#අවාසනාව 03 කොටස | Awasanaya 03 Kotasa


#අවාසනාව

03 වන වෙළුම

සැයු : මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිතයි...!

කොහොමත් ඉතිං තව ටික දවසකින් අපි අපේ ගෙදර යනවානේ දිලිණී...!

බබාව වඩාන යසිත් එහෙම කිව්වේ දිලිණිව දිරිමත් කරන අටියෙනි...!

ඔයාලාගේ අම්මා එතකොට එයි නේද යසී...?

ඔව්...අම්මා ලබන සතියේ ලංකාවට එනවා...!

****************

යසිත් එහෙම කිව්වත් ඔහුගේ සිතේ බරක් තිබුණා.., ඒ මව ඔවුන් දෙදෙනාව පිළිගනීවිද කියලයි...,ඒත් ඒ බවක් දිලිණිට පෙන්වුයේ නැහැ...! කාලය ගතවුනා..., යසිත් හා දිලිණී බබාත් රැගෙන යසිත්ගේ නිවසට ගියා...!

***************

කව්ද මේ...?

ටැක්සියෙන් බැසගත් නාලනී ගෙදරට ගොඩවෙන්නත් කලියෙන් දිලිණී දෙස බලා ඇහුවා....,

අම්මේ...අපි... යසිත් පහත් ස්වරයෙන් එහෙම කියානා යද්දී...

එතකොට මේ කවුද...?

මම අම්මට කෝල් කරලා කිව්වේ...,ආරංචියක් කියන්න තියෙනවා කියලා....,

මේ තමයී අම්මේ දිලිණී...! මේ අපේ දුව...,

මොකක්....? යසිත්ගේ මව නාලනී ඇඟට කඩා පනින්න විය....,

උඹට පිස්සු හැදීලද...?

ඈහ්... මේවා කොහොමද මෙහෙම වෙන්නේ...?

උඹ අනාතයෙක්ද යකෝ....කියපන් ඉතිං.....

අම්මේ ඔක්කොම හදිස්සීයේ තමයි වුනේ...,

නෑ....,නෑ....නෑ... මගේ ගේදර ඇතුලට උඹලාව ගන්නේ නෑ....,

උඹලාට ඔනී තැනක උඹලා පලයල්ලා....! තරමක් වියරුවෙන් එහෙම කියු නාලනී තම අතේ තිබු බෑග්ගයක් වේගයෙන් පුටුව මතට විසිකළා...

අනේ.... යසිත්...,

******************

දිලිණී අසරණවු දෑසීන් යසිත් දෙස බැලුවා..., යසිත්ගෙත් දිලිණීගෙත් සම්බන්ධයට යසිත්ගේ මව විරුද්ධ වුනා...,ඔවුන්ට තවදුරටත් එක නිවසේ ජීවත් වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ....වත්තේ කොනේ බාගෙට ඉදිවෙමින් තිබුණු නිවසට පොල් අතු සෙවිලි කරගෙන යසිත් දිලිණී සමඟ එහි පදිංචි වුණා...!

*****************

අයියෝ.... යසිත්...,

මේ බලන්නකෝ.....,

හහ්...හහ්...හා.... ඇයී දිලී....?

මම නැතිවෙලේ ඔයාව උස්සන් යන්න එයී කියලා බයයිද...?

හම්...හීහ්...හීහ්...හී එනකම් තමහ් ඉන්නේ මම පැනගෙන යන්න...,

*****************

මෝටර් සයිකලයෙකින් පැමිනි සහන් චබීට කතා කළා..,

අඩෝ...චබීයා...

ආහ්...කියපන්,

යමන්ද බාර් එක පැත්තේ...?

මොකද බං මේ බෝක්කුව උඩ...?

ඇයී උඹද ගෙවන්නේ බිල...?

අනේ සොරී බොසා...,මම මේ නිකමට වගේ කිව්වේ...,

හ්ම්ම්ම්....මේ උඹ දන්නවාද...? අර ළඟදී රට ගිහින් ආපු ගෑණී ...?

හහ්...ඇයී...බොසාට...නිකම් මේහ්...හිතක්වත් පහලවෙලාද...?

මඟුලක් කතා නොකර ඉඳින්..., ඒ ඟෑණී ගැන නෙවෙයී බං...?

ඒ වත්තේ කොනේ අර ගෙයක් හදාන ඉන්නේ...,

අප්පට සිරී.... ඒකීනම් මරේ මරු කෙල්ල...!

හ්ම්ම්....මම කීප දවසක්ම ඇහැගහගෙන හිටියේ...,

*****************

චබී කියන්නේ භූමිතෙල් වත්තේ නම ගියපු අපරාධකාරයෙක්, ඔහුව හැමෝම ඇමතුවේ චබීයා නොහොත් චන්ඩි නමින්....,ඔහු මනුෂ්‍ය ඝාතනකට සැකපිට නිදහස් වී මේ වෙනකොට මාසයක්වත් නික්ම ගොස් තිබුණේ නෑහැ...! දෙදරු පියෙක් වුණු චබී නොහොත් චන්ඩි...වෘත්තීයෙන් රියදුරෙක්, ඔහු ගම් ප්‍රදේශය පුරා නම පතුරුවාගෙන හිටිය මැරයෙක්....!

****************

ආහ්....., හරී..හරී..

අයියෝ... මොකද ළමයෝ අඬන්නේ...?

මළවදේ....ආහ් මේක ගන්න කෝ බූම් එක අාහ් බබා ශෝයී....!

මම යනවා දිලිණී...!

අද මට එන්න වෙන්නේ නෑ දිලී...!

අනේ මේ යසී එද්දී මම කියපු බඩුටික අරගෙන එන්න...,

වුවමනාවක් වුනොත් අපේ අම්මට කතා කරන්න...,

අනේ මේ...මැරුණත් මට ඒ ගෑණීගේ උදව් ඔනී නෑ...,

*******************

දිලිණී හිටියේ යසිත්ගේ මව හා කෝපයෙන්, ඒ බව දන්න නිසා යසිත් නිහඬවම රැකියාව සඳහා පිටත් වුනා.., දිලිණී අබලන් වු ඉඳීරී දොර වසාගෙන ඇතලට ගියා...!

*******************

ආහ්.....කවුද තමුසේ.....?

******************


Comments System WIDGET PACK