අහිමි දීගේ... | Ahimi Digea


අහිමි දීගේ...
ට්‍රිං ට්‍රිං...ට්‍රිං...හෙලො අම්මා..අම්මා මම හදිසි බිස්නස් වැඩකට යනගමන් ඉන්නේ...අනේ අම්මා..ගෙදර වෙන කවුරුත් නැද්ද..එහෙමද...හරි එහෙනම්..මම රූහිව ගන්නම්....
සුඛෝපභෝගී වාහනයක ඉදිරි අසුනේ ගමන්ගනිමින් සිටියේ දේවාශ් අවුරුදු 25 තරුනයෙක්...තාත්තගේ බිස්නස් දැන් ඔක්කොම බලාගන්නේ දේවාශ්...දේවාශ්ගේ පවුලේ ඉන්නේ එයා විතරයි..ඒත් දේවාශ්ගේ මේ පාලුව මකන්න අවුරුදු පහකට කලින් ඔහුගේ නැන්දට දරුවෙක් ලැබුනා..එදා ඉදන් දේවාශ්ගේ හැමදේම උනේ රූහි...ඇය තමාගේ සහෝදරියෙකුට වගේ ඇයට ආදරේ කලා...මේ වෙලාවේ දේවාශ් යන්නේ එයාගේ බිස්නස් ජිවිතේ වැදගත්ම මීටින් එකට...නමුත් දැන් ඔහුට රූහිව ගන්න යන්න වෙනවා....
ඩ්‍රයිවර්...ඉස්සරහ ජන්ශන් එක ගාවින් වමට දාන්න...පුංචි බේබිව ගන්න තියෙනවා....
හරි සර්...වාහනේ පාසල අසල නවත්වා ඔහු බලන් හිටියේ රූහි එනකන්..ෆෝන් එකත් ඔබ ඔබ හිටිය ඔහුට එක්වරම ඇහුනේ රූහිගේ හඩ....
අනේ ඕක දෙන්න...ඉහි ඉහි...අනේ දෙන්න...
බෑ ඒක මට ඕනේ..දෙනවා මෙහෙට...රූහි අහිංසක පෙනුම තියෙන චුටි කෙල්ලෙක් එක්ක රන්ඩු කරනවා...ඒ කෙල්ල හොදටම අඩනවා...රූහිනම් කොහොමත් දගයිනේ..
රූහි..දේවාශ් රන්ඩුව ලගට ගිහින් රුහිගේ අතින් අල්ල ගත්තා...මොකද ඔය කරන්නේ..ඒ ලමයගේ බෝතලේ දෙන්න...
අනේ බෑ මාමා...මට ඕනමයි ඒක...දෙන්න කියනකෝ මට...
කෝ මෙහෙ එන්න රූහි බබා...දේවාශ් රූහිව වඩාගත්තේය...මමා යනකොට ඒකට වඩා ලස්සනම ලස්සන බෝතලයක් අරන් දෙන්නම්කෝ...හරිද...කෝ ඉතින් මාමට කිස් එකක් දෙන්න...රූහි දේවාශ්ගේ බෙල්ල බදාගෙන ඔහුගේ කම්මුල මත හාදුවක් තැබුවා...හොද බබා...එහෙනම් අපි යං...දේවාශ් වාහනයට යන්න හැදුවත්  රූහි රන්ඩු කල චුටි දරුවා හිටියේ තාමත් අඩ අඩ...කොල්ලට දුක හිතුනේ ඇයත් තාම පොඩි නිසා...ඔහු ඇය වෙත ගොස් ඇයට කතා කලා..
සොරි පැටියෝ...අපේ මේ රූහි බබා නෝටි ලමයෙක් වෙලා..ඒකයි මේ..ඒ නිසා දැන් අඩන එක නවත්තන්නකෝ...මම හෙට රූහිගේ අතේ ඔයාටත් අලුත්බෝතලයක් එවන්නම්...දේවාශ් ඒ කිව්ව කතාවටනම් ඇගේ මුනේ හිනාවක් ඇදුනා...කො දුව...ඔයා තනියමද..කවුරුත් ආවේ නැද්ද එක්කන් යන්න...
