කුළී ගෙදර දෙවැනි කොටස | Kuli Gedara 02 Kotasa


කුළී ගෙදර දෙවැනි කොටස

ඔන්න ඕක තමයි මම උබලට කිව්වේ එකෙක්වත් මෙතනින් යන්න එපා පිරිත් නූල් ගලවන්න එපා තනිවෙන්න එපා කියලා ඒත් මුගේ මහ පණ්ඩිතකම නිසා දැක්කනේ වුන දේ...

ඕකගේ මිනිය පන්සලටවත් ගන්න බෑ ආත්මේ දරුණු නිසා ඇවිත් පන්සලට සම්බන්ද කවුරු හරි කෙනෙක් අරන් යන්න බැරිකමක් නෑ.. ඇබිත්තයා ඉන්නේ පන්සලෙ මායිමෙන් එලියෙ ඒ නිසා ඒ මිනිහගේ ජීවිතේ අනතුරක් වෙනවා ඔය මිනිය පන්සලට ගත්තනම්...

එහෙමයි හාමුදුරුවනේ අපිට තේරුනා.. මේ වෙන්නෙ මොනාද හාමුදුරුවනේ අපිට තේරුම්ගන්න බෑ පුලුවන් විදියට තේරුම් කරන්න පුලුවන්නම් හොදයි හාමුදුරුවනේ ..

මේ ගෙදර ඔය ප්‍රශ්නෙ පටන් ගත්තේ මීට අවුරුදු දෙක තුනකට කලින් මම මේ පන්සලට වැඩියෙත් මීට අවුරුදු තුනකට විතර කලින් . මම වැඩම කරපු මුල්දවස් වලම තමා ඔය ගෙදර ප්‍රශ්නයත් ඇතිවුනේ..

ඔය ගෙදර අවුරුදු තුනකට කලින් වල් වැදිලා තිබ්බේ... හේතුව ඔය ඉඩමේ අයිතිකාරයා කොල්ලෙක් ඌ රට ගිහින් හිටපු නිසා කියල තමා කට්ටිය කිවුවේ.

කොල්ලා රට ගිහින් ආපු ගමන් ඒ වත්ත සුද්ද කරලා ඒ පරණ ගේ කුලියට දෙන්න තීරණය කලා... හැබැයි ඒ නිකංම නෙමේ..

කොල්ලගේ නම ශෙහාන් ... ශෙහාන්ලගේ අම්මා ශෙහාන් පොඩිකාලෙ නැතිවෙලා කියලා තමා ඔක්කොමල්ලා දන්නේ.. ඉතින් ශෙහාන්ට හිටියේ වයස අවුරුදු 70 විතර වුන තාත්තා විතරයි.. තාත්තා එක්කම රට ගිහින් ඉදලා ඇවිත් තාත්තව මේ ගෙදරම නැවත්තුවත් ශෙහාන්ට ඉන්න බැරි උනේ ශෙහාන් රටදිම කසාද බැදපු කෙල්ලෙගේ ගෙවල් ඉඩකඩම් තනි අයිතිය ඌට හම්බුන නිසා..

මාසයක් විතර ඒ ලොකු ගෙදර තනියම ජීවත්වුන ශෙහාන්ගේ පියාට එපා වෙලා තිබුනේ තනියම ඉදලා ඒ නිසා ඔය ගෙදරට ජෝඩුවක් හරි කොල්ලො දෙන්නෙක් හරි කුලියට නවත්ත ගන්න ශෙහාන් තීරනය කලා..

ගෙදර ගැන විස්තර දැනගත්ත ශෙහාන්ගෙ තාත්තගේ බැදපු නැති යාලුවෙක් එයයි එයාගේ නංගි නංගිගෙ දුවයි එක්ක ඇවිත් ඒ ගෙදර ඇවිත් නතර වෙන්න තීරණය කලා..

කුලී ගනන් මිනුම් කතා කරගෙන ගෙදරට ආපු ඒ කට්ටියගෙන් ඒ ගෑනු කෙනා මාස තුනකට විතර පස්සේ පන්සලට ආවේ දවසක් ගොඩක් හදිස්සියෙන්..

" හාමුදුරුවනේ මට ඔබ වහන්සේ එක්ක කතා කරන්න පුලුවන්ද ටිකක්...

පුලුවන් ඔය තැනැත්තිව මම වැඩිය දැකලා නෑ මෙහෙට අලුතෙන් වෙන්න ඇති මයෙ හිතේ..

