අසිනි.....| Asini


අසිනි.....
සත්‍ය සිදුවිමක්.

සුන්දර ලස්සන අහිංසක ඇයට හැම කෙල්ලෙකුටම වගේ ලස්සන හීන කන්දක් තිබ්බා. ඒ හින ඇය දැක්කේ තනියම නෙමෙයි. ඒ නුවන් එක්ක. ඔහු ඇයගේ ආදර වන්තියයි. දෙන්න ආදරයෙන් කල් ගෙවුවේ හරිම ලස්සන විදියට අහිංසක ආදරයක්. හමුවෙලා කතා කරන්න කියලා දෙන්න තිරනය කරත් දෙන්න හමුවුනාම මූනට මූල බලාගෙන ඉන්නේ කිසිම දෙයක් කතා කරගන්න පවා බැරුව. ඒ අහිංසක ආදරය කාටත් තේරුම් ගන්න බැරි තරම් අහිංසක අවංක ආදරයක්.

ඔහොම දෙන්නා කාලය ගෙවෙන අතර තුර කාගේ ඇස්වහක් වැදිලද දන්නෙ නෑ මේ ආදර කතාව මැද්දට හෙනහුරෙක් පාත් උනා. මුලු ආදර කතාවටම කන කෝකා හඩලන හේතුව මොහු වෙයි කියා කාටවත් හිතාගන්න තරම් කාලයක් ඉතුරු උනේ නෑ. ඔහු පසිදු. ඔහුගේ මුලු ජිවිතයම උනේ අහිංසක කෙල්ලන් රැවටීමයි. කවුරු හරි දෙපාරක් බලන්න හිතෙන කෙල්ලෙක් දැක්කොත් ඒ කෙල්ලව යාලු කරගන්නකන් ඔහුට ඉවසිල්ලක් නෑ. මොක ක්‍රමයක් පාවිච්චි කරලා හරි ඒ කෙල්ලව අල්ල ගන්න තමයි ඔහුගේ එකම උත්සහය.

දිනක් ඇය නුවන් එක්ක කතා කර කර ඉන්න එක පසිදු දැක්කේ අහම්බෙන් වගේ. ඇයව කොහොම හරි යාලුකරගන්නවා කියන දැඩි තිරනය ඔහු හිත තුලට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ. පසුව ඇයගේ විස්තර ඔහු එකතු කරන්න පටන් ගත්තේ කාරනාවට මුල පිරුමක් ලෙසය. ඇය දිනක් පාරේ එනවිට රැක සිටි ඔහු ඇය සමග කතා කිරිමට බෝහෝ උත්සහයක් ගත්තත් වැඩක් උනේ නෑ ඇය ඔහුව ගනන් ගත්තෙවත් නෑ. ඒ නිසා ඔහුගේ හිත කෝපයෙන් උතුරා ගියා.දින සති ගෙවෙත්ම ඔහුගේ කරදරය එන්න එන්න වැඩි වෙන්න ගත්තා. කරන්නම දෙයක් නැති නිසා ඇය ඔහු සමග කතා කරා. ඔහු විහිලුවට බරව ඇය සමග කතා කරන නිසා ඇයත් ඔහුගේ කතාවට ඇදිල ගියා. ඔහොම කාලය ගෙවෙත්ම.ඔවුන් හොද යාලුවෝ උනා.

ඇය දන්නවානම් මේ යාලුවෙක් විදියට ආශ්‍රය කරන්නේ මොන තරම් පහත් මිනිහෙක්ද කියලා. ඒත් ඔහු ඇයට එහෙම දැනෙන්න ඉඩ දුන්නෙම නෑ. දිනක් ඔහු ඇයට යෝජනාවක් ගෙන්නෙ ඇයවත් නොසිතු අන්දමිනි. එවිට ඇය ඔහුට කියා සිටියේ ඇයගේ සහ නුවන්ගේ අහිංසක ආදර කතාව ගැනය. අනේ සොරි නංගි එත් අපිට යාලුවේ වගේ ඉන්න පුලුවන්නේ කියමින් ඔහු ඒ කතාව එතනම යට ගැහුවා. ඔහොම කාලය ගෙවෙද්දි ඇය ගැන ඔහුගේ සිතේ තිබු පහත් ආශාවල් වැඩි වෙන්න පටන් ගත්තා. මේ ලෝකේ හැමදේම අපිට ඔන හොද විදියටම වෙන්නෙ නෑ නරක මින්ස්සුන්ට වාසි වෙන වෙලාවලුත් එනවා.

