Bebaddi | බේබද්දි
***🍸***🍸***🍸***🍸***🍸***🍸***🍸***
"සුද්දු අසු පිට නැගලා ඔහ් හො ඔහො...
මංගල රතේ තියාආ.... බැන්දා රන් තොරණෙන්
කැන්දා මා යන්නේ..උම්මාද සිහිනෙන් ඔයා...ආ ආ
මල්සර ඩෝණී මෙමා...අහහ් අහා..."
"අයියො අක්කේ ඕ මොන සින්දුද අප්පා.. මේන් මේවගෙ සින්දුවක් කියන් යමන්කො.."
"මිය යන්න සූදානම් පැරදුම අරන්..
සමරන්න එනවාද සුදු මල් අරන්...
විදවන්න බෑ හිතට මේ දුක තවාත්...
මම ඈත යන්නම් ඔබෙන් සමූ අරන් ...
"කැරකිලා දෙකට නැමිලා.."
"ක්‍රෑහ් තූහ් විතරක් ... බොල වෙන සින්දුවක් ඇත්තෙම නැද්ද මල් මල් හොටු පෙරන සින්දු කියන්නෙ ..."
" හරි හරි ඕයි යමන් බන් දැන් නිදිමතයි.. හාහ් .."
ඔහු #රිශ්.. #වේනු ගෙ එකම සහෝදරයා .. වේනු කියන්නෙ කෙල්ලෙක් උනාට හැදී වැඩුණු සමාජ වටපිටාව ආශ්‍රය කරපු මිත්‍රයන් නිසාම ඩ්‍රින්ක්ස්වලට ඇබ්බැහි උනු කෙනෙක්.. අම්මගෙ තාත්තගෙ අවධානය ඇය කෙරෙන් මිදීමත් සමග ඇයට ලැබුණු නිදහසින් ඇය පෙළඹුණේ වැරදි පැත්තකට..
අම්ම තාත්ත බිස්නස් එක්ක බිසී වෙද්දි ඇය තමන්ගෙ මල්ලි එක්ක වෙනම ආකාරයක ජීවිතයක් ගත කලේ බොහෝවිට දෙන්නම දුක බෙදාගත්තෙත් මත්පැන් බෝතලයක උදව්වෙන් පියවි සිහියෙන් තොර වීමෙනුයි..
සෑම දිනකම පාහේ රෑ හත අට විතර වෙද්දි වේනුගෙත් රිශ්ගෙත් පුරුද්ද උනේ ඔවුන්ගෙ නිදන කාමර තිබූ ඉහළ මාලයේ එළිමහනට වන්නට ඉදිකොට තිබූ බැල්කනියකට වී හොද හැටි සප්පායම් වීමය.. ඒ රාත්‍රී ආහාර ගෙන අවසානයෙහිය.. මවත් පියාත් හැමදිනකම ඔවුන් සමග ආහාර ගන්නට නොවූයේ ඔවුන්ගේ කාර්‍යබහුලත්වය නිසාය..
බොහෝ දිනවල එළිමහනේ මදක් විශාල වූ බැල්කනියේ සිට හොදහැටි සප්පායම් වීමෙන් අනතුරුව දෙන්නම හඩාවැලපෙන්නේ හරිහැටි නොලැබූ මව්පිය සෙනෙහස ගැන සාකච්ඡා කරමිනි..
" ඇයි බන් අපිට එ..යාලා ආ...දරේ නැත්..තෙ.."
" ඒගොල්ලොන්ට අපිව.. මත..ක නැතුවැති .. ඕයි.."
" උබ..ට දුක නැද්ද මල්ලියේ.."
" දු..ක..යි අ..ක්කේ.. මොනා ..කරන්නද .. අපි ඒ ආදරේ ලබල නෑ ...😭"
එකිනෙකා වැළදගෙන හඩන්නේ බොහෝවිට ඔය සුපුරුදු සංවාදයේ නිරතවෙමින්.. හිසේ පවතින මහා බරකින් ඔවුන් නිදහස් වන්නේ.. නෑ නෑ මහා බරක් #මගහරින්නේ ඒ ආකාරයට... ඉදින් ඔවුන්ට වැරැද්දක් කිව හැකිද.. අහිමි සෙනෙහස වෙනුවෙන් කදුලු දිය කරහරින මාර්ගය වැරදිවුවත්...ඔවුන් අසාධාරණද..?