එහෙමයි හාමුදුරුවනේ මීට ගෙවල් දෙක තුනකට එහායින් තියෙන ශෙහාන් මහත්තයලගේ ගෙදරට අලුතෙන් අපි තමා කුලියට ආවේ...

එතකොට ශෙහාන්ලගේ තාත්තා හිටියේ ඔහේ නේද දැන් එය නැද්ද?

එයත් ඉන්නව එයාට වෙනම කාමරයක් දීලා අපි වෙනම කාමර දෙකක් තියාගෙන ඉන්නේ හාමුදුරුවනේ .

ආහ් ඒකත් එහෙමද හරි එතකොට ඉතිරිටිකත් කිව්වනම්..

අපි ඇවිත් මාසයක් විතර යනකන් අපි හරියටම ඔය ගේ ගැන දැනගත්තේ නෑ..

ඇවිත් මුල්ම දවස්වල හරිම නිස්කලංකව තිබුනත් පස්සෙ පස්සේ කුස්සියේ බඩු මුට්ටු හේතුවක් නැතුවම පෙරලෙන්න ගත්තා. හේතුවක් නැතිවම උන මේකෙන් අපි හොදටම බය වෙලා හිටියේ..

ටික දවසකින් ඒ හිටිය ශෙහාන්ගේ තාත්තා අපේ දුවත් එක්ක ගොඩක් හිතවත් උනා අපේ දුවත් ශෙහාන්ගේ වයසෙම වගේ එයාගෙ තාත්තත් නැතිවෙද්දි එයාට අවුරුදු 10 වගේ.. ඉතින් එයා හැම කෙනෙක් එක්කම ඉක්මනට කතාවට යනවා..

දවසක් අපි තුන්දෙනා විතරක් ඉන්න වෙලාවක දුව එයාගෙන් එයාගෙ වයිෆ්ට උන දේ ගැන ඇහුවා..

මීට කලින් හාමුදුරුවනේ අපිට ශෙහාන් කිව්වා එයාගේ අම්මා මේ ගේවත්තේ තැබිළි ගහ ගාව ගිනිගොඩක් පත්තු කරනකොට ගිනිඅරන් නැති උනා කියලා.. ඒකත් කියන්න ඇත්තේ මේ වටේ අය ඔක්කොම ඒ ගැන දන්න නිසා වෙන්න ඇති.

අපේ දුව ශෙහාන්ගේ තාත්තා එක්ක කතා කරද්දි එයාගෙ කටින් වැරදිලා වගේ වචනයක් එලියට ආවා..

"
අපේ ගෑනි මේ ගේ ඇතුලෙම මැරුන එකනේ මට දුක " කියලා... අපිට ඒ වචනේ ටිකක් තදට වැදුන නිසා පහුවෙනිදා ශෙහාන්ගෙන් දැනගන්න පුලුවන් උනා එයාගෙ අම්ම ඇත්තටම ගිනිතියාගෙන මේ කුස්සියෙම මැරිල තියෙන්නෙ කියල...

ළමයි කියන එක අහන්නෙ නැතුව කරපු වැඩකට තරවටුවක් විදිහට කුස්සියෙ ගෑස් එකෙන් කොලයක් පත්තු කරන් ඇග ගාවට තියන් ලමයින්ට බැනලා තියෙනවා උබලා ආයිත් ඕව කලොත් මම ගිනි තියාගන්නවා කියලා...

කොළ කෑල්ලක් ගිනි තිබ්බම කොහොමද කියල ඔබ වහන්සෙත් දන්නවනෙව් හාමුදුරුවනේ... කොලේ එක කොනක් ගිනි අරන් ගැලවිලා ඇගට වැටිලා ඇදුමට ගිනිඅරන් තමා මැරිලා තියෙන්නේ... වතුර කොච්චර ගැහුවත් ඇදන් හිටිය ඇදුමෙන් කොන්ඩෙට ගින්න ඇවිලිලා හොදටම ගිනිඅරන් .. ඒ ගිනිගද්දිත් අනේ මගේ ළමයි කිය කිය තමා කෑ ගහල තියෙන්නේ..

පොඩි ළමයි දෙන්නා වටේ කට්ටිය එක්කන් එද්දි හොදටම පිච්චිලා හිටපු ශෙහාන්ගේ අම්මා ඉස්පිරිතාලෙදි මැරිලා...

