අක්කගේ මනාලයා.. පළමු කොටස | Akkage Manamalaya 01 Kotasa


අක්කගේ මනාලයා.. 

කොහෙද ඕයි යන්නේ...ඇස් පෙන්නේ නැද්ද තමුසෙගෙ....

අම්මගේ වැඩකට හදිස්සියේ දුවමින් හිටි මම අක්කගේ මනමාලයාගේ ඇගේ හැප්පුනේ හොදවයින් දෙකක් අහගෙනම....

අහ්..අනේ සොරි අයියේ...මම මේ...

තමුසෙගෙ සොරියෙන් වැඩක් නෑ...පාර බලාගෙන යනවා...කෙල්ලෙක් නේද...

ඔන්න ඉතින් මගෙත් යකා නගිනවා...අක්කගේ මනමාලයා නොවෙන්න දෙකක් කියනවා මන්...මේකා මේ මෙච්චර උඩ පනින්නේ තියෙන ලස්සනටයි සල්ලිවලටයිනේ...මම ඉතින් ඔන්න හිතින් බනින්න ගත්තා....

මොනාද තමුසේ කුටු කුටු ගාන්නේ...ඔයාගේ අක්කට මේ වගේ නංගි කෙනෙක් ඉන්නවා කිව්වමත් පුදුමයි ....

තවත්නම් මේ මෝඩ යකා කියන දේවල් අහන් ඉන්න බෑ...මම ඇහැ කොනෙන් ඔහු දෙස බලා රවලම එතනින් යන්න ගියේ තව ටිකක් වෙලා එතන හිටියොත් මම මොනා කරයිද කියලා හිතාගන්න බැරුව...

ඒ තමයි ලහිරු...අපේ අක්කගේ මනමාලයා...අපේ අක්කා කියන්නේ අපේ අම්මගේ සහෝදරියෙකුගේ එකම දුව.....ඒ නිසාම එයා මට අක්කා වෙනවා...මම පූජා.. අපේ පවුලේ එකම හුරතලී...අපේ පවුල තමයි මේ පලාතේ ඉන්න පොහොසත්ම පවුල....අපේ අම්මාගේ කරුනාව නිසයි අක්කලා මේ ව්දියට අපේ ගෙදර ඉන්නේ...අක්කගේ තාත්තා පොඩි කාලෙම වෙන ගෑනු කෙනෙක් එක්ක ගිහින් අක්කලා යන එනමක් නැති වෙලා අසරන වෙලා හිටිය කාලේ තමා අපේ අම්ම එයාලට මෙහෙ ඉන්න දුන්නේ... අපේ අක්කා ගැන කිව්වොත් ගොඩක් ලස්සනයි...ඇයට තිබ්බේ රෝස පැහැති සමක්....ඇය ඇත්තෙන්ම හරියට සුරංගනාවක් වගේ...මේ නිසාම ඇයට පොහොසත් පවුල් වලින් මංගල යෝජනා ආවත් එයා ඒ එකකටවත් කැමති උනේ නැත්තේ එයාගේ ලස්සනින් එයා ඔලුව උදුම්මගෙන ඉන්න නිසා....නමුත් කෝමහරි අන්තිමට අපේ අක්කා ලහිරුට කැමති උනේ එයාගේ තිබ්බ ලස්සනට වගේම සල්ලි වලට...

මම ගැන කිව්වොත් මමනම් අක්කා වගේ ලස්සන නෑ...කෝමත් අපේ අක්කා තරම් ලස්සන වෙන්න කාටවත්ම බැරුව ඇති....අක්කගේ වෙඩින් එක මේ සතියේ අන්තිම සෙනසුරාදා...ඉතින් ගෙදර හරි හරියට වැඩ...අපේ ගෙදරමයි වෙඩින් එක තියන්නේ...මොකද අපේ ගෙදර මාලිගාවක් වගේ....සමහර ගමේ වැදගත් මිනිස්සුත් වෙඩින් එකට අපේ ගේ ගන්නවා...අපේ පවුලේ අයටනම් ඒක ආඩම්බරයක්...මටනම් එහෙම නෑ..මම ආස සාමාන්‍ය විදියට ඉන්න...මම අපේ වලව්වෙන් එලියට ආවාම කවුරුත් දන්නේ නෑ...මම ඒ වලව්වේ අයිතිකාරි කියලා...මොකද මන් අදින්නෙත් සාමාන්‍ය විදියටනේ...ඒකට අපේ අක්කා...ගෙදර අයිතිකාරි එයා වගේ...ගෙදරින් එලියට යන්නෙම නෑ...මමනම් කියන්නෙ ඒකට සෝබනේ කියලා....එලියට ගියත් වාහනේකම තමා...ගමේ මිනිස්සුනම් එයාව දකින්නේ අවාරෙට හද දකිනවා වගේ....ඒ වගේම ලහිරුත්...ලහිරු අයියව අද තමයි මන් ඉස්සෙල්ලම දැක්කේ..එයා මේ දවස් ටිකේ එයාගේ දෙමාපියනුත් එක්ක මෙහෙ ආවේ වෙඩින් එකට දින ලග නිසා...