***🍸***🍸***🍸***🍸***🍸***🍸***🍸***
" වේනු පහළට එන්න ඉක්මනට ...වේනු වේනූ...!! "
" මේ එනවා..."
"ඇයි කතාකලේ .. වුවමනාවක්ද.."
" දූ මොනාද මේ අහන්නේ.. බලන්නකො විජේ.. අපි ඔයාට කතාකරන්න ඕනෙ වුවමනාවල්වලට විතරද ආ..හ්..අපි ඔයාගෙ දෙමව්පියො.. අන්න ඒක මතක තියාගන්න"
" අනේ ඇත්තට.. දැන් ද දරුවො ඉන්නව කියල මතක් උනේ.."
" ක..ට.. වහගනින්.."
ප්‍රියාණිගේ එක් අතක් වේනුගේ කම්මුල දෙසට වැරෙන් එල්ල වෙනවත් එක්කම ඇගේ අත වේනුගේ කම්මුලේ පතිත නොවී මග නතර කර ගැනීමට රිශ් සමත් උනා..
ඇස් රතු කරගෙන එක එල්ලේ ප්‍රියාණිගේ මුහුණ දෙස බලාගෙන අතත් අල්ලන් හිටපු ඔහු එක්වරම අත අතහැර ඇගේ දෙස බලාගෙන හිටියෙ යක්ෂාවේශ වෙලා..
ඒත් එක්කම වගේ රිශ් යමක් කීමට තැත්කලත් ඔහුගෙ කීමට බාධා උනේ ඔහුගේ පියා වූ විජේන්ද්‍රගෙන්..
" ඔය ළමයි ඔතන කෑගහගන්නෙ නැතුව මෙහෙට ඇවිල්ල වාඩිවුණා නම් ..."
ඒත් එක්ක රිශ් එය මගහැර ප්‍රියාණිට දවා අලු කරන බැල්මක් හෙලා එතනින් නික්මුණේ ඔහුගේ බයික් එකේ යතුරත් රැගෙනමයි...
" ළමයෝ ... තමුන්ව බලන්න අනිද්දට මනමාලයෙක් එනව ..ලෑස්ති වෙන්න ඒකට..."
" ආ..හ් ඒකද නෝනල මහත්තයලට මේ හදිස්සියේ ළමයව මතක් උනේ... ඒ පාර මගෙ කසාදෙත් ඕගොල්ලො බිස්නස් ඩීල් එකක් කරගත්තෙ නෑනෙ ... "
" කට වහගෙන එදාට ලෑස්ති වෙලා ඉන්නව ..
" හහ් ඔයාලගෙ බිස්නස් ... ඔයාලගෙ රූල්ස් .. අපි රූකඩ වගේ ඔයාලගෙ නූලට නැටවෙනව.. තූහ් විතරක් ..."
වේනු ඇගේ තරහව එලෙස පිටකරමින් තම කාමරයට වැදී එහි වූ බියර් බෝතලයක් ගෙන දොරත් වසා බැල්කනියට ගොස් එක හුස්මට බීගෙන ගියේ කදුළුවලින් ඇස් පවා තෙමියද්දී..
ඒත් එක්කම බී හමාර වූ බියර් ටින් එකත් පසෙකට විසිකරනවාත් එක්කම දුටුවේ මවත් පියාත් මෝටර්රථයට නැගී පිටවන අයුරුයි..
ඒත් සමගින් නැවතත් අත්වැටට පිටදී බිමට රූටා ගොස් වාඩිවී නැවතත් මනෝලෝකෙක කල්පනාවකින් සිටි ඇය එයින් මිදුණේ මල්ලි වූ රිශ්ගෙ කටහඩට...
" මොනාද අක්කෙ ඒ දෙන්න කිව්වෙ .."
" හහ් .. මන් බ...ලන්න.. මනමාල උන්දෙක් එනවලු.."
