සිහිනයක් නොවූ සිහිනය | Sihinayak Novu Sihinaya


සිහිනයක් නොවූ සිහිනය ( කෙටිකතාව )
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉සතියේ මැද දිනයක් වූ බැවින් එතරම් සෙනඟක් පන්සල තුළ දක්නට නොවීය.සෙමෙන් සෙමෙන් බෝ මළුව තුළට ඇතුළු වූ සිහින පසෙකින් හිඳ ගත්තේය.බෝ මළුව තුල ඇති නිහඬ බව බිඳීමින් සුළඟට සෙලවෙන බෝ පත් වල හඬට සවන් දෙමින් සිටි ඔහුගෙ සිත නිරායාසයෙන්ම අතීතයට ඇදී ගියේය.පෙර දිනක නෙතුකි සමඟින් පැමිණ මෙම බෝ මළුව තුලදීම සංසාරෙ පුරාවටම එකට ඉන්නට ප්‍රාර්ථනා කල අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය.

" සිහින "

" ම් "

" ඔයා මොනවාද ප්‍රාර්ථනා කලේ "

" උපදින හැම ආත්මෙකම මගෙ රත්තරං මගෙම වෙන්න කියල ප්‍රාර්ථනා කලා "

" ම් ..........
එහෙම විතරක් ප්‍රාර්ථනා කරල මදි රත්තරං "

" එ ... ඒ ඇ .... ඇයි මැණික "

" මම එහෙම කිව්වම ඔයා බය උනාද සිහින.නෑ රත්තරං.මාත් මේ සංසාරේ පුරාවටම ඔයාව විතරයි ප්‍රාර්ථනා කරන්නෙ.ඒත් අපි ප්‍රාර්ථනා කරන්න ඕනෙ මේ දුකින් පිරුනු සසරෙ දිගටම ජීවත් වෙන්න නෙමෙයි.මේ සසර දුකින් මිදෙන්න.ඉතින් ඔයත් එක්කම ඉපදිලා ඔයාගෙම විතරක්ම වෙලා.ඔයා එක්කම ඉක්මනින් නිවන් දැකල මේ සංසාරෙන් එතෙර වෙන්න ලැබේවා කියල තමයි මම ප්‍රාර්ථනා කලේ "

" අම්මෝ මගෙ පුංචි පන්ඩිත ආච්චි හිතල තියන දුර.ඔයාගෙ ඔය ආදරේ මට හරියට මහ මෙරක් වගේ මැණික.ඒ ආදරේ ලග මගෙ ආදරේ හරි පුංචියි කියල මට හැමවෙලාවෙම හිතෙනව "

" අනේ නෑ රත්තරං ඔයාගෙ ආදරේ තමයි මගෙ ජීවිතේ.ඒකනෙ මම මගෙ රත්තරං එක්කම නිවන් දකින කල්ම එකට ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කලේ "

එදා එලෙසට ප්‍රාර්ථනා කලද අද ඇය සිහිනගෙන් බොහෝ ඈතට ගොසිනි.එහෙත් නෙතුකිගෙ ආදරය මතකයට එන හැමවිටකම පහන්ගේ හදවත රිදුම් දෙන්නේ ඇගේ ආදරය එතරම්ම ඔහුගේ ආත්මයට කා වැදී ඇති නිසාය.
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
සිහින රැකියාව නිමවී නිවසට එනවිට මදක් ප්‍රමාද විය.මවගේ වියෝවත් සමඟ තනි වූ නැගණිය හා මලණුවන් තමා එන තෙක් මඟ බලා සිටින අයුරු දුර තියාම ඔහු දුටුවේය.

" අදත් පොඩ්ඩක් පරක්කු උනා ලොක්කි "

" කමක් නෑ අයියෙ.ඔයා පරිස්සමෙන් ගෙදර ආවනෙ "

" මොකද පොඩ්ඩො නිදිමතයිද "

" ඔව් අයියෙ.මම ඔයා එනකල් ඇහැරිල හිටියෙ "

" මල්ලි කෑවද ලොක්කි "

" ඔව් අයියෙ "

" හරි පොඩ්ඩො.එහෙනම් ඔයා ගිහින් නිදාගන්න.

