#ශෘංගාරි | Shungari


#ශෘංගාරි

❤️❤️❤️❤️❤️❤️
බොහො කලක් පන්හිදට විරාම දුන් මා නැවත අකුරු කරන්නෙ ශෘංගාරියකට පනපොවමින් ..රූපය ඇගෙ අවිය වූ අතීතෙක අනාගතය ඒ අවියෙන්ම වැනසෙන කතාංගයක් මෙවර ඔබ හමුවෙට පැමිනේ.මෙතැන් සිට............

...................................

ශෙනායා විරවංශ සල්ලි මිල මුදල් වලින් කිසිම අඩුවක් නැතුව හැදුන කෙල්ලෙක්....රූපය පුදුමාකර වූ සුන්දරත්වය හෙබි යුවතියක්........කඩාහැලෙන දිගු කොන්ඩය කාන්තිමත් ඇස් සිහින් ඇග මනා වූ හැඩ නිතබ වගේම ස්ත්‍රී සුන්දරත්වය ඇයට උපතින්ම දායද වුනා..ඒ සුදරත්වය නිසාම ඈ හිටියේ ලන් විය නොහැකි මාන්නෙකින්.............

ශෙනායව දකින කොල්ලෙක් දෙපාරක් හැරිලා නොබැලුවොත් තමා පුදුම ..තමන්ගෙ ලස්සන නිසාම අහින්සක කොල්ලන්ව දපනේ දාගන්න ශෙනායා එපා වෙද්දි කුනු ගොඩක් වගෙ එයාලව විසි කලෙ රූපය නිසාම ආදරෙ සෙල්ලමක් විතරක්ම ඇයට වෙලා තිබුන නිසා..රූපය මිල මුදල් තිබ්බට බුද්දිය සංවේදි බව ඇයට අහිමිම දෙයක්............

ඒ රුපෙ තිබ්බ ලස්සනට රැවටුන තවත් අහිංසකයෙක් තමයි දේව් කියන්නෙ ..

ලස්සනයි රාගෙයි විතරක්ම පිරුන ශෙනායා අත්තෙන් අත්තට පනිමින් ප්‍රේමයේ රාගය විතරක්ම විදින්න හුරු උනේ නිල නොලත් එමත් නැත්තන් අප්‍රසිද්ද ගනිකාවක් වගේ..හරියටම කිවොත් ගනිකාව කියන වෘත්තිය නොකලට වැටෙන ගනය ඒකම තමා....තමන්ගෙ හැම සෙල්ලමක්ම සල්ලිවලින් ලස්සනට වහගන්න පුරුදු වෙලා හිටපු ශෙනායට දේව් කියන්නෙ තවත් එක කොල්ලෙක් විතරයි ..හැබැයි ශෙනායට වරදින්නෙත් අන්න එතන ..කොට්ටොරුවෙක් වගෙ හැම ගහටම කොටන්න පුරුදු වුන ශෙනයා මේ පාර කොටලා තියෙන්නෙ කෙහෙල් ගහකට ..දේව් අංක එකෙ කුඩු බිස්නස් කාරයෙක්...දේව් නිකන්ම කෙල්ලෙක්ට ලන් වෙන්නෙ නැ ..දෙව් ශෙනායා ගැන හොයනවා.සල්ලි ගහක් කියලා දැනගත්තට පස්සෙ එ වගෙ කෙනෙක්ට මේක ඇබ්බැහි කරොත් හොදට ගරන්න පුලුවන් කියලා දේව් හොදටම දැනන් හිටියා...

ශෙනායට නොදැනිම ශෙනායා ටිකෙන් ටික කුඩු වලට ඇබ්බැහි වෙද්දි හිතුවා වගෙම මාර ලස්සනට ශෙනයගෙන් සල්ලි වගෙම ශරීරෙත් ඕන ඕන විදිහට පාවිච්චි කරන්න දේව් පටන් ගන්නවා..දේව්ට පොලිසියෙන් ප්‍රශ්න එද්දි ශෙනයා ඇබ්බැහි වීම නිසාම තමන්ගේ සල්ලි වලින් දේව්ව බේර ගන්නවා...........

ඒත් ශෙනායට ජිවිත කතාව ලස්සනට ලියන්නෙ ටික කාලයයි කුඩු වලටම ඇබ්බැහි වෙලා උපතින් දායද වුන ලස්සන රූපෙ ඇගෙන් ගිලිහෙමින් තිබ්බේ ..ඔය අතර වීරවංශ එහෙමත් නැත්තන් ශෙනයගේ තාත්තා මිය යනවා..නොහිතපු විදිහට බිස්නස් කාඩාගෙන වැටෙද්දි අතේ සත පහ නැති වෙද්දි දේව් ශෙනයා අනිත් කොල්ලො කුනු ගොඩක් වගෙ විසිකලා වගෙ ශෙනායව දේව් විසික් කරනවා.....ශෙනයා එක්ක නටපු හැම නාඩගමක්ම මුලු පලාතෙම යද්දි නිකන්ම බඩුව කියන කාඩ් එක ශෙනායට වැටෙනවා.....කුඩු නැතුව තියන දේත් විකුනලා විකුනා අවසානෙටම වැටුන කාඩ් එකට ගැලපෙන්න නිල ලත් ගනීකාවකගෙ තත්වෙට ශෙනායා වැටෙනවා..............................................
නමුත් එදා ආශවෙන් පෙම්වතුන් පහසෙ නැලවුනු ඇ අද පිලිකුලෙන් වුවද යහන් වදි...

ජිවිතෙ හිත් එක්ක සෙල්ලම් කරන්න එපා..කෙල්ලෙක් කියන්නෙ කෙල්ලෙක්ට ..ගවුරවය අන්ක එක කරගන්න ..කතාවකට එහා ආදර්ශයක් දීමෙ බලාපොරොත්තුවෙන් ලිවෙමි........

පාරමි කවී


Comments System WIDGET PACK