" ඒ... කියන්නෙ .. එයාලා.. ඒකත් ..කරන්න පටන් අරන්.. ඔයත් මාව දාල යයි නේද.. එතකොට මේ බිත්ති අස්සෙ මට කවුරුත් ..ම නැද්ද ...😭 "
" මාව .. ය..ව..යි.. ඒත් ඒ මනුස්සයත් අපෙ අම්මල තාත්තල වගේ උනොත් ... උබට..ව..ඩා මං.. විදවයි.. මල්ලී..."
වෙනද වගේම එදත් ඔවුන් එකිනෙකා දුක බෙදාගත්තෙ මත්පැන්වලට පින් සිදුවෙන්න...
***🍸***🍸***🍸***🍸***🍸***🍸****🍸****🍸
දින ගෙවීගොස් උදාවුණේ වේනු බලන්න මනමාලයා පැමිණෙන මොහොතයි...
ඇය කණ්ණාඩිය ඉදිරිපිට සිටගෙන තමා දිහා ආත්මානුකම්පාවෙන් බලාගෙන හිටියේ ඇගේ දිහා රිශ් ද ඇද උඩ සිට මිට්ටමට පිටදී අනුකම්පාවෙන් බලා හිදිද්දිමයි..
" අ..ක්...කේ..."
රිශ් කදුළු පුරවන් වේනු සිටි කණ්ණාඩිය අසලට ගොස් පසුපසින් බදාගත්තේ හිතට උපන් සැබෑ සහෝදර සෙනෙහසින්...
ඒත් එක්කම වේනු ද ඔහුගේ පසට හැරුණේ ඇයගෙත් කදුලු පිරි දෙනෙතින් ඔහු දෙස බලාගෙනම .. නමුත් ඇස් බිමට බරකරන් සිටි රිශ් ඇය දිහා එකඑල්ලේ නොබලන්නට පරිස්සම් උනේ ඒ මොහොතේ කදුලු ඇයට පෙන්වීමට අකැමැත්තෙන් ...
"ඔ..යා සුරංගනාවියක්.. ව..ගේ .."
පොඩි එකෙක් වගේ බිමට බරකරන් හිටපු ඇස්වල කදුලු අත්දෙකෙන්ම පිහදන ගමන් ඔහු එලෙස කිව්වෙ වේනු හැද සිටි දිගු ගවුමට හා ඇගේ පෙනුමට සත්තකින්ම වචනෙන් කිව නොහැකි තරම් වූ අලංකාරයක් ගැබ්ව තිබූ නිසාවෙන්..
" අ..ඩ..න්නෙපා.."
එපමණයි ...
ඔව් එපමණයි ඇයට කීමට හැකිවූයේ...
ඉකියක් සමගින් ඇගේ හිතේ වේදනාව පිටවුණේ කදුලු ගංගාවක් ඔහු එනම් රිශ් ගේ පපුවෙහි සගවමින්...
රිශ්ගේ ගතට වාරුව කණ්ණාඩියට පිටුපා හඩන ඇය දිහා රිශ් වේදනාවෙන් බලන් ඉදියෙ ඇයගෙ හිසකෙස් මත මෘදුව දෑගිලි ගෙනයමින්...
දන්නා කාලයේ සිටම තමන්ට හිටපු එකම හෙවනැල්ල ..
එක කුස උපන් සහෝදරිය...
ඊටත් වඩා තමන්ට මවගෙන් පියාගෙන් හරිහැටි නොලැබුණු ආදරය දුන්නු මේලෝකෙ හිටපු එකම එක්කෙනා කූඩුවෙන් මිදෙන්න පලමු අඩිය තියන්න යන මොහොත...
එය ඇයට සතුටක් වේද දුකක් වේදැයි නොදන්නා නිසාවෙන් පැනනගින කදුලු වැල් වලට ඔහුත් ඉඩදුන්නෙ හිත දෙගිඩියාවෙන් පෙලෙද්දි...
