❤️... සහෝදරියකගේ වේන්වී යැම...❤️ | Sahodariyakage Venvi Yama



❤️... සහෝදරියකගේ වේන්වී යැම...❤️

අයියේ ඔයා දුකින් නේද ඉන්නේහ්.. මම යනවට...

අනේ නිකන් පලයැම් ඇටකිච්චි යන්න.. මම මොකටද දුක් වෙන්නේහ් උබ යනවට.. මටනම් සතුටුයි... හම්මෝ මේ වදේන් ගැලවේන එකට...

ඇත්තමද අයියේ..
ඔයාට පොඩ්ඩක්වත් දුක නැද්ද ඔයාගේ නංගි යන එකට.. මටනම් දුකයි හලෝ ඔයාලව දාලා යන්න.. තව පැය කියද හෙට ඉදන් මම නැ මේ ගෙදර.. ඔයත් මේ ටිකේ හරියට කතාවක් නැ මා එක්ක... ඇයි එහේම අයියේ...

මම විහුලුවට කිවේ උබ අපේ පන ටික බන්.. ඇයි මේ සතුටින් ඉන්න ඔනි වේලේ දුක් වෙන්නේ ආ...

සතුටින් ඉන්නේහ් කොහොමද අම්මා ,තාත්තා ඔයාට මාව ගානක් නැ.. මාව ඉක්මනට පන්න ගන්න හදන්නේ ඔයාලා..

එහේම දේයක් නැ බන්.. දැන් අපිද මේ කොල්ලෙක් හොයාගන ඉක්මනට අපේන් යන්න හැදුවේ ආ... දැන් මේ නාහේන් අඩන්නේ..

අනේ දැන්නම් මැරි කරන්න බැ වගේ අයියේ..

පිස්සු කතා කියන්නේපා.. හෙට ඉදන් උබ උබේ ජිවිතේ සතුටින් ගේවන්න ඔනි.. ඒ වගේම වගකිම් වැඩි වේනවා.. ඒ හින්දා ඔවගේ කතා කියන්න එපා.. හිත හයිය කරන් වැඩ කරන්න ඔනි හරිද...

ඒත් ඔයාලා දලා යන්න දුකයි.. ඔයත් මට ආදරේ නැ.. අයියේ මම යනවට තරහින් වගේනි...

මේ අහපන් නංගි...
❤️❤️❤️❤️

උබ ඉපදුන දවසේ ගෙදර එක්කන් ආව දවස මට අද වගේ මතකයි.. උබ බොල ගෙඩියක් වගේ.. මට වඩා අවුරුදු හයක් බාලයි බන්..

මාත් හුගක් සතුටු උනා මට සේල්ලම් කරන්න දැන් නංගි කෙනෙක් ඉන්නවනේ කියලා..

එත් ටික දවසක් යද්දි උබ අඩද්දි.. මම ගේනාපු තැනටම ගිහින් දාන්න කිවා. නොතේරුම් කමට..

ඔහොම කාලේ ගේව්නා.. උබ අපේ පව්ලේ හුරතලි උනා.. මට පොඩි කාලේ දුකක් දැනුනා.. මට වඩා උබට අම්මයි , තාත්තයි ආදරේයි කියලා වගේ දැනේන්දි.. ඒත් මට තේරේන කාලේ ඉදන් ඒ දේ එහේම නෙවෙයි කියලා තෙරුනා..

මම උබට හුගක් ආදරේ කලා.. උබ ලොකු ලමයේක් උනා දවස මට මතකයි.. මටත් යන්තන් දාහ අටක් උනා විතරයි.. ඒ වෙද්දි මට හුගක් තෙරේනවා බන්.. මම උබව පරිස්සන් කලා මහ හුගක්...

මතකද උබ මට නොදි කිසිම දේයක් කන් නැ..
මමනම් හැබැයි කනවා හි හී.. මට පුලුවන් විදිහට උබට පොඩි දේවල් ඇරන් දුන්නත්.. උබ ඔනිම දේයක් ඇරුනාම කවදාවත් ඉල්ලලා ගත්තේ නැ...

ඉතින් ඔහෝම ගේව්නා අවුරුදු ගානක්..උබ කෙනෙක්ට ආදරේ කරනවා කිවාම දුකක් දැනුනා.. උබත් දැන් ලොකු කෙල්ලේක් වේලානි කියලා..

මට උබට බයින්න ඔනි උනේ නැ.. උබ කවදාවත් වැරද්දක් කරපු නැති නිසා..මම හේව්වා බන්.. උ ගැන.. ඒ උබට උබේ ආදරේ නැති කරන්න නෙවේයි.. ඒත් උබ ගත්ත තිරනේ හරිමද කියලා මටත් දැනගන්න ඔනි උනාහ් බන්...

ඔව් උබ හොයන් ඉදියේ.. හොද කොල්ලේක් ඒ නිසාම මම මැදිහත් වේලා මේ දේවල් කලේ.. ඒ උබ සතුටින් ඉන්න ඔනි නිසා...

නැතුව උබ අපේ ගෙදර පොඩි ඒකි වේලා ඉදියත්.. මේ අයියා උබව හැමදාම බලාගන්නවා... මට වචනේන් කියන්න තෙරේන් නැ බන්..

ඉතින් උබට තාමත් හිතේනවද අපි උබට ආදරේ නැ.. කියලා මේ අයියා වේනස් වේලා කියලා...
❤️❤️❤️❤️

අනේ අයියේ එච්චරම ආදරේද මට.. දැන්නම්
‍යන්න හිතේන්නේත් නැ මට..

