අරුම පුදුම මංගල රැය. | Aruma Puduma Mangala Raya


අරුම පුදුම මංගල රැය..
මොකෝ නිමා මේ?උබ අවුලකින්ද බන්..?අයියෝ ඕවා හිතන්න එපා බන් වෙඩින් ලග නිසා වෙන්න ඇති ඔය...මන් ඉන්නවනේ උබේ ලගින්ම...ඒ නිසා බය වෙන්න එපා...මගේ හොදම යාලුවාව සනසන අටියෙන් මම පැවසුවා...

මේ පිස්සි තමා මගේ බෙස්ටි..නිමන්තරා ආරියවංශ...මට මගේ එකකුස උපන් සහෝදරි වගේ...කෑවේ බිව්වේ හිනාඋනේ ඇඩුවේ මේ හැමදේම කලේ එකට..මම සයුම්දි සේනාරත්න..අපි දෙදෙනාම වත්පොහොසත්කම් හිමි පවුල්වල ලමයි.. අපි දෙදෙනා සැමවිටම විනෝදෙන් ගත කරපු ජිවිතේ අවසන් කරමින් නිමාට ගෙදරින් මංගල යෝජනාවක් ගෙනාවේය...එදා සිට අද වෙනකන් නිමා සිටියේ අවුලකින්..අනේ මන්දා ඇහුවත් කියන්නෙත් නෑ...

නිමා දැන් ගොඩක් රෑ වෙලා..මන් යන්නම් බන්...මන් හෙට උදේම ඇවිත් උබව හම්බෙන්නම්...පරිස්සමින් ඉදපන්..මම ඇගේ කම්මුල මත හාදුවක් තබා පිටත් වෙන්න හදද්දිම එක්වරම ඇය මගේ අතින් ඇදලා ගත්තාය...මම පුදුමයෙන් ඇය දෙස බලද්දි ඇය මගේ අතමත හිස තබා මහ හයියෙන් අඩන්න ගත්තා...

අනේ නිමා මොකද මේ..මගේ දෑස්වලත් කදුලු පිරුනේ කුඩාකල සිටම අප අතර වු බැදීම නිසා...

අනේ සයු..මට බෑ මේක කරන්න...මට බෑ එයාව බදින්න...ඇය ඉකිගැසුම අතරින් අමාරුවෙන් කියන්න විය...

මොකද උනේ නිමා...ඇයි බෑ කියන්නේ..අනේ ප්ලිස් අඩන්නේ නැතුව කියපන්කෝ...

මම...ම...ම...වෙන කෙනෙක්ට ආදරේ කරනවා සයු...අනේ මට සමාවෙන්න මන් මේ දේ ඔයාගෙන් හැංගුවා..අනේ සමාවෙන්න..

මොනවා...ඒත් ..ඒ..ඒක වෙන්නේ කෝමද..මා සිටියේ ඇය ලගින්මයි..අපි දෙදෙනා අතර කිසිම විටක රහසක් තිබුනේ නැත...ඒ දැන්...ඇගේ ජිවිතේ ලොකුම රහස මන් නොදැන සිටී...හිතට දැනුනේ කියාගත නොහැකි දුකකි...

අනේ සයූ මට උදව් කරපන්..මන් උබට ක්ලාස් යනවා කියලා බොරු කරලා හැමදාම මගේ තරිදු අයියත් එක්ක එහෙ මෙහේ ගියා..අනේ සයු එයා මට ඇත්තටම ආදරෙයි...ඒ නිසාම...මන්..ම..න්...

කටවහගනින් නිමා..ඉවවහා ගිය කෝපය නිසා මන් ඇගේ අත ගසා දමා ඇදෙන් නැගිට්ටේය ..

උබට දැන්ද මට මේව කියන්න මතක් උනේ අහ්...පොඩිකාලේ ඉදන් උබව මගේ සහෝදරී වගේ බලාගෙන...උබව හැමවෙලාවෙම ආරාක්ශා කරලා..මේ හැමදේම කරලත් උබ කියන්නේ උබෙ ජිවිතේ උබ විනාස කරගෙන ඉවරයි කියලද...අහ්..කියපන් මට..මන් ඇගේ උරහිස් වලින් අල්ලා වේගයෙන් සෙලවීය..

මට සමාවෙයන් සයු...ආදරේ කරද්දි අපි හැමෝම අන්දයො වගේ සයු..උබට ඒක තේරෙන්නේ නැ...අනේ සයු මට උදව් කරපන් ...ඇය තවමත් හඩමින් සිටි..

කෙතරම් බැන්නද කිරීමට කිසිවක් නොමැත..මේකට විසදුමක් සෙවිය යුතුය...නැතිනම් සිදුවන්නේ මහා විනාශයකි...

බලපන් නිමා මේක උබේ තාත්තා දැනගත්තොත්..මාවත් මරයි යකෝ...මම දැනුනු ආවේගෙත් එක්ක කෑගසන්නට විය...

