"අනියම් පෙම" | Aniyam Pema


"අනියම් පෙම"

"අනේ විනෝත්..ඔයා ගියාම මට පාලුයි රත්තරනේ...."

"මං ආයෙත් ඉක්මනටම එනවනෙ ඉතිං...."

"ඒත් ඔයා එන්නෙ ආයෙත් මාසයකින්නෙ..මං මාසයක් බලන් ඉන්න ඕනිනේ....."

"එහෙම තමයි රැකියාව කියන්නේ...."

"අනෙ මං දන්නෑ අප්පා...මං ඔයා නැතිව ඉන්නෙ කොහොමද....ම්හ් ම්හ්..."

තම මුහුණ පරිස්සමට තදින් අල්ලාගනිමින් ඒ ඇස් අස්සෙට එබී සුභා සෙමින් මුමුණන්නේ ඇස් දිගේ ගලා එන කදුළු බිදු ඔහේ ගලායන්නට ඉඩ තබමින්...විනෝත් ඒ මුහුණවත් බලන්නේ නැත....ඒ ඔහුද මේ දුක තනිවම විදින නිසයි....

මුර කුටියකට වී හෝ මහා ගිණි කාස්ඨකයේ ගිණි අවිය අත දරා පැය දහයක් දොලහක් පමන පිලිමයක් සේ සිටගෙන සිටින විටදී කවුරුන් හෝ හැඩට ඇද පැලද යන තරුණ කාන්තාවක් දකින්නේනම් ඔහුට ඒ මුහුණෙන් පෙනෙන්නේ සුභාගෙ මුහුණමයි...ඒ තරම් ඔහුගේ සිතද ඇයට බැදී ඇත.....

ලොකූ බෑගයකට බහාගෙන යුනිෆෝම් සියල්ල නිවසට රැගෙන එන්නේ තම බිරිදගේ අතින් සෝදාගැනීමටම නම් නෙවෙයි...එකින් එක මාරුවෙන් මාරුව ඇද හැඩ වී ඇය ලග සිටගෙන හැඩ පෙන්නන්නටයි...ඒ සුභාගේ ආශාව නිසාමයි.....

විටෙක ඇය දිව විත් තම ස්වාමියා නොව යුධ සෙබලා වැලද ගන්නේ බොහෝ ආදරයක් අස්සෙන්මයි.......

"තව එක දවසක් ඉදලා යමුකො...."

"අනේ බෑනෙ රත්තරං.. මං දහවෙනි පැයට ඉන්න ඕනි කෑම්ප් එකේ..ඔහෙම කරේ නැත්තං මගෙ ෆයිල් එකට ලිවුවක් වැටෙනවා..අවසානෙදි මගෙ සේවා කාලය ඉවරවෙද්දින් ඒ ඔක්කම බලලා තමයි පඩිය හැදෙන්නේ......"

"සල්ලි මට වැඩක් නෑ... ඔයාගෙ උණුහුම තමයි වටින්නේ ..."

"ඒක මං දන්නවා..ආයෙ මට සෙල් එකේ අදින්ට උනොත් මාර කට්ටක් කන්ට ඕනි..."

ඔහු තම රැකියාවේ කටුක බව කොතරම් තිබුනද ඒ වගකීමට ගොඩාක් ආදරෙයි...දින දහයේ නිවාඩුව අවසන් කර ඔහු යන්නට සැරසෙන්නේ බිරිදගේ ඇස් මත කදුළු බිංදු රදවමින්....

"එහෙනම් පරිස්සමින් ගිහිං එන්න රත්තරං....මං ආයෙත් එන දවස එනකල් මග බලාන ඉන්නවා..."

"හ්ම්...යන්න ලෑස්ති වෙන්නකො ඉක්මනට..මට මන්නාරම් බස් එක අල්ලගත්තනම් යන්න ලේසියි....."

"හරි එහෙනම් යමු..."

තම නිවසට ඔවුන් එන්නේ විනෝත්ගේ නිවාඩු දින දහය ගතකරන්න පමනයි....ඔහු රාජකාරියට යන දිනකට සුභා ඇයගේ නිවසට ගෙනගොස් අරින අතර ආයෙත් නිවාඩු එන දිනයට තම බයිසිකලයේ දමා ගෙන එදිනම නිවසට පැමිණ තම ජීවිතයේ සුන්දරම දින දහය ගෙවා දමයි.....

..........................................................................................................................................................

