##==බෝනික්කී==## | Bonikki


##==බෝනික්කී==##
------------------------------------------

දුප්පත්කමට නිසාම ඉන්න හිටින්න තැනක් නැතුව කුලියට කාගේ හරි තැනක ජීවත් වෙන අපිට අද මේ ඉන්න ගෙයිනුත් යන්න වෙනවා. කුලිය ගෙවා ගන්න බැරිකම නිසාම තමා මේ ගෙදරත් අපිට අද නැති වෙන්නේ . අද සල්ලි නැතුව මුකුත් කරන්න බෑ කියන කතාව හරියටම හරි....

අඩු කුලියට හොයා ගත්ත ගේ ගැන නම් කිසිම පැහැදීමක් නෑ. එහෙමයි කියලා හොඳ තැනකට යන්න අතේ සල්ලි තියෙන්න එපායැ. තාත්තා කියලත් මග ගානක් හොයනවා නෙවේ නෙහ්.....

"පුතේ.. මේ ගේ නිකන් භූත මාලිගාවක් වගේ හරිම මුස්පේන්තු පාටයි. කිසිම එළියක් නෑ.. තියෙන අපිරිසිදුකම ඊට එහා.."

"මොනා කරන්නද තාත්තේ අද ඔහොම ඉදලා හෙට නිවාඩුවක් දාලා අස් කරලා දාන්නම් මම. මීට වඩා හොඳ තැනක් ගන්න වත්කමක් කොහෙන්ද අපිට"

" මෙහෙ කලින් ඉදලා තියෙන්නේ කවුද"

"අවුරැදු ගානකින් කවුරුත් ඉදලා නෑ තාත්තේ . "

"ඒ මොකද?"

"අනේ මන්දා .. ඇහුවට කිව්වේ නෑ මං බල කර කර ඇහුවේ නෑ ඉතිං. දැන ගත්තා කියලා මේක දාලා යන්න පුළුවන්කමකුත් නෑ නෙහ්?"

"ඔව් ඒ කතාවත් ඇත්ත. දුප්පත් වෙලා ඉපදුන එක මහ පවක්"

" තාත්තා කියටද රෑ වැඩට යන්නේ? කාලද යන්නේ?"

"මං දැන් යනවා.. මං එහෙන් කන්නං. උඹ කාලා නිදිය ගනින්කෝ "

"හරි තාත්තේ පරිස්සමෙන් යන්න"

ඇත්තටම මේක භූත ගුහාවක් වගේම තමා. ආව මෝඩකම කියලත් හිතෙනවා. නිකන්වත් අස් කරලවත් දුන්නෑ අපිට. මටත් වෙලාවක් තිබ්බේ නෑ නෙහ්. දූවිලි , මකුළු දැල් හැම තැනම. මහා අදුරැ පාටයි. මොනා හරි කෑමට හදා ගන්නත් ඕන බිත්තරයක් බැදගෙන බත් ටිකක් කනවා . ගේ හරියේ වෙන මුකුත් නෑ නෙහ්. කෙම්මුර දවස්වල පුලුටු හොඳ නෑ කියලා මැරෙන්නයැ. "

කාලා පුටුවේ ඉඳ ගත්ත මං කල්පානවකට වැටුනේ නොදැනිනයමයි.. මොහොතකින් නැගිටලා කුස්සියට ගියේ වතුර කෝප්පයක් අරගෙනම ඇඳට යන අරමුණ ඇතුවම තමා......

එළියේ තදටම වහිනවා. අකුණුත් සැරයි.. අවේලාවේ නින්දෙන් ඇහැරුනු මං හෑන්ඩ් ෆ්‍රී දෙක කනෙන් ගලවල දැම්මේ ඇඳට ආපු මට සිංදු අහන ගමන්ම නින්ද ගිහිං තිබුණ නිසා. ඒ එක්කම බිත්තියේ ගහලා තිබ්බ ඔරලෝසුව දිහා ඕන කමින් නොබැලුවත් වෙලාව 12.20යි කියලා දැක දැකත් අනිත් පැත්ත හැරනේ මේසේ උඩ තියෙන වතුර කෝප්පය ගන්න හිතාන. කෝප්පය නම් තියෙනවා ඒත්.... ඒත් කෝ ඇඳට නගින්න කලින් ගේනව වතුර ටික... හිස් කෝප්පයක් උනෙ කොහොමද ? හොඳටම මතකයි මං බිව්වේ නෑ. හැලිලත් නෑ. අනේ මංදා.. කමක් නෑ වතුර නැති එකක්යැ..