මේ බලපන් නිමා ..උබ දැන්ම මේ ගැන කාටවත්ම කියන්න ඕන නෑ...මන් මොනාහරි කරන්න බලන්නම්...මම එසේ කියා කාමරෙන් පිටත් වෙන්න සැරසුනි...

අනේ සයු මට සමාවෙන්න..මන් උබට බොරු කලා..මට සමාවෙන්න...

මගේ හදවත කෙතරම් වේදනා දෙනවාදැයි ඇය නොදනි...මගේ සහෝදරි...එයාගේ ජිවිතේට මෙවැනි දෙයක් සිදු වෙන තෙක් මා කිසිවක් නොදැන සිටි ආකාරය..මගේ මුවේ ඇදුනේ සමච්ච්ල් සහගත සිනාවක්...

සමාවෙන්න කිව්ව පලියට හැමදේම ආපහු තිබ්බ විදියට වෙනවනම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙන්න තිබ්බා නිමා...මම ඇය දෙසවත් නොබලා පිටව ගියේ මෙතරම් වෙලා හිරකරමින් සිටි කදුලු වලට නිදහස දිලා....

--------------------------------------------------------------------

ගෙවුනු දවස් ටිකේම මන් ගොඩක් මහන්සි උනේ නිමා කිව් තරුනයා සොයා ගැනීමටයි...ඔහු නවාතැන් ගත්ත ස්ථාන..රැකියාව කල ස්ථාන මේ එකකටවත් ගියත් ඔහු ගැන තොරතුරක් ලබාගත නොහැකි විය..

මිස් දැන් එකපාරක් කිව්වනේ..අපිට බෑ මේ විදියට අපේ සේවකයෙක් ගැන තොරතුරු පිට කෙනෙක්ට දෙන්න..ඔන්න පොලිසියෙන් එක්ක ආවොත් අපි අදාලා තොරතුරු එයාලට දෙන්නම්...

අනේ සර්...ඒත් මේක හදිස්සියක්...මේක ගැන වෙන කවුරුත් දැනගන්න බෑ...අනේ සර් එයා දැන් ඉන්න තැනවත් කියන්න..මම කොච්චර ඇවිටිලි කලත් ඔහු රැකියාව කල ස්ථානයෙන් තොරතුරක් ලබාගත නොහැකි උනා...

අනේ දෙවියනේ මොකද කරන්නේ දැන්...අනේ මගේ කෙල්ල පව්...මම දහාඅතේ කල්පනා කරමින් පාරේ යන්නට විය...එක්වරම ඇසුනු වාහනයක බ්‍රේක් ගහන හඩත් එක්ක මා බිමට විසිවී ගියේ දෑස් නිලංකාර වෙද්දිය...

දෑස් කෙමෙන් විවර වෙද්දි මා සිටියේ කාගේ හෝ තුරුලේය..මන් මුහුන උස්සා බැලුවේ සිටින්නේ කවුරුන්ද යන්න බෑලීමට...දුඹුරු පැහැති දෑසක් හිමි වු ඔහු සල්ලිකාර පෙනුමැති කඩවසම් තරුනයෙකි...අපේ දෑස් එකිනෙක හමුවෙද්දි මගේ හදවත මෙන්ම ඔහුගේ හදවත් ගැස්සුන බව මට දැනුනි...

කොහොමද දැන් ඔයාට...අවුලක් නෑ නේද....

මම සිටියේ ඔහුගේ වාහනය තුලය..මා පාරේ යද්දි ඔහුගේ වාහනයට හැප්පෙන්න ගොස් තිබුනි...

අහ් දැන් මට හොදයි...

එක්වරම ඔහු මගේ නිකටින් අල්ලා මගේ මූන පුරාම දෑස් ගෙනගියේය..මීට පස්සෙවත් පාරේ යද්දි බලාගෙන යන්න...අද ටිකක් එහෙ මෙහෙ උනානම්...ඔහු කියන්න යන දේ නවතා වාහනෙන් පිටත බැලුවේය...

ඔයා කොහෙද...මම ඔයාව ගිහින් ඇරලවන්නම්..වාහනෙන් පිටත බලාගෙනම ඔහු ඇසුවේය...මම මේ අරලිය මාවතේ...එසේ කියනවත් එක්කම ඔහු වාහනේ ස්ටාර්ට් කරගෙන වේගයෙන් යන්නට විය...මා අරලිය මාවත අසලින් ඇරලවු ඔහු පිටත් වන ආකාරය ඔහුගේ වාහනය නොපෙනි යනතෙක්ම මා බලා සිටියේය...

මා එදින හවස නිමාව බැලීමට ගියේය...තත්වය තවත් දරුනු අතට හැරී තිබුනි...නිමාගේ පියාගේ උවමනාවට විවහය තවත් ඉක්මන් කර තිබුනි...

