනකොටත් ලංවෙන්නවත් බැරිතරම් ගිණිගොඩක් එතන තිබුනේ... අපි වතුර ගහල ඔක්කොම කලත් අපි ගින්න නිවද්දි අම්මා අපිව දාලා ගිහින් තිබුනා..
වට පිටාවෙ මිනිස්සු එක්ක එකතුවෙලා මායි තාත්තයි මිනිය මල් ශාලාවකට අරන් යන්න ගියා. මිනීමැරුමක් කියල කට්ටියට අහුවෙයි කියන බයට අපි ඉස්පිරිතාලෙට ගෙනිච්චෙ නෑ...
තාත්තා කිව්වේ පුතේ මම අදුරන මල් ශාලාවක් තියෙනවා අපි එතනට යමු කියලා...
අපිත් එතනට ගියාට පස්සේ පැයගානක් කතා කර කර ඉදල බොඩියත් ඇතුලට ගත්තා .. පැය කිහිපයකින් අපිට දුන්නෙ සීල් කරපු පෙට්ටියක්..
මමයි තාත්තයි පෙට්ටිය අරන් ගෙදර තියල ඔක්කෝම හරියට කරල මිනිය වැලලුවා...
ඒත් පහුවෙනිදා...
පුතේ වරෙන්කො යන්න පොඩි ගමනක්....
තාත්තා කතා කලාම මමත් තාත්තා එක්කම ගියා .. තාත්තා ගියේ එදා අපි ගියපු මල්ශාලාවට..
එදා ඒ මල් ශාලාවෙ හිටිය අයිති අංකල් පීටරුයි ගෝලයා වුන නිමලුයි තමා මේ ඉන්නෙ...
සියල්ලන්ගේම නෙත් තත්පර ගානකට නිමල් සහ පීටර් වෙත ඇදෙන්නට විය.
ඔවුන් බිම බලාගත්වනම සිටින්නට විය.
ශෙහාන් නැවතත් කතාව ආරම්භ කරන්නට විය.
එදා මල්ශාලාව ඇතුලට අපිව එක්ක ගිහින් පීටර් අපිට පෙන්නුවේ සුදු රෙද්දකින් ඔතපු මිනියක්...
ඔව් ඒ වෙන මොකුත් නෙමේ අපේ අම්මගේ මිනිය... අපි කලින් දවසේ වලලලා තියෙන්නේ අපේ අම්මගේ මිනිය නෙමේ වෙන මිනියක්..
මිනිය දැකපු ගමන් තාත්තා කිව්වා මමයි මේක හංගන්න කිව්වේ අපි අද රෑට මේක වත්තට අරන් ගිහින් වලක් කපල වලලමු කියල..
මමත් කරන්න දෙයක් නැතිකමට කැමති උනා..රෑ 12 පහු උනාට පස්සේ මේ පීටර්යුයි නිමලුයිත් ආවා අපි එක්ක මිනිය වලලන්න..
අපිය මිනිය වලලලා සතියකට විතර පස්සේ ගේ කුලියට දීලා රට ගියා...
පන්සල තුල රැස්වන සිටින්නෝ මීයාට පිම්බක් මෙනි .. ඔවුන්ගේ ඇස් උඩ ගොසිනි. මේ සිදුවී ඇත්තේ කුමන ආකාරයේ අපරාධයක්දැයි ඔවුන් සිතන්නට වූවා නිසැකය.
තත්පර කිහිපයකින් නැවතත් කතා කලේ හාමුදුරුවන් විසිනි...
හරි දැන් ඔය පීටර් කියමු බලන්න මිනියේ විස්තරේ....
හාමුදුරුවනේ මගේ හොදම යාලුවෙක් ශෙහාන්ගේ තාත්තා අපි එකට scl ගිය කට්ටිය. ඉතින් දවසක් මිනියක් ගෙනත් ඒ මනුස්සයා මට කිව්වා මේක හංගලා මට වෙන මිනියක් හරි මොකක් හරි සෙට් කරල සීල් කරල දියන් කියලා..
හාමුදුරුවනේ ඇත්තටම කිව්වොත් අපි බිස්නස් කලේ වංචාවෙන්... මිනියක් වලලලා සතියක් යන්න කලින් අපි ඒ මිනියත් එක්කම පෙට්ටිය ආපහු ගේනවා ගෙනත් මිනිය අපේ මල්ශාලාව පිටිපස්සෙ කැලේ වලලනවා...
ඔය දවසෙත් අපේ මේ නිමල් තව කොල්ලො තුන් දෙනෙක් එක්ක ගිහින් මිනීපෙට්ටියක් අරන් ආවා ඒ ගෙනාපු මිනිය වලලන්න හදද්දි තමා ශෙහාන්ලගේ තාත්තා මේ කතාව කිව්වේ..
ඉතින් අපි ඒ මිනිය අලුත් පෙට්ටියකට දාලා සීල් කලා ශෙහාන්ගේ අම්මගේ මිනිය අපේ උඩ තියෙනවා ශීත කාමරයක් ඒකට දැන්මා වැඩිපුර ෆෝමලින් ගැහුවා මිනිය කුනුනොවී තියෙන්න...
සීල් කරපු පෙට්ටිය ශෙහාන්ලා අතේ යවල දවස් දෙකකට පස්සේ මිනිය ගෙනියන්න ආපු ශෙහාන්ලා එක්කම ගිහින් එයාලගේ අම්මගේ මිනිය එයාලගේ වත්තෙම හොරෙන් වැලලුවා...
පීටර්ද තම කතාව අවසන් කලේ ම්නිසුන් පිලිකුලෙන් ඔවුන් දෙස බලා සිටිද්දීය...
මළ මිනීත් විකුනන් කන හැත්ත... ඇතමෙකු දොඩනු ඈතින් ඇසෙන්නට විය...
මේ ළමයි ඔක්කොටම දැන් තේරෙන්න ඇතිනේ ඒ අම්මගේ පලිගැනිමේ හේතුව ඒ ආත්මෙට ඕන කරල තියෙන්නෙ මිනිය තිබුන තැන පෙන්නන්න... හෙට උදෙන්ම ගිහින් අපි පිරිත් කියන්න ලෑස්ති කරමු...
කෝ මේ අපේ ඇබිත්තයා....
හෙට ගමේ ඔක්කොම ඒ ඉඩමට එන්න කියපන් පිරිත් අහල පින් වඩලා පහුවදාට දානයක් දෙමු හත්නමකට...
රාළහාමි දැන් මුන් තුන්දෙනා අරන් ගිහින් ශෙහාන්ව හෙට පුලුවන්නම් පිරිතටයි දානෙටයි අරන් එන්න ඒ හොදටෝම ඇති මුන්ට පුලුවන් උපරිම දඩුවම් අරන් දෙන්න...
හිමියන්ගේ වචනත් සමගම පොලිස් ජීප් රථය පන්සලෙන් පිටවී යන්නට විය..
පසුදින ඉඩම තුල පිරිත් සජ්ජායනාවක්ද ඊට පසු දින හත් නමක් විෂයෙහි දානමය පිංකමක්ද සිදුකල අතර...
දවස් කිහිපයකට පසු නැවතත් සුපුරුදු පරිදි තම ජීවතය ගෙනයාමට නිවස සරත්ට බාරදෙන්නට වූයේ නාහිමියන් අතිනි...
නිවස තුළ තිබූ සියලු ප්‍රශ්න එදිනෙන් පසු නැවතත් ඇති නොවීය...
ශෙහාන්ගේ මව දැන් සමාදානයේ සැතපෙනවා ඇත....
නිමී.....