" සෙව්වන්දි අක්ක අදත් වැඩ ඇරිල යන ගමන් ඇවිත් මට කෑම හදන්න උදව් කරල.ගේ අස් පස් කරල , පොඩ්ඩගෙයි මගෙයි ඉස්කෝලෙ වැඩ වලත් උදව් වෙලා අයියෙ ගියෙ "

" ඔයා මට ඉස්සර වගේ ආදරේ නෑ සිහින "

" අ .... අනේ ඇයි මැණික ඔයා එහෙම කියන්නෙ.ම ... මම මොකක් හරි වැරැද්දක් කලාද "

" එහෙමම නෑ ඒත් ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි.ගොඩක් වෙලාවට මාව අමතක කරනව "

" ඔයාව අමතක කරනව නෙමෙයි රත්තරං.අම්ම නැති උනාට පස්සෙ නංගියි මල්ලියි ගැන බලන්න ඉන්නෙ මම විතරයිනෙ.නංඟි මේ සැරේ ඒ ලෙවල් එග්සෑම් ලියන නිසා මට වැඩ වැඩී.ඉතින් සමහරක් වෙලාවට මට ඔයාව මඟ ඇරෙනව "

" ඒකනෙ සිහින.එයාල ගැන බලන්න ගියාම ඔයාට මං ගැන බලන්න වෙලාවක් නෑනෙ.ඉතින් ඒ වෙලාවට මම මොනව කරන්නද.මට ගොඩක් පාලුයි සිහින "

" මට සමාවෙන්න මැණික.මම පිලිගන්නව ඔයා ගැන බලන්න මට වෙලාව අඩුයි කියල.ඒක මගෙ වැරැද්දක් කියලත් මම පිලිගන්නව.ඒත් රත්තරං මම පුළුවන් හැමවෙලාවකම ඔයාට කතාකරනවනෙ "

" එ .... ඒත් සිහින ඔයා දන්නවනෙ මට ගොඩාඩාඩාක් ආදරේ ඕනි කියල.ඔයාගෙ ආදරේ කවදාවත් අඩුකරන්න එපා රත්තරං.මට ඒක දරාගන්න බෑ "

" අයියෙ.මම ඔයාට දෙයක් කියන්න මාත් එක්ක තරහ වෙන්නෙ නැද්ද "

අතීත මතකයන් අතර තනිවී සිටි සිහින තම නැගණියගේ හඬින් පියවි ලෝකයට ආවේය.

" ඇ .... ඇයි ලොක්කි "

" සෙව්වන්දි අක්ක ගැන මට හරි පුදුමයි අයියෙ.අපේම අක්ක කෙනෙක් වගේ එයාට පුළුවන් හැමවෙලාවකම අපිට උදව් කරනව.අපි ගැන බලනව.ඉස්කෝලෙ වැඩ වලට උදව්වෙනව.පුළුවන් නම් අක්ක හම්බවුන වෙලාවට අයියත් එයාට ස්තූති කරන්න "

" ම්.ඔව් පොඩ්ඩි.වෙලාවක මම සෙව්වන්දි අක්ක හම්බවෙන්නම්කො "
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
බෝ මළුවට පැමිණි සෙව්වන්දි මල් වට්ටියත් රැගෙන සෙමින් සෙමින් බුදු මැඳුර අසලට ගියේය.සෙව්වන්දි පාසල් වියේ සිටම සිහිනගේ හොඳම මිතුරියක වූවාය.විශ්වවිද්‍යාල ප්‍රවේශත් සමඟ වෙන් වී රැකියාව නිසා නැවතත් වෙන් වූ පසු ඔවුන් ඉදහිට හෝ මුණ ගැසුනේ විවේකී දිනයකදී පමණි.සිහිනගෙ සිතේ ඇය පිළිබඳව විශේෂයක් නොවුණත් සෙව්වන්දිගෙ සිතේ සිහින ගැන විශේෂ කැමැත්තක් තිබුනද ඇය ඒ පිළිබඳව ඔහුට පෙන්වන්නට මැළි වූයේ ඔහු එයට අකැමති වේයැයි සිතේ ඇති වූ බිය නිසාය.එහෙත් එයින් සිදු වූයේ නෙතුකි සිහිනගේ පෙම්වතිය වීමය.සිහිනගේ මුවින්ම එය ඇසීමට තරම් ඇය අවාසනාවන්තියක වූවාය.

