අමිහිරි ආදරය | Amihiri Adaraya


අමිහිරි ආදරය

(සත්‍ය කතාවකි)

කෙටිකතාවකි

අක්කේ බලනවකො මල වදයක් හලෝ මේ නම්බර් එකක් මට

කවුද අඳුරන කෙනෙක් ද නංගි

අනේ නෑ හලෝ

කෝ දෙන්න මට කතා කරල බලන්න

ඔයා ඔයාගේ phone එකෙන් ගන්නම් මගේ එකෙන් නම් බෑ

හරි හරි නොම්බරේ දෙන්නකෝ අපි කතා කරල බලමු

හෙලෝ

ඔයා ඇයි අපේ නංගිගේ ෆෝන් එකට නිතරම කෝල් ගන්නෙ හලෝ.

මොන නංගිට ද

ඔයා කියන්නෙ අන්තිමට 345 ඩයලොග් නම්බර් එකට ඔයා කෝල් දන්නෙ නෑ කියලද??

හරි හරි ආයිත් ගන්නෙ නැතුව ඉන්නම් මම.

හරි නංගි ආයිත් නම් මෙයා ගන්න එකක් නෑ

අම්මෝ මගෙ අක්කා චණ්ඩි රැජිනක් බයේ බෑ 😳😳😳😳

කොහෙද ඉතින් උඹලට තේරෙනවද අපේ අගයක්

හරි හරි ඉතින් මම මගේ අක්කිට ආදරෙයි ගොඩක්......

ටික දවසක් ගෙවිලා ගියා අපේ කතා නයිකාවගේ නම දිල්කි අර වදයක් උන නම්බර් එක දිල්කිට කෝල් ගන්න පටන් ගත්තා

ඇයි හලෝ මට කෝල් ගන්න නිතරම වදයක් වෙන්න එපා

ඉතින් අපි හොඳ යාලුවෝ වෙමුකෝ

අනේ මේ

හරි ඉතින් යාළුවො වෙමු. මම රවිඳු ඔයා

මම දිල්කි

එතකොට ගම

මම අනුරාධපුරය එතකොට ඔයා?

මම බදුල්ලේ ඔයා ජොබ් එකක් කරනවද??

නැහැ මම කැම්පස් ඔයා?

ෂෝයි නේ මම designer කෙනෙක්

එහෙමද

අනුරාධපුරය පැත්තෙ ආවොත් තේ එකක් එහෙම බීලා යන්න එන්නම් කෝ එහෙනම්

එන්න එන්න.

දවසින් දවස මේ දෙන්නා ලං වුනා දෙන්නට දෙන්න ආදරේ කරන්න පටන් ගත්තා.

සුදු මැණික

කොහෙද මහත්තයෝ ඉන්නේ?

තව ටික දුරයි පැටියෝ

පරිස්සමට එන්න මම බලාගෙන ඉන්නවා අද අපි දෙන්නගෙ පළවෙනි අමුවේම නේද බයයි එක්ක

අනේ ඇයි බය වෙන්නේ සතුටු වෙන්න එපැයි

මම ඉතින් කැතයි ඒකයි

අනේ මේ කවුද රූපෙට ආදර කරන්නේ

හරි හරි පණ්ඩිතයා වගේ කියවන්න නැතුව ඉක්මනට එන්න

සුදු මැණික මොකද්ද ඇඳගෙන ආවේ?

සුදු පාට ගවුමක් මහත්තයෝ අපි පන්සල් යමු

හරි මගෙ මැණික මම දැන් ඇවිත් ඉන්නේ

කොහෙද ඉන්නේ

හරි මම දැක්කා ඔයාව ඉන්න මම ළඟට එන්නම්..

දෙන්නට දෙන්නා පලවෙනි පාර හම්බවෙලා ජය ශ්‍රී මහා බෝධිය ගියා.දිල්කි රවිඳුට ගොඩාක් ආදරේ කළා..

මහත්තයෝ ඔයා කෑවද?

වැඩ වැඩියි පැටියෝ කන්න උනේ නෑ ඔයා කන්න

ඔයා නැතුව මට කන්න පුලුවන්ද දෙයියෝ වැඩි ඉවරවෙලා මැසේජ් එකක් දාන්න ඔයා එනකම් බලන් ඉන්නවා...

