අනියම් පෙම | Aniyam Pema


අනියම් පෙම

මොනවද ගෑනියේ මේ උයලා තියෙන්නෙත් කන්න පුළුවන් දේවල් ද?

අනේ මහත්තයෝ හැමදාම බීගෙන ඇවිල්ලා බනින්නෙපා මට

කට වහගෙන පලයන් යන්න හරියට උයන්න බෑ කියෝගෙන නම් එනවා මගේ කරුමෙට තොප හම්බ උනේ පලයං.

ඔහොම කතා කරන්න එපා මහත්තයෝ මම මොනවද ඔයාට කරපු වරද මහත්තයෝ.

වරද වරද තමයි මාව බඳින්න කැමති වුන එක

මහත්තයෝ මං ඔයාට කිසිම අඩුවක් කරල තියෙනවද? හැමදාම මට ඔහොම සතෙක්ට බනින්නෙ

ඒ වචනය කියනකොටම දිනිදු ලෂිනිගෙ කම්බුලට පාරක් ගැසුවා.

කට වහගෙන පලයන් බැල්ලියේ යන්න මල වදේ කියවනවා ඉවරයක් නෑ..

(දිනිදු ලෂිනිව කසාද බැන්දේ ගෙදරින් හොයල දීපු ්‍රොපෝසල් එකක් නිසා. දිනිඳු මත්පැන් බීමට බෙහෙවින් හුරු වුණ කෙනෙක් ඒ නිසා එයා කවදාක්වත් ලෂිනිගෙ ආදරය දැක්කෙත් නෑ හොඳක් දැක්කෙත් නෑ. කසාද බැඳපු දවසේ ඉඳන්
ලෂිනි හැමදාමත් කරේ අඬන එක විතරයි.

මහත්තයෝ මම කඩේට ගිහිල්ලා එන්නම්

ඉතින් පලයන් මට මොනවද කියන්නෙ

උණු වතුර ටික ්‍රක් කරල ඇති මහත්තයෝ ඇඟ හෝදගන්න.

කට වහගෙන පලයන්.

(ලෂිනි කඩේ ළඟට ගියා)

හලෝ ලෂිනි

හෙලෝ ගයාෂාන් දැක්ක කල් කොහෙද බං ගිහිල්ලා හිටියේ?

මම ලඟදි රට ඉඳන් ආවේ කෙල්ල බැන්ද කියලා ආරංචි. මොකද මේ ඇඟ ඇදිල ගිහිල්ල?

අසනීප වෙලා ඒකයි බං මොනවද ඉතින් අලුත් විස්තර?
(ලෂිනි කවදාක්වත් එයාගෙ ප්‍රශ්න කාටවත් කියන්න ගියේ නෑ)

එහෙමත්ම නෑ බං අලුත් මුකුත් විස්තර ආයේ යන්න තමයි අදහස..

බඳින්න අදහසක් නැද්ද ඉතින්

බඳින්න කෙනෙක් නෑනේ තාම.

ඉක්මනට හම්බ වෙයි. මම දැන් යනවා බං

හරි බං පරිස්සමෙන් ආ යන්න කලින් මට නම්බරෙ දීපන්.

මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ මම කෝල් එකක් දෙන්නම්.

ආ ගන්න පරිස්සමින් එහෙනම් බුදු සරණයි.

බුදු සරණයි..

(ලෂිනි දිනිදූ කොච්චර වෙනස්කම් කළත් කවදාක්වත් දිනිදූට වරදක් කලේ නැහැ)...

මම වැඩට යනවා එන්න ටිකක් රෑ වෙනවා තමුසෙ කාල නිදා ගන්නවා.

හරි මහත්තයා පරිස්සමින්...
(එදා දෙන්නාගේ පළවෙනි විවාහ සංවත්සරයක්.ලෂිනි එයාගේ යාලුවට කෝල් එකක් ගත්තා වැරදි අදහසකින් නෙවෙයි)

හෙලෝ ගයාෂාන් නේද මේ?