ආ..වා...අම්මි ආවා...අර ඉන්නේ එයා...දේවාශ් කෙල්ල අත දික්කරපු දිහා බලනවත් එක්කම..මෙච්චර වෙලා තවකෙනෙක් එක්ක කතා කරමින් හිටිය තරුනිය ඔවුන් වෙත එන්න හැරුනා...දේවාශ්ගේ හදවත් මොහොතකට නතර උනා වගේ...දිගුම දිගු වරලසක් සිහින් සිරුරක් තිබු ඇය ඇත්තෙන්ම ගොඩක් ලස්සනයි...
මොනවා...මේ කෙල්ල මේ ලමයගේ අම්මා වෙන්නේ කොමද...එයා තාම ගොඩක් තරුනයි වගේනේ...කොල්ලගේ හිතට සියුම් වේදනාවක් දැනෙන්න උනා...
අම්මා..අම්මා...චුටි දරුවා ගිහින් ඒ කෙල්ලගේ ඇගේ එල්ලුනා...
ඇයි මැනික මේ...අනේ අරයා මගේ බෝතලේ ඉදිරුවා..කෙල්ලත් බැලුවේ පලවෙනි පාරට කොල්ලා දිහා..ඔවුන්ගේ දෑස් එකට යාවෙද්දි ඒ ඇස් මත ඔවුන්ගේ දෛවය ලියවුනේ හරි අපූරුවට...කෙල්ලගේ ඇස් කදුලු වලින් පිරුනේ ඉබේටමයි...ඇයගේ මුලු හදවතම අතීතය විසින් පාරන්න උනා..
අනේ සොරි...රූහි ටිකක් දගයි...ඒකයි මේ...සමාවෙන්න...දේවාශ් කිව්වේ කෙල්ලගේ ඇස් දිහාම බලාගෙන...ඒ ඇස්වල පුරුද්දක් දැනුනා ඔහුට...
හරි කමක් නෑ ඒකට...මේ පොඩි ලමයිනේ...අපි යමු පින්කි...ඇය පින්කිගේ අතත් අල්ලගෙන එතනින් ගියේ දේවාශ්ව මග අරිමින්...
ස්නේහා..පින්කිගේ අම්මා...ඇත්තම කිව්වොත් අම්ම වෙන්න උන කෙනා..ස්නේහා කියන්නේ සල්ලිකාර පවුලක හුරතලේට හැදුනු කෙල්ලෙක්...දවසක් ගමනක් යමින් සිටියදි ඇගේ වාහනේ ඉස්සරහට පැන්නේ කාන්තාවක්...ඇය යමින් හිටියේ අතුරුපාරක උන නිසා ලගපාත කවුරුත් හිටියෙත් නෑ...ඇය වාහනෙන බැස කාන්තාව වෙත ගියා.. එම කාන්තාව හිටියේ ලේ පේරාගෙන...ඇයට කවුරුන් හෝ පහරදිල තිබුනා..ඇගේ අතේ ඒ වෙනකොට අවුරුදු දෙකක ලමයෙකුත් හිටියා...ඇය හිටියේ මරනාසන්නව වගේ...නෝ..නා..මේ දරුවව...එක්කන් යන්න...නැත්තන් දරුවව මරයි එයාලා...ඇය තම අතවු දරුවා ස්නේහාගේ අතේ තියලා කියන්නට උනා...ඒත් මන් කොහොමද..මේ ලමයා...ස්නේහා කිව්වත් අර කාන්තාව ඇයදෙස බැලුවේ කදුලු පිරි දෑසින්...නෝනා  දැන් යන්න...ඇය කිව්ව වචනෙත් එක්ක ඇය දරුවව අරන් යන්න හැදුවත් නැවතත් බැලුවේ කාන්තාව දිහා...නෝනා යන්න..ඉක්මනින්ම..නැත්තන් ජිවිත තුනක් නැති වෙයි...යන්න නෝනා...ස්නේහා දරුවවත් තුරුල් කරන් ගියේ ගෙදරට...ගෙදර මිනිස්සු මේක අහලා පුදුම උනත් ඔවුන් කිව්වේ ඒ දරුවව ලමා නිවාසෙකට දාන්න කියලා...තමන්ගේ උනුහුමේ නිදන් ඉන්න දරුවව දැක්ක ඇයට මව්පදවිය නොලැබුනත් එම දරුවා ගැන ධාරක ස්නේහයක් ඇති උනා... ගෙදර අයත් දරුවව අතරින්න කියලා ඇයට කරදර කරද්දි ඇය දරුවවත් අරන් වෙනම ගේකට ආවා..එදා ඉදන් පින්කිගේ අම්මා උනේ ඇය...ඇගේ මුලු ලෝකෙම උනේ පින්කී....