එයා නැති වෙලා මාස 4 විතර පස්සේ මේ ගෙදර සද්ද බද්ද වැඩිවෙලා ඒ නිසා තමා ශෙහාන්ලා රට ගිහින් තියෙන්නේ...

ආයෙත් ආවම ළමයි වෙනුවෙන් ආදරෙන් හිටපු කෙනාව දාලා ගිය තරහටත් එක්ක මේ ආත්මේ ගොඩක් දරුනු වෙලා එයා තමා දැන් ගෙදර බඩු පොලේ ගහන්නේ.

මට දැන් ඒකට විසදුමක් තමයි ඕන හාමුදුරුවනේ.. "

අවුරුදු දෙකකට කලින් ආපු ගෑනු කෙනා ඔය ටික තමා කිව්වේ..ළමයින්ට තේරෙනව ඇතිනේ දෙයක් හිතින් අල්ලගත්තොත් වෙන දේ ..

මම ඊට පස්සේ ඒ ගෑනු කෙනාට කතා කරලා තේරුම් කරලා යැව්වේ මම එන්නම් කියලා..

" තැනැත්ති මුහුන දීලා ඉන්නෙනම් ටිකක් බැරෑරුම් දේකට වගේ.. මේක ගැන බලන්න මම හෙට හවස් වෙලා වඩින්නම් දැන් මේ පිරිත් නූලත් ගැටගහන්න තැනැත්ති යන්න"

මම එන්නම් කියල පොරොන්දු උන නිසාම තමා ඒ ගෑණු කෙනා එදා යන්න ගියේ..

ඒත් ළමයිනේ පහුවෙනිදා උදෙන්ම ආරංචි උනේ ඒ ගෙදර හිටපු ශෙහාන්ගේ තාත්තා කඩල ඇටයක් හිරවෙලා මැරිලා වැටිලා කියලා ගේ මැද්දෙම...

මොනවා.....

නාහිමියන්ගේ වදන් හමුවේ පැමින සිටි සියල්ලෝම සිටියේ තුෂ්නිම්භූතවය .. ඔවුන්ට තවමත් සිදුවන්නේ කුමක්දැයි නිසියාකාරව වටහා ගැනීමක් නොවීය.

ශෙහාන්ගේ තාත්තගේ මිනිය මල් ශාලාවක තියන්න තීරණය කලා ඒ මීට ගොඩක් එහායින්.. මනුස්සයෙක් නැති උන ඒ ගෙදරට තමන්ගේ නෑයො ටිකක් අර ගෑනු කෙනා ගෙන්න ගත්තේ ටික දවසකට තනිය මැකෙනකන් ඉන්න කියල..

සතියකට විතර පස්සේ ඒ අයත් ගියාට පස්සේ ගෙදර ඉදල තියෙන්නේ දුවයි අර ගෑණු කෙනයි විතරයි.

එදා රෑ ඒ ගෙදර උන දේ දැනගන්න පුලුවන් උනේ අපිටත් මීට මාසයකට විතර කලින්... ඒ අර ගෑනු කෙනාගෙ දුව මන්දමානසික ළමයෙක් වෙලා ඉද්දී මීට කිලෝමීටර 80 විතර එහා ගමක පාරේ වැටි වැටී ඉද්දී.. ගිය මාසෙ ඒ පැත්තෙ ගිය අපේ ගමේ කෙනෙක් දැකලා පුරුදු නිසා කවුද බලලා තියෙනවා...

වැරහැලි ඇදන් හිටපු ඒ තරුණ කෙල්ලව පන්සලට අරන් ආවෙත් උපාසක අම්මලා ටිකක් ඒ ළමයා පිස්සුවෙන් විකාර කියවන එක නැවැත්තුවේ තුන් වරුවක පිරිත් කියලා පැන් පොවලා පිරිත් නූල් ගැටගැහුවටත් පස්සේ..

හාමුදුරුවනේ දැන් කෝ ඒ ළමයා.. ? මොනාද එතකොට ඒ ළමයා කිව්වේ..?

මෙතෙක් නිහඩව සිටි සරත් හිමයන්ගෙන් ප්‍රශ්න කරන්නට වූයේ ඉක්මනින් තම නව නිවසට වෙලා තියෙන දේ දැනගන්නයි..

ළමයි දන්නවා නේද එහා ගමේ මෙහෙණි ආරාමේ... දැන් ඒ ගැහැණු ළමයා ඉන්නේ ඒ මෙහෙණි ආරාමෙම තමා...