ඔවුන්ගෙ හිත්වල මෙතුවක් කාලයක් කැකෑරුණු වේදනාව දන්නෙ ඔවුන්ම පමණයි.. මිලමුදල් සාගරයක් වූවත් එතුළ ඔවුන් සෙවූ සතුට ආදරය රැකවරණය ඔවුනොවුන්ට ලැබුණෙ ඒ දෙන්නගෙන්ම විතරක් ම වෙච්ච කොට විදදරාගන්නේ කෙලෙසද ඔවුන්ගේ ජීවිත මවුපියන්ට සෙල්ලමක් ව්‍යාපාරයක් වෙද්දි...
"දැ..න් ඇ..ති ... සිහියෙන් ඉද්දි සීරියස් උනාමද කොහෙද ..."
ඇයගෙ කදුල දරාගන්න බැරිම වූ කල්හි ඔහු කතාකළේ..
"මේ ... අද බලන්න එන එකාව තමුසෙ බැන්ද කියමුකො... හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ බොනව කියල දැනගෙන පයින් ගහල එලෙව්වොත් එහෙම..."
කදුළු මැද්දෙන් මුවගට සිනහවක් ආරූඪ කරගනිමින් ඔහු පැවසුවේ ඇයව මදක් හෝ හිනස්සන අටියෙන්.. දෙදෙනාම කදුලු පිහදමින් ඒ මැද්දෙ හිනාවුණේ හැගීම් හිත අස්සෙ අගුළු ලමින්...
එවේලෙහිම ඔවුන්ගෙ නාමිකව බදු මව වූ ප්‍රියාණිගේ පැමිණීමෙන් මදකට හෝ පැමිණ තිබු සිනහව හිරු දුටු පිනි මෙන් වියැකී ගියේ දෙදෙනාගෙම තරහව ඉස්මතු වෙද්දි..
ඒත් ඔවුන් දෙපළ දෙස බලන් සිටි ප්‍රියාණි ඉක්මනින් කතාකලේ රිශ්ගෙත් වේනුගෙත් බැල්ම දරාගත නොහී...
" යං... පහළට .. ඒ අය ඇවිල්ලා.."
ඇය එසේ පවසද්දී ඇයත් ඔහුත් මුහුණට මුහුණ බලා නැවත ඇය වෙත සමච්චල් හිනාවක් පළකලේ ප්‍රියාණිත් ඇස් බිමට බරකරගනිද්දී..
" යමන් අක්කෙ.. රූකඩේ නූලට නැටවෙන්න හදන්නෙ.."
කියමින් ඇගේ අතින් අල්ලන් ඔහු ඉස්සර උනේ ප්‍රියාණිගෙ දිහා සමච්චල් මදහසක් පාමින්.. නමුත් ඔහුගෙ හිතේ තිබුනු තරහව හොදින්ම ඔහුගෙ ඇස්වලින් දිස් උනා..
***🍸***🍸***🍸***🍸***🍸***🍸****🍸****🍸
" නම ..? "
" වේනු අහාන්‍යා.."
" හ්ම්ම්.. මගෙ නම අහන්නැද්ද .."
" දැන් මං නම කිව්වනම් ඔයාටත් කියන්න බැරිකමක් නෑනෙ මං අහන්නම ඕනෙ කියල නීතියක් නෑනෙ මිස්ටර්..."
වේනු හිතේ ගැබ් වෙලා තිබුණු දුක මිශ්‍රිත හැගීම් සමුදාය කැටිකරල තරහවත් එක්ක මදක් හඩින් එසේ පැවසුවේ ආඩම්බරකාරයෙක් වුණු #තේජ් ඇයගෙ දෙසම ඇහිපිය නොහෙලා බලාහිද දිගු හුස්මක් පිටකරද්දි..
ඔහු සුපුරුදු පරිදි දුරකතනයේ යම් කාර්‍යයක නියැලෙමින් සිටි අතර ඒ අතරතුර ඇයගෙ මව ඔවුන්ට බීම වීදුරු දෙකක් තබා ගියේ වේනුගෙ දිහාවට දැඩි බැල්මක් හෙලමින්...
' හැමෝම එකයි දෙයියනේ ... මේකාත් බිස්නස් ලෝකෙක ඉන්න කෙනෙක් ..මට සැනසීමක් ආදරයක් ලබන්න පිනක් ඇත්තෙම නැද්ද .. මං මහ පව්කාරියක්.. ශිට්. '
තමන්ගෙම මනෝලෝකෙක හිදි ඇයටත් නොදැනුවත්වම නෙතින් කදුළක් ගිලිහුණේ එය තේජ් ද දකිද්දියි ..
