ඔබ එන්න යලි මා කෙරේ...01 කොටස | Oba Enna Yali Ma Kere 01 Kotasa


ඔබ එන්න යලි මා කෙරේ...

01 කොටස..

""අනේ ප්ලීස් දෙනුවන්..මට දැන් ඔය කියව්ල්ල..ඇතිවෙලා....

ඔයා කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ...

නෑ පාරමී ඔයයි මාව තේරුම් ගන්නැත්තේ..

මම කොෆි ශොප් එක ලගට වෙලා පැයකටත් වැඩිය හිටිය..

ඒත්..ඔයා මටත් නොකියම..අර කොහෙද යන..චාරුකය එක්ක කාර් එකේ නැගල ගියා...

ඇයි ,,දෙයියනේ ඔයා තේරුම් ගන්නැත්තේ..මම ඒ ගියේ හදිස්සි ඔෆිස් වැඩකට..

ආ එහෙමද...

මම හැමදේම දන්නව පාරමී..
ආ.මොනවද..දන්නෙ..
කියන්න බලන්න..
මමත් කැමතියි මම නොදන්න ,,ඔයා ,,දන්න දේවල් මොනවද කියල අහන්න..
කියන්නකො..ඉතින්..හර් යප්..

පාරමී හා දෙනුවන් අතොරක් නැතිව කියවා ගන්නේ වට පිටාවේ සිටින්නන් කවුරුන්ද කියාවත් නොබලම්නුයි..
ආදර සබදතාවයපටන් ගත් දා පටන් රණ්ඩු සරුවල් වල කෙලවරක් නොවීය...
පාරමී.කාර්‍යාල සහයිකාවක් ලෙස සේවය කල අතර..දෙනුවන් රැකියාව කරන ලද්දේ වාහන අලෙවි සැලකය එය තමන්ගේම එකක් වූ බැවින් ඔහු යටතේ තව සේවකයන්ද සිටී...
පාරමී හා දෙනුවන්ගේ ආදර සබදතාවය පටන් ගැනුනේ අහම්බයෙන් මුණ ගැසීමකිනි..
දෙනුවන්ගේ නිවසින්ද පාරමීට කැමැත්ත දී තිබුණු අතර..ඔවුන් විවාහ වීම⁣ෙ බලාපොරොත්තුවෙන් කල් ගත කලහ...
කෙසේ වුවද..පාරමීට .දෙනුවන් තමාව සැක කිරීම පිලිබද ඇති වූයේ..බලවත් හිත් වේදනාවකී.
දුරකථනයෙන් ඇමතුවද.මුණ ගැසී කතා බහ කලද අවසානයේ එය කෙලවර වූයේ..දෙදෙනාම හිත් අමනාපකම් ඇති කරගෙනය..

මොකක්ද,,බන් මේකෙ තේරුම..කොය් වෙලාවෙ .බැලුවොත් උඹ ගිනි අරන්..දැන්ම මෙහෙම නම් ..උඹල මැර් කරල ජීවත් වෙන්නෙ කොහොමද..පාරමී...

නෑ රුචී..එයාගෙ වැඩේ මාව සැක කරනව..

ඉතින්..උඹේ ..වැඩෙත්..ඒකනේ..

නෑ..ඉතින්...

අනේ..මේ,,ඔන්න..ඔය සැකේ නවත්තල සන්තෝසෙන් හිටපන් බන්..සැකේ තමයි කවදහර් විනේ...

රුචිකා පාරමීගේ හොදම යෙහෙලියයිඇයද නිතර දැනමුතුකම් දුන්නද.පාරමී ඒ කිසිත් කණකට නොගත්තාය...

,,හෙලෝ....
මැණික...

ඇයි...

මොකද..කරන්නේ...

මෙ⁣ානා කරන්නද වැඩ..

ඇයි,,රත්තරන්..කේන්තියෙන්..

නෑ එහෙම නෑ...

අදට දවස් කීයක් වෙනවද...

ඔයා ඇයි මට මෙහෙම කරන්නේ..

දැන් ..මොනවද..මම.ඔයාට කලේ..

අනේ..මේ..දෙනුවන්..මට වැඩ ත්යෙනව..

මම මේ චෙක් වගයක් බලන ගමන්

පස්සෙ ගන්න..

දෙනුවන් ආදරයෙන් කතා බහ කලද..පාරමී කැත්තට පොල්ල මෙන් ඔහුට හරස් ලෙස වචන ඉදිරිපත් කලාය..
නිකරුනේ ඇයව සැක කිරීම නිසා ඇය මෙලෙස හැසිරෙන්නට වුනාය...

