#කිරි_සිහිනය | Kiri Sihinaya


#කිරි_සිහිනය

#පතිනියක්_හා_හදවතින්ම_ගැහනියක්_ගැනකතාව...
ජීවිතේ අමාරු අවස්ථාව ක ගැහැනියක් ගන්න අමාරු තීරනයක් නිසා තවත් ගැහනියක් ලබන  අපරිමිත සැනසුම.... කියවලාම බලන්න..
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
 " විනෝද්... මට කියා ගන්න බෑ දෙයියනේ මේ සතුට.. අනේ මට හිතා ගන්න බෑ... ඔයාට හිතා ගන්න පුලුවන් ද... අපිට මේ ලැබෙන දේ...මේ තමයි මගෙ ජීවිතේ  දෙවියන් මට දුන්න ලොකුම තෑග්ග..."
නිම්සරා විනෝද් ගෙ පපුව බදාගෙන ඇස්වල කදුලු ගලද්දි මේ මහා සතුටෙන් කියන්නෙ..අවුරුදු  12 ට පස්සෙ හැබෑ උන කිරි සිහිනය ගැන... නිම්සරා විනෝද් ව මැරි කරලා අවුරුදු  12ක් .. ඒත් එයාලට දරු සිහිනය සිහිනයක් ම උනා... නිම්සරාට අම්මා කෙනෙක් වෙන්න වාසනාව තිබ්බෙ නෑ... විනෝද් එක්ක නිම්සරා නොකල දෙයක් දරුවෙක් හදාගන්න...  
 මහා ව්‍යාපාරික නාමයක් සහිත ඉහලම ඇගළුම් හල් කීපයක අයිති කරු වන විනෝද් ට  සල්ලි මිල මුදල් වලින් කිසි අඩුවක් නැ.. දරුවන් නෑ කියලා.. විනෝද් කිසිම දාක  නිම්සරාට  දීපූ ආදරේ අඩුවක් කලේ නැ...
ස්පෙශලිස් කෙනෙක් අල්ලල අවුරුදු ගාන ක් පුරා ට්‍රීට්මන්ට් කරල අද තමයි නිම්සරා දැන ගත්තෙ තමන් අම්ම කෙනෙක් වෙන්න යන බව...
වෛද්‍ය  උපදෙස් එක්ක  නිම්සර ඉතාම පරිස්සමෙන්  නිවසට වෙලා විවේකීව කාලය ගත්කලේ විනෝද් ගෙ අසීමිත ආදරය මැද...  පුංචි  කිරි කැටියා අතට එන දවස ගැන නිම්සරා හීන මැව්වෙ ලෝකයක් බලාපොරොත්තු  හිතේ තියන්...
 නිම්සරා ට බබා ලැබෙන්න සතියක් වගේ තියෙද්දි විනෝද් ගේ ෆැක්ට්‍රි එකට ජාත්‍යන්තර  සම්මාන උලෙල සම්මානයක් නිර්දේශ වෙලා ඒ උත්සයට යන්න උනා..
" අනේ විනෝද් මට ආසයි ඒක ඔයා ගන්නව බලන්න... ප්ලිස්  මාත් එන්නම්..අනෙ විනෝද්..."
"අහන්නකො මැනික ඔයාට තව සතියයි තියෙන්නෙ අපේ පුංචි  පැටියා අතට ගන්න.. ඉතින්  ඔහොම ගිහින් අමාරුවක් උනොත්..."
විනෝද් ආදරෙන් කරුනු  පැහැදිලි කරත් නිම්සරාගෙන් බේරුමක් නැ.. ඉතින් කොහොමහරි නිම්සරාත් මෙ ගමන් යන්න ලෑස්ති  උනා..සම්මාන උළෙල රෑ 8 පටන් ගන්න නිසා.. පොඩ්ඩක්  රැ වෙලා දෙන්නා එක්ක කාර් එකෙ හිමින් ගියා...
අදුර එක්කම ගමන  ආරම්භ කල විනොද් නොහිතපු වෙලාවක් අතුරු පාරෙන් ආව තවත් කාර් එකක් විනෝද් ගේ කාරෙක හැප්පුනේ ඇස්පිල්ලමක් ගහන පරක්කුවට...
