බොඩිගාර්ඩ් මනාලි...(අවසන් කොටස) | Bodigard Manali 02 Kotasa


බොඩිගාර්ඩ් මනාලි...(අවසන් කොටස)

අතාරින්න කිව්වේ කසුන්...මම කොච්චර කිව්වත් අහපු නැති නිසා ආපු කේන්තියත් එක්ක මගේ අත නැවතුනේ කසුන්ගේ කම්මුල මත....

මොකක්ද තෝ ඒ කලේ ආ...කසුන් වියරුවෙන් මෙන් මන් දිහාවට එන ගමන් මොර දුන්නේය...මම වහාම මගේ ඉන පෙදෙසෙ රදවා තිබු පිස්තෝලය අරගෙන කසුන්ගේ මූන වෙත දික් කලා...

පැත්තකට වෙලා හිටියොත් හොදයි...නැත්තන් මන්...ඇහිබැමකුත් උස්සගෙන මහා ආඩම්බරෙන් ඔහු දෙස බලා තර්ජනය කලා...

හරි උබ ගැන මන් බලාගන්නම්..මේක මෙතනින් ඉවර නෑ ගැනියේ..උබ වගේ නවිදුවා ගැනත් මන් බලාගන්නම්...දත්මිටිකමින් හිටි ඔහු පිටව ගියේය...

ඔහු ගිය පසුයි ඇගට ලේ ටිකක් ඉනුවේ...චන්ඩියා වගේ පාර්ට් දැම්මට මන් හිතෙන් තාමත් අහිංසක තරුනියක්...ඒත් ගෑනියෙක් කියන්නේ ඕනම වෙලාවක ශක්තිමත්ව සිටිය යුතුය...මම පිස්ටල් එක ආපහු ඉනේ රදවගන්න හදද්දි එක්වරම කවුරුන් හෝ පිටුපසින් මගේ අත තදින් අල්ලගත්තා...

ආආව්...මට හෙලවෙන්නවත් බැරි වෙන්න මගේ අත පිටිපස්සට තද කරලා තිබ්බේ...

ඒ හිටියේ නවිදුයි..එනවා යන්න මාත් එක්ක...ඔහු මාව ඇදගෙනම පාර්ටි එකෙන් එලියට යන්න උනා...

අයියෝ අදනම් සර් මාව ඉවර කරයි වගේ.එත් ඉතින් මන් වැරැද්දක් කලේ නෑනේ බය වෙන්න ඇයි..ආව් ඇදන් යන විදිය...අත ගැලවෙයිද දන්නේ නැ මගේ...අපි ආවේ සර්ගේ නිවසේ පිටිපස තිබු කුඩා කොටසටයි...

තමුසේ මොකක්ද ඒ කලේ...ඇයි දන්නේ නැති උන් එක්ක කතා කරන්න ගියේ.උබ හිතුවද උබ මහා ලොකු චන්ඩියෙක් කියලා....

මගේ වැරැද්දකුත් නැතිව මේ විදියට මට බනින්නේ ඇයි...අදනම් හොදවයින් දෙකක් කියනවා මේ බුරූ බොසාට...

සර්...මම එතන වැරැද්දක් කලේ නෑනේ..අන් එතන ඇති වෙච්ච ඒ සිද්දිය කන්ට්‍රෝල් කලානේ..සර්ට වෙන්නත් ඕන ඒකනේ...

මගේ වචනත් එක්ක ඔහුගේ කේන්තිය දෙගුන වුනා යැයි කිව්වොත් නිවැරදි...මගේ අතින් ඇදලා ඔහු ලගට අරගෙන මගේ මූනට එබුනේ රාස්සයෙක් වගේ...

ඒත්...තමුසෙට කරදරයක් වෙන්න තිබ්බා..තමුසෙ මොකටද එතෙන්ට වෙලා හිටියේ මන් ගාවට වෙලා ඉන්න එපැයි..
එක නේද ඔයාගේ ඩියුටි එක...මාව ආරක්ශා කරන එක...

ඔව් ඒක තමයි මගේ ඩියුටිය..ඒ වගේම සර් මන් මාවත් ආරක්ශා කරගන්න ඕන...අනිත් එක මට බෑ හැමවෙලාවෙම සර් ලග ඉන්න...මම වැඩකරන වෙලාවක් තියෙනවා ඒ වෙලාව ඉවර උනාම මන් යන්නෝන...ඒක තමයි ඇත්ත සර්...ඔහුගේ මූනේ තිබු ස්වරූපය ඉක්මනින්ම වෙනස් විය...එහි බලාපොරොත්තු රහිත බැල්මක් දිස් විය...ටික වෙලාවක් ඉවත බලා සිටි ඔහු එක්වරම මගේ ගෙල පිටුපසින් අත දමා මගේ මූන ඔහු වෙතටම ලං කරගත්තා...

