===== බිරිඳකගේ දින පොතෙන්===== | Biridakage Dina Pothen
===== බිරිඳකගේ දින පොතෙන්=====
------------------------------------
"මට දැං මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ. කිසිම නිදහසක් නෑ. එළි වෙච්ච වෙලේ ඉදං වැඩ වැඩ වැඩ"
"මොනවද ඔහෙ ඉදං කුටු කුටු ගාන්නේ.. කියන්න තියෙන දෙයක් ඇහෙන්න කියපන්කෝ "
"ඇහෙන්න තමා කිව්වේ . තමුසෙගෙ වාසියට නෑහුනාට මං මොනා කරන්නද?"
"මට ඇති වාසිය මොකක්ද ?"
"ඇයි මගෙන් අහන්නේ? හිතට තට්ටු කරලා අහ ගන්නවකෝ?"
"අදත් උදෙන්ම පටන් ගත්තා මුස්පේන්තුකමට කියවන්න"
"ඔව් ඔව්.. අර ට්‍රීෂා නෙහ් ඔයාගේ උදේ පාන්දර සිරියාව. දැක්ක ගමන් දවසම සුබ වෙන "
" මොන ට්‍රීෂෙක්ද ඒ ගමන අල්ල ගත්තේ?
"ඔය හිත අරක් අන්න අපේ පවුල කන්න ආව යක්ෂනී"
"අනේ මේ අංජලී කටට ආව පලියට දොඩවන්න එපා හොයන්නේ බලන්නේ නැතුව. ඒ කෙල්ලට ඇහුනනම් මොනා නොහිතයිද?
"අහ් ආදරේ පේනවා නෙහ්.." ඒ කෙල්ල"
ඇයි ඒ කෙල්ලගේ අප්පච්චි තමුන්ද ඔය හැටි කැක්කුම ඒකිට බනිද්දි?"
"ඔව් ඇයි?උඹට ප්‍රශ්නයක් ද ඒක?"
"මට ප්‍රශ්නයක් නොවී අල්ලපු ගෙදර ගෑනීට ප්‍රශ්නයක් වෙන්ඩයැ ඒක"
"මායි ට්‍රීෂායි අතරේ සම්බන්ධයක් තියෙනවා තමා. දැන් දැන ගත්ත නෙහ් තමුසේ"
"දැං නෙවේ කලින් ඉදං දැනන් උන්නේ තමුසෙගෙ කෙරුවාවල් "
"අම්මා......... අම්මා........"
"සද්දෙට දරැවත් ඇහැරලා"
"අහ් දැන් ඒකටත් වැරදි මං ද?
"තමුසෙ තමා. තවත් කියවන්නේ නැතුව ගිහිං බලනවා. මං කරවල ටික තෙල් දානකන්"
"මේකගෙනුත් තියෙන්නේ පුදුම වදයක් නෙහ් කෑව නම් බිව්වනම් එළි වෙනකන් නිදා ගන්න බැරි මොකෝ"
" මොකද උඹේ අම්මා වගේම උදේ පාන්දර ගෙජ්ජි වැල හොලවන්න ගත්තේ? එහෙන් ඒකිගෙන් මෙහෙන් මේකගෙන්. කණට නිදහසක් ඇත්තේම නෑ මේ ගෙදර නම්"
"බලා ගන්න බැරි නම් ළමයට බනින්නේ නැතුව කුස්සියට එවන්න?"
"ඇයි රත්තරනේ අඬන්නේ?"
"ඇයි අම්මේ තාත්තා හැමදාම අම්මටයි මටයි බනින්නේ? තාත්තා අපිට ආදරේ නැද්ද අම්මේ?