" ම් ........
ඒ සිහින නේද "

පසෙක අසුන්ගෙන පොළව දෙසට නෙත් යොමා ගෙන කල්පනාවක යෙදී සිටින සිහින දුටු ඇය බුදුන් වැදීමට පටන් ගත්තේය.බුදුන් වැදීම අවසන් කළ ඇය බුදු මැදුර දෙසට ගමන් කළේ තවමත් කල්පනාවේ නිග්මව සිටින ඔහු දෙස බලමිනි.
නැගණියගේ විභාගය ලංවීමත් සමඟ සිහින නෙතුකි වෙනුවෙන් වෙන් කල කාලය තව තවත් අඩුවන්නට විය.තම සහෝදරියගේ ඉගෙනීම වෙනුවෙන් කල හැකි උපරිම සහයෝගය දෙමින් ඇය තව තවත් උනන්දු කරවීය.

" අනේ සොරි නෙතුකි.ගිය දවස් ටිකේ නංඟිගෙ එග්සෑම් එක ගොඩ දාගන්න උදව් කරන්න ගොඩක් මහන්සි උන නිසා ඔයාව හම්බවෙන්න හම්බවුනේ නෑ.කොහොම හරි එයාලට හොඳට උගන්නන ඕනෙ.මට එයාලට කරන්න පුළුවනුත් එච්චරයිනෙ "

" හ්ම් "

" ඔයා මා එක්ක තරහ වෙලාද.අනේ සොරි නෙතුකි.ඔයා කෝල් කරන සමහර වෙලාවට මම නංඟිට පාඩම් කියල දෙන නිසයි කෝල් එක කට් කරල මැසේජ් එකක් දැම්මෙ.ඊට පස්සෙ මම ගත්තම ඔයා ආන්සර් කලේ නෑනෙ "

" හ්ම් "

" අනේ මේ ඇයි නෙතුකි.ඔයාට මගෙන් වැරැද්දක් උනා තමයි.ඒකට ඉතින් මම සමාව ගත්තනෙ "

" හේතුව මොකක් උනත් ඔයා ගිය දවස් ටිකේම මා ගැන හොයල බලන එක , මට ආදරේ කරන එක ගොඩක් අඩු කලා සිහින.ඔයාට මං වෙනුවෙන් ඔයාගෙ නංඟියි මල්ලියි අතාරින්න බෑ.මට එහෙම කියන්නත් බෑ.ඒත් එහෙම කියල මාව අයින් කරල ඔයා එයාල වෙනුවෙන් මහන්සි වෙන එක මට දරාගන්නත් බෑ.ගිය දවස් වල මම හිටියෙ ගොඩක් දුකින්.මගෙ දුක නැති කලේ
මා එක්ක මගෙ ලගින්ම ඉදල මගෙ හිත හැදුවෙ මිහිසර.සිහින එයා මට ගොඩක් ආදරෙයි.ඒ වගේම ඒ ආදරේ මට ගොඩක් දැනුන සිහින.ඔයා මට ආදරේ අඩු කරන කොට එයාගෙ ආදරේ මාව ජීවත් කලා සිහින "

" මි .... මිහිසර "

" ඔ ... ඔව්.එයා මා ගැන ගොඩක් හොයල බලනව.හැමවෙලාවෙම මගෙ ලගින්ම ඉන්නව. එයාගෙ මුලු ලෝකෙම මම විතරයි සිහින "