මම කියනවට වඩා ඒ විස්තර ඒ මෙහෙනින් වහන්සේගෙන්ම අහගමු ... ඒකට අපිට එලි වෙනකන් මේ බුදුමැදුරෙම ඉන්න වෙනවා. එලි වෙද්දි ඒ ආත්මේ බල බිදෙනවා එතකොට අපිට යන්න පුලුවන් ... එතකන් කට්ටියම මෙතනට වෙලා පිරිත් සජ්ජායනය කරමු...

සූර්‍යා ලෝකය මිහිමව සිපගන්නා විටත් පන්සලේ බුදුමැදුර තුල වූයේ පිරිත් සජ්ජායනාවකි. කෙමෙන් හිරුඑලියෙන් පන්සල ආලෝකමත් වන්නාහාම පිරිස නික්මුනේ.. ළග පාතක පිහිටා තිබූ මෙහෙණි ආරමය සොයාගෙනය..

පන්සලේ ගේට්ටුව දැනටමත් විවරව ඇත . වේලාව පාන්දර 5.15 ලෙස තම අත් ඔරලෝසුව දෙස බැලූ සරත්ට දැකගත හැකිවිය.

අසල පාරෙහි මේවන විට කිසිදු කලබලයක් නැත. වෙනදා මෙන්ම නැවුම් උදෑසනක් ගමට උදාවී ඇත. අවට එක් නිවසක් හැරුනකොට අනෙක් කිසිදු නිවසක විදුලුපහන් දල්වා නොමැති වීමෙන් තවමත් ගම්මානයම නින්දේ බව සරත්හට වටහාගත හැකි විය.

පෙරදින මියගිය ආරිංගේ මළසිරුර ගේට්ටුව අසල මදක් කැලෑ ප්‍රදේශයේ දක්නට විය. කෙමෙන් පිරිස ගේට්ටුවෙන් එලියට බසින්නට වුයේ ප්‍රතමයෙන්ම මේ මළසිරුරට කරන්නේ කුමක්දැයි තීරණය කිරීමටයි..

හාමුදුරුවනේ ඔබ වහන්සේ එන්න එපා අපි ඒ මිනිය ගෙනියන්න එන්න කිව්වා දැන් ටිකකට කලින් මල්ශාලාවට. අපි මිනිය ටිකක් බලලා එන්නම් හාමුදුරුවෝ ගේට්ටුව ගාවම ඉන්න..

හිත ශක්තිමත් පුද්ගලයන් හතර දෙනෙකු මළ සිරුර ඇති තැනට ඇවිද යන්නට විය. ගේට්ටුවෙන් එලියට බට විගසම නහය කඩාගෙන යන තත්වයේ කුනුගදක් වාතලයට මුසුවී ඇතිබව පසක් වූයෙන් අත් වලින් තම නහය වසාගෙන ඔවුන් ඉදිරියටම ඇදෙන්නට විය.

රත් පැහැවී ඉදිමී ඇති ශරීරයේ එක් ඇසක් නොමැති අතට මුහුණ විකාරරූපී ලෙස පිලිස්සී ඇතිබව බැලුබැල්මට දකින්නට හැකිවිය..

කකුලේ එක් කළවක පීහිටි ගැබුරු හිලකින් ලේ පිටාරය ගලා ගොස් අවට පරිසරයම තෙත් වී ඇත . නිළ මැස්සන් , මීයන් ආදී සතුන් සිරුර අසල කැරකෙමින් සිටියේ මළ කුනේ ඵස විදින්නට විය යුතුය..

කොහෙදෝ සිට පැමිණි බැළලියක්ද ඒ අසල ගැවසෙනු දුටු සරත් දුන් පා පහරින් බැළලිය වෙනතකට හැරී දිවයන්නට විය.. මළ සිරුර ඉදිමී කුනුවෙමින් පවතින බැවින් ඉක්මනින් එය මල්ශාලවට ගෙනගිය යුතු බවත්.. පොලිස් ස්තානයට මෙම සිද්ධිය සැලකල යුතු බවත් අවසානයේම සියල්ලන්ම තීරණය කරන්නට විය.

වැඩකටයුතු සියල්ල අහවර වූ පසු සියල්ලෝම පිටත්වූයේ මෙහෙණින් වහන්සේ මුණගැසීමේ අදිටනිනි.

ළමයිනේ ඔය කවුරුත් මම කියනකන් තම තමන්ගේ නිවෙස් වලට යන්න හොද නෑ.. ඔය ඔක්කොම මේ සිද්දිය ගැන විස්තර දන්න නිසා ඊලග බිල්ල ඔය ළමයින්ගේ කවුරු හරි වෙයි..