"ආදරෙයි පුතේ . තාත්තාට වැඩ වැඩි නිසා ටිකක් තරහ යනවා. පුතා අඩද්දි කරදරයි නෙහ් මැණික "
"ම්ම්ම් ඒක තමා. චූටි ටීචත් කිව්වා නරක ළමයින්ට කවුරුත් ආදරේ නෑ කියලා . මං ආයෙ උදේට ඇහැරලා අඬන්නේ නෑ.. අම්මත් මට ආදරේ නැති වෙයි ඇඩුවොත්"
" දැං ගිහින් ආයෙ ටිකක් නිදා ගන්න හොඳ පුතා වගේ. තවම 5යි නෙහ්. ගොඩක් වෙලා තියෙනවා මොන්ටිසෝරි යන්න "
ම්ම්ම්ම් කියන්න තරම් සුන්දර පවුල් ජීවිතයක් මට ඇත්තටම නෑ . මේක නම් මං දරැවත් එක්ක පෙර කරපු අකුසලයක්ද කියලා හිතෙනවා . පව් ඒ නොදරැවා මේවට වින්දා.
"හලෝ සිතුම්. සෑහෙන කාලෙකට පස්සේ කොහෙද මේ යන්නේ ?
"දැන්නේ නැද්ද බං අපේ නංගිගේ වැඩකට බැංකුවට යනවා. මේ කවුද බං ?අපේ පංතියේ හිටිය කෙල්ලෙක් නම් නෙවේ?"
"ඔව් ඔව් බං . මේ අංජලී..අපේ ඔෆිස් එකේ."
"ඉතිං බං අදුන්නලා දුන්නා කියලා උඹේ ඇගෙන් ඇටයක් යන්නෑ නෙහ් මලිතියෝ?"
"අමතක උනා බං. සොරි ඉතින් . අංජලී මේ ඉන්නේ සිතුම්. අපි එක ක්ලාස් එකේ. සිතුමෝ උඹට ආයෙ කියන්න ඕන නෑ නෙහ් කලින් කිව්ව නෙහ් නම එහෙමත්"
"අනේ බං උඹලා වගේ එකියෝ"
"එහෙනම් ආයෙ දවසක හම්බ වෙමුකෝ අපි යනවා සිතුමෝ"
ඔන්න ඔහොම තමා සිතුම්ව මුලින්ම මට හම්බවෙන්නේ. සිතුම් කියන්නේ ඉස්සර මං වැඩ කරපු තැන හිටිය මලිතිගේ යාලුවෙක්. අපි දැන අදුනන් අපි ආදරේ කරන්න ගත්තාම නම් ලොකු ප්‍රශ්න තිබ්බේ නෑ ඇත්තටම.. ඒත් සිතුම්ට ඉක්මනින් තරහ යනවා පොඩි දේටත්. ඒක මං තේරැම් අරං ඒ තැන් වලදී ඉවසලා හිටියා ඒ හැසිරීම් අනුව මං ඉන්න හුරැ උනා. මොනවා උනත් ඒ බැඳීම ඇතුලේ ආදරේ උපරිම තිබ්බා....
"චූටි ඔන්න වැඩ සේරම ඉවරයි. දැන් මගෙ මැණික ළඟම ඉන්නවා😍"
"ම්ම්ම් මහන්සිද මගෙ සුදු මහත්තයට?"
"ම්ම්ම්ම්ම් ගොඩාක් . අද වැඩ වැඩී. ඒත් දැං හරි සුදු මැණික මගෙ ළඟ නෙහ් "
" කෝ එන්න තුරල් කර ගන්න."
"ම්ම් ඔන්න අවා.. ඔහොම බෑ තදින් තුරැල් කර ගන්නකෝ සුදු "
ඔහොම ආදරෙන් කාලයක් ගත වෙද්දී අපි ලස්සන වෙඩින් එකක් අරං අපේම ලෝකයකට ආවට පස්සේ තමා ටිකින් ටික හැම දේම වෙනස් වෙන්න පටන් ගත්තේ.....
"හෙලෝ අංජලී.. අද මං එන්න පරක්කු වෙනවා.. ඔයා කාල අස් කරලා දොරවල් හොඳට ලොක් කරලා නිදා ගන්න. මං එනකන් ඉන්න එපා"
"ඇයි පරක්කු වෙන්නේ?"