අනේ බන්...අනේ සයු අප්පච්චි මාව මරයි සයූ...අනේ ඊටවඩා හොදයි මන් මැරෙන එක සයු...ඇත්තමයි මේකට විසදුමක් නැති උනොත් මන් මැරෙනවා...

මොනාද නිමා මේ කියවන්නේ අහ්..උබ මැරෙනවා දකින්නද උබේ අම්මලා උබව හැදුවේ..අනිත් එක උබ මැරෙනකන් මන් බලන් ඉන්නවද...

මා නිමාගේ නිවසින් පිටව කෙලින්ම ගියේ මගේ නිවසටයි...

අම්මා අම්මා...අම්මා අද මන් නිමාලගේ ගෙදර නවතිනවා...

හරි දුව..මේ චූටි කෙල්ලව මන් මතක් කලා කියන්න...

ගෙදරින් පිටත් උන මන් ගියේ නිමාලගේ ගෙදරනම් නෙමේ...මන් තීරනයකට පෑමින තිබුනා...ඒ මේ විවහය නවත්තන්න හොදම විදියයි...මගට ආ මන් ත්‍රීවීල් එකක් රැගෙන පිටත් උනේ සුඛෝපභෝගී නිවාස තිබු මාවතකටයි...ත්‍රීවීල් එකට මුදල් ගෙවු මන් නිවාස අංකයක් හොයමින් සිටියේය..මා සෙවු නිවාසය හමුවු මන් එහි තිබූ කෙටි තාප්පයෙන් එම නිවසට ඇතුලු විය...මෙය අනතුරුදායක වුනත් මගේ යෙහෙලිය වෙනුවෙන් මම මෙය කල යුතුමයි... මන් මේ ඇතුලු වන්නේ නිමාගේ විවහයට යෝජනා කර තිබු මනමාලයාගේ නිවසටයි...

සෙමින් වත්තට පැනගත් මන් උඩුමහලට සවි කර තුබූ යකඩ පඩිපෙල දිගේ නැග ඉහල මාලයේ බැල්කනිය වෙත ආවා.. එහි දිගු ජනෙල් පියන් සවි කර තිබිම මගේ කාර්යයට පහසු විය..මම සෙමින් පිටතින් තිබු දොරගුලු විවෘත කරනවත් එක්කම එම ජනෙල් පියන් ඇරුනි...එය ඇතුලතින් අගුල් දමා නොතිබීම මගේ වාසනාවක්...මම ඇතුලට පැමින වටපිට බැලුවත් අදුර නිසා කිසිවක් පැහැදිලි නොවීය...මා මේ සිටින්නේ කාගේ කාමරේද යන්න දැනගැනීමට මට අවශ්‍ය විය...මා එහි තිබු යහන මතට දෑස් යැව්වත් එහි කවුරුන්වත් සිටියේ නැත....

ඕහ් ශිට්...දැන් මොකද කරන්නේ...දැන් කෝමද ඒ කොල්ලගේ කාමරේ හොයාගන්නේ...ඒත් එක්කම එක්වරම මගේ ඉනවටා අතක ස්පර්ශයක් සමග කවුරුන් හෝ මගේ මුව අතින් වසාගත්තේය...ගතින් හීන් දාඩිය දාන්න වැඩිවෙලාවක් ගියෙ නැ...අනේ දෙවියනේ දැන් මොකද කරන්නේ...මට ඕන උනේ මනමාලයාට තරජනය කොට විවහයට අකමැති වෙන ලෙස දැන්වීමටයි...නමුත් දැන් මා අතටම අසු වි තිබුනි...

තමුසේ කවුද...?මගේ ගෙල මත උනුසුම් සුසුම් තවරමින් මා අල්ලාගත් පුද්ගලයා ඇසුවේය...එම හඩ මට පුරුදු සෙයක් දැනුනි...

කියනවා තමුසේ කවුද...මම කිසිවක් කීමට උත්සහ කලත් කිමට නොහැකි වූයේ ඔහු අතින් කට වසා තිබු නිසාවෙනි...මම ඔහුගෙන් මිදිමට දගලන අතරවාරයේ වැලමිටෙන් ඔහුගේ බඩ පෙදෙසට පහරක් එල්ල කර ඔහුගෙන් මිදුනි...

මුවින් කෙදිරියක් පිට කරමින් ඔහු බඩත් අල්ලගෙනම වේදනාවෙන් මන් දෙස බැලුවෙය...මන් ගෙදර එලවලු කැපීමට ගත් පිහියක් රැගෙනා ආවේ අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීමටයි....මම පිහිය අතට ගෙන ඔහු දෙසට දික් කලේ වෙවුලන දෑතින්..මා කිසිදිනෙකවත් මෙසේ හැසිරී නැත..නමුත් මගේ මිතුරියට මේ අවස්ථාවේ කිරීමට කිසිවක් ඇත්නම් එය කිරීමට මා පසුබට නොවෙමි...

