ඇගේ වියරුව | Age Viyaruwa


ඇගේ වියරුව.

අද පසන් පුතා එනවා කිව්වා නේද? පුතේ

ඔවු අම්මේ මාත් බැලුවේ තම පරක්කුයි මොකද කියල තමයි..

පාර හරියටම කිව්ව නේද? පුතේ

කිව්ව කිව්ව අම්මේ ඔය කියන කොටම එන්නෙ..

මොකද බන් පරක්කු වුනේ?

උඹලගේ ගම මාර ලස්සනයි බං. ඒ නිසා ගොඩක් තැන්වල නැවතිලා ඉඳලා ආවෙ. අර පහල එනකොට තියෙන දියපාර මාර ලස්සනයි නේද බං?

එහෙම තමයි මචං අපේ ගම. හරි හරි අපි යමු ඇවිදින්න.

හරි ෂෝක්. යාලුව ආව ගමන් ඇවිදින්න ද එක්කන් යන්නේ? යාලුවට කන්න කතා කරන්නෙ නැද්ද? ගමන් මහන්සියත් ඇතිනෙ.

අඩෝ අම්මා මට මතක් කරනකං ඒක අමතක උනානේ. වරෙන් මචං කාලම ඉමු. ඊට පස්සේ යමුකෝ පොඩ්ඩක් ඇවිදින්න.

ඒකට අවුලක් නෑ බං. මටත් ඕනේ ඇවිදින්න තමයි. .

හරි හරි උඹ අදම යන්නේ නෑනේ. දැන් වරෙන්කො කෑම ටිකක් කාලා එමු.

හරි හරි යමු මචං.

උඹලගෙ ගම මාර ලස්සනයි බං. අර එනකොට තිබ්බ දියපාර මාරම ලස්සනයි එතනට යන්න මාර ආසයි මම .

කාල යමු මචං. තව ටිකක් බෙදාගෙන කාපන් මචං.

අම්මෝ මේ හොඳටම ඇති කසුනා.

උඹ පොඩ්ඩ නේ බන් කාල තියෙන්නේ. කෝ තව ටිකක් කාපන්.

ඇති කසුනා උඹ කාපං . කාල මව එක්කගෙන පලයන් අර මම කියපු තැනට.

හරි විනාඩියක් දීපන්.

...................

අම්මේ මම පසන් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගිහිල්ලා එන්නම්

හරි පුතේ පරිස්සමෙන් රෑ වෙන්න එපා.

හරි අම්මේ අපි යනවා.

අතන තමයි මචං තැන. අපරාධෙ ඇඳුම් ටිකකුත් අරගෙන ආවා නං දාගෙනම යන්න තිබ්බා කසුන්

අපි හෙට එමු පසන් නාගන්ඩ ඇඳුනුත් අරගෙනම. දැන් පොඩ්ඩක් මේ තැන ඇවිදිමු.

මෙතන හැමදාම වුණත් ඉන්න හිතෙනවා බං. ඒතරම් ලස්සනයි.

ඔබ පොඩ්ඩක් ඔතන ඉඳපන්කෝ මට පොඩි ශරීර අවශ්‍යතාවයක් තියෙනව . අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්නම්..

හරි හරි පලයන් මම පොඩ්ඩක් පහලට යනවා..

පරිස්සමින් පලයන්. ගල් වල දිය සෙවල නිසා පරිස්සමින්.

හරි මචං.

.........

මාර ලස්සන පරිසරයක් හරිම නිදහස්.
අතන කවුද අර ඉන්නේ මේ පැත්තෙ කෙනෙක් වෙන්න ඕනේ ගිහිල්ලා කතා කරලා බලමු.

හෙලෝ . ඔයා මේ පැත්තෙ කෙනෙක් වෙන්න ඕනේ.

ඔව් මේ පැත්තෙ තමයි. ඔයා නම් මේ පැත්තෙ වෙන්න බෑ. කලින් මම දැකලත් නෑ.

මම නම් මෙහෙ නෙවෙයි කොළඹ. නිවාඩුවට යාලුවගෙ ගෙදර ආවා . මම පසන් එතකොට ඔයා?

මම අප්සරා.

මේ වෙලාවේ තනියම ගෑනු ළමයෙක් මෙතන ඉන්න එක හරි නෑ නේද?

මම ගොඩක් වෙලාවට මෙතන තමයි ඉන්නේ.

