⭕අසම්මත පෙම⭕ Asammatha Pema


⭕අසම්මත පෙම⭕

සත්‍ය සිදුවිමක් ඇසුරෙන්

රිදවිම විදවිමේ මුල සනිහිටුවාන් කරයි
================================
මං ගමක උපාන් කෙනෙක්.පාසල් අධ්‍යාපනය ලැබුවේ සාමාන්‍ය පෙළ දක්වා පමණායි ඉන් පස්සෙ තමයි මටත් රැකියාවක් ඕන කියලා හිතුනේ.ඒ ගෙදර ඉද්දි එක එක අවශ්‍යතා දැනෙනකොට. මුලින්ම හිතුනේ ඩෙනිම් ජින්ස් එකක් ගැනිමේ ආශාවක්.

අපේ තාත්තලා මං කලිසම් අඳිනවට කැමති නැහැ.අනිත් එක තාත්තලාට ඕවට දෙන්න තරම් මුදලකුත් නැහැ.මං ඉතිම් අනෙක් ළමයි දිහා බල බලා හින දැක දැක හිටියේ.ඔය අතරේ ගමේ කෙනෙක් කිව්වා කඩේකට ගැහැණු ළමයි ගන්නවා වැඩට කියලා.මම කතා කරගන ඒ කඩේ වැඩට ගියා.

මාසෙටම ලැබුනෙ රුපියල් අටදහායි.හැබැයි එය මගේ අවශ්‍යතා වලට ඇති.ඒ නිසා මං දිගටම කඩේ වැඩ කර කරා ඉද්දි තමායි මගේ සැමියා වු තරිදු හමුවුණේ එයා වැඩ කළේ ගැරිජ් එකක.ගොලයෙක් විදිහට මං හැමදාම උදේ හවස එයාව දකිනවා.

පස්සේ අපි පෙම්වතුන් වුණා.එතකොට මට දහ අටයි මාස ගානක්.අපි මාස හත අටක් අදරෙ කරද්දි තරිදුට මගේත් එක්ක ඇසුරක් අවශ්‍ය වුණා.එත් නොබැද එහෙම ඉන්න මං අකමැති වුණ නිසා තමයි එයා පැනලා යමු කිව්වෙ.

අපි ගෙවල්වලට හොරෙන් පැනලා ගියා ගිහින් කුරුණැගල පැත්තෙ එයාලගේ යාළුවෙකුගේ ගෙදර නතර වුණා.එහෙදි අපි අඹුසැමියන් ලෙස එකට ජිවත් වුණා.තරිදු කියාන්නෙ හරිම ඳගකාර ඒ වගේම එවැනි ඇසුරකට දැඩි කැමැත්තක් සහා හැකියාවක් ඇති කෙනෙක් කියලා මං මුල් දිනයේම වටහා ගත්තා.පසුව අපි දින දහයක් පමණ විවහා නොවි පවුල් කෑවා.

එ යළුවගේ අම්මා තමයි අපි දෙන්නා එක්කගන ගිහින් කසාද බඳින්න උදාව් කළෙත්.එතකොට තරිදුට විසි දෙකාක් විතර ඇති.අපි ගෙවාල් වලටාත් දැන්නුවා.අපි විවහා වුණා ඒ නිසා හොයන්න කලබල වෙන්න එපා කියලා.

අනිත් එක අපේ අම්මා තාත්තට අපිව හොයාන්න වියදම් කරාන්න හැකියාවක් තිබුනෙත් නැහැ.එයලා එතරම් දුක් විඳලා අපිව හදලත් මං කරපු නරක වැඩේට මටත් පසුව විඳවන්නත් වුණා.

කෙසේ හෝ අපි එහේ මාස ගානක් පවුල් කෑවා තරිදු‍යි මායි විවිධ වැඩ කළා හේන් කළා.අත් උදව් වැඩවලටත් ගියා ඔය අතරේ විවාහයේ උපරිම සතුටක් වින්දා.තරිදු මා හට හොඳින් සලකාගෙන හිටියා.අපි ඉතින් බැඳපු අළුත රෑවෙන්නේ කොයි වෙලාවෙද ඒ ගමන්ම කාමරේට තමායි යන්නෙ.ඒ තරම් ආසයි.ඒත් අපි දෙන්නා ඊට පසුව එයාලගේ ගමේ ගියා.ගිහින් මහා ගෙදරම ජිවත් වුණා.එත් අපට එයාලගේ මහා ගෙදර ඉන්න එක ප්‍රශ්නයක් මොකද තව මල්ලිලා දෙන්නෙක්ම ඉන්න නිසා.