ස්නේහා ගෙදර ඇවිත් පින්කිව උකුලේ තියාගත්තා..පින්කි බබා...ඇයි මේ මූන එල්ලන් තාම..පැටියට දුකයිද...
නැ අම්මා...මට දුක නැ...ඔයා මන් ලග ඉන්නවනේ...ඇය ස්නේහාගේ ලමැදටතුරුල් උනා...කෙල්ලගේ දෑසුත් කදුලින් තෙත් උනේ පින්කිගේ වචනවලට....ඒ වගේම දේවාශ්ව මතක් උන නිසා...
--------------------------------------------------------------------
මොකද බන් මේ වෙලා තියෙන්නෙ..ආපු වෙලේ ඉදන් කල්පනාවක..උබ මිටින් එකටත් හරියට ෆේස් කලේ නැ...මචන් ප්‍රශනයක්නම් කියන්න...ඒ දේවාශ්ගේ හොදම මිතුරා ලහිරුයි...
නෑ බන්. .මම එද්දි...ඔහු සියලු විස්තර තම මිතුරාට කිව්වා...
හරිනේ බන්..ඒක ඉවරයි...එ කෙල්ල බැදලා...උබට එතනින් එහා කිසිම අවුලක් වෙන්න බැ...
ඒත් බන් ...මට ඒ කෙල්ලව දැක්කම මොකක් හරි මතක් වෙනවා..
හ්ම්...උබට එයාව ආයේ හම්බෙලා බන්..ඒත් මට උබට ඒ ගැන කියන්න තහනම් බන්...මට සමාවෙයන් බන්..මට සමාවෙයන්...දේවාශ්ගේ මිතුරා මුවෙන් නොකිව දේ හදවතේ හරි අපූරුවට ලිව්වා..
පිස්සෙකද බන්..හැමදාම උබ වාහනේ යන්නේ එන්නේ...උබට සාමාන්‍ය මිනිස්සු හම්බෙන්නේ නෑ බන්...ඕවා හිතන එක නවත්තපන්...උබ හිතන්න ඕන උබේ බිස්නස් එක ගැන...
-------------------------------------------------------------------ස්නේහා උදේම නාගෙන ලැස්ති උනේ පින්කිව ස්කූල් එක්ක යන්න...පින්කී ...නැගිටින්න පැටියෝ..පින්කිගේ සිනිදු කම්මුල මත හාදුවක් තබා ඇය ගියේ කුස්සියට...ඒත් එක්කම ඇගේ ෆෝන් එක නාද උනේ..එහි  නාදුනන අංකයක් සටහන් කරමින්
හෙලෝ...
අහ් මැඩම්...උබ කොහෙද ඉන්නේ කියලා මන් දැන් දන්නවා...උබ දරුවව හංගලා කරගත්තේ ලොකු වැරැද්දක්...ඒකට උබට  වන්දි ගෙවන්න වෙයි ලගදිම...
ස්නේහා ඉක්මනින් ෆෝන් එක කට් කලා...දෙවියනේ මගේ දරුවා..ඒ කතා කලේ පින්කිගේ තාත්තා..එයා තමා බස්නාහිර පලාත්භාර ඇමති...ඔහු පින්කිගේ අම්මව දූශනය කරලා ලමයවත් නැති කරන්නයි හදන්නේ.මොකද ඔහුගේ වැරදි වැඩේ අහුවෙන්න තියෙන එකම සාක්ශිය පින්කි...ඇය මේ වග හොයාගත්තේ පින්කිව භාරගෙන අවුරුද්දක් වෙද්දි... ස්නේහා ෆෝන් එක පපුව මත තියාගෙනම අඩන්න ගත්තා...