කම්මැලිකම පැත්තට දාලා නැගිට්ටේ වතුර කෝප්පයක් ගේන්න. ඒත් ඇදේ ඉඳ ගත්ත මං තවමත් කල්පනා කරන්නේ වතුර ටිකට උන දේ. හිත නොසන්සුන් . අඩියට දෙකට සින්ක් එක ළඟට ගිය මට ඇහෙන්නෙම අමුතු සද්ද විතරමයි.....

" මීයෙක් හරි කැරපොත්තෙක් හරි වෙන්න ඇති"

මම මගේ හිත සනසන්න එහෙම කියද්ද මගේ හිතත් එක පිළිගන්න උත්සහ කළා. හයියෙන් වැහුන දොරක සද්දයක් එක්කම තිගැස්සුනු මම කෑ නොගැහුවත් හුස්ම වැටෙන වේගෙ නම් වැඩි වෙලා හොඳටම. මීට කලින් මෙහෙම හැගීමක් දැනිලා නෑ මට.....

ගේ පුරාම අමුතුම ගඳක්.. බිත්තර බැද්ද නිසා වෙන්න ඇති..නැත්නම් වහලම තිබ්බ ගෙයක් නිසා වෙන්නත් පුළුවන්. මනස්ගාත් බොරැවට මවාගෙන.. විකාර නැතුව නිදා ගන්න ඕන කියලා දොර පැත්තට හැරෙද්දිම එක සැරේම දාල තුබුන ලයිට්ස් නිවිලා ගියා..හැල හොල්මනක් පේන්නෙ නැති තරම් කලුවරයි මුලු ගේම. ජනෙල් දොරවල් රෙදි ඒ මේ අත වැනෙනවා..

ඉටි පන්දමක් පත්තු කර ගන්නවත් ගිණි පෙට්ටියක් ඉටි පන්දමක් තියෙන තැනක් හොයා ගන්නවත් පේන්නෙ නෑ.. ඔහේ අත ගා ගෙන ඉස්සරහට යනකොට නිකන්ම් මාව වැටුනේ කොහොමද? පැටලුනෙත් නෑ. හැබැයි තල්ලු කලා වගේ නම් දැනුනා. ඒ එක්කම දැනුනේ කවුරු හරිම මා එක්ක ඉන්නවා වගේමයි.. මහ අමුතුම දෙයක් දැනුනා..

දෙයියනේ කියලා හොයා ගත්ත ගිනි පෙට්ටියෙන් ඉටි පන්දමක් පත්තු කර ගත්තා සැනින් නිවිලා යනව පොඩි හුලන් පාරක් එක්කම. ඕක කීප වතාවක්ම සැරෙන් සැරේට වෙද්දී තුබුන බය තව තවත් වැඩි වීගෙන යන්නෙ මටත් නොදැනීමයි...

"ටිං ටිං......."

"දෙයියනේ සාලෙන් ඇහෙන ඒ ගෙජ්ජි සද්දේ මොකක්ද..?"

මම මගෙන්ම ප්‍රශ්න කලා.. සලේට යන්න ඕන උනත් තනිව ඉන්න මේ අදුරැ කලුවර වෙලාවේ හිතට පොඩි චකිතයක් ආවත් ආයෙම පත්තු කර ගත්ත ඉටි පන්දම දකුණතට අරං දොර රෙද්ද අස්සෙන් එබිලා බැලුවම දැක්ක දේ මට හිතා ගන්න බෑ...

බෝනික්කියක් වගේ ලස්සන කෙල්ලෙක්.. ලස්සනට ඇදලා ඇදුමේ පාටට ගැලපෙන්න මාල වලලු දාලා කකුල් දෙකේම පාද සලන් බැදගෙන ලස්සනට සාලෙ මැද්දෙ ඉදන් නටනවා.

"කවුද මේ? දැං මම මොකද කරන්නේ?"