ආආආව්...කල්පනා කර කර ආපු මන් ගිහින් වැදුනේ ලග තිබ්බ බිත්තියක.....ආව් අප්පා...මටත් පිස්සු ...එක එකා ගැන හිත හිත් නිකන් අමාරුවේ වැටෙනවා.....

ඇත්තටම තමුසෙගේ ඇස් පෙන්නෙ නැද්ද...

මම නලල අල්ලගෙනම හැරුනේ පිටුපස...අපෝ මේ මෝඩ යකා අයේත්...මූ ඔත්තු බලනවද දන්නේ නෑ මගේ ගැන...ශික් හිනාවෙලා ඉන්න කැත විතරක් ....කේන්තියට මම එහෙම කිව්වට ඔහු හිනාවෙද්දි මාරම ලස්සනයි...

අනේ නෑ...මේ මන්...හිතාගෙනමයි වද්දගත්තේ...මට පිස්සුනේ..ඔලුව වැදුන එකේ කේන්තියත් එක්ක මම කැගැසුවා...

ඒකනම් පේනවා....මේ...තමුසෙට අන්න අක්කා එන්න කිව්වා....අක්කට කියලවත් ෆේශල් එකක් කරගන්නවා ඔය කැත මකාගන්න....

අනේ මන්දා ...මේකානම්....දෙන්නෙ හිතෙනවා දත් දෙක තුනක් බඩට යන්න....

මන් ගැන වද වෙන්න එපා අයියේ...ඔයා ගිහින් අක්කා ගැන බලාගන්නකෝ...මම එහෙම කියලා ඔහුට හිතින් බැන බැන එතනින් යන්න හදද්දි ඔහු මගේ අතකින් අල්ලන් බිත්තියට හේත්තු කලේ හෙලවෙන්නවත් බැරි වෙන්න මගේ අත් දෙකම බිත්තියට තද කරලා...

මට ඕනනම් මන් කැමති කෙනෙක් ගැන හොයනවා....තමුසේට බෑ ඒවට උපදෙස් දෙන්න....

අනේ දැන්නම් ඇගෙ හිරිගඩුත් පිපෙනවා...ඔහුගේ මගේ මූන මගේ මූන වෙතම ලං වෙලා...ඒ මදිවට කන්න වගේ මගේ තොල් දිහා බලන් ඉන්නව.. අනේ අක්කා එහෙම දැක්කනම් මන් ඉවරයි....

අයියේ ...ප්ලිස් අතාරින්නකෝ...මම බිම බලාගෙනම කිව්වේ ඔහුගේ මූන බලන්න තිබ්බ ලැජ්ජාවට....

එක දෙයක් මතක තියාගන්නවා...අයියා මගේ අත් දෙක අතඇරලා එයාගේ එක අතක් කම්මුලක් දිගේ ගෙනියන ගමන් අනිත් අත ඉනවටා සෙමින් යවමින් මාව ඔහුගේ සිරුරට තුරුල් කරගත්තා...මගේ ඉනවටා ගිය ඔහුගේ දෑත්වල පහස මගේ මුලු ඇගම හිරිවට්ටන්න උනා...

මට ඕන කියලා හිතුනොත් මම ඒ දේ ලබාගෙනමයි පස්ස බලන්නේ....