රවිඳු වැඩ කලේ කොළඹ. දිල්කි නැවතිලා හිටියේ එයාගේ අක්කා කෙනෙක් ළඟ කොළඹ කැම්පස් යන්න ඕනි නිසා ළඟ නිසා.
ඔහොම ටික දවසක් යනකොට ඒක වැඩ කරන අක්ක කෙනෙක් රවිඳු හඳුන්වලා දෙනවා දිල්කිට දෙන්නා හොඳ යාළුවෝ වෙනවා.

නංගි පැටියෝ මොකද කරන්නේ?

අයියා කනකම් බලන් ඉන්නවා අක්කේ

මල්ලි කාල කොයි වෙලාවෙද? එයා කෑවේ එකයි ගානකට .

මොකක් එයා කිව්වා අක්කේ වැඩ වැඩියි කියලා කන්න විදියක් නෑ කියලා.

අනේ කොච්චර වැඩ තිබ්බත් එයා හැමදාම වෙලාවට කනවා නංගියෝ.

අනේ මං දන්නෙ නෑ අක්කේ. හැමදාම මම එයා කනවා කිව්ව වෙලාවට තමයි කන්නේ.

පිස්සු කෙල්ල.

අක්කේ අයියා කෝල් එකක් ගන්නවා මම ඔයාට එයත් එක්ක කතා කරල ඉවර වෙලා මැසේජ් එකක් දාන්නම්. (කිසිම වෙනසක් නැතුව ගොඩක් ආදරෙන් වෙනදා වගේම කතා කරා දිල්කි)

සුදු මැණික

මොකද මහත්තයෝ අවුලෙන් වගේ

එහෙම දෙයක් නෑ

එහෙම දෙයක් නැතිවෙන්න බැහැනේ කියන්න මොකද්ද ප්‍රශ්නය?

ඔයා දන්නවනේ අපේ ගෙදර ප්‍රශ්න (රවිඳුගේ ගෙදර හැමදේම බලාගත්තේය රවිඳු ගෙදර බර කරට අරගත්තේ එයා)

මොකක්ද මහත්තයෝ කියන්නේ

මගේ වාහනය පිනෑස් එක දාන්න ඕනේ ඕන ඒකට සල්ලි නෑ මං ළඟ.

අනේ රත්තරන් කීයක් ඕනෙද?

විසිදාහක් පැටියෝ.

ඔයා දැන් ඉන්නේ කොහෙද? මට හම්බ වෙන්න ඕනේ

මම ටවුන් එකේ ඉන්නේ ඔයා එන්නකෝ b.o.c. එක ළඟට.

හරි මහත්තයෝ මම ඉක්මනට එන්නම්.

දිල්කි එයාගේ අම්මා එයාගෙ කරට දාපූ චේන් එක උගස් තියලා රවිඳු ඕනි සල්ලි හොයාගත්ත..

මහත්තයෝ මේ සල්ලි ටිකෙන් ඔයාගේ ප්‍රශ්නය විසඳාගන්න

ඔයාට කොහෙන්ද මෙච්චර ලොකු සල්ලියක්?

ඒවා පස්සේ දැන් ඔයා මම කිව්ව දේ කරන්න

කෝ ඔයාගේ කරේ තිබ්බ චේන් එක

අපි එක හෙමිහිට බේරගමු මහත්තයෝ.

මම මේ සල්ලි වලින් සතයක්වත් ගන්න නැහැ දැන්ම ගිහිල්ලා බේරගන්න ඕන මට ආදරේ නම්.

අනේ මහත්තයෝ

අනේ නෙවෙයි යන්න.

දිල්කි මාලේ ආපහු බේරගත්තා. දිල්කි පුළුවන් හැම විදියටම රවිඳුට උදව් කරා පුලුවන් පුලුවන් විදිහට සල්ලි දුන්නා... දවසක් දිල්කි නිකමට වගේ රවිඳුගේ instragram එකවුන්ට් එක බැලුවා එයා දැක්කා එක කෙල්ලෙක් සුදු සුදු කියලා කමෙන්ට් දාලා තියෙනවා ඒ අය කෙල්ලව යාලුවෙක් කරගත්තා.