නිමන්තරාගෙන් ඈත් වෙලා ඉන්නවා...තමුසේ මේ කසාදෙට අකමැති වෙන්න ඕන.. තේරුනා නේද..නැත්තන් මන් ත..ත..මුසෙට...මගේ වදන් ගොත ගැසුනි...මගේ මේ හැසීරීම හමුවේ ඔහු එක්වරම මා ඉස්සරහට ආවේය.. ඔහුගේ මූනට වැටුනු සද එලියෙන් දුටු ඔහුගේ රුව නිසා මා අත වූ පිහිය බිම වැටුනි...

දෙවියනේ මේ ඔහුයි...මා දහවල් ගෙදර ගෙනැත් ඇරලවූ තරුනයායි මේ...එතකොට නිමා බදින්නේ මෙයාවද...සිතේ සියුම් වේදනාවක් නැගුනද මේ වෙලාවේ එය ගැන සිතිමට කාලයක් නොමැත...මා කල්පනා කරන අවසරයෙන් ඔහු එකවරම මගේ අතකින් අල්ලා පිටුපසට කලේ මාහට සෙලවීමටවත් නොහැකි ලෙසයි...

තමුසෙ කවුද...කොහොමද නිමන්තරා ගැන දන්නේ...තමුසේ හොරෙක්ද...ඉන්නවා තමුසෙට හොද වැඩක් කරන්න ඔහු මාවත් රැගෙනම ගියේ ඇද අසල වූ දුරකතනය වෙතයි...සිදුවීමට යන දේ ඉවෙන් වගේ වැටහුන මට ඔහුගේ පය වෙත තදින් පහරක් එල්ල කලේය...

ආව්..ඔහු මා අත්හැර කකුල අල්ලාගන්නා වෙලාවෙදී පැනයන්න උත්සහ කලත් ඔහු එක්වරම අතකින් මා අල්ලාගත් නිසා අප දෙදෙනාගෙම සමබරතාව ගිලිගී යහන මත වැටුනි...මා වැටෙද්දි මා ඉහලට වෙන්න බැද තිබු කෙස්වැටිය ලිහී යන්නට විය..මගේ ශරීරය මත සිටි ඔහු පුදුමයෙන් මා දෙස බැලුවේය...

මොනවා..තමුසේ කෙල්ලෙක්ද...ඔහු එක්වරම මා මුහුනේ රැදි ආවරනය ගැලවීමට උත්සහ කල නිසා මම දගලන්නට විය...ඒත් එක්කම එක්වරම ඔහු මගේ අත් දෙක ඇද මතට තද කරේ මට හෙලවීමටවත් නොහැකි ලෙසයි...ඒත් එක්කම නැවතත් ඔහුගේ දෑස් මා දෑස් මත රැදුනි...මොහොතක් මා දෙස බලා සිටි ඔහුගේ දෙනෙත් මගේ තොල් අතර රැදුනි.. ඔහුගේ මුව සෙමින් මගේ දෙතොල් වෙත ලං වෙද්දි මම ගැලවෙන්නට උත්සහ කලත් එයින් පලක් නොවීය...ඒ දෑත් වලින් මගේ දෑත් ඇද මතට තව තවත් තද කරමින් මගේ දෙතොල් සිපගන්නට උනේ ඉවසීමක් නොමැතිවයි...මගේ තොල් ඔහුටම අයිතිකරගත්තාක් මෙන් ඔහුගේ සිප ගැනීමේ කෙලවරක් මා නොදිටිමි..මගේ මුලු ඇගම හිරි වැටි සෙයකි...මගේ කුලුදුල් හාදුව මේ ව්දියට ලැබේවියැයි මන් හීනෙකින්වත් නොසිතුවෙමි....

මගේ දෙතොල් අතරින් මෑත් වු ඔහු නැවතත් උත්සහ කලේ මගේ මුව රැදී ආවරනය ගැලවීමටයි..මේ අවසරෙන් මා සාක්කුවේ තිබූ ලේන්සුව රැගෙන ඔහුගේ මුව වෙත ලං කලා..ඔහුගේ සිහිසුන් ශරීරය මගේ සිරුර වෙත බරවිය...

මා ඔහුව යහන මත තබා නැගිට්ටේය...ඔහුගේ සිපගැනීම් හමුවේ රිදුම් දෙන තොල් මත අත තැබු මන් ඔහු දෙස බලා කල්පනා කරන්නට විය...

දෙවියනේ...මේ තරම් ප්‍රශ්නයක් ඇයි අපිට දුන්නේ..නිමාට ඔහුව බදින්න නොහැකියි..කිමද ඇය පිරිසිදු යුවතියක් නොවීම හේතුවෙන්...එසේම මගේ හදවතේ ඔහු ගැන උපන් ආදරේ...මම ඔහුගේ නලල මත හාදුවක් තවරා නිවසින් පිටත් වුයේ අයේ කවදාවත් ඔහුගේ අසලට නොයැමට මටම අදිටන් කරගනිමින්....