"ඇවිත් කියන්නම් අනේ. මට වැඩ තියනවා"
එදා ඉදං තමා සිතුම්ගේ වෙනස්කම් ටිකින් ටික උඩට ආවේ. ඉස්සර නම් සිතුම් ඔෆිස් ඉවර උන ගමන් ගෙදර දුවන් එන්නේ පොඩි ළමයෙක් අම්මා ලඟට දුවන් එනවා වගේ. ඒකට දැන් ගෙදර ආපු දවසක් මගේ මතකෙට ගන්නත් අමාරැයි.
ඒවා ප්‍රශ්න කලාම දෙන්න උත්තර දාහක් තියෙනවා . එයාම වැරැද්ද කරලා අන්තිමේට මට කම්මුල් පාරක් වැදිලා තමා කතාව නතර වෙන්නේ. ගෙදර හිටියොත් දවස පටන් ගන්නෙත් ඉවර වෙන්නෙත් රණ්ඩුවක් එක්කම තමා....
"සිතුම්.."
"ම්ම්ම් ඇයි මොකද?"
"ඇයි මේ තරහින්?මගෙන් වරදක් උනාද?"
" මගේ පාඩුවේ ඉන්න දීල ගිහින් නිදා ගන්නවා."
"මට කියන්න දෙයක් තියෙනවා සුදු "
"සල්ලි ඕනද? මං ඔෆිස් යන්න කලින් දහ දාහක් දෙන්නම්. ඕන දෙයක් ගන්න.
හැබැයි මට තමුසෙ එක්ක එන්න බෑ. වීල් එකක හරි බස් එකේ හරි යනවා"
"සිතුම්.. සල්ලි ඇදුම් කෑම විතරද කෙල්කෙක්ගේ ජීවිතයට ඕන?"
"ඇයි අංජලී තමුසෙ මට වද දෙන්නේ? තව මොනාද ඕන?"
"කලින් දුන්න ආදරේ ,රැකවරණය , ඇහුම්කන් දීම වගේ දේවල්.."
"අනෙ මේ බණ නවත්ත ගන්නවා. මොකක්ද කියන්න තියෙනවා කිව්වේ ඒක කියලා නිදා ගන්න වද නොදී"
"සුදු මහත්තයෝ ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ "
"මොකක්?"
"ඔව් මං අම්ම කෙනෙක් වෙද්දි ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ මහත්තයෝ . ඒ කාලේ ඔයා කිව්වා වගේ එයා පුතු පැටියෙක් උනොත් හොඳයි"
"මගුලක් කියවනවා.. ඔය ළමයව නැති කරමු. හෙට හවස ලෑස්ති වෙලා ඉන්න. යාලුවෙක් ඉන්නවා.. එයා වැඩේ කරයි"
"මොනාද මේ කියන්නේ.. ඔයාට සතුටු නැද්ද සුදු?"
"නෑ නෑ නෑ..."
"මට බෑ එයාව නැති කරන්න"
"ඕන දෙයක් කර ගන්නවා. හැබැයි එක දෙයක් මට මගේ පාඩුවේ ඉන්න දෙනවා එච්චරයි"
මං හිතුවා වැරදි. මං හිතුවා මාව එපා උනත් දරැවා නිසාවත් පරණ සිතුම් මට ආයේ ලැබෙයි කියලා. දවසින් දවස ඈත් වීමක් මිස ළං වීමක් නම් කවදාවක් වෙන පාටක්වත් තිබුනේ නෑ.. දරැවා ලැබුනට පස්සේ තත්ත්වය ඊටත් වෙනස් උනා.....
" මොකක්ද ඕයි රැහැයියෙක් වගේ මේකා කෑ ගහනවා . මැරිලා මැරිලා ආවාම නිදා ගන්නත් නෑ.. නලව ගන්න බැරි නම් මොන මගුලකටද හදා ගන්න ඕන කිව්වේ "
"පොඩි ළමයි එහෙම තමා සිතුම් "
"මේක හැමදාම කරන්න බෑ. එක්කො මේකා අරං උඹ අම්මලාගේ ගෙදර යන්න ඕන. නැත්නම් මම යන්න ඕන මෙහෙන්"
"එහෙම කියන්න එපා සිතුම්. මේ අපි දෙන්නම ළමයා.. ඔයාගෙත් ලේ නේද?"
