බොඩිගාර්ඩ් මනාලි..පළමු කොටස | Bodigard Manali 01 Kotasa


බොඩිගාර්ඩ් මනාලි..

සර්...ඉන්ටර්විව් එකට ලමයි ඇවිත්..

ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයා තමා මේ නවිදු කියන්නේ...එයා තරුන වයසෙම දියුනුවට පත්වුන ධෛර්ය සම්පන්න තරුනයෙක්...ඒ වගේම ලංකාවේ කෙල්ලන්ගේ සිහින කුමාරයා..ඒ තරමට ඔහු කඩවසම්...ගොඩක් සල්ලිකාර වැදගත් පැලැන්තියේ තරුනියන්ගෙන් නම් නවිදුට බේරිමක් ඇත්තෙම නෑ...නමුත් නවිදු කියන්නේ බිස්නස් එක්කම ජීවත් උන කෙනෙක්..ඒ නිසාම ඔහුගේ පෞද්ගලික ජිවිතය ඔහුට ගොඩක් මගඇරිලා....

අද තමයි නවිදුගේ බොඩිගාර්ඩ්ස්ලා තෝරන ඉන්ටර්විව් එක...ඉන්ටර්විව් එකට ඇවිත් හිටිය සෙනග අතර කකුල් වෙවුලමින් අනිත් අයගේ සම්ච්චලට ලක්වෙමින් තරුනියක් හිටියා...ඒ තමයි මම...මගේ නම සිතිදි..මම ලොකුවට ඉගෙන ගෙන නැති උනත් ගෙදර තියෙන ප්‍රශ්න නිසාම මේ ජොබ් එකට ඇප්ලයි කලේ...හරිනම් මේ ජොබ් එකට කෙල්ලෙක් එනවා කියන්නේ ලොකු විහිලුවක්...ඒත් මන් ගමේ ස්කෝලෙට පිංසිද්ද වෙන්න සටන් කලාව ඉගෙන ගත් නිසා මේ ජොබ් එකට ඕන සුදුසුකම් සපුරාගත්තා...ඒත් දෙවියනේ මෙතන ඇවිත් ඉන්න අනිත් පිරිමි ලමයි මගෙ දිහා දාන නෝන්ඩි බැල්මනේ ඉවසන්න බැරි...

ඉන්ටර්විව් එක පටන් අරගෙන දැන් පැයකටත් වැඩි...එක්කෙනා දෙන්නා ඇතුලට කතා කරනවා..මම තාම ගැහෙන හදින් යුතුව මගේ නම සවනට වැටෙනකන් බලන් ඉන්නවා...

මිස් දිනිති සමරසේකර...දොර ඇරගෙන ආපු සේවකයා පවසනවත් එක්කම මම කලබලෙන් නැගිටලා කාමරේට යන්න උනා...ඇතුලට යනකොටම මම දැක්කේ මට පිටුපා වාඩි වි සිටින සර්...අනේ මන්දා මාව දැක්කම මේ මනුස්සයා මොනවා කියයිද දන්නේ නැ...

සර්..මේ අයි කමින්...මම මටවත් නොඇසෙන ගානට කිව්වත් එක්වරම සර් මන් දෙස හැරුනා...ඒ මූන දුටුවා විතරයි හදවතේ මොකක්ද උනා වගේ...ඒ වගේම ඒ දෑසුත් මන් දෙස බලන් ඉන්නවා වගෙයි දැනුනේ...ඕහ් අයියෝ මට පිස්සු ...මේ වගේ සල්ලිකාරයෙක් මන් දිහා බලන්නේ ඇයි...කෙල්ලෙක් මේ වගේ ජොබ් එකට ආව එක ගැන හිතනවා ඇති...