මහා ශබ්දයක් එක්ක වාහන දෙක එකට ගැටුනේ ඉදියෙන් ආ කාර් එක එක වටයක් කැරකි  මීටර් ගනනාවක්  ඇදී යාමෙන්‍...
"නිම්සරා නිම්සරා...ඇස් අරින්න නිම්සරා...අනේ ඇස් අරින්න..."
හරහට වැටුන කාර් එකෙ සිහිය නැති වී හිටියේ නිම්සරා    ...කාර් එකෙන් එලියට එන්න දැඩිවෙහෙසක් ගත්ත විනෝද් පැති වීදුරව  කඩලා අමාරුවෙන් එලියට එද්දි වාහන දෙක වටේ මිනිස්සු ගොඩක් හිටියා...
අමරුවෙන් වටෙන් ඇවිල්ලා.. නිම්සරා හිටිය පැත්තෙ දොර  කඩලා විනෝද් තව කීපදෙනෙක් එක්ක නිම්සරා එලියට ගද්දි ඇම්බියුලස්   එකක් ඇවිල්ලා තිබ්බා...
ඒවෙලෙයි  විනෝද් දැක්කෙ අනික් හැප්පුන වාහනේ හිටියෙත් නිම්සරා වගේ ප්‍රෙග්නට්  කෙනෙක් කියල එයාට සිහිය තිබ්බත් නැගිටින්නවත් බැරිව හිටිය.. එතන හ්ටිය පිරිස කාන්තාව  උස්සලා ඇම්බියුලන්  එකට ගෙනාව...
එයා එක්ක වාහනෙ ඩ්‍රයිවින්  කර ආවෙ හස්බන්  යැයි කියන්න පුලුවන් පුද්ගලයා මේ වෙද්දිත් සිහියක් නැ.. 
විනෝද ගෙ අත් පය වල සීරීමක් ඇරෙන්න වෙන කිසි දෙයක් නෑ..
" අනේ ඩොක්ටර්  මගෙ වයිෆ් ට කොහොමද ...අනේ එයා ප්‍රෙග්නට්  ඩොක්ටර් ..."
පැයකට පස්සෙ අයිසීයූ එකෙන් එලියට ආව ඩොක්ටර්  ලග විනෝද් බැගෑපත් උන..
" සමාවෙන්න  මිස්ටර් ... ඔයාගෙ වයිෆ්නම්... බේරුනා. ඒත් ඔයාලගෙ බබා... "
" නෑ නැ..ඩොක්ටර්  එහෙම වෙන්න බැ.. හොදට බලන්න ඩොක්ටර් ... අනේ නිම්සරාට පිස්සු හැදෙයි .. එයා කොහොමද මේකදරාගන්නෙ.. අනේ  ඩොක්ටර් ..."
" මට තේරෙනව ඔයාගෙ තත්වෙ .. ප්ලිස් ..කූල් වෙන්න..මේ වෙලෙ ඔයා එයාටහයියක් වෙන්න ඔනි එයාට තාම සිහියක් නෑ ..   වැදුන පාරට බබා නැති වෙල තියෙන්නෙ..එයාගෙන් ගොඩක් බ්ලඩ් පිට වෙලා තියෙනව..."
"  ඒත් මං කොහොමද ඩොක්ටර් .. මේ ක එයාට කියන්නෙ.. අවුරුදු  දොලහක හීනයක් ඩොක්ටර් මේ... ං
" මට තේරෙනවා... ඔයාල එක්ක ගෙනාව අනික් ලේඩිට ටුවින්ස්ලා ඉපදිලා...ඒත්.. එයාගෙ හස්බන් ඉන්නෙ ලොකු අනතුරක... "
එහෙම කියල ඩොක්ටර්  ගියේ විනෝද්ගෙ කාර් එකෙ හැප්පුන අනෙක් අය ලගට ගියා..
ඇය  බිනාරි... බිනාරි බැදලා ඉන්නේ සහන්ව.. සාමාන්‍යය  පවුලක බොහොම සතුටින් ජීවත් උන බිනාලි නිවුන් දරු උපතකට ලෑස්ති  වෙමින් හිටියේ.. හොස්පිට්ල්  එකට එන අතරේ තමයි  මේ ඇක්සිඩන්ට්  එක උනෙ..