අපෝ නැ මමනම් ආදරේ නැ.. හොට්ට පෙරන්න නෙවේ හෙට ඉදන් සතුටින් ඉන්න ඔනි..
ඒ වගේම මේ ටිකත් මතක තියගාන්න හොදට..
❤️❤️❤️❤️

හෙට ඉදන් පටන් ගන්න ජිවිතේ උබ කේල්ලෙක් වගේ පාඩුවේ ඉන්න නෙවේ.. උදේම ඇහරලා.. ගෙදර වැඩ කරපන්...

ජිවිතේ ගෙව්ඩද්දි දරුවෝ ඉපදේයි වැඩ වැඩි වේයි.. එත් කලබල වේන්නේපා බන්.. හොදට හිතලා වැඩ කරපන්..

දැන් වගේ මුරන්ඩු වේලා කෙන්ති ඇරන් එල්ලි එල්ලි යන්නේපා මගේ මස්සිනා එක්ක හොදද..

මොකද ඒ කොල්ලා ජොබ් එකක් කරන්නේ උබලා වේනුවේන් නංගි.. උට නිදහස දියන් සිමාවකට නෙවේ.. හැබැයි හොයලා බලපන් දැන් උබට වගකිමක් වගේම එක උබේ අයිතිය...

ජිවිතේට මොන ප්‍රශ්නේ ආවත් රන්ඩු වේන්නෙපා බන්. මස්සිනා පොඩ්ඩ ප්‍රශ්නේ මත්තේම නහිනවනම්.. උබ පාඩුවේ ඉදාන් රන්ඩු වේන්න යන්නේපා.. පිරිමේයේක්ට කේන්තිය පාලනය කරගන්න අමාරුයි බන් හැබැයි ටික වේලාවයි... හැම දේම තේරුම් කරලා දියන් ආදරේන්.. තෙරුම් ගනින් හරි අපුරුවට...

ඒ වගේම අපේ දේමාපියන්ට වගේම.. සලකපන් මස්සිනාගේ දේමාපියන්ට.. උබව ලේලියක් නෙවේ දුවේක් කියලා දැනේන තරමට...

ඉතින් හෙට ඉදන් ජිවිතේ ගේවපන් සතුටින් මේ පුංචි දේවල් ටිකත් හිතේ තියන්..
❤️❤️❤️

හරි අයියේ අනිවාරේන්ම..

දැන් එනම් නිදාගමු.. හෙට උදේම ඇහරේන්න ඔනි..

හරි එනම් හෙට උදේ හම්බේමු.. ගුඩ් නයිට් ඇට කිච්චි...

ගුඩ් නයිට් ඇටකිච්චෝ..
❤️❤️❤️❤️

ඉතිම් මම මගේ රුම් එකට ආවත් හරියට නින්දක් නැති තරම්.. මට කියාගන්න තෙරේන් නැ බන් මේ දුක.. උබ තාමත් මට අපේ පුංචි එකේමයි නිසා..
❤️❤️❤️❤️

පහුවදා දවස උදා උනා බන්.. ඔව් මාල හත දාලා ඇදලා ඉදපු උබ.. අද හරිම ලස්සනයි බන්.. කාලේ හරි ඉක්මනට ගේව්නාදෝ කියලා හිතේනව බන්.. ඔව් උබේ නැකැත් විමේ වේලාවත් කිට්ටු උනා.. උබ හැමොටම සමුදිලා මගේ ලගට ඇවිත් මාව බදාගේන අඩන්න ගත්තා.. ඉතින් දුකයි බන් මටත්.. ඒත් අද උබේ ජිවිතේ ලස්සනම දවස ඉතින් මට උබ මෙහේම ඉන්නවා බලන්න බැරි නිසාමයි.. උබ ඇත් කරලා..

මම මස්සිනාට කතා කලේ..
❤️❤️❤️❤️

මල්ලි.. ඔව් උබ මට මස්සිනා නෙවේ දැන් මගේ මල්ලි.. උබ ගාවට එන්නේහ් අපේ පන ටික බන්..

මේකිව බලාගනින් හොදට.. උබ දුකක් දිලා තිබ්බොත් මේ අයියා හුගක් වේනස් වේයි උබට...

මේකිත් ටිකක් රන්ඩු කෙක්කක්.. උබත් ඉවසලා හිතලා වැඩ කරපන්.. බයවෙව්න්නම් එපා බන් එක දේයක් ගැන.. උබට කවදාවත් අපේ නංගි වැරද්දක් වේන්නේනම් නැ බන්.. රකි උබ වගේම උබේ දේමාපියොත්... ඉතින් රැකපන් අපේ පන ටික උබට බාරයි අද ඉදන්...
❤️❤️❤️

හරි අයියේ අනිවාරේන්ම.. ඔයාගේ නංගිව මම හොදට බලාගන්නවා.. එක වගේ වගකිම.. දැන් මේ මගෙත් පන ටික..

එච්චරයි මල්ලි වෙන්නත් ඔනි.. ඉතින් එහේනම් දැන් යන් වේලාවත් හරිනේ..

හරි අයියේ යන්..
❤️❤️❤️❤️❤️

උබලා එහේම කියලා ගියා බන්.. අම්මා , තාත්තා තරමටම මට හුගක් දුකයි බම්.. උබ නැති අඩුව හුගක් දැනේයි.. නමුත් අපේ ජිවිතේ ජිවිතේ මොන බැදිම් අලුත් උනත් උබට තියන තැන නැ කවදාවත් වේන්නේ...

ඉතින් උබේ ජිවිතේට.. මම සුබ පතනව හදවතින්ම...

ඉන්න තැන සතුටින් ජිවත් වෙන්න ඔනි.. අපිට ඔනි එච්චරයි.. හිතේ සැනසිමට...
❤️❤️❤️❤️


Comments System WIDGET PACK