අක්කගේ මනමාලයා අවසාන කොටස | Akkage Manamalaya 02 Kotasa


අක්කගේ මනමාලයා (2 කොටස)

මම ඇද පැලදගෙන පහලට ගියේ අක්කගේ වෙඩින් එකට උදව් කරන්න...මම පහලට යද්දී පඩිපෙල ගාව මිනිස්සු දෙන්නෙක් කතා කර කර හිටියා...

ලහිරු මහත්තයා කියල වෙඩින්ග් එක ඉක්මන් කරන්න කියලා...වෙඩින් එකෙන් පස්සේ නෝනා එක්ක රට යන්නලු ඉන්නේ...

ඒ වචන ඇහෙනවත් එක්කම මගේ හදාගත්ත හිත කෑලිවලට කැඩි ගොස් කදුලු වැටෙන්නට විය...

අනේ ලහිරු අයියේ...මෙහෙම කරන්න එපා...මාව බදින්න ඕන නෑ...ඒත් අඩුම ඔයාට මන් ගාව ඉන්න පුලුවන් නේද අයියේ...ඔයා රට ගියාම ඔයාව මන් දකින්නෙවත් කෝමද අයියේ...මන් වෙනුවෙන් ඒ දේ විතරක්වත් කරන්නකෝ...හ්ම්ම්..කමක් නෑ..දැන් මන් ඔයාගේ වෙලා ඉවරයි.. මම ආදරෙයි අයියේ...මම ඔයා මගේ ලගට එනකන් බලන් ඉන්නවා අයියේ....

පූජා...ඒ හඩින් මම ගැස්සිලා බැලුවේ ඔහු දෙස...ඒ හිටියේ ලහිරු...ඔහුගේ ඇස් දෙස බැලුවත් ඒ ඇස්වල තියෙන දේ මොකක්ද කියලා මට තේරුම් ගන්න බෑ...අනේ මට ලහිරු අයියාලග ඉන්න තියෙනවනම්...මට වෙන මුකුත් ඕන නෑ...

පූ...ජා....එවර ඔහු හයියෙන් කෑගැහුවා...මොනාද කල්පනා කරන්නේ...ගිහින් වැඩ ටික කරනවා..අහ්...අනිත් එක අක්කා ඔයාට එන්න කිව්වා...එහෙම කියලා අයියා යන්න ගියේ මගේ හදවත් උදුරලා අරන්...තවත්නම් එතන ඉන්න බැරිකමට මම දිව්වේ මගේ කාමරේට...දොර වහගත්ත මන් කාමරේට ගිහින් හොදටම ඇඩුවා...මට පුලුවන් තරම් ඇඩුවා...මගේ ආදරය වෙනුවෙන්...ඒත් එක්කම මතක් උනේ අක්කා මට කතා කරපු බවක්...මම ඉක්මනින් මූන හෝදගෙන ගියේ අක්කගේ කාමරේට...

දොරට තට්ටු කල මම....අක්කේ මම එන්නද...

ආ නංගා එන්නකෝ ඇතුලට...හරි පුදුමයි අක්කා මාත් එක්ක හොදින් කතාකරනවා...

නංගා...ඔයා ආසයි නේද මෙහෙන්දි අදින්න....මම පොඩි කාලේ ඉදන්ම ආසයි මෙහෙන්දි අදින්න...ඒ වගේම මගේ වෙඩින් එක ගන්නත් ආස උනේ ඉන්දියන් විදියට...ඒත් අද...මට පතිකුලය අහිමියි...

මොනාද නංගා කල්පනා කරන්නේ...මෙහෙට එන්නකෝ...අක්කා මගේ අතින් අල්ලන් වාඩි කෙරෙව්වේ ඇදෙන් ...

නංගා...මේක ඔයාගේ ආසාව තමයි...ඒත් නංගා මාත් ආසයි ඉන්දියන් විදියට බ්රයිඩ් කෙනෙක් වෙන්න....ඉතින් අද හවස මෙහෙන්දී ගාමු අපී...අක්කා ඉන්නේ හරිම සතුටින්...දෙවියනේ අක්කා මගේ හීනේ එයාගේ කරගෙන...මට කවදාවත් හිමිකරගන්න බැරි හීනේ...අක්කා ඉස්සරහ හිනාවෙලා හිටියට මගේ හිත ඇතුලෙ ලොකු කුනාටුවක්...