අනේ දේවාශ් මට ඔයාව ඕනි මේ වෙලාවේ...මට ඔයාව ඔනි දේවාශ්...මේ වෙලාවේ මගේ ලගින් ඉන්නකෝ මගේ මැනික...
අම්මා..ඇයි මේ අඩන්නේ...පින්කි ආවේ අස්දෙකත් පොඩි කරමින්...පින්කිගේ පැමිනිමත් එක්ක ඇයගේ හැඩුම් තවත් වැඩි උනා...ඇය පින්කිව ලගට අරන් තුරුල් කරගත්තා..
මුකුත් නැ පැටියෝ...අම්මට...ඔලුවේ කැක්කුමයි...කෙල්ල දුක හංගගෙන කිව්වා...හරි දැන් අම්මිට හොදයි..මගේ දූ ගිහින් ලෑස්ති වෙන්න ස්කූල් යන්න...
--------------------------------------------------------------------
අවුරුදු දෙකකට කලින්
නේහා...අනේ මට කවන්නකෝ...ඔයා දන්නවනේ ඔයා කැව්වේ නැත්තන් මට බඩ පිරෙන්න නැ කියලා...
ආ මේක මාර වැඩක්නේ...දේවා ඔයා මට කියලා හැමදාම කවාගන්න බෑ..ඔයා ගෙදර ගියාම ඔයාට මන් නෑනේ..
ඒ කිව්ව දේටනම් කොල්ලගේ මුන මැලවුනා...කෙල්ලගේ අතින් අල්ලගත්ත ඔහු ඇයව තම තුරුලට අරන් තදින් බදාගත්තා...
මගේ මැනික..උබව දාලා යන්න බෑ මට...මම මැරෙයි...මේ ලොකේ මොන දේ අමතක උනත් උබව අමතක වෙන්නෙ නෑ  මැනික.. උබ මගේ පන...
කොල්ලගේ උනුහුමට තව තවත් තුරුල් වෙමින් සිටි ඈ ඔහුගේ පපුව මත හාදුවක් තැබුවා ....
මාත් දේවා...කවදාවත් මේ හිතින් වෙන කාටවත් ආදරේ කරන්න බැරි වෙයි...මේ ආත්මේ විතරක් නෙමෙ හැම ආත්මෙම ඔයාට විතරයි ආදරේ.....ඒත් දේවා මට බයයි පින්කි ගැන.. අර නරුමයා එයාට කරදර කලොත්...
ඒ ගැන බයවෙන්න එපා මැනික...අපි ඉක්මනින්ම මෙහෙන් යමු...ඒකට ඕන කරන හැමදේම මන් ලැස්ති කලා...මේ සතියේ අන්තිමේ අපි යනවා මෙහෙන් රත්තරන්...මම මෙහෙදිම ඔයාව මැරි කරලයි යන්නේ නේහා...එතකොට මගේ මැනිකට කරදර කරන්න කාටවත්ම බෑ...
දේවාශ් කියන්නේ පින්කිගේ පෙම්වතා..අහම්බෙන් හම්බුන ඔවුන් දෙදෙනා ආදරේ  කරන්න ගත්තේ ආත්මෙන්...නේහාට ඔහුව හම්බෙද්දිත් පින්කි ඇයලග හිටියා...ඔහු කවදාවත් පින්කිට වෙනස්කමක් කලේ නැ...නේහාට වගෙම ඇයට ආදරේ කලා..නමුත් දෛවය ඔවුන්ට එකතු වෙන්න දුන්නේ නැ....නේහාව මැරි කරලා රට යන්න හිතන් ගෙදරින් ආව දේවාශ් නොසිතු රිය අනතුරකට මුහුන දුන්නා...ඒ රිය අනතුරෙන් ඔහුට ඔහුගේ සියලු මතකයන් අහිම් උනා..මේ බව නොදත් ස්නේහා ඔහු එනකන් මග බලාගෙන හිටියත් අවසානයේ ඇයට ඉතිරු උනේ පින්කි විතරයි...ඇය දේවාශ්ව මතක් වෙන හැමපාරම අඩනවා....
--------------------------------------------------------------------
මචන් දේවා...උබ ටිකකට වරෙන් හොස්පිටල් එකට..දේවාගේ මිතුරෙකු ඔහුව ඇමතුවේ කලබලෙන්....