නමුත් ඔහු නිහඩයි ..
හොරැහින් බලාසිටි ඔහු එය නොදැක්කා සේ නැවතත් කතාව පටන් ගත්තෙ ඇය කදුලු එක්ක ඉදිද්දි ලෝබයි වගේ දැණුනු නිසා වගේම ඇය යම් පීඩනයක ඉන්න බව ඔහුටත් තේරුම් ගිය නිසා..
ටිකවෙලාවක් ඔවුන් බීම පානය කරමින් යම් කතාබහක නිරත වූවත් ඒ සමගම ඔවුන්ට නිවස තුළට කතාකළ නිසා නැවතත් එතුළට ගියේ කෙල්ල කසාද තීරණය ගැන දෙගිඩියාවෙනුත් තේජ් කසාද තීරණය ස්ථිරවම අරගෙනත් තිබූ පසුබිමකයි..
***🍸***🍸***🍸***🍸***🍸***🍸****🍸****🍸
මාස කිහිපයකට පසුව එලෙඹුණේ වේනුගේ සහ තේජ්ගේ විවාහ මංගල්‍යය දිනයයි...
තේජ් වේනු බලන්න පැමිණි මොහොතේ විවාහයට කැමැත්ත පළකල අතර වේනු එහිදී නිරුත්තර වූයේ පියා වූ විජේන්ද්‍ර විවාහය සිදුවන බවට තහවුරු කිරීමත් සමගිනි...
කෙදිනකවත් රිශ් හෝ වේනු ඔවුන්ගේ තීරණ පසෙක නොදැමුවේ ඔවුන් කෙරේ තරහවක් තිබුණත් ඔවුන් දෙපළට නිමක් නොවන ආදරයක් ගෞරවයක් රිශ් තුළත් වේනු තුළත් තිබූ නිසාවෙනි..
වේනු මංගල ඇදුමින් සැරසී හැගීම් විරහිත ස්වරූපයෙන් වාඩිවී හුන් තැනම හිදියේ ඇයගේ එකම සහෝදරයාගෙ පැමිණීම බලාපොරොත්තුවෙන් වුවත් පෝරුවේ චාරිත්‍ර පවා නිම වෙන තුරුත් රිශ් ගේ රුව දැකගැනීමට නොලැබීම ඇයගේ සිත් රිදීමට තවත් හේතුවක් වුණා..
ඒ කෙසේ වුවද තේජ් ගේ දෑස් නිරන්තරයෙන් රැදුණේ වේනු ළගයි...
' මේකි ඇයියකෝ මගෙ දිහා බලන්නෙවත් නෑනෙ මගුල..මොන මංගල්‍යයක් ද මේ... '
විටින් විට ඒ හැගීම සිතුවිල්ල තේජ්ගේ සිතපුරා සක්මන් කළේ සැබෑවටම වේනු ඔහු දෙස වුවමනාවෙන් බැල්මක් වත් නොහෙළපු නිසයි..
' මේ රිශ් නම් කොහෙ ගියා ද .. ඇයි මල්ලි මේ වෙලාවෙ ඔයාගෙ අක්කව තනි කලේ ... ඇයි එහෙම කලේ .. මට ඉන්නෙ උබ විතරක් වෙච්ච කොට ඇයි මාව මෙහෙම අසරණ කරන්නෙ ඇයි මල්ලි.. 😭'
හිතින් දහස්වරක් පිටට නොපෙනෙන්න ඇය හඩන්නට ඇති ..
මුවින් නොපැවසුවත් හයක් හතරක් නොතේරෙන කාලෙ ඉදන් ඇගේ හදවතේ හිටි එකම ලොකුම ආදරේ ඇයගෙම මල්ලි #රිශ්..
ඇයගෙම මංගල්‍යය දවසෙ ඔහුගේ නොපැමිණීම ඇයට මහත් වූ පීඩනයක් ගෙනදුන්නේ නොහදුනනා මිනිසුන් ගොන්නක් මැද්දෙ අතරමං වුණු අහිංසක මුවැත්තිය්ක් වගේ...