නවිදුගේ හිත කවදාවත් නැතුව සිතිදි දැක්කා විතරයි ගැස්සිලා ගියේ නොහිතු විදියට...ඇයට වඩා රූමත් තරුනියන් ඔහු කොතෙකුත් දුටුවත් ඔහුට කිසිදා මෙවැනි හැගීමක් ඇති වෙලා නෑ...නමුත් ඔහුගේ හැගීම් වැඩි වෙලා ඔහුත් එක්ක හිටියේ නෑ....

සුනිල්...සර් කෑගහපු කෑගැහිල්ලට මන් බය වෙලා බලන් හිටියා...

සර්....

මොනාද අයිසේ මේ කරන වැඩ...?මාව විහිලුවකට ගත්තද ...මට කොච්චර වැඩ තියෙනවද කරන්න...මේ වගේ ගර්ල් කෙනෙක්ව මේ ජොබ් එකට ගන්න කවුද ඇපෘ දුන්නේ...

සර්..මෙකයි මේ ඒක වැරදිලා...

තමුසෙලගේ වැරදිවලට මමද දැන් පාඩු විදින්න ඕන...අරගෙන යනවා මෙයාව...අද ආපු එකට වෙච්ච වියදම් ඔක්කොම ගෙවලා දානවා..නවු ගෝ අවුට්...

මෙච්චර වෙලා බලන් හිටිය මන් මේ පාරනම් කතා කරන්න ගත්තා..මොකද මට මේ ජොබ් එකම ඕනමයි...මේ සර්ගේ කම්පැනි එකට එන්නයි ඕනම කෙනෙක් හීන මවන්නේ...ඒ තරමට සේවකයන්ට හා පවුල්වලට සැලකිලි...මන් ඉන්න තත්වෙත් එක්ක මේක තමා මට කරන්න පුලුවන් හොදම ජොබ් එක...

අ....අ..නේ සර්...මට පුලුවන්..අනේ මට ජොබ් එක දෙන්න සර්..මට පුලුවන් උපරිමෙන් කරන්නම්..මම කදුලු පිරි දෑසින් ඔහු දෙස බැලුවා...

ආ යූ මෑඩ්...තමුසෙට පුලුවන්ද තමුන්ගේ ආරක්ශාව ගැනවත් බලාගන්න...

මගේ දෑස්වලින් කදුලුගලන්නට උනත් ආයාසෙන් ඒවා නතර කරගත්තේ එසේ වුවහොත් මම තවත් අපහසුවට ලක්වෙන නිසයි...

සර්..මට පුලුවන්..මම ඔහු දෙස බලා කෙලින් උත්තරයක් දුන්නා..නමුත් ඒක කියනවත් එක්කම ඔහු මන් දෙස බලපු බැල්ම නිසා මගේ ධෛර්ය එතනම දිය වෙලා ගියා...

සුනිල්..ගෙට් අවුට්...ඔහු සැරෙන් කිව්වේ සේවකයාට යන්න කියලා...මාත් තවත් බැනුම් අහන්න බැරි නිසා එතනින් යන්න පිටත් උනා

තමුන් ඉන්නවා...සර්ගේ කටහඩින් මම ආපසු ඔහු දෙස බැලුවා...ඔහු පුටුවෙන් නැගිටලා කෙලින්ම ආවේ මන් දිහාවට...මම පස්සෙන් පස්සට ගියේ තිබ්බ බයටමයි...මගේ අතේ තිබ්බ ෆයිල් ටිකත් බිමට වැටෙද්දි මන් ගිහින් හෙත්තු උනේ බිත්තියට...

ඔහු මා ලගටම ඇවිත් මට යන්න බැරි වෙන්න ඔහුගේ එක් අතක් මගේ ඇගට ලං වෙන්න බිත්තියෙන් තියාගත්තා...

තමුසේ කිව්වා නේද තමුසෙට බලාගන්න පුලුවන් කියකා තමුන් ගැන...දැන් අපි බලමු ඒක...