අප්සරා කතා කළේ ඇහි පිල්ලමක් වත් ගහන්නැතුව. පසන් අප්සරා ගේ ලස්සනට ඇත්තටම වශී වෙලා හිටියේ.

ඔයාගේ ගෙදර මේ ළඟද?

වැඩි දුරක් නෑ මේ හරියෙම තමයි.

........

පසන් පසන් උබ කොහෙද බං ඉන්නේ.

මගේ යාළුවා මාව හොයනවා වගේ. අප්සරා මම ගිහිල්ල එන්නම්. ඔයා හෙට එනවද?.

මම හැමදාම ඉන්න මෙතන තමයි...

එහෙමද මම එහෙනම් ගිහිල්ල එන්නම්.

උඹ කොහෙද බං ගියෙ.

කොහෙවත් ගිය නෑ බං ගොඩායි පැත්තෙ ගෑනු ළමයෙක් හම්බ උන කතා කර කර හිටියා.

කව්ද බං? කොහෙ ඉන්න ගෑනු ළමයෙක් ද?

ඇයි බං මේ ඉන්නේ?

පසන් අනිත් පැත්ත හැරිලා කසුන්ට අප්සරාව පෙන්නන්න හදනකොට එතන කවුරුත් ඉන්දිය නෑ.

මෙතන දැන් හිටියා බං?

හිටියනං ඉන්න එපැයි බං. උඹට විකාර. අපි යමු දැන්.

අනේ මන්ද බං. යමු යමු.

.....................

මේ එන්නේ යාලුවෝ දෙන්න ඇවිදලා ඇවිදලා රෑ වෙලා. අතපය හෝදගෙන ආවනම් කෑම ටිකක් කන්න.

හරි අම්මේ අපි ඇඟ හෝදගෙන එන්නම්.

එදා රෑ එළි වෙනකම්ම පසන්ට නින්දක් තිබුනේ නෑ. නිතරම අප්සරාව හීනෙන් පේන්න ගත්තා. සුදුම සුදු ඇඳුමක් ඇඳගෙන මූණත් එක්ක සුදුමැලි වෙලා. පසන් උදෙන්ම ඒ දිය පාර ලඟට යන්න හිතාගෙන අමාරුවෙන් හරි නිදාගත්තා...

අඩෝ කසුනා නැගිටපන් නැගිටපන්

මොකද යකෝ මේ උදේ පාන්දර ඇහැරගෙන. උඹට විකාරද.

විකාර නෙමෙයි බං මට අර දිය පාර ලඟට යන්න ඕනේ.

දවල් වෙලා යමු පසන් මම නිදාගන්නවා.

උඹ නිදාගනින් මම තනියම යනවා.

පසන් මූණ අතපය හෝදගෙන. කෙලින්ම ගියේ දිය පාර ලඟට. පසන් අප්සරාව හැමතැනම වගේ හෙව්වා..

කාවද හොයන්න?

පිටිපස්සෙන් ආපු කටහඬ නිසා පසන් පිටිපස්ස හැරිලා බැලුවා. අප්සරා හරියට පසන් හීනෙන් දැක්කා වගේම සුදුම සුදු දිග ඇඳුමක් ඇඳගෙන. සුදුමැලි වෙලා මුලු මූනම... පසන්ගෙ හිත මොහොතකට ගැස්සුනා.

ඔයාව තමයි හෙව්වේ.

මාව ඒ මොකටද?

මට ඔයාව හීනෙන් පෙනුනා. මට නිතරම මතක් වෙනවා ඔයාව.

ඔයාට මාව හීනෙන් පෙනුනත් මාව මතක් වුනත් කවදාක්වත් වැඩක් වෙන්න නැහැ.

ඇයි එහෙම කියන්නේ. ඔයාට බඳින්න කෙනෙක් ඉන්නවද?.

හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ..
අප්සරා ගේ හිනාව දිය කඩිත්ත පුරාවටම රැව් පිළිරැව් දුන්නා. පසන්ට මොකක් හරි වරදක් තියෙන බව තේරුණා.

ඔයා ඔහොම හිනා වෙන්න මොකද?

හිනාවෙන්නෙ ද මම තමුසෙව මරන්න යන නිසා.

ලස්සනට තිබුණු අප්සරා ගේ මුහුණ ලේ ගලන මස් එල්ලෙන යක්ෂණියක් බවට පත්වුණා.

අනේ දෙවියනේ මං මොනව කරාට ද?