මම ඇස් ලොකු කරන් බැලුවේ අයියා දිහා..මොනාද මේ මනුස්සයට වෙලා තියෙන්නේ...දැකපු දවසෙම මට කැමති වෙලාද...නැ නැ එහෙම වෙන්න බෑ...අපේ අක්කා ලගින් මාව තිබ්බොත්...මේ ලොකේ කැතයි ලස්සනයි කියන එක එකට බලාගන්න පුලුවන්....

මොනාද බන් ඔච්චර හිතන්නේ...මන් වගේ හැන්ඩි කොල්ලෙක් මේ වගේ උබ ලගින් ඉන්න එක ගැනද....

අනේ මට වැඩේමයි...වෙන වැඩ නැත්තන් හොදයි ..මම ඔහුව ගනන් නොගෙන කිව්වා...

අහ් ඒකත් ඒමද...එකපාරම අයියා මාව අතහැරලා එතනින් ගියේ නොන්ඩියට හිනාවක් දාගෙන...

මගේ හිතට අමුතු රිදුමක් දැනුනේ ඔහු නිකන්ම මේ විදියට ගිය නිසා...

--------------------------------------------------------------------

ලහිරු ගියේ පුජාගේ අක්කාගේ කාමරේට...ඔහු යනකොට ඇය අතේ කියුටෙක්ස් ගාන ගමන් හිටියේ...ලහිරු ගිහින් ඇයව බදාගන්න ගියේ හරිම ආදරෙන්....

අනේ ප්ලිස්...ලහිරු අයින් වෙන්න...මම වැඩකනේ ඉන්නේ...ඇය ඔහුව තල්ලු කරපු පාර ඔහුගේ අත කබඩ් එකේ වැදිලා තුවාල උනා...නමුත් ඇයට ගානක්වත් නෑ..ඇය හිටියේ කියුටෙක්ස් ගගා...ලහිරුගේ හිතට මේ දේවල් පුරුදුයි...ඇය සමග සම්බන්දයක් පටන් ගත්තේ දවස ඉදන් ඇය කවදාවත් ඔහුට ආදරේ කරලා නෑ...ඇයට ඕන උනේ ඔහුගේ සල්ලි වගේම තත්වේ...

අනේ ලහිරු..ප්ලීස් එලියෙන් ඉන්නකෝ..මට චේන්ජ් කරගන්න ඕන දැන්....ඇය කිව්වේ ඔහු දෙසවත් නොබලා....ලහිරු තම රුදුම් දෙන අතත් සමග එලියට ඇවිත් හේත්තු උනේ ගේ ඉස්සරහම බැල්කනියේ...මේ බැල්කනිය හදාලා තිබ්බේ ගේ ඇතුලෙමයි...මෙතන ඉදන් පහල වෙන සියලුම දේ බලන්න පුලුවන්...ඔහු බලන් හිටියේ පහල වැඩ කරන මිනිස්සු දිහා...එක එක්කෙනා එක එක වැඩ....සමහරු මල් එල්ලනවා...බල්බ් දානවා...තවත් අය බිම සුද්ද කරනවා....මේ වගේ ගොඩක් දේවල්...තමන්ට කොච්චර සල්ලි තිබ්බත් ලහිරුට හිස්කමක් දැනුනා...ඔහු මොහොතකට සිතුවේ සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න තිබ්බනම් කියලා...ඒත් එක්කම ඔහුගේ සිතුවිලි බිදුනේ පහල උන කලබලයක් නිසා...වැඩ කරන මනුස්සයෙක්ගේ අතක් තුවාල වෙලා...ලහිරුත් ඒ දෙස බැලුවේ උනන්දුවෙන්...ඒත් එක්කම එතෙන්ට දුවගෙන ආවේ පුජා...පූජා හිටියෙත් සැරසිලිවලට උදව් කරමින්...

අනේ මාමේ ගොඩක් තුවාලද...ඇය තුවාල වූ මනුස්සාගේ අතකින් අල්ලගෙන අහනවා ලහිරු බලාගෙන...ඇගේ මේ හැසිරිමට ඔහු පුදුම උනා...මේ තරම් සල්ලි කන්දරාවක් අයිතිය තියාගෙන මේ තරම් නිහතමානි ලෙස ඇය හැසිරෙන්නෙ කෙසෙද...ඇය පිටකෙනෙකුට මෙසෙ සලකන්නේ නම් තමන්ගේ කෙනෙක්ට කොහොම සලකයිද....පූජා තුවාල වූ මනුස්සයට බෙහෙත් දමා එතනින් පිටව ගියේ දේව්ට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරමින්..