මම අක්කගේ කාමරෙන් එලියට ආවේ මගේ හීන ඔක්කොම එයාගේ කරලා එයාට ලස්සනම ලස්සන ජීවිතයක් උරුම කරලා දීලා.. අක්කට කරපු වැරැද්දට ඒ විදියට හරි වන්දි ගෙවන්න ලැබුනු එක හොදයි ...කලින් වගේම මම කල්පනා කරමින් ගිහින් බිත්තියේ ඔලුව වද්දගත්තා....

ආආආව්ව්ව්...මම ඔලුව අල්ලගත්තේ අඩල අඩලම රිදුම් දුන් හිස තවත් රිදෙන්නට ගත් නිසා....

ඔයාගේ නම් ඇස් පරීක්ශා කරන්න වෙයි...තාමත් බෑනේ හරියට පාර බලාගෙන යන්න...

අනේ අයියේ...ඇයි මේ...ඇයි මේ විදියට කරන්නේ..අනේ අයියේ යන්න එපා මෙහෙන්...මන් ඔයාගෙන් වෙන මුකුත් ඉල්ලන්නේ නෑ...මෙහෙ ඉන්න කියලයි ඉල්ලන්නේ...මට ඔයාව බලන්නවත් පූලුවන්නේ.. මන් වෙනුවෙන්...මට ඔයා ආදරෙයි කිව්වා නේද අයියේ...එහෙනම් යන්න එපා...මගේ ඇස්වලින් කදුලු රූරා වැටෙන්නට විය..

පුජා...මේකට මට කරන්න දෙයක් නැ...ඊයේ මගේ අතෙන් උන වැරැද්දට මට සමාවෙන්න...ඒත්..මම වෙඩින් එකෙන් පස්සේ රට යනවා...එහෙම කියලා ලහිරු අයියා ගියේ මගේ මූන දෙසවත් නොබලා එතනින් ගියාය...

මම එහෙමම බිත්තිය අයිනේ ඉදගෙන ඇඩුවා...මොනා කරන්නද මේ මගේ වැරැද්ද....මම එක එක විදියට හිතලා මගේ හිත හදාගෙන පහලට ගියේ මිනිස්සුන්ට උදව් කරන්න...මම පහලට යනකොට අනිත් අය බැලුවේ මන් දිහා අමුතු විදියට...මට දැනුනේ මාව පන පිටින් ගිනිතියනවා වගේ හැගුමක්...මොකද සමාජෙට අනුව මම වැරදිකාරියෙක්..

මම පහලට යද්දි අම්මයි තාත්තයි බර කතාවක...එයාලට මුහුන දෙන්න බැරි නිසා මන් ගියේ ඔවුන්ව නොදැක්කා වගේ...ඒත් අම්මා කතා කරන්න උනේ මගේ දැස්වල කදුලු පිරෙද්දි...කාගෙන් හැංගුවත් අම්මා කෙනෙක් ඉස්සරහ දුක හංගන් ඉන්න එක කරන්න බැරි දෙයක්...

දුව...මොකද මේ මූනත් එක්ක ඉදිමිලා...

අහ් නැ මට ඊයේ නින්ද ගියේ නෑ...මම හොරෙන් අම්මා දිහා බලලා කිව්වා...ඒත් අම්මගේ ඇස්වල තිබුනේ අමුත්තක්..එය මොකද්ද කියලා මට තේරුම් ගන්න බෑ...

දුව ඒනම් අද රිලැක්ස් එකේ ඉන්නකෝ..අක්කා කිව්වා අද මෙහෙන්දි ගාන්න ඕන කියලා...දුවත් අද මෙහෙන්දි අදින්න...දුව ආසයිනේ...අම්මා කිව්වේ මගේ මූන අතගාලා ...

මම අම්මත් එක්ක කතා කරලා කාමරේට ගොස් නිදාගත්තේ ගතට දැනුනු විඩාව නිසා...ඒත් මගේ නලල මත අතක් ස්පර්ශයක් දැනුනු නිසා..මම ඇස් පිහාටු යන්තන් ඇරලා බැලුවේ ඒ කවුද කියලා...අනේ ලහිරු අයියා...මම ඇඩුම් එන්න ආවත් මම කොට්ටේ හපාගෙන හිටියේ මම ඇඩුවොත් ලහිරු අයියා යාවි කියලා බයට...ටික වෙලාවක් මගේ ඔලුව අතගාපු ඔහු එක්වරම මගේ දෙතොල් මත ඔහුගේ දොතොල තබා සිපගත්තේ නැවතත් ඒ ආදරනීය ස්ප්ර්ශයන් මගේම කරමින්...ඔහුගේ මේ ස්පර්ශයන් හමුවේ කෙතරම් වෙලා මම සිටියද දන්නේ නෑ...හවස් වෙලා මම නැගිටිද්දි..මම හිටියේ බෙඩ්ශීට් එකෙන් පෙරවලා...

