අසම්මත ආදරය. | Asammatha Adaraya


අසම්මත ආදරය.

අනේ මාව දාලා යන්න එපා කැලුම් ඔයා නැති උනොත් මට ජීවිතයක් නෑ.

හයියෝ මල ඇණයක් වෙන්න එපා හලෝ මට තමුසේ ඕනි නෑ පාඩුවේ ඉන්න දෙනවා.

ඔයාට මගෙන් උන අඩුව මොකක්ද මහත්තයෝ ඇයි මාව දාලා යන්න හදන්නේ ඇයි.

තමුසෙත් එක්ක ඉදලා ඇතිවෙලා බං ඒකයි යන්න හදන්නේ. ආයෙත් මට කෝල් මැසේජ් කරන්න එපා මට මගේ පාඩුවෙ ඉන්න දීපං.

අනේ මගෙ මහත්තයෝ මට ඔහොම කරන්න එපා.

සනුකි කොච්චර ඇඬුවත්. කැලුම් චුට්ටක්වත් සනුකි ගැන හිතුවේ නෑ. සනුකි අම්මාටයි තාත්තාටයි පස්සේ ගොඩක් ආදරේ කලේ කැලුම් ට. සනුකි ට මේ වේදනාව දරා ගන්න බැරි වුණා සනුකි ට හිටපු හොදම යාලුවා නෙත්සරා.

නෙත්සරා අනේ බං මට ජීවත් වුණා ඇති. මට මගේ ලෝකෙ නැති වුණා බං.

සනුකි ඇයි අඬන්නේ කියපන්. දැන් කොහෙද ඉන්නේ ඉන්න තැන කියපං මම එන්නම්.

නෙත්සරා අනේ මට බෑ එයා නැතුව ඉන්න. මාව තනිකරලා එයා ගියා.

හරි දැන් අඩන්න එපා. මට ඉන්න තැන කියන්න. මම මේ දැන්ම එන්නම්.

මම බීච් එකේ ඉන්නේ.

හරි ඔතනම ඉන්න මම එන්නම්.

වැඩිවෙලාවක් යන්න කලින් නෙත්සරා සනුකි ඉන්න තැනට ආවා.

අනේ නෙත්සරා

හරි දැන් අඩන්න එපා මම ආවා නේ. ඔයා තනිවෙලා නෑ ඔයාට අම්මයි තාත්තයි ඉන්නවා මම ඉන්නවා අපි කවදාක්වත් ඔයාව තනි කරන්නේ නෑනේ.

ඒ උනාට

ඒ උනාට නෙමේ සනුකි. දැන් අඩන්න එපා අපි දැන් ගෙදර යමු.

නෙත්සරා මට තව ටික වෙලාවක් ඉන්න ඕනි.

සනුකි අපි හෙට එමු දැන් යමු මම අද ඔයාලා ගෙදර ඉන්නම්. දැන් අඬන එක නවත්තන්න. අම්මලා දැක්කොත් හරි නෑනේ.

ඔයාට පින් නෙත්සරා .

පින් එපා. එහෙම තමයි හොද යාලුවෝ.

නෙත්සරා සනුකි ව එයාලගේ ගෙදරට එක්කන් ගියා.

කොහෙද යාලුවෝ දෙන්න මෙච්චර රෑ වෙනකන් ගියෙ.

සනුකි ට බීච් එකේ ඇවිදින්න ඕන කිව්වා නැද්ද ඒ නිසා අපි පොඩ්ඩක් එහෙට ගියා.

හරි හරි දැන් ඉතින් නෙත්සරා දුව අද යන්නේ නෑ නේද?

නැහැ නැන්දේ අද ඉන්න කියලා හිතාගෙනම තමයි ආවේ..

අනේ කොච්චර දෙයක්ද. මම එහෙනම් රෑට උයන්න යනවා ඔයාටත් එක්ක. දෙන්නත් එක්ක ඇඟපත හෝද ගත්තා නං හොඳයි නේද?

හරි නැන්දේ .

මොකද අපේ දුව කිසිම කතාවක් නැතුව කාමරය ඇතුලට ගියේ.