--------------------------------------------------------------------

දින සති ගෙවි ගියේ නිමාගේ විවහ දිනය හෙට ලෙස සටහන් කරමින්...ගෙවුනු දවස් ටිකේම නිමා ගැන අවධානෙන් සිටිමට මා වගබලාගත්තේ ඇය ජිවිතේට අනතුරක් කරගනිවී යැයි බියෙන්...මා සිටියේද කනස්සල්ලෙන්...ඒ විටින් විට මතකෙට එන ඔහු නිසාත්...මගේ මිතුරිය වෙනුවෙන් යමක් කිරීමට නොහැකි වීම නිසාත්ය...

නිමාගේ නිවසේම විවහය ගැනීමට තීරනය කල නිසා අපි සිටියේ වැඩවලට උදව් වෙමින්...එක්වරම නිමාගේ මනමාලයා පැමිනෙන බව සැලවු නිසා මා ඉක්මනින්ම ලග තිබු කනුවකට මුව විය...

මෙයා මොකද මෙහෙ කරන්නේ...දෙවියනෙ මාව දැක්කොත්...අනිවාරෙන්ම මාව අදුරගනිවී...මම කනුවට මුවා වෙමින්ම ඔහු දෙස බැලුවේය...නිල් පැහැති ෆුල් සූට් එකකින් සැරසී සිටි ඔහු ඇත්තෙන්ම කඩවසම් තරුනයෙකි...ඔහු පැමින අනිත් අය සමග කතා කලත් ඒ ඇස් කාව හෝ හොයන බව මා දුටුවේය..ඒ කියන්නේ ඔහුත් මට ආදරේ කරනවද..දෙවියනේ මොනාද මේ වෙන්නේ...? ඉකිගැසුමක් සමග හැඩුම් ආ නිසා මා මුව වසාගෙනම කාමරේට ගොස් දුක තුනී වෙනතුරු හැඩුවේය...

අනේ මන් මොකද කරන්නේ...නිමා මගේ ආදරේ ගාව...ඒත් ඔහුගේ ආදරේ නිමාට නොවේනම් ඇයගේ ජිවිතය කෙසේ නම් ගේවෙද...එතකොට නිමාගේ පිරිසිදු බව..?මට තිබූ පීඩනයත් එක්ක මා සිටියේ පිස්සුවෙන් වගේයි...

හරි පරිස්සමින් වටපිට බලා මම පහලට ආවේය...එක්වරම මගේ අතින් අල්ලපු අම්මා නිසා මන් ගැස්සි ගියේය...

මොකද දරුවෝ මේ ? හොල්මනක් දැක්කා වගේ ?

අහ් නැ..අම්මා මේ...මම අම්මාගේ ප්‍රශ්නය මගඇරීමට තවත් ප්‍රශනයක් ඉදිරිපත් කලේය...අම්මනේ මාව බය කලේ මෙතන?

අම්මෝ හරි කපටියි මගේ කෙලි පොඩ්ඩ...ඒක නේමේ චුටි...අපේ නිමාට කෝමද දුව...එයාට උදව් කරන්න එයා ලගින්ම ඉන්න මැනික...එයාගේ පන ටික ඔයා..අම්මා එකවරම දිගු සූසුමක් හෙලුවේය...ඇත්තම කිව්වොත් ඔයා අද මෙතන ඉන්නත් එකම හේතුව නිමා...

මො..මො..කද්ද...අම්මා මොනාද් මේ කියවන්නේ..ඒ කතාවේ තේරුම මොකක්ද...අනේ අම්මා කියන්නකෝ...

දුම මෙච්චර කාලෙකට ඔයාට නොකියඖ දෙයක් තිබ්බා අපි...ඇත්තටම ඩොක්ටර්ස්ලා තමා කිව්වේ ඔයාට ඒ දේ මතක් කරන්න එපා කියලා...ඒ දවස්වල දුවට අවුරුදු 12ක් ඇති...තාත්තත් එක්ක ඔයා ගමනක් යන අතරේ ඔයාලගේ වාහනේ හැප්පුනා...තාත්තට ලොකු අනතුරක් නොවුනත් ඔයාට ගොඩක් ඩැමේජ් උනා දුව...හැමෝම කිව්වේ ඔයාව බේරගන්න බෑ කියලා...ඒත් නිමා ඒක විනාස කලේ නෑ මැනික...එයා ඔයා හොස්පිටල් එකට දාපු දවසේ ඉදන් ඔයාගාව හිටියේ...කෑවෙවත් බිව්වෙවත් නෑ...හැමෝම බලාපොරොත්තු අතඇරගෙන හිටියත් නිමා හැමතිස්සෙම ඔයා එක්ක හිටියා...ඔයා එක්ක කතා කලා...ඇඩුවා...ඔයා ආයේ එයා එක්ක සෙල්ලම් කරන්න ඒන්නේ නැත්තන් කෑම නොකා එයත් මැරෙනවා කියලා කිව්වා...අපි හැමෝම හිත හදාගද්දි නිමා කවදාවත් ඒක කලේ නෑ...අන්තිම දවසේ ඔයාගේ මැශින් එක අයින් කරද්දි නිමා කෑගහලා අඩන්න ගත්තා..අපිට බැරිඋනා එයාව කොන්ට්‍රෝල් කරන්න...එයා ඔයාගේ තුරුලට වෙලා අඩන්න ගත්තා ආයේ එන්න කියලා...නැත්තන් එයත් ඔයත් එක්කම එනවා කියලා...ඒහෙම කියලා ඉවර වෙනකොටම ඔයාගේ හුස්ම වැටෙන්න ගත්තා මැනික...එදා ඔයාගේ ජිවිතේ ඒ විදියට බේරුවේ නිමා මැනික...ඔයාට ආපහු සනීප වෙද්දි ඒ සිදුවීම අමතක වෙලා තිබ්බා...