අද රෑට මෙහෙණි ආරමෙන් පිරිත් නූල් ගැට ගහනවා හෙට වෙනකොට මම දන්න ලොකු හාමුදුරු නමක් ඉන්නවා ඒ හාමුදුරුවන්ට කියල මේක විසදුමක් කරගමු..

විනාඩි 15 පමණ ගමනකින් පසු සියලුම දෙනා මෙහෙනි ආරමයට රැස්ව සිටින්නට විය..

තවමත් තරුණ පෙනුම මැකී නොමැති මෙහෙණින් වහන්සේ ඔවුන් සිටි අසලට වැඩම කරන්නට විය..

විනාඩි කිහිපයක් අතරදී සිදුවූ දේ සියල්ලම මෙහෙනින් හට පැවසුවද සැවොම බලාපොරොත්තු වූ පරිදි ඇගේ මුහුනේ කිසිදු බියක සලකුනකදු දිස් නොවීය..

අපි මිනිස්සු උනාට උන් වහන්සේ දැන් මිනිස් මනසට වඩා උසස් තත්වයෙන් ඉන්නේ.. බුදුගුනවල මහිමය තමා මේ.. සරත් සිතින් සිතන්නට වූයේ මෙහෙනින් වහන්සේ දෙස බලමිනි.

විනාඩි කිහිපයකට පසු මෙහෙනින් වහන්සේ තම හඩ අවදි කලේ ඔවුන්ට අවශ්‍ය විස්තරේ පැවසීමටයි...

ඒ දවස මට කවදාවත්ම අමතක වෙන දවසක් නෙමේ..

"ඒ දවසට සතියකට විතර කලින් ගෙදර උන මරණය නිසා අපි සතියක්ම අපේ නැන්දගේ පවුලම මෙහෙ ගෙනත් තියාගත්තා...

හරියටම එදාම තමා එයාලා යන්න ගියේ...

එයාලා හවස 5ට විතර ගිහින් පැය භාගයක් යද්දි කුස්සියේ දෙයක් පෙරලුණා ඇහුන නිසා ඒක මොකක්ද බලන්න අම්මයි මමයි ගියේ ගොඩක් බයෙන්...

ගෑස් කුකර් එකත් එක්ක ගෑස් කුකර් එකේ රෙපයාර් වලට අවශ්‍ය පොඩි ස්පැනර් එකක් තියලා තිබුනා...ඒක තමා සද්දෙට බිම වැටිලා තිබුනේ..

ඒක අම්මයි මමයි ඇහිදලා අරන් සාලෙට ගේනවා කබඩ් එකකට දාලා වහන්න....

අම්.... ආම්ම්ම්මේ.... මො ... මොනාද ඔය අත දිගේ වැක්කෙරෙන්නෙ ලේ නේද?

මාගේ වචනත් එක්කම අම්මා බැලුවේ එයාගෙ අත දිහා... බය උන පාර ඒක එහෙමම බිමට අත ඇටපු අම්මායි මමයි සෝෆා එක උඩ වාඩිවුනේ ස්පැනර් එක බිම තියෙද්දිමයි...

ස්පැනර් එකේ කොණක කුණු ලේ පාටක් ඇදිලා තිබුනා.. ඒත් එක්කම අමුතු කුනු ගදක් මුලු ගේ පුරාම ඇදිලා යද්දිම තමා ජීවිතේ කිසිම දවසක කාටවත් මේ දේ උනා කියලා කියන්න බැරි දෙයක් වුනේ....

ස්පැනර් එක දිහා අපි බලන් ඉද්දිම අපිට මීටර් 1/2 ඈතින් තිබුන ස්පැනර් එක එක පාරටම වේගෙන් සාලෙ දිගේ ඇදිල ආවෙ අපි හිටිය සෝෆා එක යටට..

අම්මගෙයි මගෙයි කකුල් ඉස්සුනේ නිකන්ම.. කකුල් යටින් සෝෆා එකයටට ගිය ස්පැනර් එක පොලවේ ඇතිල්ලෙන සද්දෙ ඉවර උනාම තමා අපිට තේරුනේ ඒක ඇදිලා ගිහින් ඉවරයි කියලා...

අම්මටවත් මටවත් කකුල බිමට දාන්න හිතුනේ නැහැ විනාඩි 10 විතර යනකන්...