එයාගෙ ඔලුව ටිකක් රිදෙනවා කිව්ව නැන්දේ ඒ නිසා වෙන්න ඇති. මම පැනඩෝල් දෙකක් දෙන්නම්.

හරි දුවේ මම එහෙනම් කුස්සිය පැත්තට යනවා.

.........

සනුකි වෙනදා වගේ ඉන්නකෝ අම්මටත් සැක හිතිලා.

මට එයාව නිතරම මතක් වෙනවා. මං කොහොමද එයා නැතුව ඉන්නෙ.

හරි මම ඔයාට ඉන්නවනේ දැන් අපි ඇඟ හෝදගමු.

හරි යමු.

........

දුවේ සනුකි දුවේ නෙත්සරා එන්න දෙන්නම කෑම කන්න. කෑම ලෑස්ති කරලා ඉවරයි.

සනු අම්මා කතා කරනවා නේද? දැන් අපි ගිහිල්ලා කෑම කාලා එමු.

මට කන්න බෑ නෙත්සරා ඔයා කාල එන්න.

ඔයා කන්නැතුව මට කන්න බෑනේ. එහෙනම් මම බත් ටිකක් බෙදාගෙන ඇවිල්ල ඔයාටත් කවන්නම්.

හා එහෙම කරමු.

...........

කෝ දුවේ සනුකි.

එයාට එන්න බෑ කිව්වා කම්මැලි වගෙලු. මම එයාටත් එක්ක බත් බෙදාගෙන ගිහිල්ලා එයාටත් කවන්නම් .

බලන්න දුවේ පොඩි කාලේ ඉඳන් හුරතල් කරලා හදලා දැන් වෙලා තියෙන දේ. අපේ වැරදි තමා.

නැන්දලා කෑවද?

මම මාමා අවහාම කනවා දුවේ . දුවල දෙන්න කන්නකෝ.

........

සනු එන්න ලඟට බත් කවන්න.

අනේ මට බත් කන්න බෑ.

හරි එහෙනම් මම කන්නෙත් නෑ.

අනේ ඔයා කන්න නෙත්සරා . මම නිසා ඔයා බඩගින්නෙ ඉන්න එපා.

ඔයා බඩගිනි ඉන්නකොට මට කන්න බෑනේ .

හරි එහෙනම් චුට්ටක් කවන්න. ගොඩක් නම් කන්න බෑ.

අන්න එහෙම එන්නකෝ. කෝ දැන් කට අරින්න.

අනේ ඔයා කට ලොකු වැඩියි තව චූටි කටක් කවන්න..

අනේ අනේ තාම පොඩි එකී කියලද හිතන් ඉන්නෙ. හරි හරි කට අරින්න දැන්.

නෙත්සරා මට කන්න බෑ මට ගොඩක් දුකයි.

සනුකි මම ඔයාට ඉන්නවනේ. ඔයා තනි වෙන්නේ කවදාක්වත්. ඒ නිසා මේ බත් ටික කන්න.

මං මහ කාලකන්නි කෙල්ලෙක් නෙත්සරා

කට වහගන්න මොනාද ඒ කියන්නේ. ඔයා එහෙම නෑ දැන් කන්න.

...........

මට ඇති දැන් බඩ පිරිලා.

කටවල් දහයක්වත් කෑවෙ නෑ . ඇති වෙන්නෙ කොහොමද?

අනේ අදට විතරක්.

හරි මම පිඟාන හෝදලා අත හෝදගෙන එන්නම්.

.........

නෙත්සරා ඔයාට පුලුවන්ද මට නින්ද යනකම් මගේ ඔළුව අතගාන්න.

ඕක මොකක්ද කෝ එන්න.

ඇයි එයා මාව දාල ගියේ දෙයියනේ.

දැන් ඔය දේවල් අමතක කරන්න මම ඉන්නවනේ ඔයාට සනුකි.

ඔයා දවසක මාව දාල ගියොත්.?

ඇත්තටම ආදරය කරන අය කවදාක්වත් දාලා යන්නේ නෑ.

මම දන්නවා ඔයා මට හොඳ යාලුවෙක් විදියට ගොඩක් ආදරේ කියලා.

යාලුවෙක් විදිහට ම නෙවෙයි.