" අනෙ ඩොක්ටර් ..මගෙ හස්බන් කෝ.. අනෙ එයාට මොකද.. එයාහොදින් නේද. අනේ කියන්න ඩොක්ටර් .."
ඩොක්ටර් දැක්ක ගමන් බිනාරි  වැලපුනේ . අලුත උපන් පුංචි  කිරි කැටියන් දෙන්න එක්ක ඇදේ ඉන්න ගමන්..
" අහන්න කො..කලබල වෙන්න එපා අම්ම.. ඔයාගෙ හස්බන් ට ගොඩක් අමාරුයි .. ඇත්තටම කිවෙත් පැය 24ක් ඇතුලත අපි එයාට ඔපරේෂන්  එක නොකලොත් එයාව බේර ගන්න බැ  "
" ඉතින්  ඩොක්ටර්  කරන්නකො මොනාද මම කරන්න ඕනි.. කියන්න ඩොක්ටර් ..."
" කරන්න බැරි නැ..ඒත් ඒකට වියදම් ලක්ශ 20 ක් යනව. ඔයාට උදේ වෙද්දි දෙන්න පුලුවන් නම්...  අපිදැන් උනත් ලැස්ති  .."
ඩොක්ටගෙ වචන ඇහෙද්දි.. බිනාරි ට සිහිය විකල් උනා වගෙ දෙයියනේ  මම කොහෙන් එච්චර  සල්ලියක් හොයන්නද බිනාරි දහ අතේ හිතුව..
පුංචි  කිරි කැටියන්  දෙන්නා නිදිකරලා බිනාරි හිමින් ඇදෙන් බැහල සහන් ඉන්න අයිසී යූ එකෙ  දොර ලගට ගිහින් සහන් දිහ් බලන් හිටියා.
" මම ඔයාව මොනව හරි කරල බේර ගන්නව මහත්තයො .. මට ඔයා ඕනි බලන්න ඔයා ආස කලා වගේම දුවයි පුතයි ඉන්නව අපිට... ඔයා එන්න ඕනී ඉක්මනට  ."
බිනාරි මුමුනන්න උනා.. ඊට පසෙකින් බංකුවෙ වාඩි වෙලා ඩොක්ටර් එක්ක කතා කර කර විනෝද්ගෙ කතාව බිනාරිට ඇහුන..
" ඩොක්ටර් .. මගෙ වයිෆ් අවුරුදු  12 දුක් වින්දා අපිට බබෙක් නතිව.. දැන් මේ හම්බ වෙන්න හිටිය කෙනාටත් අවුරුදු  ගානක් ට්‍රීට්  කරලා ලැබෙන්න හිටියෙ ලබන සතියේ .. මේක දැන ගත්තොත් එයාට මොනව වෙයිද මට හිතා ගන්න බෑ... අනෙ  මට උදව්කරන්න ඩොක්ටර් .. ඒ වෙනුවෙන් මම ඕනි ගානක් වියදම් කරන්න ලෑස්ති   ප්ලීස්  ඩොක්ටර් ..."
විනෝද් අත් දෙක එකතු කරන් ඩොක්ටර් වදිද්දි.. බිනාරි මේ ඔක්කොම අහගෙන හිටියා...
" හරි මම් මොනා හරි කරන්නම් මිස්ටර්  විනෝද් කලබලවෙන්න එපා මේ වෙලේ.."
ඩොක්ටර් යනව එක්කම බිනාරි එතන ගියේ.. විනෝද් එක්ක කතා කරන්න..
" ඔයා මොකද්ද  කිව්වෙ... ඔයාට බබෙක් වෙනුවෙන්  ඕනි ගානක් වියදම් කරන්න පුලුවන් ද..."
" ඔව්  ඕනි ගානක්.. මගෙවයිෆ් වෙනුවෙන් මගෙ කෝටිගානක දේපල උනත් දෙනව.."
බිනාරි මොහොතක් කල්පන කරලා අම්මා කියන හිත ගල කරන් මෙහෙම කිව්ව...