හායි

හායි කවුද ඔයා?

ඔයා රවිඳු ව දන්නවද?

මම දන්නවා ඔයාට මොකටද ඔයා කවුද?

මම එයා යාළුවෙලා ඉන්න කෙනා

ඔයා විහිළු කරනවද හලෝ මේ ඉන්නේ මගේ කොල්ලා දැන් අපි යාලු වෙලා ටික කාලයක් වෙනවා.

ඒක වෙන්න විදියක් නෑ අක්කෙ

මොනවද වෙන්න විදියක් නැත්තේ ඒ මගේ කොල්ලා.

අනේ අක්කෙ

කෙල්ලෙ ඔයා අඬනවද? ඔයා එයාට ගොඩක් ආදරෙයි වගේ . අහන්නකො මම කසාද බැඳපු කෙනෙක්. සිංහලෙන්ම කිව්වොත් රවිඳු මගේ හොර මිනිහ එයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි එයාගෙන් අයින් වෙලා ඉන්න ඔයා ඔයා අහිංසක කෙනෙක් වගේ. රවිඳු මාත් එක්ක රූම් ගිහිල්ලා තියෙනවා...

ඒ වචන හරියට දිල්කිට පිහි පාරවල් වගේ වුණා එයා සිහි නැතුව වැටුණා....

දිල්කි ගොඩක් අසරණ උනා ඒත් එයාට රවිඳු ඕනේ එයා කිසිම වෙනසක් නැතුව රවිඳුට ආදරය කළා.

දවස් ගෙවිලා ගියා උත්තරා ඒ කියන්නේ රවිඳුගේ අනිත් කෙල්ල
දිල්කිට නිතරම කිව්වේ රවිඳු ගෙන් අයින් වෙන්න කියලා

රවිඳු ටික ටික දිල්කිව මගහැරියා සමහරක් දවස් වලට දිල්කි ඇස් දෙකෙන් කඳුළු වෙනකන්ම ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා මැසේජ් එකක් එනකන්

එක දවසක්.

නංගි මම දැන් ඔයාට කෝල් එකක් ගන්නවා ඊට පස්සෙ ඔයා කෝල් එකේ ඉන්නකොට මම රවිඳුට කෝල් එකක් ගන්නවා ඔයා අහගෙන ඉන්න .

හරි අක්කේ

ඇයි බබා ඔයා ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ

තමුසේ මට කරන්නේ බොරුනෙ තමුසේට වෙන කෙල්ලෙක් ඉන්නව නේද?

(දිල්කි කවදාක්වත් රවිඳුට උඹ කියලවත් කියලා නෑ)

සත්තයි රත්තරන් එහෙම කෙනෙක් නෑ මම දැනුත් වැඩකරන තැනට ඇවිල්ලා ඉන්නේ ඔයාගේ බර්ත්ඩේ එකට present එකකුත් අරගෙන.

(රවිඳු දිල්කිට කවදාවත් කිසිම දෙයක් අරන් දීල තිබුනෙ නෑ දිල්කි කරදර කරන්න ගියෙත් නැහැ කිසිම දෙයක් ඉල්ලලා එයා ගොඩක් ආදරේ කලා රවිඳුට).

අනේ මේ බොරු නැතුව ඉන්නවා මට ඕනි නෑ බොරුකාරයෙක් මම තියෙනව හලෝ.

නංගි ඔයා ෆෝන් එක තියන්න දැන් අනිවාර්යෙන් ඔයාට කෝල් එකක් ගනීවි .

හරි අක්කේ.

කිව්වා වගේම රවිඳු කෝල් එකක් ගත්තා. අඬ අඬම ෆෝන් එක ආන්සර් කරා දිල්කි

මගේ සුදු නෝනේ අපි ආදරෙන් ඉමු රත්තරන්

හා මගේ මහත්තයෝ ගොඩක් ආදරෙයි මං ඔයාට

පිස්සු කෙල්ල

ඔයා නිසා තමයි පිස්සු

මම තාම පාරෙ ඉන්නේ ඇවිල්ල කෝල් එකක් ගන්නම්.