ටික වෙලාවකට පස්සේ බිමට බැස්ස අම්මයි මමයි හිමීට පහත් වුනේ සෝෆා එක යටින් ස්පැනර් එක ගන්න හිතාගෙන..

ඒත් ඒත්.... සෝෆා එකට පහත් වෙද්දිම යටින් පෙනුනේ දිලිසෙන ඇස් දෙකක් විතරයි. කලුවර නිසා ඒ ඇස් වල තිබුනේ ගින්දර කියල.. තත්පර ගානකින් ඒ ඇස් නොපිනී යද්දි එතන තිබුණ ස්පැනර් එකත් නෑ..

හත විතර වෙනකොට ඒ ඔක්කොම හීන කියල හිතාගෙන අම්මා කුස්සියට ගියේ රෑට කන්න උයන්න. මාමා දැන් මාස 2 තිස්සේ ත්‍රිකුණාමලයේ ජොබ් එක කරන නිසා එයා ආවෙම නැති තරම්... මේ ටික දවසම අම්මයි මමයි තමයි ඉන්නේ කියලා හිතද්දි හිතට දැනුනේ මහා බයක්...

වෙනදට කුස්සියේ පෙරලුනු බඩු මුට්ටු දැන් නැතිවුන මාමගේ කාමරෙත් පෙරලෙනවා. මොනාද කියලනම් හිතාගන්න බෑ මොකද ඒක තවම එදා ඉදන්ම පුතා ඇවිත් ලොක් කරල දාපු නිසා..

බුදු අම්මෝ.....

ඒ සද්දෙ ඇහුනෙ කුස්සියෙන් නිසා මමත් ඉක්මනට දිව්වේ කුස්සියෙ ඉන්නෙ අම්ම විතරක් නිසා.. ඒත් ඒත් මම ළගට යද්දි දැක්කා එතන අම්මට අමතරව තව කෙනෙක් හිටියා...

මුලු ඇගම ගින්දර වගේ දිලිසෙන ඇස් වෙනුවට ගින්දර පිටවෙන , එක අතකින් ස්පැනර් එකත් තියාගෙන එකෙක් ගෑස් එක ලග ට වෙලා අම්මගේ දිහාම බලන් ඉන්නව...

ඇගේ ලේ ටික වතුර වෙලා යද්දි අම්මට සිහිනැතිවෙලා වැටුනා .. ඒත් එක්කම වටපිට බලපු එකා මාව දැක්කේ.. මගේ පැත්තට ස්පැනර් එක දික් කරල විනාඩියක් විතර බලන් හිටපු ඌ මගේ පැත්තට අඩිය තියන්න ගද්දිම කකුල් දෙකට උපරිම වේගෙන් මම ගෙයි සාලෙ පැත්තට දුවන්න ගත්තේ මේ ගෙදරින් එලියට බැහැල ඉක්මනට බේරිලා දුවන්න ඕන නිසා...

අම්මා ගැන කිසිම සිහියක් නැති උන මට මං කරන්නෙ මොනාද කියන එකත් සිහි නැතුව ගියේ කුස්සියේ ඉදන් සාලෙට දුවගෙන එද්දි දැක්ක දෙයින්...

සාලෙ සෝෆා එක උඩ මීට දවස් ගානකට කලින් නැතිවුන මනුස්සයා ඒ විදිහටම ඉදන් කඩල ඇටේ ඇටේ කටට දාගන්නවා...

ආපු වේගෙන්ම ඒකත් දැක්කෙ නෑ වගේම සාලෙ මැද්දෙන දුවල දොර ඇරගෙන වේගෙන් එලියට දිව්වේ මොන සිහියෙන්ද කියල මට මතකයක් නෑ...

ගේට්ටුව ඇරලා මම පාරට දිව්වත් කවුරුත් පාරෙ හිටියේ නෑ මම පාර දිගේ එහෙමම ගියා.. මට අන්තිමට මතක මම කලන්තේ දාලා වැටෙනවා විතරයි.

ඊට පස්සේ හුග කාලයක් මම කලේ මොනාද කියන එක මට තවමත් මතකයක් නෑ.. මීට කාලෙකට කලින් මේ පන්සලට ආවම මේ ඉන්න හාමුදුරුවෝ මාව මේ ආරමයට යැව්වා මම දැන් මෙහේ සතුටින් ඉන්නවා...

ඕක තමා එදා දිනේ කතාව...