"ඒ නිසා තමා මං මෙච්චර හරි ඉවසන්නෙ "
"සේරම තනියෙන් කරන්නත් බැරි එකේ මග ගෙදර යන්න ඔයා. වියදම මං එවන්නම් "
"එවන්නම්?? ඇයි ඔයා අපිව බලන්නවත් එන්නේ නැද්ද?"
"මට වැඩ නැතුවයේ. එහෙ යන්නයි මෙහෙ එන්නයි. පොඩි දුරක්ද?"
"ඒවා ගම් සිතුම් . මං තනියෙන් ගියාම මිනිස්සු මට කතා හදාවි"
" එහෙනම් මට මගේ පාඩුවේ ඉන්න දීලා ඔයාලා ඔයාලගේ පාඩුවේ ඉන්න. මං ගැන හොයන්න බලන්න ඕන නෑ"
පුතාට අවුරැදු දෙකක් උනා. ඒත් දරැවට කිසිම ආදරයක් නෑ. ගහනවා බනිනවා හැම වෙලාවෙම. දරැවා දකින්නෙත් රණ්ඩු සරැවල් විතරමයි. මට බය ඒවා එයාගේ මනසට කොහොම බලපාවිද කියන එකයි. දවසක් සිතුම්ගේ මේ වෙනසට හේතු මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා පුතාව මොන්ටිසෝරි එකෙන් එක්කන් එද්දි....
"අයියේ මාව ඉස්සරහ ජූස් බාර් එක ලඟින් දාන්න"
"පුතේ මොනාද ඕන ඔයාට?"
"නංගී මට අඹ බීම දෙකක් දෙන්න"
දෙයියනේ ... කෙරවලේ මේසේ සිතුම් කෙල්ලෙක් එක්ක මුකුළු කර කර ලොකු කතාවක. කොටට ඇද ගත්ත මේකප් තලියක් උලා ගත්ත මේ කෙල්ල කවුද ?හරි හැටි මූණ පේනුනේ නෑ එයාගේ. බැදපු මනුස්සයෙක් එක්ක මෙහෙම නටන්න ලැජ්ජ නැද්ද මන්දා. එක අතකින් කෙල්ලට විතරක් බනින එක වැරදී. සිතුම් දැන ගන්න ඕන ළමෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා මතක තියා ගන්න. සේරම විස්තර මම තනියෙන් හොයා ගන්න හිතා ගත්ත . මං මේ මුකුත් නොදන්න ගානට වෙනදා වගේම වැඩ කරන් ගියා දරැවා ගන්නත් මම ම ගියා . වෙනදට පුතාගේ යාලුවාගේ අම්මා එයාව ගෙදර ඇරලවමන් යන්නේ.....
"අයියේ,, අදත් ජූස් බාර් එක ළඟින් අපිව දාල ඔයා යන්න. මාකට් එකටත් යන්න ඕන. වැඩ කරන් වෙන වීල් එකක එන්නම් . මෙන්න සල්ලි ?
"අහ් හරී. එහෙනම් අපි ගියා ."
"අංජලී ඔයා.....??"
"ට්‍රීෂා... "
"ඇයි මේ පුදුමෙන් වගේ ?"
"ඒලෙවල්ස් ඉවර වුනාට පස්සේ කොහොද බං අතුරැදහන් උනේ ?"
"අහ් අප්පච්චි හයි ස්ටඩීස් වලට ඔස්ට්‍රේලියා යැව්ව නෙහ්. ඉතින් උබලා මැරි කරලා බබාලත් ඉන්නව නෙහ්.. පුතේ නම මොකක්ද ඔයාගේ?"
"සදෙව්"
"ඉතින් ට්‍රීෂා ඔයා මැරි කරලද?"
