⭕හදිසි තිරණෙ⭕ | Hadisi Thirane


⭕හදිසි තිරණෙ⭕ 

සත්‍ය කතාවකි

අදරෙ කරාන්න විදින්න තියන අදරේ විදවිම ගැන හොයලා බලලා.

මං ඉපදුනේ ගමක සුන්දර පරිසරයකයි.අපේ පවුලේ එකම ගැහැනු දරුවා විදිහට අසීමිත ආදරයක් ලැබුවා.ඒ අදරය නිසාම මාව ගෙදරින් පිට කොහේවත් යවන්න එයාලා කැමති වුණේ නෑ.ඉතින් මාත් එයාලට කිකරුව හොඳින් හිටියා.ඔය අතරේ මං සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා.මට රක්ෂාවකට යන්න ඔනකමක් තිබුනා.එත් තාත්තා යන්න දුන්නෙ නෑ.අයියලාත් එපා කිව්වා.අම්මා කිව්වා ගෙදර ඉන්න පාළුනම් මැහුම් ගෙතුම් ටිකාක් ඉගෙන ගන්න කියලා.මගේ හිතේ එ ගැන යම් අශාවක් තිබුණා.ඊට පස්සෙ තමයි මම ටවුමේ පන්තියකට ගියේ.මැහුම් ඉගන ගන්න.

මැහුම් පන්තිය මගේ හිතට ගෙනාවේ රටක් රජ්‍යයක් දිනුවා වගේ සතුටක්.ඒ තමායි ගෙදරටම වෙලා ඉඳලා ලැබුන නිදහස.ඒ නිදහස නිසා මං ඉතා ඔනෑකමින් පංතියකට අවා ගියා.එ යන එන අතරේ රටේ ලෝකේ දෙත් දැන කියා ගත්තා.උදේ පංතියට ගියාම අය අවේ හවස.ඉතින් දවසෙන් වැඩි හරියක්ම මං ගතකලේ පංතියෙ.ඔය කලේ තමායි වෙනුර හමුවුණේ.වෙනුර හංදියේ ත්‍රිවිලර් එකක් හයර් කළ කෙනෙක්.

වෙනුර නිතර නිතර මගේ පස්සෙන් ඇවිත් මට කරදර කරන්න පටන් ගත්තා.මගේ හිතෙත් වෙනුර ගැන පුංචි කැමැත්තක් නොතිබුනාම නොවෙයි.එත් ගෙදරට ආරංචි වෙයි කියන බයට මං එයාට වචනයක් දුන්නෙ නෑ.එත් එහෙම කියලා එයා මගේ පස්සෙන් එන එක නතර කළේ නැහැ.

මේ විදිහට මට වැඩි දවසක් හැංගිමුත්තං කරන්න බැරි වුණා.වෙනුර ගැන හිතේ තිබුන ආදරේ ඉස්මතු වුණා.කොහොම කොහොම හරි අන්තිමට අපි අදරේ කරන්න පටන් ගත්තා.පස්සේ පස්සෙ වෙනුර මට විහිළු කරනවා.ඉස්සර ගණන් ඉස්සුවට එයා දැනන් හිටියලු මං එයාට කැමති වෙන විත්තිය.

ඉතින් ඔය අතරෙ හැමොටම වගේ මටත් ආදරෙයි කැස්සයි හංගන්න බැරි වුණා.අපේ අම්මා නිතරම මට දොස් කිව්වා මගේ හැසිරිම වෙනස් කියලා.එත් එයලා හරියටම අපේ ආදරෙ ගැන දැනගෙන නම් හිටියෙ නැහැ.එත් මගේ වෙනස ගැන අම්මාට ඉව තිබුනා.ඒ නිසා අම්මා නිතරම සැකෙන් තමායි බැලුවෙ.අම්මා එහෙම දොස් කියාද්දි මං කරබාගන හිටියෙ.මගේ හොර අහුවෙයි කියන බයටායි.අනිත් එක අපේ අම්මාට සැක හිතෙන එක පුදුමයාක් නෙමේයි.මොකද වෙනුර නිසා මගේ ගමන් බිමන් සියට සියාක් වැඩි වුණානේ.සමහර දවසට පංති යනවා කියලා ගියාට යන්නෙ පංති නෙවෙයි කොහේ හරි ඇවිදින්නයි.

ඔය ගමන් බිමන් දිනෙන් දින වැඩි වෙද්දි අපි අතර තිබුන දුරස්බවත් ටිකෙන් ටික ලංවුණා.දවසක් වෙනුරගේ ඉල්ලිමට මම එයාගේ යළුවෙකුගේ ගෙදර යන්න කැමති වුණා.එදා යළුවගේ ගෙදර අය ගමනක් ගිහින්.වෙනුරටයි මටයි උපරිම නිදහස තිබුණා.අපි දෙන්නාට දෙන්නා එදා අදරෙන් මුසපත් වෙලා හිටියේ.අන්තිමට වෙනුර අතින් මං ගැහැනියක් වුණා.මගේ ජිවිතේ හැම වටිනා කමක්ම එදා ඒ විදිහට එයාගේ පය පමුල තැලිලා පොඩිවෙලා විසිරිලා යද්දි මට කිසිම දුකාක් දැනුනේ නැහැ.