මොකක්ද ඒ කතාවෙ තේරුම?නෙත්සරා

නැහැ මොකුත් නෑ දැන් ඔයා නිදාගන්න.

නෑ මට දැනගන්නම ඕන.

මොකුත් නෑ කිව්වනේ දැන් නිදාගන්න.

කියන්න මට ප්ලීස් 😭

හරි මම කියන්නම් මම දන්නවා මම කියන දේ වැරදි කියල. මම ඔයාට ආදරේ කරන්නෙ යාලුවෙක් විදිහට ම නෙවෙයි. මම ඔයාට ආදරෙයි.

මොකක් 😳 නෙත්සරා ඔයා මොනවද මේ කියන්නෙ. හොඳට හිතලා කතා කරන්න. අපි දෙන්නම කෙල්ලෝ.

මම දන්නවා මම වැරදියි කියලා. මට ඒකට සමාවෙන්න. තවත් හිතේ තියන් ඉන්න බෑ සනුකි මට මේක.

නෙත්සරා ඔයා හොදටම දන්නවා අපි දෙන්නාට කවදාක්වත් එකතු වෙන්න බෑ කියල මේක ලොකු දුකක් වේවි.

මම ඒ දේ හොඳටම දන්නවා සනුකි . ඒ උනාට මට ඔයාට ආදරේ කරන එක නවත්වන්න බැහැ. ඔයා මට ආදරේ නොකරත් මම ඔයාට හැමදාමත් ආදරේ කරන එක නවත්තන්නෙ නෑ.

ඒත් නෙත්සරා අනේ මන්දා මට තේරෙන්නේ නෑ මොනවා කියන්නද කියලා.

ඔයාට මගේ ආදරේ දැනෙන්නෙ නැද්ද? කියන්න.

හිම්ම්ම්ම්ම්ම්ම් දැනෙනවා.

ඔයාට බැරිද ඉතින් මට ආදරේ කරන්නෙ.

ආදරේ කියන්නේ දුකක් නේද?නෙත්සරා අපි කොච්චර ආදරේ කරත් අපිට එකතු වෙන්න බැරි වෙනවනේ.

ඔහොම කතා කරන්න එපා. මගේ වෙන්න .😔💔

ඔයත් අරයා වගේ මාව දාල ගියොත්?

කවදාක්වත් වෙන්නෑ සනුකි. ඔයා කවද හරි ගියත් මම ඔයාව දාලා යන්න. මම ඔයාට ගොඩක් ආදරෙයි.

මාව ටිකක් තුරුල් කරගන්න බැරිද නෙත්සරා. ඔලුව අත ගහන්න කෝ.

මගේ ළඟට වෙලා ඉන්න මගෙ තුරුලෙ ඉන්න සනුකි.. මම ඔයාගේ ඔලුව අත ගාන්නම්.

එදා රෑ පහන් වන තුරුම සනුකිත් නෙත්සරාත් අසම්මත ආදරේ තහනම් සුවය වින්දා.....

සුදු ඇහැරෙන්න උදේ වෙලා.

ඇහැරෙන්න තමයි ඊයේ නිදාගන්න දුන්නෙ නෑනේ 😒

එහෙම කියන්න එපා සනු මැණික. මම ඔයාටත් එක්ක කිරි එකක් හදන්නම්.

හරි හරි මැණික මම වොෂ් එකක් දාගෙන එන්නම්. අද මට බීච් එකේ ඇවිදින්න ඕනේ.

හරි මං මගෙ මැණික ව එක්කන් යන්නම්. ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ලස්සනට ලැහැස්ති වෙලා ඉන්නකෝ.

හරි මැණික.

..........

ෂා මගේ සුදු මැණිකගේ ලස්සන.

අනේ යන්න බොරු කියන් නැතුව.

බොරු නෙමේ සුදු නෝනා. ඇත්තටම ලස්සනයි. දැන් මේ කිරි එක බොන්න.

රස්නෙයි නේද? මගේ දිව පිච්චෙයි දන්නෑ.

එහෙම පුච්චනවා ද මම මම මේක නිමල ගෙනාවේ.

ඒ තරම් ආදරේද ඔයා මට නෙත්සරා .