සිතිදි..අද මන් මේ කියන්නේ ඔයාගේ ලයිෆ් එකේ වැදගත් තීරනයක් ගැන...ඉස්ල්ලම මන් කියන්නම්..ඔයාව දැක්ක දවසේමයි මගේ හිතේ ඔයා ගැන අදහසක් ආවේ...මන් එදා ඔයාව කිස් කලේ ඔයාව චෙක් කරන්න නෙමේ...ඒත් මන් දන්නේ නෑ ඒ වෙලාවෙ මට ඒක ඕන උනා..ඒ වගේම ඊට පස්සෙත් මට ඔයාවයි මතක් උනේ...ඒ නිසයි සුනිල් අතේ ඔයාව මෙහාට ගෙන්න ගත්තේ...ඒත් ඔයා දන්නවද දෙයක් ඔයාව මන් මෙහෙට ගත්තේ සේවකයෙක් විදියට නෙමේ...මට ඕන උනේ ඔයාව මගේ ලගින් තියාගන්න...

මගේ හදවත සතුටින් ඉතිරෙන්න ගත්තා..මන් වගේම ඔහුගේ හිතෙත් මන් ගැන ආදරයක් තිබිලා...

මැනික...මන් ඔයාට ආදරෙයි..මගේ ලගින් ඉන්න මගේ කෙල්ල නැතුව මට ආයේ ජීවත් වෙන්න බෑ....මගේ දෑස් කදුලින් තෙත් වෙද්දි ඔහුගේ දෙතොල් මාගේ දොතොල් මත රැදුනේ මාව සනසන්නාක් මෙනි...මිනිත්තු කිහිපයක් ඔහු මාව මෘදුව සිපගන්නට උනා...ඒත් එක්වරම ආපු ඇමතුමක් එක්ක ඔහු මගේන් ඈත් වී ෆෝන් එකට පිලිතුරු දී ආපසු මන් ලගට පැමිනියා..

මම යන්නෝන මැනික...ඔයා තව මෙහෙ ඉන්න එපා..මාත් නැති නිසා...සුනිල්ට කියන්නම් මන් ඔයාව ගෙනිහින් දාන්න කියලා...මගේ නලල ආදරෙන් සිපගත් ඔහු පිටත්ව ගියේ මගේ හිතේ ආදරෙන් පුරෝලා...

ගෙදර ගිහින් යහනට වැටුනත් මට නින්ද අහලකවත් නොවීය..ඔහුගේ වදන් ඔහුගේ ස්පර්ශයන් මාව නොනිදා තැබීමට සමත් උනා...මධ්‍යම රාත්‍රිය උදාවෙන විටදි මට තදින්ම නින්ද ගියේය..පසුවදා උදෑසන ලෑස්ති වී පහලට යද්දි පහල සිටි කෙනා දුටු මට කේන්තිය ඉවවහා ගියේය...

කවුද තමුන්ට මෙහෙ එන්න අවසර දුන්නේ...දැන්ම යනවා එලියට...මම කෑගැසුවේ කසුන්ටය..ඔහු හිටියේ තේ එකක් බොමින්ය...

ඕ මැඩම් නැගිටලා වගේ..උදේ පාන්දරම..කමක් නෑ දැන් නැගිට්ටට මන් එක්ක හිටියම කෝමත් නැගිටගන්නවත් බැරි වේවි...

තමුසෙට කොගෙන්ද මෙච්චර හයියක්...ඉන්නවා මන් දැන්ම කෝල් කරනවා පොලිසියට..

හෝ හො මැඩම් හදිස්සි වෙන්න එපා..චුට්ටක් අම්මා ඉන්න දිහා බලන්නකෝ...ඔහුගේ කීමට මම මව දෙස බැලුවේය...දෙවියනේ ඇය සිටියේ කසුන්ගේ ගෝලයෙක් සමග කතාබහකය...ඔහුගේ අතේ වූ පිස්තෝලයක් ඇයටත් නොදැනීම ඇයවෙත එල්ලකරගෙනය...

කසුන් මගේ අම්මට මොනාහරි උනොත් මන් තමුසෙව ඉතුරු කරන්නේ නෑ....

එහෙනම් මැඩම් මන් කියන දේ කරන්න වෙනවා....ඔයාට සිද්ද වෙනවා මාව කසාද බදින්න...

