#අවාසනාවට_ඇත්ත_කතාවක් 05 වන වෙළුම | Awasanawata Aththa Kathawak 05 Kotasa Awasanaya
#අවාසනාවට_ඇත්ත_කතාවක් (කෙටි කතාවකි)
මෙහී එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ
මෙය සත්‍යය සිදුවීමක් ඇසුරෙන් රචනා වේ,
05 වන වෙළුම (අවසන් වෙළුම)
ඒ වුනාට කල්පනාවෙන් පලයන් මට ආරංචියි ඔය,සතීශුයී දිල්කයී දෙන්නා බස් වලට කඩා පනීන චෙක් කිරීල්ලේ රස්සාවලු කරන්නේ...
මොකක්...
අම්මට කවුද කිව්වේ.....
මට සතීශ් හම්බවුණා දැං දවස් දෙක තුනකට කලින්, එහෙම කිව්වේ බොරු ආටෝපයක් හිතේ මවා ගනිමිනි...!
හා....ඔයා මොකටද සතීශ් හම්බවෙන්න ගියේ...
මම හම්බවෙන්න ගිය එකක් නෑ.. බැංකුවට යන ගමන් හම්බවෙලා කතා කලේ...!
හුම්..... එහෙනම් ඉතිං කමක් නැහ්...,
සඳරුවන්ගේ හරස් ප්‍රශ්න නිසා සඳුනීට මැණිකා කියපු කතාව අමතක වුනා.මැණිකා කතාව මතක් කරන්න උත්සහ කලෙත් නැහැ,කරබාගෙන කුස්සියට ගියා,සඳුනී සතීශ් මුණගැසුණු එක තමන් අතින් කියවුන නිසා දුක් වුනා....!
දිල්කයෝ මට සඳුනී ලොකු සත්තමක් දාල ගියානේ බං,මේ ළඟදී දවසක....
මොනවා....
දෑස් විශාල කරගෙන සතීශ් දෙස පුදුමයෙන් බලාන ප්‍රශ්න නගන්න වුනා...!
උඹට මෙච්චර හොද රස්සාවක් තිබිලත්...
ඒකනේ කියන්නේ දිල්ක...
මට හිතෙනවා ඒකීට උණ ගැනෙන්න ඒකීගේ මිනිහට පාඩමක් උගන්වන්න...!
හුම්.... වැඩක් නම් තියෙනවා සතීශෝ..!
කලීන් කතා කරපු හැමදේටම වඩා වැඩී වැදගත්කමක් දීලයී, දිල්ක මේ කතාව කියන්න මුල පිරුවේ...., සතීශුත් වටපිට බලලා රහසක් අහන්න වගේ දිල්කට කිට්ටු වුණා...,
මොකද්ද...දිල්කයෝ...
ඔකා ගමේ බස් එකෙනේ වැඩට යන්නේ, අපී ඒ බස් එකට නැගලා ටිකට් චෙක් කරමු....,
ඉතිං බං ඌ ටිකට් අරගෙන නම් යන්නේ අපිට කරන්න දෙයක් නෑනේ බං... එහෙම සතීශ් කීවේ ප්‍රශ්නාර්ථයක් ඉතිරී කරමිනි...!
ටිකට් ගත්තත් කමක් නෑ රණ්ඩුවක් ඇදලා ගමු..., ඊට පස්සේ ගහමු...!
ආ..., සඳරුවන්...!
(සඳුනීගේ මව සඳරුවන් ගෙට ගොඩවෙන්න කලින් සඳරුවන්ට කතා කලේ පුදුමයෙන් වගේ)
උඹ අද වේලා පහම...
ලොකු මහත්තයා නෑ..., ටිකක් කලීන් පැන ගත්තා...!
මේ.... කෝ සඳුනී...
කඩේට ගිහින් එන්න ගියේ...!
එයා මොකද ඔය කඩවල් ගානේ යන්නේ...
ගේන්න තියෙ දෙයක් මට කිව්වා නම් මම ගේනවානේ...,
ඔය එන්නේ කියනකොටම....!
ආහ්.... මෙන්න මෙයා ඇවිත්...
මම ආපු එක නෙවේ මෙතන තියෙන ප්‍රශ්නේ...
අරවා...මේවා ගේන්න යනවා කියලා කොහෙද මේ යන්නේ...