විනෝත් තම බයිසිකලයෙන් සුභා මවගේ නිවසට ගෙනවිත් ඇයට බාරදී එහිම බයිසිකලයද දමා රාජකාරියට යන්නේ බොහෝ දුකක් සිතේ තබාගෙනයි....යන්නට හිතක්නම් නැත..ඒත් තමාට වගකීමක් ඇත.ගිණි අවියක් ඇත.යුනිෆෝම් එකක් ඇත.ඒ සියල්ල ඔහු රකින්නේ තම පන කෙන්ද දෙවැනි තැන තියයි.......

විනෝත් ගිය පසුව සුභා කාමරයට ගොස් තම අල්මාරියේ යගුලු ලා තිබූ දොර විවර කරමින් රුපියක් දෙදහසේ දුරකතනය අතට ගත්තා...එහි බැට්‍රිය නැත.සිම් පත නැත.....

තවත් තැනක තිබූ බැට්‍රිය ගෙන තම මවගේ කාමරයට ගොස් ඇයගේ කාමරයේ ඇති බිත්ති කබඩ් එක ඇර එහි පෝසිලන් පිගන් ගොඩ යට තිබූ සිම් පතද අතට ගෙන තම කාමරයට වැදී ඇදට පැන දුරකතය සකසන්නට වුණා......
.
සුභාගේ පාලුව කාන්සිය නිවාගන්නට විනෝත් රුපියල් තිස් පන්දහසක දුරකතයක් අරං දී ඇත්තේ ඔහුට කතාකිරීමට හා අන්තර්ජාලයේ පහසුකම් ඇති නිසා එයින් යම් විනෝදයක් ලබාගැනීම සදහායි......

ඇය ඊට අමතරව තවත් දුරකතයක් බාවිතා කරන බව දැන උන්නේ ඇයම පමනයි....එය කොටස් තුනකට වෙන් වෙන්නේ විනෝත්ගේ නිවාඩුව පැමිණි දවසෙ සිටයි.....

නැවත එය නිසි ලෙසින් සැකසෙන්නේ ඔහු නිවාඩුව අවසන් කරමින් නිවසින් පිටවෙන දිනටයි....සියල්ල නිසි ලෙසින් සැකසූ ඇයට ඉස්පාසුවක් නැත....තම දුරකතය හදිසියේ ලොකූ ගමනකට සැරසුනා...

"හෙල්ලෝ...."

"හෙල්ලෝ...කෝ විනෝත් ගියාද....?"

"හ්ම්...දැනුයි ගියෙ...."

"ඉතිං මෝඩියේ ආයෙත් හසියෙ මොකක් හරි බැරිවෙලා ගිහිල්ලා ආවොත් එහෙම...?"

"නැ නෑ...මං බඩු ටික ඔක්කම හදලා දුන්නා..ආවත් මං දොර වහන් ඉන්නෙ.."

"හාකො හාකෝ....එයා ආවම ඉතිං අපිව කුණු කූඩෙට තමයි නේද....?"

"ඔය කිවුවෙ ලස්සනටම....එහෙම නෙවෙයි මැට්ටෝ.....මට ඔයාව හැමවෙලාවෙම මතක් වෙනවා...."

"ඔයනම් බොරු කියන්නෙ..."

"සත්තයි..."

"ඇත්තම....?"

"හ්ම්ම්ම්ම්..."

ඒ හඩ පිටවුනේ දිග...සුසුම් පොදක් අතරින්මයි.....

"දැන් කොහෙද ඔයාලගෙ ගෙදරද ඉන්නේ....?"

"ඔවු එයා මාව දාලා දැනුයි ගියෙ.."

"බයික්කෙ...?"

"ඒක මෙහෙ දාලා ගියෙ...."

"මං ගොඩාක් පාලුවෙන් හිටියෙ..."

"ඒ ඇයි....?"

"ඒ ඇයි අහන්නෙ...ඔයා නැතිව..."

"කියන බොරූ...."

"බොරු නෙවෙයි හලෝ...ඇත්තමයි...."

"හරි හරි එහෙම හිතමුකො....."

මේ කතාව අස්සෙන් සුභාගේ දුරකතය නාද වුණා...

"අකිල ඔහොම ඉන්න විනෝත් ගන්නෙ..."

ඇය එලෙසින් කියමින් හදිසියෙන් දුරකතය විසන්දි කර විනෝත්ගේ ඇමතුමට අවනත වුණා...

"රත්තරං....."