හදවතට පිහියකින් අනිනවා වගේ හැගීමක් දැනෙද්දි මන් අඩමින්ම දුවන් ගියේ නිමා සිටි කාමරේට...දොර ඇරගෙන ඇතුලට ගිය මන් දුටුවේ යහන මත තිබු මංගල ඇදුම දෙස බලා කල්පනා කරමින් සිටි ඇයයි...අනේ නිමා...මන් අඩමින් ගිහින් තුරුල් කරගත්තේ මගේ නිමාව...අනේ මැනික...ඇයි මට ඒ තරම් ආදරේ කලේ...අනේ ඇයි මැනික මට ඒ දේවල් නොකිව්වේ...අද මන් මෙතන ඉන්න එකම හේතුව ඔයා නිමා..අනේ නිමා මන් ආදරෙයි මහ ගොඩක්...මම ඇයව බදාගෙන මහාහයියෙන් අඩන්න උනා...

අනේ සයු අඩන්න එපා මැනික...උබ මගේනේ...මගේ පන ටික ඔයා...එදා උබ ඉස්පිරිතාලෙ හිටිය දවස්වල මන් හිටියේ මලමිනියක් වගේ...උබ එදා මාව දාලා ගියානම් මේ නිමත් අද නෑ සයු...මන් ආදරෙයි සයු උබට..ඊලග ආත්මේ උබ මගේ සහෝදරී වෙනවා...ඒක මට ශුවර් මැනික...ඇයත් මාව තදින් වැලදගෙන අඩන්න වුනා...අපි දෙදෙනා ගොඩක් වෙලා යනකන් ඇඩුවේය...

කෝ සයූ මැනික..දැන් ඇති..සයු අහන්න මොන දේ උනත් උබ මන් ලග ඉන්නවා නේද...මම මගේ ඇත්ත හැමෝටම කියනවා සයු..නැත්තන් වෙන්නේ ඊටත් වඩා නරක දෙයක්...මට මගේ සහෝදරි ඉන්නවනේ ඒ ඇති...අනිත් අය මොනා කිව්වත් මන් දරාගෙන ඉන්නම්...එහෙනම් යන්ද මැනික...?මගේ අතින් අල්ලගෙන යන්න හැදුවත් මම ඇගේ අත තදින් අල්ල ගත්තාය...

දෙනෙතේ රැදි කදුලු පිසදාගත් මන් නිමා ඉදිරියට ගියා...එපා නිමා..ඒ දේ කරලා ඔයාගේ ජිවිතේ විනාස වෙනවට මන් කැමති නෑ...මන් අද ජීවත් වෙන්නේ ඔයා නිසා...මන් කියන විදියට ඔයා කරන්න නිමා..මේ ප්‍රශ්නෙට තියෙන එකම විසදුම ඒක...මම මගේ අදහස ගැන ඇයට කියද්දි ඇගේ දෙනෙත් විසල් විය...ඒත් එක්කම ඇය මගේ කම්මුලට ගැසුවේ කදුලු ඇගේ දෑස් වලින් බේරෙද්දි...

උබට පිස්සුද සයූ..මන් ජිවිතේ විනාස කරගත්ත එකට උබ පලිද..උබට බෑ එහෙම කරන්න...ඊට වඩා හොදයි මන් මෙතනම වහ කුප්පියක් බීලා මැරෙන එක..ප්ලීස් සයු එපා මැනික...මන් මේක ගැන බලාගන්නම්...උබ පාඩුවේ ඉදපන්...මගේ පිස්සු කෙල්ල..ඇය කෙතරම් සැහැල්ලුවෙන් පැවසුවද ඇගේ සිතේ ඇවිලෙන ගින්දර කෙතෙක්ද් යන්න මා හොදින්ම දනී...