සුභ නැකතින් පිටවීමට තව සුළු මොහොතයි...ඒත් ඔහු නෑ ..
නැකත පැමිණි මොහොතේ ඇවිදින පණ ඇති මළකදක් මෙන් ඇය සිටියේ සොයුරාගෙ නොපැමිණීම තුළින් මහත් වේදනාවකින්....
ඇයට කදුළක් නොනැගුණේ මන්ද ...
පුදුමයි ... නෑ එහි පුදුමෙකුත් ගැබ් නොවෙයි ...
සමාජෙට පේන්න ඇයගෙ මව ප්‍රියාණි හඩාවැවුණත් ඇය ගලක් මෙන් සිටියේ හැගීම් දැනීම් නොමැත්තියක් විලසින්...
ඔව් ඒ ඇයගෙ හිතේ තිබුණු හිස්බව.. දාල යන්න තරම් දෙයක් වූවා නම් ඇයට ඒ ඇගේ සහෝදරයාම පමණයි..
පිටත් වීමට සූදානම්ව මෝටර් රථයට නැගීමට හදද්දීම...
එක්තරා කෙල්ලෙක් පැමිණ ඇගේ අතින් තබා ගුලිකලේ කොලකෑලි දෙකක්...ලියුමක් යැයි ඇයට සිතුණත් එය එවේලෙහි කියවන්නට තරම් කාලයක් නොවූයේ තේජ් කාරයට නගින්නැයි ඉගියෙන් සංඥා කළ නිසා...
ඒ කෙල්ලටත් සුහද සිනාවක් පාකරමින් මෝටර්රථයට නැගී තේජ් සමගින් පිටත් වූයේ ඔවුන්ගේ මධුසමයට වෙන්කොට තිබූ හෝටල් පරිශ්‍රයටයි...
***🍸***🍸***🍸***🍸***🍸***🍸****🍸****🍸
" තමුසෙ බිව්වද.."
".................."
ඇය මත් වූ මුහුණෙන් ඇස් හීනි කර බැල්මක් ඔහුවෙත පා කර නැවතත් ඉවත බලාගත්තා පමණි...
මධුසමයට වෙන්වූ හෝටල් පරිශ්‍රයට පැමිණියත් ඇය මගුල් ඇදුමින්ම මත්පැන් පානය කර සිටි නිසා ඔහුත් ඇය මෙන් ටයිල් පොලොව මත ඇදට හේත්තුව ඇය අසලින්ම වාඩිවීමත් එක්කම ඇය කුඩා දැරියක් මෙන් හඩමින් ඔහුගේ අත්ගොබයකට හේත්තුවුණේ ඔහුත් තුෂ්ණිම්භූත වෙද්දි..
" ඇ..යි ඔයා අඩන්නේ..."
පිලිතුරක් නොලැබිණි .. හැඩීමේ වේගය මදක් අඩුකොට ඇය තේජ්ගේ අත තැබූවේ අර කෙල්ල විසින් ඇයට පිටත් වන මොහොතේ දුන් කොලකෑලි දෙක..
"ම..ට හිටියෙ එ..යා විතරයි ...එයත් ගිහින් .."
කියමින් ඇය නැවතත් හඩමින් ඔහුගේ අත්ගොබයකට හේත්තුවූවාය..
💌💌💌💌
' අක්කේ මේ මං ඕයී....
මේ ලියුම ඔයාගෙ අතට ලැබෙද්දි මං ළගපාතකවත් නෑ අක්කේ ... පොරකිකිළියේ අඩන්නෙපා ඉතින් ...
සමාවෙන්න මේ මල්ලිට පුලුවන් නම් සමාවදියන් අක්කෙ..
තවත් මට බෑ ..කොහොමටවත් බෑ ...
අර හිරගෙදරක් වගේ ගෙදර පොඩිකාලෙ ඉදන් අපිට හිටියෙ අපි විතරක් වෙච්චි කොට මං කොහොමද උබ නැතුව ඒ බිත්ති අස්සෙ මොහොතක්වත් හුස්ම ගන්නෙ...
කොහොමද උබව මගෙන් ඈතකට යවන්නෙ ...