මොකද බන් උනේ...ඇයි මේ කලබලෙන්...?
මචන් ලහිරු ඇක්සිඩන්ට් වෙලා...
මොනවා...ඒ කොහොමද...
උබ වරෙන්...ඌට අමාරුයි...උබව බලන්න ඕන කියනවා...
දේවාශ් හොස්පිටල් එකට ගියේ අවසිහියෙන් වගේ..ඔහු යනකොටත් ලහිරු හිටියේ අයි සී යූ එකේ...
මචන්..මොකද මේ උනේ...දේවාශ් ඇහුවේ තමන්ගේ හොදම මිතුරා ඒ විදියට ඉන්නවා බලන්න බැරි නිසා..
දේ...වා...උබට කි..කි..යන්න දෙ..යක් තියෙ..නවා...
අනේ එපා බන් දැන් කතා කරන්න එපා..හොද වෙලා ඉන්න...ඊට පස්සෙ කතා කරමු අපි...
නෑ...දේ..දේ..වා...මේක..කියන්න..ඕනේ උබට....නේ..හා...උබේ...ප..ප..න...බන්...ඒකිව බ...ලාගනින්...කරදරයක් වෙන්න දෙන්න එපා......
දේවාශ්ට ඔහු කියන දේ තේරෙන්නෙ නැ...කවුද නේහා කියන්නේ..එතකොට ඇයි එයාව බේරගන්න ඕනේ...මොකද්ද එයාට තියෙන කරදරෙ ..එක්වරම ලහිරුව සම්බන්ද කරලා තිබ්බ යන්ත්‍රවලින් බීප් නාදයක් නිකුත් වෙන්න ගත්තා...
මචන්..අනේ එපා..උබ ජිවත් වෙන්න ඕන...ලහිරු...ඔහුගේ අතින් අල්ලගත්තා දේවාශ් කෑගහන්න උනා...
නේ..හා...නේ..හා...එකවරම දේව්ගේ අතට තද වි තිබුනු ඔහුගේ අත බුරුල් වෙමින් ඔහුගේ අන්තිම හුස්ම වාතලයට මුහු කලා...
දේවාශ් කාමරෙන් එලියට ආවේ මලමිනියක් වගේ..ඔහුගේ හොදම මිතුරා ඔහු ඉස්සරහම මියගිය විදිය ඔහුට මැවි මැවි පේන්න ගත්තා...වාහනෙත් ස්ටාර්ට් කරන් ඔහු පාරේ ගියේ අවසිහියෙන් වගේ..එක්වරම ඉස්සරහින් ආව ටිපර් රථයක වාහනේ ගැටෙන්න ගිය නිසා දේවාශ් වාහනේ පාරේ අයිනට කරත් වාහනය ගොස් අසල තිබු ලයිට් කනුවක වැදුනා...ලොකුකම්පනක් එක්ක දේවාශ් නැවතත් රියඅනතුරකට ලක් උනා...
සිහිය එද්දි ඔහු හිටියේ පාරේ..මිනිස්සු කීප දෙනෙක් වටවෙලා...දෙවාශ් ඇස් අරින්කොටත් ඔහුට ඔහුගේ සියලුම මතකයන් මතක් වෙමින් තිබ්බා...
නේහා...නේ..හා..මගේ මැනික...කොහෙද ඔයා..අනේ මට සමාව දෙනවා නේද..අනේ සමාවෙන්න රත්තරන්...ඔහු පාරේ මැද ඉදගෙනම අඩන්න උනා...
මේ මහත්තයා...බලාගෙන වාහන එලවන්න..තව ටිකක් එහෙ මෙහෙ උනානම් මහත්තයගේ කෑලි තමා...
කොල්ලා රිදුම් දෙන හිසත් අල්ලගෙන...ආපහු වාහනේට නැගලා ස්ටාර්ට් කරගත්තේ ඇස්වලින් කදුලු ගලද්දි.. 