මේ...ඔන්න..හෙට නම් ටී ටයිම් එකට රසම රස කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයි නේ...

රුචිකා දිවා ආහාර වේලාවේදී සැවොම ඉදිර්යේ එසේ පවසන්නට වූයේ එළැඹෙන පසු දිනට පාරමීගේ උපන් දිනය යෙදී තිබූ බැවිනි...
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

ඒ..පාරමී..අන්න..දෙනුවන් ඇවිත්..නැගිටපන්..බන්...

අනේ..නිදාගන්න දෙන්න...

දෙනුවන්..තෑගි බෝගද රැගෙන උදෑසනම..පාරමීගේ බෝඩිමට පැමිණියේ..
ඇයට සුබ පැතීමසදහායි..
දෙනුවන් කාමරයටම පැමිණෙන තුරුම පාරමී තවමත් නින්දේය...
කකුල් දෙකත් හකුළුවාගෙන සීතලට ගුලිවී හා පැට්යෙක් මෙන් නිදා සිටි පාරමී දුටු දෙනුවන් ඇය අසලටම ගොස් ඇද අයිනකින් හිද ගත්තාය...

""හැපි ,,බර්ත්ඩේ ..මැණික...
කම්මැලි කමට තාම නිදි..
.

අම්ම්...නිදි මතයි අනේ.....

කම්මැලි කෙල්ල නැගිටිනව....
දෙනුවන්..පාරමීගේ දෙකොපුල් සිපගත්තාය...
ඇගමැලි කඩමින් පාරමී දඩ බඩ ගා නැගිට හුරතල් ලෙස දෙනුවන්ගේ ලැමට තුරුල් විය....

මේ..බලන්න මම මොනවද ගෙනාවේ කියල....

කෝ මෙහාට වෙන්න..

දෙනුවන් පාරමී වෙනුවෙන් කර මාලයක්..ටෙඩි බෙයා කෙනෙක් ,චොකලට්..තවත් බොහෝ දෑ රැගෙනවිත් තිබුනා...

පිරමී සිනාවෙන් ඒ දෙස බලනු දුටු දෙනුවන්ටද ඇති වූයේ නිම් හිම් නොවූ සතුටකි....

අද හවස ඩිනර් වලට එනව..ලස්සනට ඇදගෙන ඉන්න..
ඔන්න පස්සෙ බෑ කියන්න ඔට්ටු නෑ..මම යනව...කස්ටර්මර්ස්ල වගයක් එනව ..ලේට් වෙනව..බායි..

දෙනුවන් නැවතත් පාරමීගේ මුව සිප පිටවී ගියා

"යකෝ මම නම් දැකල නෑ මේ තුන් කපේ කිසිම කොල්ලෙක් කෙල්ලෙකුට මේ තරම් තෑගි දෙනව...

මෙහෙ ගනින් ඕව බලන්න..
තනියම බුක්ති ව්දින්නැතුව..

රුචිකා දෙනුවන් ගෙනවිත් තිබූ දෑ එකින් එක ඇද බලන්නට ව්ය...

පව් බන්...

කව්ද..

දෙනුවන්...

පුහ්....

ඇති යන්තම් දැන්වත් ඌ ගැන අනුකම්පාවක් හිතුන..

නෑ එයා මට ආදරෙයි...

එ්ක තමයි මෝඩියේ මම කියන්නේ සැකය අතෑරලා සතුටින් ඉදපල්ල කියලා...

පාරමීගේ හිතේ ඇති වූයේ දැඩි වේදනාවකි...
තමන් දෙනුවන් හට බැණ වැදුන හැට් සිතමින් ඇය දුක් වන්නට විය.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

⁣පාරමී..මේ..පෝන් එක කෑ ගහනව බන්.

දෙනුවන් වෙන්න ඇති..
හවසට ඩිනර් වලට යනව කිව්වනෙ..

මතක් කරන්න ගන්නව ඇති..

ඔව් ඉතින්..උඹට මෙලෝ සිහියක් නෑනේ...

""හෙලෝ..මැණ්ක...
හ්ම්ම් කියන්නකො
බයවෙන්නෙපා මම එනව පිස්සො....

"මේකයි මැණික...

අපේ..පොඩි මාමගේ දුව එනව ඉන්ග්ලන්ඩ් වල ඉදල..මාමා පොඩ්ඩක් බිසීලු..මට එයාව ගන්න එයා පොර්ටි එකට යන්නලු...