හුම්ම්ම්ම්ම්්ම්ම්ම්ම්ම්ම්ම් කියාගන්න බැරි තරම්. අපි යමු නේද . ඇවිදින්න.

යමු මැණික. කෝ මගෙ අතින් අල්ල ගන්නෙ නැද්ද?

අල්ලා නොගෙන කොහොමද? අනික අල්ලගත්තෙ මගින් අත ඇරලා යන්න නෙවෙයි.

යාලුවෝ දෙන්නා උදෙන්ම මේ කොහෙයන්නද ලැහැස්තිය?

අපි දෙන්න බීච් එක පැත්තෙ යන්න හැදුවේ අම්මා.

හරි හරි එහෙනම් දෙන්න පරිස්සමට ගිහිල්ල එන්න කෝ. ගොඩක් හවස් වෙනකන් ඉන්න එපා.

හරි නැන්දේ අපි ගිහිල්ල එන්නම්.

පරිස්සමෙන් එහෙනම් දෙන්නම බුදු සරණයි.

..............

නෙත්සරා පණ මට ආසයි රැල්ල පාගන්න ඔයාගේ අත අල්ලන්.

ඉතින් එන්න යන්න සුදු.

අතාරින්න එපා හරිද මම ගොඩක් බයයි මුහුදට.

ආ ආප්ප ජෝඩුව හූ හූ හූ හූ.

මොකක්ද බල්ලො තොපි කිව්වේ

නෙත්සරා රණ්ඩුවට යන්න එපා මැණික. අපි යමු ගෙදර දැන්.

මට සමාවෙන්න සනුකි මම නිසා තමයි ඔයා මෙහෙම කතා අහන්නේ.

එහෙම කියන්න එපා ඔයා නිසා තමයි අද මම සතුටින් ඉන්නේ. මට අලුත් ජීවිතයක් දුන්නේ ඔයා මම ඔයාට ගොඩක් ආදරෙයි..

කාලය ටික ටික ගෙවිලා ගියා. මේ දෙන්නගෙ අසම්මත ආදරයට දවසින් දවස දින එකතු වුණා ආදරයක් ගොඩක් වැඩි වුණා. ඒත් දවසක්.

නෙත්සරා මගේ පන ඉක්මනට ගෙදර එන්න අපි දෙන්නට ලොකු ප්‍රශ්නයක් ඉක්මනට ගෙදර එන්න මට කතා කරන්න ඕන.

මැණික කියන්න මොකද ප්‍රශ්නේ? අඬන්නැතුව කියන්න.

ඉක්මනට එන්නකෝ දෙයියනේ.

හරි මම ඉක්මනට එන්නම්.

පරිස්සමෙන් මගේ පන.

..............

නැන්දේ කෝ සනුකි. එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?

අනේ බලන්න දුවේ. අපි සනුකි ට හොඳ තැනකින් හොඳ කොල්ලෙක් හොයලා දුන්නා. මේ ළමයාට ඒ කොල්ලට කැමති නෑ. කොල්ලෙක් ඉන්නව නම් කියන්න කිව්වත් එහෙත් එහෙම කවුරුත් නැහැල්ලු. අපිට තේරෙන්නේ නෑ අපි කොච්චර හොඳ කරන්න හැදුවත් මේ ළමයා ඒ දේවල් තේරුම් ගන්නේ වැරදියට . මගෙයි තාත්තගේ හුස්ම පොද යන්න කලින් මේ ළමයා සතුටින් ඉන්නවා බලන්න නෑනේ අපි කොච්චර ආසද? ඒත් මේ ළමයා අපිට මෙහෙම කරන්නේ ඇයි කියල මට තේරෙන්නෙ නෑ දුවේ.

නෙත්සරා ගේ මුළු ලෝකෙම කඩන් වැටෙනවා වගේ තේරුණා එහෙත් අම්මා කෙනෙක් ඒ කඳුළු බලන් ඉන්න තරම් නෙත්සරා ශක්තිමත් කෙනෙක් වුණේ නෑ.

හරි නැන්දේ මම කතා කරන්නම්.

.......