 ස්නේහා පින්කිවත් වඩාගෙන පින්කිගේ ඇදුම් සහිත බෑග් එකත් අරගෙන එලියට බැස්සේ තවත් ඒ ගෙදර හිටියොත් පින්කිට කරදරයක් වෙයි කියලා හිතලා...පාරේ ටික දුරක් ගියත් ඇයට වාහනයක් හොයාගන්න බැරි උනා...ඒත් එක්කම වේගෙන් ආපු වෑන් එකක් ඇය ලග නතර කලා...ඇය එතනින් වේගෙන් යන්න ගියේ මොකක් හරි අනතුරක් වෙන බව දැනුනු නිසා..නමුත් ඇයට යාහැකි වූයේ මද දුරයි..වාහනෙන් බැස්ස මිනිස්සු වගයක් .පින්කිව උදුරලා අරගෙන ස්නේහා මුව වෙත ලේන්සුවක් ලං කලා...අඩවන් වෙන දෑස් මත පින්කිගේ හැඩුම්බර රුව සටහන් උනා...
ස්නේහාගේ ඇස් ඇරෙද්දි ඇය හිටියේ කාමරේක ඇද මත...ඇය ඉක්මනින්ම ඇදෙන් නැගිටලා ගිහින් දොරට ගහන්න උනා...
මට යන්න දීපන්...මගේ දරුවව මට බලන්න ඕන..මට යන්න දීපන්...අනේ..මට මගේ දරුවව ඕනේ...ඇය පිස්සියෙක් මෙන් දොර වෙත ගසමින් අඩන්න උනා...අනෙ මගෙ දරුවා...
පැයකට පමන පසු කාමරේ දොර විවෘත වෙන ශබ්දයක් ඇසුනු නිසා ඇය එදෙස බැලුවා...ඒ ඇවිත් තිබුනේ ඇමති..ඔහුව දැක්කා විතරයි ස්නේහාගේ කේන්තිය වැඩි උනා.. 
කෝ මිනිගෝ මගේ දරුවා...උබ මගේ දරුවට මොනාහරි කරල තිබ්බොත් මම් උබව මරනවා...දැනගනින්....ඇය පැවසුවේ වියරුවෙන් ඇගිල්ලක් දික්කරමින්....
අයියො මිස් ස්විටි ...ඕක ගැන හිතන්න එපා...ඒ ඔයගේ ලමයා නෙමෙනෙ...අනිත්එක  ඕනිනම් මම මේ ඔයාගේ චූටි බන්ඩියට ඕනතරම් ලමයි දෙන්නම්....ඔහු කිව්වේ ස්නේහා දෙස කෑදර බැල්මක් බලමින්...
වනචරයා...ඇය ඔහුට කනේ පාරක් දුන්නේ ඔහුගේ කෙන්තිය සීයට එකසිය ගානට නග්ගමින්...
මොකක්ද...බැ#$&* උබ කලේ ආආ..උබේ කෝමත් ගනන් බස්සන්න ඕන...ඔහු ඇගේ බාහුවකින් තදින් අල්ලගෙන මොර දුන්නා...කොහෙවත් යන වේ#%#  ගෑනුන්ගේ ලමයි කරගහගෙන....හිටපන්කෝ උබට... ඔහු ස්නේහාගේ අතින් අල්ලලා විසික් කලේ ඇදට....
එන්න එපාලගට...යන්න දෙනවා මට...මට මගේ පින්කිව...එන්න එපාලගට....ඇය කොච්චර කෑගැහුවත් වැඩක් නෑ..ඔහු ඇගේ ඇගට බර වෙලා ඇගේ දෙතොල්වලට ලං උනෙ සිපගන්න.. 
අනේ එපා...අතැරපන් මාව....අනේ...දේ...වා...මාව බේරගන්න....ඇය කෑගැහුවේ හිතෙ තිබ්බ වේදනාව සමග.....ඒත් එක්කම දොර දෙසින් ඇසුනේ වෙඩි හඩක්...
අතෑරපන් යකෝ මගේ කෙල්ලව...ඒ හිටියේ දේවාශ් ඔහුත් එක්කම පොලිස් නිලධාරීන් පිරිසක් කාමරේ ඇතුලට ආවා...දේවාශ් කෙලින්ම ඇවිත් ඇමතියට හොදවයින් දෙක තුනක් ඇන්නා...