"මං දැන් බස් එකට නැග්ගා සුභා...වෙලාවට බස් එක අල්ල ගන්න පුළුවන් වුණා...මං මෙහෙම්ම නිදා ගන්නවා....කොහෙද ඊයෙ නිදාගන්න දුන්නෙම නෑනෙ මෝඩි..."

"හ්ම්ම්ම් ඒකනම් ඇත්ත නේද...නිදාගනිද්දි ගොඩාක් රෑ වුණානෙ ..එහෙනම් පරිස්සමට යන්න...කෑමප් එකට ගියපු ගමන් මට කතා කරන්න.."

"හරි මැණික බුදු සරණයි ඔයත් පරිස්සමින් ඉන්න..."

"හ්ම්ම්ම් ඔයාටත් බුදු සරණයි..."

ආදර බර දුකක් අස්සෙන් ඒ ඇමතුම විසන්දි වුණා..

..........................................................................................................................................................

ඇය නැවතත් අකිලව ඇමතුවා...

"කෝ ඔයා..."

"ඉන්නව ඉන්නවා...ආදර බර පන කෙන්ද මොකද කිවුවෙ....?"

"එයා මන්නාරම් බස් එකට නැග්ගලු..."

"අම්මෝ....එහෙනම් මරු..."

"ඇයි....?"

"දැන් ඉතිං සුභා මගෙනෙ..මට බලාගන්න වෙනවනෙ පරිස්සමට එයා ආයෙත් එනකල්..."

"ඔවු ඔවු ඒක ඇත්ත...අයෙ මොකද ඉතිං....මං ඉවරයි..."

" ඉවර නෙවෙයි මට හපල කන්න ඇත්නම්..."

"අප්පේ ඔවු...තමන්ගෙ කරගන්න තිබුන කාලෙ මාව මගෑරල දැන් එනව බොරු ආදරේ පෙන්නගෙන..බොරු කාරයො..."

"ආදරේ නැතුව නෙවෙයිනෙ අපි දෙන්නා වෙන්වුනේ....."

ඒ වචනයට වැඩි දුරක් යන්නට ඇය දුන්නේ නැත....

"ඒ අතීතයට මං ගොඩාක් බයයි..මතක් කරන්ට එපා..."

"හ්ම්...අතීතය සිහිනයක් විතරයි..."

"අනිවාර්‍යෙන්ම..."

සුභා හා අකිල පරන පෙම්වතුන් දෙදෙනෙක් ..ඔවුන් පාසල් ජීවිතයේ නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දුන්නේ පොඩි දරුවන් ලෙසටයි...අවුරුදු ගාණක් ආදරේ කලේ ලිපිවලින් පමනයි...වෙන කිසිම දැක්මක් ඒ ආදරේ ගැන ඔවුන්ට තිබුනේ නැත...ඒ පොඩි ළමුන් නිසයි.....

ඒත් පාසල් ගමන අවසන් කර කෙටි කාලයකින් සුභා විනෝත් හා විවාහ වෙන්නේ නෙවෙස්වල කතා බහකින්...ඒත් ඇයට ඔහුට කැමති වෙන්නේ යුධ සෙබලෙකු විවාහ කර ගැනීම තරම් මේ විශ්වයේ තවත් වාසනවක් නොමැති කාල වකවානුවකයි...එනම් යුධ සමයේදී දෙවියන් පවා හිස නමනා යුධ සෙබලාගේ භූමිකාව ඉදිරියේ ඇය දිරිය බිරිදක් වුණා.....

"සුභා අපි කවද්ද මුණ ගැහෙන්නෙ....?"

"ඒ මොකටද....?"

"ඔයාටනම් ඉතිං ආයෙ මොකටද...ඒත් මං එහෙමද....දැන් දවස් පහලොවක් විස්සක් නික නිකම්මයි..."

"ඉතිං ඔය කෙල්ලො ඉන්නෙ ඕනි තරම් හොයාගන්නෙපැයි..."

"එහෙම හරි යන්නෙ නෑනෙ....මට ඕනි ඔයානෙ..."

"අම්මෝ...කියන බොරු..හෙට අනිද්ද මැරිකරාම මාව අමතක වෙයි...."

"මට ඔයා එහෙම අමතක කරන්න පුලුවන්ද වස්තුව..."

ඒ වචනයට ඇගේ හිරිගඩු පිපුනා...

"එහෙම කියන්නෙපා..මං දැන් විවාහක ගෑණියක්.ඔයා කොල්ලෙක් ලගදිම කෙල්ලෙක් හොයන් මැරි කරන්න..."

