හුදකලා ප්‍රේමය | Hudakala Premaya
හුදකලා ප්‍රේමය
සත්‍ය කතාවකි
අගෝස්තු නිවාඩුව නේ අම්මේ අපේ ලොකු නැන්දාගේ පොඩි පුතා එනවා කිව්වා මටත් හොඳයි ගෙදර තනියම ඉන්න නිසා.
අයියට කොහෙද තනියෙක් . ඇයි මේ ඔයාගෙ චූටි නංගි ඉන්නේ.
අනේ හිටියත් නෑ වගේ
බලන්නකෝ අම්මේ කියන දේවල්.
හරි හරි දැන් දෙන්න රණ්ඩු නොකර ඉන්නකො කීයටද පුතේ එනවා කිව්වේ.
තව ටිකකින් එනවා කිව්ව අම්මේ.
හා පුතේ මම කෑම ටිකක් ලෑස්ති කරන්නම්.
ගොඩ කාලෙකින් දැක්කේ නැහැ . සකි අයියව.
පොඩි වැඩක් කරමුද
ඒ මොකක්ද චූටි අයියේ
මම ඔයාට එයාගෙ නම්බරේ දෙන්නම්. බයිට් කරමු අපි.
අනේ මන්දා මට බයයි.
බය නැතුව ඉන්නවා. මම වැඩේ කරන්නම් ලස්සනට.
කොහොමහරි චූටි අයියා සකි අයියට ශානිගේ නොම්බරේ දුන්නා එයා අඳුරන නංගි කෙනෙක් කියලා. ශානි දැකලා තිබුනා සකිව. ඒත් සකි දන්නෙ චූටි කියපු දේවල් විතරයි. ඔහොම ටික දවසක් දෙන්න මැසේජ් කරා. දවසක් සකි චූටිගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා එක ආන්සර් කරේ ශානි .
හෙලෝ
හෙලෝ අයියා නම් නෑනේ.
මොකක් ඔයා ශානි නේද?.
අයියෝ ඔයා ෆෝන් එක ආන්සර් කරාද මැට්ටියෙ කෝ දෙනවා ඕන පෝන් එක. ඔයා යන්න කාමරේට
ඇයි බං මට බොරු කිව්වේ
හරි හරි බං
මොනවද හූ#*#* හරි කියන්නේ උඹ මාර පොරක් නේ.
හරි හරි දැන් ඒක ඉවරයි බං. .
ඉවරයි තමයි මගුල.
ටික දවසක් ගිහිල්ලා ශානි සකිට මැසේජ් එකක් දැම්මා
අයියේ මට සමාවෙන්න මම හිතලා කරපු දෙයක් නෙවෙයි ඔයා මට මගෙම අයියා වගේ.
හරි හරි දැන් ඒකට කමක් නෑ.
අයියා මාත් එක්ක තරහද?
දැන් ඒක අමතක කරන්න කෑවද චූටි
ඔව් මම කෑවා ඔයා කෑවද?
සකි ශානි ගැන නිතරම හොයලා බැලුවා ශානිගේ හිත ආදරේ කියන දේ නිකම් ඇතිවුණා ඒත් ඒක කියන්න ගියේ නෑ ශානි හිතුවේ සකිත් එයාට ආදරෙයි කියලා...ශානි සකිට කිව්වේ සුදු මහත්තයා කියලා.
සුදු මහත්තයෝ මගෙ ඔලුව ටිකක් රිදෙනවා
චූටි එන්න මම ඔයාගේ ඔලුව අත ගාන්නම්.
ඔඩොක්කුවෙන් තියාගන්න ද මහත්තයෝ?
තියාගන්න මම ඔලුව අතගාන්නත්.
ඇත්තටම ළඟ නැති වුණාට ශානිට සකි ගේ ආදරේ දැනුනා. සකි නිතරම කිව්වේ අපි හැමදාමත් හොඳ යාලුවෝ සහෝදරයො වගේ ඉමු කියලා. ඒ උනාට ශානිගේ හිත ආදරෙන් පිරිලා තිබුනේ ඕනම කෙල්ලෙක් කැමතියි තමන් ගැන හොයලා බලන කොල්ලෙක් ට. ටික කාලයක් ගෙවිලා ගියා. දවසක් ශානිට සති රුපියල් 100ක රීලෝඩ් එකක් දාලා මැසේජ් එකක් දාලා තිබුණා.
මට සමාවෙන්න නංගි මම ආයිත් ඔයාට මැසේජ් කරන්නේ නැහැ අඬන්නත් එපා ඔයා අසනීප වේවි මම ඉඳලා හිටලා මැසේජ් එකක් දාන්නම් ඔයා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි මගේ චූටි.
ශානි ට මේක හිතා ගන්න බැරි වුනා දවසින් දවස සකිට ශානි ව අමතක වෙලා ගියා. මැසේජ් කරත් එකක් දෙකකට විතරක් සීමා වුණා.
අයියේ ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද?
නැහැ ඔයා හොඳින් නේද? පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.
මේ ප්‍රශ්නය නිතරම ශානිට වද දුන්නා.
ලොකු අයියේ
කියන්න පොඩ්ඩි
අයියේ මට ෆේස්බුක් එකවුන්ට් එකක් දෙන්නකෝ මගේ නම ඕනෙ නැහැ පිරිමි ලමයෙක්ගෙ නමින් හදලා දෙන්න.
එකපාරටම මොකද?
මම අයියට කියන්නම් මට හදල දෙනවද?
හරි මම හදලා දෙන්නම්කො
ශානි මුලින්ම කෙරේ සකිව යාලුවෙක් කරගත්ත එක.