--------------------------------------------------------------------

රාත්‍රියේ ලහිරු කෑම ගත්තේ පූජාගේ අක්කා එක්ක....ඔහුගේ හිතට හවස ඉදන් අමුත්තක් දැනෙමින් තිබුනා.. ඔහු ගෑරුප්පුවත් අතේ තියාගෙන කල්පනා කරමින් හිටියේ කෑම එකට අතවත් නොතියා...

ඩාර්ලිං...ඇයි මේ...කන්න බැරිද....

ලහිරු පිගාන පැත්තකට දමා නැගිට්ටේ එතනින් යන්න...

අහ්..මට කන්න බෑ...මම පස්සේ මොනාහරි කන්නම්....

පුජා හිටියේ කිචන් එකෙ...ඇයට ඔය සක්කරවට්ටම් කෑම හරියන්නේ නෑ...ඇය තමන්ටම කියලා සුලු කෑමක් හදන්න ගත්තෙ රෑට කන්න...ඇය හිටියේ ගෑස් ලිප උඩ තිබු කබඩ් එකෙන් හැන්දක් ගන්න ඉස්සිලා ....නමුත් ඇගෙ බ්ලවුස් එක ගෑස් ලිපේ ගිනි දැල්ල වෙත ලං වෙන බව ඇය දුටුවේ නැ....මේ අතර ලහිරු කිචන් එකට ආවේ ෆ්‍රිජ් එකෙන් මොනාහරි කන්න ගන්න...ඒත් මේ දැක්ක දේ නිසා ඔහු හොදටම කලබල උනා...

මම ඉතින් ඇගිලිවලින් ඉස්සිලා හැන්ද ගන්න අමාරුවෙන් හැදුවා විතරයි කවුදෝ මාව ඇදලා ගත්තා ...

මොනාද තමුසේ කරන්නේ ...පිස්සු හැදිලද.. මොලේ නැද්ද...මම හිටියෙ නැත්තන්...

මොකටද මේ බැනගෙන යන්නෙ කියලවත් දන්නේ නැති මන් ඔහු දෙසබලා සිටියේ රවම්න්...

මොනවා නැතත් එරවිල්ලනම් තියෙනවා..අනිත් දවසේ වැඩ කරනකොට පරිස්සම් වෙනවා.....එහෙම කියලා ලහිරු එතනින් ගියේ අපේ පූජාට ප්‍රශ්නයක් ඉතුරු කරමින්.....

පසුවදා පහන් උනේ අපේ ගෙදර පාර්ටියක් සූදානම් කරමින්...ඒ අක්කගේ වගේම ලහිරු අයියගේ පැත්තේ නැදැයන්ට,මිතුරන්ට මේ පාර්ටි එක ඇරේන්ජ් කලේ අක්කගේ කැමැත්තට....අපේ අම්මලා අක්කට සැලකුවෙත් තමන්ගෙම දුවෙකුට වගේ නීසා ඇගේ මේ විවහය ඇයට කැමති විදියට කරන්න දුන්නා...

මම හිටියේ කාමරේ හවස පාර්ටි එකට ඇදුමක් තෝරමින් කාමරේ...ඇදුම් නම් ගොඩයි මට....මන් ආසම හැබැයි දිගට අදින්න...ඒ නිසාම අල්මාරියේ තිබු ලෙහන්ගා එකක් අරන් ඇගට තියාගෙනම කන්ණාඩිය දෙස බැලුවේ එක හොදයිද බලන්න...ඒත් කන්නාඩියෙන් දුටු රුව නිසා මගේ ඇගම සීතල උනා...

ලහිරු අයියේ.. මොනා වෙලාද මන්දා මට...අයියව දකින හැම මොහොතෙම මගේ හිත මාර විදියට ගැහෙන්න ගන්නවා....අයියා මොහොතක් මන් දෙස බලන් ඉදලා ආවේ මගේ ලගට...

ඕකද අදින්නේ ...ඔහු මගෙන් ඇහුවේ නිකන් මන් එයාගේ වගේ...

