#ගෙම්බෙක් වෙන්න එපා | Gembek Wenna Epa


ආදර්ශමත් කතාවක් කැමතිනම් කියවන්න.

#ගෙම්බෙක් වෙන්න එපා.

ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා
ලිපට ගින්දර දැම්මම
වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා
ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා..
වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා...
හැබැයි එක වෙලාවක් එනවා වතුර වල උෂ්ණත්වයට ගෙම්බට ඒ උෂ්ණත්වය හදාගන්න බැරි වෙන.
ගෙම්බා භාජනයෙන් එළියට පනින්න හිතනවා
ඌ පනින්න උත්සහා කරනවා...
පනින්න බෑ...මොකද ඌ ඌගේ මුලු ශක්තියම
උණුවතුරට හැඩගැහෙන්න පාවිච්චි කරලා...
ගෙම්බා මැරෙනවා...
ඌ මැරෙන්න හේතුව වතුරට දාපු එකද?
නෑ ..ඌ එළියට පනින්න ඕන වෙලාව දැනගන හිටියේ නෑ.
උෂ්ණත්වය දැනෙද්දී ඒක හැඩ ගැහෙන්න් හැදුවා.
ආයේ අයේ හැඩ ගැහෙන්න හැදුවා...
උගේ මුලු ශක්තියම හැඩ ගැහෙන්න යෙදෙව්වම
ඌට එළියට පනින ශක්තියක් නැතිව ,අන්තිමේ
මැරුණා...
ජීවිතයේ අපිටත් සමහර පනින්න ඕන තැන් එනවා
ඒ තැන් වලදී පනින්නේ නැතිව
අපි ඒකට හැඩ ගැහෙන්න හැදුවම
ඉබේම අපේ ශක්තිය වැය වෙලා අපි විනාශ වෙලා ගිහින්,
අපි ශාරිරිකව මානසිකව හැගීම් වලින් පීඩා විදින්න,
ලොකුම හේතුව
අපි එළියට පනින්න ඕන තැන හරියට අදුරනොගැනීම.
හිතන්න ,එළියට පනින්න.

ජීවිතයේ තියෙන නොගැලපෙන දේවල් වලින් අයින් වෙන්න.
නොගැලපෙන ආදර කතාවලින් අයින් වෙන්න නැත්නම් වෙන්නේ ජීවිතේ තියෙන තුරාවටම විඳව විඳව මැරෙන්න වෙන එකයි.

මම අසින්ත සෙනවිරත්න



Comments System WIDGET PACK