ගයාෂාන් තමයි ඔයා ලෂිනි නේද?

ඔව් මං තමයි බං. අද අපි දෙන්නගෙ පලවෙනි විවාහ සංවත්සරය මට ඒකට එයාට දෙන්න දෙයක් කියපන්කො?

උඹ ලඟ දැන් කීයක් විතර තියෙනවාද?

මගෙ ළඟ එකතුකරගෙන තියෙනවා රුපියල් පන්දහක් වගේ

එහෙනම් මහත්තයට ඔරලෝසුවක් අරගෙන උඹලා දෙන්නගෙ ෆොටෝ එකක් ලොකු කරපන්..

හරි බං තෑන්ක්යූ මට කරන්න දෙයක් හිතා ගන්න බැරුව හිටියේ.... එහෙනම් බුදු සරණයි.

අපි ම ඉන්න ඕන ඉතිං. හරි ලෂිනි බුදු සරණයි පරිස්සමින්...

(එදා ලෂිනි ටවුන් එකට ගිහිල්ලා ඔරලෝසුවක් අරගෙන ඒ දෙන්නගෙ ෆොටෝ එකකුත් ලොකු කරලා රෑට උයන්න කෑමත් අරගෙන ගෙදර ආවා)

මහත්තයෝ ඔයා ආවද?

තමුසෙ තාම නිදි නැද්ද ඕයි

happy anniversary මගේ මහත්තයෝ....

අපෝ තමුසේ වගේ කාලකන්නි ගෑනියෙක් බැඳලා අවුරුද්දකුත් උනාද කරුමයක් පලයන් පැත්තකට .

අනේ මහත්තයෝ ඇයි මේ

මගේ දෑස් දෙකට පේන් නැතුව පලයන්

(එදා රෑ එළි වෙනකම් ලෂිනි අඬ අඬ තමයි හිටියෙ උදෙන් ම දිනිඳු වැඩට ගියා. ගයාෂාන් කෝල් එකක් ගත්තා ලෂිනිට)

හෙලෝ කොහොමද ඊයේ දවස කෙල්ලට නං තාම නිදිමතයි වගේ 😜😜😜😜

ගයාෂාන් මට හැමදේම එපා වෙලා ඉන්නේ

ලෂිනි මොකක්ද වුනේ මට කියන්න මොකද අඬන්නේ මට කියන්න හැමදේම.
(තවත් දුක හිරකරගෙන බැරිම තැන ලෂිනි හැමදේම දයාශාන්ත කිව්වා)

මට දැන් හැමදේම එපා වෙලා ඉන්නේ බැරිම තැන තමයි හැමදේම ඔයාට කිව්වේ.

තවත් දුක් විඳ විඳ ඉන්න එපා

මම වෙන මොනවා කරන්නද? මේක මගේ කරුමේ.

මම ඔයාට කැමති ලෂිනි. ඔයා එන්න මං ළඟට මම ඔයාව බලාගන්නම්.

පිස්සුද ඔයාට මම කසාද බැඳපු ගෑනියෙක්

මම ඒක දන්නවා ඔයා කැමතිනං අදම වුණත් එන්න.

ආයෙත් මට ඔයා කතා කරන්න එපා බුදු සරණයි බයි.
(දිනිඳු ට වරදක් කරන්න ලෂිනිට හිත දුන්නේ නැහැ එදත් රෑ දිනිදූ ගෙදර ආවේ වෙනදටත් වඩා බීලා)

මහත්තයෝ කෑම ලෑස්ති වොශ් එකක් දාගෙන එන්න

කාලකන්නි බැල්ලියේ මගේ ඉස්සරහට එන්න එපා බං මැරිල පලයන් කෝ මල වදේ.

අනේ ඇයි මගේ මහත්තයෝ මට ඔහොම බනින්නෙ

කට වහගෙන පලයං. (දිනිඳු කොස්ස කැඩෙන කන් ලෂිනිට ගැහුවා ඊට පස්සේ එතනම තිබුණු සැටියට වෙලා නිදාගත්තා).ලෂිනි වේදනාවටයි දුකටයි ගයාෂාන් ට කෝල් එකක් ගත්තා.