හරි මගේ මහත්තයෝ පරිස්සමට.


දිල්කි හිතාගත්ත අද කොහොමහරි ේ ප්‍රශ්න ඉවර කරනවා කියලා.

මම ආවා සුදු නෝනා

මහත්තයෝ පොඩ්ඩක් කතා කරන්න ඕනේ

කියන්නකො රත්තරන්

කවුද උත්තරා කියන්නේ?

මම දන්නේ නැහැ සත්තයි

දිවුරන්න පුලුවන්ද?

හරි මගෙ රත්තරං මට සමාවෙන්න මම ඔයාට වරදක් කර ආයිත් කවදාක්වත් ඒ වරද කරන්නේ නැහැ

සමාව ඉල්ලන්න ඕනි නෑ රත්තරන් හැමදාම මගේ වෙලා ඉන්න ඒ ඇති මට.

කවදාක්වත් ඔයාට බොරුවක් කරන්නෑ මම සත්තයි.

ගොඩක් ආදරෙයි මගේ මහත්තයෝ.

කාලය ටික ටික ගෙවිලා ගියා. උත්පලා නිතරම වගේ දිල්කි ට කෝල් ගත්තා හැමදේම කිව්වා.
රවිඳු ගොඩක් ගංජා ගහන කොල්ලෙක් මේ හැමදේම දැනගත්තේ උත්තරා කිව්වට පස්සේ මොන දෙයක් උනත් දිල්කි රවිඳු ව අතඇරියෙ නෑ .

මහත්තයෝ මම හෙට ගෙදර යනවා

එහෙමද පරිස්සමින් සුදු

මම පුළුවන් හැම වෙලාවෙම කතා කරන්නම් මගේ මහත්තයාට

හරි මගෙ මැණික. පරිස්සමින්

දිල්කි ගමේ ගියා. දවස් දෙකක් විතර රවිඳු කලින් වගේම ආදරෙන් හිටියා ඊට පස්සේ ආයෙත් පුරුදු විදියමයි මැසේජ් නෑ.

උත්තරා අක්කෙ

නංගියෝ

අයියා තාම කතා කරනවද

ඔන්ලයින් එන්නකො ඔයාට දෙයක් පෙන්නන්න

උත්තරා රවිඳු එවලා තිබුණු මැසේජ් වල screen shot එකක් එවලා තිබුණා. උත්තර ඕනේ කියලා දාපු මැසේජ් ගොඩක් තිබුණා මේක දරාගන්න බැරි උනා දිල්කි ට.

ඇයි මහත්තයෝ ඔයා තාමත් කතාකරන්නේ අරයට?

මෙ අහනවා හලෝ මට තමුසේ එපා ආයිත් මට කෝල් ගන්න එපා තේරුණාද බුදු සරණයි.

අනේ මහත්තයෝ ඉන්නකෝ

එදා ෆෝන් එක තිබ්බට පස්සේ කවදාක්වත් රවිඳුගේ ෆෝන් එක වැඩ කළේ නැහැ. උත්තර ට ආදරේ කියන වචන හතරට ගොඩක් බය වුනා එයා තනියම ඉන්න තීරණය කළා... කාටවත්ම ආදරය නොකර

මේ කතාව ඇත්තම ඇත්ත කතාවක් යාලුවනේ ගොඩක් දුරට මේ කතාවේ දෙවැනි කොටස තව ටික කාලෙකින් මම ලියන්නම් මම හිතන විදිහට ඒ කොටස දුක හිතෙන ආදරයක් නෙවෙයි.. හැබැයි ප්‍රශ්න බාධක පිරිච්ච ලස්සන ආදර කතාවක් වෙයි කියලා මම හිතනවා..

අම්මෙක් වගේ අපිව බලාගන්න කෙල්ලෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින් ඒ වගේ ආදරයක් නැති කර ගන්න හොඳ නෑ මොකද ඒ වගේ ආදරයක් හම්බ වෙන්නේ ජීවිතයම එක පාරක් නිසා.

වැරදි අඩුපාඩු ගොඩක් ඇති ඒකට සමාවෙන්න

මම අසින්ත සෙනෙවිරත්න


Comments System WIDGET PACK