එක්වරම මගේ ඉනවටා අතදමා ඔහු මගෙ දෙතොල් තරයේ සිපගත්තේ කිසිවක් සිතිමටත් පෙරයි...මගේ දොතොල් උමතුවෙන් මෙන් සිපගන්නා ඔහුට එරෙහිවීම මට කරගත නොහැකි දෙයක් උනා...මම හිටියේ මලානික වෙලා..ඔහුගේ පහසේ මිහිරක් තිබ්බත් එකම දෙයක් තේරුනා..මේ වෙන දෙයින් මට කවදාවත් ජොබ් එක හරියන්නේ නැ කියලා....එක්වරම ඔහුගේ අනිත් අතිනුත් මාව ඔහු වෙත තද කරගෙනම සිපගන්න ගත්තා..හැමකෙල්ලෙක්ගෙම සිහින කුමාරා උන ඔහු අද මාව මේ විදියට සිපගන්නවා...දෙවියනේ මේ මොන පුදුමයක්ද...ඔහුගේ සිපගැනීමේ කෙලවරක් නොතිබු තැන මගේ තොල පැලි ලේ ගලන්නට විය..මගේ මුවින් සිහින් කෙදිරියක් පිටවෙද්දි ඔහු මගේ දොතොල් වලින් මෑත් වී මා දෙස බලන් හිටියා...ඒ දෑස් කලබලයි ...පිටින් පෙන්නන තරම් නපුරක් ඒ ඇස්වල නෑ....

පේනවනේ තමුසෙට බෑ තමුසෙවත් ආරක්ශා කරගන්න...

මෙතරම් වෙලා දෑස්වල තිබු කදුලු පිටාර ගලන්නට උනේ දැනේන අමුතු හැගීමටද නැතිනම් ජොබ් එක ගැන තිබු අදහස අතහැර ගැනීමටද සිදු වූ නිසාද යන්න නොදනිමි...

මම බිම වැටි තිබු ෆයිල් ටිකත් අරගෙන ඔහු දෙස නොබලා පිටත් වෙන්න හැදුවත් ඔහු මාව එක්වරම ඇදලා ගත් නිසා නැවතත් මන් ඔහුගේ තුරුලට ඇදී ගියා...මගේ මුලු මූනම දෙස බැලු ඔහුගේ දෑස් නතර වුයේ මගේ දෙතොල් මතයි...මම බිම බලාගත්තේ දැනිච්ච ලැජ්ජාවටමයි..ඔහු මේසේ උඩ තිබ්බ ලේන්සුව අරගෙන මගේ තොල පිහිදැම්මේ හරි පරිස්සමෙන්...

මම එක්වරම ඔහුගෙන් ඈත් උනා...සර්..සර් කිව්වා හරි..මම වගේ කෙල්ලෙක්ට මේ ජොබ් එක හරියන්නේ නෑ.සොරි සර්...මම යන්නම්...ඉක්මනින් අඩි තියමින් මම ඔහුගේ කාර්යාලෙන් පිටව ගියේ ඔහු ගැන හැගීමක් මගේ හිතේ තදින්ම තැන්පත් වෙද්දි...මම ඉන්ටර්විව් එක ඉවර වෙලා ගියේ නැන්දලාගේ ගෙදර..මම එහෙ හිටියේ ජොබ් එකක් හොයාගන්නකම්...ඒත් මට මෙහිදි හරියන ජොබ් එකක් හොයාගන්න බැරි උන නිසා පසුවදා උදේම මම ගමේ යන්න පිටත් උනේ හිත අමුතුම පාලුවකින් අරක්ගද්දිය...

ගමේ සීතල පරිසරේ හරි සනීපෙට නින්ද ගිය මට ඇහැරුනේ අම්මගේ කඩහඩ නිස...

ලොකූ නැගිටපන් බන්...අර...අර..අරහෙ ලොකු මහත්තෙයක් ඇවිත් උබව හම්බෙන්න...