එයාලගේ අම්මා වුණත් කියාන්නෙ ගෙයක් හදාගන්න බලාන්න කියලායි.එත් ගෙයක් හදනවා කියන එක කසාදයක් බඳිනවා වගේ ඉක්මනටවත් ලේසියටවත් කරන්න පුළුවන් දෙයක් නෙවේනේ අපිට බඳින්න හිතුනා බැන්ඳා.ඒත් ගෙයක් ඕන කියලා හිතුන ගමන් ගෙයක් හදන්නනම් සල්ලි තියෙන්න ඕන.ඒක මට තෙරුනේ ඊට පසුවයි.

මං තිරණය කළා අයේ රක්ෂාවට යනවා කියලා.එත් තරිදුට එ ගැන කිව්වාම එයා කිව්වෙ ඔය රුපියල් අට දහක් අරන් ගෙවල් හදන්න බැහැ ඔයා ගෙදර ඉන්නයි කියලයි.කතාව ඇත්ත කියලා මටත් හිතුනා ඉට පස්සේ රක්ෂාවකට යන අදහස අත්හැර ගත්තු මං සුපුරුදු විදිහට හිටියා.ඉඳලා ඉඳලා ඉවසන්න බැරිම තැන මං තිරණය කළා රට යන්න.එතකොට අවුරුදු 23යි මට.මහාත්තයත් කැමති වුණා.එයාට ඔන වුණෙත් කොහොම හරි ගෙයක් හදාගන්නයි.

ඔය අතරෙ තමායි අපේ නැන්දා කෙනෙක් ඉතාලි ගියෙ.එයාටත් අහම්බෙන් ලැබුණ අවාස්ථාවක් තමයි එක කෙසේ හො ඒ නැන්දා ඉතාලි ගිහින් මාස කිපයයි වැඩ කළේ එයාට අසනිප වුණා.එයා අපසු එන්න පෙර මට කිව්වා දුවේ ඔයා රට එන්න ආශාවෙන් හිටියේ. ඔන්න ඔයාට පුළුවන්නම් මං ඉන්න තැනට එන්න.මේතන හොඳයි පඩියත් හොඳයි කියලා.

මං හරිම කැමැත්තෙන් කිසි වියදමක් නැතිව ඒ රටටම ගියා.යන දවසෙම හිතට ලොකු දුකක් දැනුනා.මහත්තයව දාලා යන නිසා මොන අඩුව තිබුනත් අපි හරිම ආදරෙන් උණුසුමින් ජිවිතය ගෙවුනේ එත් අපේ අනාගතය ගැන හිතලා මං හිත හදාගෙන අවා.

අපහු ඇවිත් ගෙයක් දොරක් හදාගෙන එයා එක්ක එකට ඉන්න පුළුවන්නේ කියලා.මං හැම සතියෙම ලියුම් තුනහතර එයාට දනවා.එයත් ලියුම් එවනවා.නැන්දා කියපු විදිහට හොඳ වැටුපක් ලැබුනා.එත් ඉතින් වැඩ ටිකක් වැඩි.ඒ වුණාට මං උපරිම උනන්දුවෙන් උත්සාහයෙන් ඒ සියලු කටයුතු කරගෙන හිටියා.

ඔය අතරේ මාස ගනක් ගත වුණා.මං ගෙදරට සල්ලිත් එව්වා.තරිදුට කිව්වා ගෙයක් හදන්න අත්තිවාරම දාන්න කියලා.එයා ලියලා එව්වා එවා සෙරම පිළිවෙලට කරනවා කියලා.මං ඉතිම් හරිම සතුටින් වැඩ කළා.එ මං යනකොට ගෙයක් හැදිලා තියෙන බව විශ්වාස නිසා.මොකද මං ගෙදරට යවපු මුදල් විශාල නිසා.මාස අටක් විතරම සල්ලි යවපුවම තමයි තරිදුටත් ඉතාලි එන්න ඔනකමක් ඇති වුණේ.එයාගෙන් බෙරිල්ලක් නැති වුණා මං ඉන්න තැනට ගන්නම කියලා.

මටත් එ වෙලාවෙ හිතුනා එක හොඳයි කියලා.අනික මං ඉන්න තැනට ගත්තාම අපට ගෙදර වගේ එකට ඉන්නත් හැකියාව ලැබෙනවානේ.ඒ විතරක් නොවේ මට එයාව දකින්නත් ආසා හිතුනා.මං කොහොම හරි එතන අයට කියලා එයාව ඉතාලියට ගත්තා.ඉට පස්සෙ අපිට එකට ඉන්න රූම් එකකුත් ලැබුනා.

එත් වැඩි දවසක් යන්න කලින් තරිදුට ඉතාලිය හුරු තැනක් වුණා.එයාට එතන වැඩ වැඩි නිදහසක් නැහැ කියලා එකපාරටම ගෙදරින් පැනලා වෙන තැනකට ගියා.මට කිව්වෙ තැනක් හොයාගනයි.මං දන්න තරමින් කිව්වා අපි ඉන්න ටික කලේ ඔන්නම් ඉමු කියලා.එත් වැඩක් වුණේ නැහැ.