"ඒවට තව කල් තියනවනෙ...එහෙම නෙවෙයි කියන්නකො..."

"මොනාද...?"

"අපි කවද්ද මුණගැහෙන්නෙ...?"

"ම්ම්ම්ම් බලන්න ඕනි ඉතිං....."

විනෝත් නිවසින් ගිය වෙලේ සිට ඇය දුරකතයෙ එල්ලීගෙන ඇත..ඒත් තම දෙමාපියන්ට ඒ ගැන කිසිම අවධානයක් නැත....

"බලන්න නෙවෙයි...හෙට...?"

ඔහුට ඉවසුම් නැත...

"එහෙම බෑනෙ ඉතිං...මං එලියට එන්න විදිහක් හදාගන්නෙපැයි...."

"ඉතිං මොකක් හරි බොරුවක් කියන්නකො...."

"මොනාද ඉතිං මං එක පාරටම කියන්නෙ එහෙම..."

"ම්ම්ම්ම්ම්ම්ම්"

අකිල මද කල්පනාවක උන්නා.....ඒ නිමේසයකට පමනයි....

"ඔයා මෙහෙම කරන්න.අද රෑට විනෝත්ට කතාකරලා කියන්න ඔයාට ටිකක් උණ වගෙයි කියලා..."

"ඒ මොකද හිටි හැටියෙම කියලා ඇහුවොත්.....?"

" කියන්න ඔයා ගියාට පස්සෙ මං කල්පනා කර කර හිටියා එහෙම්ම නින්ද ගිහිං...ආයෙ ඇහැරෙද්දින් ඇග රත්වෙලා කියලා..."

"අම්මෝ...මෙයා දන්න දේවල්....."

"ඒකනෙ ඒකනේ...ඉතිං ඔයා මගෙ ලගට එනකල් ඉස්පාසුවක් නෑ...."

"ඇත්තද...."

"හ්ම්ම්ම් ඇත්තනේ......."

"බලමු බලමු..මං හවසට කියන්නම්කො..."

"එහෙනම් මං බයික්කෙ හෝදලා කරලා ගන්නම්කෝ...මොකද සුදු මැණිකට දූවිලි ගෑවෙන්න හොද නෑනේ...."

"අම්මෝ...ආදරේ..."

"ආදරෙයි පැලෙන්න..."

"හා හා පැලෙන්න එපා මං තනිවෙයි...එහෙනම් මං තියනවා හවසට ගන්නම්..."

"හරි බුදු සරණයි "

දොඩමලු ආදරය මොහොතකට පසෙක තබා ඇය දුරකතය විසන්දි කරා.....

..........................................................................................................................................................

අකිල කිවූ ලෙසටම ඇය සවස විනෝත්ට ඇමතුවා.....

"ඔයා මොකද කරන්නෙ..."

"මුකුත් නෑ....අද හවස ඩියුටි යන්න ඕනි..."

"හ්ම්...කාලද ඔයා...අද හරිම පාලුයි අනේ...."

"ඔවු මං කාලා...ඔයාගෙ කටහඩ ටිකක් වෙනස්වෙලානෙ..."

සුභා බොරුවට උගුර පාදන්නට වුණා...සවස් යාමයේ ඇය වත්ත පහල කජු ගස ලගට ගොස් කජු පූලම් දෙක තුනක් කෑවේ ලාවට ඉදුන පූලන් බලමින්...ඒ උගුරේ කහට අල්ලන්නටයි....

"හ්ම්..ඔයා ගියාට පස්සෙ මං එහෙම්ම පොඩ්ඩක් ඇදේ හිටියා නින්ද ගියා ඇහැරෙද්දී ඇග රත්වෙලා..ඔලුවත් රිදෙනවා..."

"මං හිතුව එද්දින් මූණ එල්ලන් ඉද්දින් සාක්කාව හැදෙයි කියලා..හෙට උදේම ගිහින් බෙහෙත් ටිකක් ගන්න.."

"අනේ මට බෑ ටවුන් යන්ට ඕක ඇරිල යයි..."

"ලෙඩක් එහෙම ඇරෙන්නෙ නෑ ලමයෝ...ඇයි ටවුන් යන්ට බැරි මොකද උදේම ගිහිං බෙහෙත් ටිකක් ගන්න..."

"හ්ම්..බලමුකො අඩු උනොත් අයෙ යන්නෙ නෑ...."