දහසක් ප්‍රශ්න එක්ක ඒ දෙස බලා ඉද්දිම එ රැව අතුරැදහන් උනේ ඇස් පිල්ලමක් ගහන නිමේෂයකින්. ඒ එක්කම නිවුන ලයිට් ආයේ පත්තු වෙද්දි ගේ පුරාම පැතිරිලා තිබුන පුලුටු ගඳත් අතුරැදහන් උනේ නොහිතපු විදියකටයි..

මේ දේවල් එක්ක හෙම්බත් උන මම ඇඳට ගියත් ඇස් පියා ගන්න තරම් සන්සුන් මනසක් නම් අහලකවත් නෑ. මේ එක්කම එහෙට මෙහෙට කැරකෙන ෆෑන් එකෙ හුළං පාරට කොහේදෝ උඩක තිබිලා බිමට වැටුනේ පුංචි පොතක් වගේ දෙයක්. සැනින් ඒක අතට ගත්ත මට හැගුන එකම දේ ඒක ඩයරි එකක් කියන දේම තමා. පිටුවෙන් පිටුව පෙරලපු මට හිතුනෙම ඒ ඩයරිය අර ගෑණු ළමයගේ වෙන්න ඕන කියලමයි....

" 2009.9 .3 අඟහරුවාදා
මම දන්නවා මම වැරදි කියලා. ඒත් මම මේ තීරණයක් ගන්නවා. මේ මගේ ජීවිතයේ අන්තිම දවස.. කාටවටත් මට හේතු කියන්න උවමනාවක් නෑ. මට හැමදාමත් තනි රැක්කේ මේ පාද සලං විතරයි.. හැමදාමත් ඒ දෙක මගෙ කකුලෙ තිබුනාවේ.. මම මැරෙන මොහොතෙත්....මම අදට නෙවෙයි හැමදාටම නිහඬ වෙනවා."

අන්තිම පිටුවේ තිබුනේ එහෙමයි..
ඇය ඇයි දිවි නසා ගත්තේ ඇයි කියන එක තමා මට තියෙන ලොකුම ගැටලුව.. මුලු රෑ පහන් වනතුරැ මේ කෙල්ලගේ ජීවිත කතාව කියවපු මට දැනුනේ තරහක්ද ? දුකක්ද?අනුකම්පාවක්ද කියලා කියන්න මට තේරෙන්නෙත් නෑ...

අවුරැදු ගානක් අසනීප වෙලා එක් තැන් වෙලා හිටිය ඇයට ඒ ජීවිතය එපා වීම තමා එකම හේතුව. මේ බෝනික්කිගේ ජීවිතයම වෙලා තියෙන්නේ නැටුම්.. ඒ නිසාමයි පාද සලං විතරයි තනි රැක්කේ කියලා කියන්නේ. එයාගේ මේ ඩයරිය පුරාම තියෙන්නේ එයයි කලාවයි අතර බැඳීම ගැන විතරමයි.. දෙමාපියන් , සහෝදරයින් ,යාලුවෝ කිසිම කෙනෙක් ගැන සදහනක් නෑ.. මේ බෝනික්කි තනි වුන කෙනෙක්දෝ කියලත් හිතෙනවා....

සෑහෙන කාලෙකින් මේ ගෙදර කවුරුත් ජීවත් නොවුනේ ඇයි කියලා ගේ අයිතිකාර අන්කල්ගෙන් මං ඇහුව ප්‍රශ්නයට උත්තර නොදලැබුනේ මේ නිසාම වෙන්නත් පුළුවන්.. කොහොම උනත් මේ ගෙදර බෝනික්කිගෙ නම් අද හෙටම අපි මේ ගෙදරින් යන්නම ඕන....

තරැණ කෙල්ලෙක් එයා මොන තත්වෙක හිටියත් ගත්ත තීරණය නම් වැරදී . ප්‍රශ්න හමුවේ ශක්තිමත් උනා නම් එයා දැන් සුව වෙලා එයාගේ හීනේ ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්..කිසිදාක කිසි තීරණයක් බුද්ධියෙන් තොරව ගන්න එක නම් සුදුසු නෑ. අනෙක් මේ ජීවිතේ අපිට අයිතියක් නෑ..එහෙන නම් ඒක විනාශ කරන්න කොහෙන් ලැබුන අයිතියක්ද එයාට?

ස්තූතියි
අමාලි විජයන්ති


Comments System WIDGET PACK