ගයාෂාන්

මොකද උනේ ඇයි අඬන්නේ

පුළුවන්නං මාව ඇවිත් එක්කගෙන යන්න මට දැං ජීවත්වෙන ඇතිවෙලා තියෙන්නේ.

හරි ඔය ඇඳුම් ටික ලෑස්ති කරගන්න මම එන්නම් ඔයාව ගන්න ..
(ලෂිනි ඇඳුම් ටික ලෑස්ති කරගෙන ලියුමක් ලියලා දිනිදු ලඟින් තියල ගයාෂාන් එක්ක ගියා)
දිනිදූ උදේ හැරිලා ලෂිනිව හෙවුවා.

ලෂිනි ලෂිනි කොහෙද ඉන්නේ?
දිනිදූ ලියුම දැක්කා. එයා ඒක කියෙව්වා.

මගේ ආදරණීය මහත්තයෝ

මට සමාවෙන්න මම ගොඩක් ඉවසුවා තවත් බැහැ මට රත්තරන්. මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයාට කවදාක්වත් මගේ ආදරේ පෙනුනේ නෑ මහත්තයෝ. මම ගොඩක් ආසාවෙන් සල්ලි එකතු කරලා අපි දෙන්නගෙ වෙඩිං ඇනිවසරි එකට හදපු කිසි දෙයක් ඔයා බැලුවෙවත් නෑ නේද මහත්තයෝ. එදත් ඔයා මට ගොඩක් ගැහුවා බැන්නා නේද මහත්තයෝ. අපි දෙන්න කසාද බැඳපු දවසේ ඉඳන් ඔයාගේ හැමදේම මම ඉවසුව මහත්තයෝ මමත් ගැහැණිය මමත් ආසයි ආදරෙන් ඉන්න මහත්තයෝ මම ඔයාගෙන් ගොඩක් ආදරේ හෙව්වා එහෙත් ඔයා කවදාක්වත් ඒක මට දුන්නේ නැහැ. ඔයා මේ ලියුම කියවනකොට මම ගොඩක් දුරට ගිහිල්ලා . මං ගැන හොයන්න එපා මහත්තයෝ හැමදාමත් සතුටින් ඉන්න ඔයාට වැඩට යන්න ඕනේ ඇඳුම් මම අයන් කරලා ඇත්තේ බුදු සරණයි මහත්තයෝ මම නවතින්නම්......

දිනිදු ට දිනිදු කරපු හැමදේම මතක් වුනා තමන් ගැනම කලකිරීමක් ඇති උනා ලෂිනි හදපු ෆොටෝ එක දිහා බලාගෙන අඬන එක විතරයි අන්තිමට දිනිඳු ට ඉතුරු වුනේ...

ගයාෂාන් මට ආයිත් දුක්විඳින්න නම් බැහැ

කවදාක්වත් ඔයාට දුක් විඳින්න නම් වෙන්නේ නෑ මම ඒක පොරොන්දු වෙනවා අපි ඉක්මනට මේ රටෙන් යමු..
(ලෂිනි ගයාෂාන් ගෙ පපුවට තුරුළු වුණා කවදාක ලැබුණෙ නැති මේ සෙනෙහසට ලෂිනි ගොඩක් ආදරේ කරා..)

මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා

මම එය විශ්වාස කවදාක්වත් කඩන්නෙ නැහැ මම ඔයාට ගොඩක් ආදරෙයි....

ඒ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවිතය පටන් ගත්තා

අද ගොඩක් පවුල කැඩෙන්න හේතුව මේ බිම නෙමේද යාලුවනේ.

වැරදි අඩුපාඩු ඇති ඒකට සමාවෙන්න

මම අසින්ත සෙනෙවිරත්න


Comments System WIDGET PACK