අනේ ඔයා ආවද මගේ පන😭 අනේ බලන්න අපිට වෙන්න යන දේ.

මට හැමදේම ඔයාගේ අම්මා කිව්වා. දැන් අඬන්න එපා මම ඉන්නවා නේ ඔයාට.

මාව කොහේහරි එක්කං යන්න . මට පේන කෙනෙක් ඕනේ නෑ ඔයාව විතරයි ඕනේ.

අහන්නකෝ. මම හැමදාමත් පැතුවෙ ඔයාගේ සතුට විතරයි සකුනි. ඔයාගේ අම්මලා එහෙමයි. දවසක් අපේ ආදරේ ඔයාගේ අම්මට තාත්තට ලොකු දුකක් වේවි.

අනේ ඔයා මාව දාලා යන්න ද හදන්නේ.

මුලින් මම කියන දේ අහන්න කොහේ හිටියත් සතුටින් ජීවත්වෙන්න මම ඔයාට හැමදාමත් ආදරය කරයි. මම යන්නම් අම්මලගෙ තීරණේට කැමති වෙන්න.

අනේ දෙවියනේ මං ඔයා නැතුව ඉන්නෙ කොහොමද? මාව දාලා යන්න එපා.

නෙත්සරා එක වචනයක් වත් නොකියා සනුකිගේ ච ගෙදරින් එළියට ආවේ එයාට වේදනාව දරාගන්න බැරි නිසා එහෙත් අම්මා කෙනෙක්ට දුකක් දෙන්න බැරි නිසා.නෙත්සරා ෆෝන් එක විසික් කරල දැම්මා එයාගෙ එයා ගැන කිසිම දෙයක් සනුකි ට දැනගන්න බැරි විදියට. නෙත්සරා මේ දේ කරේ හොඳාකාරවම දන්නවා සනුකි ට ජීවිතයක් තියෙන්නෙ එයාලගෙ නෙමෙයි කියලා..
සනුකි මාස දෙක තුනක් එක දිගට
නෙත්සරාට කෝල් මැසේජ් දැම්මා ඒත් එයා ගැන කිසිම ආරංචියක් හොයාගන්න බැරි උනා අන්තිමට සනුකි අම්මල ගෙදරින් හොයපු කෙනා එක්ක කතා කරන්න තීරණය කරා.

අම්මේ අර ඔයාලා හොයපු කෙනාට එන්න කියන්න.

අනේ මේ ඇත්ත මද කියන්නේ මගේ දුවේ. මගේ හොඳ සුදු දුව.

එන්න දුව මම බත් ටිකක් කවන්න.

අම්මලගෙ සතුට තරම් වටින දෙයක් මට තව ඉතුරු වෙලා නෑ අම්මේ.

මම දන්නවා මගේ දුව කවදාක්වත් අපිට පිටින් යන්නෙ නෑ කියලා...

සනුකිට කතා කරපු පිරිමි ළමයයි එයාගේ ගෙදර අය සනූකිව බලන්න ආවා.

මනමාල මහත්තයයි මනමාල නෝනයි දෙන්නම කතාකරගත්ත නම් නේද හොඳ? දෙන්නා ගැන විස්තර එහෙම.

දුවේ පුතා එක්ක චුට්ටක් එළියට ගිහිල්ලා කතා කරන්න. ඔය දෙන්න ගැන විස්තර වත් ඔය දෙන්න හරියට දන්නෙ නෑනෙ.

හරි අම්මේ. අපි එළියට ගිහින් කතා කරන්නම්.

.............

ඔයාගේ නම සනුකි නේද?

හම්ම්ම ඔව් ඒක තමයි. එතකොට ඔයාගේ නම?

මම චමත්. එතකොට ඔයා කැමතිද මාව කසාද බඳින්න?

මගේ උත්තරේ දැනගන්න කලින් ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා . මම දන්නවා ඒ දේවල් දැනගත්තට පස්සේ ඔයාගේ ඔය තීරණය වෙනස් වෙනවා කියලා.

හරි කියන්නකො බලන්න.

සනුකි අකුරක් නෑර එයා ආදරේ කරපු කොල්ල ගැනත් .නෙත්සරා ගැනත් එයා ආදරය කරපු කොල්ලගෙ එයාට වෙච්ච හැමදේම චමත් ට කිව්වා.