කොහේ යනවාද ඉතිං කඩේ යනවා මිසක්...!
හා....කඩේ ළඟට සතීශ් එහෙමත් එනවද...
පිස්සුද සඳරුවන්...
මට සතීශ්ව ඔනී නම්,මම ඔයාව බඳින්නේ නැහ්නේ...
නෑ...ඉතිං කලින් යාළුවෙලා හිටීය මිනිහානේ....
ගමේ මිනිස්සූ කියන කතා නම් මට ඇහීලා තියෙනවා... මගේ හොඳකමට මම ගණන්ගන්නේ නැහ්...!
ගම්මේ එවුන් මොනවද කිව්වේ....
මම ඔව්වා මතක තියාන ඉන්නේ නෑ...,මට ඔවයීන් වැඩක් නෑ...
අනිත් එක මම පටු විදියට හිතන කෙනෙක් නෙවෙයී....
ආයෙත් ඉතිං සතීශ් එක්ක කතා කරනවා නම් මම ඒකටනම් කැමතී නෑ හරී...
සඳරුවන් මේ තරම් කේන්ති ගන්නවා සඳුනීවත් මැණිකාවත් දැකලා නැහැ..,ඒ හින්දාම ඇස්දෙක ලොකු කරගෙන දෙන්නම සඳරුවන් දිහා බලාන හිටියා, සඳරුවන් කේන්තියෙන් කාමරය ඇතුලට ගියා...,
සඳරුවන් මම මේ උඹ එනකම් බලාන හිටියේ..,
හා....ඒ මොකද බං මොකද්ද ප්‍රශ්නේ...
මේ ලොකු මහත්තයා හෙවිල්ලෙන් ඉන්නේ ඔය අරවා මේවා අතගාගෙන යන එක නවත්තපන්...! ළහිරු එහෙම කිව්වේ තම මිතුරාවු සඳරුවන්ව නොමඟ යැවීම නැවැත් වීමට ඒත් සඳරුවන් පොඩි ළමයෙක් හිතන විදියට හිතන්න ගත්තා, ඒ නිසා ළහිරු කියපුදේ බීරී අලින්ට වීනා වැයුවා වගේ නිෂ්ඵල කාර්යයක් විය..!
හා...., ඉතිං මම හොරකමකට ගෙනීයනවා නෙවෙයීනේ...!
විනෝදෙට වගේනේ ගෙනියන්නේ...,
ළහිරු කියපු දේ බැරෑරුම්කම ගණනකට ගත්තේ නැහැ....,වටපිට බලලා බූන්දී අහුරක් අරගෙන කටේ දා ගත්තා,ළහීරු ඒ කතාව කියපු එක මොඩකමක්ය කියලා ඔහුට හිතුනා..,
ඒ.... මොකෝ බං උඹ බයවෙලා...
උඹ හැදෙන මිනිහෙක් නම් නෙවේ සඳරුවන්...,
ඒ මොකෝ ඒ...
උඹ බදීන්න කලීන් කොහොම හිටපූ මිනීහෙක්ද...
දැං උඹ හොරකම් කරන්නත් පටන් අරගෙන බං.....
හෑ.... මොනවද ළහීරුවෝ කියන්නේ කවුදෑ හොරකම් කලේ...
මම මේ වගේ දේවල් කරන්නේ විනොදෙට නේ, උඹට තේරෙන්නේ නැද්ද බං.....
යකෝ...මොන තිරීසනාද හොරකමක් විනොදෙට කරන්නේ.... හොටම තරහා ගිය ළහිරු මුහුණටම එහෙම කිව්වා...,
හුම් උඹ ඔනී දෙයක් කරපන් කල්පනාවෙන්,
සඳුනී.... උඹත් අද කඩේ යන්නද...
බාල්දී අරන් කඩේ යන්න පිස්සුද මට...
ආ.... ළිඳටද යන්නේ...
ඔව්...,
ඔනී දිහාවක පලයන් සඳරුවන් එනවෙලාවට කඩේ යන්න නම් තියා ගන්න එපා...දැක්කානේ වෙසමුනියා වගේ ඊයෙත් කෑ ගහපු හැටී...
සඳරුවන් රස්සාවට ගියාට පස්සේ හොඳටම වෙනස් වෙලා, ඉස්සර ඔහොම නැහ්...!