මම එහෙම කිවුවෙ දිනක් ඇය යාලුවෙක්ගේ ගෙදර ගිහින් එන ගමන් පසිදු මගදි හමු වෙන්නෙ ඇය නොසිතු විලසිනි ආ නංගි කොහෙද ගියේ මේ තනියම කියා ඔහු අහනකොට ඇය ගමනේ විස්තරය ඔහුට කිවුවා. යමු මාත් එක්ක බයික් එකේ මම ඇරලවන්නම් කියා ඔහු ඇයට අඩගැහුවත් ඇය අදිමදි කරා. ඔහුටම කියා උදාවුනු වෙලාවක් වගේ ඒ වෙලාවෙම අහස කලු කරලා වහින්න පටන් ගත්තේ ඇයට කර කියාගන්න දෙයක් නැති වෙන්නයි. යමු යමු නංගි වැස්ස තද කරන්න කලින් හෙවනකට කියමින් ඔහු බලෙන්ම වගේ ඇයව බයික් එකට නග්ගගෙන එතනින් පිට වුනේ නොතේමි ඉන්න තැනක් හොයාගෙන.

ඔහුගේ ඇස ගැටුනේ ටිකක් ඇතුලට වෙන්න පාලුවට ගිය පරන ගෙයකි.ඔහු ඒක ඇතුලට බයික් එක දැම්මේ එතන නොතෙමන නිසා. එතන නොතෙමෙනවා විතරක් නෙමෙයි වටේම මහ කැලෑව මොහු මෙතන කොහොම දැක්කද කියලා ඇයටවත් හිතාගන්න බැරි උනා. නංගි වැස්ස තද කරනව නේද කියා ඔහු ඇය දිහා බලා විමසුවත් ඇයට එය ඇසෙන්නෙ නැති තරම් මහ හයියෙන් වගිනවා ඒ වගේම අසිනි ඔහුට දුරින් හිටියේ. ටික ටික පසිදු අසිනිට කිට්ටු වෙන්න ගත්තේ අසිනිටවත් නොදැනෙන ලෙසින්. අසිනිට හිතාගන්නවත් බැරි විදියට ඔහු ඇයව තදින් අල්ලා බදාගත්තේ අසිනි මම ඔයාට ආදරෙයි මට ඔයාව ඔන කියමින්. ඇය ගැලවිමට උත්සහ කරත් ඔහු ඇයව තදින් අල්ලගෙන හිටියේ. හයියෙන් කෑ ගහලා ඇය ඔහුට කිවුවේ පිස්සුද මාව අතඅරින්න මම කැමති නෑ කියලා. නමුත් එක ඔහු කනකට ගත්තේ නැත්තේ ඔහුගේ යටි හිතේ අරමුන වෙනස් නිසා. ඔහු ඇයව ඒ මහ වැස්සෙම බිම පෙරලගෙන ඇයගේ ජිවිතේ වටිනාම වස්තුව උනු පිරුසිදු කම ඔහු විනාස කරේ ඇයවත් නොසිතු තරම් ඉක්මනිනි. ඔහුගේ පහත් ආශාව ඉටුවුනාට පසු ඔහු කිවේ සමාවෙන්න මට මාව පාලනය කරගන්න බැරුව ගියා මම ඔයාට එච්චරටම ආදරෙයි මට ඔයාව නැතුව බෑ කියලා. ඒ මුකුත් කනකට නොගත් අසිනි බිම ඉදගෙන ඉකි ගහ ගහ අඩන්න උනේ මොනවාද කරන්නෙ කියා හිතාගන්නටවත් බැරුව.