"නැ නෑ...යන්න යන්න හෙට උදේම..හරි කෙල්ල මං දැන් යන්න ඕනි වෙලාව හරි..."

"හ්ම්ම්ම් පරිස්සමින්...බුදු සරණයි "

"ඔයාටත් බුදු සරණයි "

කාලය මැවු වෙනසක අරුමය පසක් කරද්දී ගැහැණියගේ මායම් හැට හතර ලස්සනට මැවෙද්දී දහසක් දුක්ක දෝමනස්සයන් අස්සෙන් විනෝත් ගිණි අවියද සමගින් රාජකාරි සදහා පිටත්ව ගියා.....

"අකිල....මොකද කරන්නේ .....?"

"මං මේ ඔයාගෙන ඇමතුම එනකල් බලාන හිටියෙ සුභා..."

"ඒ මොකෝ අනේ....?"

"මොකෝ ඔයා කතා කරාද...?"

"ඔවු කතා කරා..."

"ආ....මොකද කිවුවේ....?"

"එයා කියනව බෙහෙත් අරං එන්න කියලා හෙට උදේම ගිහිං...මං බෑ කිවුවා ටවුන් යන්ට..."

"ඈ....ඒ මොකෝ....?"

" මට බෑ අනේ ටවුන් යන්න..."

"හාකො හාකො..එහෙනම් මං තියන්නම්.."

"අකිල...ඇයි මේ තරහින්....?"

"ඔයා කියන ඒවට තරහ නොගෙන මට හිනාවෙන්නද කියන්නෙ....?"

"අනේ මං විහිලුවක් කරේ....විනෝත් මුකුත් හිතයි කියලනෙ එහෙම කිවුවේ...."

සුභා ඔහු ලග හුරතල් වුණා...

"එහෙනම් උදේම එනවද....?"

"හ්ම්..මං නවය වෙද්දින් එන්නම්..."

කිසිදු බාදාවක් නැති විවාහ ජීවිතේ අයාලේ සැරිසරන්නට කාලය එලබ ඇත...වීදි සරණා ලදුන් පමනක් ගණිකාවන් වන මේ සමාජයේ ලෝකයාට හොරෙන් අනියම් සැප සොයනා කාන්තාවන්ට මේ ලොවේ හිමිවන කිරුළ ගැන කිසිත් කතා නොකරන අවදියක...තරුණ වියේ ගැහැණු ළමයෙකු එක් පිරිමියෙක් හා ආදරයෙන් වෙලී තවකෙකු හා කතා බහ කරමින් ඇවිද යද්දී ඇය බඩුවක් කියනා සමාජයක ගැහැණුන් දෙදෙනෙක් තුන් දෙනෙකු හා බැදීමෙන් ඉන්නා පිරිමියා පොරක් වෙන සමාජයක සුභා තම හැගීම් ලග ආසරණව ඇත්තේ ආදරයද ඇයට ඕනි නිසානම් කියන්නට නොහැක..ඒ හද පුරවා සැබෑ ආදරය ඇය විදින්නේ විනෝත්ගෙන්ම නිසාමයි..... ඒත් ඇයද තම තරුණ වියේ හැගීම් ලග අසරණව ඇත...

පසුදා උදේම අකිල හා සුභා තම බයිසිකලේම නැගී දුරකට ගොස් මුදලට විකිණෙනා බිත්ති හතරක් මැද සතුට සොයද්දී දිනකදී ජීවිතයෙන් වන්දි ගෙවන්නට වෙන්නේ තමාට බව සුභා දැන උන්නේ නැත....තම ඕනෑ එපාකම් සියල්ක අකිල ලස්සන රුවට මුවාවී කරගනිද්දී ඇය ඔහු එතනින් පිටත් කරන්නේ අතට යම් මුදලක්ද දෙමින්..ඒ මුදල දෙන්නේ ඇය උපයා නොව විනෝත්ගේ දහඩිය සල්ලි වී ඇය අතට ආ පසුවයි.....

..........................................................................................................................................................

මෙලෙසින් කාලය ඔවුන් ගෙවන්නේ බොහෝම කෙටි කාලයයි...විනෝත්ද අවිවාහක ජීවිතයේ උපයනා සියල් මුදල යහලුවන් හා විනෝද වී විනාශ කරමින් කාලය ගෙවූ කෙනෙකි.ඔහුද නිසි මගට එන්නේ සුභාගේ හමුවීමත් සමගයි.....