අම්මගේ වදන් හමුවේ මන් දෙලෝ රත් උනේ ඔහුව මතක් උන නිසා..ගමේ ඇවිත් දවස් දෙකක් උනත් ඔහුව අමතක කරන්න මට බැරි උන හැටි...ඉක්මනින්ම මූන හෝදගත්ත මන් ඉස්සරහට ගියේ තිබ්බ හොදම ඇදුම ඇදගෙන...ඒත් මන් එහි යද්දි බලාපොරොත්තු උන රුව එහි නොතිබුනි...ඒත් සුනිල් එහි හිටියේය..

මිස්..ඔයාට අපේ සර් ගාව ජොබ් එක හම්බුනා..මිස්ලා අදම කොලඹ එන්න ඕන...

දෙවියනේ මම අම්මව බදාගත්තේ දැනුන සතුට නිසා...අම්මා ජොබ් එක හරි ගියා..අපි එහෙ යනවා..අම්මා අපි දුක් වින්ද කාලේ ඉවරයි...මම අම්මව බදාගෙන කෑගැහුවේ පූදුම සතුටකින්...අපි හවස් වෙද්දි නැවතත් කොලඹට ආවේ සදහටම ගමට සමු දීලා...අපිව රැගෙන ගියේ අපිටම කියලා සාදා තිබු දෙමහල් නිවාසෙකටයි...එය දුටුවම මන් වගේම මගේ අම්මගේ කටත් බාගෙට ඇරෙන්න උනේ මීට කලින් මෙවැනි ගෙවල් අප දැක ඇත්තේ පින්තූර වලින් පමනක් වන නිසා...ඒ ගෙදර ගිය අපිට සියලුම දෑ එහි තබා තිබුනි..කෑම බීම..ඇදුම් පැලදුම් මේ හැමදේම එහි තිබුනා...

මිස්...හෙට උදේම වැඩට එන්න..මිස්ට වාහනයක් එවන්නම්...යුනිෆෝර්ම් ඔක්කොම කාමරේ ඇති...සුනිල් මට ආචාර කොට පිටත් උනා...ඔහු ගිය පසු මායි අම්මයි පැයක් විතර ගෙදර ලස්සන බැලුවා...ඇත්තටම මේක හීනයක් වගේ...රාත්‍රියේ රසම රස කෑමකින් සප්පායම් උන අපි සැපපහසු ඇදන්වල නිදාගත්තේ ජිවිතේ සතුටට හදවතේ ඉඩතියලා....

උදෑසනම මන් නැගිට ලෑස්ති උනෙ වැඩට යන්න...කලු පැහැති දිග කලිසමත් එයටම යට කර අදින්න තිබු බ්ලවුසයත් මට අමුතුම ලස්සනක් එක් කලා...කවදාටත් වඩා හොදින් ලෑස්ති උන මන් ගෙදරින් පිටත් උනේ ඔහුව බලාගැනීමට තිබු උවමනාවටයි...මාවත් රැගෙන ගියෙ ඔහුගේ ගෙදරටයි...මන් වගේම අලුතින් බදවගත්ත කිහිපදෙනෙක්ම එතන ඇවිත් හිටියා...ඒත් එක්කම එතනට නිලධාරියෙක් පැමිනියා...

හොදයි හැමෝම පිලිගන්නවා අපේ ගෘප් එකට...ඔයාලා සර්ගේ බොඩිගාර්ඩ්ස්ලා වශයෙන් ලොකු වගකීමක් තියෙනවා..අපේ නවිදු සර්ගේ ආරාක්ශාවට අපේ පලමු තැන දෙන්න ඕන...තේරුනා නේද...

ඔව් සර්...

එහෙනම්...හැමෝම රාජකාරිවලට යන්න..එතකොට මිස් සිතිදි...

සර්..

ඔයා ටිකක් මාත් එක්ක එන්න...මම ඔහුත් එක්ක ඔහුගේ නිවහනට ඇතුලු උනා...මිස් සිතිදි....ඔයා තමා අපේ සර්ගේ ප්‍රයිවට් බොඩිගාර්ඩ්...සර් එක්ක හැමවෙලාවෙම ඔයා තමා ඉන්නේ ඒ නිසා ගොඩක් අවදානෙන් වැඩකරන්න...