දැන් කියන්නකො ඔයාගේ තීරණය චමත්.

කාගේ අතිනුත් වැරදි වෙනවනේ. ඒ හැමදේම වගේ ඔයාගේ අතීතය ට ඒ කිසි දෙයක් ප්‍රශ්නයක් නෙවෙයි මම ඔයාව බඳින්න කැමැතියි. මට ඕනේ ඔයාගේ අවංක ආදරේ විතරයි.

ඔයාට හොඳටම විශ්වාසද කවදාක්වත් මේ දේවල් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා.

මට මං ගැන හොඳ විශ්වාසයක් තියෙනවා.

හරි එහෙනම් මට පොරොන්දු වෙන්න මගෙ අතීතය මතක් කරලා කවදාක්වත් මට අනාගතයේදී බනින්නෙ නෑ කියලා.

හරි සත්තයි. දැන් ඔයාගේ තීරණය මොකක්ද???

හරි මම ඔයාට කැමතියි. ඒත් වෙච්ච පොරොන්දු පොරොන්දුවක් විදියටම හැමදාම තියෙන්න ඕනි චමත්.

හරි එහෙනම්. පොරොන්දු කවදාක්වත් වෙනස් වෙන්නෑ.

............

ඔය ළමයි දෙන්න තීරණයක් ගත්තද?

අපි අපි දෙන්නට කැමති අම්මේ.

දෙමව්පියන්ගේ ආදරය ආශිර්වාදයත් එක්කම සනුකි චමත් එක්ක ජීවිතය අලුතින් පටන් ගත්තා .නෙත්සරා ගැන සනුකි ට මතක් වුණත් චමත්ගේ ආදරේ නිසාම ඒ හැමදේම යටපත් වුණා. මේ දෙන්නගේ ලස්සන ආදරේට වැඩි කාලයක් යන්න කලින් චූටි දූ පැටියෙක් ඉපදුනා.
සනුකි මේ දු පැටියට නම තිබ්බේ.නෙත්සරා සකුනි පෙරේරා කියලා. එ නෙත්සරා මතක් වෙන්න..

මහත්තයෝ

සුදු නොනා කියන්න

අපේ දූ පැටියා ගේ උපන්දිනෙත් ළඟ එනවා නේද?

නැතුව නැතුව අපේ පණ ටික ගෙ උපන්දිනෙ ළඟයි තමා.

අපි දුවගේ පලවෙනි උපන්දිනේ නිසා මෙහෙණි ආරාමය ට දානයක් දෙමු ද?

මගේ නෝනා කියන දෙයක් තමා ඉතින්. මගෙ නොනා වැරදි දෙයක් කියා නෑනේ අපි එහෙම කරමු.

එහෙම කියන්න එපා මහත්තයෝ ඔයා තමයි මට අලුතින් ජීවිතයක් දීලා මව මේ විදියට වෙනස් කළේ. ගොඩක් ආදරෙයි මගෙ මහත්තයට.

මමත් ගොඩක් ආදරෙයි මගෙ සුදු නෝනට. හැබැයි සුදු නෝනට වඩා ආදරේ මගේ දූ පැටියට.

ආ ඇත්තද මෝඩයෝ එහෙනම් ඉතින් දුවට ම කියන ඔක්කොම කරගන්න එකයි ඇත්තේ.

අම්මෝ මූනේ ලස්සන. හරි හරි ඉතිං විහිලුවක් කරේ.

මෝඩ මහත්තයා මගේ ආදරෙයි. ❤️

චූටි දූ පැටියාගේ උපන්දින දවස ලං වුණා.

බඩු ටික ඔක්කොම ගත්ත නේද මහත්තයෝ?

හරි මැණික් අපි දැන් යමු.

ගොඩක් දුර ආරාමයක්ද මහත්තයෝ.

ටිකක් විතර සුදු නෝනා. මෙහෙනින් වහන්සේලා තුන් නමක් ඉන්නවා. එතනින් දෙන්නෙක්ම ගොඩක් වයසයි. ඒ දෙන්නටම උපස්ථාන කරගෙන තමයි අනිත් මෙහෙන් වහන්සේ ඉන්නේ.