හ්ම්ම්...අයියේ...ඇයි මෙහෙම කරන්නේ..මගෙන් ඈත් වෙනවනම් ඇයි මේ විදියට තවත් මට ලං වෙලා රිද්දන්නේ...මම එහෙම හිතනගමන් නානකාමරයට ගොස් ලෑස්ති උනේ මෙහෙන්දි උත්සවේට යන්න...මම පහලට යද්දි මුලු ගෙදරම ලස්සනට සරසලා...මම පහලට යනකොට දැක්කේ අයියයි අක්කයි කට්ටියත් එක්ක කතා කර කර ඉන්නවා...මම ඒ දෙසටවත් නොගියේ තවත් හිත රිද්දගන්න ඕන නැති නිසා..මම ගියේ මෙහෙන්දි ගාන තැනට..එතෙනට ගියාම අනිත් අය මන් දිහා බැලුවේ හිනා වෙලා...

පුංචි නෝනා...එන්න අපි මෙහෙන්දි අදිමු...එතෙන හිටි කෙල්ලෙක් කිව්වේ මාව එතනින් වාඩි කරමින්...ඇය හරි ලස්සනට මගේ අතේ මෙහෙන්දි ඇන්දේ මාව පොඩි කාලෙට ගෙනියමින්..පොඩිකාලෙත් මම මෙහෙන්දි අදිනවා...මම හරි සතුටින් මෙහෙන්දි ඇදගෙන එතනින් එලියට ආවේ අත් දෙක පරිස්සම් කරගෙන...එහෙ මෙහෙ ගෑවුනොත් මෙහෙන්දි එක සවුත්තු වෙනවා...මම අත් දෙක දිහා බල බල යද්දි කාගේ හෝ ඇගේ වැදුනා.

අනේ සොරි...මම දැක්කේ නෑ...මම ඔහු දිහා බලලා කිව්වා...එතන හිටියේ පිරිමි කෙනෙක්...අවුරුදු 28 වූ ඔහු මාව දැක්කම හරි කෑදර විදියට මන් දිහා බලන් ඉන්නවා...මම ඔහුව ඉක්මනට මගඇරලා එතනින් යන්න ගියා...

රාත්‍රි වෙන්නට හැමෝම නටන්න ගත්තේ කපල් විදියට...මේ මුලු කාලෙම මගේ ඇස්වලින් ලහිරු අයියව මගඅරින්න මට පුලුවන් උනා...නැටුම් පටන් ගත්ත නිසා ගෙදර ලයිට්ස් ඕෆ් කලා...මම නටන අය දෙස බලා හිටියේ හිස් බැල්මෙන්...ඒත් එක්වරම මගේ ඉස්සරහට ආවේ අර මනුස්සයා..

අපි නටන්න යමුද...මට බෑ කියන්නවත් අවස්ථාවක් දුන්නේ නැති ඒ මනුස්සයා බලෙන් වගේ මාව ඇදගෙන ගොස් මගේ ඉනවටේ අතදාගෙන නටන්න ගත්තා...මමනම් හිටියේ කේන්තියෙන්...මගේ ඉනවටා තිබුනු ඔහුගේ අත සෙමින් සෙමින් මගේ පිටපුරා ගියේ මට අපහසුවක් එක්කරමින්...ටික වෙලාවක් යද්දි ලහිරු අයියා ආවේ අපි ඉන්න තැන්ට මූන රතු කරන්...මගේ අතින් ඇදලා ගත්ත ඔහු අර මනුස්සයට රැව්වේ පූදුම තරහකින්...අයියා මාව ඇදගෙන ආවේ පැත්තකට....

මොකද වෙලා තියෙන්නේ...ඇයි ඒ වගේ උන් එක්ක නටන්න ගියේ..

අයියේ මේ...

මට වැඩක් නෑ අයේ කිසිම කෙනෙක් එක්ක නටන්න බෑ...

මම ලහිරු අයියා දිහා බලන් හිටියා...ඒ ඇස්වල මම දකින දේ බොරුවක් නෙමෙ ...ඒ ඇස්වල තියෙන්නේ ආදරේ..මම ඒ ඇස් දෙක දිහා බලන් ඉන්නවා කියලා දැනුනු නිසාම ඔහු ඉක්මනින් එතනින් යන්න ගියා...