නෙතුකි එසේ පවසන විට සිහිනට මුළු ලෝකයම කඩා වැටෙන අයුරක් දැනෙන්නට විය.ඇය තමන්ගේ මුළු ජීවිතයම බව කෑ ගසා පවසන්නට සිත් විය.හමු දා පටන්ම තමා ආදරය කලේ ඇයට පමණක්ම බවත් ඒ ආදරය කවරදාවත් වෙනස් නොවුන බව දිවුරා පවසන්නට සිතින.තම නැගණිය හා මලණුවන් ඇරුනු කොට තමාගේ හදවතේ සිටින්නේ ඇය පමණක් බව කියන්නට සිතින.එහෙත් තවමත් ගිරවියක සේ මිහිසරගේ ආදරය ගැන පැහැදිලි කරන ඇයට කිසිවක් පැවසීමෙන් පලක් නොවන බව ඔහුට දැනින.නෙතුකි තමා හැර ගොස් අවසන්ය.තවත් හේතු කාරණා පැවසීමෙන් පලක් නොවේ.

" ඔයා මට දුන්නු ආදරේට ගොඩාඩාඩාක් පිං රත්තරං.මට ආදරේ කියන්නෙ මොකක්ද කියල කියල දුන්නෙ ඔයා.මගෙ මුලු ලෝකෙම ඒ ආදරෙන් පිරිල.ඔයාට මගෙන් උන හැම වැරැද්දකටම මට සමාවෙන්න.ජාති ජාති වත් මම ඔයා එක්ක තරහ නෑ.ඔයාගෙ සතුට තමයි මමත් හැමදාම ප්‍රාර්ථනා කලේ.ඒ සතුට තියන්නෙ මා ලඟ නෙමෙයි නම් ඔයා ඒ සතුට තියන තැනකට යන්න.මම ඔයා මට දුන්න ආදරේ මතක එක්ක ජීවත් වෙන්නම්
මැණික "

සියල්ල අවසන නිවස බලා යාමට සූදානම් වූ සෙව්වන්දි දුටුවේ තවමත් පෙර ලෙසම බෝ මළුවේ රැදී සිටින සිහිනය.

" ම් ....... මෙයා තාමත් මෙතනට වෙලා කල්පනා කරනව "

" අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කලාට ඔයාගෙ ඔය ප්‍රශ්නෙට උත්තරයක් හම්බවෙන්නෙ නෑ "

මොහොතක් ඔහු දෙස බලා සිටි ඇය පැසුවේය.

" ආ ......... සෙ ..... සෙව්වන්දි
ඔ ... ඔයත් පන්සල් ආවද "

" හ්ම්.
මම පන්සලට එන වෙලාවෙත් බිම බලාගෙන කල්පනා කරනව.වැදල ඉවර වෙලා යන වෙලාවෙත් කල්පනා කරනව.මොකක්ද සිහින.දැන්වත් ඔයා නෙතුකි ගැන හිතන එක අමතක කරල දාන්නකො.පැත්තකට වෙලා ඔහොම කල්පනා කලා කියල එයා ආයිත් ඔයාගෙ ජීවිතේට එන්නෙ නෑනෙ "

ඇය කියද්දී යන්තමට සිනහ වුනු ඔහු බිම බලා ගත්තේය.

" මම හැමදාම කියනව වගේ ජීවිතේ අපි කැමති දේවල් විතරක්ම අපිට ලැබෙන්නෙ නෑ සිහින.ඒක නිසා දැන්වත් ඔයා අර නංගියි මල්ලියි ගැන හිතල හිත හදාගන්න "

" අමුතුවෙන් හදාගන්න දෙයක් නෑ සෙව්වන්දි.මම හිත හදාගෙන ඉවරයි.ඒ වගේම මගෙ ප්‍රශ්නෙට උත්තරයකුත් හොයාගෙන ඉවරයි "

මඳ වේලාවක් බලා සිටි ඔහු පැවසුවේය.

