සදා මා ඔබේ තෙවන පිපුම💐💐💐 | Sada Ma Obe 03 Kotasa



සදා මා ඔබේ

තෙවන පිපුම💐💐💐

එදා කොහෙද යන්නේ ඇයි යන්නේ කියලා කිසිම දෙයක් මට හිතාගන්න බැරි වුණා.ඇස් වලට ආව කඳුළු වලට ඔහේ ගලාගෙන යන්න දිලා මං අසංක අයියා එක්ක ගියා...අයියා මාව එක්කන් ගියේ අයියාගෙ පුංචි ගෙදරට.කිසිම සැප පහාසුකමක් නැති පැලක් වගේ පෙනුණත් මට දැනුණේ මාළිගාවකට යනවා වගේ.අයියාගේ අම්මා ආදරෙන් මාව පිළිගත්තාත් නංගි කැමති වුණේ නෑ මට.අම්මා එක්ක ගොඩාක් වෙලා කතා කරපු අයියා

🧑මැණික.....

👩අයියා කියන්න

🧑සුදු නෝනා....ඔයා අම්මා එක්ක මගේ කාමරේ නිදාගන්න...

👩එතකොට අයියා ?

🧑මං සාලේ නිදාගන්නම්.

මං මොනවත්ම නොකියා අයියාගේ කාමරෙට ගියා..හරි ලස්සනට පිළිවෙලකට ඒ කාමරේ තිබුණා...

රෑට කන්න අයියලාගෙ අම්ම ඉඳිආප්ප හදලා කිරට අල හදලා තිබුණා....හිතාගන්නවත් බෑ මං ආසම කෑම හදලා....අපේ ගෙදරවත් හදලා දීලා නෑ

🤶 සුදු නෝනාට කෑම රසයිද දන්නේ නෑ

👩අම්මා...ගොඩාක් රසයි.මං ආසම කෑම.අම්මා කොහොමද දන්නේ

🤶 සුදු පුතා කිව්වා සුදු නෝනා.

මගේ ඇස් වලට කඳුළු ආවේ මටත් නොදැනීමයි.මං ගැන මේ තරම් ආදරෙයිද?....................රෑට කාලා මං අම්මා එක්ක නිදාගන්න ගියා.

මට නම් නින්ද අහලකටවත් එන්නේ නෑ...අපේ අම්මා කියපු දේ කන් වල දෝංකාර දුන්නා...අසංක අයියා කිව්වා වගේ හැමදේම කාලයත් බාර දෙන්න හිතාගත්තා.

මාස 2ට පසු

මං ගෙදරින් ඇවිත් මාස 2ක් ගෙවිලා ගියත් මගේ අම්මාවත් අප්පච්චිවත් මං ගැන හොයලා බැලුවේ නෑ.අයියා බැංකු ලෝන් එකක් අරගෙන පොඩියට ෆ්ලවර් ෂොප් එකක් පටන් ගත්තේ මගේ බල කිරීම නිසා.....

කාලයත් එක්ක මගේ උසස් පෙළ විභාග ප්‍රතිඵල ආවා....මට සරසවි වරම් හිමි වුණත් යන්නේ කොහොමද කියලා ආසාව හිතින් අයින් කරලා දැම්මේ අයියාටත් හොරෙන්.එත් අයියා දැනගෙන

🧑සුදු නෝනා

👩අයියා

🧑ඇයි මට කිව්වෙ නැත්තේ.මං ඔයගේ කවුරුත් නෙමෙයිද

අයියා මොකක් ගැනද කියලා මට හිතාගන්න බැරි වුණා..

👩අයියා මොකක් ගැනද කියන්නේ

🧑ඇයි සුදු නෝනා A/L පාස් කියලා කිව්වේ නැත්තේ.කැම්පස් යන්න පුළුවන් කියලා කිව්වේ නැත්තේ

අයියා අහද්දි මං බිම බලන් හිටියා මිසක් මොනවත් කිව්වේ නෑ.

🧑කියන්න මැණික මං පිට කෙනෙක්ද නැත්තම් මේ හිඟන්නාට කියන්නේ මොකටද කියලා හිතුවද?

👩අනේ නෑ සුදු අයියා.මට කියලා ඉන්නෙත් ඔයාලා විතර නේ.අයියාට කරදර කරන්න බැරි නිසයි නොකිව්වේ.

🧑මේ අහන්න මැණික...මං ඔයාව එක්කන් ආවේ මෙහෙම තියගෙන දුක් දෙන්න නෙමෙයි.ඔයා ඔයාගේ හීනෙට යන්න ඕනි

👩ඒත් අයියා ඒවාට වියදම්...අයියාට කරදරයි නේද මං නිසා

🧑එහෙම නෑ සුදු නෝනා.ඔයා කැම්පස් යන්නම ඕනි.....

අයියා විතරක්ම නෙමෙයි අයියාගේ අම්මාගෙත් බල කිරීම නිසා මං කැම්පස් ගියා......අයියගේ අම්මා මගෙන් ඉල්ලුවේ එක දෙයයි

🤶සුදු නෝනා හොඳට ඉගෙනගෙන ලොකු නෝනා කෙනෙක් වෙන්න ඕනී

අයියාගේ ආදරේ අම්මාගේ ආශීර්වාදය එක්ක මං සරසවියට පියමැන්නේ කොහොම හරි මගේ හීනෙට යනවා කියලා මටම පොරොන්දු වෙමින්..කැම්පස් ගියාට පස්සේ සතියකට සැරයක් අයියායි අම්මාවයි මාව බලන්න ආවා....මට මං ගැනම දුක හිතුනා.ඇයි මගේ අම්මායි අප්පච්චියි මාව බලන්න එන්නේ නැත්තේ?එදා අම්මා කිව්වා වගේ මං එයාලාගේ ළමයෙක් නෙමෙයිද?.......මගේ හිතේ ඒ ප්‍රශ්නේ හැමදාමත් තිබුණා...
............................................................

අවුරුදු 5ට පසු.....

මං මගේ හීනේ හැබැ කරගත්තා.මුළු නුවරඑළියම දන්න මං ලෝයර් දිනිඳි අනුපමා.මගේ හීනෙට යන්න අත දුන්නේ මගේ ආදරේ අසංක අයියා..එයත් අද නුවරඑළියේ ලොකුම ෆ්ලවර් ෂොප් එකේ අයිතිකාරයා.

දවසක් නොසිතුව කෙනෙක් මගේ ගෙදරට ආවා

🧙චුටි නෝනා

👩කුසුමා අම්මා ඔයා

🧙 ඔව් චුටි නෝනා මං ඇතුලට එන්නද

👩එන්න කුසුමා අම්මේ

🧙චුටි නෝනා........නෝනාට වැදගත් දෙයක් කියන්න ඕන

නිහැඬියාවක්

හතර වෙනි පිපුමෙදි වෙනසක් සිදු වෙයි........කුසුමා අම්මා මොනද කියන්නේ කියලා ඊළඟ කොටසින් කියන්නම්......

වැරදි අඩුපාඩු ඇති ඒවා පෙන්නලා දෙන්න ලස්සනයි නොකියා හිතට දැනෙන දේ කියන්න
🌹මං රෂී🌹


Comments System WIDGET PACK