ප#%$...උබට කොහෙන් ආපු හයියක්ද මගේ කෙල්ලට අත තියන්න...දෙවාශ්ගේ මෙ වචන හමුවේ ස්නෙහාගේ දැස් යලිත් කදුලින් තෙත් උනා...පොලිසියේ අය දේවාශ්ව පැත්තකට කරලා ඇමතිව අත්ංඩගුවට ගත්තා...
අනේ මැනික...දෙවාශ් ඇවිත්  ස්නේහාව පපුවට තුරුලු කරගත්තෙ ආදරෙන්....මට සමාවෙන්න මැනික...කවදාවත් අමතක වෙන්නේ නැ කියපු උබව අමතක උනා මට...මන් මහම මහා පවුකාරයෙක් නේහා..මට මගේ ආදරේ පරිස්සම් කරගන්න බැරි උනා...
දේ...වා...අනේ මන් තරහ නෑ මහත්තයා.මගේ හිතේ කවදාවත් ඔයාට වෛරයක් තිබ්බේ නෑ...
මගේ මැනික.. දේවාශ් ඇගේ මූනෙන් අල්ලගෙන ඇගේ දෙතොල් සිපගත්තෙ උමතුවෙන් මෙන්...ඔහුගේ දෙඅත් ඇගේ ඉනවටා ගොස් ඔහුගෙ සිරුරට තද කරගෙන ඇයව සිපගත්තේ හැම දුකක්ම කදුලුවලින් පිටකරන්න දිලා....මිනිත්තු කීපයක් මෙලෙස සිපගද්දි ස්නේහා ඔහුගෙන් ඈත් උනා...
දේවා..අනේ මගේ පින්කි...අනේ එයා කො...ඇය කලබලෙන් නැගිට්ටා...
ශ්..ශ්...මැනික අහන්න...ඔයාගේ පින්කි හොදින්...
අනේ මට එයාව බලන්න ඕන ...අනේ ප්ලිස් දේවා එයාව බලන්න එක්කන් යන්න...
හරි මැනික...එන්නකෝ...ඔහු ඇගේ අතින් අල්ලගෙන ගියේ නිවසේ පහලට..පහල හිටියෙ කාන්තාවක්... ඇයගෙ අතේ නිදාගනිමින් හිටියේ පින්කි...
පින්කී...ස්නේහා ඇය වෙත දිවගියත් ඇගෙ පය නැවතුනේ ඇයව වඩාගෙන ඉන්න කෙනා දැකලා...
නෝනා...සමාවෙන්න මෙච්චර කාලයක් වින්ද කරදරවලට..මම දරුවව අරන් යනවා නෝනා...ස්නේහාගෙ හදවත ගලවලා දැම්මා වගේ ඇයට දැනුනෙ..නමුත් ඇය ශක්තිමත් විය යුතුයි...සද්ද නොනැගෙන සේ පින්කි ලගට ගිය ඇය ඇගේ කම්මුල මත හාදුවක් තැබුවා...
මගේ පින්කි බබා..මගේ චුට් රෝසමල...ඔයා දන්නේ නැති උනාට..මමයි ඔයාගෙ අම්මා...මම ඔයාට ගොඩක් ආදරෙයි...ඔයා ආයේ ඇහැරෙද්දි මම ලග නැති වේවි...එත් මගේ චූටිකෙල්ල අඩන්න බෑ..හොදට කාලා ඉගෙන ගෙන ලොකු නෝනා කෙනෙක් වෙලා මාව හොයාගෙන එන්න පින්කි...ඔයගේ අම්මා බලන් ඉන්නවා....
අන්තිම ටික කියලා ඇය තොලත් හපාගෙන දුවලා ගිහින් මූන හොවාගත්තේ දේවාශ්ගේ පපුවේ....
මැනික අඩන්න එපා...දැන් ඔක්කොම හරි...මගේ මැනිකට මන් ඉන්නවා..දේවාශ් ඇයවත් රැගෙන එතනින් පිටව ගියේය.....
-------------------------------------නිමි---------------------------
ඔන්න ලමයි මගෙන් අලුත් කෙටිකතාවක් ...ඔයාලගේ අදහස් කියන්න යන්න අනිවාරෙන්ම...😍❤️


Comments System WIDGET PACK