මො..ක..ක්...ඒකනම් කවදාවත් වෙන්නේ නෑ...මන් කෑගසන්නට විය...

ශ්..ශ්...කෑගහන්න එපා..නැත්තන් අම්මට වෙන්නේ පරලොව යන්න...

මගේ හදවතට පිහියකින් ඇන්නා වගේ...මට අම්මගේ හිනාව මැවි මැවි පෙන්න ගත්තා..කුඩාකල සිටම අම්මගේ උනුහුමේ හුරතල් උනමට අම්මගෙන් තොරලොවක් නොතිබිනි...ඇයගේ එකම ආශාව උනේ මන් ලස්සනම ලස්සන මනාලියක් වෙනවා දකින්න...එත් අද මගේ තීරනයක් නිසා අම්මගේ ජිවිතේ නැතිවෙනවනම්...බෑ ඒක වෙන්න දෙන්න බෑ..අම්මගේ ජිවිතෙයි මට වටින්නේ අම්මා වෙනුවෙන් මට මේ දේ කරන්න වේවි...අනේ නවිදු..ඉන්න තැනකින් ඇවිත් මාව මේ ප්‍රශ්නෙන් බේරලා දෙන්න...අනේ.....

මොකද කියන්නේ මැඩම්..තීරනට ඔයාගේ අතේ..ඔහු දුමිවැටියක් උරමින් ඇසුවේය...

හදවත පලාගෙන යන වේදනාවක් ආවත් මන් මේ දේට අමාරුවෙන් හෝ එකග විය යුතුයි...ඒ නිසාම මම ඒ තීරනය කලා කසුන්ව කසාද බදින්න...

ඔය තියෙන්නෙ..වැඩේ ඉවරයි...අනිද්දට වෙඩින් එක...රෙඩි වෙලා ඉන්න...අහ් අනිත් එක තව දෙයක් ඔයා දැන් ඉදලා නවිදු ගාව වැඩට යන්න බෑ...ඒක කෝල් කරලා කියනවා එහෙට...

මම හැඩුම් ආ හෙයින් මුවත් අල්ලගෙන කාමරේට ගොස් මහ හයියෙන් අඩන්න උනා...අනේ දෙවියනේ ඇයි මටම දුක් දෙන්නේ මේ විදියට...මට බෑ මේක කරන්න...ඒත් මගේ අම්මා...එතකොට නවිදු...ඔහුගේ හිතේ මන් ගැන තියෙන ආදරේ මේක දැනගත්තම නැති වේවි...ඔහු මාව පිලිකුල් කරාවි...අනේ නවිදු මට සමාවෙන්න...ඒත් මට වෙන කරන්න දෙයක් නෑ...අමාරුවෙන් ෆෝන් එක ගත්ත මන් මගේ අස්විමේ ලිපිය සුනිල්ට ඊමේල් කලා..අඩම අඩම සිටි මට නින්ද ගොස් තිබියදි අම්මගේ හඩින් ඇහැරුනෙය...

ලොකු අන්න මහත්තයෙක් ඇවිත් හම්බෙන්න...මම දෑස්වල තිබු කදුලු පිහිදාගෙන පහලට ගියේ පැමින සිටියේ සුනිල්බව පසක්කරගෙනය...නමුත් පහලට යනවිට එහි සිටියේ මා බලාපොරොත්තු වු රුව නොව එහි සිටියේ නවිදුයි...

සර්..ඔහුව දැක්ක ගමන් මගේ කදුලු නැවතත් අලුත්විය..ඒත් මා ශක්තිමත් විය යුතුයි...ඔහුගේ මුහුනෙහි බරපතල පෙනුමක් විය...

මොනාද මේ වෙන්නේ ආ...ඔයා කෝමද අර කසුන්ව බදිනවා කියන්නේ...ඌ මට ඉන්විටේශන් එකකුත් එවලා..ඔහු කෝපයෙන් සැටි එක මතට විසික් කලේ කාඩ්පතකි...දෙවියනේ මේ කසුන්..ඇයි මෙච්චර තරහක්...අනේ සර් ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා...ඒත් මට ඒක කියාගන්න බෑ...

ඔව් සර්...මම එයාව බදිනවා...හිත ඇතුලින් ගිනිගනිද්දි මම පිටතින් සංසුන් ලෙස පැවසුවා...

මොනවා...?ඒත් ඒක ..මේ...ඔහුගේ මුව ගොලු වි තිබුනි...

