සත්තයි පළමු කොටස | Saththai 01 Kotasa
නෙතුල්‍යා.....
හුරු පුරුදු කටහඬක්.කව්ද මගේ නම කියලා කතා කරන්නේ..මං හැරිලා බලද්දි මෙච්චර කාලයක් දකින්න පෙරුම් පිරූ ඒ රුව.මං ඉදිරියේ.
👡 අහාස් අයියේ ඔයා ආවද
👞ඔව් මැණික මං ආවා
👡කොහෙද මහාත්තයෝ මෙච්චර කල් හිටියේ
👞මං කියන්නම් මැණික.මොකෝ මේ මෙතන ඉඳගෙන
👡මං පන්සල් ආවා.එ ගමන් මෙතන වාඩි වුණා.අපේ මතක මෙතන පිරිලා නේ
අවුරුදු 5ක මගේ ආදරේ.අහාස් සේනාධීර කියන්නේ ලංකාවේ ප්‍රබල ඇමතිනි මහේෂී සේනාධීරගේ එකම පුතා.සල්ලී සැප සම්පත් වලින් කිසිම අඩුවක් නැතුම් හැදුනු සෙල්ලක්කාර කොල්ලෙක්.මං නෙතුල්‍යා පහනදි අම්මා තාත්තා කවුද කියලා නොදන්න ළමා නිවාසෙක හැදුන අනාථ කෙල්ලෙක්.
අහාස් මගේ ජීවිතේට හරි අහාම්බෙන්.මං ගාමන්ට් එකක වැඩ කරන දවස් වල දවසක් මං වැඩ ඇරලා ගෙදර එනකොට පාර අයිනේ කෙනෙක් වැටිලා ඉන්නවා දැක්කා.මං ළඟට ගිහින් බලද්දි කෙනෙක්ට හොඳටම ගහාලා පාරේ දාලා ගිහින්.තුවාල වෙලා ලේ ගොඩාක් ගිහින්.මං ඉක්මනට වීල් එකකට අත දාලා නතර කරලා වීල් එකේ මනුස්සයාගේ උදව්වෙන් එයාව හොස්පිටල් එක්කන් ගියා.එයාට ලේ දුන්නේත් මං.
එදා මං ලේ දීලා බේරගත්තේ වෙන කාවවත් නෙමෙයි මගේ අහාස්ව.එදායින් පස්සේ මං අහාස්ව දැක්කේ නෑ.දවසක් මට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා
📲📲📲📲📲📲📲
👡හෙලෝ කවුද
👞නෙතුල්‍යා.......
👡ඔව් නෙතුල්‍යා තමයි කවුද ඔයා
👞නංගි මං අහාස්....
👡අහාස් කිව්වේ..මට එහෙම කෙනෙක් මතක නෑනේ
👞දවසක් ඔයා කෙනෙක්ව හොස්පිටල් ඇඩ්මිට් කරා නේද
👡ඔව්
👞ඒ මං තමයි
එදා එහෙම පටන් ගත්ත අපේ කතා බහා මිතුදමකටත් එහා ආදරයකට පෙරලුනේ අපිටවත් නොදැනිමයි.අහාස් නිසා අම්මා තාත්තා නැති අඩුව නැති වුණ.මහ දෙපාරක් හැරිලා බලන්න තරම් ලස්සනක් තියෙන කෙල්ලෙක් නෙමෙයි.එත් අහාස් ලැජ්ජ වුණ නෑ.ගොඩාක් ආදරෙන් මාව බලාගත්තා.දවසක් අහාස් මාව බලන්න ඇවිත් ගියාට පස්සේ
.....................................................
🧒නෙතුල්‍යා තමුන් නේද?
නැවතීමක්
නෙතුල්‍යාගෙයි අහාස්ස්ගෙයි ආදරේට මොනා වෙයිද?නෙතුල්‍යාව හොයන් ආවේ කවුද?ඉක්මනටම විසඳුමක් අරන් එන්නම්