හරි සර්..මම ඔහුගෙන් අවසර අරන් ගියේ ඔහුගේ කාමරය වෙත...දොරට තට්ටු කලත් ශබ්දයක් නොවු නිසා මම සෙමින් දොර ඇරගෙන ගියේ ඇතුලට...ඔහු තවමත් යහන මත නිදි.. ඔහු අසලටම ගිය මම ඔහුගේ මුහුනේ විඩාවක සේයාවක් දුටුවා....හ්ම්ම් සල්ලි තිබ්බා කියලා හැමෝම සතුටින් නෑ...ඒක තමයි ඇත්ත...එහෙම හිතපු මම එතනින් යන්න හදද්දි එකවරම මගේ අතින් ඇදලා ගත්ත ඔහු මාව ඔහුගේ පපුවට තුරුලු කරගත්තා...

මම ඔහුගෙන් ගැලවෙන්න උත්සහ කලත් මගේ ඉනවටා ගිය ඒ දෑත් මාව තව තවත් ඒ තුරුලටම ඇදගත්තා...මම පැයකට ආසන්නව ඔහුගේ උනුහුමේ ගුලි වි සිටි නිසාම මට නොදැනීම නින්ද ගොස් තිබුනා...මම ඇහැරෙද්දි දුටුව දේ නිසා මට තරු පෙනුනි...මම සිටියේ ඔහුගේ යහන මතයි...ඔහු මන් අසලම තිබු පුටුවක වාඩි වෙලා මන් දිහා බලාගෙන ඉන්නවා...

දෙවියනේ මන් ඉවරයි...

මැඩම්...සනීපෙට නින්ද ගියා නේද...

මේ බලන්නකෝ...මාව අල්ලලා බදාගෙන නිදාගෙන දැන් එනව මෙතන...මම බිම බාගෙනම කුටු කුටු ගෑවා...

මොනාද කුටු කුටු ගාන්නේ...ඔයාට පඩි ගෙවන්නේ මෙ විදියට ඇදක නිදන් ඉන්න් නෙමෙනේ..නිකන් නෙමෙ තමන්ගේ අයිතිකාරයගේ ඇදේ...

ඕහ් ශිට් මේ මිනිහා...තව මොනවා කියවයිද දන්නේ නෑ...ඊට කලින් මෙතනින් යන්න ඕන...මම පෙරවා තිබු බෙඩ්ශීට් එකත් ඉවත් කර ඔහුට රවාගෙනම කාමරෙන් එලියට ආවා...

අම්මෝ මේකිගේ ගෑස්...බලහන්කෝ කෙල්ලෝ මගේ අතින් අල්ලන්නත් ආසයි මේකි මාව බදාගෙන නිදාගත්තත් එක්ක...නවිදුගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනේ නොදැනුවතමයි....

හවස ඔහුගේ නිවසේ පාර්ටි එකක් තිබුනේ ඔහුගේ බිස්නස් ලයිෆ් එකට අවුරුදු පහක් පිරුන නිසා..ඒ වැඩත් එක්ක මම කාර්යබහුල උනා..එදින පාර්ටි එකට අපි හැමෝටම නිලඇදුමෙන් තොරව ඉන්න අවසර ලැබුනා...ඒත් අපි හැමෝම නවිදු සර්ගේ ලගින්ම සිටිය යුතු උනා..එම නිවසේ මට වෙන්කර තිබු කාමරේට ගිය මන් ඇද මත තිබු පාර්සලයක් දුටුවේය...

කවුද මේක එව්වේ...එහි එල්ලා තිබු ටැග් එකක ' ජ්ස්ට් ෆෝ යූ ' යනුවෙන් සදහන් උනා...හ්ම් අනේ මන්දා..මම එම පාර්සලය විවෘත කල විට දුටුවේ ලස්සනම ලස්සන ලෙහන්ගා එකක්...වාව්...හරිම ලස්සනයි...යුනිෆෝර්ම් එක ඉවත් කරපු මන් එම ඇදුමෙන් හැඩවෙලා පහලට යද්දි හැමෝම මන් දිහා බලන්න ගත්තේ මගේ මූනම රතු කරමින්...