ඔව් සර්...ඒක මගේ පෞද්ගලික තීරනයක්...සර් ඒකට මැදිහත් නොවි හිටියොත් හොදයි...මගේ වදන් හමුවේ ඒ මුහුන අදුරු වෙනවා මන් හොදටම දුටුවේය...අ...නේ..ස..ර්..මට සමා..වෙන්න...මට වෙන කරන්න දෙයක් නෑ සර්....මගේ හදවත් විලාප දෙන්න විය...ඔහු එකවරම මගේ උරහිසෙන් අල්ලා මගේ මූන දෙස බැලුවේය..

මැනික..මේ කරන්නේ විහිලුවක් නේද..මන් දන්නවා අපි දෙන්නා හම්බෙලා ගොඩක් කල් නැතුව ඇති...ඒත් දැන්...දැන් මට ඔයා නැතුව එක මොහොතක් ඉන්න බෑ...ඒක ඔයා හොදටම දන්නවා නේද...ප්ලිස් මේක නවත්තන්න..ප්ලීස්..ඔහුගේ දෑස්වලින් කදුලු ගලන්නට විය....

සර්..අයින් වෙනවා...මේක ඔයාට අදාල දෙයක් නේමේ..මන් ඔයට ආදරේ කරන්නේ නැ..මන් ආදරේ කරන්නේ කසුන්ට...

මගේ දෙස පුදුමෙන් මෙන් බැලු ඔහු තවත් කිසිවක් කීමට පෙර මම කතා කලා...

සර් දැන්ම මෙහෙන් ගියොත් හොදයි..මම දැන් ඔයාගේ යටතේ වැඩකරන කෙනෙක් නෙමේ...

මන් දෙස නැවතත් බලපු ඔහු නිවසින් පිටව ගියේ මගේ හදවතත් රැගෙනය....

--------------------------------------------------------------------
දින දෙකකට පසු...

මහා රාත්‍රියේ අනෝරා වැසිවසින්නට වුයේ මගේ අනාගතේ ගැන මූසල අනාවැකි පවසමින්...සැවම නිදි දෙව්දුව වැලදගෙන සිටියත් නින්ද මා අසලකවත් නොමැත...යහන මත හෙට දින ඇදීමට නියමිත් මගුල් ඇදුමය...එදා ගෙදරින් ගිය පසු නවිදු ගැන ආරන්චියක් නොමැති විය...ඔහුව හමුවෙන්න තියා ගෙදරින් එලියටවත් බැසීම මට තහනම් විය...ඔහුව මතක් වෙන සෑම මොහොතෙම මගේ හදවත් මොහොතෙන් මොහොත මියයන්නේය...නමුත් කිරිමට කිසිවක් නොමැත...මේ දවස් ටිකට කසුන් යනු කවුරුන්ද යන්න මන් හොදින්ම දැනගත්තා..ඔහු නිතිවිරෝධි වියාපාර කරමින් මුදල් උපයන්නේක්...ඔහු මාව මේ විදියට විවහා කරගන්නේ එදා මන් ඔහුට කරපු ලැජ්ජාවට පලිගැනීම සදහායි...

නින්දත් නොනින්දත් අතර සිටි මන් ඇහැරුනේ මාව අන්දන්න ඇවිත් තිබු ලමයාගේ හඩටයි...අකමැත්තෙන් උනත් මම ලෑස්ති වී විවහය සදහා හෝටලයට ගියේය...පෝරුව අසල සිට මන් අද ව්‍යාජ පතිනියක්ව පෝරුව දෙස බලා සිටිනවා...

මනමාලියගේ පැත්තෙන් මාව පෝරුවට නග්ගන්න කවුරුත්ම සිටියේ නෑ..මොකද මගේ තාත්තා නෑ..ඒ වගේම අම්මා එයාලගේ නෑදෑයන්ගේ අකමැත්තට විවහ උන නිසා මේ විවහයට මගේ පැත්තෙන් පිරිමි කවුරුත්ම හිටියේ නෑ...

මනාලියව පෝරුවට නග්ගන්න...පෝරුවේ චාරිත්‍ර කරන කෙනා නැවතත් කියන්න විය...ඒත් එක්කම මගේ අත කවුරුන් හෝ අල්ලගත්තේය...මම හැරිලා බලනවිට දුටුවරුව නිසා මගේ හදවත ගිනිගත්තේය...නවිදු මාගේ අතකින් අල්ලගෙන මාව පෝරුව වෙත ගෙනගියේය...දෙවියනේ මෙන් මේක කොහොම දරාගන්නද...මට ඕන උනේ ඔක්කොම පැත්තකින් දාලා ඔහුට මේ සියල්ල පවසන්න...ඒත් මගේ අම්මගේ රුව දුටු විට ඒ සියලු සිතිවිලි යටපත් කරගත්තේය..පෝරුවට නැග්ගු පසු ඔහු මගෙන් ඈතට යද්දි මන් ඔහුගේ අතින් අල්ලලා ඔහු දෙස බැලුවේය....