තරහ වෙන්නෙපා මැණික..අනිද්දට අනිවාර්යයෙන් යමු....

"ඔව් ඔයාට,මට වැඩිය කොහෙවත් යන එකියක්ව ලොකුය්..ඔව් කොහොමත් නෑනල මස්සිනාලනෙ..මාමට හිතේ ඇති දුවව බෑණට දෙන්න..

ඔය ඉතින් පිස්සු කියවනව...

ඔයාට ආදරේ කරයියෑ පිස්සු නැත්තම්..

මම තියනව..

ඔය ඉතින් මැණික..මම කියන එක අහන්නකෝ....

දෙනුවන් තවත් වචනයකුදු පැවසීමට පෙර පාරමී දුරකථනය විසන්දි කලාය....

මොකද,,බන් මේ අඩන්නේ..
කියහන්කෝ ..මොකද වදේ...

අනේ මංද..මුංට වයර් මාරු වෙනවද කියලා...

පාරමී හඩමින්ම දුවයනු දුටු රුචිකා ඒ පිළිබද විමසුවද පාරමී කිසිවක් නොකියාම පිටවී ගියාය..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

හායි...දෙනුවන් අය්යා....

ශා..කොල්ල තවත් හැන්ඩි වෙලානේ....

හායි නංගා...

ඉතින්..කොහාමද ..ස්ටඩීස් ඉවරද...

ඔක්කොම විනිශ්..

මට තාත්ති කිව්ව එන්න වෙන්නෑ
ඔයාව එවනව කියලා...

මොකදමේ චැට් ⁣එකේම..

ගර්ල් ෆෙරෙන්ඩ්ද..
අ..හා...ඕකේ..
අපි යමුද..
නගින්නකෝ....

දෙනුවන් ශලනිව ගැනීමට එයාපොර්ට් එකට යෑම පිලිබදව පාරමී උන්නේ දැඩි කේන්තියකිනි..
කෙතරම් ඇමතුම් ගත්තද..කෙටි පණි ව්ඩ යැවූවද.පාරමීගේ දුරකතනය ප්‍රත්චාරයක් නොවූයෙන්..දෙනුවන් කලබලයට පත් විය...

""හොලෝ රුචිකා..
පාරමී ඉන්නවද...

අම්මේ ඔය ඉන්නේ..
අඩනව ..අඩනව..ඉවරයක් නෑ..
කාලත් නෑ..
හොදටම නිදි...

ාෆා්න් එකත් වැඩ නෑ..

ඔව් ඒකනම් මේ තියෙන්නේ.හැබැයි කෑලි වෙන වෙනම...

අනේ මංද..මොකක්ද..ඉතින් මෙච්චර කේන්ති ගන්න තරම් ඔය දෙන්න අතර වුනේ...

දෙනුවන් සිදුවූ සියල්ල රුචිකාට විස්තර කලහ..

මේ සියල්ල දෙස බලාගෙන ශලනි පසුවන්නේ විමසිල්ලෙනි...

,,මොකද..අව්ල අය්යේ ..ගර්ල් ෆෙරෙන්ඩ් තරහ වෙලාද..

ඔව් නංගා..
අද එයාගේ බර්ත් ඩේ එක

මම පොරොන්දු වුනා..හවසට ඩිනර් වලට යන්න..
ඒත් හදිසියේම මාමා කතා කල නිසා එයා ටිකක් අවුලෙන්.

නෑ ඕක හරි යය් ..එයාට පොඩ්ඩ ඇති තරහ වෙන්න..

අයියො ්..එහෙමද..

මම හ්ංද වුන දෙයක් නේද...

ශලනි එසේ පැවසූවේ යටි සිතින් සිනා සෙමිනි...

ශලනිගේ සිතේද දෙනුවන් කෙරේ ප්‍රේමයක් ගොඩනැගෙම්න් තිබුනේය...
ඔවුන් දොදනා ඇවැස්ස නෑනා මස්සිනා වූහ..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
""ඒයි නැගිටපන් බන් ..

උඹ වැඩට යන්නැද්ද...

පාරමී...පාරමී...

"දෙයියනේ..උඹට උණ නේද.....

නැගිටපන්..බේත් ටිකක් ගේන්න යන්න...

රෑ පුරාවට අඩමින් සිටි හෙයින්ද,නිරාහාරව සිටි හෙයින්ද..පාරමීට උණ හැදෙන්නට ඇති බව රුචිකා සිතුවේය..ඇය කාමරයෙන් මදක් එලියට ගොස් දෙනුවන් හට දුරකථන ඇමතුමක් ගන්නවාත් සමගම දෙනුවන් පැමිණියේය...