නවිදු හිටියේ යහලුවන් සමග සතුටු සාමිචියේ යෙදෙමින්...

අඩෝ නවියා...කවුද බන් ඒ...උබේ පර්සනල් බොඩිගාර්ඩ් කිව්වේ ඒකිටද...

මිතුරාගේ බස් හමුවේ ඔහු පඩිපෙල අසල සිටි සිතිදිව...ඔහුගේ අත වූ විදුරුවද බිදිලා ගියේ ඇයගේ සුන්දරත්වය නිසා..ඔහුගේ හිතේ ඇය ගැන ආදරයක් ඇති උන පලවෙනි පාරයි ඒ..ඔහු ඇය දෙස මොහොතක් බලාසිට අහක බලාගත්තේ ඇය දුටුවොත් ඇය තමාව සමච්චලයට ලක්කරයි කියලා....

මන් පාර්ටි එක පුරාම හෙව්වේ ඔහුව...ඒත් ඒ ඇස් එක තැනකදි නතර උනේ හුරුපුරුදු මූනක් දැකලා...මට ඔහුව හොදින්ම දැක්කේ මන් දිහාම බලන් හිටපු නිසා...ඔහු මට සිනාසිගෙනම මන් වෙත ආවා...

නංගි..මාව මතකද...මන් කසුන්...අර ඔයාලගේ පන්තියේ හිටියේ...

එකවරමයි මට ඔහු මතක් උනේ..ඔහු තමා පන්තියේ හිටපු ලස්සනම කොල්ලා සහ එපාම කරපු කොල්ලා...ඔහුගේ වැඩ නිසා අන්තිමට ඔහුව ස්කූල් එකෙනුත් අස් කලා...

ආහ් ඔව් මතකයි කසුන්...

නංගිනම් අදුරගන්න බැරි තරමට ලස්සන වෙලා..ඒ වගේම තමයි අපිත්...මට දැන් විසික් කරන්න තරම් සල්ලි තියෙනවා...ඔහු සිටියේ වෙරි මතින්...මේ අතර කෙල්ල ගැන අවදානෙන් හිටිය නවිදු මේ සියල්ල බලාසිටියේ උතුරා යන කේන්තියෙන්....

උබ අයින් වෙලා හිටියොත් හොදයි ඔය මගේ කෙල්ල...ඒකි දැන් මගේ හිතේ ඉන්නේ ...දැන් එකිට අයිතිවාසිකම් කියන්න එක බ#$% බෑ...දත් මිටි කමින් ඔවුන් දිහාවට යමින් සිටි නවිදු සිතුවේය...

සිතිදි දිහාවට ලං වෙමින් හිටිය කසුන් එකවරම ඇගේ අතින් අල්ලගත්තා...

නංගි එන්නකෝ නටන්න...අපිත් ආසයි ඔය ලස්සන ඇගට අතක් තියන්න...ඔහු කිව්වේ කෑදර ලෙස මගේ ලැම මත දෑස් රදවමින්...

අතාරිනවා කසුන්...පිස්සු හැදිලද...

අපිට තමා බැ කියන්නේ ..අර නවිදුවා එ..ක්...ක.. ඔහුට කියාගන්න පුලුවන් උනේ එච්චරයි...එකවරම සිදු වූයේ නොසිතු දෙයක්....

--------------------------------------------------------------------

ඔන්න මගේ අලුත් කෙටි කතාව...කොහොමද ලමයි කතාව...ඔයාලා අනිවාරෙන්ම කමෙන්ට් කරන් යන්න...මම ඔයාලගේ හැම කමෙන්ට් එකක්ම කියවනවා...


Comments System WIDGET PACK