තොපි වගේ උන් නිසා තමයි මම අද මෙහෙම වෙලා තියෙන්නෙ යකෝ.

ඒ උනාට මම ඔයාට කිසිම කරදරයක් කෙරේ නෑනේ. මා මරන්න එපා මම ඔයාට ඕනම උදව්වක් කරන්නම්.

ඒ කියන්නේ උඹ මම කියන ඕනම දෙයක් කරනවා.

ඔව් මම කරන්නම්. අනේ මාව මරන්න නම් එපා.

හරි මට පලියක් ගන්න තියෙනවා මට එකට උබගේ ශරීරය ඕනේ මොකද මගේ ආත්මයට තනියම මෙතනින් එළියට යන්න බෑ.

ඒකෙන් මට මොන හරි ප්‍රශ්නයක් වේවිද?

නැහැ උඹට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ පලිය ගත්තට පස්සේ මම සදහට ම නිදහස් වෙනවා.

මට කියන්න පුළුවන්ද ඒ පලිය මොකක්ද කියලා?

හරි මම උබට කියන්නම්.

.............

අවුරුදු දහයකට පෙර ..

චූටි දුවේ

මෙන්න මේ කෑම එක තාත්තට ගිහිල්ලා දීලා වරෙන් මයෙ අම්මා.

හරි අම්මෙ මම ගිහිල්ල එන්නම්.

පරිස්සමින් මගෙ දුවේ....

අප්සරා මුළු ගමේම හිටිය ලස්සන පොඩි කෙල්ලෙක්. අහිංසක දෙමව්පියෝ දෙන්නෙක්ගේ එකම ළමයා අප්සරා....

තාත්තේ තාත්තා තාත්තා.

මගේ දුව ආවද?

කෑම අරගෙන ආවා මම.

මගේ හොඳ සුදු දුව. ඔතනින් තියන්නකො. මගේ දුව කෑවද?

ගෙදර ගිහිල්ලා කනවා තාත්තේ

කෝ එන්න මගේ ඔඩොක්කුවට තාත්තාගේ අතින් කවන්නම් පොඩි දුවට මගේ.

මම ගොඩක් ආසයි තාත්තාගේ අතින් කන්න..

.....

පියසෝම මේ මාස සල්ලිත් තාම ලැබුණේ නෑ නේද?

අනේ දෙන්නම් රතු මුදලාලි මහත්තයෝ

දෙන්නම් තමයි වෙලාවටම ලැබෙන්න ඕනේ. උඹගෙ දැන් ලොකු කෙල්ලෙක්. ලස්සන.

හරි මුදලාලි මහත්තයෝ මම හෙට සල්ලි ගෙනත් දෙන්නම්.
දුවේ අපි යමු ගෙදර .

රතු මුදලාලි ගමේ සල්ලි පොලියට දෙන ලස්සන ගැහැණිය පෙන්නන්න බැරි සල්ලාල මනුස්සයෙක්. රතු මුදලාලිගේ හැම වැඩකටම උදව් කරේ . කරුණාපාල ගමේ හිටපු දඩයක්කාරයා.

හාමිනේ අපේ කෙල්ලව අපි ගොඩක් පරිස්සම් කරන්න ඕනේ

ඒ මොකද අපේ මහත්තයෝ.

අර රතු මුදලාලි අපේ කෙල්ලට ඇහැ දාගෙන ඉන්නේ මගෙ හාමිනේ. හෙට ඉඳන් කෙල්ලෙක්ගෙ අතේ කෑම එක එවන්න එපා. මම දවල්ට කන්න එන්නම්.

හරි අපේ මහත්තයෝ. අපි අපේ මැණික පරිස්සං කරගමු.

....................

කරුණාපාල

මුදලාලි මහත්තයෝ.

පියසෝම ගේ කෙල්ල මාර හැඩයි බං. මට ඒකිට ආස හිතුනා

මුදලාලි මහත්තයා කියන්නකො කරන්න ඕනි දේ

උඹට පුලුවන්ද? පියසෝම මගේ අර තියෙන පොල් ඉඩමේ පොල් වලවල් කපාගන්න අරගෙන එන්න ඊට පස්සේ කරන්න ඕන දේ මම උබට කියන්නම්.

හරි මුදලාලි මහත්තයෝ මම එහෙම කරන්නම්.

............

පියසෝම

කරුණාපාල මොකද හදිසියක් වත්ද?