එයා කිව්වා මවත් එයා ගවට ඉක්මනිම් ගන්නම් කියලා.අන්තිමට අපේ බෝඩිම් කමරෙ අයිති අපි හිටිය ගෙදරට නිසා එයාට එහාට එන්න තහානම් වුණා.තරිදු වෙනම තැනක් අරන් හිටියා.මං සුපුරුදු තැන හිටියා.ඉඳලා හිටලා මට යන්න ලැබුනොත් යනවා ගිහින් අඹුසැමියන් ලෙස විනෝදයක් ලබලා එනවා.වැඩි කාලය නොගිහිම් තරිදු වෙනස් වුණා.මට ගියාම වෙනදා තිබුන අදරෙ තිබුනේ නෑ.මං ඇයි ඇහුවාම කියාන්නෙත් නැහැ.

පස්සෙ මං දැනගත්තා මේයා එයගේ කමරෙ වෙන ගැණු කෙනෙක් නතර කරගෙන ඉන්නවා කියලා.මං එයාට නොදනෙන්න හොයලා බැලුවා.කතාව ඇත්ත නිසා මං එයාට කිව්වා එ ගැණිව යවාන්න කියලා.එයා මට බැන්නා.එවා ඔයාට වැඩක් නැ ඔයා ඔයාගෙ වැඩක් බලාන් ඉන්න කියලා.මට පුදුම විදිහට දුක හිතුනා.
හැමදෙම කරලා මේ රටට අරගත්තා.එයා මට කතා කරන විදිහට.

අනික මං එයාගේ කසාද බිරිද වෙච්ච එක එයාට පුළුවන්ද මං හැර වෙන ගැණියෙක් එහෙම ලගට ගන්න.මං දුක වැඩි කමට අඬ අඬා අපහු ගියා.ඔනනම් මට තිබුනා එයාව එහෙ පොලිසියට අල්ලලා දිලා අපහු ලංකාවට එවාන්නත්.

සති දෙක තුනකින් මං අයෙත් එයාගෙ බෝඩිමට ගියා.යනකොට තරිදු අර ගැණිත් එක්ක ජොඩු දාලා ඇඳේ තුරුල් වෙලා ඉන්නවා.මට එවෙලෙ මැරෙන්න හිතුනා.එත් හිත හදාගන මං අපහු අවා.ඇවිත් ඉට පස්සෙ අයේ කවදාවත් තරිදු හිටිය තැනට නොයා මගේ කාලේ වැඩ කළා.

එ අවසාන් කරලා මං ගෙදර අවේ හිතේ දුකෙන් හීන ගොඩාක් පොදි බැඳගෙන ගිහින් හිස් අතින් අපහු එනවා වගේ හැඟිමක් මට තිබුණේ.අනිත් එක මට තිබුනා තරිදුව එහාට නොගෙන ඉන්න.මමයි එ වරද කර ගත්තෙ.කොයි දෙටත් මට යන්න වුණේ තරිදුගෙ ගෙදරට.ඇයි ඉතිම් අපේ අම්මලා එපා කියලානේ අවේ.මං තරිදුගේ ගෙදරට යද්දි එයා ගෙදර මිදුල උධළු ගානවා.මම ඈත තියාම වහානෙ නතර කරලා බඩු බෑග් වහානෙ තියලා ගෙදරට ගියා.යනකොට තරිදු මට බැනලා එලවා ගත්තා.

පස්සෙ අර එයා එක්ක ඒ රටේ පවුල් කාපු ලංකාවේ ගැහැනු කෙනා ගෙයි ඉඳලා ඇවිත් මේ කවුද ඇහුවා.තරිදු කිව්වා එයාගෙ සල්ලි වගයක් ඉල්ලගන ගිහින් එක පස්සෙ දෙන්නම් කියාන්න ඇවිත් එකයි බැන්නේ කියලා.මට කේන්තියට උන්හිටි තැන් අමතක වුණා.කියාන්න තියන සේරම මං කිව්වා අර ගෑනි එදාම රෙදිත් අරන් ගියා.

මං තරිදු එක්ක අවුරුදු දෙකක් විඳවලා අපහු ගෙදර අවා.අම්මලා මාව බාර ගත්තා.මං අපේ ගෙදර හොඳට හැදුවා.දැන් අපි ඉන්නෙ ඒ ගෙදර.

නිමි

ගොඩාක් රට ගිහින් එන අයට මේ වගේ සිදුවිම්නම් කොතෙකුත් ඇද්ද.දුක් මහාන්සි වෙලා හරි හම්බ කරලා එවන තුට්ටු දෙකෙන් තමුන්ගෙ මහාත්තයා වෙන ගැණුත් එක්ක ජොලි කරන.

⭕නිකලැල් පුදසුන⭕


Comments System WIDGET PACK