මෑණියන්ගේ කතාව සම්පූර්නයෙන්ම අසා සිටි සැමගෙම නෙත් වල රැදී තිබුනේ බිය පමණි.

මෑනියො දැන් අපි මේකට මොනාද කරන්න ඕන..

මට මතක විදිහට ඔය ගෙදර ගැන අපේ අම්මා කෙනෙක්ගෙන් විස්‍තර අහලා තිබුනා ආරිං කියලා... ගමේ ඉන්න ටිකක් දරුනු මිනිහෙක් කොයි වෙලෙත් සුරාවෙන් සප්පම් වෙලා ඉන්න කෙනෙක්...

ඒ මනුස්සයා අම්මා එදා පන්සල් ගිහින් එද්දි පොඩි විස්තරයක් කියල තියෙනවා...

" නංගි ඔය ගෙදර ඔය ගෑණු කෙනා ගිනිතියාගත්තේ ඔය ළමයින්ට තරවටුවට විතරක් නෙමේ.. ඔය ගෙදර තිබුනා ඉස්සර car එකක් ගෙදර ගෑණු කෙනා ඒකට ගොඩක් ආදරෙයි.. ඒත් ඔය මිනිහා බීලා දවසක් බාර් එකේම එකෙක්ට අඩුවට කාර් එක විකුනල... කාර් එක වික්ක තරහට ඔය ගෙදර ඉස්සර ප්‍රශ්න තිබුනා...

පස්සේ ආරංචි උනේ කාර් එක විකුනල නෙමේ උකස් කරලා ඒ උකස බේරගන්නකන් සල්ලි දෙනකන් කාර් එක අරන් ගිහින් කියලා..

මේ කාර් එක ගැන වගේ වගක් නැති ඔය මිනිහා කාර් එකට අදාළ උකස් කොළ කාමරේ හංගලා යතුරු දාලා තිබුනේ ඕක වැඩක් නෑ ඔහොමම ඔය මිනිහ ගාවම ඔය ජරා කාර් එක තියෙද්දෙන් කියලා..

කාර් එක ගැනත් හිතේ තිබුන නිසාද කොහෙද ගෑනු කෙනා මැරිලා මාස කිහිපයකින් කාර් එක කුඩුවෙලා කාර් එකේ හිටපු දෙන්නෙක් මලා..

කාර් එක ඇති තවම පරණ යකඩ එකතු කරන තැනක... එහා ගමේ ඒකෙ අයිතිකාරයාත් කියනව ඒ කාර් එකේ කෑලි අදින සද්ද බද්ද සමහර දවස් වලට රෑට ඇහෙනවා කියලා.. "

ඒ මනුස්සයා අපේ අම්මට ඒ විස්තර කියලා ගිහින් තියෙනවා එදාම අම්මා අයිත් පන්සලට යන්න හැදුවත් මම තනියම නිසා පහුවදාට යන්න හිටියා...

මම හිතන්නේ හාමුදුරුවෝ ඔය විස්තරේ දන්නෙ නැතුව ඇති.

එහෙමයි මමත් ඔය විස්තරයක් දැනන් හිටියේ නෑ.

දැන් රෑ වෙන්නත් ළග නිසා අපි පිරිත් නූල් ගැට ගහගමු තව කාගෙවත් ජීවිතයක් අපිට පුද දෙන්න බෑ..

ආහ් මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේ කියපු ආරිං ඊයෙ රෑ ඒ යක්ශයාටම බිලි වුනා.. දැන දැනත් කරගත්ත දෙයක් ඒක...

ආරමයේ පිරිත් අවසන් වූවා පමණි..

ගේට්ටුව අසලින් යම් කලබලයක් ඇහෙන්නට වූයෙන් සැවොම ඒ පැත්තට ඇදී යන්නට විය.

පාරෙහි ගමන් ගත් කාන්තාවක් තවත් පුදගලයෙකුගේ බෙල්ලෙන් අදිනුත් එතනින් ගමන් ගන්නාතවත් අයෙකු එය බේරීමට උත්සහ කරනුත් සියල්ලන්ටම පෙනී යන්නට විය..

මොහොතක් පාලු රාත්‍රියේ පැවති ප්‍රශ්නය ගේට්ටුව ඇතුලේ සිට බලා සිටි ඔවුන්ගෙන් දෙදෙනෙකු ඒ අතට ඇදී යන්නට විය..

මහ නාහිමියන් තවමත් පිරිත් කෙන්ඩිය අතැතිවම එම ස්තානයට පැමින සිටින්නට විය.