අනේ මාව බේරගන්න නවිදු...මට ඒක ඔයාට කියගන්න බෑ...ඒත් මේ වෙලාවේ ඔයාව මට ඕන...මාව වගේම මගේ අම්මවත් බේරගන්න නවිදු..මන්..මන් ඔයාට ආදරෙයි.....මේ කිසිවක් මන් ඔහුට පැවසුවේ නැත...ඒත් මගේ දෑස්වල ඒ වචන අනිවාරෙන්ම ලියවෙන්න ඇති...මන් දෙස මොහොතක් බලා සිටි ඔහු පසෙකට විය...විවහයේ වැඩකටයුතු ඉවර වෙලා යනතුරුත් මන් ඔහු දෙස නොබැලුවේය...

විවහයෙන් අනතුරුව මාත් කසුනුත් අපේ මංගල රාත්‍රිය සදහා හෝටලය වෙත පිටත් උනා..මගදි ඔහු කීපසැරයක්ම ෆෝන් එකෙන් කාටහෝ කතා කරමින් සිටියා...අපි හෝටලයේ කාමරේ ඇතුලට ගියවිට එක්වරම ඔහු මගේ කොන්ඩෙන් අල්ලගත්තා..

ආආආව්..මොනාද කරන්නේ අතාරිනවා මාව...අනේ ...ආආඅ...රිදෙනවා....

ආ බැ#$% උබ මට එදා කනට ගැහුවා නේද..උබ හිතන් ඉන්නේ නවිදුවා උබට ආදරේ කලා කියලද...ඒක නිසාද එදා උබ ලොකු ලයින් දැම්මේ ආආආ...මගේ කොන්ඩෙන් ඇදගෙනම ඇද වෙත තල්ලු කරා....දෑසින් කදුලු බේරුනත් මේ දේ සිදුවන බව මම හොදින්ම දැනගෙන සිටියා..ඔහු තම කමිසයේ බොත්තම් ගලවමින් මන් දෙස කෑදර බැලමෙන් බලන්න විය...

තවත්නම් ඉවසිය නොහැක...අම්මගේ ජිවිතය බේරගැනීමට මෙය සිදු කලත්...කසුන්ගේ හුස්මක්වත් වදිනවට මා අකමැති විය...ඉකමනින් නැගිටගත් මන් මෙසේය මත වු පිහිය අතට ගත්තා...

කසුන් තමුසේ මේක හොදට දැනගන්නවා...ලගට ආවොත් මන් තමුසෙව මරනවා..මම වියරුවෙන් මෙන් කෑගහන්න ගත්තා....නමුත් ඔහු කලේ සිනාසෙන එක විතරයි...

උබට බෑ එහෙම කරන්න උබේ අම්මගේ ජිවිතේ ගැන ආසාවක් නැද්ද ආආ...

උබ මහා ජරා මනුස්සයෙක්...උබට පුලුවන් උනාට තර්ජනය කරලා මාව බදින්න උබට බෑ මන් ලගට එන්න...මම අත් දෙකින්ම පිහිය අරගෙන මගේ බඩට ඇනගන්න යද්දි දොර කඩාගෙන ඇතුලට ආවේ නවිදු...

සි..ති..දි...ඔහුත් එක්ක පොලිස් නිලදාරින් පිරිසක් ඇතුලට ආවා.....

කසුන්...තමුසෙගේ වැඩ මෙතනින් ඉවරයි...උබ වැඩ වරද්දගත්තේ මගේ කෙල්ලට අත තියලා....දැන් හිරේට ගිහින් කූරු ගනින්න ලෑස්ති වෙනවා...

මගේ අත වූ පිහිය බිමට වැටුනේය..මම මා ඉස්සරහ හිටි කසුන්වත් තල්ලු කරන් ගොස් නවිදුට තුරුල් උනේ කදුලු වගුරවමින්...

අනේ නවිදු...මට සමාවෙන්න...

මැනික...දැන් ඒවා හිතන්න එපා...දැන් මේ ඔක්කොම ඉවරයි...මගේ මැනිකට ආයේ මේ වගේ දෙයක් නොවෙන්න මම ඔයාව බලාගන්නම්...ඔහු පැවසුවේ මගේ නලල මත හාදු තවරමින්....

--------------------------නිමි-----------------------------



Comments System WIDGET PACK