"නෑ නෑ .. ළඟදිම මැරි කරන්න ඉන්නේ"
"අහ්හ්හ්හ්හ්හ්.. මේ කුමාරයා එනකන්ද ඉන්නේ?"
"ම්ම්ම් ඔව් ඔව් හී"
"පෙන්නපන්කෝ උඹේ ඔය කුමාරයගේ ෆොටෝ එකක් හරි?"
"දැං එයි ..ඉදලා කතා කරලම යන්න"
"බෑ ට්‍රීෂෝ පරක්කු වෙනවා."
"කමක් නෑ.. ඉන්න ෆොටෝස් තියෙනවා . මේ ඉන්නේ මගේ සිතුම්. සිතුම් රණවීර "
දෙයියනේ සිතුම්.. මේ මගේ හස්බන්ඩ් කියන්න තරම්වත් ශක්තියක් ඒ වෙලාවේ මට තිබුණෙ නෑ..ඒ වගේ දෙයක් මං සිතුම්ගෙන් කොහොමවත් බලාපොරොත්තු උනේ නෑ. ට්‍රීෂා එක්ක කතා කරන්න ඕන උනත් ඒ ඒකට වෙලාව නම් නෙවේ..ඒ නිසාම ෆෝන් නම්බර් එක ඉල්ලන් ආපු මුල්ම වීල් එකට අත දාල ගෙදර ආවේ ප්‍රශ්න දහසක් එක්ක. සෑහෙන්න කල්පනා කරලා කරන්න ඕන දේ ගැන තීරණය කළා....
"හෙලෝ ට්‍රීෂා.... මම අංජලී"
" ඔහ් අංජු,, කොහොමද ඉතින් ?"
"මට ඔයාව තනියෙන් මීට් වෙන්න ඕන බං"
"ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද?
"ආවාම කියන්නම් . හෙට උදේ 9ට පාර්ක් එකට එන්න පුලුවන්ද?"
"හරි අංජු"
එදා මං ට්‍රීෂාට සේරම කිව්වත් එයා පිළිගත්තේ නෑ. ඒකටත් මං සූදානම් වෙලා ගියේ. සිතුම්ගෙයි මගෙයි ෆොටෝස් වල ඉදං මැරේජ් සෙටිෆිකේට් වෙනකම්ම පෙන්නුවට පස්සේ කෙල්ල මූණ රතු වෙනකම්ම ඇඩුවා. කෙල්ල රැවටීලා. සිතුම් මැරි කරපු කෙනෙක් කියලා ට්‍රීෂා දන්නේ නෑ. සිතුම් ට්‍රීෂාගේ සල්ලිවලට තියෙන කෑදරකමට වෙන්න ඕන මේ සේරම නැටුම් නටන්නේ. දැං එයාගේ නැටුම් ඉවරයි. දැන් අපි දෙන්නගේ චාන්ස් එක.....
"ට්‍රීෂා හිත හදා ගමු අපි. ඔහොම මිනිස්සු කසාද සහතිකේටවත් මට ඕනත් නෑ. හැබැයි මේ කරපු දේට නම් පාඩමක් උගන්නන්න ඕන සිතුම්ට"
"ඔව් අංජු, සල්ලි කෑදරකමට ජීවිතය කීයක් විනාස කරාද..මේ නොදරැවත් පව්"
"ඔහොම තාත්තා කෙනෙක් ඕන නෑ මගේ දරැවට..මට පුළුවන් කන්න අදින්න දෙන්න අම්මා තාත්තා දෙන්නම වෙන්න. දරැවට සිතුම්ගේ හුළඟක්වත් වදිනවට මං දැන් කැමති නෑ ට්‍රීෂා "
"අපි මේ රඟපෑම ඔහොම කරන් යමු. මිනිහට කට උත්තර නැති වෙන්න කොටු කර ගමු අපි දවසක"
අපේ සැලසුම ඒ විදියටම සාර්ථකයි. සිතුම් ට්‍රීෂා මීට් වෙන්න ගිය දවසක මාත් එතනට ගියා. සිතුම් ට්‍රීෂා ළඟ බොරැ ගොඩක් කියලා හොඳ මනුස්සයෙක් උනා.. ට්‍රීෂාත් සැලසුමේ හැටියට මටයි බැන්නේ.. සිතුම්ට පොඩි කාලයක් එයාගේ ජයග්‍රහයේ සතුට විදින්න දුන්න අපි. දැන් දෙන්න ඉස්සර වැරදි මං. පව් නෙහ් ඉතින්. හිතට වේදනයි හදවතින්ම ආදරේ කලේ මං සිතුම්ට විතරයි. ඒත් එයාට බැඳීමට වටිනාකමක් දෙන්න බැරි නම් මොකටද ඒ බැඳීම මම රකින්නේ....