ඒ මහ වැස්සෙම එතනින් නැගිට්ට අසිනි මහ වැස්සෙම ගෙදරට දුවගෙන ගියේ ජිවිතයම එපා වෙලා. යන අතර තුර නුවන් අයියට මොනවා කියන්නද මම දැන් කියා ඇය හිතන්නට ගත්තේ ඔහුගෙ ලගට යන්න ඔහුට දෙන්න තරම් ඇය ලග පිරිසිදු කම නැති නිසා. මහ වැස්සෙම අඩාගෙන ගෙට ගොඩවුනු ඇය අම්මා එක්ක සිදුවුනු දේ අකුරක් නෑරම ඇය පැවසුවේ අකුරක් නෑරය. පසුව ඔහුන් පොලීසියට ගිහින් විස්තරය කිවුවට පස්සේ ඔහුගෙන් ඇහුවේ ඇයව බාරගන්නවද කියා. ඔහු ඔවු කියද්දි ඇයටත් උනේ කැමති වෙන්න මොකද වෙන කෙනෙක් එක්ක යන්න තරම් ඇය ලග දැන් කිසිම දෙයක් ඉතුරු නැති නිසා. මේ තත්වෙන් ඇයව බාරගන්න කෙනෙක් නෑ කියල ඇය හිතුව නිසා. නුවන් ඇයව බාර ගන්න කැමති උනත් ඇය කිවුවේ තව කෙනෙක් ඉදුල් කරපු මාව ඔයා බාරගන්න එපා අයියේ කියල.

ලගම දිනකදි ඔවුන් විවාහ උනේ ඇයට වෙන කරන්න දෙයක් නැති නිසා. ඔහු ඔහුගේ සල්ලාල කම ඇයට වසන් කරමින් ඇත්තටම ඇයට ආදරේ කරන බව පෙන්නුවේ ඇයවත් නොසිතු ලෙසිනි. ඇයට හොරෙන් ඔහු පුරුදු විදියට ජිවිතේ ගත කරන බව ඇය දැන හිටියෙම නෑ. ඔය ඉන්න අතරේ ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්න බව ඇය දැන ගන්නවා. ඇයව දරුවා ලැබෙන රෝහල් ගත කරපු දිනයේ ඔහු ඇයගේ යාලුවට රූම් එක්කට යන්න එන්න කියලා යෝජනා කරා..ඇය අසිනිට ඒ ගැන කියා එවු මැසේජ් එක පවා පෙන්නුවා. අසිනිගේ මුලු ජිවිතේම කඩා වැටුන බව ඇයට තේරුනා. ඇය රහසින් ඔහු ගැන හොයා බලන්න ගත්තේ එදා ඉදලා.

ඇයට ගොඩක් විස්තර හොයාගන්න පුලුවන් උනා. ඇයට හමු උනෙත් ගැහැනු දරුවෙක්. ඇයට බය හිතුනා ඔහුගෙන් ඒ ලමයටත් කරදරයක් වෙයි කියා. පුලුවන් තරම් ඇය දරුවා ඔහුගෙන් වෙන්කර තියාගන්න උත්සහ කරා. දිනෙන් දින ඔහුගේ සල්ලාල කම් එලි බහින්න උනා. දරුවාට කරදරයක් වෙයි කියන බයටම ඇය ඔහුව අත ඇර අම්මා ලගට යන්නෙ දරුවාද රැගෙන. අදටත් ඇය ඔහුගෙන් වෙන් වෙලා දරුවත් හදාගෙන අම්ම ගාව ඉන්නේ. ඔහු ඇයට ඇවටිලි කරාද ඇය ඔහු ලගට යන්නෙ නෑ. මොකද අදටත් ඔහුගේ ජිවිතේ ඒක නිසා..

අද සමාජේ ඔය වගේ ගොඩක් අය ඉන්නවා. පරිස්සම් වෙයන් නංගියේ අක්කේ. උබේ ජිවිතෙටත් මෙහෙම දෙයක් වෙන්න වැඩි වෙලා යන්නෙ නෑ. මිනිස්සු තේරුම් ගන්න මේ ජිවිත කාලයම මදි. ඒක නිසා තේරුම් ගත්ත ගන්න පුලුවන් මිසින්නු එක්ක විතරක් කතා කරපන් අද තාක්ශනය හරි දිවුනුයි. ඒවගෙන් පවා උන් උබට ලංවෙන්න හදන්න පුලුවන්. අපේ හැසිරිමෙන් පවා මේ ලෝකෙට තවත් පසිදුලා වගේ චරිත බිහි වෙන්නත් පුලුවන් අසිනිල වගේ චරිතත් බිහි වෙන්න පුලුවන්. ඒක නිසා අපි පරිස්සම් වෙමු. මේ වගේ අයේ කාටවත් නෙවේවා කියා පතමු.

පිරිසිදු සිත (මධූගේ පන්හිඳ) ගෙන ආ තවත් එක් කතාවකි.



Comments System WIDGET PACK