අම්මට මතක ඇතීනේ බැඳලා අපූ මුල් දවස්වල කොහොමද හිටියේ කියලා..
හොඳ වෙලාවට ගමේ මිනිස්සු කියන කට කතා වැඩිය ගණන් ගන්නේ නැත්තේ...
හුම්....ඉතිං අම්මේ ඒවා ගණන් ගත්තත් වැඩක් නෑනේ ඒවා බොරු.....
අනේ, මගේ කට... මගෙන් කුණුහරුප අහන්න එපා.... සඳුනීයො...
මැණිකා තවත් යමක් කියන්න කලින් සඳුනී බාල්දියත් එල්ලගෙන ළිඳදිහාට ඇවිඳගෙන ගියා... තවත් කතා කරන්න ගියා නම් අම්මාගේ කට ඇවිස්සෙන බව සඳුනීට තේරුනා...,
කොහෙටද ටිකට් ගන්නේ....
උඹ ගනින් නුවරට..., එදා ළහීරුත් සඳරුවන්ලාගේ ගෙදර යමින් හිටියේ...!
මේ මට ටිකට් ගන්න එපා හොදේ ළහිරු,...
මම බොරු නින්දක් දාගන්නවා කොන්දොස්තර ළඟට ආපුහාම...,
අනේ මන්දන්නේ නෑ බං...
උඹ පිට එකෙක් වගේ හිටපන්කෝ මගෙත් එක්ක කතා නොකර එතකොට ඉවරයීනේ...
සතීශෝ අපි කොච්චර දවසක් බස්වලට නැන්ගට සඳුනීගේ මිනිහා හම්බුනේ නෑනේ බං....
මේ ඔය වැඩේ හරීයන් නෑ බං ඌට ගහන්ට වෙන විදියක් කල්පනා කරපන් දිල්ක...!
බස් එකේ ටිකට් ගත්තත් නැතත් අපිට ඌත් එක්ක පටැලවෙන්න ලේසියි....,
මේහ් අර බස් එකක් එනවා...
ඒකටත් නැගලා ටිකට් චෙක් කරමුද...
බස් එක ඈතින් එනකොට ටිකට් පරීක්ෂක වරුන්ලෙස තම රාජකාරීය ඉටු කරන්න සතීශ් සහ දිල්ක මාතලේ පැත්තේ සිට නුවර දෙසට දාවනය වෙමින් තිබූ බස්රථයට ගොඩවුනා...,
#අවාසනාවට ඒ බස් එකේ සඳරුවනුත් හිටියා....!
ඔය.... කරුණාකරලා ටිකට් ගන්න, ගත්තු ටිකට් අතට ගන්න....!
හැමෝම ටිකට් අතට ගන්න...,
ඒ....මේ....මේ...සඳරුවනෝ ටිකට් චෙක් කරන්න ඇවීත්...,..
ආහ්....ඒ දෙන්නා මම අදුරනවානේ බං කේස් එකක් දාන්නේ නැතිවෙයී බං...
ඔය...මහත්තුරුත් ටිකට් අතට ගන්න
මෙන්න මගේ ටිකට් එක... ළහීරු තමන්ගේ මිතුරාගැන සිතමින් ටිකට් එක ටිකට් පරීක්ෂක වරුන්ගේ අත තැබුවා....,
ආ...තමුසෙත් මේකෙද...
සඳරුවන්දෙස බලා එහෙම කිව්වේය...
ගන්නවා ගන්නවා ටිකට් එක,....
ටිකට් ගත්තා, ටිකට් එක කොහේ දැම්මද කියලා මතක නෑනේ සතීශ්...
පොඩ්ඩක් ඉන්න...., (සඳරුවන් සාක්කු අදිමින් බොරුවට ටිකට් එක සොයන්න වුවා...)
දිල්ක....
හුම්...
මෙන්න මූට ටිකට් නෑ..., පොඩ්ඩක් බලන්න...
ගත්තා....,ගත්තා...කොහේ දැම්මද මතක නෑනේ කිව්වේ....
පොඩ්ඩක් ඉන්නකෝ නැති වෙලාද බලන්න පොඩ්ඩක් ඉන්නකෝ....
මේ...මේ....මේ උඹ ගත්තේ නෑනේ...