" මො .... මොකක්ද "

" ඔව්.මම මෙච්චර වෙලා කල්පනා කලේ නෙතුකි ගැන නෙමෙයි "

" නෙතුකි ගැන නෙමෙයි.එහෙනම් "

" අපිට ඇත්තටම ආදරේ කෙනෙක් කවදාවත් අපිව දාල යන්නෙ නෑ සෙව්වන්දි.එයා මට ගොඩක් ආදරේ කලා.ආදරේ ගැන කියල දුන්න.ඒත් අන්තිමට එයා මාව දාල ගියා "

" ඔ .... ඔයා කියන්න හදන දේ ම .... මට තේරුනේ නෑ "

" නෙතුකිට මට වඩා එයාට ආදරේ කරන කෙනෙක් හම්බවෙන්න ඇති.මට වඩා එයාගෙ දැනෙන්න ඇති.ඒක නිසානෙ මාව දාල යන්න ඇත්තෙ.ඉතින් මම තවත් එයා ගැන හිත හිත හිටිය කියල කිසිම තේරුමක් නෑ කියල මට දැන් තේරෙනව "

" ම් ...... "

" අපි ආදරේ කරන්න ඕන අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපි ආදරේ කරන කෙනෙකුට නෙමෙයි සෙව්වන්දි.ඒක නිසා මමත් මට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරන්න තීරණය කලා "

" ඔ .... ඔයාට ආදරේ කරන කෙනෙකුට.ඉ ... ඉතින් එ .... එහෙම කෙනෙක් ඉන්නවද "

ඇය තරමක තිගැස්මකින් විමසුවේය.

" ඔව්.මට ගොඩක් ආදරේ කරන.කවදාවත් මාව තනි නොකරපු.මාව හොදින් තේරුම් ගත්ත.මගෙ ළඟින්ම ඉඳලත් මට අඳුරගන්න බැරි උන කෙනෙක් "

" ම් ..... එ .... ඒ කව්ද.මමත් දන්න කෙනෙක්ද "

" ඔව්.ඔයා හොඳට දන්න කෙනෙක් "

" හොඳට දන්න කෙනෙක්.ඒ කව්ද කියල මටත් කියන්න පුළුවන්ද "

" ම්.මට සමාවෙන්න සෙව්වන්දි.මටත් වඩා මං ගැන හොයල බලපු,මටත් වඩා මගෙ නංඟියි ගැනයි මල්ලි ගැනයි හොයල බලපු,වෙන කාටවත් වඩා මට ආදරේ කරලත් ඒක හිතේ තියාගෙන මගෙ සතුට ගැනම හිතපු ඔයාව අඳුරගන්න බැරි උනාට "

" සි ... සිහින ම ..... මම "

" නංඟි මට හැමදෙයක්ම කිව්ව සෙව්වන්දි.මම නෙතුකිට ආදරේ කරන කොට මගෙ අතින් එයාලට වෙන හැම අඩුපාඩුවක්ම හොයල බලල , නෙතුකි මාව දාල ගියාම මගෙ අතින් වෙන හැම අඩුපාඩුවක්ම හොයල බලල ඒ හැමදෙයක්ම කරල.ඔයාට ගොඩක් පිංසිද්ධවෙනව සෙව්වන්දි "

" අ .... අනේ සිහින.ඔයා ඇයි ඔහොම කියන්නෙ.එයාල ඔයාගෙ විතරක් නෙමෙයි.මගෙත් නංඟියි මල්ලියි වගේනෙ "

" ම්.ඒක තමයි මම මේ තීරණය ගත්තෙ.ඔයා එයාලට අක්ක කෙනෙක් උනේ හදවතින්.ඒ වගේම ඔයා හැමදාම මට ආදරේ කලේ ඈත ඉඳන්.ඒත් තව දුරටත් එහෙම වෙන්නනෙ නෑ.අපි ඉක්මනට මැරි කරමු සෙව්වන්දි.ඒ ඔයා මගෙ නංඟියි මල්ලිටයි ආදරේ නිසා , මට ආදරේ නිසා විතරක් නෙමෙයි මාත් ඔයාට ආදරේ නිසා.මාව මේ තරම් හොඳට තේරුම් ගත්ත ඔයාට වැඩිය හොඳ කෙනෙක් මම කොහෙන් හොයන්නද සෙව්වන්දි "

" මේ .... මේක හීනයක්ද සිහින "

" නෑ සෙව්වන්දි.මේක සිහිනයක් නොවුන සිහිනයක් "

නිමි.


Comments System WIDGET PACK