මොකක්ද මොකක්ද ඔය ප්‍රශ්නය අසමින් රණ්ඩුව අසලට ඇදී යන එවුන් වෙත එක්වනම පිටුපසින් කෑ ගැසීමක් ඇසෙන්නට වූයේන් ඔවුන් ආපස්සට හැරෙන්නට විය...

ගේට්ටුවෙන් මෙහෙට එනවලා ඉක්මනට එනවලා... ඔය තුන් දෙනාගේ කකුල් දිහා බලලා මේ පැත්තට දුවලා වරෙව් යකුනේ ඉක්මනට...

හිමියන්ගේ හඩින් රන්ඩු වූවන් දෙස බැලූ දෙදෙනාට දැකගත හැකිවූයේ ඔවුන් රණ්ඩුව නවතා බලා සිටින අයුරුයි..

තිදෙනාගේම කකුල් වල ගැඹුරු තුවාල පැල්ලමක් දැකීමෙන් සිදුවී ඇති දේ වටහා ගැනීම ඔවුන්ට අපහසු නොවීය..

ආපසු හැරී දිවගියද ඔවුන් තිදෙනාගෙන් බේරීමට ඔවුන්ට නොහැකිවිය..

ඉක්මනින් අත තිබූ පැන් කෙණ්ඩිය ඔවුන් වෙත දමා ගැසු නා හිමි ඉකමනට වරෙන් යකුනේ ඉක්මනට ලෙස කෑ ගසන්නට විය.

පිරිත් පැන් බලයට අඩපණ වූ වේලාවෙන් උපරිම ප්‍රයෝජන් ගත් දෙදෙනා.. ජීවිත බේරාගෙන ගේට්ටුවෙන් ඇතුල් වන්නට විය.

කොහෙද යකුනේ තොපි ගියේ මම කිව්වා නේද පිරිත් නූල් බදිනකන් එලියටයන්න එපා කියලා..

සමාවෙන්න හාමුදුරුවනේ මේ මිනිස්සු රණ්ඩුවුන නිසා ඒක බේරන්න ගියේ..

මේ මිනිස්සු නෙමේ මෝඩයිනේ උබලට පෙවුන් නැද්ද ඒ හිටියේ ගෙදර අයිති උන් දෙන්නා උබලට පස්ස හරවන් හිටියේ ආරිං..

හාමුදුරුවන්ගේ කතාවත් සමගම මෙතෙක් බිය යාන්තමින් තුරන් වූවොද තවත් බිය වැඩි වන්නට විය.

මෙහෙනින් වහන්සේ අපිට වරු තුනක පිරිතක් කියන්න වෙනවා අපේ පන්සලේ හෙට උදෙන්ම පන්සලට වඩිමු අපි එක්කම..

සියලුම දෙනා නාහිමි පෙරටු කොටගෙන පසුදින උදයෙන්ම ගමේ පන්සලට පිටත් වන්නට විය.

මේ වනවිට ආරිංගේ මිනියේ කටයුතු අවසන් වී ඇත. එය භූමදානය පෙරදින හවස සිදුකර ඇත.

වරු තුනක පිරිතට මුලු ගම්මානයේ සෑම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස දන්වා ඇබිත්තයා අත පණිවිඩයක් යවන්නට වූයේන් මුලු ගම්මානයම එදින එකතු වූයේ පන්සල වෙතය..

පිරිතකට අවශය කිසිවක් හවස 4.30 පමණ වන විටද සූදානම් නොවූයේන් පිරිස අතර යම් කලබලයක් ඇති විය..

පිංවතුනි.. අද අපි පිරිත් කියන්න පන්සලේ නෙමේ සුසාන භූමියේ.. පිරිතට ඔක්කොම කලමණා දැනටමත් සුසාන භූමියේ ලෑස්ති කරල ඇති. ඉර බහින්න කලින් පිරිත් අපි පටන් ගන්නවා..

හෙට පස්වරු 6 තෙක් මෙම පිරිත් සජ්ජායනය පැවැත්වෙන අතර කාටවත් අද රාත්‍රී කාලයේදී සුසානයෙන් පිටව යාම තහනම් වෙනවා.

මෙතන තියෙන තත්වය ගොඩක් බැරෑරුම් නිසා ඉතුරු විස්තර සුසාන භූමියෙදි දැන ගන්න පුලුවන්..

තුන්වැනි කොටසට

අශාන් රවිශාද්


Comments System WIDGET PACK