හායි කොහොමද?
අවුලක් නෑ බං උඹට කොහොමද?
ඔහේ ඉන්නවා බං මොකද බං කරන්නේ මලක්වත් කඩනවද?
ඔව් බං
උඹට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද?
ඔව් බන් ඉන්නවා.
කියලා එයාගේ හැම විස්තරේම කිව්වා. ශානිට මේක දරාගන්න බැරි වුණා එයා කිව්ව සකිට එයා කවුද කියලා.. සකි චැට් කරන එකත් නැවැත්තුවා. ශානි සකි ගේ ෆොටෝ එකට කමෙන්ට් කරා එකපාරටම සකි යාලු වෙලා ඉන්න කෙල්ල shani දාපු comment එකට මහ ජරා විදිහට රිප්ලයි කරා. ශානි ව ගොඩක් ලැජ්ජ කරා. සකි එවලෙම ශානිට මැසේජ් එකක් දැම්මා.
නංගි කමෙන්ට් කරන්න එපා මෙයා ගොඩාක් නපුරුයි ඔයාට බනීවි
ඒ උනාට මම ඔයාගේ යාලුවෙක් විතරනෙ අයියේ
ඒ උනාට කමක් නෑ ඔයා පාඩුවේ ඉන්න.
හරි මට සමාවෙන්න...
ශානි හැමදේම දරාගෙන පැත්තකට වුණා දවසක් එයාට සකි යාලු වෙලා ඉන්න කෙල්ලගෙන් රික්වෙස්ට් එකක් අවා.
අය්යෙ ඔයාගෙ කෙල්ල මට රික්වෙස්ට් එකක් දාලා මම එයාව යාලුවෙක් කරගන්නවා
නැති ප්‍රශ්න ඕනි නෑනේ නංගි ඒනිසා ඕන නෑ.
ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ ඔයත් මගේ යාලුවෙක් එතකොට එයත් මගේ යාළුවෙක්.
හරි හරි ඕන දෙයක් කරගන්න
..............
ඒ කෙල්ලෙක් ශානිට මැසේජ් එකක් දැම්මා
කොහොමද?
හොඳයි ඔයාට කොහොමද
වරදක් නෑ
ඔයා මාව දන්නවාද?
ඔව් මම ඔයාව දන්නවා ඔහේ මැසේජ් කරන තමයි මාත් බලන් හිටියේ. ලැජ්ජ නැතුව මට මැසේජ් කරා නේ
ඔයා වැරදියට හිතන් නංගි අයියාගේ මගේ යාළුවෙක් විතරයි එතැනින් එහාට කිසිම දෙයක් අපිට තිබිලා නැහැ. මට ඕනේ උනේ ඔයාගෙත් යාලුවෙක් වෙන්න.
අනේ හලෝ තමුසෙ මහ ජරා කෙල්ලෙක් ලැජ්ජ නැද්ද අනුන්ගේ කොල්ලන්ගෙ ඇඟේ එල්ලෙන්න අප්පිරියයි හලෝ තමුසෙ ගැන මට මගෙ කොල්ලගෙ ඇඟේ හෙල්ලෙන්න එන්නේ ඇයි.
මම එහෙම කරේ නෑ නංගී
තමුසේ මහා බලු කෙල්ලෙක් හලෝ.
තවත් දරාගන්න බැරුව ශානි සකිට එවෙලෙම කෝල් එකක් අරගෙන හැමදේම කියලා ඒ කෙල්ලට බැන්නා දුක දරා ගන්න බැරුව ඒත් සකි වචනයක්වත් කිව්වෙ නෑ.
අනේ අයියේ එයා මට එහෙම බනින්නෙ ඇයි. ඔයා දන්නවා නේද මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා?
දැන් නවත්තන්න නංගි. මොනා වුනත් එයා මගේ ගර්ල් ෆ්රෙන්ඩ් දැන් ඒ නිසයි අර වචනයක්වත් කියන්න එපා.
හරි මට සමාවෙන්න අයියේ ආයිත් කවදාක්වත් ඔයාලට මම වදයක් වෙන්නේ.
මම එහෙම ඔයාට කිව්වෙ නෑනෙ නංගි.
මම ඔයාලගෙන් අයින්වෙන්නම් සුදු මහත්තයෝ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි........
එදායින් පස්සෙ කවදාවත්
ශානි සකී ට කෝල් එකක්වත් මැසේජ් එකක් වත් දැම්මේ නෑ අදටත් එයාගේ හිතේ ඇතිවුණේ පලවෙනි ආදරේ නිසා තනියම ඉන්නවා අදටත් ඒ මතක හිත ගොඩක් රිද්දනවා..
වැරදි අඩුපාඩු ගොඩක් ඇති මේක ඇත්ත කතාවක්.
ඒවගේම තමයි කියන්න තියෙන්නේ ආදරේ කරන්න බැරි නම් කවදාක්වත් කෙල්ලෙක්ට ලං වෙන්න එපා මොකද කෙල්ලෝ ආදරේට ගොඩක් පෙරේතයි එයාල ගොඩක් ආදරේ හොයනවා යාළුකම කට වුණත් සීමාවක් තියාගන්න . නැත්නම් ආදරේ කියන දේ දැනුනාම ඒ දේ ලැබෙන්නේ නැති උනාම ඒ තරම් වේදනාවක් තව කොහේවත් නෑ . ආදරයේ නැති උනාම තියෙන වේදනාව මමත් හොඳටම දන්න නිසයි කියන්නේ හැමෝටම බුදු සරණයි.