මේ..මේ..හරියටම තාම හිතුවේ නෑ....මම මේක ගොඩ කාලෙකින් ඇන්දෙත් නැ...මම ඉතින් ඔන්න අර පිස්සුවෙන් වගේ කියවන්න අරන්....

ඔහු එක්වරම මගේ කට ඔහුගේ අතින් වහලා කිව්වේ කෑගහන්න එපා කියලා...මගේ උරහිස් දෙකෙන් අල්ලපු ඔහු කන්නාඩිය වෙත මාව හැරෙව්වා..මම කන්නාඩියෙන් ඔහු දෙස බැලන්න ගත්තේ හොරෙන්...ඒ ඇස්වල මොකද්දෝ අමුත්තක් දැනෙන්න ගත්තේ මාව තවත් අසරන කරමින්...එක්වරම මුලු ගෙදරම කලුවර කරමින් ලයිට් ගියේ මන් කෑගහගෙනම ඔහුගේ තුරුලට කරමින්....

ඒත් එක්වරම මන් ඔහුගෙන් ඈත් උනේ මම කරන්නේ වරදක් යැයි සිතමින්...

අයියේ ප්ලීස්..දැන් ඔයා මගේ කාමරෙන් යන්න...මෙහෙම අපි දෙන්න ඉන්නවා දැක්කොත් ඒක හරි නැ අයියේ...ඔයාගෙ වෙඩින් එකත් ලගයිනේ අයියේ...මම එහෙම කිව්වේ හිතකින් නෙමෙ .. මොකද මේ දවස් දෙක් තුනට ඔහු ගැන මගේ හිතේ ආදරයක් ඇති වි තුබුනා..ඒත් ඒක මට තහනම් ආදරයක්...

තාමත් මුලු ගෙදරම කලුවරේ...පුජාගේ අක්කා හිටියේ මූනේ ෆේශල් එකක් දාගෙන...ඇයට ගානක්වත් නෑ ඉතින්...

ලහිරු තාමත් කලුවරේ දිස්වෙන ඇගේ රුව දෙස බලන් හිටියේ අමුතු හැගීමක් එක්ක.... මේ දවස් ටිකේ පූජාගේ හැසිරීම ඔහුගෙ හිතට ඇය ගැන හැගීමක් එකතු කරලා තිබ්බා...ඒ වගේම කලුවර කාමරේක මේ විදියට ඇයත් සමග තනිවීම නිසාත් ඔහුගේ හිත කලබල වී තිබුනා.....

ඇය ඔහුට යන්න කියා පැවසුවත් ඔහු කලේ තවත් ඇයට ලං වෙන එක....

මගේ මුලු ඇගම සීතල වෙලා..පිරිමි කෙනෙක් එක්ක මේ විදියට කාමරේක ඉන්නකොට ඕනම කෙනෙක්ට එහෙම හිතෙනවා... අයියා එක්වරම මන් ලගට ඇවිත් මාව කන්නාඩිය දෙස නැවතත් හැරෙව්වේ මගේ කන ලගට ඔහුගේ මුව ලං කරමින්...

කැමතිද මගේ වෙන්න....ඔහු මගේ කනට කරලා ඇහුවේ සෙමින්...මම පුදුමයෙන් ඔහු දෙස බැලුවා...

ඒත් අයියේ මේ ...අයියේ අහන්න..මට මේක කරන්න බැ...අයියේ මේක වැර..මට කියන්න හම්බුනේ නෑ..ඔහු මගේ ගෙල මත දෙතොල් තබා සිපගත්තේ මාව ගොලු කරමින්.. ඔහුගේ එක් අතක් මගේ ඉනවටා ගොස් ඔහුගේ තුරුලට තද ගනිමින්ම ඔහු මා ඇද සිටි බ්ලවුස් එක පිටුපසින් ඉරාදමා මගේ පිට මත ඔහුගේ උනුසුම් දෙතොල් තැබුවා...ඔහුගේ ස්පශයන් හමුවේ මන් සිටියේ ගොලු වි...

එක්වරම මාව දෝතට ගත්ත ඔහු මාව ඇද මත තැබුවේය....කලුවරේ උනත් මට ඔහුගේ දෑස්වල තිබූ ආදරය හොදින්ම දුටුවා...ඔහු මා දෙස බලාගෙනම ඇද සිටි කමිසයේ බොත්තම් ගලවා දැමුවේ ඔහුගේ පිරිපුන් ශරීරය විදහා දක්වමින්...මට මෙය වැරැද්දක් ලෙස හැගුනත් එයට එරෙහි වීමට මට ශක්තියක් නොවුනේ ඔහු ගැන මගේ හිතේ වූ හැගීම නිසා...