අපේ රතු මුදලාලි මහත්තයා කිව්වා උඹට අර ඇල කිට්ටුව තියෙන පොල් ඉඩමේ පොල් වළවල් ටිකක් කපා ගන්න දැම්ම එක්කං එන්න කියලා.

මට දැන් වැඩ වගයක් තියෙනව බං

ඒවා පස්සේ කරපන් වරෙන් යන්න.

හරි යමන් කෝ එහෙනම්.

.............

මුදලාලි මහත්තයා මට එන්න කියල තිබුනෙ

මේ පොල් වලවල් 10ක් තියෙනවා ඒ ටික කපා ගන්න. අන්න අර ටිකේ උඹ වැඩේ පටන් ගනින්කෝ. මම කරුණාපාල යත් එක්ක යනවා බං අපේ කුඹුරු ටික බලන්න උඹ වැඩේ කරපන්.

එහෙමයි මුදලාලි මහත්තයෝ. මම අද සල්ලි ටික හවස දෙන්නම්.

ඒව කවද ගන්න බැරිද බං අපි එක ගමේ මිනිස්සු නේ. අපි ගියා එහෙනම්.

රතු මුදලාලිගේ මේ හදිසියේම පහළවුණු අනුකම්පාව. පියසෝම ට සැකයක් ඔලුවට ගෙනාවා...

කරුණාපාල උබ තව ටිකකින් ගිහිල්ලා පියසෝම ගෙ ගෑණිට කියපන් පියසෝම මගේ පොල්වත්තේ හොරකම් කරලා අහුවෙළා ගහක බැඳලා ඉන්නවා කියලා.

හරි මුදලාලි මහත්තයෝ.

.............

සිරියාවතී නංගී සිරියාවතී නංගියේ

කරුණාපාල අයියේ

අන්න උඹගෙ පියසෝම රතු මුදලාලිගේ පොල් වත්තෙන් හොරෙන් පොල් කඩලා අහුවෙලා ගහක බැඳලා ඉන්නවා ගිහිල්ලා බලල වරෙන්.

අනේ දෙවියනේ මගේ මනුස්සයා කවදාක්වත් කාගෙන්වත් රුපියලක් වත් හොරකම් කරන්න නැහැ.

ඒව මම දන්නෑ ගිහිල්ලා බලපන් මනුස්සකමට මම ඇවිල්ල කිව්වේ.

හරි කරුණාපාල අයියේ මම ගිහිල්ලා බලන්නම් දැන්.

මම ගියා එහෙනම්.

............

දුවේ උඹ පරිස්සමට ගෙදරට වෙලා ඉඳපන්. තාත්තව බොරු වරදකට අහු වෙලාලු බං. කවුරුත් ආවට දොර අරින්න එපා. මම ඉක්මනට ගිහිල්ලා එන්නම්.

අනේ මමත් එන්නද අම්මේ

මගේ දුව ගෙදරට වෙලා ඉන්නකෝ.

අම්මා පරිස්සමෙන් ගිහින් එන්න.

................

කරුණාපාල වැඩේ හරි වගේ නේද?

ඒ වගේ මුදලාලි මහත්තයෝ. අපි යමු දැන් ඒ පැත්තට.

කවුරුත් හිතුවෙ නැති විදියට අප්සරා එදා වැඩි වියට පත් වුනා.. අප්සරා හිතන්න නැතුව ඇති එයාගේ ලස්සන දවස එයාගෙ අන්තිම දවස වෙයි කියලා

දුවේ දුවේ

කවුද ?

මම මේ කරුණාපාල මාමා. උඹලගේ අම්මගේ පණිවිඩයක් කියන්න ආවේ දොර පොඩ්ඩක් ඇරපන් කෝ.

පොඩ්ඩක් ඉන්න මම දොර අරින් නම්.

අප්සරා දොර අරිනකොටම. කරුණාපාල තුවක්කු මිටෙන් අප්සරා ගෙ ඔළුවට පහරක් ගහලා සිහිනැති කරා.

ඔන්න ඔය කෙල්ල අරගෙන යමන් අර ගිය පාර ලඟට.

හරි මුදලාලි මහත්තයෝ ඉක්මනට යමු.

අප්සරා ට සිහිය එනකොට ඇගේ එක ඇදුමක් වත් තිබුනෙ නෑ සල්ලාල බල්ලෝ දෙන්නා තිරිසන් ආසාවන් අහිංසක කෙල්ලගෙන් පිරිමහගෙන ඉවරයි.