" ට්‍රීෂා ඔයා හවස සිතුම් එන ටයිම් එකට එන්න"
"හරි අංජු. කතා කර ගත්ත විදියට කරමු. බායි"
( සවස 6ට පමණ )
"අංජලී කවුද කුස්සියේ? කෑම හදම සද්දයක් ඇහෙනව නෙහ්. අම්මවත් ආවද?"
"නෑ සිතුම්. යාලුවෙක් ආවා .අද මෙහෙ ඉන්නවා එයා."
"මොකක්? මේක තමුසෙගෙ ගේද? මගේ ගේද?"
"කෑ ගහන්න එපා සිතුම් . එයාට ඇහෙයි.ඒ මගේ හොඳම යාලුවා. ලඟදි ලංකාවට ආවෙත්"
"ඔය බයිලා මට වැඩක් නෑ.. දැන්ම යන්න කියන්න."
"ඒ කෙල්ල කොහේ යන්නද මේ රෑ ? හෙට යන්න කියන්නම්?
" උඹට බැරි නම් මං කියන්නම්"
අපේ වැඩේ හරියාන එන්නේ දැං. එක්කෙනෙක් සප්‍රයිස් වෙන්න හදන්නේ ඔය කුස්සියට ගිහින් හී...
"තමුන් කවුරු උනත් කමක් නෑ .මේ දැන්ම මෙහෙන් යන්න ඕන එච්චරයි "
"සිතුම් ඔයා? ඔයා කොහෙමද මෙහෙ?"
එලවලු කප කප උන්න කෙල්ල සිතුම්ගේ හඬට හැරිලා බලල එහෙම ඇහුවාම කොල්ලගේ කට ලොක් උනේ අපි හිතුවටත් වඩා තදට. එක ප්‍රශ්නයකවත් උත්තර දීගන්න බැරිව වැරදිකාරයෙක් උන සිතුම් සමාව ඉල්ලුවත් ඒක අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් දෙන්න සූදානම් උනේ නම් නෑ. අන්තිමට සිතුම්ට අපි දෙන්නව වගේම දරැවත් නැති උනා. ඒ විතරක්ම නෙවේ එයාගේ බිස්නස් පවා බිංදුවම කඩා වැටුනා....
බැදීමකට අවංක වෙන්න බැරි නම් හිතා මතා වැරදි කරනව නම් ජීවිත කිහිපයක් එක්ක සෙල්ලම් කරනව නම් සල්ලි නිසා අනෙක් හැම දේකම වටිනාකම බිංදුවට දානවනම් ඒ බැදීම රකිනවට වඩා ඩිවෝස් පේපස් ලෑස්ස්ති කර ගන්න එක හොඳයි. සමාජය මං දිහා කොහොම බැලුවත් හිතට එකඟව මං දන්නවා වැරදිකාරයා කවුද කියලා.. දරැවට තාත්තා කෙන්ක් නෑ තමා ඒත් මෙහෙම තාත්තා කෙනෙක් ඕන වෙන එකකුත් නෑ පුතාට. වැරද්ද නම් කාටත් පොදුයි . එයා දඬුවම් විදින්න ඕන. පසුතැවිලි වෙන්න ඕන වරද එතකොට තේරැම් ගනීවි හැදෙන කෙනෙක් නම් හැදේවි...
ස්තූතියි
අමාලි විජයන්ති