මට ගොඩක් ආසයි මහත්තයෝ එතනට ගිහිල්ලා බලන්න.

හරි හරි ඉතිං ඉවසන තව ටික දුරයි.

හරි මගේ මහත්තයෝ.

................

හරිම ලස්සන තැනක් නේද සුදු නෝනා.

ඇත්තමයි මහත්තයෝ හරිම නිස්කලංකයි. අර ඉන්නේ අර මෙහෙනින් වහන්සේ දෙනම නේද? අපි ගිහිල්ලා වඳිමු.

සුවපත් වේවා.

බොහොම පින් වන්ත වැඩක් තමයි ඔය දෙන්නා මේ කරගන්නේ. අද සමාජයේ ළමයෙකුගේ උපන්දින පාටියක් මේ වගේ විදියට සමරන්නේ ය කීයෙන් කී දෙනාද? මත් වතුර බීලා රණ්ඩු සරුවල් ඔලින් ඉවරවෙන උපන්දින සාද වල් කොච්චර තියෙනවද.? ඒ අතරින් මේ දෙමව්පියෝ දෙන්නා අද සමාජයට බොහොම ලොකු ආදර්ශයක්.

අපිට ඕනේ මෙහෙනින් වහන්ස අපේ දූ පැටියා හරි පාරේ උගන්වන. බුදුමඟ තමයි හරිම පාර.

බුදුන්ගේ මග ගිය කිසිම කෙනෙක්ට වැරදුනේ නෑ. දරුවා.

සමාවෙන්න ලොකු මෙහෙණින් වහන්ස. අනිත් පොඩි මෙහෙනින් වහන්සේ කොහෙද සිටින්නේ.

අපි දෙදෙනාගෙන් සිවුරු සේදීමට පහල ළිඳ ළඟට ගියා. අර පැමිණෙන්නේ එයා තමයි.

නෙත්සරා. ඔයා 😳

මීට අවුරුදු 2 කට කලින් සනුකි ගෙන් වෙන් වුණු
නෙත්සරා අද මෙහෙණින් වහන්සේ නමක් වෙලා. සනූකිට හැමදෙයක්ම වගේ තේරුනා. හිතට දුකක් ආවත්. ඊටත් වඩා ලොකු සතුටක් හිතට දැනුන නිසා සනූකි හිනා උනා.නෙත්සරා ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙන බුදු මග ඔස්සේ ගමන් කරන නිසා. සනුකිත් චමත් නෙත්සරා මෙහෙණින් වහන්සේට වැඳලා ආරාමයෙන් එළියට ආවා.

මගේ මහත්තයෝ අද තමයි මගේ හිතට සැහැල්ලුවක් සහනයක් ලැබුණේ

මට ඒක තේරුණා නෝනේ. අපි අපේ දූ පැටියා ව ලස්සනට හදා ගමු හරි දේ විතරක් කියලා දීලා.

ඇයි මහත්තයට පුතු පැටියෙක් ඕනේ නැද්ද.

මොකක්ද ඒ කතාව 🙄 සුදු නෝනා.

ඒ කතාව තමයි මහත්තයෝ ඔයා චූටි පුතු පැටියකුගේ තාත්තෙක් වෙන්න යනවා කියන එක ❤️.

අනේ මේ ඇත්තමද කියන්නෙ ගොඩක් ආදරෙයි මගේ රත්තරං ඔයාට....

සනුකි චමත් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කළා.නෙත්සරා බුදුමග තෝරාගෙන ජීවිතේ දුක කියන දේ නැතිකරගැනීමට ජීවිත ගමනේ යෙදෙව්වා...

වැරදි අඩුපාඩු ගොඩක් ඇති ඒකට සමාවෙන්න ගොඩක් දවසකින් ලිව්වෙ.

අසම්මත ආදර කතා ඕනෙතරම් මේ ලෝකෙ තියෙනවා. ඒ වගේම තමයි ඒවා සම්මත වුණත් කවදා හෝ එක දුකක්..

මම අසින්ත සෙනෙවිරත්න


Comments System WIDGET PACK