ආ,,මම මේ කෝල් එකක් ගන්න හැදුව විතරයි..

කෝ පාරමී...

ඒකිට..හොදටම..උණ ..

කොහෙද..බෙහෙත් ට්කක් ගන්න යන්න කතා කලා නැගිටින එකක් යෑ..

උණ...

දෙනුවන් එය ඇසූ ව්ටම කලබලයට පත්වී කාමරයට දුව ගියේ උළුවස්සේද ඔළුව තදින් හැපෙද්දීමය...

මැණික...නැගිටින්න..මගෙ පණ...

මම ආවනේ..යමු අපි බෙහෙත් ගන්න..

කෝ එන්න...

ප්ලීස් දෙනුවන් මාව අතාරින්න ..අත තියන්නෙපා මගෙ ඇගට...යන්න..ඔයා අර එක්කන් එන්න ගියෙ..ඒකි එක්කම ඉන්න...

දෙයියනේ ..ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි..මාමා කිව්වම මට බෑ කියන්න පුළුවන්ද..

එවර පාරමී අමාරුවෙන් නැගිට ඇද මත හිදගත්තේ දෙනෙත් වල කදුලු පුරවාගනිමිනි...

මම ⁣ආසාවෙන් බලන් හිටිය ඔයත් එක්ක ඩිනර් යන්න..ඒත් ඔයාට මට වැඩිය කොහෙවත් ඉන්න කෙල්ලෙක් ලොකු වුනා..ඔයා මට ආදරේ නම් එහෙම කරනවද දෙනුවන්...

අඩන්නෙපා...කෝ..කදුලු පිහිදගන්න..

අතාරින්න මාව..මට පාඩුවේ ඉන්න දීල යන්න...

මට යන්නද කියන්නෙ...

ඔව් යන්න..

මාව ඕනෙ නැද්ද..

නෑ.

මට ආදාරේ නැද්ද...

නෑ.නෑ.නෑ...

පාරමී සියල්ලටම පිලිතුරු දුන්නේ ජනේලයෙන් පිටත බලාගෙනය...
දෙනුවන් පාරමීගේ නිකටින් මුව ඔසවා තමා දෙසට හරවා ගත්තාය..

"එහෙම බෑ..මගෙ ඇස් දෙක දිහා බලාගෙන කියන්න..මට ආදරේ නෑ කියල..

කියන්න ඉතින්...

පාරමීගේ රතු වූ දොනත් කදුලින් බොදවී තිබුණා..

කෝ කියන්න...

බෑ නේද..

ඊට කලින් කියන්න මේ තරම් අඩන්නෙ ඇයි කියලා...

මම එක පැය දෙකකට ඔයාගෙන් ඈත් වුන ටිකට ඔයා මේ තරම් අඩනවනම්...
මට හිතා ගන්න පුළුවන් මැණික..ඔයා ⁣මට කොච්චර ආදරෙයිද කියලා...

මම කවදාවත් ඔයා දිහා ඇර වෙන කෙනෙක් දිහා නරක හිතකින් බලල නෑ..ඔයාට මාව තේරුම් ගන්න බැරි නම්.කමක් නෑ..මම යන්නම් මැණික..

හැබැයි මීට පස්සේ..කවදාවත් අඩන්නෑ කියල පොරොන්දු වෙන්න....

දෙනුවන් ඇදෙන් නැග්ටිනවාත් සමගම පාරමී ඔහුගේ අතින් අල්ලා ගමන මදකට නැවතීය...
එක්වරම දෙනුවන්ගේ ගෙල බදාගත් පාරමී ඉකිබිදින්නට විය...

මම කැමති නෑ ඔයා මගෙන් ඈතට යනවට..මට ඒක දරාගන්න බෑ රත්තරන්..
එවර පාරමීගේ ඉකිබිදිමින් බිදුම වේගවත් විය..

මගෙ මැණිකව දාල ආයෙ නම් කොහෙවත්ම යන්නෑ..අපි ඉක්මනට වෙඩින් එක ගමු
.මේක ඉක්මනට මගෙ ලගට ගන්න..නැත්තම් අඩලම මොනව හරි වෙනව..
එවර නම් පාරමීගේ මුවට සිනාවක් නැගුනේය..දෙනුවන් ඇයගේ නලලත සිපගනිමින්...

!!දැන් ඇදුමක් දාගෙන ..එන්න..බෙහෙත් ටිකක් ගන්න යන්න...

මම එළියෙන් ඉන්නම්...

