සදා මා ඔබේ දෙවන පිපුම💐💐💐 | Sada Ma Obe 02 Kotasa
සදා මා ඔබේ
දෙවන පිපුම💐💐💐
මගේ ජිවිතේ මං ගොඩාක්ම සතුටු වුණ දවසක් තමයි අයියාව දැක්ක දවස......මගේ අම්මාගෙන් අප්පච්චිගෙන් අක්කා නංගි එයාලගෙන් නොලැබුණ ආදරේ අසංක අයියාගෙන් ලැබුණා.
මං කළු කෙල්ලෙක්.ඒ නිසා ගෙදර අය මට වැඩිය ආදරේ නෑ.අක්කා නංගි ගොඩාක් ලස්සනයි.දෙපාරක් හැරිලා බලන ලස්සනක් තියෙන්නේ.ඒත් මට ආදරේ නැති වුණාට මං ගැන හොයලා බැලුවේ නැති වුණාට කිසිම අඩුපාඩුවක් කරේ නෑ..........අයියා මගේ හමේ පාට ගැන හිතුවේ නෑ.එයාගේ යාළුවන්ට වුණත් ආඩම්බරයෙන් මාව හඳුන්වලා දුන්නා..අයියාගේ අම්මා නංගිටත් අපේ සම්බන්දේ ගැන අයියා කියලා තිබුණේ......ඒත් අයියාගේ නංගි මට කැමති වුණේ නෑ.............
අයියාට පුලුවන් වුණ හැමවෙලාවෙම මාව බලන්න ආවා...කාලයත් එක්ක මගේ විභාගේත් ඉවර වුණා.අපේ ආදරෙත් හරි ලස්සනට ගලා ගියා...ඒත් අප්පච්චිට අපේ ආදරේ ගැන දැනගන්න වැඩි කල් ගියේ නෑ.
🧓මද්දු මෙහේ එනවා.😠😠😠😠
අප්පච්චිගේ සද්දෙටම මං ඉක්මන් කරලා අප්පච්චි ලඟට ගියා....
👩 අප්පච්චි කියන්න
🧓මොකක්ද තමුසේ අර අපේ හොටෙල් එකෙ වැඩ කර boy එක්ක පාරවල් ගානේ රවුම් ගහාන්නේ.
👩අනේ නෑ අප්පච්චි මං කොහේවත් ගියේ නෑ 😱 😱 😱 😱
මං එහෙම කියනවත් එක්කම අම්මගෙන් හොඳ කම්මුල් පාරකුත් වැදුනා..අම්මා ගහාපු පාරට මං විසි වෙලා වැටුණේ ටයිල් පොළවේ
👵 ගියේ නෑ කියන්නේ කොහොමද ?අපි දැක්කා නේ දෙන්නත් එක්ක අත් අල්ලන් යන ලස්සන 😠
👵මං කිව්වා අපේ මහාත්තයාට මේ කොහෙවත් යන වැඩකාරියෙගේ ලමයෙක් හදන්න එපා කියලා......දැක්කා නේද කරන වැඩ
අම්මා කියපු දේත් එක්ක මාව ගල්ගැහුනා.එතකොට මං මෙයාලගේ ළමයෙක් නෙමෙයිද? දහාසකුත් ප්‍රශ්න මැද්දෙන් මං අඬ අඬාම නැගිටලා කාමරේට ගියා.....මං ඇති වෙනකම් ඇඬුවා.අයියාට cl කරලා හැමදේම කිව්වා.අයියා මගේ හිත හදාලා මට කිව්වා
🧑📱 සුදු නෝනා හෙට උදේම ලැස්ති වෙලා ඉන්න මං එන්නම්
👩📱 හා අයියා.
............................................................
අයියා කිව්ව විදිහටම මං ලෑස්ති වෙලා අයියාට cl කරා.ඒත් answer කරේ නෑ.පැයකින් විතර මිදුල පැත්තෙන් සද්දයක් ආවා.මං ඉක්මන ගිහින් බලද්දි අයියා ඇවිත් තිබුණා.අප්පච්චි එක්ක කතා කරනවා.
🧑අංකල් මං දිනිඳිව එක්කන් යන්න ආවේ.
🧓මොකක්ද තමුන් කිව්වේ?දිසානායකගේ බෑණා වෙන්න තමුන්ට මොකක්ද තියෙන සුදුසුකම😠😠
🧑සුදුසුකම වැඩක් නෑනේ අංකල් මට දිනිඳි ඕනි එච්චරයි.
එදා අයියා ස්ථීර හඬින් කියද්දි මං දිහා අප්පච්චි බලද්දි මගේ ඇස්වලින් කඳුලු ගැලුවා.
එදා මං අප්පච්චිට විරුද්ධ වෙලා මගේ අසංක අයියා එක්ක ආවා.........
නිහැඬියාවක්
දිනිඳිගෙයි අසංකගෙයි ආදරෙට මොනා වෙයිද?දිනිඳිගේ හීනේ හැබැ වෙයිද? බලමුකො මොනා වෙයිද කියලා.
හිතුවට වඩා ප්‍රතිචාර ලැබුණා.ගොඩාක් සතුටුයි.ඔන්න දෙවෙනි කොටසත් දැම්මා.ඔන්න ප්‍රතිචාර ඕනි.ඉතුරු යිකත් අරන් ඉක්මනටම එන්නම්.....
🌹මං රෂී🌹