අනේ ඇයි මාමේ මට මෙහෙම කලේ.

මුදලාලි මහත්තයෝ කෙල්ලට සිහිය ඇවිල්ලා

එහෙනම් ආයිත් පටන් ගමු බං.

නරි රැළකට අහුවුන අහිංසක මුව පැටියෙක් වගේ පුංචි අප්සරා. පහත් ජරා ආසාවල් වලට යටපත් වුනා.

මේකි මැරුණා වගේ බං

ඒ වගේ මුදලාලි මහත්තයෝ.

ඔන්න ඔය බෝතලය අර ගනිං මේකට මේකත් දාන්න ඇතුලට,

ඒක මරු මුදලාලි මහත්තයෝ.

අඩ සිහියෙන් හිටපු අප්සරා ට මේක මාරාන්තික වේදනාවක් වුණා. කේන්තියක් දුකත් හිතේ තියාගෙන වෛරයෙන් අප්සරා සදහටම ඇස් පියාගත්තා.

....

වර්තමානයට

ඔන්න ඕක තමයි බං මගේ කතාව. මට ඒ කාලකන්නි දෙන්නගෙන් පළිගන්න ඕන.

කතාව අහගෙන හිටපු පසන්ගේ ඇස් වලින් කඳුළු වැක්කෙරෙන්න උනා.

මම ඔයාට උදව් කරන්නම්. ඔයාගේ අම්මයි තාත්තයි තාමත් ඉන්නවද?

නැහැ එදා එයාලා ඇවිල්ල මාව හැමතැනම හෙව්වා. එයාලට තේරුණා රතු මුදලාලි මේ හැමදේටම සම්බන්ධය කියලා. ඒ උනාට මගේ අහිංසක අම්මයි තාත්තායි මොනවා කරන්නද? පොලිසියට ගියා නීතිය සල්ලිවලට යටයි එතැනිනුත් කිව්වේ මම කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා. දුක වැඩි කමට තාත්තගේ පපුවේ අමාරුවක් ඇවිල්ලා මැරිලා ගියා අම්මා එල්ලිලා මැරුණා. මගේ අහිංසක පවුල විනාශ වුණා.

අපි ඒ මිනිසුන්ගෙන් පළි ගමු එන්න මගේ ඇඟ ඇතුලට.

අප්සරා පසන්ගෙ ඇඟ ඇතුලට ගියා එතනින් පස්සෙ වුණ කිසිදෙයක් පසන්ට මතක තිබුණෙ නෑ. එතනින් පස්සේ හිටියේ අප්සරා විතරයි.

............

කිසි දඩයමක් වත් නෑ අප්පා මේ දවස් ටිකේ හරියට. ශික් කරුමේ. අර පැත්තටවත් ගිහිල්ලා බලන්න ඕනේ.

කරුණාපාල

කවුද මගේ නම කියලා කතා කරේ ගැහැණු කටහඬක් හැබැයි.

කරුණාවපලා මම මෙහේ

ඔයා කවුද මම මීට කලින් දැකලා නැහැ.

හොඳටම විශ්වාසද මාව දැකලම නෑ කියල

මතකයක් නම් නෑ.

එහෙනම් දැන් මතකද බලන්නකෝ.

අප්සරා ගේ විරූපී විකෘති යක්ෂ ස්වරූපය එලියට ආවා අප්සරා ගේ ඇස් වෛරයෙන් දිලිසුණා.

මේක වෙන්න බෑ මේක වෙන්න බෑ උඹ මැරුණා

මැරුණා නෙවෙයි යකෝ උඹලා මැරුවා කියපන්

අනේ මට සමාවෙන්න මට සමාවෙන්න මට යන්න දෙන්න .

යන්න දෙන්න උඹලා මට එදා යන්න දුන්නද නෑ නේද.

කරුණාපාල දුවන්න හැදුවත් කිසිම දෙයක් වැඩක් වුණේ නැහැ. අප්සරා කරුණාපාල ගෙ කොඳුඇට පෙළේ එලියට ඇදල. ඇස්දෙක උගුල්ලලා මරලා දැම්මා.

හරි තව එකයි... හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ.

හාමිනේ මම අර දිය කඩිත්ත ලඟට ගිහිල්ලා නාගෙන එන්නම්.