සක්කුව බලන්න ඉන්න....,
උඹ ගත්තේ නෑනේ... උඹ බොරුවටනේ හොයන්නේ....
බොරුවට හොයන් නැතුව වරෙන් යන්න...
හෑ....
වරෙන් යන්න...
ළහීරු අහකට වෙයන් පැනලා යන්න, අහකට වෙයන්...!!!!
ළහීරු ආතක් පාතක් නැතීව බියවී බලාන හිටියා....
දිල්ක මෙන්න මූ පැනලා යන්න හදනවා...
සරත් යටිකිරියෙන් කෑ ගහල කිව්වා...,
ටිකට් පරික්ෂා කරන්න පැමිණි සතීශ්වත් තල්ලු කරම් සඳරුවන් බස් එකේ ඉස්සරහට දිව්වා....., ඉස්සරහා දොරෙන් පැනලා දුවන්නයී ඉස්සරහට දිව්වේ, ඉස්සරහා දොරේ හිටපූ සඳරුවන් අල්ලා ගත්තා....,
ඒ උඹට ලැජ්ජා නැද්ද මිනිහෝ හොරෙන් බස්වල ඇවිත් දුවලා යන්න හදන්නේ...
ආහ් මම ටිකට් ගත්තා, රුපියල් 80ක් කියන්නේ මහ ලොකු ගාණක්ද...
අපි රුපියල් 45000 එහා පඩි ගන්න මිනිස්සු...
දන්නවාද...
අනේ පලයන් යකෝ යන්න බොරු කියන්නේ මෙතන...
උඹලා ගමටත් ලැජ්ජාවක් මිනිහෝ...
අනේ පලයන් මහත්තයෝ යන්ඩ මම උඹලාගේ ගමේ යැයී...
ඒයී....ඒයී හිටපන් යකො...
ඒ අන්න අරු බස් එකෙන් එළීයට පැන්නා...
ඒ අඩෝ බස් එකට යටවුනා...යකෝ...
ඒ බස් එකට යටවුනා නේද...
ඒ සඳරුවන් සඳරුවන් මොකද්ද යකෝ කර ගත්තේ... සඳරුවන්........
ළහීරු ඔළුවේ අත බැඳගෙන අඬාවැල පෙන්න වුනා....
බස් එකෙන් පනින්න ගහින් සඳරුවන් ලිස්සලා වැටීලා,පසුපස රෝදයට යටවුනා...., රියදුරා ඇතුලු පිරීස බසයෙන් බැස බලනවිට, සඳරුවන් මහ මඟම මියගිහින් හිටියා, මිය ගිය සඳරුවන්ගේ දේහය රෝහලක් වෙත ගෙනියන්න කාවුරුවත් උත්සුක වුනේ නැත ....
මරණ පරීක්ෂණ වාර්තා අනුව, ඔහුගේ මොළය තුලට,ශරීරයෙන් පිටතට අධික ලෙස රුධිර වහනය සිදුවීම නිසා මරණයට පත්ව ඇති බවට සාක්ෂි ඔප්පුවී ඇති බවට ඉහල පොලිස් නිලධාරියෙකු පැවසීය,
දේහයේ අවසන් කටයුතු සිදු වීමටත් පෙර සඳුනී සතීශ් සමඟ පැදුරටද නොකියා, සතීශ් සමඟ එක වහලකට ඇතුලුවුනේ, ඇයගේ සහ ඔහුගේ ප්‍රර්ථනා ඒ ආකාරයෙන්ම වුනා වගේ සතුටකිනී....!
නිමි
මගෙන් යමක්,ඔබට....
දිට්ඨ ධම්ම වේදනීය කර්ම....
මෙ බවයේ කරන අකුසල කර්ම,මේ භවයේම පටිසන් දෙන බවත්. මේ වගේ අනුවේදනීය කතා නිතරම ඔබට මතක් කරදෙයී, ඔබ කරන්නේ මොනවාද හොදද නරකද, අන්අයගේ යහපතට අයහපතට හෙතුවන්නා වු කුසල් හෝ අකුසල කර්මයන් ගොනා පිටුපස කැරකෙන්නාවු කරත්ත රෝදයක් වැනී,ඔබ පිටුපසද කැරකෙන බව ඔබ අමතක කරන්න එපා මිතුර....!
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