අනේ අයියේ...ඇයි අපිට එහෙම උනේ...මම පඩිපෙල නැගලා ඉක්මන් ගමනින් ගියේ මගේ කාමරෙට...ඇද සිටි ඇදුම පිටින්ම මම ඇදට වැටුනේ කදුලුවලට නිදහස දිලා...උදේ නැගිටුනේ අක්කා කාමරේ දොරට තට්ටු කරන හඩින්...

නංගා..ඉක්මනට එනවාකෝ මගේ කාමරේට...උදව් ඕන...අද වෙඩින් එකනේ...අක්කාගේ කෑගැහිල්ලට ඇහැරුන මන් ඇදෙන් බැහැලා යන්න හදද්දි මට දැනුනේ සැහැල්ලුවක්..මම බැලුවේ මගේ ඇදුම් දිහා..දෙවියනේ මගේ ඇදුම් මාරු කරලා...මම ඇදන් හිටියේ ලහිරු අයියා ගෙදරට අදින ශර්ට් එකක්...

මගේ දෑස්වලටනම් විවේකයක් නෑ වගේ..මම ටිකක් වෙලා ඇදේම අඩමින් ඉදලා නානකාමරයට ගොස් ලෑස්ති වෙලා ගියේ අක්කගේ කාමරේට....මම යද්දි අක්කගේ කාමරේ ලස්සනම ලස්සන ඇදුම් වගේම ආභරණ පුරෝලා...ආසාවේ බෑ..මන් ආසම විදියට තමා අක්කා එයාගේ වෙඩින් එක ප්ලෑන් කලේ...අක්කා දන්නේවත් නැතුව මගේ හිත රිද්දනවා..මොනා කරන්නද අක්කගේ වැරැද්දක් නෑනේ...

නංගි...අක්කා ආවේ නානකාමරෙන් එලියට...එයානම් තවත් ලස්සන වෙලා...නංගි අපො මේ මෙකොද හැටි..ඇසුත් එක්ක ඉදිමිලා..ඔහොම බැ අක්කගේ වෙඩින් එක දවසේ ඔයා ලස්සනට ඉන්න එපැයි...අක්කගේ දෑස් වලත් කදුලු...හිතාගන්න බෑ...අක්කා කවදාවත් මට මේ තරම් ලං වෙලා නෑ...ඇය මගේ මුනෙන් අල්ලලා හරි ලස්සනට හිනා උනා...

මගේ චූටි නංගි දැන් ලොකුයි..එහෙම කියලා මාව අක්කගේ පපුවට තුරුල් කරගත්තා.....මම මොනවද වෙන්නේ කියලා තේරේන්නෙ නැතුව බලන් ඉන්නවා....අක්කා මාව තුරුලෙන් ඈත් කරලා මගේ මූන දෙස ඇස් පුංචි කරලා බැලුවා..

කෝ එන්නකෝ...නංගි මට උදව්වක් කරන්න ඕන...මගේ වෙඩින් ඩ්රස් එක ඇදින්න ඕන නංගා..එතකොට මට පුලුවන් එකේ අඩුපාඩු බලන්න...අද මට පර්ෆෙක්ට් මනමාලියෙක් වෙන්න ඕන..

මොනවද දෙයියනේ අක්කා මේ කියන්නේ...එයා දන්නවනම් මගේ ඇත්ත තත්වේ...

අනේ අක්කා...ඒත් මේ ඔයාගෙ ඇදුම්නේ...අනිත් එක....

ඔය පන්ඩිතකතා ඕන නෑ...දැන් මෙහෙ එනවා...අක්කා මගේ දැඩි විරෝධය මැද මාව එයාගෙ ඇදුම් වලින් සරසලා මේකප් කලේ සම්පූර්න මනමාලියෙක් ලෙස...

දැන් අස් දෙක හෙමින් අරින්න නංගි...එකපාරම එපා...මම ඇස් අරිනකොට කණ්ණාඩියෙන් දැක්කේ මම ලස්සන මනමාලියෙක් වෙලා...ඇස්වල කදුලු පිටින්ම මම බැලුවේ අක්කා දිහා...එයාගේ ඇස්වලත් අමුතු සතුටක්...

නංගි...මම ගිහින් ඉක්මනට එන්නම්..දැන් මාව අන්දන්න එන්න කියන්න ඕන...නංගි ඇදුම් දැන්ම මාරු කරන්න එපා...කෙනෙක් එවන්නම් ඔයාට ලේසි ඒක....