ඔහු මගේ සිරුරට බර වි මගේ දෙතොල් වලින් අල්ලගෙන මාව සිපගන්නට උනේ වියරුවෙන් මෙන්....සිපගැනීම කෙතරම් වීදයත් ඔහු අත්වලින් මගේ බ්ලවුස් එක ඉරා දමා පැත්තකට විසි කර දැමුවේය....දෙතොල් වලින් මෑත් වූ ඔහු මගේ ගෙල මතත් පිරුනු ලැම මතත් ඔහුගේ දොතොල් තැබුවේ උමතුවෙනි...ඔහුගේ සිපගැනීම මෙන්ම ස්පර්ශයන් ඉතාමත් කලබලකාරි උනේ මට රිදුම් දෙමින්... එක්වරම දැනුනු දැඩි වේදනාවත් සමග මගේ දෑස්වලින් කදුලු ගලාගියේ කටින් කෙදිරිලි පිට වෙද්දී...ඒත් ඔහු තාමත් නොයිවසිල්ලකින් මගේ සිරුර මත සිපගනිමින් ඉන්නවා...

අයියේ..අනේ මට රිදෙනවා...මම කිව්වේ යටිබඩින් එන වේදනාව දරගත නොහැකි නිසා....

සමාවෙන්න මැනික...ඔහු පැවසුවේ මගේ නලල සිපගනිමින්..ඉන්පසු ඔහුගේ ස්පර්ශයන් පෙර පරිදි රළු නොවිය...හොරා කීහිපයක් ගත විය..මගේ සිරුරෙන් ඈත් උනු ඔහු එක්වරම මගේ ලැම මත මුහුන තියාගත්තා...

අද තමයි මගේ ජිවිතේ වෙනස් වෙන දවස පූජා.. මන් අද ලොකු වැරැද්දක් මේ කලේ...මන් දන්නේ නෑ ඒකට මොනවගේ දඩුවමක් මට ලැබෙයිද කියලා...ඒත් එක දේකට මන් සතුටුයි..ඔයා මගේ උන එක ගැන....එහෙම කියපු ඔහු මගේ නලල සිප ගත්තේ හිමිට...

මම ආදරෙයි....එහෙම කියු ඔහු මගේ ගතින් ඈත් වි තම කමිසය ඇදගෙන මා දෙස බලා ...ගුලි වි බිම වැටි තිබු බෙඩ්ශීට් එක මගේ නිරුවත් සිරුර වැහෙන්න දමා කාමරෙන් පිටත් වි ගියේය...

මම මේ සියල්ල දෙස බල සිටියේ අඩසිහියෙන් මෙන්...අද මගේ ජිවිතේ සිතාගත නොහැකි ලෙස වෙනස් උනේ මාව ගතින් ලහිරු අයියගෙ වෙද්දී...මම අඩන්න ගත්තේ වෙන දෙයක් නිසා නෙමෙ ඒ ලහිරු අයියට ලං වෙන්න බැරි වෙන නිසාත් ඔහුගේ ආදරය ඉල්ලා විලාප වෙන හදවත නිසාත්ය...මම බෙඩ්ශීට් එක ලමැද මත ගුලි කරගෙනම කෙතරම් වෙලා ඇඩුවද කියන්න දන්නේ නෑ...

උදේ නැගිටිද්දි ගතට අමාරුවක් දැනුනත් මන් ඇද පැලදෙගෙන පහලට ගියෙ මොන දේ උනත් මුහුන දෙන්න හිතාගෙන...නමුත් පහලට යද්දිම ඇසුනු දේ නිසා හදාගත්ත හිත එතනම කැඩිලා ගියේ කදුලු කම්මුල් දිගේ ගලායද්දි....

----------------------------------මතු සම්බන්දයි------------------

මොනාද පූජාට ඇහුනේ...එතකොට ලහිරු මොනවා කරයිද...එතකොට පූජට තනි වෙන්න වෙයිද....?



Comments System WIDGET PACK