පසුදින ඇගේ විවහය සිදුවුනේ සැවෝමගේ ආශිර්වාදය මැද...හැමෝටම පේන්න සතුටින් සිටි මා මෙන්ම නිමාද සිටියේ ගිනිගොඩක දැවි දැවීය...විවහ මොහෙතේදී මාව දුටු ඔහුගේ දෑස් කදුලින් තෙත්ව ආකාරය මා හොදින්ම දිටිමි...ඒත් කිසිවක් කිරීමට මා මෙන්ම ඔහුද පරක්කු බව හොදින් අපි දෙදෙනා පසක් කරගෙන තිබුනි...නමුත් ප්‍රශ්න එය නොවීය...එය තිබුනේ මංගල රාත්‍රියේය...ඇගේ පිරිසිදුකම? මා තීරනයක් ගතිමි...ඇගේ ජිවිතේ විනාස වීමට දිය නොහැකියි...ඒ වෙනුවෙන් මට කිරීමට ඇති එකම දේ මන් කිරීමට තීරනය කලෙමි...ඔවුන් මංගල රාත්‍රිය ගත කිරීමට ගිය හෝටලේම කාමරයක් ගත් මන් රාත්‍රියේ ඔවුන්ගේ කාමරයට ගොස් දොරය තට්ටු කලේය...වාසනාවට මෙන් දොර ඇරියේ නිමාය...ඇගේ මුහුනු සුදුමැලි වී ඇති ආකාරය මා හොදින්ම දුටුවෙමි...මා අත රැදි ලේන්සුව මා ඇගේ මුව වෙත ලංකරතම සිහිසුන් වූ ඇයව මා සිටි කාමරේට ගොස් දැමුවේය...ඉන්පසු ඔවුන්ගේ කාමරේට ගොස් සියලු ලයිට් නිමා දමා මා යහන මතට ගියේ මගේ ජිවිතේ මා ගත් දරුනුම තීරනය ගනිමින්...නානකාමරේ සිට පැමිනි ඔහු මා සමග කතා කලේය...

හ්ම්...මට දෙයක් කියන්න තියෙනවා නිමන්තරා...ඇත්තටම මට මේක කියන්න උවමනාව තිබ්බත් කියන්න බැරි උනා...මන් කෙනෙක්ට ආදරේ කරනවා නිමා...මට ඒ කවුද කියලා ඔයාට කියන්න බෑ...ඒත් මන් ජිවිත කාලේමට එයාට විතරක් ආදරේ කරයි..ඒත් දැන් ඔයයි මගේ වයිෆ්..මන් ඔයාට අඩුවක් කරන්නේ නෑ නිමන්තරා...

මගේ දැස්වලින් කදුලු ගලන්න උනේ මාත් නොදැනීමයි...මට මහ හයියෙන් අඩන්න ඕන උනත් එය කිරිමට නොහැකියි...මගේ වත වෙත බර වු ඔහුගේ දෙතොල් මා සිරුර පුරා දිවයද්දි හොරා කීහිපයකට පසු මා ඔහුගේ වූයේ මගේ පතිවත මගේ යාලුවා වෙනුවෙන් පරිත්‍යාග කරමින්...

මා උදෑසනම අවදි වී බිම වැටි තිබු ඇදුම් ටික ඇගලා ගෙන නිමාව නැවතත් යහන මත තබා එම කාමරෙන් පිටව ගියේ ගෑනියෙක් ලෙස..නමුත් මාහට පසුතැවීමක් නොවුනි...ඒ මගේ යෙහෙලිය නිසාවෙන්...මට ජීවය දුන්නේ ඇයයි..ඒ බැදීමට එක පුංචි ලේ බිදුවක් පැමින විනාස කිරීමට ඉඩනොදිය යුතුයි...

දින සති ගෙවිලා ගියේ නිමාගේ ජිවිතය යහපත් අතට හැරෙමින්.ඈ සිතාසිටියේ ඔහු ඇයව තේරුම් ගෙන ඇයගෙන් මුකුත් නොඅසා සිටින බවයි..නමුත් ඇය නොදැනීම ඇය ලෝකය ඉදිරියේ පිරිසිදු ගෑනියෙක් වී හමාරයි...මම ඇගේ සිනාව දැක සතුටු උනෙමි.. ඈ සිනාසෙන හැමමොහෙතෙම මගේ සිතේ වු කනස්සල්ල පහව ගියේය...මෙය වෙන්න ඇති සහෝදර පෙම...එදින මංගල රාත්‍රියෙන් පසු ඔහුට පිටරට යෑමට සිදුවූයේ නිමාව මෙහේ තබාය..

දිනකීපයක සිට මගේ බඩකැලති මට ඔක්කාරය සෑදුනි...දවස් කීපයක්ම මෙය තිබීම නිසා මගේ සැකය අනුව මා ටෙස්ට් එක කලේය...දෙවියනේ...මගේ දෑත් ගියේ මගේ කුසමතට..මගේ දරුවා...මගේ දෑස්වලින් කදුලු ගලන්නට වූයේ දියඇල්ලක් මෙනි...මම සැවොගෙන්ම මේ කාරනාව සගවා රට යෑමට සියලු කටයුතු සුදානම් කරගෙනය...