ඒ මොකද මුදලාලි මහත්තයෝ.

අනේ මන්ද හාමිනේ මට හිතුනා.

එහෙනම් හවස් වෙන්න කලින් ගිහිල්ලා ආවා නම්.

අර දඩමස් ටික උයලා උයලා තියන්නකෝ මම ගිහිල්ල එන්නම්.

පවක් කරානම් පව ගෙවා ගන්නම ඕනේ කරපු පව නිසා ද මන්දා කරුණාපාල මාරයා ළඟටම ගියා.

ෂෝක් වතුර ටික සීතලයි. අර ලමිස්සියක් නේද පල්ලෙහා නානවා පේන්නේ ගොඩ කාලෙකින් මොකෝවත් තිබුණෙත් නෑ හැබැයි ගිහිල්ලා බලන්න ඕනේ පැත්තට.

නංගෝ නගෝ. තනියමද නාන්න ආවෙ .

ඔව් තනියම.

මමත් එන්නද ඔය හරියට.

එන්න පුළුවන් අම්මගේ පිට අතුල්ලනවා ද?

අම්මට සිරි කන්න පින තියෙනවා නම් ඉබ්බා ගෙට යනව කියනවනේ.
හරි නංගි මම අතුල්ලන්නයි. කෝ මේ පැත්ත හැරෙන්න පොඩ්ඩක්.

රතු මුදලාලි පිට පිට අතුල්ලනකොට හම් කෑලි රතු මුදලාලිගේ අතට ආවා එකපාරටම රතු මුදලාලි පිටිපස්සට විසික් උනා.

උඹ කවුද කියපන් උඹ කවුද

හඃ හඃ හඃ හඃ හඃ හා. ඇයි අඳුර ගන්න බැරිද මුදලාලි මහත්තයෝ.

වෛරයෙන් මත් වුණ. යක්ෂණියක් උණු අප්සරා රතු මුදලාලි ඉස්සරහ හිට ගත්තා.

උඹ . මට පාඩුවෙ ඉන්න දීපං මට සමාවෙයන්

තොපි මට පාඩුවේ ඉන්න දුන්නද යකෝ. තොපි මාව කෑවා.

අනේ සමාවෙයන්.

සමාව ගනින් මගෙන් නෙමෙයි. මගේ අහිංසක අම්මගෙනුයි තාත්තාගෙනුයි

එයාල දැන් මැරිල මම කොහොමද එයාලගෙන් සමාව ගන්නෙ දැන්.

ඒක තමයි යකෝ තෝ වක් මං මරන්නේ. හඃ හඃ හඃ හඃ හඃ හඃ. අප්සරා මුදලාලිගේ ඔලුව ගල් වල ගහලා. අතපය හතර කඩල ලොකු පොල්ලක් මුදලාලිගේ ගුද මාර්ගයට දාලා එදා එයා විඳපු වේදනාව ම දිලා මරලා දැම්මා...
පසන්ගෙ ඇඟෙන් ඊට පස්සේ අප්සරා අයින් වුණා.

ඔයාට ගොඩක් ස්තූතියි මම මගේ පලිය ගත්තා

මට ස්තුති කරන්න එපා. ඔයාට උදව් කරන්න ලැබිච්ච එක මට ලොකු සතුටක්.

මගේ පලිය හරි මගේ ආත්මයට දැන් ලොකු සැනසීමක් ලැබෙනවා මම දැන් නිදහස්...
අප්සරා ගේ ආත්මය නොපෙනී යන්න ගියා.

පසන් උඹ කොහෙද යකෝ ඉන්නේ.

පසන් පියවි ලෝකයට ආවේ යාලුවගෙ කටහඬ ටයි.
මම මෙහේ ඉන්නවා බං

උඹ දැන් පැය ගානක් ඉඳන් නැත්තෙ බං

හරි හරි බං මේ පැත්තෙ පන්සලක් තියෙනවා නේද?

තියෙනවා මචං

මට ඒ පන්සලට යන්න ඕන

වරෙන් කෑම කාල එමූ ඉස්සෙල්ලම.

අනේ මචන් මාව එක්කගෙන පලයන්.

හරි හරි යමන්.

...............

පසන් අප්සරා ගේ ආත්මයට පින් අනුමෝදන් කරා. එදා ඉඳන් හැම පෝය දවසකම
...

නිමි.

මම අසින්ත සෙනෙවිරත්න


Comments System WIDGET PACK