දිනක් අකිල හා සුභාගේ ආදර හැගීම් පිටකිරීම විනෝත්ගේ යහලුවෙකුගේ අතටම හසුවුණා..ඔහුට තම මිතුරාට මෙවන් දෙයක් සිදුවීම දරාගන්නට නොහැකි වුණා...

ඔහු ඒ බව විනෝත් හා පවසන්නේ රහසක් නැතිවයි...ඒත් ඔහු එය පිළිගන්නට උත්සහ කරන්නේ නැත..මං දැන් මුන්ට කන්ට බොන්ට සල්ලි වියදම් කරන්නෙ නෑනෙ .ඕකුන් දැන් ඉරිසියයි...

තම ලය මත ඒ අදහස පතිත කරගනිමින් ඔහු මිතුරන් සියල්ල අත් හැර දමන්නට තීරණය කරා..ඒ අතරින් යහළුවන් සියල්ලද ඔහුට අහිමි වෙනවා....

දිනක් මේ සියල්ල විනෝත්ගේ යහළුවෙකුගේ දුරකතන කැමරාවට හසුවෙන්නේ අහම්බෙන් මෙණි....සියල් සිද්දි එනම් අබුසැමි ඇසුරක් වීඩියෝ වෙන්නේ ශරීර දෙකේම නූල් පොටක්වත් නොමැති අවදියකයි.....

මෙය අතින් අතට යන්නට වැඩි කාලයක් ගතවෙන්නේ නැත....එය දිනකදී සමජ මාධ්‍ය හරහා අන්තර්ජාලයේ බොහෝ සිත් ගත් වැඩි හිටි වීඩියෝවක් වී පැතිරෙද්දී....

"යුධ සෙබලාගේ බිරිදගේ හා හොර මිනිහගෙ වැඩ"

මෙලෙසින් අකුරුද සමග වීඩියෝවක් ඔහුගේ ඇස ගැටෙන්නේ අහම්බෙන්. එය දකිනා විනෝත්ට අදහා ගන්නට නොහැකි විය...මුලු රැයක් නොසොල්මනේ කල්පනාවේ හිදිනා විනෝත් තම රාජකාරි වේලාවේ ගිණි අවියද සමගින් ගමට පැමිණෙන්නේ රාජකාරි කටයුත්තක් සදහා පැමිණෙනා ආකාරයටයි...

කිසිදු නීතිමය රෙගුලාසිකට හසුනොවන ඔහු සොයා එන්නේ පලමුව අකිලයි...අකිලගේ හිස පසාරු කරමින් ටී පනස් හය උණ්ඩ රොත්තක් යද්දී...ඉන් පසුව ඔහු එන්නේ තම ආදර බර බිරිදගේ දෙප ලගටයි....

ඇයට කතා කරන්නට ඉඩ නොතබමින් ඒ හඩින්ම ගිණි අවිය ක්‍රියාත්මක විය....ඔහු වෙනුවෙන් එක් උණ්ඩයක් ඉතිරි වෙද්දී ඉතිරිය සුභාගේ මුළු ශරීරයම පසාරු කරා....

එයින් නොනැවතුන විනෝත් අවසන් උණ්ඩය තම හිසට යා කරද්දී ජීවිතයේ අනියත බව අතරින් ජීවිත තුනක් ගිලගන්නේ අන්සතු සෙවනක පහස සොයා යන ගැහැණියකගේ අවසාන ඉරණම විසදෙන ආකාරය ලොවටම හඩ නගා කියමින්.....

මේ රටට පමනක් නොව මේ විශ්වයටම සම්පතක් වූ යුධ සෙබලෙක් අහිමි වෙන්නේ නිදහසේ සුන්දර මතකයට උරදුන් සුන්දර මිනිසෙකුගේ නික්ම යාම මවා පාමින්.....

..........................................................................................................................................................

ආදරය.....=මේ වචනය හරිම පුදුම දෙයක්...මේ වචනයට මේ ලෝකයම වෙනස් කරන්න පුලුවන්...එහෙම කිවුවම අපි කාටත් ඒ වචනයට එකග වෙන්නම වෙනව නේද....

ඒත්...ආදරයට රාගය ආ විගස නැති වෙන්නේ රාගය නොව ආදරයයි.....ඇයි මේ වියරුව අපි කරපින්න ගන්නේ....ජීවිතය විදින්න...ඒත් ජීවිතයට පලමු තැන දෙන්න.......

කතාව අවසානයි.....



Comments System WIDGET PACK