අනේ කෙල්ල උබට මේ ගමන යන්නම ඔනෙද..නිමා මගේ උරහිසෙන් අල්ලා ඇසුවේ මා රට යෑමට සියලු කටයුතු සූදානම් වූ පසුබිමකයි...

ඔව් නිමා මන් යන්න ඕන...මට මගේ ස්ටඩීස් දිගටම කරගන්න ඕනේ ...ඒ වගේම පරස්ථාවකුත්..මම සිනාසෙමින් පැවසුවේය...නමුත් මා හද පිරි වේදනාවන් ඇය දනීනම්.. මා රට යෑමට නියමිත දින නිමා සිටි කාමරේට පැමින ඇයගේ නලල සිපගත්තේය...අද ඔහු මා සමග ගතකල රාත්‍රියෙන් පසු රට ඉදන් එන දවසයි.අදින් පසු නිමාත් ඔහුත් හොදින් ජිවිතය ගෙවාවි...මට ඕන වුනෙත් එයමයි...

-------------------------------------------------------------------

මගේ කුස පරිස්සම් කරගනිමින් මම මිනිසුන් අතරින් පෝලිමේ සිටන් සිටියේ ගුවන් යානයට යෑමටයි....එක්වරම මගේ කුසෙන් වේදනාවක් සමගම මගේ දෑස් නිලංකාර වුයේය..දැස් අරිනවිට මා සිටියේ කාමරේක ඇදක් මතයි...මගේ අත අල්ලගෙන කදුලු පිරි දෑසින් බලා සිටියේ නිමායි...ඒ අසලම ඔහුත් සිටියේය...මාව පරීක්ෂා කරමින් සිටි ඩොක්ටර් දෙස බලා සිටි ඔහු ඩොක්ටර්ව ඇමතුවේය...

ඩොක්ටර් මගේ දරුවට කෝමද...ඔහුගේ වදන් මා හට විස්වාස කල නොහැකියි...ඔහුගේ දරුවා?කොහොමද එය දැනගත්තේ..?

ශී ඉස් නෝර්මල්..බට් එයා ගොඩක් වීක් මිස්ටර්...ඒ නිසා හොදින් බලාගන්න වෙයි...ඒත් එක්කම නිමා මගේ දෑතින් අලාගෙන අඩන්න විය...

අනේ මැනික මන් වෙනුවෙන් එච්චර දෙයක් කලේ කෝමද...අනේ උබ මේ දේ නොකියා රට ගියානම් මගේ පපුව පැලිලා මැරේවි මැනික...ඇගේ හඩුම් හමුවේ මටද හැඩුම් ආවේය..මගේ ප්‍රෙග්නන්ට් රිපෝර්ට් එක මට අමතක වී දමා ගොස් තිබී නිමාට එහ හමුවී තිබුනි..

අඩන්න එපා නිමා...එක්වරම ආගන්තුක හඩ නිසා මා එදෙස බැලුවේය..කාමරෙට ආවේ තරුනයෙකි..ඔව් සයූ උබ අද මෙහෙන් ගියාම එයා මාව හොයාගෙන ආවා...ඒයාට හදිසියේ රට යන්න වෙලා තියෙනවා...ඒකයි ඒයාව අපිට හොයාගන්න බැරි උනේ...බලන්නකෝ සයු හැමදේම හොදින් විසදුනා...ඇය එකවරම මගේ කුසමත අත තැබුවේය...උබ එහෙනම් මාව නැන්දෙක් කලා නේ..? ඇයගේ සිනාහමුවේ මටද සිනාපහල විය...හරි පුදුමයි මේ බැදීම....ඒත් එක්කම කාමරේට ආවේ ඔහුයි..මා වෙත ආව ඔහු එක්වරම මාව බදාගත්තේය...

අනේ දෙවියනේ මන් එදා උබ මගේ ලගම තියාගෙනත් උබව අදුරගත්තේ නෑ නේද මැනික..මට සමාවෙන්න...මන් කවදාවත් ආයේ වේදනාවක් දෙන්නේ නෑ මැනික..ඔයාවයි අපේ පැටියවයි මන් ආදරෙන් බලාගන්නවා... ඔහුගේ උනුසුම් හාදු මගේ නලල මත තැවරෙද්දි මන් ඒ උනුහුමට ගුලි වී දෑස් වසාගත්තේ නිමාත් තම ආදරේ උනුහුමට තුරුල් වි සිටින චායාව දෑසේ රදවමින්....

---------------------------------------------------------------------නිමි----------------------------

ඒ නිසා ගැහැනු ලමයෙකු වශයෙන් සෑම කෙනාම තමන්ගේ ගෘරවය අනිවාරෙන්ම රැකගත යුතුයි...❤️❤️

එහෙනම් තවත් කතාවකින් හම්බෙමු ලමයිනේ...එතකන් පරිස්සමින් ඉන්න...😍😍


Comments System WIDGET PACK