සමාවෙන්න මගෙ අක්කෙ මට එච්චර හයියක් නෑ ...
මං ටිකක් දුරකට යන්නම්.. තරහ වෙන්නෙපා ඒයී..
මාලහතක් දාල මගෙ අක්කා පෝරුවට නැගල ලස්සනට කාටහරි බාරදෙන්න මාත් කැමැත්තෙන් හිටියෙ අක්කෙ ..
ඔයා නොදැක්කට මාව...
හැම මොහොතෙම මං ඔයාගෙ දිහාම බලන් හිටියෙ ..
මගෙ ඇස් දෙක ඔයා ලගමයි කැරකුණේ ...
ඔයා මාව හෙව්ව නේද ඇස් රිදෙනකන්...
හිත අස්සෙන් අඩන්නැති.. ' අනෙ මගෙ මල්ලි හෝ එන්නැද්ද ' කිය කිය .. මේ ලියුම ඔයාට ලැබෙද්දි ඔයා ඔයාගෙ අලුත් ජීවිතේට ගිහිල්ල ඉවරයි ...
මං ඉන්නෙ මේ රටේවත් නෙවෙයි අක්කේ .. මං ඊයෙ රෑම ෆ්ලයිට් එකක රටින් පිටවුණේ මට ඒක දරාගන්න හයියක් නොතිබ්බ නිසා.. මං ගැන දුක්වෙන්නෙපා අක්කේ.. මං කවදහරි ලගදිම ඔයාට කතාකරනව.. ඒ මං තනියෙන් නැගිට්ට දවසක..
මීටපස්සෙ අපි දෙන්නට බදාගෙන අඩන්නවත් එකට එකතුවෙලා බීල බීල සින්දු කියන්න අක්කට මල්ලිවත් මේ මල්ලිට අක්කවත් නැතිවෙයි..
හැබැයි මගෙ ප්‍රාර්ථනාවක් තියෙන්නෙ එකම එකයි...
ඒ #ඔයා_හොයන_ජීවිතේ_ඔයාට_නොලැබුණු_ආදරේ_මදි_නොකියන්න_ඔයාගෙ_මහත්තය_මගෙ_මස්සිනාගෙන්_ලැබෙන්න කියල විතරමයි... උබට වරදින්නෑ මගෙ අක්කේ..
අවසානෙට ආයෙත් කියන්නෙ #මට_සමාව_දියන්_පුලුවන්_නම් ...
#තෙරුවන්_සරණයි ……
මං උබේ මල්ලි ..
රිශ්...
💌💌💌💌💌
එය කියවූ ඔහුගේ නෙතගට පවා කදුලක් ආවෙ නොසිතූ විදියට..
රිශ්ගේ ලියුමත් එක්ක වූ අනිත් ලියුම් කෑල්ලද කියවන්නට පටන් ගත්තේ දිගු හුස්මක් වාතලයට මුදාහරිමින්..
💌💌💌💌💌
"අක්කෙ මේ මං.. ඔයාට ලියුම දුන්නෙ.. අන්න එයා..
ඔයා රිශ් ගැන වදවෙන්නෙපා සත්තයි අක්කෙ මං එයාව බලාගන්නම් ඔයා බලාගත්ත වගේම ...
අද මං එයා ගියපු රටටම යනව.. එයා ඉන්න තැන දන්නෙත් මං විතරයි ..ඒ නිසා කිසිදේකට බයවෙන්නෙපා ..ඔයා තරම්ම බැරිවෙයි ඒත් පුලුවන් උපරිමෙන් එයාව බලාගන්නම් ... ප්‍රොමිස් ... "
💌💌💌💌💌
'ඔයා ගොඩක් විදවල වේනු.. ආයෙ නෑ කවදාවත් ඔය ඇස්වලින් කදුලක් වැටෙන්න දෙන්නෙ නෑ කෙල්ලේ මං..සත්තයි මගෙ #බේබද්දි...'
ඔහු ඔහුටම පොරොන්දු වුණේ ඇගේ හිසකෙස් අතරේ දෑගිලි ගෙනයමින්...
....සමාප්තයි...
Aashi sehasna...💌
