#අවාසනාව 02 කොටස | Awasanaya 02 Kotasa


#අවාසනානාව

02 කොටස,

මෙහි එන නම්ගම් සියල්ල මනක්කල්පිතයි

***************

යසිත් ඇඳෙන් නැගීට,දිලිණීව රෝහල වෙත රැගෙන ගියා.ඉන්පසු දිලිණී ගැබිණියක් බව ඔවුන් දැන ගත්තා..,යසිත්ගේ මව හිටියේ විදේශගත වෙලා.ඒ නිසා දිලිණීව බලාකියා ගන්න කෙනෙක් ඔන වුනා...,

**************

හ්ම්ම්...., මදැයී උබලාට දෙමව්පියෝ ඉන්නවා කියලා මතක් වුනා.

චන්ද්‍රා තම දුව දිලිණී දෙස දුක මුසුවු බැල්මෙන් එසේ කිව්වා...!

අනේහ් අම්මේ.....! මට දරුවෙක් හම්බවෙන්න..,

හහ්...,චන්ද්‍රා ඉහලට ගත්ත හුස්ම පොඳ පහලට හෙලුවේවත් නැතීව බලා සිටීයා....!

දෙයීයෝසාක්කී...! උඹ මේ දරුවෝ හදන වයසකද ඉන්නේ...,?

යසිත් මේ දෙන්නා දෙස බලා ඉඳලා හඬ අවදි කළා...!

අපේ අම්මත් රට හිංදා තමයී,දිලිණව එක්ක ආවේ නැන්දේ...!

ගමේ එකාලා දැනගත්තොත් වසලා හමාරයී...!

චන්ද්‍රාගේ දෑස්වල පේන්න තිබ්බේ කඳුළු විතරයී....

****************

ආහ්...යසිත්.....

ඔයා ඔය යන්නත් ලෑස්ති වුනාද...?

ඔව් දිලිණී....! දැනුත් කෝල් එකක් ආවා,මම අරුන්ට එලවළු ගෙනියන්න එපෑයී,

හ්ම්ම්...ඔයා රෑට මෙහෙ එනවද යසී...?

අයියෝ..,අද ඉතිං ආයේ එන්න වෙන්නේ නෑ...,

මේ ටිකේ අපි හම්බ කරන්න එපෑයී බබා....!

හරී...හරී... ගිය ගමන් කෝල් එකක් දෙන්න...,

ආහ් යසිත් අම්මා බත් එකක් බඳිනවා ඒකත් අරගෙනම යන්නකෝ...!

අනේ මට වෙලා යනවා..., ඉක්මනින් අරගෙන එන්නකෝ එහෙනම්...!

******************

යසිත් යන්න සූදානම්වී මිදුලට බහිද්දී දිලිණී මුළුතැන්ගෙට ගොස් කෑම පාර්සලය රැගෙන ආවා...!
දිලිණී මහා ගෙදර නවතා යසිත් එළවළු වෙළදාමට ගියා..., විවිධ ප්‍රදේශවලින් ලබා ගන්නා එළවළු කුලීරථ මඟින් කොළඹට ගොස් විකීණීමයී යසිත්ගේ රැකියාව වුනේ...!

දින,සති,මාස ඇවෑමෙන් දිලිණීට දරුවා ලැබීමට දින ලන්වුනා...,

*****************

දිලිණී රේඩියෝව දමා බණ අසමින් සිටියා..., ඒ අසලට පැමිනි ඇගේ මව දැක කටහඬ අවදි කළා....

හවසට මේවා ඇහෙද්දී සැනසීමයී නේද අම්මේ....?

හ්ම්..., මම නම් හැමදාම මේ ටික අහනවා...

හ්ම්ම්...

මේ ඒක නෙවෙයි දිලිණී උබලා කවද්ද කසාද බඳින්නේ...?

ඉතින් අම්මාමනේ කිව්වේ 18සම්පුර්ණ වෙන්නේ නැතිව කසාද බඳින්න බැහැයී කියලා...?

හ්ම්ම්....

හනේ මන්දා...උඹලා කසාද බැඳලත් නෑ..,

දැන් ඉතිං අද හෙටම දරුවෙකුත් උපදී....

උඹලා නාහෙට අහන්නැති හිංදානේ මේ වෙන එවුන් දුක් විඳින්නේ....?

****************

චන්ද්‍රා කතා කලේ අමනාපෙන්...,

ජීවිතය ගැන කසීම හැඟීමක් තිබ්බේ නැති දිලිණී කුස පිරි මඳිමින් කල්පනාවට වැටුනා.....!

ඇයට ලොකු බලාපොරොත්තු තිබ්බේ නැහැ....

****************

හලෝ....

ආහ්...හලෝ යසීත් පුතා...,

ආහ් කවුද මේ චන්ද්‍රා නැන්දද....?

ඔව් ළමයෝ...., මම මේ ඉන්නේ ඉස්පිරිතාලේ....

දිලිණීට දුවෙක් හම්බවුණා...!

ආහ්....හා..හා...හරී නැන්දේ මම මේ දැන්ම එනවා...!

දිලිණීට අමාරුවක් නෑනේ...., නෑ නෑ පුතේ හොඳින් ඉන්නවා...!

හරී නැන්ඳේ..., එහෙනම් මම ඉක්මනිම් එන්නම්..., සතුට පිරුණු ඔහුගේ දෑසීන් කඳුළු වැටුනා..., අන්න ඒකයී දුවේ පිය සෙනේහසට කව් ගී ලියවුනා මඳී කියන්නේ...!"

****************

අනේ... චූටී පැටියෝ....!

හරී....හරී...මගේ...මැණිකහ්...,

අනේ අම්මේ....,පොඩ්ඩක් මෙයාව ගන්නකෝ...!

ළඟ සිටිය යසීත් තවත් ළඟට ආවා...!

කෝදෙන්න මම වඩා ගන්නම්.....

ඔයාට බෑ යසී.....

මොකද බැරී හම්ම් නෝක්කාඩු බැල්මක් දාල දරුවව වඩා ගත්තා....!

අනේ...මගේ පැටියෝ...එන්න...එන්න

ඒනම් ඔයාම බලා ගන්නකෝ...!

කොහොමත් ඉතින් තව ටික දවසකින් අපේ ගෙදර යනවානේ....!

එතකොට දිලී ඔයාට තමයි ඔක්කෝම කරගන්න වෙන්නේ....,

ඔයාලාගේ අම්මා එතකොට එයී නේද....?

********************


Comments System WIDGET PACK