අම්මේ..දැන් හරිද උඹට..අරූ ඇවිල්ල නලවනකම් උඹට ලෙඩ නේද..
අම්මේ..පාරමී උඹ වගේ කපට් මගුලක්....

අනේ මේ රුචී..කට වහගෙන ඉදපන්..
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

පාරමී හා දෙනුවන් එකිනෙකාට බොහෝ සේ ආලය කලද දෙදෙනා අතරම පවතින අවිශ්වාසය නිසා.ඔවුන් නිතරම සිටියේ විරසකවය...

අම්මේ...අම්මේ...

⁣ඇයි පුතා..

මේ..පාරමීගෙයි මගෙයි එන්ගේජ්මන්ට් එක ගමු නේද අම්ම ලගදි කතා කරල අම්ම තාත්තට කියනවද..

මොකද ,,පුතා හදිස්යේම...

නෑ මේ ⁣එහෙම හද්සියක් නෑ...

හරි මම තාත්තට කියන්කම්කො පාරමීගේ ගෙදර අයත් එක්ක කතා කරන්න ක්යල...

හායී.. පොඩි නැන්දේ..

හායි දෙනුවන් අයියා..

ආ,මේ ශලනි දුවනේ..

අම්මෝ ලස්සන වෙලා..ආව කිව්වට දැන්නෙ දැක්කෙ ඉතින්...

එන්න ,,දුව වාඩිවෙන්න..

මොනාද අම්මයි පුතයි,,බරටම කතාව..

නෑ අපි මේ කතා කලේ...

අම්ම මම යනව පරක්කු වෙනව..අද වැඩ ගොඩයි..

අයිය..මරදාන පැත්තෙන්ද යන්නේ..අනේ මාවත් මගින් දාන්නකො මගෙ කාර් එකේ පොඩි අවුලක්..

නෑ නංගා..මම වෙන වැඩ වගයකටත් එක්ක යන්නෙ ලේට් වෙයි..ඔයා ඔහොම ඉදල එන්න..

ආව විතරනෙ..

ශලනිට උවමනා වූයේ කෙසේ හෝ දෙනුවන්ගේ ක⁣රේ එල්ලීමටය..දෙනුවන් ඇය මගඇරීමට උත්සාහ කලේ නැවතත් පාරමීගේ සිත රිදවිය නොහැකි වූ නිසාවෙනි....

කමක් නෑ පුතා ශලනි දුවවත් දාගෙන යන්න..

හරි එහෙනම් යමු..

දෙනුවන් එය පැවසූයේ එතරම් කැමැත්තකින් නොවන බව ශලනිට වැටහුනේය...

ඒක නෙවයි..මම ආසයි අයියා.ඔයාගෙ ගර්ල්ව මුණ ගැහෙන්න..

ඒ මොකටද...

ඒ මොකටද .අහන්නෙ..අදුරගන්නනෙ..

මොකද ඉතින්..ඉස්සරහට නෑන වෙන කෙනාව අදුරගන්න හොද නැද්ද..

මම දවසක මුණ ගස්වන්නම්කො...

වාහනය ඉදිරියට ඇදී ආවේ..දිගු නිහඩ බවකිනි..

නංග .ඔහොම ඉන්න...

මම ටක් ගාල එන්නම්..

දෙනුවන් වාහනයෙන් බැස ගියේ.පාරමී හට නව දුරකථනයක් මිලදී ගැනීම සදහායි..පෙර දින ඇතිවූ කේන්තිය නිසා පාරමී තම දුරකථනය පොලොවේ ගසා තිබූ බැවින් ඇයට දුරකතනයක් නොවීය...

හරි අපි යමු..

වාව්..ලස්සන මොබයිල් එකක් අයියටද..

නෑ...

එහෙනම්..

ඔයාටත් ඕන් නැති දෙයක් නෑනේ..

අපෝ අාඩම්බර කම..

හරි නංගා.මම ඔයාව ඉස්සරහින් දාන්නම්..ඔයා ටැක්සියක් අරන් යන්න..මට ලේට් වෙනව.

දෙනුවන් ශලනිව බස්සවා ඔරලෝසුව දෙස බැලුවේ තමාට... පරක්කු වී යැයි පවසමිනි...

වාහනය පාරමීගේ සේවා ස්ථානයේ නතර කල දෙනුවන් පාරමී සොයා ඉහල සාලයට පිය නගින්නට වූයේ..ඇයට දුරකථනය තෑගි දීම සදහායි...
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
දෙවන කොටසින් හමුවෙමු...