" මට පුලුවන්  ඔයාට උදව් කරන්න.. මට කෝටි ගානක් එපා..එක එක ලක්ශ 20ක් දෙන්න..  මම බබෙක් දෙන්නම්.. ඒ දෙන්නෙ මට දරු දුක නැතිව නෙවෙයි ... මගෙ මහත්තයා  ජීවිතයත් මරණයත් අතර සටනක.. මට තේරෙනව  ඔයල බබලට ගොඩක් ආදරේ  කියල.. ඒනිස මගෙ එක දරුවෙක් දෙන්නම්.. හැබැයි මේක ජජීවිත  කාලෙටම අපි දෙන්න අතරෙ තියෙන්නෙ ඕනි රහසක්... මට ඔයාගෙ වයිෆ් ව තේරුම් ගන්න පුලුවන්  ..  මම හැම්දේම අහගෙන හිටියේ.. ගැහනියෙක් දුක තව ගැහැනියෙක්ට තේරෙනව ඇරැත් අම්මා කෙනෙක්ට..."
බිනාරි හිත හිර කරන් එහෙම කිව්වෙ ඇස්වල කදුලු පේලි රූරා බිමට වැටෙද්දි.. විනෝද් බිනාරි ලග දන ගහගෙන ඇඩුවා..
අතෝරක් නැතිව සිගිති දියනිය සිප ගෙන සිප ගෙන ගිය බිනාරි ඇගෙ කරේ තිබ්බ චේන් පට ගලවල දියනියෙ ගෙල දැම්ම... 
" මට සමාවෙයන් රත්තරන් .. ඔයාගෙ තාත්තා  බේර ගන්න මට මේකකරන්න වෙනව. ඔයාව ගන්න ඒ අම්මා තාත්තා  ගොඩ හොද අය බව මට දැනුනා මැනික.. ඒක නිසා මගෙ මැනිකට සතුටින් ඉන්න පුලුවන් .. මගෙ මැනික තාත්තා ගෙ ජීවිතේ  බේරගෙන ලොකි පිනක් කරන්නෙ.. මගෙ මැනිකට බුදුසරණයි ..."
ආපහු ගිහින් සල්ලි අරන් ඇවිත් ඩොක්ටර් ඉස්සරහා සල්ලි වලට දරුවාව හුවමාරු කලෙ බිනාරි වැලපෙමින්..
" ඔයාට ගොඩක්  පින් ..මේ කරපු කැප වීම කිසිම ගැහැනියකට කරන්න බෑ.. ඔයාගෙ සැමියා ව්නුවෙන් මේ ගත්ත තීරනයට ඔයාව කවදාවත්දුකක් දැනෙන්න එපා.. "
විනෝද් බිනාරිට වැන්දා ඇත්ත ටම...
විනෝද් දරුවා නිම්සරා ලගින් තිබ්බා.. දවස් දෙකක් සිහිය නැතිව හිටපු නිම්සරා  පුංචි  සුරංගනා විය සිප ගත්තෙ ආදරෙන් ... 
 බිනාරිගෙ කැපකිරීම නිසා සහන් ටද සුව උනා.. නිවුන්නු  බලාපොරොත්තු  උන සහන්‍ට එක දරුවෙක්දැක්කම බය උනා..
" සමාවෙන්න  රත්තරන්  අපිට අපේ දෝනි නැති උන... ඔයාට ඕනි උනේ අපේ පවුලට රජෙක් වගෙ පුතෙක් නෙ  මේ ඉන්නෙ එයා.."
එහෙම්ම සහන් පුංචි  පුතුව තුරුල් කර ගද්දි බිනාරි නොපෙන්නට කදුලු සැලුවා.. 
නිම්සරා  ගේ කිරි සිහිනය හැබෑ වෙද්දි.. බිනරි හා විනෝද් දෙදෙනාගෙ රහස කාලය එක්ක යටපත් උනෙ විනෝද් සිය දරු පවුල සමග  විදෙස් ගත වූ පසුයි..
✍️✍️✍️✍️✍️✍️ නිමි ✍️✍️✍️✍️✍️✍

සචි✍️


Comments System WIDGET PACK