මම කිසිම දෙයාක් නොවුන ගානට එදා ලැස්ති වෙලා ගෙදර අවා.හරියට කසාද බැඳලා දිග කාපු ගැනියෙක් වගේ.මං ගෙදර ගිහින් සද්ද නැතුව හිටියෙ වෙනුර ගැන විශ්වාසයක් තිබුන නිසායි.අනික ඒ නිසාමද මන්දා මට ඒ දේවල් ගැන අංශු මාත්‍රයකවත් දුකක් දැනුනෙත් නැහැ.

එත් හැම සතුටක්ම පස්සෙන්ම දුක කඳුළ ලුහු බැඳගෙන එනවායි කියලා කතාවක් තියනවානේ.ඉතින් ඒ කතාව ඇත්තක් කරමින් මගේ හිතට දුක දැනෙන්න පටන් ගත්තේ වෙනුරගෙයි මගේයි සම්බන්ධය අයියාට අරංචි වුණාට පස්සෙයි.අයියා මට නොගහපු ටික විතරයි හොදට බැන්නා.තාත්තාටත් තරහා ගිහින් මට බැන්නා.ඔය සම්බන්ධය නතර නොකලොත් ගෙදරින් එලවනවා කියලත් තාත්තා කිව්වා.එත් එයාලා එහෙම සරලව සුළුවට හිතුවට වෙනුරගෙයි මගේයි අතරේ තිබුනේ එසේ මේසේ ආදරයක් නෙවේ.

අපි පොතේ අස්සන් නොකලට අනෙක් සියල්ලම ඉක්මන් වුණ පෙම්වතුන් වුණා.මං මේවා ගෙදරට කියන්න ගියේ නැහැ.

එත් මං මේ සේරමා වෙනුරට කිව්වා.එයා ගත්කටටම කිව්වා දැන් ඉතින් කරන්න දෙයක් නෑ අපි පැනලා හරි යමු කියලා.මටත් වෙන විකල්පයක් තිබුනේ නැහැ.අන්තිමට මාත් ඒ තිරණයට එකඟවුණා. එත් වෙනුර එක්ක ගියාට පස්සෙයි මට කසාදය කියන එකේ ඇත්ත බරපතල කම තේරුනේ.වෙනුරට හරියට ඉන්න තැනක්වත් තිබුනේ නැහැ.එයාලගේ පවුලේ සාමාජිකයෝ හයක් හිටියේ අඩි විස්සක විතර පුංචි කටුමැටි ගෙදරක.අන්තිමට මාත් ඒ ගෙයි සාමාජිකයෙක් වුණා.

ඒ වගේ තැනක මොන පවුල් කෑමක්ද.ඒත් අපි ජිවත් වෙන්න ඔන නිසා පවුල් කෑවා.වෙනුර ටිකෙන් ටික වෙනස් වුණා.කාලයත් එක්ක එයාට මාව ගෙදර තවත් කෙනෙක් පමණක් වුණා.අපි යලට මහට අඹු සැමියො වගේ හිටියා.ඒ දේ කොහොම කොතන සිද්ද වුණත් කොයි ගැනිත් වගේ මාත් ගැබිනියක් වුණා.දරුවා ලැබෙන්න ඉන්නාවා කියලා අමුතු සැපක් නැහැ.එ දහා දුකම විඳගන දරුවා බිහි කළා.ඒ දරුවාට අවුරුදු තුන පිරෙද්දි අයෙත් දරුවෙක් බඩට අවා.ඔන දෙයක් දරුවොනෙ කියලා හිතලා.ඒ දරුවා බිහිකරලා මං උපත් පාලන සැත්කමක් කරවා ගත්තා.නැත්ත අපි විදින මේ දුක් ගොඩම තවත් කි දෙනෙක් ගෙනත් දන්න වෙයිද කවුද දන්නෙ.

අන්තිමට මගේ දරුවො දෙන්නත් අනාන්ත දුක් වින්ඳා.මත් දුක් වින්ඳා.වෙනුරට නම් ඒවා ගනක් නැහැ.එයාලට ඒ ජිවිතේ හුරුයි එත් බැරිම තැන මං එයාට කිව්වා ගෙයක් කුලියට අරන් ගිහින් ගාමන්ට් එකක හරි රක්ෂාවක් කරගෙන ඉමු කියලා.එ මොනවා කිව්වාත් ප්‍රයෝජනයක් නැහැ.තාමත් අපි හැමෝම එ දුක් කන්දම විඳගෙන ඉන්නවා.මේ දුක කවදා කොහොම කෙලවර වෙයිද කියලා දෙයියො තමා දන්නෙ.

නිමි
===

ගොඩාක් දුරට අදරෙ කරන කාලේ මවන අහාස් මාළිගා සිහින ලොක නැ විවහා ජිවිතයට ඇතුල් වෙලා පවුලක් වුන දවසට.එකායි මේ කතාවෙන් පෙනනුම් කරන යථාර්ථය.අදරෙ විදින්න කලින් විදවන වෙනවාද කියලාත් බලාන්න.


Comments System WIDGET PACK