මම බැලුවේ කණ්නාඩියෙන් පේන මගේ රූපේ දිහා...මේක හීනමයක්ම නේදෝ කියලා හිතද්දී හදවතට කටු අනිනවා වගේ...ඒත් එක්කම මුලු ගෙදරම කරන්ට් එක ගියා...මම ටික වෙලාවක් එහෙම හිටියේ කරන්ට් එයි කියලා හිතලා...ඒත් කරන්ට් එක එන පාටක් නැති නිසාම මන් කලුවරේ අතගාමින් පඩිපෙලෙ පහලට යන්න උනා..පුදුමයි.. මුලු ගේම නිහඩයි...ගෙදර කවුරුත් නැහැ වගේ..වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව මම පහලටම ගියේ වටපිට බලමින්..පඩිපෙල ලගම තිබු බිත්තියේ අයෙත් මගේ ඔලුව වැදෙන්නගියේ පරන පුරුද්දටම ඒත් මගේ නලල බිත්තියේ වැදෙද්දි කාගේ හෝ අතක් මගේ නලල මත තිබ්බා...

මැනික...තාමත් කලින් වගේමයි...

මොනවා..ලහිරු අයියා...කලුවරේ උනත් ඔහුගේ රුව මට පෙනෙන්න උනා...

අයියෙ...අනේ...මම හිතලා නෙමෙ...

මැනික මන් ආදරෙයි...

මගේ ඇස් උඩ ගියා...මේ මොකද්ද වෙන්නේ අද අයියගේ වෙඩින් එක දවසෙම අයියා මේ විදියට කියන්නේ ඇයි..ඒත් එක්කම මුලු ගෙදරම ලයිට් දැල්වුනේ මාව පුදුම කරමින්...හැමෝම අපි දෙන්නා දිහා බලාගෙන..අම්මා තාත්තා නෑදෑයෝ...ඒ වගේම අක්කා...

මම පුදුමයෙන් බැලුවේ ලහිරු අයියා දිහා...

මේ හැමදේම කලේ ඔයා වෙනුවෙන්...මම එදා සිද්ද වෙච්ච දේ ඔයාගේ අක්කට කිව්වා පූජා...එයා ඇත්තටම හොද කෙනෙක් පුජා...එයා මේ හැමදේම තේරුම් ගත්තා...එයා තමා ඔයා ආස විදියට මේ වෙඩින් එක කරලා ඔයාව සප්‍රයිස් කරන්න හැදුවේ...

මම බැලුවේ අක්කා දිහා..ඇය දෑසේ කදුලු පුරෝගනිමින් මන් දිහා බලන් ඉන්නවා...අක්කේ...මම දුවලා ගිහින් බදාගත්තේ අක්කව...

අනේ මට සමාවෙන්න අක්කේ...මට සමාවෙන්න....

චුටි අහන්නකෝ...ඔයාගේ වැරැද්දක් නැ...ඒ ඔයාගේ ආදරේ..එ වගේ වෙලාවට අපිට මොනාද කරන්නේ කියලා තේරේන්නෙ නැ..මට තේරෙනවා...මගෙත් මෙතන වැරැද්දක් තියෙනවා...මම ඇත්තටම ලහිරුට ආදරේ කලේ නෑ...මගේ මහත්තයා වෙන්න හිටිය කෙනා ගැන මම බැලුවේ නැ....ඒ අතින් මේ වෙච්ච දේ ලොකු දෙයක්...නැත්තන් අපි දෙන්නගෙම ජිවිතේ අපායක් වෙන්න තිබ්බා...අක්කා කියන හැමදේම අහගෙන හිටියේ මන් හීනෙන් වගේ...

කො ලමයො දැන් ඇති..මේකප් එකත් සවුත්තු වෙයි...ලහිරු දැන් බලන් හිටියා ඇති නේද මේ දවස් ටිකේම...මගේ නංගිව ඔයාට දැන් බාරයි...එයාව හොදින් බලාගන්න...අක්කා මගේ අතගෙන ලහිරුගේ අත මත තැබුවා...

මැනික මම ආදරෙයි හැමදාම..ලහිරු අයියා එහෙම කියලා මගේ නලල සිපගත්තේ ආදරෙන්...ඒ උනුහුමත් එක්ක මම ඔහුට තුරුල් උනේ ඉපදෙන හැම ආත්මෙම එයාගේ වෙන්න ප්‍රාර්ථනා කරමින්....

ඉතින් මට ඕන උනේ එයම නොවේද....❤️❤️

-------------------------------නිමි---------------------------




Comments System WIDGET PACK